Monday, March 4, 2013

විවේක ගන්න දියවන්නා යන හැටි Let's go to Diyawannah

දියවන්නාව කියන්නෙ ඔයක් ..ඒකෙ මැද පාර්ලිමෙන්තුව තියෙනවා. ඒ පාර්ලිමේන්තුව තියෙන හරියට පොඩියක් මෙහා ඒ කිව්වෙ වෝටස් එජ් එක දිහා දැන් හොදට හදලා..මිනිසුන්ට විවේක ගන්න සහ සනීපෙට ඉන්න පුලුවන් විදියට දියුනු කරලා තියෙනවා..කොළඹ ඉන්න අයට ගමේ දැනෙන සීතල සුලං වෙල් සුලං පාරක් වද්දගන්න යන්න කියාපු තැනක් තමයි එතන. දියුනු රටවලත් මේ වගේ උද්‍යාන ආදිය පිහිටුවලා තියෙනවා. මේ පාක් එක කොළඹ අනික් පාක් වලට වඩා සුලග තියෙනවා..ඒ වගේම සීතල සුලග..මොකද මේක තියෙන්නෙ දියවන්නා ජලාශය කිස්ටුවම නිසා.. 
මෙ ඉන්නෙ දියවන්නා උයනෙ පොටො ගහන්න ආපු ජෝඩුවක්..මේ වගේ විල් අයිනෙ..වැවි අයිනෙ මුහුදු වෙරලවල් ගාව දැන් මගුල් පොටෝ ගැහිල්ලක් තියෙනවා..හම්මේ ටිකක් මහත මනමාලියො හෙම නැමිලා පෙරලිලා පොටෝ ගන්නවා දකින අපිට තියෙන සන්තෝසෙ..කියලා වැඩක් නැහැ..ඒක බලං ඉන්න එකත් එක්තරා විනෝදයක්.. එක අතකින් පවු කියලත් හිතෙනවා. අයියෝ විඳින වදයක්.. මේක එක්තරා රඟපෑමක්..මට හිතිලා තියෙන්නෙ වෙඩින් එකක් ගන්න කාලෙක දවල් කාලෙ පොටෝ ගහන්න වීඩියෝ වලට ලස්සනට ඉන්න ජයම්පතියෙක් දාල කුස රජතුමා වගේ රෑට රෑට මනමාලි ගාවට සැට්වෙන්න..ඔන්න පොටෝකාරයා කියනවා යම්තම් හිනාවෙන්න කියලා..ඒත් දත් ඉස්සරහට ආපු දත් බොල්ලා ඇන්ටියෙක් බඳිනකොට කෝමද අප්පා බාගෙට හිනාවෙන්නෙ..කට ඇරිය ගමන් හිනාවෙන් ලොකු කෑල්ලක් පිංතූර ලෙන්්ස එකේ වදිනවා...ත්‍රි ඩි පොටෝ හෙම තිබුනනං ඇල්බම් වල දාන්න බැරිවෙනවා ඒ වගෙ පොටෝ..

