Wednesday, June 26, 2013

එඩ්වඩ් ස්නෝඩන් edward snowden

එයා කවුද? 

ලංකාවෙ ඉන්න නිදිමත ජනතාව බොහොමයක් දන්නෙ නැති වුනාට එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ දැන් සති කිහිපයක ඉඳලා ලෝකෙ පුවත් මවන පුද්ගලයෙක්. ඒ මනුස්සයා වැඩකරලා තියෙන්නෙ සී අයි ඒ එකේ. සී අයි ඒ එකේ තියෙනවාලු මිනිස්සුන් ගැන ඔත්තු බලන සේවයක්. ආන්න ඒ අංශයක වැඩකරපු දෙකයි පනහේ සේවකයෙක් තමයි එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ. එඩ්වඩ් ස්නෝඩන් කරල තියෙන ජරා වැඩේ තමයි ඒ සී අයි ඒ එකෙ ඇතුලෙ තිබුන ප්‍රිසම් කියන අන්තර්ජාලිය තොරතුරු එක්රැස් කිරීමේ පද්ධතිය පිළිබඳ තොරතුරු පිටත ලෝකයාට ලබා දීම. අමරිකාවෙ මිනිස්සු අන්තර්ජාලයේදි කොරන්නෙ මක්කාද කියල බලන්න අමරිකාවෙ වෙනමම අංශයක් දැන් වසර ගනණාවක තිබිලා තියෙනවා. ඒක අනුව මිනිසුන්ගේ ස්කයිප් ගිණුම්, සමාජ ජාල ගිණුම්, ඊ මේල් සහ වෙනකක් තබා පරිඝනක තුල ඇති ගොනු පවා අවශ්‍ය නම් චෙක් කරන්න අමරිකාවෙ ආන්ඩුවට මේ හරහා පුලුවන් වෙනවා. මේක එක අතකින් විශාල සිද්ධියක්. තොරතුරු එලියට යනවා කියන්නෙ අමරිකාව ඒ ව්‍යාපෘතිය ෆේල් කියන එක.  ලොකු බිල්ඩිමක් හදලා මේන්න මේක මෙච්චර වටිනවා කියලා ඒක ඕපන් කරලා දවස් කීපෙකින් ලොකු පැල්මක් ගියොත් කොහොමද ආතල් එක. ආන්න ඒ වගේ වැඩක් තමයි ස්නෝඩන් නිසා අද අමරිකාවට  සිද්ද වෙලා තියෙන්නෙ. 

ස්නෝඩන් සී අයි ඒ ඒජන්ට් කෙනෙක්ද? 

අපි හැමෝටම අමරිකාවට යන්න බැහැ. අපිට අමරිකාව පේන්නෙ බොහෝවිට හොලිවුඩ් ෆිල්ම් හරහා. දුප්පත් ජනතාව මිලියන ගානක් ඉන්න ඉන්දියාව බොලිවුඩ් සිනමාවෙන් වහලා තියෙනවා වගේ අමරිකාවත් හොලිවුඩ් සිනමාව හරහා වෙනත් රටවල සිටින මිනිසුන්ගේ සිත තුල ඇති අමරිකාව ගැන තියෙන රූපය වෙනස් කරගන්නවා. සිනමාව කියන්නෙ අමරිකාවට කර්මාන්තයක් විතරක් නෙමෙයි. ඒක ඇවිල්ලා අමරිකානු අධිපතිවාදය පතුරන එක ටූල් එකක්. ලංකාව කියන්නෙ හිඟන රටක්. ලංකාවෙ හැදෙන ෆිල්ම් ආදිය බැලුවම ලංකාව අපි නිතර එදිනෙදා දකිනවාටත් වඩා හිඟනයි කියලා ලෝකෙට පේනවා. 

