Wednesday, May 29, 2013

ඉන්දරතනලා බිහිකරන ක්‍රමයට ජයවේවා

සමහරු මේකට ධර්මය ගාවන්න හදනවා. තවත් අය එහෙනම් ඔක්කොම මස් නොකා ඉමු කියනවා. ධර්මානුකූල වුනත් නොවුනත් අපිට මොකද? අපිට පාන්ද? ඒ මනුස්සයාගේ තිබුන පිස්සුවකට ඒ මනුස්සය මලා ඉතිං අපි මොනවා කරන්නද?

මේ ඇවිල්ලා මනුපොතේ එක්තරා බුද්ධිමතකුගේ කමෙන්ටුවක්. අපි බ්ලොග් ලියලා ස්ටේටස් දමලා දැනුවත් කරන්න යන්නෙ මුන්ද කියලා එතකොට හිතෙනවා. ෆීඩින්ද මන්කි කියලා බ්ලොග් එකක් තියෙනවා. ඒකෙ අදහස් කෙසේ වෙතත් මම ඒ නමට කැමති. මොකද ලංකාවෙදි උගත් වුනා කියලවත් තානාන්තර ලැබුනා කියලවත් මිනිස්සු මානසික වශයෙන් ඉහලට යෑමක් නැහැ. ආකල්ප වෙනසක් නැහැ. හිටිය තැනමයි. මනුස්සයෙක් ගිනිතියාගෙන මැරුනම ඒක දිහා බලාගෙන සෙට් එකක් කැමර් අල්ලගෙන හිටියම. ඒක රට පුරා නිවුස් එකක් විදියට පැතිරෙන ගත්තම. ඒත් කිසිවක් ඇඟට නොදැනි ඉන්නවා කියන්නෙ මේ යුගයේ මනුෂ්‍යයින්ගෙ නියම නියෝජනය.

මේ ලෝකෙ දෙවියන් මවල ඉවරයි. ඉතිං අපි අපේ වැඩක් බලාගෙන අපේ දෙයක් කරගන්න. ඒ ඇර මොකද්ද වෙන කරන්න තියෙන්නෙ. අපිට පුලුවන්ද බාං ලෝකෙ වෙනස් කරන්න. එහෙම හිතන අය බොහෝමයි. ලංකාවෙ පුටු වල ඉස්සරහින් ඉන්නෙත් ඔය වගේ අදහස ්තියෙන අය. ලෝකෙට පේන්න එක එක දැන්වීම් දැම්මට ඒවා ඇතුලෙ ඉන්නෙ අනික් එකාට හෙන ගහල ගියත් මගේ ආතල් එකට හානි නොවනවා නම් කමක් නැහැ කියන කුහක හැත්තක්.

මොනව උනත් සමාජයට අයිති මෝඩ මිනිස්සු බුද්ධියෙන් අඩු මිනිස්සු එක එක විකාර වැඩ කරනකොට අපි අනුකම්පා කරන්න ඕනි. අපි ඒ මිනිස්සුන්ට තවත් ඒ විදියෙ දේවල් වෙන්න ඉඩ තියන්න නරකයි. සිවුර තිබුනා. සීලෙ තිබුනා, මිනිහා දේශපාලනය කලා නොකලා ඒ අපේ ඇස් පනාපිට පිලිස්සිලා මියගියේ නලුවෙක් නෙමෙයි. සාමාන්‍ය මනුස්සයෙක්. ඒක තව ජේමිස් බොන්ඩ් එකක පිච්චිලා ගිය චරිතයක් නෙමෙයි. ආයෙ මනුස්ස ලෝකෙට නොඑන්න අවීචි මහා නරකාදියටම යන්න ඇති කියලා හිතන්න පුලුවන් මනුස්සයෙක්.

