Monday, November 19, 2012

අනේ සාදු අලි ටික (Sri lankan Elephants)


ඔය මගුල් ලියන්න එපා ඕයි...අපේ සාසනේ නැති වෙනවා...ලෝකෙම මේ ආගම රැකිලා තියෙන්නෙ අපේ රටේ.. ඒකත් බොලාම එකතුවෙලා කාබාසිනියා කරලා දාපාල්ල වැරදිම හොයලා...
ඔව් ඒක හෙම තමයි...මේකෙන් බොදු සංස්කෘතියට පහර වදීවි... බොදු ජනතාවටගේ සිත් රිදේවි... නමුත් තුං ලෝකෙ සතුන්ට සෙත සලසන්න තියෙන ආගමට මුවා වෙලා සත්තුන්ට හිංසා කරන එක වැරදියි...

පන්නිපිටිය පැත්තෙ දෙව්රම් වෙහෙර කියලා එකක් තියෙනවා...ඒකෙ අලියෙක් ඉන්නවා..උෟ හෙන අහේනියෙන් තමයි ඉන්නෙ..උන්ට කන්න බොන්න නෑ වගේ කියලා දැක්ක ගමන් පේනවා... නමුත් හාමුදුරුවො කියන්නෙ නම් කන්නෙ බොන්න වැඩියෙනුත් එක්ක ලැබෙනවා කියලා..
මේ හාමුදුරුවො බණ කියනකොට උපාසකම්මලා අඩනවා...උපාසක දරුවො වැලපෙනවා..අනේ ඒ තරං අඩෝවැඩි බණක් මේ ආත්මෙට අහලා නැ කියාල උපාසකම්මලා දොත් මුදු න් තියලා වඳීනවා...ඒත් සුමංගල හාමුදුරුවනේ ඔබවහන්සේ අලියාට සලකන විදිය නම් හරිම කුජීතයි...ඔබ වහන්සේ භික්ෂුවක් විදියට සිල් රකිනවා ඇති. නමුත් ඔබ වහන්සේගේ භාරකාරාත්වය යටතේ ඉන්න සතෙක් විඳින දුක දැක්කම අපිට ඇඩෙනවා...බට් ඔබවහන්සේ ගේ බයිලා අදෝනා අහලා නම් මට ඇඩෙන්නේ නෑ...

අන්‍යාගමිකයෝ ඔබ වහන්සේලාගේ දුක් සින් අහලා අඩනවා ඇති...තාලෙට කියෙන බණ පද වලට වසග වෙනවාත් ඇති.. නමුත් මේ අලියෙක් වගේ ඇහැට පේන ලොකු සතෙක් ට කරන හිංසාව දැකලා ඔබ වහන්සේලාට පුකෙනුත් හිනා වෙනව ඇති ඒ අය..

මේ සත්තුන්ට ලොකු වියදමක් දරන්න ඕන නඩත්තුවට..කෑම බීම නෑවීම ආදිය දේවල් එක්ක අලියෙක් නඩත්තු කරනවා කියෙන්නෙ ලේසි දෙයක් නෙමෙයි. අලියෙක්ගෙන් පෙරහැර කාලවලදි දේවාල විහාර වලට දීලා ලොකු ගානක් ගන්න පුලුවනි. නමුත් හැමදාම පෙරහැරවල් නැති එක අලි අයිතිකාරයින්ට ගැටලුවක්. තේජස පිට අලියා පයින් ගියාට අලියට පොල් අතුකෑල්ලක්, කෙහෙල් බඩයක් ලැබුනාට ඒ පෙරහැර ට යන කුලිය අලියා අයිති පිංවත් ස්වාමින් වහන්සේට හෝ ඒ අලි අයිතිකාර පිංවත් උපාසක මහත්තයාට යනවා. අනේ එතකොට මේ අලියාගෙන් ලැබුන සල්ලි නෙව කියලා ඒ සල්ලි වලිං අලියාට කොරන සෙතක් නං මං දැකලා නෑ..

හැමෝටම අලිත් නෑ අලි පර්මිට් ගන්නත් බෑ. ඒකට වරං තියෙන්න ඕනි...දේව වරං කාරියෙ නමෙයි පොලිටිකල් වරං ආදිය තියෙන්න ඕනි..අලියෙක් ගේ අයිතිකාරයෙක් වෙන්න නම්..

