Saturday, April 2, 2016

මා ලංකාවේ ටුවරිසම් ඇමති වුනොත් 2

රක්කු මත් පැන් මත්ද්‍රව්‍ය සම්බන්ද නීති ලිහිල් කිරීම

සාමාන්‍යෙයන් ලංකාවෙ බාර් කියන්නෙ එක්තරා සංස්කාතියක් වගේ..ඒකටම අනන්‍ය ගතිගුණ තිබෙනවා.. අරක්කු බොන එක මහා වියදම් කාරී වැඩක් වෙලා..හැම රජයම ජනතාවගේ අක්මාව සහ පපුව ගැන වැඩිමනක් හිතනවා..ඒ නිසා හැමදාම අරක්කු සිගරට් මිල සැලකිය යුතු ගානකින් වැඩි වෙනවා.. ඒ වගේම ගංජා වගේ සාමාන්‍ය පොදු අපෙ රටේ සරුවට වැවෙන දේශීය මත්ද්‍රව්‍යයත් තවමත් තියෙන්න නීථියට පිටින්..

පෝයට සහ රජේ නිවාඩු දවසට බාර් හිටි අඩියෙම වහනවා..ඒ වගේම ලංකාවෙ බාර් සම්බන්ධ නීති හරි වැඩියි.. මේවා සරල කරලා අරක්කු එතනෝල් සිගරට් වලට ගහන විසල් බද්ද ටිකක් හරි අඩු කරනවා නම් ඒක වැදගත් වැඩක් වෙයි..

මෙහෙ හොද සීල් අරක්කු වැඩිවෙන කොට ඒ වෙනුවට බිහිවෙන විකල්ප නම් කතා කරල වැඩක් නෑ.. දැන් වෙලදපෙලේ තියෙනවා බැරන්ස් නමින් බියර් එකක්.. බල්ලට කටේ තියන්න බෑ.. කොහොඹ වගේ රස..හොද අරක්කු මිල වැඩිවෙද්දි කසිප්පු මට්ටමට සූර් වෙන රා පොට්... බාල මට්ටමේ බියර් අරක්කු ආදිය වෙලද පොලට එනවා..
ඇත්ත වශේන්ම අපි ඉන්දියාවෙ ගිය වෙලාවෙ බිව්වා බියර් එකක් ඒකෙනම නම් මතක නෑ..හැබැයි මෙහෙ තරං තිත්ත නැති හරිම වතුර වගේ බොන්න පුලුවන් ජාතියක්.. කදිම බීමක් ඒකනම්.
සංචාරකයින් ආකර්ශනය කරගන්න කොයි වැඩපිලිවෙල තිබුනත් වැඩක් නෑ එන සංචාරකයෙක්ට නිදහසේ බොන්න සහ ටිකක්පොකට් එකට නොදැනෙන්න බොන්න තැනක් නැත්තං. මැද සහ පහල පංතියේ සංචාරකයින් ඉලක්ක කරනවා නම් මේ අරක්කු සිගරට් ගංජා බියර් ආදී මත් වෙන දේවල් වලට ගහල තියන දැඩි නීතිමය රාමු වල තද ගතියත් විසාල බද්දත් යම්ක්සි සැලකිය යුතු තරමකින් අඩු කරන්නට ඕනි..

බණ භාවනා සහ පිං ටුවරිසම්.