අපි දකින අමරිකන් ෆිල්ම් වල ඉන්න සී අයි ඒ ඒජන්තයො කියන්නෙ පට්ට ඩයල්, ගහගන්නද ෙවඩි තියන්නද බෝම්බ දාන්නද බඩු ගහන්නද බඩු සෙට් කරගන්නද සියලු දේ වල සමතෙක්. හරියට ඉස්සර පොත්වල සිදුහත් කුමාරයා ගැන තිබුන සුරංගනා කතා වගේ.සියලු දේ වලින් ෆස්ට් ගන්නවා මේ සි අයි ඒ එජන්තයෝ. ඉතිං බොහෝ දෙනා මේ ස්නෝඩන් තොරතුරු සොරකම් කලා කිව්වාම හිතන්නෙ ආ ඔය අර සියලු කාර්යේ සමත් සී අයි ඒ පොරක් නේ කියලා. නමුත් එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ තියන තොරතුරු වලට අනුව නම් නිළධාරියෙක් නෙමෙයි. සේවකයෙක්. සේවකයෙක් කිව්වත් මේ ඉහල මට්ටමේ සේවකයෙක් නෙමෙයි. පහල එකෙක්. උපාධියක් වත් නැති යුද්දෙටත් යන්න බැරිවුන කරුමෙට අහසින් පාත් වෙච්චි මිස්ට බීන්ගේ සුදුමැලි ගතිය තියෙන පොරක්. මිනිහාගේ තනතුරත් ටෙක්නිකල් ඇසිස්ටන්. ටෙක්නිකල් ඇසිස්ටන්ට් කියන්නෙ සිංහලෙන් තාක්ෂනික සහායක. තාක්ෂනික සහායක කියන්නෙ තාක්ෂණ වැඩ කොරන සේවකයා මිසක් තාක්ෂණ නිලධාරියා නෙමෙයි. 

ලංකාවෙත් වෙබ් අඩවි සහ පත්තර සමහරකට මේ ස්නෝඩන් කියන්නෙ නෝමල් ඩයල් එකක් කියන එක පිලිගන්න බැරිවෙලා තියෙනවා. සමහරු ස්නෝඩන් සී අයි ඒ ඒජන්තයෙක් කොරලා. තවත් අය එයා තාක්ෂණ නිලධාරියෙක් කොරල තියෙනවා දැක්කා.. 

දැන් පොරට මොකද වෙන්නෙ.

බොහෝවිට ස්නෝඩන් අමරිකාව අල්ලා ගනීවි. ස්නෝඩන් ගියා කියන්නෙ අමරිකාවට ලොකු කේස් එකක්. එක අතකින් ස්නෝඩන් ලඟ තියෙන තොරතුරු ලීක් වෙයි කියන බය, අනික් අතින් ස්නෝඩන් වගේ අදහස් තියෙන අනික් අයට බිහිවෙන්න පුලුවන් අවධානම. ස්නෝඩන්ට සැර වැටුපක් ලැබිලා තියෙනවා. හොඳ වරප්‍රසාදත් ලැබිලා තියෙනවා. මිනිහා චීනෙට ඔත්තු බැලුවා කියලා කතාවක් ගියා. නමුත් මේ අවස්ථාව වෙනකොට මිනිහ චීනෙ නැහැ. කලිං හොංකොං වල හිටියා. ඉන් පස්සෙ ආයෙම චීනෙට ගිහින් දැන් මොස්කව් එයා පෝට් එකේ ඉන්න කතාවක් තමයි තියෙන්නෙ. කොහොම වුනත් ස්නෝඩන් ගැන හොයන එක සමහර අමරිකානුවෙන්ගේ විනෝදාංශයක් බවටත් පත්වෙලා තියෙනවා. 

අන්තර්ජාලය තුල අපේ තොරතුරු සුරක්ෂිතද?