මේ පන්නිපිටියෙ දෙව්රම් වෙහෙර අලියා හැමදාම නාවන්න එක්කරං යනවා.. එක දවසක් මේ අලියා නාවන්න එක්කරං ගිහින් ගොව්වා පොඩියක් වහං වෙලා කසිප්පු බොන්න. මෙන්න අලියා පස්සෙන් පහු තනියම පාර පුරා කරක් ගහන්න ගත්තලු. එතකොට අලියා නැතුව ඕන්න අලිගොව්වා අලියා හොයනවාලු... දිහාව බලලා අලියා හොයාගන්න යන කොට අලිගොව්වා ලග හෙන්ඩුව තිබිලා නැහැ...බීමත නිසා අලි ගොව්වාට හෙන්ඩුව අමතක වෙලා. ආයෙම දුවලා ගිහින් හෙන්ඩුව හොයාගෙන ඇවිල්ලා අලියාව ගෙනියලා තියෙනවා..

මේ අලි කියන සත්තු හරිම ක්‍රියාකාරි ජාතියක්. උන්ට දවසට කිලෝමීටර ගානක් ඇවිදින්න කියන්න ඕනි...නටන්න දූවිලි නාන්න ඇල් වතුර නාන්න ආදිය අලින් විසින් ස්වභාවයෙන්ම කරන්න ඕනි.. පුංච් දුවේ පුතේ ඔය අය කූුඩුවක දාල ඉන් පස්සෙ මොන තරං ආහාර කැමති ජාති ගෙනත් දුන්නත් වැඩක් තියෙද? නෑනෙ..ආන්න ඒ වගේ තමයි අපේ හාමුදුරු ගොල්ලයි නිලමෙ ගොල්ලයි ගැටගහං ඉන්න අලි ගැන කියන්න තියෙන්නෙ..

මේ අලි හැමෝටම එක්තරා කාලයකදී ලිංගික උත්තේජනයන් ඇතිවෙනවා. ලිංගික වශයෙන් අධි සක්‍රිය එම කාලයේදී අලියාගේ කන්වලින් සහ වෙනත් විවර වලින් ස්‍රාවයන් වැගිරීම් සිදු වෙනවා. මේ කාලයේදී අලින්ට තරහා යනවා වැඩියි. හීලා අලි ඇතිකරන අය මේ කාලයේදී කරන්නෙ අලියා තදින් යකඩ දම් වැල් වලින් හෝ විසාල කඹ වලින් ගැටගහලා තියෙන එක. අලින් මේ මද කිබෙන කාලයට බොහොම දරුනු නිසා අලින් තදින් ගස්වලට ගැට ගසනවා. මේ කාලෙදි අලි පැනලා යන්න ලොකු උත්සාහ දරනවා.. මොන සතා වුනත් කොටින්ම මනු සතා වුනත් ලිංගික උත්තේජන ඇතිවුනාම වැඩකරන්නෙ වෙනමම විදියකට නෙව. ආන්න ඒ වගේ ඒ සතා තමුං බැඳලා තියෙන යදම් එක්ක ලනු එක්ක ඔට්ටුවෙලා කකුල් තුවාල කරගන්නවා. ඉතිං තුවාල කකුලක තුවාලෙට උඩින් ආයෙම දම්වැල් සහ ලනු වැදෙනකොට මොන තරං අපි ගැන ශ්‍රද්ධාවක් ඒ සතුන්ට ඇතිවෙනවාද කියලා පොඩියක් හිතලා බලාන්ට වටිනවා.

නුවර පෙරහැරේ වගේම දැන් ගොඩ පෙරහැරවල් වල අලින්ට ලොකු ඇදුං ආයිත්තං අන්දලා ඒ මදිවට ඒ ඇදුං වල පාට ලයිට් පත්තුවෙන්න ජෙනියකුත් බඩ යටින් බඳිනවා. අහො ්අලියට හදිස්සියට හුලිජ්ජ බරක් හැදුනොත් ඒකත් දාගන්න විදියක් නැහැ අර ජෙනි මෝලක් බඩ යටින් යන නිසා.. (හුලිජ්ජ බර- මුත්‍රා බරට ග්‍රාම්‍ය අසම්භාව්‍ය ව්‍යවාහාරය) . ඉස්සර අපේ ගමේ පෙරහැරක් තිබුනා. ඒකටත් අලි ගෙනියනවා. නමුත් අලියාට අන්දවන්න අපේ ගමේ අයට සල්ලි තිබුනෙ නෑ.. කන්ද දිහා කොට අදින අලියා එදාට අලි පනික්කියාට කියලා පෙරහැරේ ගෙනියනවා. ඌට නං තියෙන්නෙ නැටුං කන්ඩායම් ඒක්ක යන එක විතරයි.. කිසිම අවහිරයක් නෑ. අපි ඒ දවස්වල කෙහෙල් ගෙඩි තියං කිතුල් අතු තියං පාර අයිනෙ බලං ඉන්නවා අලියා එනකල්.. ඒ හෙලුවැලි අලියයි උඩ ධාතු කරඩුව තියන්න බැහැ. ඒක එක්කො කාරුහරි ඔලුව උඩ තියං යනවා නැත්තං පොඩි ටැට්ටරේක හරි පොඩි කැන්ටර් එකක හරි තියලා හාමුදුරුවො ඒක වටේ පිරිත් කිය කිය යනවා..

