Tuesday, August 19, 2014

සියලු සුද්දියන් පෝන්ස්ටාර් යැයි සිතන අපේ රට


(මේ මාතෘකාව බ්ලොග් එකට ආකර්ශනය ලබාගැනීමට දැමූ එකකි. මේ පෝස්ටුව ඇතුලේ කිසිදු ලිංගික ජවනිකාවක් නැත. ඒ නිසා පෝස්ටුවේ මාතෘකාවට රැවටී යමෙක් ආවේනම් හිට් එක ගැන තැවෙමින් වහා නික්මෙන එක යුතුය.)

සංචාරකයින් කොළඹ මැද විඳින දුක.

කොළඹ WTF යැයි තැනක් ඇති අතර එය ඒ නමින්ම හැඳින්වීමට මහත් වූ සුදුසුකම් ඇති එකකි. කොටුව පිටකොටුව නගර මධ්‍යෙය් දුම්රිය පොළ අසබඩ එවන් අශීලාචාර වෙළඳ මධ්‍යස්ථානයක් පැවතීම සෝබන දෙයක් නොවේ. එය අපේ ගම්වල පවතින පොලටත් වඩා ග්‍රාම්‍ය ගති සොබා වලින් ගහනය. ලෝක වෙළඳ පොල (World Trade Fair) ලෙස හඳුන්වන එය අසලින් මා දිනකට එක්වරක් වත් යැවේ. ඒ වෙළඳපොල ලෙස හඳුන්වන ස්ථානයේ විසිතුරු බඩු, කැටයම්, තොප්පි, කබා, ඇඳුම්, ආබරණ, බෑග් බෙල්ට් , ආදී දේ එක් එක් කඩවල විකිණිමට තිබේ.
පාරේ යන පාරිබෝගිකයින් කැඳවාගෙන කඩ තුලටම කැන්දාගෙන යෑමට එහි වෙලෙන්දන් සමත්ය. ඈතින් එන සුදු හමැති විදේශිකයකු දුටුවනම ඔවුන්ගේ කටවල් ඇරේ. ඇස් කඩා හැලේ. ඒ එන විදේශිකයා කෙසේ නම් ගසාකන්නේ ද යන කුහුලින් ඔවුන්ගේ හදවත් සලිත වේ.එන විදේශිකයින් ඩැහැ ගැනිමටම මාන බලන එකෙක්ද මා දැනුවත්වම සිටී. අපිලිවෙල ෂෝට් කලිසමක් සහ ටී ෂර්ට් එකක් හෝ ස්කිනර් එකක් හැඳි ඒ මනුෂ්‍යයා ඇඳුම් පැළඳුම්, ආභරණ. හෝ විදේශිකයින් ප්‍රිය කරතැයි ඔහු සිතන ඕනෑම දෙයක් විදේශිකයින්ගේ ඇඟ ගසති.
එසේ කලද විදේශිකයින් සිනාවෙමින් මේ කෝලම කිමෙක්දැයි බලමින් සිටින විට ඔහු එයින් නොනැවතී අර විදේශිකයින්ට දබර ඇඟිල්ලද දිගු කරයි. දබර ඇඟිල්ල දිගුකර තර්ජනාත්මකව පරුෂ වචනයෙන් බනින ඔහුට බයේ සමහර විදේශිකයෝ අර බාල ලෙස සකස්කල ආයිත්තමි ඇඳුම් ආදිය මිලට ගන්නේ විශාල මිලක් ගෙවීමෙනි. කඩ කරුවාද මේ කතාන්දරය කලින්ම දැනගෙන විශාල කොටසක් කඩා ගැනීමේ අටියෙන් ලොකු මිලක් කියයි. එයින් ලොකු කොටසක් අර හඩු පෙනුමැති අතරමැදි මනුෂ්‍යයාගේ සාක්කුවට යයි.

තීවිල් අයියා වරුන්ගෙන් සංචාරකයින්ට ඇතිවෙන කරදර..

