Saturday, June 17, 2017

මාඩි හිමාල් තරණය 1

මාර්ඩි හිමාල් යනු නේපාලයේ පොකරා ආසන්නයේ ඇති මීටර  5587ක් උස කදුවැටියකි. එම කදුවැටිය දැකබලාගන්නට සිදුකරන තරණයේදී මීටර 4500කට ආසන්න උසක් නැගිය යුතු වේ. නේපාලයේ පොකරා ආසන්නයේ ඇති තරණයන් කිහිපයකි. ඒ අතරින් අන්නපූර්ණා බේස් කෑම්ප්, පූන්හිල්, අන්නපූර්ණා රවුන්ඩ් ආදී තරණයෝ ප්‍රමුඛ ස්ථානයක් ගනී. පූන්හිල් යනු අන්නපූර්ණා සීමාවේ ඇති ජනප්‍රියම කදු තරණයකි. 
මේ උසින් අඩු මෑත කන්ද මාර්ඩි හිමාල් වේ.

අපේ ට්‍රෙකින් සහ නේපාල ට්‍රෙකින්. 


නේපාලයේ ජනප්‍රිය වූ සෑම ට්‍රෙක් එකක්ම පාහේ සංචාරකයින් සදහා ඇතිකල විශේෂ පහසුකම් වලින් සමන්විතය. ඒවායෙ ්අතරමැද නවාතැන් පොලවල් ඇති අතර විටෙක සති දෙකකටත් වඩා දිගු පාගමන් ද මෙසේ තැන් තැන් හී ලැගුම්හල් හි නැවතෙමින් ගමන් කරන අවස්ථා තිබේ. නේපාලයේ කදුකර භූමි හරහා පිවිසුම් මාර්ග තැනීම වියදම් අධික කටයුත්තකි. එම නිසා නේපාලයේ ඇතැම් ගම්මාන වල ජනී ජනයා තවමත් කර මතින් දින දෙකතුන පාගමනේ යෙදී සිය බඩු බාහිරාදිය සපයා ගනිති.

නේපාල ට්‍රෙකින් යනු එහි සොබාව සෞන්දර්යය, හා ජනජීවිතය හොදින්ම විදගැනීමට ඇති මාහැගි මාර්ගයකි. එහිදී අපට සැබෑ ස්වරූපය බොහෝ දුරට අත්විද ගත හැකිය. 
පා තරනයක යෙදෙන සංචාරකයෙක්

මාර්ඩි හිමාල් තොරාගත්තේ ඇයි.

පොකරා ආසන්න වඩාත් පහසු ජනප්‍රිය පහසුකම් වලින් අනූන මාර්ග තරණය වනාහී පූන්හිල්ය. එහෙත් එය මීටර 3500කට ආසන්න දුරක් දක්වා වන තරණයකි. එය වඩාත් ජනප්‍රිය හෙයින්ද උස ප්‍රමාණය අඩු  හෙයින්ද මා විසින් මාර්ඩි හිමාල් තරණය තෝරාගතිමි.

මා පොකරා වෙත ළගාවන විට අප්‍රියෙල් මස 7 වැනිදා රාත්‍රී 11 පමණ විය. හනි හනික විල අද්දරට පැමණ නවාතැනක් සොයාගෙන ඒ අසලින්ම තැනකින් හොදින් කා නින්දට වැටුනෙමි. ඊලග දිනයෙ ්එලියට බහින විට මා සිතූ තරම් සංචාරක පිරිසක් අවට නොවීය. එහෙත් විල අද්දරට යන විට එහි තැන ්තැන් හි සංචාරක පිරිස් සිටියෝය. මුලදී මා සිතාගෙන සිටියේ කිසිත් නොදන්නා දේශයක තනිවම යෑම අන්තරාය හෙයින් ගයිඩ් මහතකුගේ සේවය ලබාගැනීමටයි. 