මහ ලොකු තේජවන්ත කමක් ගන්න අලින්ට දුක් දීලා අපේ සම්බුදු රජානන් වහන්සේ නමදින එක මට නං පේන්නෙ වැරදි දෙයක් විදියට...බොහොම ලස්සනට සරසපු වාහනේක ගෙනිච්චාම මදිද? එතකොට කාටවත් හිරිහැර නැහැනෙ.. සමහර විට සිංහල සංස්කෘතිය ගැන එච්චර දන්නෙ නැති නිසා...ජාති ආලය අඩු නිසා මේ වගේ දේවල් හිතෙනවාත් ඇති. අලියා නැත්තං පෙරහැරත් වැඩක් නෑ කියන මට්ටමට සමහරු ටෝක්ස්ෙ දෙනවා පෙරහැර කාලෙට... ඒ ටෝක්ස් වල වචනයක් රුපියල් විස්සක් තිහක් වටිනවා නෙව...ඕවාට ඉතිං මේ කට කහනවාට මිනිස්සු යන්නෙ නැහැ...කොහේ හරි කැම්පස් එකක ලොකු ගිරවෙක් රෙන්ට් එකට ගන්නවා චැනල් එකකින්..ඉතිං අර ගිරවා තමුං දැකපු පොත් වල පරණ දේවල් වල තියෙන වරුනා ටික්ත් මික්ස් කරලා ඩී ජේ එක ගාන්ට ටියුන් කරලා වොයිස් එජැස් කරලා වෙලාවට ගැලපෙන්න කතාව දෙනවා ශ්‍රද්ධාවට ඇස්ටි හැලෙන්න. අනේ සාදු කියවෙනවා ඒවා අහලා ඉදලා...

අලින්ට වද දෙන එක නවත්තලා සංදර්ශනවලට අවශ්‍යම තැන්වලට අලි තුන් හතර දෙනෙක් තියාගෙන අනික් උන්ට ගැලපෙන විදියට නිදහසේ අලි කෑල්ලක් බලාගෙන අලි පැටියෙක්ගෙ හුරතල් බලාගෙන ඉන්න දෙනවානං ඒක අර පෙරහැරේ දක්කන් යන එකාට සාදු කියනවාට වඩා පිං කියලයි මගේ නම් අදහස.. වෙන්නෙ..

23 comments:

  1. ඕක මේ මටත් ළඟදි දවසක හිතුනා .. කඨින පෙරහරක අලියෙක් යනවා දැකලා.. මුලින් ගියේ පොඩි පැටියෙක්.. ඌ නං ළමයි අස්සේ හුරතල් වෙවී නට නට ගියා.. අනේ ඊට පස්සේ ආපු අර ලොකු අලියා.... ඌට මේ පාරවල් අස්සේ හැරෙන්න ඉඩ නෑ.. යන්තම් දෙපැත්තට වැනුනොත් තාප්ප දෙකක් බිම...

    සුමංගල හාමුදරුවන්ගේ බණ ගැන නම් මම කතා කරන්නේ නෑ.. ඒ ව‌ෙග්ම දෙවුරම් වෙහෙර ගැනත්.. ඒ තරමට අකමැති දෙයක්...

    ReplyDelete
  2. http://www.elemotion.org/elephant-tourism/temple-elephants/

    ReplyDelete
  3. http://www.thesundayleader.lk/2011/08/28/former-jhu-mp-smuggled-elephants/

    ReplyDelete
  4. අඩුත් නෑ... වැඩිත් නෑ... නියම ගාන :)

    ReplyDelete
  5. අලි බලලා ආතල් අරන් ධාතු වැදල නිවන් යන්න හදන අපේ ගොන් හැත්ත කවදා හැදෙයිද?

    ReplyDelete
  6. මටත් ඕක බනක් නෙමෙයි අඩෝවැඩියාවක්,

    අලි ගැනනම් කතා කරලා වැඩක් නෑ,
    කැලේට ගියොත් වෙඩි කනවා, මිනිස්සුත් එක්ක හිටියොත් දස වද දෙනවා

    ReplyDelete
  7. "අලින්ට වද දෙන එක නවත්තලා සංදර්ශනවලට අවශ්‍යම තැන්වලට අලි තුන් හතර දෙනෙක් තියාගෙන" ??????????????????????????????????????????

    ReplyDelete
  8. මාත් ඕකට විරුද්දයි! මාත් ඔය ගැන ලිව්වා!! ඇත්තටම මහම මහ නිහීන වැඩක් මේක!!