පිං , යෝග, භාවනා ටුවරිසම් කියන්නේත සැලකිය යුුත තැනක්.. ඇතම් රටවල විසාල ආරාම හදාගෙන ඒවායේ නවාතැන් දීගෙන යෝගියන් සහ ස්වාමින් වහන්සේලා විශාල පිංකම් වැඩසටහන් පවත්වනවා.. ඒවාට පැමිනෙන බැතිමතුන් ලෝකයේ විශාල පදාසයක පැතිර තිබෙනවා.. එවැනි තැන්වල වැඩ වලට කැමති වෙන පිරිසත් ලෝකයේ එන්න එන්නම වැඩි වෙනවා.. ලංකාව පැරණි ථේරවාද බෞද්ධ රටක් නිසා පිං භාවනා ටුවරිසම් කියන එක ලේසියෙන්ම කරන්නට අපිට පුලුවනි.. නමුත් අද කාලෙ රටේ බෞද්ධ සංඝයා වහන්සේලාගේ හැසිරීම සහ ඔවුන් දේශපාලනික වීම හරහා අපේ රටට සුද්දො ඉන්න තියා ලංකාවෙ ඉන්න ඇත්තන්ට ත් බෞද්ධ සාසෙනේ එපා වෙලා..

සංඝයා වහන්සේලා සිල් වත් කරන්නත් වෙන බැදිවල නොයා බුදුමග යන්නත් කියාදෙන්න ප්‍රාෙයා්ගික වැඩපිලිවෙලක් අපේ රටට අවශ්‍යයි. ඒක කල යුත්තේ කෙසේද කියාල ලොකු අදහසක් නෑ. නමුත් විවෘත මනසක් ඇති ස්වාමින් වහන්සේලා ලග අපේ රටට විදෙස් බෞද්ධ බැතිමතුන් වතාවත් සදහා යොමුකරගන්න කල හැකි දේවල් ගැන අදහසක් ඇති.ඒ වගේ ගරුකටයුතු වහන්සේලා ගෙන් ඒ ගැන විස්තර අසා දැනගන ක්‍රියාත්මක වීම අවශ්‍යයයි. එතකොට රට රටවල ඇත්තොත් බණ භාවනා වලට නිස්කලංක ආරාමයක පිරිතක් බණක් අහල රැයක් පහන් කරන්න මෙහෙට ඒවි.. ඉතිං ඒ එන අයට පිංතකාම හැම දේම කොරන්නත් බැහැ නෙව.. ඉබේම ඒ ටුවරිසම් පැත්ත දියිනු කරගනීවි හාමුදුරු ගොල්ලම එකතු වෙලා..


පැරණි දේ සම්බන්ධ ටුවරිසම්.

දැනට ලංකාවේ නටඹුන් ලෙස හමු වූ තැන් කිහිපයක් තිබෙනවා..ඒ වගේම ලංකාවම එක්තරා යුග යුග වලදී ජනාවාස වෙලා කැලෑගත වුනු රටක්.. ඉතිං අපේ ඒ වගේ ජාතික උරුම සහ පුරාවිද්‍යා තොරතුරු ආදිය ගැන අන්තර්ජාලයේ ිතබෙන විශ්වාසනීය තොරතුරු අඩුයි.. ඒ සදහා පුරාවිදු දෙපාර්ථමේන්තුව හා එක්වෙලා ආකර්ශණිය ආකාරයට පොත් පත් සහ අන්තර්ජාල තොරතුරු බහුල කරන්නට අවශ්‍යයි..එතකොට සංචාරක තැන්වලට ගිහින් ගයිඩා බොරු පැල කරනකොට ටැබ් එක බලලා ගයිඩ් උන්නැහේ ඔහෙ සරම ඇන්දට බොරු නෙව කියන්නෙ කියලා  අපේ එකාට පුරාවිද්‍යාව උගන්වන්න පිටරට එයාලට පුලුවන් වෙයි.


