Sunday, May 26, 2013

ලොව වටා විරෝධතා Protest Around the Globe

ජාන වෙනස් කල ආහාර වලට විරුද්ධ විරෝධය..



අමරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවර මේ ගෑනු කෙනා මේ විරෝධය දක්වන්නෙ ජානමය වශයෙන් වැඩිදියුනු කරන ආහාර වලට එරෙහිව. මේ ජාතියෙ විරෝධතා ලෝකෙ වටාම පවත්වනවා කියලා තමයි මේ කස්ටිය කියන්නෙ. ලෝ වටා ඉන්න ජනතාව මිලියන ගනනක් මෙයාල එක්ක එකතු වෙලා ඉන්නවා කියලයි කියන්නෙ. අමරිකාවෙ බීජ වර්ග ජාන ඉංජිනේරුමය විද්‍යාවන් යොදලා වෙනස් කරනවා. එයින් මතු ඒ බීජ වලට රෝග වලට ඔරොත්තු දෙන්න හැකියාව ලැබෙනවා. කටුක තත්වයන්ට ඔරොත්තු දෙන්නත් ජානමය වශයෙන් වැඩිදියුනු කරන ලද ආහාර යොදාගන්න පුලුවනි.

දිනෙන් දින ලෝකයේ වැඩිවෙන කටවල් ගානට හරියන්න ආහාර නිශ්පාදනය කරන්න නම් මේ වගෙ විද්‍යාවන් වලින් විජ්ජාවන් ඇතිකරන්න ඕනි කියලයි ඒ වෙන්ස කරන ආහාර හදන අය කියන්නෙ. නමුත් මේ හරහා අපිට හිතාගන්න බැරි තරම් වෙනස් සෞඛ්‍යමය පෝෂනමය ගැටලු ඇතිවෙන්න පුලුවන් කියාල මේ ජානමය වශයෙන් වැඩිදියුනු කල බෝගවලට විරෝධතා දක්වන අය පෙන්වා දෙනවා.

ඒ වගේම ලෝකයේ සමතුලිතතාවය, ජෛව විවිධත්වය, සහ සොබාවික පරිසරය ට මේ ජානමය වෙනස් කම් කල බෝග බලපාන්න පුලුවනි. යම් තත්වයන්ට වඩාත් උචිතම බෝග හැදුවාම ඒවා වඩාත් හොදින් ස්වාභාවික ශාක වලට වඩා වර්ධනය වෙලා ස්වාභාවික පරිසර පද්ධති විනාස වෙන්න හැකියාව තියෙනවා. ඉතිං මේ ජානමය වශයෙන් වැඩිදියුනු කරපු ආහාර වලට කරන විරෝධය පරිසරය ගැන හිතලා කරන එකක්. එහෙම නැතුව අහවල් පොතේ අහවල් තැන අපිට අහවල් දේවල් කන්න එපා කියලා තියෙනවා කියන මෝඩ ආකල්ප මත කරන එකක් නෙමෙයි.

මේ හරහා ජානමය වශයෙන් බෝග වැඩිදියුනු කිරීම් නවතින එකක් නැහැ. නමුත් ලෝකෙ ජාන වැඩිදියුනු කරලා ආහාර ජාති නිශ්පාදනය කරනකොට මනුෂ්‍යයින් සහ පරිසරය ගැන මීට වඩා සැලකිල්ලෙන් වැඩකරන්නට ඒ අයව පොළඹවාවි.

සිපවැළදගන්නට පැනවූ තහනමට විරෝධය..


තුර්කි උමං මග තුල සිප වැලදගන්නා විරෝධය

මේ තුර්කියෙ වෙලා තියෙන්නෙ වෙනම කේස් එකක්. මේ උමං මාර්ගාදියෙදි මේ ආකාරයේ සිප ගැනීම් කරන්න බැහැ කියලා ආන්ඩුවේන නීති දාලා. තුර්කියෙ තියන්නෙ දැන් ඉස්ලාම් ආගම පැත්තට බර වෙච්චි ආන්ඩුවක්ලු. සිකුරිටි කැමර් වලිං සිපගන්න ජෝඩු හොයලා ඒ අයට දඩුවම් කරන්න කටයුතු කරන්න තමයි පොලිසිය හදලා තියෙන්නෙ කලිං දවසකදි. මේ තරම් ලඟින් කිස් දෙනකොට ඇස් පියවෙනවා.