මේ ඉන්නෙ විවේකය ගත කරන්න සුලං වල පහස ගන්න ආපු තව කාන්ඩයක්..මේ අය සමහරක්ගේ ඇසුත් වහලා..ඇස් වහලා තිබුනට මොකද මේ එන කෙල්ලො ටිකක් හැඩිදැඩි පුරුස අය දිහා හෙම කන්න බලනවා මම දැක්කා..මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන පාක් ඇවිත් පෝරණුවක් වගේ අවුවෙ තැම්බෙන්නෙ මොන ආතල් එකකට ද මන්දා..ඒත් කොළඹ හැම පාක් එකකම මේ වගේ ඔලුවෙ ඉඳන් වහපු ගෝනි බිල්ලො දකින්නට ලැබෙනවා. විහිලු කරන්න හොද නැතුව ඇති..ඒත් කරන්න දෙයක් නැහැ.. යුරෝපෙ හෙම ඉන්න මගේ යාලුවො සමහර අය වැඩ අරිලා ගෙදර යනකොට බිච් ලඟින් පාක් ලඟින් යන පාරවල් වල යන්න ආසයි..මොකද ඒවායේ ස්ත්‍රින් ඇඳුම් අඩුවෙන් හිරුඑලිය විඳින දර්ශනය හිතට සැනසිල්ලක් ලැබෙන නිසා..ඒත් මෙහෙ පාක් වල එහෙම නැහැ.. කස්ටිය ගොඩක් නිසංසලේ ඉන්න එන්නෙත් සැරට මේක් අප් දාල හිරට ඇඳලා නැත්නම් මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන.. 
මේ ඉන්නෙ හිර ඩෙනිම් කලිසම් ඇඳගෙන අවුව තපින්න හුලං වදින්න ආපු අය..මේ අයත් අර අයට දෙවැනි වෙන්නෙ නැහැ..ගෙදර තියෙන හිරම කලිසම ජෑම් ගාල හරි බස්සගෙන තියන මේක් අප් සෙට් එකේ හැම එකම උලාගෙන එනවා..අවුලක් නැහැ..ඉන්න අනික් අයට පෙරහැරක් බලනවා වගේ ආතල් එකක් එනවා වටේ පිටේ මනුෂ්‍යෙයා දැක්කාම..මොකද එක එක ඇඳුම් එක එක මේක් අප්ස්...
මේ තියෙන්නෙ ඒඋයනෙ තියෙන කුඩා සත්තු වත්තක් වගේ තැනක්.. ඒකෙ මුව පැටවු හාවො වගේ සතුන් ඉන්නවා..මගේ යාලුවෙක් ඉන්නවා එයා දැඩි හලාල් විරෝධියෙක්..ජාති මාමක පුරුෂයෙක්..මිනිහාගෙනම් අදහස මෙතෙන්ට වල් ඌරු පැටවු තුන් හතරදෙනකුත් ගෙනත් දාන්න ඕනි කියලා..මොකද වල් ඌරු පැටවු ගෙනත් දැම්මාම උන් හරාම් නිසා..මුස්ලිම් අය පාක් එන එක අඩුවෙලා යයිලු..එතකොට සිංහල අයට නිදහසේ ඉන්න පුලුවන්ලු..ඒත් එන ඒ ඒ අය ඒ ඒ අයගේ පාඩුවෙ ඉන්නවා නං කොහොමද මුස්ලිම් අය ආහම අනික් අයට කරදර වෙන්නෙ.. 
මේ මම කැමරාවෙ තියෙන පැනරාමා කියන මොඩලයෙන් ගතපු පොටෝවක්...ඒකත් මරු කැමර් එක කරකවන්න තියෙන්නෙ..එතකොට පලාතක් වදිනවා..කෙලින්ම පොටෝ ගන්න බැරි ලක්ෂන ඇන්ටියෙක් හෙම ඉන්නවා නං පැනෝරාමා මෝඩ් දාල කැමර් එක කරකවලා පොටෝව ගත හැකි.. 

කවුරු මොනවා කිව්වත් මේ පාක් එක හදපු එකනම් හොඳ වැඩක්.. අපිට නිදහසේ ඉන්න තැනක් දැන් තියෙනවා.. දැන් කස්ටිය මගුල් ගෙවල් යන්න වගේ මෙක් අප් තට්ු පිටින් ඇදුන් ගොඩක් ඇදලා ආවට කාලයත් එක්ක මේ හැමදේම හරියාවි.. මිනිස්සුන්ගේ දියුනුව කියන්නෙ කාර් ගෙවල් බිල්ඩින් විතරක් නෙමෙයි..මානසික ව ඒකාග්‍රතාවය ඇතිවෙන්න මේ වගේ තැන් ඇතිවෙන එක වැදගත්.. මේ වගේ ඉස්ථාන වලට යන උදවිය අර සිරිපා යන අයවගේ කොළ කෑලි පොලිතින් කවර තැන තැන දාන්න නැතුව ඒවා අදාල තැන් වලට දාන්න උත්සාහ ගන්නවානම් හොදයි.. මොකද සිරකරුවෝ ඩ මනුස්සයෝය වගේම ක්ලින් කරන අයත් මනුස්සයෝම වෙන නිසා.. 

