Wednesday, July 31, 2024

සෙස් සීන් රූපගත කරන එක සාමාන්‍ය වුන චෙක් රට

 සෙස් කරන සීන් තියෙන පෝන් වෙබ්සයිට් වලට ලෝකේ පුරාම ලොකු උනන්දුවක් තියෙනවා. ඔය වීඩියෝ නිපදවීම ලංකාවේ ඉන්දියාවේ වගේ ගොඩක් රටවල  තහනම්. ඉතින් ඒ වගේ රටවල මූණ වහගෙන ඉන්න නිරූපිකාවෝ තමයි පෙනී ඉන්නේ. මොකද අහුවුනොත් ගස්.


චෙක් ජනරජය ඔය වීඩියෝ නිපදවීමේ ස්ථාන අතර යම් තැනක් ලබාගෙන ඉන්නවා. ඉන්ටනෙට් එකේ තියෙන ක්රමානුකූලව හැදෙන සෙස් වීඩියෝ වලින් සීයට දහයක් විතර චෙචියා නොහොත් චෙක් ජනරජයේ නිපදවෙනාව කියල කියනවා. ජපානයේ ටෝකියෝ, අමරිකාවේ ලාස් වේගාස්, ජර්මනියේ බර්ලින් වලට සාපේක්ෂව චෙචියා රටේ මේ නරක චිත්‍රපට හදන්න යන වියදම අඩුයි. රගපාන්න ලස්සන කෙල්ලොත් ඕන තරම් ලේසියෙන් හොයාගන්න පුලුවන්.

චෙක්මය සෙස් නිලියන් අමරිකාවේ ලොස් ඇනජලීස්, ලාස් වේගාස් මාර්කට් එකට ගිහින් එහෙත් හොදට රගපානවා. 


මිලියන 10 ක් වගේ ජනගහනයක් ඉන්න චෙක් ජනරජයේ ප්‍රාග් නුවර ඇවිදගෙන යනකොට සෙස් චිත්‍රපටි වල පෙනී ඉන්න නිලියන්, මගතොට පවා හමුවෙන තරමට සෑහෙන සුලබයි. හැබැයි මේ පෝන් වීඩියෝ නිපදවීම හිතුන හිතුන අතේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. පෝන් කර්මාන්තයක් විදිහට තියෙන අනෙක් සෑම රටකම වගේ චෙක් රටෙත් වයස පිළිබද නීති, දර්ශන පිළිබද නීති, ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීම ආදී දේවලට යටත්ව තමයි සෙස් දර්ශන එයාල රූපගත කරන්නේ. 

 






Tuesday, July 30, 2024

පිරිත් දුම්රිය සහ ටෙක්නො දුම්රිය හෑල්ල

 ලංකාවේ දම් රැජින , රෝස සමනලී, දුඹුරු ලමිස්සී වගේ විවිධ නම්වලින් බස් මොඩිෆයි වුනා. මේ බස් වල සීට්  සාමාන්‍ය විදිහම. ඒත් බස් එක ඇතුල අමු නයිට් ක්ලබ් එකක්. ලයිට්, ගෑස් ඒ වගේම හොද මියුසික් සිස්ටම් එක්ක ඇතුලෙ  තියෙනවා. ඒවගේ ට්‍රිප් යන කොල්ලො කෙල්ලො හොදට නටලා ආතල් එකක් ගත්තා. ටික දවසක් යනකොට අපේ පොලිසියට සමාජයට මේක දිරෙව්වේ නෑ. ඒ කල අය ඇත්තටම මගී ප්‍රවාහනයට බස් මොඩිෆයි කලේ නෑ. ස්පෙශල් ට්‍රිප් තමයි ගියේ. බස් එකේ පිටින් බැලුවම තොරණමය ගතියේ අවුලක් තියෙනවා. ඒ වගේම බස් එක පාර පුරා හෝන් ගගහ යනවා නම් ඒකෙත් අවුලක් තියෙනවා. ඒත් ඒ බස් එක ඇතුලේ පාර්ටි වයිබ් එක මැක්සා.. 