මැරුණ හාමුදුරුවොත් ඒ පැත්තට කතා කරන අයත් කියලා තිබුනා දළදා මාලිගාව වටේ හොටල් තියෙනවාය. දළදා මාලිගාව අසලම පේන මානයෙ මස් කඩ තියෙනවාය. ඒ වා දැක්කම පිළිකුල් හිතෙනවාය කියලා කතාවක්. මොන අරමුණින් කිව්වත් කතාව ඇත්ත. ලංකාවෙ මස් විකුනන විදිය දැක්කම හිතෙන්න නැහැ අපි ශිෂ්ඨාචාරයට ඇවිත් තියනෙවා කියලා. කොක්කෙ එල්ලලා සතාගෙ ගාත් පිටින් ලේ වැක්කෙරනවා. එතකොට අපිට පුදුම කැතක් ඇතිවෙනවා. අනික ඒ මස් වල ප්‍රමිතිය. තියෙන්න පුලුවන් විශබීජ ආදිය ගැන නිසි පරීක්ෂණ වෙන පාටක් නම් පේන්න නැහැ. ඔහෙ කොහේ හරි යන හරකෙක් හෝ සතෙක් මරාගත්තම කොක්කෙ එල්ලලා කෑල්ල කෑල්ල කප කප විකුනනවා. ඕක දකින්න අප්‍රසන්න දෙයක්.

ඉතිං ඔය තරං කැත නැහැ ෆුඩ් සිටි වල තියෙන මස්. හරි ලස්සනට යකෝ මේ හරක් මස්ද කියලා හිතෙන තරමට ලස්සනට පැක් කරලා තියෙනවා. මස් වල ප්‍රමිතිය, කල් පැවැත්ම, කල් ඉකුත්වීම ආදිය බලලා. නියමිත පරිදි ශීත වෙනවාද කියලා බලන්න පී ඇච් අයි මහත්ැන්ට කියලා. ගාත් පිටින් කොකු වල එල්ලගෙන කරන මස් වෙළඳාම ශීතකරණයක් ඇතුලෙ දාගෙන විකුනන්න කියලා නීති ගෙනාවනම් ඒක ඒක ලස්සනයි නේද? එහෙනං දකින එකා ට ඒ තරම් පිළිකුලක් ඇතිවෙන්නෙ නැහැ නේද?

අනිත් කාරණාව තමයි දළදා මාලිගාව වටේ මස් කඩ තියෙන එක. අපිට මතකයි කොළඹ සාන්ත ජෝන් මාලු කඩේ. ඉස්සර ඔතනින් බල්ලට යන්න බැහැ ගන්දස්කාරෙ. දැන් එතන මාලු කඩේ නැහැ. මාලු කඩේ එතනින් කට් කරලා පෑලියගොඩ එල පොට් එකක පේස්ට් කරලා. ඉතිං ඒක කලේ අපේ මේ ආන්ඩුව. නගර සබාව නෙමෙයි මධ්‍යම ආන්ඩුවෙම තීරණයක් අනුව තමයි මාලු කඩේ පිටකොටුවෙන් අයින ්කරලා පෑලියගොඩට දැම්මෙ. ඉතිං නුවර දළදා මාලිගාව අවට කිලෝමීටරයක් දෙකක් යනකල් වත් තියෙන මස් කඩ ටික ටිකක් ඈත තැනක් හදලා ලස්සනට ලොකු බිල්ඩිමකට පැක් කලානම් යසයි නේද?

ඉඩකඩ පස්නයක් තියෙනවා නම් කාර් සේල් වගේ ඒවා දලදා මාලිගාව තියෙන තැනට ගෙනල්ලා මස් කඩ ටික ඈතට දමන්න පුලුවන් නේද? කාර් ගන්න තැන් වල කවදාවත් ලොකු සෙනගක් නැහැ. ඒ වගේම ගඳක් පිලිකුලකුත් නැහැ. ඒ නිසා පූජා නගරයේ බැතිබර ගතියත් රැකිලා වෙලෙන්දන්ට අවශ්‍ය ඒ ඒ තැනත් ඒ ඒ තැන්වලදි ලැබෙනවා.