    ReplyDelete
    Replies
    1. @ ano , madawa n writer
      machan pansale gettuwa laga kanna nathuwa inna ballata
      konda kadenna gahala " meheta deepan yako mal eka ,1000 ithuru deepan meheta "
      kiyala budun wadina un inne meke.
      e unata katha karaddi...
      menna mehema wenawa...

      "දෙයියනේ මෙන්න අපේ ජාතිය විනාස කරන්න හදන
      අධිරාජ්‍ය වාදී ගැතියෙක් ...
      පෙළ ගැසෙමු ...."
      ඔතොකොට මේ එලි පිට කරන සහ ගහන වැඩ ...? කට කට ..
      එහෙමයි ..

      Delete
    2. Ane ado madhawa.. tho mekatada virudda??? pansal vala, peraharata geniyanna ali hadana ekata viruddavada tho liyanne??? Lyapiyako ara thambiyo unge avuruddata amu amuve genihin marana harak gana, eluwo gana... ubata ekata viruddava mukuth liyanna hithenne nadda???? Kalakanni oi ubalanan..

      Delete
  9. ලංකාවේ හැම හීලැ අලියගෙම තත්ත්වය ඕක තමයි.
    සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
  10. නියම කතාව...! අපි හැදිල ඉන්න එපාය රට හදන්න..

    ReplyDelete
  11. අලියාගේ මානව(තිරිසන්) අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා. අර ෆ්‍රී මාලි වගේ එකක් පටන් ගත්තොත් නරකද ? මගේ යාලුවෙක් ඉන්නවා ඔය පන්සල අවට ඌ බනිනවා කුණුහරපෙන් හාමුදුරුවන්ට ඉරිදට ගෙදර ඉන්න නෑ කියල. මට දවසක් අහම්බෙන් චාන්ස් එකක් හම්බුනා ඔය පන්සලට ආධාර එවන පිටරට ඉන්න අයට ඒ වැඩ කෙරිලද කියල බලන්න ෆොටෝ ගහන්න ගිය මගේ යාලුවෙක් එක්ක යන්න. මට කරන්න තිබුනේ එයා ෆොටෝ ගහද්දී කවුරු හරි වටෙන් පිටෙන් ලං වෙනවද කියල බලන්න.

    ReplyDelete
  12. කවුරුත් කතා නොකරන දෙයක්. අලි විතරක් නෙවේ මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මැදි වුන තවත් අහිංසක සත්තු ඉන්නවා නේද. සත්තු වත්ත ගත්තම අමු අපායක්.

    ReplyDelete
  13. සෑම් කියන කතාවට මත් එකඟයි
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  14. නෙද්දකින් ඔය අඬන හිරියා.මම උසස්පෙළ කරන කාලේ අපේ ඉස්කෝලෙත් ඔය _______ ගෙන්නලා මොකක්ද වැඩසටහනක් කරා.මට මතක හැටියට මාතෘකාව "දෙමව්පියෝ".ළමයින්ට ගෙදරින් කවුරු හරි එක්කගෙන එන්න කියලා.එදා මම ඉස්කෝලේ ගියේ පරක්කු වෙලා මොකද ඕකට අහුවෙන නිසා.මම යනකොට ප්‍රධාන ශාලාවේ එකම කඳුල ගංගාවක්.ගෙදරින් එක්කගෙන ආපු ළමයි තමන්ගේ අම්මගේ හෝ තාත්තගේ අත අල්ලාගෙන අඬනවා.එක්කගෙන ආවේ නැති අය ගුරුවරුන්ගේ අත අල්ලාගෙන අඬනවා.ඒකද එතකොට හිතට වදින්න බන කියනවා කියන්නේ.

    ReplyDelete
  15. ආගමික හෝ නොවී මේ විදිහේ සතුන්ට හිංසා වෙන එක නම් නතර කරන්න කාලේ ඇවිත් දැන්.

    ඔය තත්ත්වයම තව කොපමන තැන් වල තියෙනවද?

    ReplyDelete
  16. අලි හරක් කුකුලෝ ඌරෝ මේ හැමෙම මරණ එක හරි නැ නේද බං .........

    ReplyDelete
  17. matath okawa penna ba,gaanu waha watila inne uge manamala penumata.bana ahanawa nam wena nathei.

    ReplyDelete
  18. meya ge aliya ta permit ekak na ...

    ReplyDelete
  19. මෙයාට ඉන්න අලියට පෙර්මිට් එකක් නෑ හොරෙ න් තියගෙන ඉන්නෙ උඩුවෙ දම්මලොකයත් ඉන්නෙ හොර අලියෙක් එයගෙ පන්සලෙ අලින් ඉන්න තෙන ඵොටො ගන්න දෙන් නතෙ එකඉ

    ReplyDelete