ඒ වගේම මේ පැරණි පොයි ටුවරිසම් වල එක තවත් අංගයක් තමයි සම්ප්‍රදායික දේවල්.. පැරණි වගාක්‍රම, පැරණි විදියේ ගම, පැරණි නැටුම් කලාවන් ආදී දේවල් සම්බන්ධ සජීවි තැනක් ඇතිකර එතැන් විදේශිකයින්ගේ ආකර්ශනය වඩවන ආකාරයට දියුනු කිරීම වැදගත් වෙනවා.. අපේ දේවල් අපිට කොච්චර වැදගත් වුනත් ඒක පිටරට කෙනක්ට අපිට තරම්ම දැනෙන් නෑ..ඒකට එයාලගේ රුචිය අනුව අපේ දේ කස්ටමයිස් කරන්න අවශ්‍යයයි.. උදාහරණ විදියට තොයිල් වලදි අපි වැඩියෙන් ආස බෙර බුවයි යකයි අතර යන විවාදෙට... නමුත් සුද්දට සිංහල තේරුනත් බොහෝවිට බාගෙයක් කුනුහබ්බ තියෙන තොයිල් ආතල් විවාද  තේරෙන් නෑ.. ඉතිං එතකොට නැටුං ආතල් ටිකක් වැඩිපුර දාලා අලුත් සාංතිකර්ම ආදිය හදාගන්ට අපිට සිද්ද වෙනවා..

ස්වාභාවික සතුන් තුරුලතා ආදිය ටුවරිසම්..

මේක ගැන කියන්න කතාවක් දෙකක් තියනවා.. පින්නවල ඉන්න අලි ටිකට අපෙ අය සුද්දො බලං ඉද්දිම ඇත්ගොව්වො අලින්ට වද දෙනවා.. ඒ නිසා අලි බැලීම ගැන කියද්දි අන්තර්ජාලයේ බොහෝ තැන්වලදි පින්නවල කෙරෙන අලි හිංසාවන් ගැන සාරසුබාවට කාරනා දැක්වෙනවා.. ඉදලා හිටලා සුද්දෙක් දෙන්නෙක් ගියත් බොහෝවිට දැන් ලෝක සංචාරකයින් කැමති නෑ සත්ව හිංසාවට.. ඒ අය කැමති යාල වගේ තැනක ගිහින් සතාට හිරිහැර නොවන විදියට සතා ඈතින් බලලා අර හොම්බ දිග එක මානලා පොටෝ එකක් ගන්නවා වගේ ආතල් එකකට..
ලෝකය පුරා සත්ව ලෝලින්ගේ විරෝධය සතුන් කුඩු කිරීමට එරෙහි ව නැගෙනවා. කිහිප දෙනෙක් සතුන් සියල්ල එකතැනක සෝ රූම් එකේ බඩු බලන්න වගේ බලන්න කැමති වුනත් ගොඩක් සංචාරකයින් ආස ස්වාභාවික පරිසරය ස්වාභාවික විදියට ම දැකබලා ගන්න.

අනික් කතාව තමයි යාලෙන් ආපු කතාවක්. යාල ගිහිපු සැට් එකකට දුන්නලු ගයිඩ් කෙනෙක්.. ටිකක් පලපුරුදු සංචාරක සැට් එකක් වුන ඒකට හම්බුන ගයිඩ් බුවා මෙලෝම දෙයක් දන් නෑලු.. ඒ වගේම සතුන්ගේ චර්යාවන්..සතුන් බලාගත හැකි තැන්.. සතුන්ගේ විචිත්‍රත්වය බැලිය හැකි ස්ථාන ගැන මේ ගයිඩා කිසි දෙයක් දන් නෑලු.. පස්සෙ බැලින්නං ගයිඩ් බුවා කිසිම බේසික් ට්‍රේනින් එකක් නැති දේසපාලකයෙක් පස්සේ වැටිලා ඡන්ද කාලෙ හූ කිය කිය පෙලපාලි ගිහිං පෝස්ටර් ගහපු පිනෙන් ජොබ් එකකට ආපු බුවෙක්.. මිනිහ දන්නෙ මිනිහට ජොබ් එක දුන්න මහ සතාගෙ නම විතරයි.. ඒ ඇර කිසිම දෙයක් ගැන මිනිහට නිච්චියක් නෑ..
සතා සීපාවට ගහ කොලට ආදරේ සහ කැලේ පනින්නම ආස කොල්ලො කෙල්ලො රටේ ඕනි තරං ඉන්නවා.. උන්ට පූර්ණකාලිනව නැතත් තාවකාලිකව හරි යම් කිසි පුහුනුවක් දිල වැඩේට ආස ගොයියො ටිකක් පත් කරනවා නම් ඒක කැලේටත් බලන්න යන උන්ටත් හොද දෙයක් වෙයි ඉස්සරහට වත්..

