Saturday, March 8, 2014

සර්පයා ගමේ යන් නැද්ද? Saman & the Villagers

අවුරුදු 16ට අඩු ලමයි බලන්න එපා

පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර
මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර
අද පාසැල් නාවෙ ඇයිද සමන් කුමාර.

මේ කියන්නෙ සමන් කුමාර අසූ ගනන් වල ඝාතනය වෙච්චි දරුවෙක් ගැන විස්තර ඒක ඒ දවස්වල රටම හොල්ලපු සිද්දියක් වුනා.සමන් කුමා කිව්ව ගමන් ඇන්ටන් ජෝන් ව මතක් වෙනවා. සමහර ඉතිහාස සිද්දි ඇන්ටන් ජෝන් ඉන්න හින්දම මතක තියෙනවා. මේ සිංදුව පේමවතී මනම්පේරි, නිල්වලා ගඟේ කේස් එක ගැන ආදී තියෙන බොහෝ සිංදු නිසා ඒ කාලෙ ගැන නොමැකෙන මතකයක් ඉතිරි කරනවා.

පහුගිය දවසක සයිබර් අවකාශෙයේ ශාස්ත්‍රිය කියන කුලකය තුල දන්න කියන සමන් කුමාර කෙනෙක් ගේ පොතක් ආයිත් ප්‍රින්ට් කරලා ඒකට උස්සවයක් තිබුනා. මාත් ගියා මම පොතත් ගත්තා. එළ කිරි පොත ඒකනම්. පොත හොදයි කිව්වෙ පොතේ තියෙන කෙටි කතා පිටු ටික හොදයි. මුලු පොත පිටු එකසිය පනහක් විතර. එයින් සමන් කුමාරගේ කෙටි කතා තියෙන්නෙ පිටු පනහක විතර. ඉතිරිය වෙන කට්ටිය වගයක් මොනවද බයිල වගයක් ලියෙල තියනෙව දැක්කා.
කෙටිකතාවක් තියනව එක කතාවක් තාත්ත කෙනෙක්ගේ  බිජ්ජ සම්බන්ධයෙන්. බිජ්ජ කියන්නෙ මේ කුඹුරෙ ගහන බීජ වි එහෙම නෙවෙයි. ඔය සන්නස්ගලයා එහෙම ටෝක් දෙනකොට කියන්නෙ පුරුෂ නිමිත්ත කියලා. ආන්න ඒකට. ඕකට සෝයි වචනයක් මේ ළඟදි බොරැල්ලෙදි හිඟන්නෙක් කියනව ඇහුනා. "අනේ මහත්තයො මගේ කෙල්ලගේ ගෑනු ඇඟෙන් කෙල්ලට විෂබීජයක් ගිහින්. දැනුත් ළමා රෝහලේ ඒ ළමය...''ආදී වශයෙන් ලිංගික සංඥාවකුත් එක්ක පොර හිඟන ටෝක දිගෙන ගියා. නරක නැහැ බස්සෙකෙන් එකසිය පනහක් වත් ගලවගත්ත පොර. එතකොට ඒක ගෑනු ඇඟනං බිජ්ජ ඇවිල්ල පිරිමි ඇඟ වෙන්න ඕන. ඒක හඳුන්වන්න සමන් කුමාර ලේඛකයා යොදාගන්නෙ සර්පයා කියනවචනය. ඒ නිසාම මිනිහට පස්සෙ කාලෙක ඒ නම ලැබුනලු. මිනිහත් ටිකක් සර්පයා වගේතමයි.


සමන් කුමාරගේ කතා පොතේ තියෙන්නෙ කෙටිකතා ජාතියක්ය ඒවා හරි ලොකු අදහසක් තියෙන ඒවාය කියල කට්ටියක් කියනකොට තව කට්ටියක් ඒවා නරක කතා කියල කියනවා. ඇත්තමට නරක කතා කියල හිතෙන එක්කෙනක් ඉ්නනවා නම් පොඩ්ඩක් "ජූස් ගලනවා" වගේ වචනයක්  සර්ච් කලාම එන නියම වල් කතා බලලා කියන්න පුලුවන් ඒ සමන් කියල තියෙන කතා වල්ද කියලා.