අපේ අයියගේ කුඩා සන් කාරයා ඊයෙ හවහ බාල්දියක් ඉල්ලලා හෙන විරෝධතාවයක්. වතුර දාන්න ගන් අලි සයිස් බාල්දියක්. මූ අඩනකොට ඇස් දෙක පියවෙනවා. අපේ තාත්තා කියනවා ඔන්න ඔහෙ වෙන බාලියක් දීපං ඕකා අඩනකොට ඇස් දෙක වහනවා නේ... කියලා. ඒ පාර වෙන බාලියක් දුන්නම ඒක උඩදදා ටික වෙලාවක් හිටියා.

සාමාන්‍යෙයන් ලංකාවෙදි පෙම්වතුන්ට උද්‍යාන නැහැ කියලවත්, එයාලට සල්ලි වලට ගත්ත කාමරේක වත් නිදහසේ ඉන්න බැරි එකටවත් අපේ අය මුකුත් කරන්නෙ නැහැ. නමුත් මේ තුර්කි පෙම්වතුන් තමුන්ගේ අයිතිවාසිකම් ගන්න සමූහ වශයෙන් එකතුවෙල කිස් දීගෙන විරෝධතාවය දක්වනවා. මේ අමුතු ජාතියෙ විරෝධතාවය ලෝකෙ පුරාම මාධ්‍ය වලට කතාන්දරයක් එකතු කරලා තිබුනා.

සමරිසි අයිතිය වෙනුවෙන් විරෝධතා



සමරිසියන් හෙවත් ගේ පුද්ගලයින් ගැන ලෝකෙ වටේම තියෙන ආකල්පය විවිධාකරයි. ඒ සම්බන්ධ මත ගැටුම් වගේම විරෝධතාත් ලෝකය පුරා යනවා. රුසියාවෙ මේ සමරිසි කන්ඩායම් වලට ප්‍රසිද්ධියේ පෙනී සිටීම තහනම් කරලා..ඒ කියන්නෙ ඒ අයට ප්‍රසිද්ධියෙ ඇඩ් දාන්න බැහැ. හරියට ලංකාවෙ දුම්කොල මධ්‍යාසාර ඇඩ්දාන්න තියනෙ තහනම වගේ එකක්. ඒකට විරුද්ධව පෙලපාලි ගිහිපු අය පිරිසකට තමයි පොලෝසියෙන් සම්බුව හම්බෙලා තියෙන්නෙ.

මෙතනදි මේ රජයේ පැත්තෙත් වරදක් තියෙනවා කියලා මට පේන්නෙ නැහැ. දෙයක් ප්‍රසිද්ධ වුනාම ඒකෙ මාර ආතල් එකක් විනෝදයක් තියෙනවා කියල කස්ටිය හිතනවා. ඔය ජානමය වශයෙන් සංකූලතා ඇතිවෙච්චි මනුස්සයො ටිකක් හැංගිල ඔය සමරිසි වැඩේ කොරගත්තට කමක් නැහැ. නමුත් ඒ අයට ප්‍රසිද්ධියෙ නටන්න දුන්නම ඒක ෆැසන් එකක් බවට පත්වෙනවා. මම ඒ විදියට හිතන එක වැරදියි. ඒ අයට එලිපිට හැසිරෙන්න තියෙන අයිතිය නැති කරන එක වැරදියි.

නමුත් ලෝකයේ දැනට තියෙන දරුනුම වෛරස් දෙකක් තියෙනවා. එකක් ඒඩ්ස් අනික ගොනෝරියාව. මේ දෙකම බෝවෙන්න සමලිංගික සම්බන්ධතා මනා පිටිවහලක් වෙනවා. ඉතා සුළුතරයක් උස්සලා ලොකු කරලා අරං නිකං අමුතු ෆෑන්ටසි හැදෙන්න දෙනවාට වඩා කොරගන්න දෙයක් හැංගිලාම කරගන්න දුන්න නම් ඉවරයි. නේ...


මං පොඩිකාලෙ විරෝධතා..