භාෂා හැකියාවන් දියුනු කිරීම


අපේ පොලිසියෙ ඉන්න අයගේ කොහොමත් අමුතු බාසාවක් නෙව තියෙන්නෙ. පොලිසිය වගේ ආයතන වල ඉන්න බොහෝ දෙනා ආස සිංහලෙන් වැඩකරන්න.ඉතාමත් කලාතුරකින් තමයි බාසා දෙකක්වත් දන්න පොලිස් බුවෙක් ඉන්නෙ. ලංකාවම සංචාරක ආකර්ශන වටපිටාවක් වෙද්දි සේවා ලබාගන්නා රාජ්‍ය ආයතන විශේෂයෙන් පොලිසිය වගේ තැන්වල ඉන්න අයගේ භාෂා දැනුම වැඩිදියුනු වීම වැදගත්. රාජ්‍ය සේවයේ අයට භාෂා කිහිපයක් පුලුවන් වෙද්දි මිනිහාට වැඩියෙන් ගතමන්ට් එකක් අතට එන විදියට එලවන්ස් එකක් ලැබෙනෝ නම් ඔක්කොම තියෙද්දි රජේ සේවකයො ටික බාසා ඉගෙනගන්න දත කාවි..
ඒ වගේම මේ භාෂා සම්බන්ධ දැනටත් තිබෙනවා යම් කිසි විභාග වගයක්.. නමුත් ඒවායේදී බලන අයත් විභාග ෂාලාවල ඉන්න අයත් රජයේම අය නිසා ඇතැම් වෙලාවට සැර විභාග වැරදි ආදිය සිද්ද වෙනවාලු.. ඉංගිරිසි වලට සහතික දෙක තුනක් තිබුනත් වැඩක්යැ.. ඉංගිරිසි සුද්දෙක් කියන වචන තුන හතරක් වත් තේරෙන්නෙ නැතුව.

 ඒ නිසා මේ එක්සෑම් ආදිය වල භාෂා දැනුම බලන්න නව ක්‍රම ආදිය ඇතිවන්නට ඕනි. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට නිකාංම පඩි නඩි වැඩිවෙන්නෙ නැතුව යම් කිසි බාසා කුෂලතාවයක් වත් ඇතිවෙලා පඩි වැඩිවෙනවා නම් අඩුතරමෙ ඒ මනුස්සායාට වැඩියෙන් දෙනගානට සාධාරනයක් පස්සෙ කාලෙක හරි සිද්ද වේවි..
පොලිසිය වගේ තැන්වලට බදවා ගනිද්දිත්.. එසේම දැනට සිටින අය උසස් කිරීම ආදී තැන්වලදිත් බාෂා දැනුම සහ විවිධ භාෂා වලට ඇති හැකියාව ගැන යම්කිසි දිරිගැන්වීමක් ඇතිවන ආකාරයට ඒවා කිරීම වැදගත් වෙනවා.