දැන් දැන් බොහෝවිට කොළඹ ඇති ත්‍රීවිල් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිලෙසක් මට පෙනේ. සුද්දන් නොව අප පවා රාත්‍රිෙය් බස් නැවතුමක් අසල සිටින විට කාරුණික ත්‍රීවිල් කරුවෝ රැසක් ස්ලෝ කරමින් අපව අපෙ ගමනාන්තයට රැගෙන යෑමට කරුණාවන්ත වෙති.
කොළඹ කොටුව ආසන්නයේ සැරිසරන සුදු හමැති යුරෝපීය හෝ එවන් විදේශිකයින් දුටුවිට තුන් සක රිය හිමියා ඒ විදේශිකයින් දකින්නේ ඇවිදින රත්තරන් පිහාටු ඇති හංස රෑනක් ලෙසය. ඔවුන් කෙසේ හෝ ඒ විදේශිකයින්ගෙන් කීයක් හෝ අතගාගන්නට මාන බලති. මා දිනක් ගාලු මුවදොර අසල ලොකු කාලතුවක්කු වල පිංතූර ගනිමින් සිටියෙමි. එතැන මා අසල ජපන් ජාතිකයෙක්ද විය. ඔහුද කැමරාව මානාගෙන පාරෙන් එහා පැත්තේ තිබූ පරණ පාර්ලිමේන්තුව සේයාරු ගත කරමින් සිටියේය.
ලංකා සංචාරක මගපෙන්වන්නන්ගේ සංගමය යන නමැති ටී ෂර්ට් එකක් ඇඳගත් සුදු පැහැති ක්‍රීඩා සපත්තු දෙකකින්ද අව් කන්නාඩි යුවලකින්ද සැරසුන ත්‍රීවිල් රියදුරෙකු අර ජපනා වෙත ආවේය. හැන්දෑවේ හයට විතර රෑවෙමින් පවතින වෙලාව වුවත් අර ත්‍රීවිල් රියදුරාගේ අදහස මේ සංචාරකයා බාගැනීමටය. ඔහුට කොළඹ වටේ සවාරියක් එක්කරගෙන යා හැකි බවත් සංචාරක හෝටල් ආදිය හොඳට පෙන්විය හැකි බවත් කියමින් විනාඩි දහයක් විතර අර ජපනාට ඒ ත්‍රීවිල් කාරයා වාත වෙන ලදී.
ඉන් පෙර දිනකද මම කොටුවේදී ඒ ත්‍රීවිල් කරුවා සංචාරකයින්ට දැඩි ලෙස ඇනයක් වෙනු දකින ලදී. නමුත් ඔහු කිසිම විදියකින් සංචාරකයින්ගේ බැනුම් වලටවත් ඔවුන්ගේ රැවු්ම ගෙරවුම් වලටවත් සැලෙන එකෙකු නොවේ.