ලුනම දිහා හිටිය අපේ කොල්ලෙක් නම සාරංගද කොහෙද. මම ඉගනගනිපු ආයතනයේ පොරත් උසස් අධ්‍යාපනය කලා. ඉතිං මිනිහා වැඩිය ඔය යූනියන් වලට හෙම නැහැ. හැබැයි පිකට් එකක් උද්ගෝෂණයක් කිව්වොත් පැනගෙන යන්නෙ.ඉස්සරහටම ගිහින් මිනිහගේ පස්නයක් වගේ කෑ ගහනවා..ඇඩ් දානවා. දවසක් මිනිහා මාර සන්තෝසෙන් වගේ යාලුවොන්ට මොකක්ද කාරනාවක් කිය කිය යනවා. මිනිහගේ මූන ටීවි එකේ පෙන්නලා. ඒ මදිවට පත්තරෙත් වැටිලා. ගමේ මිනිස්සු දැන් දන්නවාලු පොර ඉන්නෙ කැම්පස් එකක් වගේ එකක කියලා. මිනිහාට දේසපාලන අරමුනු එච්චර වැදගත් නැහැ. කොහොම හරි ගමෙ හිටපු යාලුවොන්ටයි නෑයොන්ටයි..අනික් අයටයි පේන්න මූන මීඩියා වල දාගත්ත පොරට ලොකු දෙයක්. කොහෙම වුනත් මෙලෝ අලගෙඩියක් නොලැබුනත් එකඑක විරෝධතා ව්‍යාපාර වල අමුතු ආතල් එකක් තියෙනවා. කෑ ගහලා උගුර ලේ රහ වෙලා කිසිම ප්‍රතිපලයක් නැතුව ඉවර වුනත් අපිට අමුතු සැහැල්ලුවක් දැනෙනවා. අඩුතරමෙ අපි මොනවාම හරි කලා නෙව කියලා.


අපේ අයත් සාම්ප්‍රදායික විදියෙ උද්ගෝෂන වලට යන්නෙ නැතුව අලුත් විදියෙ විරෝධතා දක්වන්න නිර්මාණශීලිව හිතනවා නම් ඒක හොදයි..හැමදාම මීඩියා වලින් දකින බෝඩ් වෙනුවට ටොප්ලස් විරෝධයක් හෙම ගියොත් ඒකෙත් මාර ආතල් එකක් තියෙයි.. බට් ඉතිං ලංකාවෙ ටොප්ලස් කියන්නෙ මුලින්ම පේන්නෙ බඩ නෙව.

6 comments:

  1. ජානමය වශයෙන් වෙනස් කරන ලද අහාර නැතුව බැහැ නේද ...විශේෂෙන් චීනේ වගේ ලොකු රටවලදී ..? ජෛව හානියක් වෙනවා තමයි..ඒත් කෘමි නාශක වගේ දේවල් වලින් ජෛව පද්ධතිය සහමුලින්ම විනාස වෙනවනේ...

    මගේ නම් මතය වට්ටක්කා ජානේ දාල පරිප්පු , කඩල වගේ පොඩි ජාති ඔක්කොම ලොකු කරන්න ඕනේ..

    ස්ට්‍රෝ බේරී ජානේ දාල ඔක්කොම කරවිල පැණි රස කරන්න ඕනේ..

    යුරෝප් ජානේ දාල අප්රිකාව ප්‍රිය කරන්න ඕනේ..

    ඔය වගේ අදහස් තියෙනවා මටත්...


    අහහ් යුරෝප් පිකටින් ජානේ දාල මෙහෙත් ටොප්ලස් පිකට් කරන්න ඕනේ..ඒකත් සෑහෙන්න වැදගත් කෝඩේ මග අරින්න...

    ReplyDelete
  2. තමන් විස්වාස කරන දේවල් අනෙකා ලව්වත් කරවන්න දගලන නිසා තමයි මේ ඔක්කොම අවුල්.හැමෝම නිදහසේ ඉන්න කැමති උදවිය නේ. එත් එකත් අනුන්ගේ නිදහසට බාදාවක් නොවනතාක් කල් විතරයි.
    කතාවක් තියෙනවනේ හැරමිටිය වැනීමේ සීමාව අනෙකාගේ නහය ලගින් ඉවර වෙනවා කියල...

    ReplyDelete
  3. මගේ නම යහපත් ඇනෝ.මම හොඳ අරමුණකින් ගමනක් යන්න පටන් ගනිද්දී අමිල චතුරංග මගේ ජීවිතේ විනාශ කරා.දැන් මට ඒ ගමන යන්න බැහැ.හිතට දෛර්යක් නැහැ.මගේ ජීවිතේ විනාශ උනා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයත් ඔයාගේ විරෝධතාවය දක්වන්න..ඔයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න...අපිත් උදව් කරන්නම් වාසියක් වෙනවා නම් ...

      Delete
    2. අමිල කොල්ලො ගහන්නෙ නෑ කියල මේකෙ කියල තියෙද්දිත් ඔයා කියන කතාව විස්වාස කරන්න අමාරුයි.... සාක්කි ඉදිරිපත් කරන්න... කොහේදිද ඔයාව විනාශ වුනේ?

      Delete
  4. අපේ සමහරක් ඔය විරෝධතා වලට යන්නේ රැල්ලට විතරයි! මොකක්ද ඒකෙ අරමුණ කියලවත් හරියට දන්නේ නෑ!

    ReplyDelete