ඇත්තටම ලිවීම විනෝදාංශයක් නිසාම ලියාගෙන යනවා මිසක මේ එකක්වත් ලංකාවෙ ඉන්න පාලකයින්ට සහ නිළදාරින්ට මතක් වෙන්නෙත් නෑ..මතක් වුනත් එයාල මොකුත් කරන්නෙත් නෑ.. බාගෙද එයාල මෝටිවේශන් ලෙක්චර කෙනෙක් හෝ මං වගේ බ්ලොග් ලියන කෙනෙක් වුනොත් ජනප්‍රිය වෙන්න ඕනි නිසා මෙ  වගේ මගේ දැක්ම කියලා බරසාර වචන දාලා මේ වගෙ කාරනා ගැන ලියාවි.. නමුත් ලියනවාට කියවනවාට වඩා ක්‍රියාත්මක වීම තමයි වැදගත්.. ඒත් ඉතිං මම ඡන්දෙ ඉල්ලලා  දිනලා ඇමතිත් වෙලා මේ ව කරන්න පුලුවන් වෙන එකක් නෑහැය කියලයි මට හිතෙන්නෙ.. හැබැයි එහෙම පුලුවන් කියලා හිතලා ඡන්දෙත් ඉල්ලලා ඇමතිත් වෙලා තමුන්ගේ අරමුණ ඉෂ්ඨ කරගත් අයත් ලංකාවෙ ඉතිහාසෙම ඉන්නවා.. දන්න කෙනෙක් කියන්න බලන්න ඒ වගේ උත්තමයෙක්ගේ නමක් කාරිය, අනික් උන්දැලාට දැනගන්නත් එක්ක. 

12 comments:

  1. ලංකාවේ ටුවරිසම් දියුණු කරන්න නම් සංචාරකයින්ගේ කොස්ට් එක අඩු කරන්න ඕන. එතකොට තමයි ලංකාවට සංචාරකයෝ එන්න හිතන්නේ.. ඊට අමතරව අපේ අරටේ ගුවන් සමාගම් වලින් සංචාරක සේවාවන්ට කිසිම සහයක් දක්වන්නේ නැහැ. දෙසපාලුවන්ගේ හෙන්චයියෝන්ට ෆ්‍රී ටුවර් දෙන ගුවන් සමාගම් රටට ආදායම ගේන සංචාරක ව්‍යාපාරය එක්ක අත්වැල් බැඳගෙන නැහැ.

    ලෝක ගෝලේ ලංකාවට ප්‍රතිවිරුද්ද පැත්තේ රටක ඉන්න මම මෙහෙ ඉන්න සුද්දො එක්ක අපේ රට ගැන කතා කරාම අපේ රටේ පින්තූර පෙන්නුවාම එයාල හරිම ආසයි අපේ රට බලන්න එන්න.. ටිකට් එකේ ගාන ඩොලර් දාහ ලං වෙනවා හෝ ඊට වැඩියි කිව්වාම එයාලගේ බඩ පපුව පිච්චිලා යනවා බන්.. ඊළඟට ගුවන් කාලය පැය විස්සකට ආසන්නයි කිව්වාම එයාල එතැනින්ම ශ්‍රී ලංකා ටුවර් එක කැන්සල් කරනවා. ටුවරිසම් වලට ලොකු අනුග්‍රහයක් දක්වන රජයන් තියන රටවල් වලට යන්න ඒ තරම් වියදමක් දරන්න ඕන නැහැ සුද්දොන්ට.. අනික් කාරනාව තමුන්ගේ සහකරු හෝ දරුවන් සමග එහෙම ටුවර් එකක් යනවනම් උන් ඉස්සෙල්ලම බලන්නේ ටිකට් වලට කොච්චර මුදලක් යනවද කියන එක. එකාට දාහ ගානේ ගැන හැදිලා එනකොට ටුවර් එක කැන්සල් වෙන එක අහන්න දෙයක් නැහැ.. විදිමත් කාර්යක්ෂයම ගුවන් සේවාවක් නැතුව වට්ටම් සහිත අඩුම මිලක් දෙන්න පුළුවන් ගුවන් සේවාවක් තිබ්බනම් සුද්දො මීට වඩා ලංකාවට ඒවි..