මාර්ඩි හිමාල් මැප් එක
මාඩි හිමාල් තරණය ගයි්ඩ් වරුන්ගේ වාර්ථා අනුව දින 5-6ක ගමනකි. එම දිනකට ගයිඩ් මහතකු වෙනුවෙන් ගාස්තුව ඇමරිකානු ඩොලර් 25කි. දින පහකට එනම ්ෙඩාලර් 125කි. ඊට අමතරව නවාතැන් සහ ආහාර ගාස්තු අපි විසින්ම ගෙවිය යුතු වන්නේය. එක් තැනකදී මා ආධුනිකයෙකු බැවින් අමතර දවසක්ද එකතු කල යුතු බැව් පැවසීය.එවිට ගාස්තුව ඩොලර් 150කි. මෙම දිනකට ඩොලර් 25ක් යනු ගයිඩ් ගාස්තුව පමණකි..ඊට අමතරව අවසර පත් ලබාගැනීම ආදී කටයුතු ආදිය සංචාරක ගයිඩ් සේවාවන් විසින් සපයන නමුත් ඒ සදහාද මිලක් අප විසින්ම ගෙවිය යුත්තේය.

ට්‍රැකි්න් සදහා ගයිඩ්වරුන්සපයන මග පෙන්වන ස්ථාන බොහොමයක් මෙම පොකරා විල අසබඩ තිබේ. එව්න තැනක් නම් සොයාගැනීම අපහසු නොවේ. 

පොකරා විල අද්දර

පර්මිෂන් ගැනීම

මා පාතරාසය ගැනීමට විල මාර්ගයේ ඇති කඩයකට ගොඩ වුනෙමි. ආහාර අඇනවුම කර ඒ වා එනතෙක් මග බලා සිටින විට චීන කෙල්ලෝ දෙදෙනෙක්ද කොන්ඩය වවාගත් යුරෝපීය ජාතිකයෙක්ද පැමිණ අවන්හලෙන් ආහාර ඇනවුම් කලෝය. චීන කෙල්ලෝ දෙක එලියේ වාඩි වූ අතර අවට ඇති සෑම දෙයක්ම සේයාරූ වලට නගාගන්නට උත්සාහ ගත්තේය. සෙල්ෆි ගසමින් කන කෑම පංගුව පවා තුන ්හතර විඩක් පොටෝ වලට එක් කරගන්නට මහන්සි ගත් චීන කෙල්ලන්ගේ චරියාව ඇතුෙල් සිටි යුරෝපියානුවාටත් මටත් විනෝදයක් විය. එනයින් යුරෝපියානුවා හා කතාවට සෙට් විය. 
අවන්හල ඉදිරිපිට සිට සෙල්ෆි ගත් චීන කත
මා මාර්ඩි හිමාල් යන්නට සිටින බවත් ඒ සදහා ගයිඩකු ගන්නට සිටින බවත් කී විට යුරෝපියානුවා මට තදින්ම කියා සිටියේ එය ගයිඩන් අවැසි නොවන ට්‍රැකින් එකක් බවයි. මා තනිවම යනවා නම ්අවසර පත් ගත යුතු තැනද ඔහු මට පෙන්වීය. හොද මැප් එකක් ගෙන ඒ අනුව යන ලෙසත් ඔහු මට උපදෙස් දුන්නේය. මට දින කිහිපයක් අමතර තිබෙන හෙයින් මම තනියම යෑම ගැන ලොකු අවධානයක් නැතත් අවසර පත් කන්තෝරුව වතෙ හෙමි හෙමින් පිය මැන්නෙමි. විල අසබඩ සිරිය විදගනිමින් පැයක් හමාරක් පයින්ම ගිය විට අවසරපත් කන්තෝරුව තිබුනි. එහිදී කදු නැගීමට එක් අවසර පතකුත් අන්නපූර්ණා පලාතට එක් අවසර පතකුත් වශයෙන් අවසර පත් දෙකක් ගත යුතුව තිබුනි. මේ අවසර පත් ගැන කලින්ම දැන සිටි මම පාස්පෝට් එක සහ පාස්පෝට් සයිස් පොටා් කෑලි කිහිපයක් ලංකාවෙන්ම රැගෙන ගියෙමි.

විදේශිකයින්ට නම් අවසර පත් ලබාගැනීමට නේපාල රුපියල් දෙදාහක් ගෙවිය යුතුය. එහතේ අපි දකුනු ආසියාතික නිසා වැය වූයේ රුපියල් දාහටත් අඩු මුදලකි..දකුණු ආසියාතිකයන්ට එවැනි අවසර පත් ගාස්තුවල යම් අඩු අයකිරීමක් සෑම කදු තරනයකදීම පාහෙ ්දකින්නට තිබේ.