ලොකු ප්‍රශ්ණයක්. සාමාන්‍යෙයන් යාල කැලේ හැංගුනාම හොයන්න ලේසිද කොළඹ මරියකඩේ හැංගුනාම හොයන්න ලේසිද? කියාල ඇහුවොත් මම හිතන්නෙ කොළඹ වගේ තැනක හැංගුනොත් ලේසියෙන් හොයන්න අමාරුයි. යාල නම් පීරල බලත හැකි. වටේ තියෙන කඩවල් ගාව ඔත්තු කාරයො දාල බලන්න පුලුවන් මූ කඩවලට යයිද කියලා. නමුත් මිනිස්සු විසාල ගානක් ඉන්න තැනක එහෙම එක මිනිහෙක් හොයන්න ලේසි නැහැ. 

අන්තර්ජාලයට සම්බන්ධ වෙච්චි පරිඝනකයක තිබෙන තොරතුරු ආරක්ෂිතයි කියන්න කාටවත් බැහැ. ඒ තොරතුරු කෙනකුට යහපත් වගේම අයහපත් අරමුණු වෙනුවෙනුත් සොරාගන්න හැකියාව තියෙනවා. අනික අන්තර්ජාලය වගේ ලොකු තොරතුරු ප්‍රමාණයක් හුවමාරු වෙන තැනක් කිසිම ප්‍රබල ආන්ඩුවක් නොසලකා හරින්නෙ නැහැ. අද අමරිකාවට ඇඟිලි දිගුකරන බොහෝ රටවල් වල ප්‍රබල ලෙස අන්ර්ජාලය තුල මිනිසුන් හැසිරෙන විදිය පාලනය කරන්න ක්‍රම සහ විධි තිබෙනවා. චීනය සතුව විසාල ෆයර්වෝල් එකක් තියෙනවා.ඒක හරහා චීන මිනිසුන්ට යන්න ලැබෙන්නෙ චීනය කැමති සයිට් වලට විතරයි. සවුදි අරාබියාව වගේ රටවල ෆේස්බුක් එකට තහංචි ආදිය තියෙනවා. මේ විදියට ගත්තොත් සැබැවින්ම ලෝකය තුල කිසිම පුද්ගලයෙක්ට තමුන්ගේ තොරතුරු වල තියෙන රහස්‍ය බව රැකගන්න ක්‍රමයක් නැහැ. කොහෙන් ගියත් චාටර් වෙනවා. 

මීට වසර හතලිහකට පමණ පෙර රුසියාව සහ අමරිකාව අතර හඳට රොකට් යවන්න වගේ බොලද වැඩ වලට සීතල යුද්ද තිබුනා. න්‍යෂ්ඨික බලය ආයුධ ශක්තිය සම්බන්ධයෙන් කඹ ඇදිලි ඇතුලෙන් තිබුනා. නමුත් අද වෙනකොට මේ අන්තර්ජාලය කියන විශාල ඒකකයට රටවල් අතර තරඟයක් ඇතිව තිබෙනවා. චීනය හා අමරිකාව අතර ඇති විශාල සහයෝගිතාවය ඒ රටවල් දෙකටම වැදගත්. ලංකාවෙ ඉන්න බොළඳ මිනිස්සු හිතාගෙන ඉන්නව තව ටික දවසකින් ඔන්න චීනෙ දිනිනවා අමරිකාව පරදිනවා කියලා. නමුත් චීනය මම හිතන විදියට නම් දිනන්න උත්සාහ කරන්නෙ නැහැ. මොකද චීනයේ හොඳම වෙළඳ පොල අමරිකාව සහ යුරෝපයෙ රටවල්.  කවදාහරි චීනෙ ඉස්සරහට ආවොත් එයාලට බඩු විකුනගන්න තැනක් නැති වෙනවා.

නමුත් මේ වගේ සංකීර්ණ දේශපාලනික තත්වයන් ගොඩක් තිබුනත් තොරතුරු කියන්නෙ අද වෙනකොට න්‍යෂ්ඨික අවි වගේම සංවේදී දෙයක්. උදාහරණ විදියට මේ ළඟදි නිකුත් වුන එක්සත් ජාතින්ගේ වාර්ථාවකට අනුව සෝමාලියාව සහ ආශ්‍රිත අප්‍රිකානු කලාපය තුල මිනිස්සුන් දහස් ගානක් සාගතේ නිසා මැරිලා තියෙනවා. ඒත් ජාත්‍යන්තර මාධ්‍ය සහ ජාත්‍යන්තර අවධානය ඒවාට වැඩිය යන්නෙ නැහැ. නමුත් බොස්ටන් වල බෝම්බයක් ගහල හතර පස්දෙනෙක් මැරුනාම ඒක බොහොම ඉක්මනින් යනවා. කොටින්ම අපේ සමහර අංගවිකල මනුපොත් බුද්ධිමතුන් අර බොස්ටන් වල මැරිච්චි එවුංට කවිත් ලියලා දානවා. ඉතිං මේ අනුව ලෝකයේ තොරතුරු කියන්නෙ ප්‍රබල ආයුධයක්. මේ තොරතුරු මිනිස්සු හැමෝටම ඔනි විදියට ඕනි පාරකින් යන්න දුන්නොත් ඒක ලෝකයේ සල්ලි තියෙන බලය තියන මිනිස්සුන්ගේ බලයට සහ ධනයට ඇතිකරන්නෙ හොඳ බලපෑමක් නෙමෙයි. 

ඒ නිසා ලෝකය සහ අද කාලෙ දේශපාලනය කියන දේ තීරණය කරන්න මාධ්‍ය කියන දේ අවශ්‍යයි..ඒ මාධ්‍ය පවා පාලනය කලේ නැත්නම් ලෝකයේ වරප්‍රසාද ලැබී තිබෙන බොහෝ දෙනාට ඒ වරප්‍රසාද නොලැබී යන්න පුලුවන්. නමුත් මේ කිසි දෙයක් රේඛීය නැහැ. ප්ලග් එකක් ගලවනවා වලේ ලේසියෙන් විදේශීය සම්බන්ධතා ගැන කතාකරන දේශපාලකයින් අපිට ඉන්නවා. නමුත් ප්ලග් ගැලෙව්වට පස්සෙ අපි විසින් අනිවාර්යෙන් ප්‍රබල වෙනත් බලශක්ති සැපයුමක් හොයාගන්න වෙනවා. 

මේ අර්ථයෙන් ධර්මයෙන් ගත්තාම එඩ්වඩ් ස්නෝඩන්ලා විකිලීක්ස් අයියලා විසින් කරන්නෙ ඉඳලා හිටලා විසිල් එකක් ගහලා ආනේ මේන්න ඔයාලගේ හොර වැඩ කියලා ආන්ඩුවල  වැරදි පෙන්වනවා. නමුත් ඒ ආන්ඩුව ගියාම එන්න ඉන්න බී ආන්ඩුව මොන වගේ වේවිද? මිනිස්සුන්ට ඕනි විදියට හැම වැදගත් දේම කියවන්න ගත්තොත් එතනදි ලෝකය මීට වඩා ලස්සන වේවිද? ඒ විදියට හිතුවෝතින් එඩ්වඩ් ස්නොඩ්න් කියන්නෙ තවදුරටත් දේව දූතයෙක් වත් සාම පරෙයියක් වත් අමරිකාවට වැටිච්ච හෙනයක් වත් නෙමෙයි. නිකම් නිකම් විසිල් කාරයෙක්. පිටරට නිවුස් ගොඩක ස්නෝඩන් හඳුන්වා තියෙන්නෙත් විසිල්බ්ලෝවර් කියලා.

24 comments:

  1. edward snowden
    gana samahara thorathru niwaradi naha. E kohoma unath supiri prajathantrawadayak thitenawa kiyana amarikawa karana wade anumatha karanna baha. e rate minisunta gataluwak nathnam apatath gataluwak naha. Namuth anik rratawala thorathru ekathu karanawanam eya kohomathwathma anumatha karanna baha. Monawa unath Snowden kale hoda wadak.
    R
    R

    ReplyDelete
    Replies
    1. gana samahara thorathru niwaradi naha.