ඉතිං ඕවා කරන්න ගියාම ලැබෙන තම්බි චන්ද කෑලි ටික නැති වෙනවා. ඒකට ආන්ඩුව කැමති නැහැ. කොළඹ නම් ඉතිං ආන්ඩු පක්ෂයට විරුද්ධ පැත්ත හැමදාම දිනන නිසා එහෙ ඕනි වැඩක් කරනවා.

අනික තමයි මුස්ලිම් කේස් එක. මුස්ලිම් හෝ වේවා සිංහල බොදු හෝ වේවා මේ තරම් මිනිස්සු අතර ගැටුම් ඇතිවෙන්නෙ ආන්ඩුව නිසා. ආන්ඩුව නීතිය කියන එක සලකන්නෙ නැහැ. මොන තරම් මේවගේ දේවල් වලදි පැත්තකට වෙලා අත් බැදගෙන හිටියත් රාජපක්ෂියන්ස් ලා මේවාට වගකියන්නම ඕනි. රටක් නම් නීතියක් තියෙන්න ඕනි නමුත් මෙහෙ නීතියක් නැහැ.

දවසක් තරුණ කොල්ලො දෙන්නෙක් බීලද මන්දා බස් සෝල්ට් එකක කතාව. මේ බලහං බං මේ *ත්තෙ පිරිතක් දාල මේ හැන්ද වෙලාවෙ මොන *කයද බං පිරිත් අහන්නෙ? ඒක තමා ..මේ හුන්නාන්සෙලාටත් නිකං කාල නිදාගන්න බැරි හැටි. අපේ ගෙවල් පැත්තෙත් උදේට දානව බං පල්ලියෙ අඳෝනාවක් එපා වෙනවා ඕයි. රෑට වයිප් නිදාගන්නෙ පරක්කු වෙලා නිදහසේ පොර අල්ලන්න තියෙන්නෙත් උදේට. කොහේද ඒකට පල්ලියෙ *කයා නැගිටලා පාන්දර කෑ ගහන එකක් දානවා ඒකට කුලප්පු වෙච්ච අපේ එවුනුත් අනක් පැත්තෙන් පිරිත් දානවා. මුංගේ අදෝනා වල බීට් එකට තමයි අපිට බඩු ගහන්නත් වෙලා තියෙන්නෙ.

හිතුන එකාට හිතුන තැන වඳින තැනක් අටෝගන්නවා, ඉන් පස්සෙ මොකෙක් හරි මහ එකෙක් ගෙන්නලා එතන පොර සිටි එකක් හදාගන්නවා. අවට මිනිස්සු කොයි තරම් විරුද්ධ වුනත් තමුංගේ ගමේ තියෙන පොට් එකට වඩා මේ අලුත් පොට් හොඳයි කියලා හිතලා නවත්වන්නෙ නැතුව ක්ෂණික පවර් ගන්න එන ගොං හැත්ත නිසා ඒ තැන් ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සෙ ඒ පැත්තෙ පලාතෙ ඉන්න මනුස්සයෝ ටික අර උං කියන කාලසටහනට අනුව ඉන්න ඕනි.

මේක මොන ආගමට වුනත් එකයි. දියුනු රටවල මොන ආගමට වුනත් සීමා තියෙනවා. හිතුන තැන්වල හිතුන දේවල් අටවගන්න බැහැ. කොච්චරවත් ඩෝප් කාරයොය් බඩුයි කැරකෙන හතරමං හන්දි වල අපේ අය බුදුපිලිම හදලා සීමා මායිම් වෙන් කරන්න යනවා. ඒ අස්සෙ අනික් තොප්පි කාරයො ටික යන්තං පැටෑවො ටිකක් ගහගෙන පැල් කෑලි දහයක් විතර අටෝගත්තම එතන යාතිකා මධ්‍යස්ථාන දාන්න යනවා. තව ඉන්නවා එන් ජී ඕ කෑලි ටිකක්. මිනිස්සුන්ට සල්ලි බෙදලා අලුත් ජාතියෙ ආතල් එකක් මිනිස්සුන්ට බෙදන්න යනවා. මොන විදියෙ සහන මේවා හරහා සුලු පිරිසකට ලැබුනත් නීතියක් තියෙන පද්ධතියක නම් හිතුන හිතුන අයට මේ විදියෙ ඇඩ් දාන්න බැහැ.