එතැනට ගිය විට එතැන අවසර පත ගන්නා කන්තෝරුවේ ගෑනුද පිරිමිද ආදී විදේශිකයෝ 15කට ආසන්න ප්‍රමාණයක් අවසරපත් ලබාගන්නට පෝලිමේ සිටියෝය. යොවුන් විදෙස් යුවතියෝද ඒ අතර විය. මෙතරම් සුකුමාර කෙල්ලන්ටද කිසිදු චකිතයකින් තොරව මෙම තරණයන් සිදු කල හැකි නම් මට එය නොහැකිවන්නට විදියක් නැත. යැයි සිතූ මා තනිවම යන්නට තීරණය කලෙමි.. අවසානයේ ඒ සුද්දාටත් අර අවසර පත් කන්තෝරුවේ සිටි පියකරු විදේශික යුවතියන්ට ත් පිංසිද්ද ව්න්නට මට අඩුතරමේ ඇමරිකානු ඩොලර් 125කවත් හොද ඉතිරියක් ලැබුනි. සැබැවින්ම තනිව ගමන කාලයක ඉතුරු කරගන්නටත් මට ඇවැසි පරිදි තැන් දැකබලාගන්නටත් විශාල අවකාශයක් දුන් ක්‍රමවේදයක් විය. 

පොකරා ෆෙවා විල අද්දර බෝට්ටු සවාරි

ගමනාරම්භය

මාගේ සියලු ඇදුම් පැලදුම් ආදිය කිලෝ හත අටකට නොවැඩිය. එහෙත් දින තුන හතරක් ඒවා මවිසින්ම ඔසවාගෙන යායුතුය. සාමාන්‍ය  මූලික මට්ටමේ මාගේ බෑගය ඒ සදහා තරම් නොවේයැයි සිතූ මා අලුතින් බෑගයක්ද මිලදී ගතිමි. ට්‍රෙකින් සදහා විශේෂ වූ සපත්තු යුගලක් මා කොළඹින් ම රැගෙන පැළදගෙන ගිය නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකලෙමි.

ශිත ඇදුම් හෝ කදු නගින ස්ටික් නොගත්තෙමි. ශීත ඇදුම් මා මිලදී ගන්නට  බැලූ මුත් ඒවා තවත් කිලෝ 2ක් වත් බර වැඩි කරන යම් බරක් ඇති ඒවා විය. ඇරත් ඉහල මට්ටමේ එතරම් සීතලක් නැති යැයි මා සිතීය.එම සීත ඇදුම් නොගෙන යෑම නම් අමනෝඥ තීරණයක් විය. මා ගමන සම්පූර්ණ කලද සීත ඇදුම් නොමැතිවීම යම් කිසි හෙයකින ්අනතුරක් වූවානම් දරුණු තත්වයකි. දිගටම ගමනේ යෙදෙද්දී ශීතල යනු එතරම් දැනෙන සාධකයක්ෙ නාවේ..කොටින්ම හිම මත  පවා වේගයෙන් ඇවිදන විට හිරරු රැස් පතිත වෙන අවස්ථාවේදී එතරම්ම සීතලක් ඇගට නොදැනේ..එහෙත් එකම තැනක වැඩිවෙලා ඉන්නට වූවොත් එයනම් සීථ ඇදුම් නොමැතිව අපහසුතාවට පත් වෙන අවස්ථෘවක් වෙනු ඇත.

මුලින්ම මා ඔස්ට්‍රේලියානු කෑම්ප් එකට යා යුතුය. එම ගමන හවසම පටන් ගන්නට යන විට මා සිටි නවාතැන් පොලේ උන්නැහේ නම් එයට වැඩි මනාපයක් නොවීය. එහෙත් සවස පටන් ගතහොත් අඩුතරමේ මුල් නවාතැනටවත් යා හැකි නොවැදැයි සිතා මා ගමන ආරම්භ කරන්නට පටන් ගත්තෙමි.

පොකරා සිට ඒ ඔස්ට්‍රෙේලියන් කෑම්ප් වලට යන ලෙහෙසිම පිවිසුම වන කාදේ වලට බසයකින් යා යුතුය.එම කාදෙ ්වලට යන බස් රිය අල්වා ගැනීමට පොකරා විල අද්දර සිට වෙනත් බසයකින් පැමිණිය යුතුය. සැබැවින්ම බස් අල්වාගත් මංසන්දි මතක නැති මුත් නේපාලි ජාතිකයෙකුගෙන් ඇසූ ඔවුන් මට පාර සහ බසය සොයාගන්නට මහත් උපකාර විය. 