      මේ වගේ කියන කොට ඒ මොන තැන්ද කියලා කියනවා නම් එතකොට මේ කමෙන්ට් එකෙන් පස්සෙ දැනගන්න පුලුවනි මේ මේ කෑලි වැරදියි කියලා.. නැතුව නිවැරදි නැහැ කියලා නිකම්ම කිව්වාම එතනදි ගැටලුවක් කොතනද නිවැරදි නැත්තෙ කියන එක..

      Delete
  2. ඉතාමත් කාලෝචිත විවරණයක්. ඇතැම් විට මේ සිදුවිමත් එක්තරා අමෙරිකා ව්‍යපෘතියක් වන්න බැරි නෑ.දැන් අපි බලන් ඉන්නේ මෙයාට රුසියාව මොනවා කරයිද කියන එකයි. ඒ දේවල් තේරුම් ගන්න ටිකක් විමසිල්ලෙන් ඉවසිල්ලෙන් ඉන්න වෙනවා. මේ සටනට ස්තුතියි

    ReplyDelete
  3. ඒක ඇත්ත අමිල ඕව මහා ලොකු දේවල් නෙවේ එක අතකට..අනිත් දේ හමුදා ප්‍රධානීන් 20 ,28 කොල්ලෝ කුරුට්ටෝ ගන්න තරම් මෝඩ නැහැ රහස් ව්‍යාපෘති වලට..අනේ ඔයා හෙට ඉඳන් එන්න කියලා වැඩට ගන්නවා නෙවේනේ...

    ReplyDelete
    Replies
    1. මෙතන පොඩි අවුලක් තියෙනවා.. ලංකාවෙ තමයි වයස අනුව හැම දේම තීරණය කරන්නෙ. සමහර පද්ධති වල වයස කියන්නෙ එතරම් ලොකු දෙයක් නෙමෙයි.. ලෝකෙ ලොකුම කම්පැනියක සී ඊ ඕ තමයි මාක් සකර්බරග් කියන්නෙ...
      බැලු බැල්මට ෆේස්බුක් සරල වගේ පෙනුනාට ෆේස්බුක් කියන්නෙ ලොකු මාකට් එකක්..විශාල ලාභ ලබන ව්‍යාපාරයක්.. ඒ වගේ එකක මුල් පුටුව කියන්නෙ සුලු පටු දෙයක් නෙමෙයි.

      Delete
    2. ෆේස් බුක් හි CEO කමයි වෙනත් ආයතනයක එම ධූරයයි කියන්නේ අහසට පොළොව වගේ...මාර්ක් ඉන්නේ නාමික ප්‍රධාන විධායක ධූරයක විතරයි..කොටිම්ම ෆේස් බුක් එක ගාවලත් වැඩක් නැහැ නැහැ CEO වැනි ධූරයක් කතා කිරීමේදී ..

      පුළුවන් නම් මගේ මෙන්න මේක බලන්න...

      ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් භාවිතය ...
      ප්‍රධාන විධායක ධූරයක් දැරීම ගැන කරුණු මෙහි අඩංගුයි...

      Delete
    3. වයස අනුව ප්‍රධාන විධායක නිලධාරියා තීරණය නොවෙනවා කියන එක ඇත්ත , හැන්ස් විජේසුරියත් හොඳ උදාරණයක්

      Delete
  4. Edward Snowden is contracted System Administrator for NSA Because of that he got more security permissions to access prism even CIA agents doesn't have those permissions.Good Article!!

    ReplyDelete
    Replies
    1. මෙතනදි මම රාවයෙ දැක්ක එක ලිපියක තිබුනා.. අනේ මේ ස්නෝඩන් මෙච්චර දැනුමක් තියාගෙන මාස්ටර් කාඩ් වීසා කාඩ් පේපෑල් වලිං සල්ලි හොරකං කරන්න ගියෙ නැහැ.. ජනතාවට වැදගත් විදියට සේවයක් වන විදියට ලොකු වැඩක් කලා කියලා එක ආටිකල් එකක තිබුනා..

