Wednesday, September 5, 2018

ඊයා බෙයිෙෙෙෙ බීල පිස්සු කෙලලා නේ


ඉස්සර පොස් ඇන්ටියෙක් ගියාලු ගමේ. අමුඩේ ඇදන් ඉන්න මිනිස්සු දිහා බලලා. ආහ්.. චීයා එයාල පෙනිස් එක විතරක් වැහෙන්න නේ රෙදි එක ඇදන් ඉන්නේ? අපි එයාලට රෙදි ටිකක් දෙමුද කියලා ඇහුවලු.. ඉතිං ඒ වගේ පොස් පීපොල්ස් ලා ටිකක් දැන් ඇලුතින් පහල වෙලා ඉන්නවා. ඒ අය දැකලා ලකාවේ මිනිස්සු අරක්කු බාගෙට බත් පැකට ්එකට පෙලපාලි යනවා කියලා. ඒ වගේම බීලා වැටිලා ඉන්නවා කියලත් දැකලා.. ආ තව සිංදු කිය කිය පෙලපාලි යනවාත ්දැකලා. තව ඉතිං දැකපු දේවල් බලාගන්න පුලුවන් ෆේස්බුක් පැත්තේ ගියොත්.

අපි රටක් විදියට හිතතුවොත් හැමෝම එ ආපු අය සහ බලාඉදපු අය ඇවිල්ලා මිනිස්සු. සමහර විට පොල් අරක්කු බෝතලේට නැවෙන් නැති මිනිස්සු විස්කියට නැමෙනවා..ඒත් නැමේන් නැති අය වෙනත් හොද හොට්ල් වලින් කන ඒවට නැමෙනවා.. ඔහම නැමෙන පැකේජ් එක එක අයගේ වෙනස්. දැන් ඔය බොන කන මිනිස්සු කාපු බීපු හැටි උඩදාගෙන කවි දාගෙන වදන් දාගෙන සෙයා කරන අය නැමෙන්නේ මොන වගේ දේවල් වලටද? මම හිතන්නේ උන් නම් සමහර විට වැඩකරන තැන බොසාගේ තනි වචනෙටත් නැමෙන උන් වෙන්නත් ඇති.

පොස් පීපොල්ස් ඇන් ගමේ පීපොල්ස්

ඇත්තටම අපේ ගම කියල කියන්නේ  අපේ නාගරික පොස් පැලැන්තිය පට්ට ආස තැනක් නෙවෙ. කවිකාරයෝ කතා කාරයෝ විස්තර කරන ගම ඔන්න පෙලපාලියක් ආපු ගමන් වෙනස් වෙනවා. බයියෝ ඉන්න තනකොල කන උන් ඉන්න ගම. තුහ් නොදකින් බත් පැකට් එකට පාරේ යන උන්ඉනන් ගම. දේසපාලකයාගේන් රස්සාව ගත් උන් න්න ගම, බස් එකක් අරං ගිහින් ගොට්ටෝ පුරවන් එන් පුලාන් ගම කියාල ගමේ තියෙන වෙනදා මාකට් වැලියු එක පෙලපාලිය දවසට එක පාර අඩු වෙනවා.

ඇත්තටම ගමේ මිනිස්සුස ගන්නේ ආතල් එකක් නේ.. නිකං වාහනේ ලැබෙනවා. නිකං කොළඹ බලන්න ලැබෙනවා..කෑම තේවතුර ලැබෙනවා..ටිකක් පයින් යන්නත් ලැබෙනවා.කොටින්ම ඒක නිකං වන් ඩේ පැකේජ් එකකට එක්කරං ආවා වගේ වැඩක්.. ඉතිං ඒ ආතල් එක දිහා උපේක්ෂාවේන බලලා දුන්න සෝට් ලිව් එකේ ආතල් එකේ වෙන වැඩක් කරගෙන පාඩුවෙ ්ඉන්න බැරි වද හැත්ත මොකද කරන්නේ මෙන්නෝ බයියෝ බීලා..මෙන්නෝ රැස්සීම හිස්,.මෙන්නෝ මිනිස්සු ගෙදර ගිහින් කියලා සෙයා කර කර ඉන්නවා..ඇත්තටම ඒ ගමෙන් එන මිනිස්සු සෙට් එක ඒකෙන් ගන්න විනෝදය අවබෝධ කරගන්න තරම් සාහිත්‍ය මෙව්වා එකක් මම හිතන්නේ පොත් කියෝන උන්ට තියා පොත්ලියන උන්ට වත් නැහැ.

කලිසං අදින මහත්හොරු සහ සරං අදින මහත්වරු

අපේ කන්තෝරුව තියෙන්නෙත් කොටුවේ නේ..ඉතිං ඔය රැස්සීමට යන සෙනග දිහා බලං ඉදපු එකෙක් කියනවා අඩේ සරං ඇදපු උන් තමයි වැඩි. සරං ඇදපු කිසිම චාරයක් නැති උන් ය කියලා බනිනවා.. ඒ වගේම මම හිතන්නේ හෙට විතර උදේම යන පොස් පීපල්ස්ලා ඔය ගමෙන් ආපු අය කුනු අස් කරලා නැතොත් ඒවත් පොටෝ ගහලා සෙයා කරයි. ඒත් නිකමට හිතුවොත් මැච් එකක් බලන්න රුපියල් දාස් ගනන් ටිකට් අං යන පොස් එවුන් වගේම කෝච්චියේ සුපිරිම පන්තියේ ටිකට් අරං ඒසී එකේ යන ලොකු උනුත් මොකද කරන්නේ? ඉන්න තැන තැම්බ ගැහුව වගේකුනු දානවා.. කොළඹය හොද වැදගත් උන් එන රැස්සීමක්ය කියලා නැහැ. කන්න දුනනොතත් කොල ටික බිම. එක්කෝ කවර තැන් තැන්වල..