බස් රිය තුල සිටි මවක්

බස් ගමන


බස් රිය ගමන පැයක්වත් නොවීය.එහෙත් තැනක තේ බොන්නට මෙන් බසය නැවැත්වීය. එතැනදී බැස්ස ඇතමුන් අරක්කු ටිකක්ද පානය කරන්නට වූයේ කිසිම කලබලයකනි් තොරවය. නේපාලයේ අරක්කු යනු ඕනෑම කඩයක විකුනන්නට ඇති පානයකි. බියර් සහ සිසිල් බීම එකම රාක්ක වල තිබේ.

එම බස් රියේ කොන්දොස්තර තැන අසල වූ කෙල්ලක සමග පෙම් කතාවක සිටියේය.මා බහින තැන පැහැදිලිව කීවත් ඒ උලමා මා නිසිතැන බැස්සූවේ නැත..ගමන තවත් පැය බාගයක් විතර වැඩියෙන් ගෙනගොස් මා බැස්සූවේ නයාපූල් නම් ප්‍රකට පූන්හිල් ට්‍රැකින් එක ආසන්නයේය.

එතැන බැස අසල කඩයකින් ඇසූවිට උගත් නේපාලි සිසුවෙක් මට වී ඇති දේ පැවසීය. මේ නයාපුල් පූන්හිල් ට්‍රෙකින් එක මද දුරක්  ගොස් මගදී මාරු වී අනෙක්  මගකින් මාර්ඩි හිමාල් වෙත පිවිසිය හැකි යැයි ඔහු කීවත් එය තරමක් වෙහෙසකර යැයි මට සිතුනි. එබැවින් කුඩා කාර් රථයක නැගී නැවත කාදේ වල ටආමි. කාර් රථයට එම අවස්ථාවේ ගාස්තුව රුපියල් 900ක් පමණ ගන්නා ලදී. එහෙත් කාර් රිය පැමිණීයා නොව කදුකර මාර්ගය දිගේ විද්දේය. මරුතියක් එවන් පාරක එතරම් වේගයෙන් යනු මා මුහුනදුන් තද අත්දැකීමක් විය.

හතර අතේ කැරකැවී කාදේ වෙත ලගාවන විට හවස පහට ආසන්නය. ඉක්මනින්ම ඉහලට නැගීමට පටන් ගත්තෙමි. අතරමගදී කන්ඩායමක් හමු විය. ඔවුන් අතර නේපාලි ජාතික සිසුන් තිදෙනෙක් සහ තවත් විදේශිකයින් විය. ඔවුන් සමග එකතු වී මා ඔසී කෑම්ප් වෙත පැමිණෙන විට කලුවර වැටෙන්නට ඔන්න මෙන්න විය. අසල තිබූ පැරණි පෙනුමැති නවාතැනක් මා තෝරාගතිමි. එහි කෑම බීමද සාධාරන මිලට ලැබුන අතර රසයෙන්ද අඩුපාඩුවක් නොවුනි. එය නමින් මාචාපිචු රෙස්ටුරන්ට් විය. එතැන නවාතැනට රුපියල් දෙසීයකි. රාත්‍රී සහ උදෑසන ආහාර බිල රුපියල් 600/=කට ආසන්න විය. 

ඔසී කෑම්ප් හි මා නැවතුනු ලොජ් එක




බස්රිය තේ බොන්න නැවතු හෝටලය

ෆෙවා විලාද්දර සංචාරක වීදියක්

විලාද්දර බෝට්ටු
මාර්ඩි හිමාල් 2 බලාපොරොත්තු වන්න

4 comments:

  1. නියම විස්තරයක්.

    ReplyDelete
  2. නියමායි... එළ කිරී.... මේ වගේ සංචාරක සටහන් කියවන්න අපි හරි ආසයි. ලියනෙක ලියන්න ගහක් ගලක් ගානේ. මොකද ඒ හැම දේකම ගතයුත්තක් තියෙනවා. ඊළඟ කොටහ එනකං බලං ඉන්නවා.

    ReplyDelete