      හරියට නිකං අතපය හතර තියාගෙන හිගාකන්න එන හිගන්නොත් කියන්නෙ ඔ්‍ය කතාව..මම හෙරකං කරන්න මාල කඩන්න ගියෙ නැහැ..මං මේ නම්බුකාර විදියට හිගාකනවා කියලා..

      ස්නෝඩන් දක්ෂයෙක්...පොරක්.. නමුත් ස්නෝඩන් කාටවත් අයිති නැහැ.. ස්නෝඩන් කියන්නෙ කුමන්ත්‍රනයක් නෙමෙයි..හුදෙක් පුද්ගලයෙක්..පුද්ගලයෙක් කියන තනි ඒකකයකට දේශපාලනයට ඈදෙන්නෙ නැතුවම කොයි තරම් බලයක් රැස් වෙලාද අද වෙනකොට..

      Delete
  5. NSA not CIA

    චීනයට තමන්ගේ ලාබ ශ්‍රමයේ තුරුපුව තවත් කොයිතරම් කාලයක් රැකගන්න පුලුවන්ද කියන එකත් , කොයිතරම් උත්සාහ කලත් තව වසර 50කටවත් දරිද්‍රතාවයෙන් ගොඩ එන්න බැරි ඉන්දියාව තමන්ට ස්වාභ්විකව ලැබිල තියන වඩාත් ලාබ ශ්‍රමයෙන් නියම ප්‍රයෝජනය ගතහැකි විදිහට ප්‍රතිපත්ති සකස් කරගන්න හැකිවේවිඩ්ග කියන එකත් මත ලෝක ආර්ථිකයේ දිශානතිය තීන්දු වේවි , කොහොමවුනත් චීනයට සුපිරි බලවත් වීමේ අපේ දේශප්‍රේමි සිහිනය නම් ලේසියෙන් ඉටු වෙන එකක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ආතල් කඩන්න එපා බං!

      Delete
    2. අනෙකාගේ දශාව මට බලපාන්නෙ කෝමද?
      ජෝතිශය වගේම භූ දේශපාලනය කියන්නෙත් නීරස විශයක්..
      සැබෑ දක්ෂයින්ට ඔය දේසපාලන රවුන් වලිං රිංගලා යත හැකි..

      Delete
    3. දේශපානික මාතෘකාවක් ලියල දේශපාලනේ නීරසයිද ?

      Delete
    4. දේශපාලනය කියන එකේ තියෙන ස්වරූපය හැඩහුරුකම සහ ඒ ගැන අපි හිතන විදිය පොඩඩක් වෙනස් වෙන්න ඕනි..
      මම දේශපාලකයෙක් වුනොත්..මම මගේ පැවැත්ම ආරක්ෂා කරගන්න මේ තියෙන ජාගර වැඩ ටික ඕක්ෙකාම කරන්න වෙනවා..
      ඕක තේරුම් ගත්ත සමහර යුරෝපිය සංස්කෘතින් තුල සෝබන සාම්ප්‍රදායික දේශපාලනය අද වනවිට ප්‍රතික්ෂේප වෙමින් තිබෙනවා... මේක දේශපාලනය කියන සම්පූර්ණ දෙය තුලම සිදුවන හැඩයෙ ්ෙවනසක්....

      අපි අන්න ඒ වගේ ගූනාත්මක වෙනසක් සඳහා කරන්න පුලුවන් ඉතාම සුලු දේවල් කරන්න ඕනි..එහෙම නැතුව විකල්ප රහිතව මේක විවේචනය කරලා නම් කිසිම තේරුමක් තියෙනවා කියලා හිතන්න බැහැ..