ගංජා වලින් රට පෙන්වන සංචාරක මගපෙන්වන්නා

මාගේ යහලුවෙකු නොවන හිතවතෙකු ගේ සංචාරක මගපෙන්වන සේවාවේ සේවය ලබාගන්නට යුරෝපීය රටක සුද්දන් දෙදෙනකු ආවේය. ඔහු විසින් කරන්නේ සුද්දන්ට විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ලබා දී ඔවුන් නින්දට යොමු කිරීමයි. එවිට ඒ සුද්දන් දවස පුරා නිදා සිටින අතර අර මිතුරා වෙනත් වැඩරාජකාරිවල නිරත වේ. ඔහුට අනුව ඔහු සුද්දන් අන්දන මහත්ඵල මහානිසංස ක්‍රමවේදයක් සොයාගෙන ඇත.
ඒ සුද්දන්ට කොහේ හෝ ගස් ගල් ටිකක් දැකබලාගෙන රටින් ගියේය. සමාරවිට ඉන් පසුවද ඒ ක්‍රමයට ඒ ගයිඩ් තුමා විසින් සංචාරකයින්ට එලොව පෙන්වා සිය මඩිය තරකරගන්නට ඇත.
සාමාන්‍ය සමාජයේදීද යුරෝපීය සංචාරකයකු දුටුවිට ඒ යන්නේ ඇවිදින නිධානයක් ලෙස දකින මිනිස්සු එමට වෙති. කවර හෝ ලෙසකින් සුද්දන්ගෙන් ඩොලර් එකක් ඩැහැගන්නා විදියක් සිතමින් එවුන් සුද්දන් පස්සේ වැටී ඒ අයට කරදරයක් ඇනයක් කරුමයක් තුවාලයක් වෙති.
සාමාන්‍ය ලාංකික සමාජයේදී ලිංගික කටයුතු වලට සහ ගෑනුන්ට දහසකුත් එකක් බාධක බැමි දාගෙන හිතින් වද විඳින ලාංකික පිරිමින් බහුතරය සුද්දියෙකු දුටුවිට සිතන්නේ ඒ ඇවිදිමින් යන්නේ ඔවුන් පෝන් වීඩියෝවල දුටු සුදු ගෑනු වැනි ජාතියක් කියලාය. යම් යම් විඩියෝවල මෙන් ඔවුන් තැන නොතැන නොබලා ඕනෑම විදියකින් ලිංගිකව හැසිරිය හැකි බඩු කෑලි ටිකක් ලෙස සමහර අය සුද්දියෝ දකිති.
ලිංගික නිදහසට අසීමිත බාධා දැමූ කල ඇතිවන සමාජමය රෝගාබාධයකින් මේ දිනවල ඉන්දියාව පීඩා විඳී. ඉන්දියාවේ ගෑනුන්ටත් ලිංගිකත්වයටත් පවතින රාමු වලින් වැඩිපුරම බැටකන්නේ දුප්පත් හා පහල මට්ටමේ මිනිස්සුය. තරු හෝටල් වලට යන්නට හෝ වෙනත් මිල අධික කාමර වලට ගැහැනුන් එක්කරං යෑමට බැරි වූ ඉන්දියානුවෝ දැඩි අසහනයකින් පෙලෙති. එවන් වූ කන්ඩායම් අතින් විටින් විට,පසුගිය කාලයේ ගැහැනුන් කිහිප දෙනෙකුම ඉතාම කෘෘර ලෙස දූෂණයට ලක් වී තිබුනි.
මිනිසුන් මෙසේ විදේශිකයින්ට එරෙහිව නොමනා ලෙස හැසිරෙන්නේ ආගම දහම අනුව සමාජය හැදී නැති නිසායැයි ඇතැම් ආගම් ලොලෙක් පැවසිය හැක. නමුත් මා එයට සපුරාම විරුද්ධය. සාමාන්‍ය සමාජයේ ඇති ළමා අපචාර වලට වඩා කතෝලික පල්ලිය හා සම්බන්ධ ළමා අපචාර සිද්ධින් මුළු ලෝකයේම වැඩිය. කතෝලික පූජකවරුන් අතරින් සියයට දෙකක් පමණ ළමා අපචාර කරන අය සිටිය හැකි බව ලඟදී පාප්තුමා පවා පිලිගෙන තිබුනි. ලංකාවේ වුවද ඉතාම සුමටව බන කියන උන්නාන්සේලාගේ රාත්‍රී ජිවිතය හෝ ඔවුන් විදෙස් ගත වූ විට ගෙනයන ජිවිතය සලකා බැලුවොත් ඔවුන්ගේ තුන්ිවෙනි සික පදය කවර නම් අන්දමින් උත්කර්ශයට පත් වේදැයි නිරීක්ෂනය කල හැකිය.
ආගම් වාහකයින්ටවත් පාලනය කරගත නොහෛන අධීකතර ආශාවන් සාමාන්‍ය මනුෂ්‍යයින්ට රකින්ටැයි කීම මහත් විහිළුවකි. ආගම් වාහකයින් විසින් ගීතවත් ලෙස අපිට කියාදෙන ඇතැම් දේ ඔවුන් රකින්ට තබා සිතන්නේ වත් නැත.
අපේ සමාජය සුද්දන්ට මේ විදියට කැත අන්දමට සැලකීම එන්න එන්නම වැඩිවෙනු මිස අඩුවීමක් නොපෙනේ. සුද්දන්ට සිදුවන මේ අකටයුතුකම් මඩින්නට ක්‍රමයක් ගෙන ඒම ආන්ඩුවේ වගකීමක් යැයි පොදු මහජනයාට සිතුනත් ආන්ඩුවට එය සිතෙන්නේ නැතුවා විය හැක. රජයෙ ඇතැම් විශාල තනතුරු දරන අය පාරවල් හැදීම, ගොඩනැගිලි පිලිසකර කර රෙස්ටුරන්ට් දැමීම, ඇවිදින තැන් හැදීම, කානු සුද්දකිරිම ආදිය මැනවින් කරති. වෙනත් රටවල නගරාධිපති වරුන් විසින් නිළධාරින් යොදා කරනු ලබන එවැනි වැඩ මෙරට තුන්වැනි හෝ හතරවෙනි හෝ පුරවැසියා මට්ටමේ සිටින අයවළුන් විසින් පුද්ගලිකවම අධීක්ෂණය කොට ක්‍රියාත්මක කරයි.
මිනිසුන්ද එවැනි නගරාධිපති වැඩ වල ලස්සන බලා රජයේ මහතැන මැදිහත්වෙල මේක කොරේ නැත්තං කවුරු කොරන්නදැයි එකිනෙකාගෙන් අසාගනිමින් බොහෝ ප්‍රීති වෙමින් ඒ උයන් වතු දැක උතුමන්ලාට පින්දෙති. ඒවායේ සිටින උපරිමය 500ක් 1000ක් විය හැකි සුද්දන් ප්‍රමාණය දැක සංචාරක වියාපාරය මාර විදියට වැඩිවෙලා යැයි සිතා සිතින් ඒ මහත්වරුන් දෙස හැරී සාදුකාර දෙති.
ඉන්දියානු,චීන, පාකිස්ථාන්, ආදී රටවලින් එන මිනිස්සු අප රටේ වැනි හෝ ඊටත් වඩා සටකපට ගති ඇති මිනිස්සු වෙති. ඒ ආකාරයේ විදෙස් සංචාරකයින් ඉදිරියේදී වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි අතර ගුවන් තොටෙන් සංචාරක හිස් ගෙඩි ගනන වැඩිවීම පාලකයින්ගේ සොම්නසට හේතු වෙනු ඇත.