    අපේ රටවල ඉන්න ටුවරිසම් කරන උදවීය හිතන් ඉන්නේ වායු සමීකරණයයි ස්විමිං ෆූල් එකයි කියන්නේ මහා ලොකු සුකෝපබෝගී දේවල් කියල.. ඒත් මේ රටවල ඉන්න දුප්පත්ම දුප්පත් මිනිස්සු ඉන්න අපාර්ට්මන්ට් කොම්ප්ලේක්ස් වලත් ෆ්‍රී පූල් එකක් , ජිම් එකක් සහ ඒසී / හීටින් තියෙනව. ඒ හින්ද හෝටල්වල සැප මාර්කට් කරලා සුද්දන්ව අද්දගන්න බැහැ.. වොෂින්ටන් ඩීසී අවට තියන හිල්ටන් / මැරියට් සහ ඒ කාණ්ඩයේ හෝටල් වලත් මාසයක් කලින් බුක් කරනවානම් ඩොලර් සීයකට අඩුවෙන් රූම් එකක් බුක් කරගන්න පුළුවනි. ඒවාට සාපේක්ෂව ලංකාවේ කාමර මිල ඇහුවාම සුද්දොන්ට සිහිනතුව වැටෙනවා බන්.

    ටුවරිසම් මාර්කට් කරන්න නම් සංචාරකයින්ගේ පිරිවැය අඩුකිරීමෙන්ම විතරයි ඒක කරන්න පුළුවන්. එහම නැතුව මොන දේවල් දුන්නත් උන්ව අද්දගන්න බැරි ඊට වඩා අඩු මිලට ඒ දේවල් ලෝකේ පුරා තියන නිසයි.

    අසූව දශකයේ අපි පුංචි කාලේ හික්කඩුව පහුකරගෙන ගාලු පැත්තට යනකොට හික්කඩුව සුද්දොන්ගෙන් පිරීල ඉතිරිලා..ඒත් දැන් හික්කඩුවේ සුද්දෙක් බේතකට හොයාගන්න නැහැ. එහෙම උනේ ඇයි කියල හේතු හොයන්නේ නැතුව ටුවරිසම් ගැන හිතල වැඩක් නැහැ බන්. අවුරුද්දකට සැරයක් ලංකාවට එනකොට අපි එන ෆ්ලයිට් වල නම් සුද්දෙක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් බන්.

    ReplyDelete
    Replies
    1. සුද්දෝ තියා ලංකාවේ මිනිහෙකුටවත් නිදහසේ යන්න තියෙනවද හික්කඩුවේ... දකුණේ පාතාලය තියෙන්නේ එහේ... මේවා උන්ගෙන් නිදහස් කර ගන්න තෙක්.. සුද්දෝ එන්නේ නෑ... ආපු එකෙක් ආයෙ කවදාවත් එන්නෙත් නෑ... ඉස්සර ඔතනින් යන්න ආසයි...

      Delete
    2. සිරි ලංකන් එක කටාර් විකුනනවට වඩා මං ආසයි එයාඒසියා වගේ එකකට දෙනෝ නම්..පොඩි රිස්ක් එකක් තියෙනෝ තමයි..ඒත් මෙහෙ ගේනෝ නම් වැඩුපුරම මෝබිලිටි එක තියෙන්නෙ සිංගා මැලේසියා පැත්තට ආපු උන්ව ගෙන්නගන්න එක.....ඒ පැත්තෙ යන ටුවරිස්ට් ලගෙන් සීයෙන් එකක් මෙහෙට පොම්ප කරගත්‍ත නම් ගොඩ....අනික ලෝකෙ ටුවරිස්ට් ලා වැඩිපුරම යන්නෙ තමුන්ගෙ රටට ලග තීන වෙනස් රටට...ජප්පො..කොරියන් උන් පිලිපීන් අදිනවා..මැලේ සිංග උන් තායි ඉන්දුනීසියාවෙ අදිනවා .. ඒ පැත්තෙන් බැලුවොත් අපිට අර පැකර් කීව වගෙ වැඩිවන ඉන්දීය ධනපති පංතිය මෙහෙ වැකේශන් ටුවර් ගෙන්නගන්න එක වඩාත් යෝග්‍යයි...නමුත් පැය තුනේ ෆ්ලයිට් අවර් තීන මැලේසියාවට රු 22000න් ෆ්ලයි කරන්න ලැබෙද්දි අපිට ඒ දුරම තියෙන දිල්ලියට යන්න රු 38000ක් වත් ගුවන් ටිකට් වලට යනෝ....ලංකාවෙ ටුවරිසම් දියුනු වෙන්න නම් ගුවන් ටිකට් අඩුවෙන්න ඕනි..