11 comments:

  1. ඉන්නෙ දියවන්නා උයනෙ පොටො ගහන්න ආපු ජෝඩුවක්..මේ වගේ විල් අයිනෙ..වැවි අයිනෙ මුහුදු වෙරලවල් ගාව දැන් මගුල් පොටෝ ගැහිල්ලක් තියෙනවා..හම්මේ ටිකක් මහත මනමාලියො හෙම නැමිලා පෙරලිලා පොටෝ ගන්නවා දකින අපිට තියෙන සන්තෝසෙ..කියලා වැඩක් නැහැ..ඒක බලං ඉන්න එකත් එක්තරා විනෝදයක්.. එක අතකින් පවු කියලත් හිතෙනවා. අයියෝ විඳින වදයක්.. මේක එක්තරා රඟපෑමක්..මට හිතිලා තියෙන්නෙ වෙඩින් එකක් ගන්න කාලෙක දවල් කාලෙ පොටෝ ගහන්න වීඩියෝ වලට ලස්සනට ඉන්න ජයම්පතියෙක් දාල කුස රජතුමා වගේ රෑට රෑට මනමාලි ගාවට සැට්වෙන්න..ඔන්න පොටෝකාරයා කියනවා යම්තම් හිනාවෙන්න කියලා..ඒත් දත් ඉස්සරහට ආපු දත් බොල්ලා ඇන්ටියෙක් බඳිනකොට කෝමද අප්පා බාගෙට හිනාවෙන්නෙ..කට ඇරිය ගමන් හිනාවෙන් ලොකු කෑල්ලක් පිංතූර ලෙන්්ස එකේ වදිනවා...ත්‍රි ඩි පොටෝ හෙම තිබුනනං ඇල්බම් වල දාන්න බැරිවෙනවා ඒ වගෙ පොටෝ..


    මේ ඉන්නෙ විවේකය ගත කරන්න සුලං වල පහස ගන්න ආපු තව කාන්ඩයක්..මේ අය සමහරක්ගේ ඇසුත් වහලා..ඇස් වහලා තිබුනට මොකද මේ එන කෙල්ලො ටිකක් හැඩිදැඩි පුරුස අය දිහා හෙම කන්න බලනවා මම දැක්කා..මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන පාක් ඇවිත් පෝරණුවක් වගේ අවුවෙ තැම්බෙන්නෙ මොන ආතල් එකකට ද මන්දා..ඒත් කොළඹ හැම පාක් එකකම මේ වගේ ඔලුවෙ ඉඳන් වහපු ගෝනි බිල්ලො දකින්නට ලැබෙනවා. විහිලු කරන්න හොද නැතුව ඇති..ඒත් කරන්න දෙයක් නැහැ.. යුරෝපෙ හෙම ඉන්න මගේ යාලුවො සමහර අය වැඩ අරිලා ගෙදර යනකොට බිච් ලඟින් පාක් ලඟින් යන පාරවල් වල යන්න ආසයි..මොකද ඒවායේ ස්ත්‍රින් ඇඳුම් අඩුවෙන් හිරුඑලිය විඳින දර්ශනය හිතට සැනසිල්ලක් ලැබෙන නිසා..ඒත් මෙහෙ පාක් වල එහෙම නැහැ.. කස්ටිය ගොඩක් නිසංසලේ ඉන්න එන්නෙත් සැරට මේක් අප් දාල හිරට ඇඳලා නැත්නම් මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන..

    මේ ඉන්නෙ හිර ඩෙනිම් කලිසම් ඇඳගෙන අවුව තපින්න හුලං වදින්න ආපු අය..මේ අයත් අර අයට දෙවැනි වෙන්නෙ නැහැ..ගෙදර තියෙන හිරම කලිසම ජෑම් ගාල හරි බස්සගෙන තියන මේක් අප් සෙට් එකේ හැම එකම උලාගෙන එනවා..අවුලක් නැහැ..ඉන්න අනික් අයට පෙරහැරක් බලනවා වගේ ආතල් එකක් එනවා වටේ පිටේ මනුෂ්‍යෙයා දැක්කාම..මොකද එක එක ඇඳුම් එක එක මේක් අප්ස්...

    මේ තියෙන්නෙ ඒඋයනෙ තියෙන කුඩා සත්තු වත්තක් වගේ තැනක්.. ඒකෙ මුව පැටවු හාවො වගේ සතුන් ඉන්නවා..මගේ යාලුවෙක් ඉන්නවා එයා දැඩි හලාල් විරෝධියෙක්..ජාති මාමක පුරුෂයෙක්..මිනිහාගෙනම් අදහස මෙතෙන්ට වල් ඌරු පැටවු තුන් හතරදෙනකුත් ගෙනත් දාන්න ඕනි කියලා..මොකද වල් ඌරු පැටවු ගෙනත් දැම්මාම උන් හරාම් නිසා..මුස්ලිම් අය පාක් එන එක අඩුවෙලා යයිලු..එතකොට සිංහල අයට නිදහසේ ඉන්න පුලුවන්ලු..ඒත් එන ඒ ඒ අය ඒ ඒ අයගේ පාඩුවෙ ඉන්නවා නං කොහොමද මුස්ලිම් අය ආහම අනික් අයට කරදර වෙන්නෙ..

    මේ මම කැමරාවෙ තියෙන පැනරාමා කියන මොඩලයෙන් ගතපු පොටෝවක්...ඒකත් මරු කැමර් එක කරකවන්න තියෙන්නෙ..එතකොට පලාතක් වදිනවා..කෙලින්ම පොටෝ ගන්න බැරි ලක්ෂන ඇන්ටියෙක් හෙම ඉන්නවා නං පැනෝරාමා මෝඩ් දාල කැමර් එක කරකවලා පොටෝව ගත හැකි..

    කවුරු මොනවා කිව්වත් මේ පාක් එක හදපු එකනම් හොඳ වැඩක්.. අපිට නිදහසේ ඉන්න තැනක් දැන් තියෙනවා.. දැන් කස්ටිය මගුල් ගෙවල් යන්න වගේ මෙක් අප් තට්ු පිටින් ඇදුන් ගොඩක් ඇදලා ආවට කාලයත් එක්ක මේ හැමදේම හරියාවි.. මිනිස්සුන්ගේ දියුනුව කියන්නෙ කාර් ගෙවල් බිල්ඩින් විතරක් නෙමෙයි..මානසික ව ඒකාග්‍රතාවය ඇතිවෙන්න මේ වගේ තැන් ඇතිවෙන එක වැදගත්.. මේ වගේ ඉස්ථාන වලට යන උදවිය අර සිරිපා යන අයවගේ කොළ කෑලි පොලිතින් කවර තැන තැන දාන්න නැතුව ඒවා අදාල තැන් වලට දාන්න උත්සාහ ගන්නවානම් හොදයි.. මොකද සිරකරුවෝ ඩ මනුස්සයෝය වගේම ක්ලින් කරන අයත් මනුස්සයෝම වෙන නිසා..

    ReplyDelete

  2. Monday, March 4, 2013
    විවේක ගන්න දියවන්නා යන හැටි Let's go to Diyawannah
    දියවන්නාව කියන්නෙ ඔයක් ..ඒකෙ මැද පාර්ලිමෙන්තුව තියෙනවා. ඒ පාර්ලිමේන්තුව තියෙන හරියට පොඩියක් මෙහා ඒ කිව්වෙ වෝටස් එජ් එක දිහා දැන් හොදට හදලා..මිනිසුන්ට විවේක ගන්න සහ සනීපෙට ඉන්න පුලුවන් විදියට දියුනු කරලා තියෙනවා..කොළඹ ඉන්න අයට ගමේ දැනෙන සීතල සුලං වෙල් සුලං පාරක් වද්දගන්න යන්න කියාපු තැනක් තමයි එතන. දියුනු රටවලත් මේ වගේ උද්‍යාන ආදිය පිහිටුවලා තියෙනවා. මේ පාක් එක කොළඹ අනික් පාක් වලට වඩා සුලග තියෙනවා..ඒ වගේම සීතල සුලග..මොකද මේක තියෙන්නෙ දියවන්නා ජලාශය කිස්ටුවම නිසා..

    මෙ ඉන්නෙ දියවන්නා උයනෙ පොටො ගහන්න ආපු ජෝඩුවක්..මේ වගේ විල් අයිනෙ..වැවි අයිනෙ මුහුදු වෙරලවල් ගාව දැන් මගුල් පොටෝ ගැහිල්ලක් තියෙනවා..හම්මේ ටිකක් මහත මනමාලියො හෙම නැමිලා පෙරලිලා පොටෝ ගන්නවා දකින අපිට තියෙන සන්තෝසෙ..කියලා වැඩක් නැහැ..ඒක බලං ඉන්න එකත් එක්තරා විනෝදයක්.. එක අතකින් පවු කියලත් හිතෙනවා. අයියෝ විඳින වදයක්.. මේක එක්තරා රඟපෑමක්..මට හිතිලා තියෙන්නෙ වෙඩින් එකක් ගන්න කාලෙක දවල් කාලෙ පොටෝ ගහන්න වීඩියෝ වලට ලස්සනට ඉන්න ජයම්පතියෙක් දාල කුස රජතුමා වගේ රෑට රෑට මනමාලි ගාවට සැට්වෙන්න..ඔන්න පොටෝකාරයා කියනවා යම්තම් හිනාවෙන්න කියලා..ඒත් දත් ඉස්සරහට ආපු දත් බොල්ලා ඇන්ටියෙක් බඳිනකොට කෝමද අප්පා බාගෙට හිනාවෙන්නෙ..කට ඇරිය ගමන් හිනාවෙන් ලොකු කෑල්ලක් පිංතූර ලෙන්්ස එකේ වදිනවා...ත්‍රි ඩි පොටෝ හෙම තිබුනනං ඇල්බම් වල දාන්න බැරිවෙනවා ඒ වගෙ පොටෝ..


    මේ ඉන්නෙ විවේකය ගත කරන්න සුලං වල පහස ගන්න ආපු තව කාන්ඩයක්..මේ අය සමහරක්ගේ ඇසුත් වහලා..ඇස් වහලා තිබුනට මොකද මේ එන කෙල්ලො ටිකක් හැඩිදැඩි පුරුස අය දිහා හෙම කන්න බලනවා මම දැක්කා..මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන පාක් ඇවිත් පෝරණුවක් වගේ අවුවෙ තැම්බෙන්නෙ මොන ආතල් එකකට ද මන්දා..ඒත් කොළඹ හැම පාක් එකකම මේ වගේ ඔලුවෙ ඉඳන් වහපු ගෝනි බිල්ලො දකින්නට ලැබෙනවා. විහිලු කරන්න හොද නැතුව ඇති..ඒත් කරන්න දෙයක් නැහැ.. යුරෝපෙ හෙම ඉන්න මගේ යාලුවො සමහර අය වැඩ අරිලා ගෙදර යනකොට බිච් ලඟින් පාක් ලඟින් යන පාරවල් වල යන්න ආසයි..මොකද ඒවායේ ස්ත්‍රින් ඇඳුම් අඩුවෙන් හිරුඑලිය විඳින දර්ශනය හිතට සැනසිල්ලක් ලැබෙන නිසා..ඒත් මෙහෙ පාක් වල එහෙම නැහැ.. කස්ටිය ගොඩක් නිසංසලේ ඉන්න එන්නෙත් සැරට මේක් අප් දාල හිරට ඇඳලා නැත්නම් මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන..

    මේ ඉන්නෙ හිර ඩෙනිම් කලිසම් ඇඳගෙන අවුව තපින්න හුලං වදින්න ආපු අය..මේ අයත් අර අයට දෙවැනි වෙන්නෙ නැහැ..ගෙදර තියෙන හිරම කලිසම ජෑම් ගාල හරි බස්සගෙන තියන මේක් අප් සෙට් එකේ හැම එකම උලාගෙන එනවා..අවුලක් නැහැ..ඉන්න අනික් අයට පෙරහැරක් බලනවා වගේ ආතල් එකක් එනවා වටේ පිටේ මනුෂ්‍යෙයා දැක්කාම..මොකද එක එක ඇඳුම් එක එක මේක් අප්ස්...

    මේ තියෙන්නෙ ඒඋයනෙ තියෙන කුඩා සත්තු වත්තක් වගේ තැනක්.. ඒකෙ මුව පැටවු හාවො වගේ සතුන් ඉන්නවා..මගේ යාලුවෙක් ඉන්නවා එයා දැඩි හලාල් විරෝධියෙක්..ජාති මාමක පුරුෂයෙක්..මිනිහාගෙනම් අදහස මෙතෙන්ට වල් ඌරු පැටවු තුන් හතරදෙනකුත් ගෙනත් දාන්න ඕනි කියලා..මොකද වල් ඌරු පැටවු ගෙනත් දැම්මාම උන් හරාම් නිසා..මුස්ලිම් අය පාක් එන එක අඩුවෙලා යයිලු..එතකොට සිංහල අයට නිදහසේ ඉන්න පුලුවන්ලු..ඒත් එන ඒ ඒ අය ඒ ඒ අයගේ පාඩුවෙ ඉන්නවා නං කොහොමද මුස්ලිම් අය ආහම අනික් අයට කරදර වෙන්නෙ..

    මේ මම කැමරාවෙ තියෙන පැනරාමා කියන මොඩලයෙන් ගතපු පොටෝවක්...ඒකත් මරු කැමර් එක කරකවන්න තියෙන්නෙ..එතකොට පලාතක් වදිනවා..කෙලින්ම පොටෝ ගන්න බැරි ලක්ෂන ඇන්ටියෙක් හෙම ඉන්නවා නං පැනෝරාමා මෝඩ් දාල කැමර් එක කරකවලා පොටෝව ගත හැකි..

    කවුරු මොනවා කිව්වත් මේ පාක් එක හදපු එකනම් හොඳ වැඩක්.. අපිට නිදහසේ ඉන්න තැනක් දැන් තියෙනවා.. දැන් කස්ටිය මගුල් ගෙවල් යන්න වගේ මෙක් අප් තට්ු පිටින් ඇදුන් ගොඩක් ඇදලා ආවට කාලයත් එක්ක මේ හැමදේම හරියාවි

    ReplyDelete
  3. මොකද මේ ඇනෝ ලියල තියෙන්නෙ ඔයා ලියල තියන ඒවමනේ.
    හොඳ ලිපියක්.
    මැණික්

    ReplyDelete
  4. ඉන්දියාවේ ඉඳලා එන ජෝඩුයි, අරාබි කාන්තාවොයි එන්න, මේක දැන් අග්නිදිග ආසියාවෙම ප්‍රසිද්ධ ඇති නේ.....

    ReplyDelete
  5. අඩේ අප්පේ.. මං හිතුවේ මේ පාකිස්තානේ ලාහෝර් කිට්ටුව පොට් එකක් කියල.. ලංකාවද???

    ReplyDelete
  6. සිංහල ගෑණුත් දැන් අඳින්නේ ම මැක්සි, ලුංගි සහ ඊවිනින් ඩේ‍රස් නේද?

    ReplyDelete
    Replies
    1. පිච්චු.. අපේ කෙල්ලෝ දැන් අඳිනේ ෂෝට්ස්.. මගේ පෝස්ට් එක දැකලද කොහෙද....

      Delete
  7. කොහෙද බං මුවෝ ඉන්නේ... දැකලා නෑනේ...

    ReplyDelete
    Replies
    1. උඹ යනකොට මුවා, මුවා වෙනවලු...

      Delete
  8. වෙඩින් ඇන්දිලි නම් මරේ මරු. එදාට මගුල් දවස නෙවෙයි, ෆොටෝග්‍රැෆි කාරයාගේ දවස.

    ඌරො දැම්මම පාක් එක හරාම් වෙනවද? ඒත් දියවන්නාවට අමුතුවෙන් ඌරො දාන්න ඕනිද?

    ReplyDelete
  9. මේකට කොහොමත් දියවන්නාවේ ඇත්තෝන්ට එන්න තහනම් කරන්න ඕනේ! නැත්නම් වටේටම ගාඩ් දාන්න පටන් ගනියි!

    ReplyDelete