17 comments:

  1. මොනව කියන්නද කියල කම්පනා කලේ බං..
    හිතට එන ඔක්කම මෙතන කොටනවට වඩා හොදයි අකුලං යනේක...
    පස්සෙ එංඥංකො

    ReplyDelete
  2. W3Lanka හි පැරාත් ලියා තිබුණා මේ ගැන ලිපියක්.
    http://www.w3lanka.com/2014/08/blog-post_18.html

    මෙන්න එතැන මා ලියූ කමෙන්ටුව.

    "මං හිතන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තය හා ආශ්‍රිතව තියෙන ලොකුම "වරදක්" තමයි සංචාරකයින්ට වෙනම මිල දහගුණයක් විතර වැඩි ටිකට් සහ ලංකාවේ අයට වෙනම අඩු මිල ටිකට් විකිණීම. මෙය සිනමා ශාලාවක හෝ රංග ශාලාවක විවිධ මිල ටිකට් විකිණීමට වඩා ඉතා වෙනස් අසාධාරණකමක්.

    පින්නවල ගිහින් අපි බලන අලි ටිකම තමයි විදේශික පාස්පෝට්වලින් ආපු සංචාරකයෝත් බලන්නේ. මේ බේදය ඉන්දියාවේ ටජ් මහල්වලත් තියෙනවාය කියා ආරංචියි.

    ඊලඟට දළදා මාලිගාව, දඹුල්ල පන්සල වගේ තැන්වලට යන්න ටිකට් ගන්න කියන එක මොන විහිළුවක්ද? මෙහෙම ටිකට් ගන්න වෙන සමහරු විදෙස් රටවලින් එන බෙෘද්ධයෝ.

    දැන් මේ ලිපියේ සඳහන් සංචාරකයින් පැමිණි ඉතාලියේත් එහෙම තත්වයක් තිබුණොත් එහේ යන අපේ අයට මොකද වෙන්නේ?

    මං වසර දෙක තුනකට කලින් දඹුල්ලේ ගිය වෙලාවේ අපිට ඉස්සරහින් චීන ජාතික පෙනුමක් තියෙන කාන්තාවක් හිටියා කන්ද මුදුණේ පන්සල් බිමට ඇතුල්වෙන්න. එතැන ගේට්ටුවේ සිටි සේවකයෝ ඇගේ ටිකට් එක බලන්න ඉල්ලුවාම, ඒ මනුස්සයා ගත් කටටම කීවේ, මං මොකටද ටිකට් ගන්නේ මං ආවේ ත්‍රිකුනාමලයේ ඉඳලායි කියලයි!"

    ReplyDelete
    Replies
    1. කකාගෙ කමෙන්ටුව මාත් දැක්ක. ඔය ගණන් අයකිරීම අන්තිම අසාධාරණයි. පිටරටකින් ආවොත් දහගුණයක් විතර වැඩියි. ඔය රජය පැත්තෙන් කරන දේ. මිනිස්සුන්ගෙ පැත්තෙන් කරන දේ තමයි අමිල ලියල තියෙන්නෙ. අර කියමනක් තියෙන්නෙ ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුව දුව කරනව කියල. ඒ වගේ තමයි.

      Delete
  3. පෝර්න්ස්ටාස් ලා කියා විතරක් නොවෙයි, ඇයි සියලු සුද්දියන් ඉංගිරිසි දන්නවා යැයි සිතීම?