      Delete
  6. මේ සතියේ රාවය පත්තරේ තිබුන ස්නෝඩන් ගැන ලිපි කිහිපයක්ම. එක එක්කෙනා තමන් ආස විදියට ස්නෝඩන් විස්තර කරල තිබුන.
    විකිලික්ස් වගේ ටික කලක් පුවත් මවල එයා යයි. (ඒ මං කැමති විදිය:)

    ReplyDelete
    Replies
    1. රාවය තමයි ලංකාවෙ හොදම එක..
      ඒක තිබුන ලිපි ටික මමත් බැලුවා..කණගාටුයි..
      එක එක අය තමුන්ගේ ගොඩට ස්නෝඩන් දාගන්න යනවා..තමුන්ගේ රාමුවට දාගන්න යනවා..

      Delete
  7. ස්නෝඩන් නිසා හැබැයි එක හොඳ දෙයකුත් වුනා, ඒ තමා මිනිස්සුන්ට දැනෙන්න හිතුනා මුන් අපි ගැන ඔත්තු බලනවා නේද කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඕක දැනගන්න විශාල බුද්ධියක් ඕනි නැහැ නේ..දැන් ගූගල් සර්ච් වලින් අපි වැඩිපුර හොයන දේව්ල් දැනගන්නවා.. එතකොට ඒ අනුව කලාපිය වශයෙන් රටවල් වශයෙන් එයාලගේ සර්චින් අල්ගොරිතම වලට අනුව වඩාත් හොයන ඒවා ඉදිරියට එනවා..

      එහෙම ප්‍රතිපලයක් ගන්න නම් අනිවාර්යෙන් ගූගල් විිස්න අපි නෙට් එකේ හොයන දේව්ල් මොනවද කියලා හොයන්න ඕනි.. කොටින්ම සර්චින් කියන සංකල්පයම ඇවිල්ලා දත්ත සොරකමක් එක්තරා විදියක..

      අපේ බහුතර මිනිස්සු ඕකෙ තියෙන සංකීර්ණත්වය අල්ලන්නෙ නැහැ.. අපේ අය ඕක දකින්නෙ හරියට ටොයිලට් එකක් ඇතුලෙ කැම් එකක් හයිකරලා බලනවා වගේ අදහසින්..

      Delete
    2. regional interests and personal search personal search history are two different things son, searching can not be categorized as theft because users are willingly searching stuff with knowledge that it's being monitored (google ToS)
      you better get your facts right!

      Delete
  8. මේකත් මට නම් පේන්නෙ ඇමරිකාවේම පුවත් මැවීමක් වගෙයි. එක අතකට ඇමරිකානුවන්ට බයක් ඇතිකරන්න, තමන්ගෙ දේශප්‍රේමී බව ගැන ආණ්ඩුව ඔත්තු බලනවා කියන අවදානම මත. අනෙක් අතට විදේශීය රාජ්‍යයන්ට අනතුරු හඟවන්න, අපේ ආරක්ෂක ජාලය මේ විදිහයි කියලා. මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන්න සැබෑ උවමනාවක් තියෙනවනං, මෙලහට ඇමරිකාව වැටිලා.

    ReplyDelete
    Replies
    1. /මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන්න සැබෑ උවමනාවක් තියෙනවනං, මෙලහට ඇමරිකාව වැටිලා.//

      ඇඩෙනවා. පට්ට ලොජික් කිය්නනෙ මේවට තමා. මහත්තය හිතන් ඉන්නෙ ඇමරිකාව කියන්නෙ උඹලගෙ ආච්චිගෙ ඉලත්තට්ටුව වගේ එකක් කියලද, ඔය විදියට වට්ටන්න. පව් බං උඹල

      Delete
  9. //මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන්න සැබෑ උවමනාවක් තියෙනවනං, මෙලහට ඇමරිකාව වැටිලා.//

    ඇඩෙනවා. පට්ට ලොජික් කිය්නනෙ මේවට තමා. මහත්තය හිතන් ඉන්නෙ ඇමරිකාව කියන්නෙ උඹලගෙ ආච්චිගෙ ඉලත්තට්ටුව වගේ එකක් කියලද, ඔය විදියට වට්ටන්න. පව් බං උඹල

    ReplyDelete