මහනුවර නගරයට නිසි පූජාභූමියක් විදියට සැලසුමක් තිබුන නම්...

හරක් මරන්න හරක් මස් විකුනන්න දියුනු වැඩපිලිවෙලක් තිබුන නම්..

එක එක ජාතියෙ ආගම් කාරයොන්ට ඒ තමුංගෙ බලය තියෙන තැන්වල හරි නැති තැන්වල හරි උන්ට ඕනි විදියට නටන්න පුලුවන් විදියට නීතිය බල්ලට ගියේ නැත්නම්..

අර ගිනිතියාගත්ත මනුස්සයට ඒකට තිබුන හේතුවලින් බොහොමයක් නැතිවෙලා යනවා. ඒ කියන්නෙ ඔයාල අනේ හරී ෂූයි කියන ඔයාලගේ ආන්ඩුවම මේවා වක්‍රව වගකියන්න ඕනි. ඒ තොප්පි කාරයො ඒ අයට ඕනි විදියට උඩ දාන්නෙ උන්ට පිටරටින් තියෙන පවර් එකකට නෙමෙයි. මෙහෙ කිසිම දේකට නීතියක් නැති නිසා. මෙහෙ නීති හදන්නෙ අමරිකාව නෙමෙයි. බුරිය අතගාල චන්ද කෑල්ල ගන්න ඔබේ මන්ත්‍රිතුමාල ඉන්න පාර්ලිමේන්තුව.

මගේ යාලුවෙක් ඉන්නවා සත්තු ගැන දන්න. මිනිහා පූසියන්ගේ වලිගෙට උඩ හරියෙ තැන් කීපයක් ගානට අතගානවා. අනේ එහෙම අතගානකොට පූසී චූන් වෙලා නැට්ට උස්සනවා. ඒ පූසි හොදට මෝල් කරන්න පුලුවන්ලු ඒ විදියට වල්ගෙට උඩ හරිය ක්‍රමානුකූලව අතගෑවම. ඒ වගේ අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවත් බොහොම ලස්සනට මීඩියා වලින් ෆෝම් කරනවා. ඉන් පස්සෙ අර පූසිගෙ පිට අතගෑවම නැට්ට උස්සලා අහවල් එක උස්සලා පෙන්නනවා වගේ අපේ අයත් මෝල් විකාරනේ ගිහින් චන්ද ටික අර ෆෝම් කරන එකාට දෙනවා. අර පූසි තව අතකින් හොදයි. ඌ විතරයි ඇරගන්න උත්සාහ කරන්නෙ පෝම් කලාම. ඒකට අපේ හැත්ත.ඌත් ඇරගෙන අපිටත් කියනවා අනේ ඇරගනිල්ලා මාර ෆන් කියලා.

22 comments:

  1. ඔය අද තියෙන්නේ අර ඉස්සර තිබුනු අවිහිංසක ගව ඝාතන විරෝධය නෙමේ.

    බැටලු හමට යටින් ඉන්නේ මුස්ලිම් විරෝධයේ වෲකයායි.

    ඒසී දාලා මස් විකුනුවාට ඒක් නත්‍ර වෙයිද?