    මේ මගේ යාලුවෙකු ගේ "සුද්දී" බිරිඳට තවත් යාලුවෙකුගේ තාත්තා ඉංගිරිසි උගන්නපු හැටි ගැන මං කලකට පෙර කතන්දරයක් ලිව්වා.

    "සුද්දිට ඉංගිරිසි උගන්නපු හැටි" යනුවෙන් ගූගල් කර ඒ කතන්දරය සොයා ගත හැක.

    ReplyDelete
    Replies
    1. ඇයි කොරියන් චීන ජපන් (සමහර අවස්තාවලදී තායි මැලේසියන්, ඉන්දුනීසියානු) ජාතිකයන් සුද්දො ලෙස හැඳින්වීම?

      අපාතයිඩ් දකුණු අප්‍රිකාවෙත් ආයෝජකයන් අවශ්ය නිසා එ ලෙස ආව ජපන්නුන් තාවකාලික සුද්දන් ලෙස සැලකුවා :-D

      Delete
  4. APATA E KATHANDARA WALIN WEDAK NEHE HALO.
    DAN KATHANDARA CLOSE KARALA NEDA

    ReplyDelete
    Replies
    1. මෙන්න දේශප්‍රේමී කමෙන්ට් එකක්.

      Delete
  5. Replies
    1. දුර්වල මට්ටමේ නිර්මාණයක්..සමහර පැති හිතාමතා අමතක කරලා තිබෙනවා.

      Delete
    2. අපරාදේ විනාඩි දහයක් විතර නාස්ති වුනා. කොළබ දැකලා නැති ගම්බද පහේ පන්තියේ ළමයින්ට හොඳයි ඒ වීඩියෝව, තරහා වෙන්න එපා, අවංකම අදහස!

      Delete
    3. ඔය නාස්ති උන කකාගේ විනාඩි දහය මොකක්ද කකා. කකාගේ මෙලෝ රහක් නැති බ්ලොග් පඩංගුව බලපු උන්ගේ කාලේ කොච්චර නාස්ති වෙන්න ඇත්ද.

      කකාගේ බ්ලොග් එක හොදයි අලුතින්ම ඉන්ටනෙට් ගත්තු,කිසිම දවසක සිංහල බ්ලොග් එකක් කියවපු නැති ළමයිට. තරහ වෙන්න එපා, අවංකම අදහස!

      Delete
  6. සම්මතයක් වෙනස් කරන්න මුල ඉඳලම මකන්න වෙනවා. අර inception ෆිල්ම් එකේ වගේ

    ReplyDelete
  7. සහතික ඇත්ත කතාවක් අමිල කියලා තියෙන්නේ මේ රටවල ඉන්න කෙනෙක්ට වර්ණනා කරලා එවන්න බයයි අපේ රටට ඔය වගේ තියෙන කචල් නිසා

    ReplyDelete
  8. මේ ලිපිය හොඳා. හැබැයි මට ඔයා ගැන යමක් කීමට තිබෙයි.ඔයාගේ කලින් බොහෝ පෝස්ට් වල සියලු ලාංකික කතුන් බඩුය සිතා විවිධ කතා ලියා තිබුනි.නිමලානි ගෙ වාසනාව කියා එකක් කියවා අපි ඔබේ එක් පැත්තක් අඳුනා ගත්තා.කමෙන්ට් කරුවන්ට පින් සිද්ද වෙන්න දැන් ඔබ කුනුහරුප ලියනවා අඩුයි.ඔබට එල එල කිය කියා කුනුහරුප තව ඔබ ලවා ලියවූ ඇතැම් බ්ලොග් කරුවෝ පසුව ඔබට සිනා වෙති.ඔවුන්ගේ බ්ලොග් වල ඔවුන් කුප්ප කතා ලියා තිබේ දැයි බලන්න.දැන් සුද්දියෝ ඔක්කොම බඩු නොවෙති යි අපිට ඔබ කියයි.කරුනාකර කන්නාඩිය උස්සරහට ගොස් මෙය කියන්න.මට කීමෙට ඇත්තේ මෙයයි.''රියලි? ටෙල් මී එබවුට් ඉට්''' කියාය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මුට ලංකාන ගෑණු බඩු සුද්දියො පත්තිනි අම්මල.

      Delete
  9. ඉතාමත් කාලෝචිත, අනර්ඝ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. anargha kiyana wachanaye theruma dannawaada?

      Delete