      Delete
  2. අපේ ටුවරිසම් දියුණු කරන්න තව අනන්ත දේ තියෙනවා.... ඒත් මේ කිසිම දෙයක් කරන්නේ නෑ...

    වැඩි දෙයක් ඕන නෑ... ඕන සුද්දෙක් යන සීගිරියේ බඹරු කෙලින කොට සුද්දන්ට තියා එකෙකුටවත් කිසි ආරක්ෂාවක් නෑ.... දැන් අවුරුදූ කීයක් නම් කියනවද... සුද්දෙක්ට උන් විද්දම ටුවර් එකම අවුට්... අනික ටුවර් කොම්පැනි වල පැකේජ් ටුවර්ස් මෙළෝ රහක් නෑ... මුලු ටුවර් එකේම සුද්දා පාරේ... ආපු එකෙක් ආයෙත් එන්නේ බොහෝම කලා තුරකින්...

    එක්කෝ මාලදිවයින වගේ ටොප්ක්ලාස් ලෙවල් එකට යන්න වෙනවා.. එහෙම නැත්නම් උඹ කලින් කිව්වා වගේ බැග් පැකර්ස්ලා එන බැංකොක් එකක් කරන්න වෙනවා... අපිට වඩා සුද්දෝ එන වියට්නාම් යවලා වත් මුන්ට ඉගැන්නුවානම් හරි...

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට තියෙන ඉඩකඩ එක්ක දැන් අටෝපු පහසුකම් ටිකත් පාවිච්චි කරල මත්තල හම්බන්තොට ඒරියා බේස් හොඳ ටුවර් ඒරියා එකක් ගොඩදාන්න පුලුවන්...යාල,බීච් එක, කුරුල්ලො, අලි මික්ස් කරල හොඳ එක්ස්පෙරිමන්ට් එකක් කරන්න පුලුවන් ...ඒත් කෝ ඉතිං අපෙ උන්දැලා තාම රාජපක්ෂ නිදන් ගොඩදානව නෙ

      Delete
  3. මගේ වාහනේක නුවරඑලි ගිය සුද්දො දෙන්නෙක්ව රෑ නැවතුන තැනදී සෙට් වෙච්ච වෙන සුද්දෙක් එක්ක ආපු හික්කඩුවේ බීච් බෝයිස්ලා දෙන්නෙක් බලු වැඩක් කරා එක පාරක්. මගේ වාහනේ ගිය ගෙස්ලා දෙන්නව රෑ කාලයේදී හෝටලෙන් එලියට අරන් යන්න මගේ රියදුරා අවසර නොදීපු හේතුවෙන් උදේ බලද්දී මගේ වෑන් එකේ රේඩියේටර් හෝර්ස් එක යටින් දෙකට කපල.. ඩ්‍රයිවර් වෙලාවට දැකපු නිසා වාහනේ බේරගත්ත..නොදැක්කා නම් මට ලොකු ගානටකට කෙලවෙනවත් සමගම සුද්දො දෙන්න මහ මග..