    ReplyDelete
    Replies
    1. නතර කරන්න පුලුවනි..ඉස්සර නිකං ඔලුව යාන්තමට වහගෙන ගියපු මුස්ලිම් ගෑනු අය දැන් ඉහේ ඉදලා ඇස් වහගෙන මෙහේ ඇවිදින්නෙ...
      ගොඩක් මුස්ලිම් අය දැන් එයාලගේ අර සුදුපාට දිග ලෝගු දාන්න පටන් අරන්...
      ඉතිං මුස්ලිම් ්අය එකතුවෙන මේ වගේ සමාජයේ තැනක සාමය කියන දේ දිගට රැදේවිය කියල හිතන එක මෝඩකමක්.....
      ගැටුම් ඇතිවෙන්න නැතුව ඉන්න නම් දෙපාර්ශවයටම දැඩි නීති ගේන්න ඕනි... දෙගොල්ල අතර තියෙන ඇපියරන්ස් එකේ වෙනස භාෂා වෙනස නැතිවෙලා යනකොට ඔය අවුල් බොහො දුරට නැති වෙල යයි...

      Delete
    2. ඒ කියන්නේ අපිට ඕනෑ ස්ටාලින් ගේ, මාවෝ ගේ, කිම් ඉලස් සුන් ගේ, වගේ ආණ්ඩුවක්?

      Delete
    3. දැනට කිසිම ක්‍රමයක් නැහැ...
      අපිට රටක් කියලා කියන්න කිසිම දෙයක් නැහැ... නිකං දූපතක් විතරයි...

      හැමෝගෙන්ම හිගාකන දූපතක්...

      මේක ඇතුලෙ ආන්ඩු පිහිටවන්නෙ ජාතිවාදය තුලින්..ඒක නැතිවෙන්නෙ නම් ජාතින් අතර වෙනස අඩු වෙන්න ඕනි...

      එක එක විදියට එක එක ගම්වල කැලෑ වැදිලා හිටිය අපි මේ තත්වෙට ආවෙ සුද්දො අපි හැමෝටම එක වගේ ඉංගිරිසි අධ්‍යාපනය දීපු නිසා...
      ඒ සුද්ද ගෙනාවෙ සිංහල බොදු සිස්ටම් එකක් වත් මුස්ලිම් එකක් වත් නෙමෙ..
      අලුත්ම එකක්..

      Delete
    4. මේ ලියල තියෙන එක දැක්කම මට හිතුන දැන් අමිලගේ ප්‍රායෝගික දැනුම ටිකක් වැඩි වෙලා කියල.

      “ඉස්සර නිකං ඔලුව යාන්තමට වහගෙන ගියපු මුස්ලිම් ගෑනු අය දැන් ඉහේ ඉදලා ඇස් වහගෙන මෙහේ ඇවිදින්නෙ...
      ගොඩක් මුස්ලිම් අය දැන් එයාලගේ අර සුදුපාට දිග ලෝගු දාන්න පටන් අරන්...
      ඉතිං මුස්ලිම් ්අය එකතුවෙන මේ වගේ සමාජයේ තැනක සාමය කියන දේ දිගට රැදේවිය කියල හිතන එක මෝඩකමක්“

      ඇත්තටම ලිපියේ ගත යුත්තකට තියෙන්නේ මෙච්චරයි.

      කතන්දර කාරය වගේ එවුන්නම් ඒකාලෙත් හරක් මස් කෑල්ල නැතිවෙයි කියල කෑ ගහුව අදත් කෑ ගහනව මාර තර්කත් ගේනව එයාල පොරවගෙන ඉන්නෙත් බැටළු හමක්ය කියල දැන් මොලේ තියෙන අයට තේරෙනවා.

      Delete
    5. නීති තද කරලා සියළු දෙනාම සමානව ජීවත් විය යුතුයි, එක සමාන ඇඳුම් ඇඳිය යුතුයි, එකම භාෂාව කතා කළ යුතුයි කියන එක මානව අයිතිවාසිකම් කඩකිරීමක් නෙවෙයිද? සියළුම ජාතීන්ට තමන්ගේ සංස්කෘතියට අනුව ජීවත් වීමට ඉඩ දෙන්න ඕනැ කියල මිනිස්සු තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩුව ඒක තේරුම් කරල දෙන්න ඕනෑ.