ඔය සර්පයකු හා සටන් වැද පොතේ තියෙන්නෙ කෙටි කතාවක් කියලා හිතුවොත් ටිකක් අමාරුවෙ වැටෙනවා. එතොකට අර කෙටිකතාවක් හරම වෙන්න ඕනිය. මෙහෙම වෙන්න ඕනිය. නිශ්චිත දෙයක් තියෙන්න ඕනය.ඒකීය ධාරනාවක් තියෙන්න ඕනය, චරිත පොඩ්ඩක් තියෙන්න තියෙන්න ඕනය කියලා කියන තැන් එක්ක සර්පයා හා සටන් වැද සෙට් වෙන්නෙ නැහැ. ඒ වගේ හිතෙනවා නං ආයිත් ඕක කෙටිකතාවක් කියලා  මොලේ කොලොප්පන් කරගන්න ඕන නැහැ. ඒ සමන් කුමාර ලියල තියෙන්නෙ කෙටිකතා නෙමෙයි කියලා හිතුවාම වැඩේ ඉවරයි.

පොතේ පිටු එකසිය පනහම තුන්සිය පනහක් වෙනවා. හැබැයි අර කතාටික විතරක් වෙනම බයිලා නැතුව තිබුන නම් පිටු පනහක් විතරක් නිසා රුපියල් එකසිය පනහට වගේ දෙන්න තිබුනා.

ඔය පොත එළිදක්වන සීන්ස් එකට මාත් ගියා. ඒකට සන්නස්ගල,දීප්ති,විදර්ශන,හඳගම සහ කොන්ඩ රැවුල් වවාගත් පොරවල් ගොඩක් ඇවිත් හිටියා. මට අර විදර්ශනයා කතා කරනකොට එපා වුනා. මං එතනින්නැගිටල ආවා. හැබැයි සන්නස්ගලයා නම් සුපුරුදු බොක්කු කට එදත් ඇරලා සබාව අප් එකේ තියාගත්තා. මොනවා වුනත් සර්පයා සන්නස්ගලගේ යාලුවෙක් වුනඑක දෙන්නටම වැදගත් වෙන්න ඇති කියල හිතුනා. 

වෙලෙන්දෙක් විදියට ගත්තොත් සන්නස්ගල කියන්නෙ සිංදු තැටි විකුනන්න පුලුවන් තැනක වුනත් පොතක් ගහල විකුනගන්න දක්ෂ හොද වෙලෙන්දෙක්. ඩවුන් ටවුන් පල්ස කියල මහල්වරාවෙ තිබුන සෝ එකකදි ඒ සෝ එක අහන්න ආපු අයට බලන්න පොතක් දීල සන්නස්ගල අර සිංදු කියපු උන්ව හොල්මන් කලා. නමුත් දැනුත් ඒ මැටි හරක්ට තේරනවද දන් නැහැ එතන පොත් නෙමෙයි සිංදු තැටි විකුනන්න ඕන තැනක් කියලා. ඔයකතාව මම බෑන්ඩ් එකෙක එකෙක්ට කිව්වම පොර කියනවා උන්ගේ අරමුණ සිංදු කියල මිනිස්සු අතරට යන එක නෙමෙයිලු. ඒ ගැන ලියපු මං හිට් පෙරේතකටම ලියපු එක ගැන පොරට දුකලු. මිනිස්සුන්ට නෙමෙයි නං උන් සිංදු කියන්නෙ මොක්කුන්ටද? රැවුල වවාගනිපු ගංජ ගහල බුදුවෙන්න හදන උන්ගේ සෙට් එකට විතරයිද?