ඉතිං ආයේ මුලට ගියොත් ඇත්තටම සරං අදින්නේ මෝඩ මිනිස්සු. කලිසං අදින අය එහෙම නැහැ. කියලා කියන එක පොඩි අවුලක් තියෙනව නේ?

අපේ ස්මෝල් සයිස් එක.

අපේ ලංකාවේ ඉන්න තනතුරක මිනිහෙක් ගමු. අපි හිතමු එකවුන්ටන් කෙනෙක් ඉන්ජිනේරුවෙක් දොස්තරෙක් කියලා. ඒ මිනිහා හිතනවා අර පහල ඉන්න අනික් හැමෝටම වඩා පොර නිකං අමුතු රහත්වුනු බුදුවුනා වගේ තත්වෙකට ඇවිල්ලාය කියලා..ඒ වගේ උන් අනික් සමාජයේ පහල මිනිස්සු දිහා බලන්නේ අවඥා ඇසකින්.. ඒත් ඒ තනතුරු වලම ටිකක් දියුනු රටක මිනිහෙක් එක්ක සන්සන්දනය කලාම? එතකොට අපේ දොස්තර හොරු, ඉන්ජිනේරු හොරු සහ අනෙක් බෙහෝ වෘත්තියන් වල තත්වයක් නැහැ නේ..

ඇත්ත … ඉදලා හිටලා ලංකාවෙන් යන බුවෙක් ලෝකෙම වැඩ්ඩෙක් වෙනවා..ඒ වගේම ලංකාවෙන් දක්සයොත් බිහිවෙනවා. ඒත් තනතුරු දිහා මැදහත් විදියට බැලුවාම රට ඉන්න ඒ තනතුරේම එකෙක්ගේ කොලිටි එක අපේ බුවෙක්ගේ තියෙනවාද? අඩුගානේ තමුන්ගේ සේවකයින්ට අනික් මිනිස්සුන්ට ගරු කරලා කතාකරන්නවත් ද්නනවාද? ගොඩක් තැන්වල එහම නැහැ.. සුද්දෙක් ඇවිත් සුද්දාගෙන් ඉගෙනගත්තොත් මිසක බොහෝ තැන් වල අර ඔටෝමැටික් එන හැදියාවක් වගේ එකක් තනතුරු එක්ක ඇවිල්ල නැහැ.

අපි හිනාවෙනවා බොට රුජාවද?

ඇත්ත මිනිස්සු හිනාවෙන් ඕනි..ඒත් මේ හිනාවෙන කොට මේ හිනාවට ලක්වෙන්නේ තමිල්නාඩු කේරල මිනිස්සු නෙමෙයි. අපේ ම රටේ මිනිස්සු. අරක්කු බෝතලේට බත් පැකට් එකට ගියෙ ්නැති වුනාට විස්කි සොට් එකට හොද ලන්ච් ඩිනර් එකට සහ පගාව ලොකු ගානකට නැමෙන උන්ට සැබැවින්ම අයිතියක් තියෙනවාද? අර මිනිස්සුන්ට හිනා වෙන්න. ? ඒ වගේම තමුන් ලොකුය ිකයලා හිතං හිටියට මේ දූපතෙන් එලියට ගියාම පඩේක වටිනාකමක් නැති උන්ට පුලුවන්ද? ගොඩේ බයියෝය කියලා ඒ අර පෙලපාලි යන මිනිස්සුට අවමාන කරන්න? ටිකක් හිතන්න ඕනි කාරණාවක් නේද?

7 comments:

  1. One man one vote, right? (Weather Sarong or Kalisam, Baiyyo or Toiyyo).

    I know for fact that village people will not go to Colombo for 1000Rs, bottle and lunch packet (unless they support the party), they will go to the next town but not not to Colombo. (I come from a village and still do business there)

    ReplyDelete
  2. හෙණ ගහන්නැහේ තමුසෙ ඇත්ත කියලා තියෙනවා අමිල.. රෙස්පා ඈ

    ReplyDelete
  3. dan me set 1 colombo awe mokatada . anduwa aragena misa yanne naha kiyalane. ithin ehema apu set eke ewun beela wadiwela hospital yanakota , watila innakota , re 10 wenakota maruwela gedara yanakota minissunta hina yanawa .
    ehema nathuwa namal ge wedding ekata awith beela wadiwunata kawuruth mukuth kiyanne naha .
    kohoma wunath me minissu eliwenakan inne nathuwa gedara giye "unta hotal wala sepa gannai , apita pare laginannai dekak baha kiyala "

    ReplyDelete
  4. හැම කෙනෙක්ම විකිණෙනවාලු. හරියටම හරි යන 'මිල' හොයාගැනීම තමයි එකම ප්‍රශ්නය.

    ReplyDelete