      ඉස්සර ඔළුව යන්තම් වහගෙන හිටපු ගෑනු දැන් ලෝගු ඇඳගෙන යන එක වගේ වෙනස් කම් හැම තැනම තියනව, හැම ජාතියකම, හැම ආගමකම. ඒක නීති මගින් බලහත්කාරයෙන් වළක්වනව නම් ඒක හමුදා ආණ්ඩුවක් වගේ එකක්. තවත් කෙනකුට හානියක් නොවන තාක් ඕනෑම කෙනකුට ඕනෑම විදිහකට අඳින්න පළඳින්න නිදහස අවශ්‍යයි.

      ලවුඩ්ස්පීකර් දැමිල්ල හොඳ නෑ කියල අමිල කියන්නෙත් ඒ නිසාමයි. කසුන්ට ලිපියේ ගතයුත්තකට තියෙන්නෙ බොහොම පොඩි කෑල්ලක් වුනත් මටනම් ලිපියෙ වැදගත් කරුණු ගොඩක් තියනව.

      Delete
    6. ඔබ තේරුම් ගන්නේ එක් පාර්ශවයකින් පමණයි..
      මෙතනදි බෞද්ධ ආගමේ දැන් දැන් එන මොඩර්න් පරපුර විසින් එක් එක් නීති හා සම්ප්‍රදායන් ගෙන එනවා..නමුත් බෞද්ධ කෙනකුට ඇඳුම හැසිරීම හෝ සමාජගත වීම සම්බන්ධ නීති නැහැ..

      නමුත් වෙනත් ආගම් වල මානව නිදහස මානව අයිතිය කියන එක ආගම තුලින්ම කපා දාලා තියෙනවා..

      උදාහරණ ලෙස සමහර ආගම් වල කාන්තාව කෙලින්ම කොන් කරලලා තියෙනවා....ඒ වගේ ආගම් වෙනත් නීතියක් ලෙස වෙනත් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා..ඒ ප්‍රජාව සාමාන්‍ය නීතිය සලකන්නෙ නැහැ..

      එතකොට ඒ වෙනමම කොටසක් ලෙස පවතින සමාජ කොටස ඇතුලෙ වෙන දේවල් මානුෂීයද මානව හිමකම් වලට එකගද කියලා පිටත සමාජයට හොයන්න බැහැ..

      ඒ ක්‍රමයෙන් අයින් වෙන එක හරිම අමාරුයි... අන්තවාදී කොටසකින් පලා යනවා කියන්නෙ ජීවිතය එක්ක කරන සටනක්...ආගමට නීතියට

      Delete
  2. ANDU WENAS WUNATH, MAS KADA WESUWATH APATA WEDAK WEIDA, APE JOKKU IRILA, PUKA PENI PENI, PADA CHOO, JEE, YANAWANAM. NEDA KAKKO.

    ReplyDelete
  3. අගේ ඇති යෝජනාවලියක්. මස් කඩ ටික නං ලංකාවේ කොහෙවත් ප්‍රමිතියකට නෑ. අන්න ඒ දේටවත් ඇහැ යොමුවුණොත්.

    ReplyDelete
  4. සම්ම කපේ නොකෙරෙන දේකට ගිනිතියාගන්නවට වඩා කෙරෙන දෙයක් ගැන සලකා බැලීම වටිනව

    ReplyDelete
  5. මස් කඩ තහනම් කලාට මස් නොකා ඉන්න උන් බිහි වෙයිද? මොනවා කලත් මොකක් හරි ප්‍රමිතියකට වෙනවා නම් අවුලක් නැහැ. මෙහෙම එක පාරට ලංකාවේ මස් කඩ තහනම් කරන යෝජනා ගේන්නේ පොලිසියේ ඉන්න මහත්තුරුන්ටයි ආණ්ඩුවටයි ගතමනාවක් හොයාගන්නද මංදා. මොකද මේකේ ඉන්න උන් නිතිය සුරකින ජාතියේ උන් නම් කසිප්පු කියන ජාතිය ගණිකා නිවාස වගේ එව්වා තිබ්බ තැනක් වත් හොයා ගන්න බැරි වෙන්න එපැයි . ^_^

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන ජාති නීතියෙන් තහනම් නැති නන් මොනවගේ වෙයිද??

      Delete
    2. ආණ්ඩුවටයි පොලිසියේ මහත්තුරුන්ටයි හම්බ වෙන ගාන සුට්ටක් අඩු වෙයි ;)

      Delete
  6. පානදුරෙන් හොරණ පාරට හැරෙනකොටම තියෙනව ලොකු සුදු බුදු පිළිමයක් එක්ක බෝ ගහක්. ඉස්සර ඔතන තිබ්බ පාර පළල් කරල, කඩ කඩල, බෝ ගහ කපල දාන්න යන ආරංචිය ආවම බෝ ගහ පිටිපස්සෙ කඩේ (සික්සර් ඒකෙ නම) බුවා කරේ මිනිහගෙ වියදමින් ගැහුව තඩි බුදු පිළිමයක් එතන. පාර එහෙමමයි, කඩෙත් එහෙමමයි, බුදු හාමුදුරුවොන්ගෙ පිළිමෙට කපුටො රෙනව.

    ඔය හරක් මැරිල්ල ගැන කියනකොට මතක් වෙන්නෙ සුනාමි දවස්වල ඕළුවිල් පැත්තෙ සුනාමියට නන්නත්තාර වෙච්චි හරකෙක් උස්සං ගිහින් මරපු සීන් එක. මම 2002 මඩකලුවෙ ඉඳන් පොතුව්ල් හරහ සියඹලාන්ඩුවට එනකල් ආව කොහෙවත් කඩවල කුකුල් මස් තියෙන කෑම නෑ. ගවය විතරයි. අන්තිමට දිවා ආහාරය ඩිනර් උනා, හේතුව අපිත් එක්ක ගිය එකෙක්ට හරක් මස් ඇලර්ජි නිසා ඌ නොකා අපිට කන්න බෑනෙ.

    එහෙම බැළුවම හරක් හරි හරියට මරන්නෙ තම්බි ඉන්න පැතිවල උනාට අඩු ගානෙ උං කුකුල්ලුන්ට අභය දානෙ දෙනව!

    ReplyDelete
    Replies
    1. තම්බි කියන්නේ මල්ලි දෙමළ ඉගනගනිල්ලා

      Delete
  7. මේ ගැටළුව ගැන මෙත් සිතින් බලලා, ගැට්ළුවට උත්තරත් ලියපු අනර්ඝම පෝස්ට් එක. ෆේස් බුක් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම අදහන් දේත් තමයි අපේ රටේ බුද්ධිමතුන් බොහොම හිඟයි කියන එක.

    ReplyDelete
  8. මොන ලබ්බ උනත් ගිනිතියාගැනිල්ල විසඳුමක් නෙමෙයි.ඒ මනුස්සයා ඔය හේතුව නොතිබ්බනං වෙන හේතුවක් අල්ලගෙන හරි සියදිවි නසාගන්ඩ තිබ්බා.මස් කෑමට විරුද්ද වෙන එකත් තේරුමක් නැති වැඩක්.අවුරුද්දකට මිනිස්සු 20,000ක් මැරෙන සිගරැට්වලට විරුද්ධ නොවී හරක් මස් කන එකට විරුද්ධ වෙන එක කොච්චර හිනා යන වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකත් එක අතකට හරි

      Delete
  9. http://meeghaya.wordpress.com/2013/06/01/%e0%b6%9c%e0%b7%80-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%94-%e0%b6%87

    ReplyDelete
  10. nice idea machan...

    ReplyDelete