ආයිත් ටිකක් එලිදැක්වීමේ සන්නස්ගලගේ කතාවට ආවොත් සන්නස්ගල පස්න කරනවා ඇයි මේ සමන්කුමාරගේ කෙටිකතා උසස් පෙලට දාන්න බැරි කියලා.  පොත් කාරයෙක් හා සිංහල ටියුෂන් කාරයෙක් විදියට සන්නස්ගලටත් කලාකාරයෙක් විදියට සමන් කුමාරටත් එහෙම වෙන එකෙන් ආර්ථික වාසි ලැබෙනවා. නමුත් එයින් සමාජයට මොකද්ද ලැබෙන්නෙ. ඔය මාටින්ගෙ පොත් ගුනදාස අමරසේකරගේ පොත් තියනව සිලබස් එකට. සමහර මාටින්ගේ පොත් දන්න අප්ප බුදුන්කාලෙ ඉදලා සිලබස් එකේ. නමුත් මාටිං වික්‍රමසිංහගේ පොත් කවුන්ටරේකට ගිහින් අර සිලබස් එකට දාපු නැති විචාර පොත්, මාටින්ගේ චාරිකා විස්තර පොත්, මාටින් ලියපු ශාස්ත්‍රිය පොත් ආදිය විකිනිල තියෙන ප්‍රමාණය දැක්කම ඇඩෙනවා. හැමෝම සිලබස් එකට තියෙන නිසා සයිමන් කබලානයි, නන්දයි, පියලුයි ටික කාලෙකට බලෙන් ඔලුවට දාගන්නවා. හැබැයි අර විස දෙයක් බඩට ගියාම බුග් ගාල වමනෙ දානව වගේ උසස් පෙලින් පස්සෙ ඒ සිංහල කරන උන් තවත් මාටින්ව හොයන්නෙ නැහැ. තවත් ඒවගේ පොත් දිහා වැරදිලාවත් බලන් නැහැ. බලපු ටිකෙන් උන් හැදෙන්නෙත් නැහැ. 

 සන්නස්ගල කියපු කතාවල අවසානෙ තිබුන ලොකු ඇත්තක්. ඒ තමයි සමන් කුමාරට ලැබිල තියෙන කීර්තියෙන් හෝ සමාජයේ තියෙන නමින් සමන් කුමාරගේ දරුවන්ට කන්න දෙන්න නම් ඒ නම විකුනන්න ඕන. මොන විදියටද විකුනන්න ඕනි කියන එකට සන්නස්ගල ලගත් උත්තරයක් තිබුන් නැහැ. චිත්‍රාල් සෝමපාල කියන කෙනා තමයි අර නදී ගංගා තරණයේ කියන බියර් ඇඩ් එකේ සිංදුවකියන්නෙ. පොර ඒ සිංදුව කියන්නෙ බියර් ඇඩ් එකකට. මිනිහ ඇමරිකාවෙ යම් කිසි මට්ටමක ජාති ගායකයෙක්. ඔය බියර් සිංදුවයි. තව මිරිගුව පරදා කියන සිංදුවයි කොම්පැනි කාරයින්ට ඕන නිසා ගායනා කලා කියලා දීප්ති කුමාර කියල කවුදෝ කෙනෙක් බැනල තිබුනා. එයා අවසානෙ කියනවා ඉස්සර අමරෙද්වල සිංදු කිව්වෙ කලාවක් වෙනුවෙන්යෙ. දැන් අපේ චිත්‍රාල් සිංදු කියන්නෙ මාකට් එක වෙනුවෙන්ය කියලා.

ඒ දවස්වල අමරදේවලට සිංදු විකුනන්න කැසට් හෝ ගුවන්විදුලිය හෝ..ශෝ හරි වෙන මොකක් හරි මාර්ගයක් තිබුන නිසා ඔහෙ සර්පිනාව ගහල සිංදුවක්කලා. නමුත් සර්පිනාවෙනුයි තබ්ලාවෙනුයි තව හතර පස්දෙනෙක් ගොඩේ සෙට් එකකිනුයුි පුලුවන්ද රොක් ස්ටයිල් සිංදුවක්ගහන්න.? බැහැ නෙව. ඒවට සල්ලි ඕන. අනික්පැත්තෙන් අද සිංදුවක් ලංකාව ඇතුලෙ රිගින් ටෝන් නැතුව විකුනන්න පුලුවන්ද? බැහැ නේ. ඉතිං චිත්‍රාල්ව මිලට ගන්න බියර් කොම්පැනියයි සියැට් කාරයයි හිටියෙ නැත්තං අපිට රොක් කියන්නෙ අපි නොදන්න සිංහලෙන් ඒ ජාතියෙ සිංදු නැති දෙයක්. 

වාමවාදී පොරවල් සහ කොළඹ ඉඳන් ගම දකින්න පොත් කියවන අය සෙට් එක එකතු වෙලා සර්පයාව තමුන්ගේ තුඹස ඇතුලට දාගන්න පුල් ට්‍රයි එකක් දෙනවා. සර්පයා සෝර්බා කියන කතාවෙ අරයා වගේය. පන්ති අරගලයේ මොකද්ද එක සර්පයාගේපොත් ඇතුලෙ තියනවාය, ලිංගිකමය ක්ෂානරයක් පොත් අස්සෙ තියනවාය කියලා සර්පයාගේ ඒ සුට්ටි කෙටිකතා පොතට දිරවන්නෙත් නැති තරං ගල් ගොඩවල් ගහල සර්පයා අර තමුන්ගේ තුඹස ඇතුලට දක්කන්න සෙට් එකක් පොරකනවා. 

නමුත් මම හිතන විදියට සර්පයකු හා සටන් වැද කියනකෙටිකතාවෙ ඉන්නෙ නයෙක් පොළගෙක් නෙමෙයිය ඒ තියෙන්නෙ තාත්ත කෙනෙක්ගේ බිජ්ජක්ය කියල අවබෝධ කරග්නන මහා පරතෙරට ගිහිපු දැනුමක් ඕනනැහැ. අර කෙල්ල බෙල්ල තියන්න කලිං කොල්ලෙක් ඇවිත් " විවෘත නොකරම ආපසු අපායට එන ලදී" කියල මාක් වෙන්න තිබුන පෙට්ටිය කඩපු එක නොතේරෙන සිංහල කියවන්න පුලුවන් ඩයල් එකක් ඉඳිවි කියල මම හිතන්නෙ නැහැ. ඔය හොර වාමාංසික රැවුල්කාර බුද්ධිමත් නලේ හිතනවාට වඩා සාමාන්‍ය ජනයා බුද්ධිමත්.

උන්ගේ බාසාවෙන් කිව්වොත් ගැමියො උඹලා හිතන තරං ගැමි නැහැ. මේ යුගේ වැඩිපුරම අලෙවි වෙන පොත් තමයි බණ පොත්. ඊලගට අර පිටකොටුවෙ පිංතුර පොත්. හයම රුපිය්ල සීයයි. හරි ලාබයි. බණ පොත් විකුනන්න විවිධ ක්‍රම යොදාගන්නවා. සාදුල බන කියනවා පස්සෙ කියනවා මම පොතකුත් ගහල තියෙනවා කියලා. එතකොට පොතයනවා. පිංතුර පොත් විකුනන්න පිංතුර පොත් කාරයො මාර ටෝකක් දීල අන්දල විකුනනවා. ඊට අමතරවමේ දවස්වල අර පිටරට පිංතුර පොත් වගයක් ස්ටොරි බුක් විදියට විකුනනවා ගෙවල්වලට ගිහින් බඩුවිකුනන ඩිලිවරි සේල්ස් නංගිල මල්ලිලා.

කේකේ සමන් කුමාරත් හරියට පෙනුමෙන් බොරැල්ලෙ ඉන්න හිඟන්නෙක් වගේ. පොටෝ කාරයො හෙන අමාරුවෙන් පොරගෙ දාර්ශනික පෙනුමක් අල්ලගන්න උත්සාහ කරනවා දැක්කා. ඔය විකුනන්න බැහැ කියන පොත් ඒ විදියට බස්වල විකුනන්න බැරිද? අන්තිම බාල කඩදාසියෙන් ගහල රුපියල් පනහට විතර කැම්පස් වල ඉන්න උන්ට විකුනගන්න බැරිද? ඉරිද පොලේ නයා පෙන්නල තෙල විකුනන්න පුලුවන් වගේ කතා පොත් බලන්න අලුත් මිනිස්සු ටිකක් එකතුකරගන්න බැරිද? යෞවන ශමීන්දර, සුජීව කියවන උන්ට සමන් වගේ සරල පොරකගේ පොත් යවන්න විදියක් ඇත්තෙම නැද්ද? 


මොකක් හරිපොත් වැඩක්, කවි වැඩක්, පරණ විප්ලව කාරයෙක්ගේ වැඩක්, නිකං පෙන්නන සිනමා උලෙලක්, කෙටි නාට්ටි උලෙලක්, චිත්‍ර පදර්ශනයක් වගේ ඔය හැම එකටම ඔලුව දාන උන් ටිකක් කොළඹ ඉන්නවා. උන් හිතාෙගන ඉන්නවා අනික් පොරවල් වලට වැඩිය එයාල යමක් කමක් දන්නවා කියලා. උන් මොනවා හරි හේතු ටිකකට ඔහේ යන්නං වාලෙ එනවා. සමාර රැවුල් කාරයෙක් උගේ ගෑනිත් අන්දලා එක්කරං එනවා මචං බලපං මං ගහන්නෙ මේ ජාතියෙ බඩුවක් මේ දවස්වල කියලා පෙන්වන්න. ඔය සෙට් එක වැඩිම වුනොත් පන්සීයක් ඇති. ඔය පන්සීයම දැන් සර්පයා දන්නවා. සර්පයා දියුනු කරන්න නම් ඔය අනික් උන්ට පිස්සො කියන ඒ පිස්සො ටිකෙන් එලියට සමන් කුමාරගේ සර්පයා යන්න ඕන. එහෙම නැත්තං මේ මම වගේ සයිබර් කාක්කො ටිකක් සහ අර ඉහත කිව්ව කුමක් හෝ රෝගයක් නිසා ඉවන්ට් ෆලෝ කරන උන් අතර විතරක් සර්පයා එහෙට මෙහෙට වෙවී ඉඳීවි. 

18 comments:

  1. පහුගිය දවස් දෙක තුනකම සර්පයා අරහෙමයි සර්පයා මෙහෙමයි කියලා දැක්කට කවුද මේ සර්පයා කියලා අවබෝධයක් තිබුනේ නෑ....
    ඒක දැන ගත්තේ මේකෙන් නිසා මුලින්ම ස්තූතියි..

    ලංකාවට තියෙනවා හරි අමුතු අධි මානයක් සහ හීන මානයක් එකතු වෙච්ච දෙයක්.....
    ඒ මානසිකත්වයත් එක්ක කලාව විකුණනවා කියන්නේ මහා අපරාධයක්.
    චිත්‍රාල්ට ලියපු ලිපිය දැකපු ගමන් මට මතක් වුනේ මම දැකපු කමෙන්ට් එකක්...

    යුද්ධේ මාකට් වෙන කාලේ තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් සිංදුව ලියපු කියපු ඩබලම තමා සාමය මාකට් වෙන කාලේ නිලම්ඹරේ සුදු පරවි රෑන් සිංදුව ලියලා ගායනා කලෙත්..

    එතකොට හැමතැනම මේ වෙන මාකට් කිරිල්ලට සම්භාව්‍ය ලේබලය වදින්නේ ප්‍රවීණත්වයත් එක්කනේ. ප්‍රවීණත්වය කීවේ මේ අත්දැකීම් බහුල කම නෙවෙයි. පුලුවන් තරම් නාකි වීම වගේ සීන් එකක් මට පේන්නේ. මාර්ටින් වික්‍රමසිංහ මැරිලත් මාකට් වෙන්නත්, කේකේ සමන් කුමාර බලෙන් මාකට් කරවන්නත් වෙන්නේ අන්න ඒ ප්‍රවීණත්වය තාම ලැබිලා නැති නිසා...

    ReplyDelete
  2. -අවුරුදු 16ට අඩු ලමයි බලන්න එපා-

    කියන තැනට සර්පයාගේ පොත නොබැළු අය කියලත් දාපං බං අමිල මල්ලියේ. තේරුමක් නැහැ නැත්තං.

    ReplyDelete
  3. අමිල මෙතන සීන් එක මේකනේ මචන්. එක සෙට් එකක් ඉන්නවා වෙන්ඩ සම්භාව්‍ය පොරවල්. අන්න උන් ගැන නම් උඹ කියන කතාව ගැලපෙනවා. හැබැයි තවත් සෙට් එකක් ඉන්නවා උන්ට මොකක් හරි දෙයක් තේරෙන්නෙ නැත්තම්, ඒකෙ ඇරියස් එකට මේ වගේ පෝස්ට් එකක් ලියනවා. උඹ උන්ගෙන් එකෙක්. මචන් සර්පයා ලියපු දේ උඹට තේරුනේ නැතිනම් ඒක වෙනම කාරණාවක්. හැබැ‍යි තේරෙන්නෙ නෑ කියන්නේ ඒක තේරුමක් නෑ කියන එක නෙවෙයිනේ. ඔන්න මට තේරෙන්නෙ නැති දෙයක් තමා ජාවා හරි ඔය වගේ පරිගණක භාෂාවක්. එතකොට ඒක උඩ දාන එවුන් නිකම් පොර ටෝක් දෙන එවුන්, ජාවා කියන්නේ ලොවෙත් තේරුමක් නැති දෙයක් වෙනවද? මම මේ දවස් ටිකේ ෆේස්බුක් දැක්ක සර්පයාව සහ පොත එළිදැක්වීමට ගිය එවුන් පට්ට ගහපු එවුන්ගේ මහා පොදු සාධකය තමයි උන් එකෙක්ටවත් ඒකෙ තියෙන මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ කියන එක. අනික මේක නැවත මුද්‍රණයක් එළිදැක්වීමක්. මේ ලියන මම පොතක් ගත්තා තවත් කෙනෙක්ට තෑගි දෙන්න ඕන නිසා. නැත්නම් මම පොත ගන්නෙත් නෑ. මොකද මම සර්පයෙකු හා සටන් වැද ගත්තේ මීට දශකයකට දෙකකට කලින් නිසා.

    ReplyDelete
    Replies
    1. කතාව මට තේරීමත් එක්ක මිශ්‍රවෙලා මට සර්පයා ගැන පූජනීය ගතියක් හිතට එන්නෙ නැහැ.. කතාවක් හොද නම්ඒ වගේ දෙයක් වෙන්න ඕනි කියන පිලිගැන්මේ සමාරු ඉන්නවා.. ඕ කෙටිකතා සංග්‍රහයෙ එන සමාර චරිත මට මූණට හමුවෙන්න තරම් සමීප වෙල තියෙනවා.. මට ඔය පොත කියවන්න පැය බාගයක් ගියේනැහැ.. මට හරිමසරල දෙයක්.. මම දිගටම කියන්නෙ පොතට වඳින් නැතුව පොත සාමාන්‍ය එකක් කියල හිතල බැලුවනම් හරිම ලේසියෙන් වැටහෙන සංසිද්දි ටිකක් තියෙන්නෙ....

      අජිත් තිලකසේනගේ කතා මට තේරෙන් නැහැ.. එතනදි මම දන්නවා අජිත්ගේ ස්ටයිල් එක මට සෙට් නැහැ කියල..හැබැයි සර්පයාගේ මේ පොතේ කිසිම කතාවක මට අවුලක් පේන් නැහැ..

      Delete
    2. උඹ ඔය කියන කතාව හරි. අපි එක මිනිහෙක්ටවත් වඳින්න ඕන නෑ. හැබැයි අපිට සෙට් වෙන්නෙ නැති පලියට ඒ වගේ එකක් ගොබ්බ වෙන්නෙත් නෑ. සර්පයා කියන්නේ මිනිහෙක්. හැබැයි ගොඩක් 70 80 දශකවල මිනිස්සු සර්පයාට සලකන්නේ මිනිහගේ තියෙන දැනුම නිසා. අක්‍රමවත් ඒත් මේ පොඩි දූපතට සරිලන්නෙ නැති තරම් විසල් දැනුමක් සර්පයා ගාව තියෙනවා. සර්පයෙකු හා සටන් වැද කියන්නේ වෙනම තැනකින් අල්ලපු පොතක්, ඒත් ලොලිටා පරිවර්තනය ගූ හතයි.
      මට උඹේ පෝස්ට් එකේ අවුල තියෙන්නෙ සර්පයාගෙ දැනුමෙන් යමක් ගත්ත/ ගන්න, සර්පයාගෙ කතා ඇතුලේ තියෙන ටෙක්ස්ට් එක තේරෙනෙ එවුන් ගොඩටම වෙන්ඩ සම්භාව්‍ය එවුන් ටිකත් දාලා උන් ඔක්කොම හන්දියේ එල්ලලා මරන්න උඹ යෝජනා කරන එක විතරයි.

      Delete
    3. මටත් සර්පයා ගැන පූජනීය ගතියක් හිතට එන්නෙ නැහැ. මගේ ටේස්ට් එක නොවුනාට ඔහු ගොබ්බයෙක් නම් නෙමෙයි. ඒත් ලිංගිකත්වය ගැන ශැන්ඩි නැතුවන ලිව්ව එකම ලේඛකයා ඔහු පමණක්ම නොවේ. සයිමන් නවගත්තේගමත් ලිව්වා.

      මට තියෙන ප්‍රශ්ණෙ මේකයි. අපි වගේ හුදී ජනයා මේවා නෙතේරෙන්නෙ, අපි නිකම්ම නිකං හාල් කෑලි නිසාද? නැත්නම් ඔය බඩකඩිත්තුව තේරෙන විදිහට නොලියන නිසාද? සයිබර් සර්පයා සයිට් එකට ගියොත් තේරෙයි මං කියන දේ. සීමිත ප්‍රේක්ෂක සංඛයාවක් - සර්පයා සම්භාවය වුවත්, ඔහුට සාමාන්‍ය ජනයාට පනිවිඩය දෙන්න අසමත්වීම " මං ප්‍රේක්ෂකයො මත යැපෙන ලේඛකයෙක් නොවේ" වැනි වදන් වලින් වසා ගත හැකිද?

      අවිවාදයෙන්ම ඔහු සිටියයුතු ලේඛකයෙක්. ඒත් ඔහුත්, උඩ " මට තේරුනා, බොලාට තේරුනේ නෑ" ඇනොත්, වෙන්ට සම්භාව්‍ය " අපි ලියන එව්වා සම්භාව්‍ය, උඹල පීචන්" කියන ‍රැවුල්කාර නඩයත් ඉන්නෙ රාමුවක් ඇතුලෙ බව නං නොකියා බැහැ.

      Delete
    4. ////සයිමන් නවගත්තේගමත් ලිව්වා. //

      අසූ ගණන් වල සිරිමල් විජේසිංහත් ලිව්වා වගේ මතකයි ඇනෝ.

      Delete
    5. ඇයි බන්, දැන් මට තේරුනු දේ උඹට නොතේරෙන නිසා මම කියන්ඩ ඕනෙද මටත් තේරෙන්නෙ නෑ කියලා. සර්පයා කියන්නේ මාරම සම්භාව්‍ය ලේඛකයා නෙවෙයි. උදාහරණයක් විදියට නැවතත්, ලොලිටා පරිවර්තනය පට්ට පජාතයි. ඒත් මචන් සර්පයා කියන මිනිහා අපි ඉන්න තැනට බැහැලා ලියන්න ඕන කියල මම හිතන්නෙ නෑ. අපිට ඕනනම් අපි ඌ ඉන්න තැනට නගින්න ඕන. ඒක නෙවෙයිද වෙන්න ඕන. මම ඉන්නේ රාමුවක් ඇතුලේ කියල උඹ හිතනවනම්, හා ඉතින්. ඕක මම මොනව කිව්වත් උඹේ හිතෙන් වෙනස් වෙන්නෙ නෑනෙ. මට සර්පයෙකු හා සටන් වැද තේරුනා, අමිලට තේරුනේ නෑ. සමහරවිට වෙන දවසකදී අමිලට ඒකෙ වෙනස් ටෙක්ස්ට් එකක් පෙනෙයි. එච්චරයි.

      Delete
    6. ''මට සර්පයෙකු හා සටන් වැද තේරුනා, අමිලට තේරුනේ නෑ.'' :)

      Delete
    7. හරි මචං, උඹව රාමුවට දැම්ම එක මගේ වරද.

      මෙන්න ප්‍රශ්ණෙ:

      සර්පයා ඉන්නෙ එච්චර උඩ නං , මට නං මේ කපේදි එතනට යන්න වෙන්නෙ නෑ. මං විතරක් නෙමෙයි පාත්‍ර හුදී ජනයාත් ,අපි ඔක්කොම වලේම තමා. මං හිතන් හිටියෙ අපිව වලෙන් ගොඩගන්න එකේ වගකීමෙන් කොටසත් ඔය සම්භාව්‍ය ලේඛකයන්ටත් තියනවා කියලයි.

      Bitter Lips

      මට හම්බවුනා, අවුරුද්දක් ලියලා දැන් අත්හැරදාපු බ්ලොග් එකක්. ලියල තියෙන්නෙ කෙල්ලෙක්. කියල නැති වුනාට හිතෙන්නෙ එයාගෙ දිනපොත කියලයි. එච්චරම අමුවෙන් නූනාට , ලිංගිකත්වය, මල් පූජා කිරිලි එහෙම අඩු නැතිව තියනවා. මහප්ප්‍රාණ නෑ. කියන දේ තේරෙනවා. එහෙමයි කියල එයාගෙ ජීවන විලාසිතාව හරියි, සම්භාව්‍යයි , අපිටත් එහෙම කරපල්ලා කියන්නෙත් නෑ. ඔහේ හිතේ තියන බර වාරණයක් නැතුවම එලියට දාලා. මේක බලල මං දවසම , කරකෝල අත්හැරියවගේ හිටියෙ. මං කියන්නෙ, මට නොතේරෙන්නෙ වලේ ඉන්න අපෙයි, ඔය කියන උඩින් ඉන්නව කියන අයගෙයි වෙනස විතරයි

      Delete
  4. බූන්දියෙන් ඕගනයිස් කරපු පොත් එළිදැක්වීමේ උත්සවයක් බලන්න මං ගියා 2010 දී විතර. එතන ප්‍රධාන කතාව කෙරුවේ සමන් කුමාර. පොර කතා කළා පැයයි විනාඩි විස්සක් විතර.

    උත්සවේ බලන්න ඇවිලාලා හිටිය ලේඛකයා ගේ වැඩිහිටි නෑදෑයෝ හරිම අමාරුවෙන් එතැන සිටි බවයි මට පෙනුනේ!

    දැන් ඔය සර්පයා ඊට පස්සේ වෙනත් කතා ලියලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියෙනවාලු ඒවත් ටිකෙන් ටික අච්චු ගහන්න ඕනි කියලා සන්නස්ගල උන්නැහැ කිව්වා.. ඔය කකා කියන කතාව මටත් දැනෙනවා. හෙන සරලව කියන්න පුලුවන් දේවල් මහ පිරිත වගේ ඇදගෙන කියෝනවා.. ඕක ඇවිල්ල අපේ අයගේ ජානගතවම එන මයික් වලට තියෙන ලැදියාව.. මයික් එක දැක්කම අර වැල ෆිල්ම් එකක නිලියකට අසුවල් එක අහුවුනා වගේ හුලං රස්සාව කරන්ටමයි සිත... නිවේදනයට ආපු මොහාන් මඩවලයත් විනාඩි දහයක් විතර මයික් එක අත අරින් නැතුව වැල් බයිල වගයක් කිව්වා..

      Delete
    2. මෙලෝ හසරක් නොතේරෙන්න දේශන පැවත්වීම එක්තරා යුගයක පඬි සලකුණක් කර ගෙන තිබුනා. අහන්න ගිය එවුන්ගෙන් ඇහුවාම කොහොමද දේශණය කියලා ...නියමයිලු. මොනවාද කිව්වේ ඇහුවාම...උඹලාට ඕවා තේරෙන්නේ නැතිලු. අපිට තියා දේශණයට ගිය එවුන්ටත් තේරිලා නැහැ පස්සේ බැලුවාම.

      Delete
  5. පට්ටයි..!

    ReplyDelete
  6. Whoever this so-called blogger is, this is a terrible MATTEK! seemingly leading a miserable life

    ReplyDelete
  7. කාලෙකින් කියවන්න ලැබුණු අවංකව ලියල හොඳ නරක දෙකම ඇතුලත් කරලා තියෙන විචාරයක්. පොත් පිළිබඳව අපි දැකල තියෙන බොහෝ විචාර අන්තවාදී අදහස් වලින් පිරිච්ච ඒවා. ඒවා කියවන කොටම අපිට දැනෙනවා ලියල තියෙන්නේ සල්ලිවලට කියල.

    ReplyDelete
  8. ආපෝ චිත්‍රාල්ට කියපුවා කතාකරලා වැඩක් නෑ. කොහොමත් පල ඇති රුකටලුනේ ගල් ගහන්නේ. සුපිරි පොස්ට් එක

    ReplyDelete