    මගේ හොදම යාළුවගේ වෙඩින් එකට ලංකාවට ආපු දන්නා කියන ඉන්දියන් කපල් එකක් එයාර්පෝර්ට් දාන්න යන ගමන් මගේ ඉන්දියන් යාළුවගේ වයිෆ්ට කකුළුවෝ කන්න ඕනෙයි කියල මම මීගමුවේ රෙස්ටුරන්ට් එකකට අරන් ගියා..වෙලාව රෑ දහය වගේ ඇති..රෙස්ටුරන්ට් එකේ හිටපු කන පැලෙන්න ගහපු වේටර් කෙනෙක් ඉන්දියන් යාළුවගේ වයිෆ්ට අත තියන්න ගිහින් ලොකු ප්‍රශ්නයක් වෙලා ජීවිත බේරාගෙන එයාර්පෝර්ට් එකට පැනගත්තේ බොහොම අමාරුවෙන්.. ඒ වගේ විනයක් නැති නුසුදුසු පුද්ගලයින් ඔය කරුමාන්තේ ඇතුලේ බහුලයි .. උන් ඉන්නකමුත් ඔය කරුමාන්තේ යන්නේ වල පළලටම තමයි..

    සුද්ද නිවාඩුවට ලංකාවට ආවම අපේ ටුවර් කොම්පැනි සුද්දට බලෙන් ලංකාව පෙන්නනවා.. සුද්ද ආපහු උගේ රටට යන්නේ එහෙ අවුරුද්දක් වැඩ කරාට වඩා මහන්සියෙන්.. ඒ වගේම සුද්දව දවස් හතෙන් හිඟන්න කරන්න දත මැදගෙන ඉන්න ගයිඩ් මහත්තුරු ඉන්නකම් ලංකාවේ ටුවරිසම් වලට අබ සරණයි..

    ReplyDelete
  4. බැක් පැකර්ස් ටුවරිසම් දියුණු කරන්න නම්,
    1. ත්‍රී වීල්, ටැක්සි සේරම මීටර් කල යුතුයි.
    2. ඕනෙම කඩේකින් ලාබෙට සහ පහසුවෙන් බියර් එකක් ගන්න පුලුවන් විදියට පත්විය යුතුයි.
    3. නවාතැන් කරුවන්ට එක එක ගනන් කියා රැවටිය නොහැකි වෙනසේ නවාත්න දෙන ස්තාන දැඩිව නියාමනය කල යුතුයි.
    4. නවාතැන් පහසුවෙන් සොයා ගැනීමට ඔවුන්ව booking.com, agoda.com හෝ වෙනයම් සයිට් එකක් හරහා ප්‍රසිද්ධ කල යුතුයි.
    5. ඔවුන් සපයන ආහාර වට්ටෝරුද ප්‍රසිද්ධ කල යුතුයි.
    6. විශේෂයෙන්ම google maps වැනි දේ භාවිතයෙන් තමන් අවට ඇති රෙස්ටුරන්ට්, බාර් වැනි දේ පහසුවෙන් සොයා ගත හැකි ඇප්ස් ස්තාපනය කල යුතුයි.
    බ්ලා.. බ්ලා

    ReplyDelete
  5. මට නම් හිතෙන්නේ උඹ ටුවරිසම් ඇමති නොවුනොත් උඹේ ශරීර සෞඛ්‍යයට බොහොම හොඳවෙයි කියලා..

    ReplyDelete
  6. ගංජා නීතිගත කරන එකට මමත් කැමතියි . කොහෙවත් සඳහනක් නෑ එව්වා සරීරෙට අහිතකර බව.

    ReplyDelete
    Replies
    1. සුරන්ගයෝ...නීතිය ගෙනාවට අවුලක් නැහැ..
      අපිට ගංජා ගහන්න අවශ්‍ය නැහැ. උඹ බ්ලොගක් කරනවා නේ...ඒ ඇති...

      Delete
  7. Tourism walin rate save wenne 20% .

    ReplyDelete
  8. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete