Saturday, June 14, 2014

එල පොකට් කැම් එකක් Excellent Pocket camera

මම අද විස්තර කරන්න යන්නෙ මේ කැමරාව ගැන. මේකෙ මොඩල් එක SX280HS කියන ජාතිය. කැනන් canon තමයි හදන්නෙ. මේ කැමර් එක මේ ජාතියෙ අනික් කැමරා එක්ක සංසන්දනය කරාම වඩාත් වාසිදායකයි. අපි දැන් එකින්  එක අරගෙන බලමු මොකද්ද මේ කැමරාවෙ තිබෙන විශේෂත්වය කියලා. මේ කැමරා සාමාන්‍යයෙන් දැක්වෙන්නෙ පොයින්ට් ඇන් ෂූට් කියන වර්ගයට. පොයින්ට් ඇන් ෂූට් (Point and Shoot)  කියන එකේ සිංහලෙ තේරුම දැක්ක තැන ගැහුවා වගේ එකක්.

කැමරාවක වැදගත්ම කොටසක් විදියට ඉමේජ් ප්‍රොසෙසර් එක හඳුන්වන්න පුලුවනි. කැමරාව තුලට වැටෙන ආලෝකය අපිට පේන ආකාරයට තලයක් මතට ගන්න පුලුවන් වෙන්නෙ ඉමේජ් ප්‍රොසෙසරය නිසා. ඩිජිටල් කැමරාවලට ආවම තමයි ඉමේජ් ප්‍රොසෙසර් කියන කෑල්ලක් එකතු වෙලා තිබෙන්නෙ. ඊට කලිං තිබුනෙ ආලෝකය කෙලින්ම පටලයක් මත ප්‍රක්ශේපනය කිරීම. ඩිජිටල් කැමරාව තුලදී ආලෝක සංඥා කැමරාව තුලදි අංකිත නොහොත් ඩිජිටල් දත්ත බවට පත් කරනවා. මේ කැමරාවෙ කැනන් අයගේ අලුත්ම ඉමේජ් ප්‍රොසසර්(canon digic 6 image processor) එක අඩංගු වෙනවා. 

කැමරාව සතු මෙගාපික්සල් ගනන කියන්නෙ එතරම් වැදගත් දෙයක් නෙමෙයි. මනුස්ස ඇහැට මෙගාපික්සල් 5ක පොටෝවකුයි මෙගාපික්සල් 10ක පොටෝවකුය් එකවර වෙන්කර අදුනාගන්න බැහැ. මේ කැමරාව මෙගාපික්සල් 12ක(12.1 megapixels)  අගයකින් යුක්ත වෙනවා.මේ කැමරාව 20ගුණයක(20x optical zoom) විශාලන හැකියාවකින් යුක්තයි. මේ විසිගුනය ඇවිල්ලා පිංතූරයේ ප්‍රමාණය අඩු නොවී ගන්න පුලුවන් ඔප්ටිකල් සූමින් කියන ජාතියෙ විශාලනයක්. 

තවත් මේ කැමරාවෙ හොඳ ගැනකියනවා නම් ඔටෝ ෆෝකස් (autofocus with excellent image stabilization ) හැකියාව තිබෙනවා. ඒක ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්නත් කැමරාව සමත් වෙනවා. ස්ටැබිලයිසේශන් කියලා දැක්වෙන්නෙ වස්තුව හෝ කැමරාව තියං ඉන්න අපි ගැස්සෙන වටපිටාවකදි කැමරාව විසින් නියමාකාරයෙන් පිංතූරයක් ලබාගැනීම. ඒ වගේ ගැස්සෙන අවස්ථාවන් වලදිත් හොදට වැඩ කියලා තමයි විස්තර වල තියෙන්නෙ.
සාපේක්සව ගත්තාම අනික් පෙොකට් කැමරා වලට වඩා මේ කාන්ඩයේ කැමරාවල පිංතූර වල තත්වය බොහොම ඉහලයි. පිංතුර වල තත්වය මෙතන ඔබලා බලන්න.  

මේ කැමරාව ඩොලර් වලින්200ක පමණ මිලක් වෙනවා. ඩොලර් දෙසීයක් රුපියල් වලින් ගතහොත් රුපියල් 30,000/=කට කිට්ටු අගයක් ගන්නවා. රුපියල් තිස්දාහක් දීල පොකට් කැමක් ගන්නවා (Pocket camera)  කිවම කස්ටියට හිනා යයි. නමුත් මේ කැමරාව තත්වය අතින් ඉහල ඒ වගේම විශාල පරාසයක පොටෝ අවශ්‍යතාව වලට ගන්න පුලුවන් එකක්. 

මේ සූමින් කියනඑක වැඩිපුර තියෙන කොට අපිට ඈත ඉදන් පොටෝ ගන්න ලේසියි. මිනිසුන් හෝ සතුන්ගේ පොටෝ ගහනකොට අපි මිනිසුන්ට හෝ සතුන්ට ගොඩක් ලංවෙල පොටෝ ගහනකොට එයාල ඉන්නෙ සාමාන්‍ය විදියට නෙමෙයි.ඒක වෙනස් වෙනවා. උදාහරණ විදියට අපිට අවශ්‍ය නම් සීයා බුලත් කොටන ආකාරය ඡායාරුපයට ගන්න සීයයි වංගෙඩිය යටින් කැමරාව ඇල්ලුවොත් සීය කොටන විදිය වෙනස් වෙනවා. එයා පොඩ්ඩක් බය ගතියක් පෙන්වනවා. ඊට වඩා හරි ලේසියි ඈතින් ඉදලා සියටත් නොතේරෙන්න පොටෝව ගන්න පුලුවන් නම්.. 

වල් සත්තු පොටෝ ගන්න (wildlife photography)  කොටත් ඒ වගේ. වල් සතාගේ වල් ගතිගුණ පේන්න නම් ඈතින් ඉන්න ඕනි. නැත්තං සතා පොටෝ කෙසේ වෙතත් අපි ලංවෙන්නත් කලිං ඈතට ගිහින් තියේවි. 

මේ කැමරාව පසුගිය වර්ශයේ වගේම, මේ වර්ශයේ මුල කාලෙ ඩිජිටල් කැමරා රේටින් වල මුල් තැනට ආපු කැමරාවක්. වියදම් වෙන ඩොලර් ගානට සාපේක්ෂව මේ කැමරාව ගොඩක් වටිනවා කියල තමයි අන්තර්ජාලයේ බොහෝ තැන්වල සඳහන් වුනේ.  සමස්ථයක් විදියට ගත්තාම කැමරාවක අපි සලකා බලන බොහෝ අංශ මේ කුඩා කැමරාවෙන් සපුරාගන්න හැකියාව තිබෙනවා. මැනුවල්ඒ කියන්නෙ අපිට අවශය විදියට කැමරාව සකසා ගන්නත් සුලු අවකාශයක් කැමරාව මගින් සපයා දී තිබෙනවා. 

ලංකාවෙ තත්වයෙන් බැලුවොත් මීට වඩා සූමින් තියෙන සහ මීට ප්‍රමාණයෙන් ලොකු කැමරාවක් රුපියල් 40,000කට මිලදී ගන්න හැකියාවක් තිබෙනවා. ඒවා කොම්පැක්ට් කැමරා විදියට හඳුන්වන්න පුලුවනි. සමහර ඒවා 42ක්(42x)  විතර විශාලන අගයකින් යුක්ත වෙනවා. නමුත් වැඩේ තියෙන්නෙ ඒ කැමරා සාක්කුවෙ දාගෙන යන්න බැරි එක. අපිට අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට කැමර් එක ගෙනියන එක අමතර වදයක්. මේ කැනන් කැමරාව නම් ඇත්තටම සාක්කුවෙ හරි හෑන්බෑග් එකේ හරි අරං යන්න පුලුවන් තරම් සුට්ටි එකක්. 

හහ් හහ් හා..ඕ camer මොකටද දැන් පෝන්(smart phone) තියෙනවා කියලා පිරිසකට හිතෙන්න පුලුවන්. නමුත් මේ කැමරාවෙ තිබෙන විශාල පරාසයක හැසිරවිමේ හැකියාවන්, සිංහලෙන් කිව්වොත් ඔප්ෂන්ස් ෆෝන් වල නැහැ. තිබුනත් ඒ ජාතියෙ ෆෝන් එකක් බොහොම මිල අධිකයි. කොහොමටත් මේ වගේ කැම් එකක පොටෝ අයි පෝන් කොලටි එකට වඩා හොඳයි කියලා තමයි මගේ නම් පුද්ගලික අදහස වෙන්නෙ. 

දැන් එන බොහෝ පොකට් කැමරා වයිෆයි තාක්ෂනයෙන් සහ ජී පී එස් ජියෝටැග් පහසුකමින් යුක්තයි. මේ කැමරාවෙත් ඒ දෙකම තිබෙනවා. නමුත් තාක්ෂණිකව ඒ භාවිතාවන් අනික් කැමරා තරම්  සුමට නැහැ කියලා තමයි විස්තර වල තිබුනෙ. අපි ලංකාවෙ මට්ටමින් කල්පනා කලොත් අපිට මේ දෙකම ඒතරම්ම වැදගත් වේවි කියාල හිතන්න බැහැ.

මේ ඔක්කොම හරිගියත් මේ කැමරාවෙ එක ලොකු පරහක් තියෙනවා. ලාබ බඩුවෙ හිලක් තියෙනවා වුනත් අපි හිල ගැන දන්නවා නම් අපිට හිල තිබුනත් හිල වහගෙන බඩුව පාවිච්චි කරන්න පුලුවන් නේ. මේ කැමරාවෙ බැටරි බලය සීමිතයි. බැටරි ඉක්මන්ටම බහිනවා. මම දැනට භාවිත කරන සෝනි පොකට් කැමරාවෙ ( sony cybershot W690)  බැටරි බලය ඉතාම ඉහලයි. පොටෝ 270 සෙට් දෙකක් ගන්න පුලුවන් එක පාරක් චාජ් කලාම.  මේ කැනන් එකට සමාන මට්ටමේ සෝනි කැමරා මේ වගේ දෙගුණයක් වගේ මිල වෙනවා.  මේ කැනන් කැමරාව ගන්නවා නම් තව අමතර් බැටරියක් දෙකක් ගන්න එක වඩාත් හොදයි කියලා තමයි කැමරාව ගැන තියෙන බොහෝ රිවිව්ස් වල දැක්වෙන්නෙ. 


අවාසනාවකට වගේ මේ කැමරා ලංකාවෙ සුලභ නැහැ. ඒත් ඒජන්ත මහත්මයන් ලව්වා කැමරාව ගෙන්නගන්න නම් පුලුවන් ඇති. එහෙම ගෙන්නුවත් රුපියල් 40,000ක් වගේ අගයක් යාවි.  දැන් තියෙනවා කප්රුක කට්ටියගේ අලුත් සර්විස් එකක් අපිට ඇමසන් සහ ඊ බේ වලින් බඩු ලංකාවට ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක්. මම ඒ ක්‍රමයට කප්රුක අයගෙන් අහලා බැලුවා කැම් එක කීයක් වෙයිද කියලා. කැම් එක ඇමසන් අයගෙන් කෙලින්ම අලුත්ම අලුත් එක අරගෙන මෙහෙට තැපැල් ගාස්තු මුද්දර ගාස්තු ඔක්කොමත් එක්ක රුපියල් 28,000කට ගෙන්වාගන්න හැකියාව තිබෙනවා කියලා ඒ අය මට ඊ මේලකින් දැනුම් දුන්නා. (මීඨ සති දෙකකට පෙර)

හැබැයි ඉතිං එහෙම ගෙන්නුවම ලංකාවෙන් ගත්තා වගේ නෙමෙයි ඉක්මන් වොරන්ටි නැහැ. මගේ පුද්ගලික මතය නම් මට කැමරාවක් අවශ්‍ය වෙලා තිබුන නම් ලංකාවෙන් රුපියල් 40,000කට අධික මිලකට ලංකාවෙ ඒජන්තවරුන්ගෙන් මිලදී ගන්නෙ නැතුව වොරන්ටි රහිතව ඇමසන් ලගෙන් අරගෙන කප්රුක හරහා ගෙන්නගන්න එක වාසියි. මෙතනදි ගැටලුව ඇමසන් වලින් ගද්දි වොරන්ටි දෙන්නෙ නැති එක නෙමෙයි ක්ලේම් කරන්න තියෙන අමාරුව. ඒකට ආයෙත් යවන්න වෙනවා නේ අමරිකාවට.. සමාරවිට ආයෙත් ඒ විදියට යවන සේවාවත් කප්රුක අය කරනවාද දන් නැහැ. එයාලගෙන් අහලම තමයි බලන්න ඕනි. 

මේ ඇමසන් අයගේ කැමර් එක ගැන තියෙන තැන.
මේ කප්රුක අයගෙන් මිල දැනගන්න හැටි. 
 කැමරාව මම සති දෙකකට පෙර බැලුව මිලට වඩා දැන් ඩොලර් 40ක් විතර මිල වැඩිවෙලා තියෙනවා. මම බැලුව වෙලාවෙ කැමරාව ඇමසන් එකේ ඩොලර් 180ක් විතර වගේ තමයි වුනේ. මේ තියෙන්නෙ මම ගෙන්නගත්ත කොටේෂන් එක.. 


Item Code/Name Qty Item Price Duty/Taxes Shipping Kapruka Fee Total
Canon PowerShot SX280 12MP Digital Came.. (Shipping Weight: 01 lbs)
$ 179.00 $ 16.44 $ 4.76 $ 8.95 $ 209.15
Total:  
$ 209.15
( Rs. 27,848 )

ප.ලි.ල (පසුව ලියන ලදී) :- මේ කැනන් පොකට් කැමරාවේ SX270HS මැති මොඩලයක් ඇති අතර එහි වයිෆයි සහ ජී පී ඇස් පහසුකම නැත. එම කැමරාව ඩුබායි හි ෂරෆ් ඩීජී නැමැති සාප්පුවේ ඩිනාර් 885 (රු 31380.14) කට තිබේ. ඩුබයි වලින් පහසුවෙන් බඩු ගත හැකි මාර්ගයක් ඇත්නම් එයද වාසි මාවතක් වෙනු ඇත.

20 comments:

  1. මොනාද බං මේ කියන කතා. වල් සත්තු කියන්ඩෙපා කැලෑ සත්තු කියහං

    ReplyDelete
    Replies
    1. මට ටනං වැටහෙන සීමාව අනුව වයිල්ඩ් කියන වචනය වඩාත් ගැලපෙන්නෙ වල් කියන තේරුමට.. .

      Delete
  2. මේ පැත්තට අද තමා ගොඩ වුණේ..
    ඔතෙන්ට තව 20000 ක් විතර දැම්මනං නිකොන් ඩී3100 DSLR එකක් ගතහැකි..
    ඒත් ඉතිං සූම් අගය විශාල හින්දත් ගෙනියන්න පහසු හින්දත් මේක වටිනවා.. කිව්ව වගේ සීය බය වුනොත් එහෙම.. :D

    ReplyDelete
    Replies
    1. මේ වගේ සූම් එකක් ගන්න ඔය නිකොන් එකට තව ලෙන්ස් එකකුත් ගන්න ඕනි. අනික ඕක අරං යන එක තමයි අනික් රාජකාරිය. අපේ රටේ පොදු ප්‍රවාහන මාධ්‍ය වල අපි යන්නෙත් ගෑනු අයගෙන් අතවර විඳගෙන හෙන අමාරුවෙන්..ලොකු කැමරාවකුත් එල්ලං නිතර එහෙ මෙහෙ යන්න ගියොත් බඩුම තමයි.

      Delete
  3. Point and Shoot = ක්ෂණිකව එල්ලකර ඡායාරූප ගැනීම කියලා කියන්නත් පුළුවන්. මේක හොඳ කැමරාවක් වගේ. මමත් කැමරාවක් හොයමින් ඉන්නේ. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කැමරාවක් ගෙන්න ගන්නවා නම් ඒ එක්කම වගේ අමතර බැටරියක් කවරයක් මෙමරි කාඩ් එකකුත් ගෙන්න ගන්න එක වාසියි. මොකද ඒ සියල්ලම එකම තත්වයකින් මිලදී ගන්න හැකියාවක් එතකොට ලැබෙනවා. මා පිටරටින් මිලදී ගත් සෝනි පොකට් කැමරාව සමග නම් මෙමරි කාඩ් එක සහ කවරය නොමිලේම ලැබිල තිබුනා.

      Delete
  4. කකුල් හතරේ වල් සතුන් ගේ photo ගන්න නම් මේ කැමරාව හොඳ මදි.

    Point and shoot = auto focus නේ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වනසත්ව සේයාරු ගැනීමේ ජනප්‍රිය මහතුන් දෙදෙනකු වන කේජී කීර්තිරත්න සහ රන්ජිත් ද සිල්වා යන මහත්වරුන්ගේ දේශන හා ඉදිරිපත් කිරීම් කිහිපයකට මට ඉදිරිපත් වන්න හැකියාවක් පසුගිය දිනවල ලැබුනා. ඒකෙදි එයාල කිව්ව විදියට නම් සමහර අවස්ථාවල එයාල පොයින්ට් ඇන් ෂූට් කැමරාවලිනුත් වනසතුන් පොටා් ගහල තිබෙනවා. රන්ජිත් ද සිල්වා මහතා ගේ පිංතුර එකතුවේ තිබුනා පොයින්ට් ඇන් සූට් කැමරාවකින් ගහපු අලංකාර කොටි පැටියෙකුගේ සේයාරුවක්..
      මේකට එක හේතුවක් වන්නට ඇති ලංකාවෙ වනෝද්‍යාන සාපේක්ෂව කුඩාවීම සහ වනසතුන් මිනිස්සුන්ට හුරුවීම. මගේ කැමරාව 10x විශාලන බලයක් සහිතයි. සාමාන්‍යයෙන් ගෙදර ආවම වලිකුකුලෙක් ඈත සිටින තලගොයෙක් වගේ මීටර් සීයක එකසිය පනහක පරාසයේ වස්තුවක් ලේසියෙන් පිංතූරයට ගන්න හැකියාව ලැබෙනවා. නමුත් මගේ සෝනි කැමරාවෙ වර්ණ වෙන්කර හඳුනාගැන්ම මේ කැනන් කැමරාවෙ තරම්ම තියුනු නැහැ. ඒ නිසා පින්තූර වල පොඩි මදි ගතියක් තියෙනවා..

      පොයින්ට් ඇන් ෂූට් සහ ඔටෝෆෝකස් කියන්නෙ දෙකක්. විසාල කැමරා වලදි ඔටෝෆෝකස් කියන යෙදීම යෙදෙන්නෙ වෙනම අර්ථයකින්. ෆෝකස් වීම හෙවත් වස්තුවක් හඳුනාගෙන එහ කෙරෙහි නාභිගත වීම සම්බන්ධ සිද්ධාන්තය කැනන් සහ නිකොන් යන කැමරා වර්ග දෙකේ දෙවිදියක් කියලා මම පසුගිය දිනෙක අන්තර්ජාලය හරහා යනවිට දැක්කා. මට ඒ ගැන ගැඹුරු දැනුමක් නම් නැහැ.

      Delete
  5. ඇමසෝන් ඊබේ වලිං ගෙන්න ගන්න මොකටද මැදිහත් කරුවො ඔයාටම පුලුවංනෙව

    ReplyDelete
    Replies
    1. ඇමසන් බඩු ලංකාවට එවන්නේ නැත. ඊ බේ වලින් බඩු ගත හැකි මුත් දැනට ලංකා තැපැල් සේවයේ හෝ කවර ස්ථානයක හෝ ඇති වරදක් නිසා බඩු ප්‍රමාද වීම සිදු වේ. බඩු නැතිවිමේ අවධානමක්ද ලංකා තැපැල් හරහා එනවිට සිදුවෙන බව මා අසා ඇති අතර තැපැල් දෙපා එකේ තත්වය අනුව එසේ සිදුවුවද එය ලොකු ඉෂූ එකක් වන්නේ අපිට පමණකි.

      Delete
    2. ඇමසන් එකෙන් ලංකාවට බඩු එවන්නෙ නැත්තෙ ඇයි? මම ගෙන්න ගෙන තියනව තුන් හතර වතාවක් පොත් සහ CD. හැබැයි උන් ලංකාවෙ ඩිලිවර් කරන්නෙ FedEx හෝ DHL වලින් නිසා කුරියර් කාරයා උන්ගෙ කස්ටම් ක්ලියරන්ස් වලදි ලෝස් නැතුව ගහන්න පුලුවන් උපරිම ටැක්ස් එකම ගහනවා. ගහල අපිට බිල දෙනවා ඩිලිවර් කරහම.

      ඊ බේ එකෙන් අලුතක බඩු නැතිවෙලා ද දන්නෙ නෑ මම ලංකාවෙ ඉන්න කාලෙ ඔෆිස් එකේ උන්ගෙ විනෝදාංසෙ ඊබේ වලින් බඩු ගෙන්නන එක. ගොඩක් බඩු එන්නෙ සාමාන්‍ය තැපෑලෙ හින්දා ටැක්ස් කරයො එච්චර වොරී වෙන්නෙ නෑ. දවස් 15-25 කින් වගෙ එනවා. කස්ටම් උන්ට තේරුනොත් විතරක් වටින බඩුවක් කියලා තැපෑලෙ තියාගෙන ඇවිත් ගන්න කියලා ලියුමක් එනවා කලාතුරකින්.

      මේ අවුරුදු කීපෙකට කලින් තත්වෙ. දැන් කොහොමද දන්නෙ නෑ.

      Delete
    3. එහෙමද? මම දැනං හිටියෙ නැහැ ඒ වගක්. මම හිතවෙ සමාර ඊ බේ බඩු ලංකාවට එවන්නෙනැහැ වගේ ඇමසන්ලා බඩු එවන්නෙ නතුව ඇති කියලා..

      දැන් ඊබේ එන බඩු හරියට ප්‍රමාද වෙනවා. අපේ අයියා සහ මම බඩු හතරක් විතර ඕඩර් කලා..සති අටක් විතර යනවා එන්න. එතකොට අපි කම්පෙලෙන් කලාම ඒ අය සල්ලි ආයිත් එකවුන්ට් කරනවා. ඒත් ඒක වංචාවක් නේ..මෙන්න සති හතක් ගිහින් අපි රිපොට් කලාම අටවෙනි සතියෙ බඩුව ගෙදර..

      Delete
  6. හෑ... 20 X පොකට් සයිස් භාණ්ඩයක්. දෙවෙනි කැමරාව විදිහට වටි වගේ.

    ReplyDelete
  7. ෙතාරතුරට ස්තුතියි. බලමු තාව දන්න කීෙප ෙදනකුෙගන්ද අහලා.

    ReplyDelete
  8. ඇමසන් ජපන් සයිට් එකේ මිල යෙන්19997යි... රුපියල් නම් විසිපන්දාක් වාගේ
    Canon デジタルカメラ Power Shot SX280HS

    ReplyDelete
  9. // ස්ටැබිලයිසේශන් කියලා දැක්වෙන්නෙ වස්තුව හෝ කැමරාව තියං ඉන්න අපි ගැස්සෙන වටපිටාවකදි කැමරාව විසින් නියමාකාරයෙන් පිංතූරයක් ලබාගැනීම.//

    මලයෝ මේක නම් ටිකක් අවුල් සහගතයි. කැනොන් ල ගෙ ස්ටිල් කැමරා වල තියන Optical IS ක්‍රමේ වැඩකරන්නෙ කැමරාවෙ සෙලවීම සෙන්ස් කරලා. ඒකට අහු වෙන්නෙ කැමරාව හෙලවෙන ඒව විතරයි. වස්තුව හෙලවෙන දේවල් වලට IS වලින් කරන්න දෙයක් නැහැ.

    කැනොන් ල ගෙ IS modes ගැන මෙතන තියනවා.

    කැනොන් අලුත් කැමරා වල low-light ෆොටෝ කොලිටි සාමාන්‍යයෙන් හොඳ නිසා IS නැති වුනත් ෂටර් ස්පීඩ් එක සහ ISO අගය වැඩි කරල වස්තුව සෙලවෙන වෙලාවකත් හොඳ පින්තූරයක් ගන්න තියන චාන්ස් එක නම් සාමාන්‍යයෙන් හොඳයි.

    ReplyDelete
  10. //කැමරාව සතු මෙගාපික්සල් ගනන කියන්නෙ එතරම් වැදගත් දෙයක් නෙමෙයි// ඉමේජ් එක එන්ලාජ් කරද්දි (ඇඩ්වර්ටිස්මන්ට් එකකට එහෙම) මෙගා පික්සල් ගණන වැදගත් වෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඕ අවශ්‍යතාවය නිකං ඉතාම කලාතුරකින් වෙන දෙයක් නේ.. ඒ වගේ විශේෂයෙන් අවශ්‍ය වෙන වෙලාවක වෙනමම කැමරාවකින් හරි වෙන ක්‍රමේකට හරි පිංතූරු ගන්න පුලුවන් නේ..

      Delete
  11. මචෝ කප්රුක සර්විස් චාටර් නේද???

    මමත් කප්රුක හරහා ඇමේසන් වලින් SSD එකක් ගන්න හිතං හිටියෙ ඒත් කප්රුක සර්විස් වලට තියෙන රිවීව් නං අන්තිමයි..... ගොඩක් අයගෙ අයිටම් මාස දෙක තුන පරක්කු කරලා.... රිෆන්ඩ් එකත් සතියක් විතර ඇදල තමයි දීල තියෙන්නෙ....අනික කස්ටම් කෙයා එකත් අන්තිමයි වගේ.... අයිටම් එක පරක්කු වෙනකොට කෝල් කරල අහනකොට උන් වෙන වෙන බයිල ගහන කතා නැත්තං ෆෝන් එක අරගෙන පැත්තකින් තියන වගේ ජරා වැඩ කරන කේස් පවා තියෙනවා.......

    උඔ කප්රුක සර්විස් එකෙං මීට කලින් මොනවවත් අරගෙන තියේද??

    ReplyDelete
    Replies
    1. මම ගෙනල්ලා නම් නැහැ. මම හිතුවෙ හොද ඇති කියලා. කාලිංග උන්නැහෙත් මීට මාස ගානකට කලිං කිව්වා තැන හොදය ිකියලා..මම හිතුවා හොද ඇති කියලා..
      චාටර් නම් වැඩක් නැහැ..බඩුවට තියෙන ආසාවත් නැතිවුනාට පස්සෙ ඒක එනවා නං ඇති වැඩැක්යැ.. මේ අන්තර්ජාල බඩු ගෙන්වගන්න ක්‍රමේ ආන්ඩුවටත් අපිටත් වාසි වෙන විදියට නිවැරදි ක්‍රමවේදයකට හදනවා නම් හොදයි නේ.. දැන් ඉන්ටනෙට් එකෙන් කෙලින්ම ඕඩර් කලාම අතරමැදියන් විසාල වශයෙන් අඩුවෙන නිසා බහුතර මහජනයාට ලොකු වාසියක් වෙනවා නේ.. ඕකෙම අනික් පැත්ත කරන්න අවස්ථාවක් තියේනං අපේ අත්කම් භාන්ඩ බතික් ඇඳුම් ආදිය වගේ දේවල් ටිකක් හරි රට යවාගන්නත් අපිට පුලුවන් නේ..

      Delete