ඉතින් ජර්මනියේ මෙහෙම ඇතුලේ තනිකර පාර්ටි වයිබ් එක තියෙන කෝච්චි යනවා. ඒක ඇතුලේ ටෙක්නෝ මියුසික් ආදී පාර්ටි මියුසික් ප්ලේ වෙනවා. මේ කෝචචියේ ටිකට් ඔන්ලයින් දැම්ම විතරයි සුරුස් ගාල ඉවර වෙනවා කියල තමයි කියන්නේ.ඉතින් ඒවගේ ඇතුලේ තරුණ සෙට් පිටින් බැහැලා ෆුල් ආතල් එකක් ගන්නවා. 


අපෙත් අවුරුද්දකට කීප වතාවක් ආගමික කේස් වලට නම් කෝචචි යනවා. මේ තියෙන්නේ පිරිත් දුම්රිය. මේක මතක විදිහට බෙලිඅත්ත ඉදන් අනුරාධපුරයට, කන්කසන්තුරයට ගියා. ඒ වගේම මඩු පල්ලි උත්සවයට, අටමස්ථාන හිමි නමගේ ආදාහන පූජෝත්සවයට, පිච්ච මල් පූජාවට වගේ දේවලටත් අපේ අය අලුතින් කෝච්චි දානවා. හැබැයි අපේ රටේ තාමත් මෙහෙම විනෝදය මූලික කරගත් ආතල් වෙනුවෙන් කෝච්චි වෙන් වෙන්නේ හරි අඩුවෙන්. සීට් පේලි ටිකක් ගලෝල. හොදට මියුසික් සෙට් කරලා අපේ වියලි කලාපීය සෙට් එකක් කෝච්චියෙන් කොළඹ ඇවිත් ආතල් එකක් අරගෙන යනවා නම් ඒකේ කික් එකක් තියෙනවා. 







 

කුරුලුගල සහ මෙදේරිපිටිය

 

අපි ගැටබරුව වැදල ඉවර වෙලා දෙනියාය පැත්තට ආවා. මුලින්ම අදහස තිබුනේ පැට්නා යන්න. පැට්නා ගිහින් ලිස්සන එක ආතල් වෙන්න ඇති කියල හිතුනා. ඒ අදහස තියාගෙන මැප් එකේ දාගෙන දෙනියයාත් පහු කරලා අපි ජූස් එකක් බොන්න නැවැත්තුවා. රසම රස වැල්දොඩම් ජූස් එකක් ඒ ජූස් කඩේ ඇන්ටි අපිට හදා දුන්නා. ඒ අංකල් කිව්වා ඒ පැට්නා වීව් පොයින්ට් යන්න සාමාන්‍ය කාර් එකකට බැහැලු. වෙන වාහනයක් අරගන යන්න ඕනලු. අපි දෙන්නයි නේ. තව වාහනයක් ගන්නත් තව වියදමක් යනවා. ඉතින් ඒ නිසා කෙලින්ම කාර් එකෙන් ගිහින් බලන්න පුලුවන් තැනකට සෙට් වෙන්න ඕනි කියල අපි හිතුවා. ඒ ගමන අපි කුරුලුගල එන්ටරන්ස් එකෙන් සිංහරාජයට යමු කියලා කතාවෙලා මැප් එක අනුව ගමන කලා. ඉතින් ගිහින් එක හන්දියකදි හමුවුනා ඒ තැන නවත්වලා තියෙනවා මහේන්දුා ජිප්. ඒ ජිප් රියදුරුලා කිව්වා අපිට කාර් එකෙන් කුරුලුගල පිවිසුමටත් යන්න බැහැය කියලා. ඒ ගමනඅ ාෙය්ම හරවගෙන අපි ලංකාගම එන්ටරන්සමට මැප් එක දාගෙන ආවා. 

 

මේ දෙනියාය පැත්තේ ගූගල් මැප් නම් හරිම අජපල්. යන්න බැරි පාරවල් පෙන්වනවා. හොද පාරවල් මිස් කරනවා. සමහර විට ඒ පැතතේ ජිප් කාරයෝ හිතාමතා ගූගල් එකට වැරදි ඩේටා දීලද මන්දා. කොහොම හරි හරිහමන් එන්ටරන්ස් එකකට මැප් කරගන්න සෑහෙන දුකක් විදින්න ඕනා. ඉතින් අපි ලංකාගම යන්න ආවට ඒ පාර සෙට් වුනේ මෙදේරිපිටිය හරහා. මෙදේරිපිටියෙන් ලංකාගමට තියෙන අප්සට් පාරේ කාර් එක යන්න අමාරුයි නේ. ඒ පාර අපි රු පන්සියක් දීලා මෙදේරිපිටිය එන්ටරන්සමෙන් සිංහරාජයට පිවිසෙන්න තීරණය කලා. ඇත්තටම ඔය දෙනියාය පැත්තේ සිංහරාජයේ එහෙම යන්න ඉන්නවා නම් මගදිගට පාර අහගෙන යන එක වාසියි ගූගල් මැප් බලාගෙන යනවට වඩා. 

 



Monday, July 29, 2024

කොට්ටව තේ වතුර පොට් එක

අපි මුලින්ම ගමන පටන් ගත්තේ හපුගල ඉන්ජිනේරු ෆැකල්ටි එකෙන්. ඉතින් එතැන ඉදලා රට ඇතුලේ පාරක් තමයි පෙන්නුවේ සිංහරාජයට සහ ගැටබරුවට. ගමන පටන් අරන් පැය බාගයක් විතර ගිහාම අපිට මේ කොට්ටව කැලේ තේ වතුර බොන තැන සෙට් වුනා. 

 
කොට්ටව කැලේ දෙවන ලෝක යුද්දෙදි ඉංගිරිසි හමුදා වලට පාවිච්චි කරලා තියෙලු. දැන් නම් ඒකේ එක පැත්තක නාන තටාකයක් එහෙම තියෙන ලස්සන තැනක් තියෙනවා.
මේවෙලදාම් කරන කට්ටිය නම් තාවකාලිකව මේ වැඩේ කරන අය සෙට් එකක් වෙන්න ඕනි. එයාලගෙන් අපි තැඹිලි බිව්වා. උණු කල කිරි තියෙනවා කිව්වහම ඒවත් ගත්තා. පොල් රොටි ශාහ්..ොගඩක් තැන්වල පොල් රොටි වලට වඩා මෙතන පොල් රොටිය ලොකුයි. පොල් රොටි කන්නට කලියෙන් අපි රෝල් එකකුයි එලෝලු රොටියකුයිත් කෑවා. තව දුරියන් ඩොංකා මැංගුස් එහෙමත් විකුනන්න තිබුනා. කෙසෙල්ගෙඩිත් තිබුනා. 

 
අපි එතන නැවතිලා ඉද්දි තේවතුර බොන්න පොලිස් මාමා කෙනෙක් ආවා. තංගල්ල පැත්තේ බයික් ඇක්සිඩන් එකකින් ඒ බයික් එකේ ගිය මිනිහා මාස දෙකක් කරාපිටිය ඉස්පිරිතාලේ ඉදලා මැරිලා. ඒ බයික් එකේ හිමිකරු ගාල්ල දිහා කෙනෙක්. ඉතින් ඒ හිමිකාරයා හොයන්න තමයි පොලිස් මාමා පිටත් වෙලා තිබුනේ. හක්මන ඉදන් බයික් එකෙම එන ගමන. පොලිස් මාමටත් එතන කෑම නම් හොදට සෙට් වුනා. එයත් රොටි දෙකක්ම කෑවා. රොටි කන්න බිම්මල් කරි සහ කොච්චි සම්බෝලෙකුත් තිබුනා.


Sunday, July 28, 2024

Getabaru Wandanawa

 

අපි උදේම ගැටබරු දේවාලෙට ගියා. ඒක තියෙන්නේ මාතර දෙනියාය පාරේ මොරවක හරියේ. ඔතනින් එහා මෙහා දෙනියාය එහෙම ගිහින් තිබුනාට මම ගැටබරු දේවාලෙට ගිහින් තිබුනේ නෑ. ඒ නිසා ඒක බලාකියාගන්න ගියා. පාර දේවාලෙට එනකල් හොදට තියෙනවා. ඒත් උඩ ලොකුවට පාකින් ස්පේස් නැහැ. ඒ නිසා ොගඩක් මිනිස්සු ගැවසෙන දවසක නම් සමහර වි උඩට ගියාට පාක් කරගන්න තැනක් නැතිවෙන්න පුලුවන්. අපිත් ටික්ක පහලින් තමයි වාහනේ දාගත්තේ. 
 
සෙනසුරාදා දවසක් නිසා එතන සෙනග ොගඩක් හිටියා.ගොඩක් අය දේවාලෙට පූජවට්ටි තියන්න බාරහාර වෙන්න තමයි ගොඩක් උත්සාහ කලේ. දේවාල කපුවා ඒ ඒ නම් කියලා විබාග සමත් වෙන්න , ව්යාපාර සරුවෙන්න කියලා සද්දෙන් ආශිර්වාද කලා. අපි උඩට ඇවිදං ගියා. උඩම කොටසේ චෛත්ය වහන්සේ වැඩ ඉන්නවා. ඊට පාත බුදු පිලිම වහන්සේලා වැඩ ඉන්නවා. කුඩා බෝධීන් වහන්සේ නමකුත් ඒ ගැටබරු විහාර පරිශ්රයේ තියෙනවා. නිවාඩු දවස නිසා ටිකක් කට්ටිය හිටියා. උඩ තැන්වල අවිනීතිව හැසිරෙන්න එපාය කියල දැන්වීම් ගහල තිබුනා. මම හිතන්නේ සතියේ දවස්වල එහෙම පෙම් ජෝඩු අවිනීතිව හැසිරෙන්න මෙතන යොදාගන්නවා ඇති.





 
 

Wednesday, July 24, 2024

මාතලාගල ගමන 3








 උදේම මාතලාගල නගින්න ලෑස්ති වෙනකොට අපේ ටීම් එකේ සමහරු ඉක්මනට යං අපිට ඔය ගමන්ම ලකේගලත් බලන්න යන්න පුලුවන් කියල කිව්වා. ඒ වුනාට මම නම් ඒක ඒ හැටි ගනන් ගත්තේ නැහැ. මොකද එක කන්දක්නැගල බැහැලා තව එකක් නගින එක දවසකට වෙහෙසකර වැඩක්. ඉතින් කඩිමුඩියෙ දඩි බිඩි ගාල ගිහින් අපේ අය ඉක්මනටම වෙහෙසට පත් වුනා. ඒ කරලා අපිට කලින් ගිය නිසා වෙලාවත් ඉතුරු වුනා. එ ගමන අපි බැහැලා නාල කියල ආයේ එන්න ආවා. නාරංගමුව මීමුරේ තරම් මරියකඩේ තත්වයට තවම පත්වෙල නෑ. අපි රෑට නවාතැන් අරගෙන උදේට දවල්ට දෙකටම කාල හතරදෙනාටම රුපියල් හත් අටදාහක් තමයි වියදම් වුනේ ඔක්කම.මේ නාරංගමුවේ ඉදන් ඉක්මනින් බඩගාලා ලස්සන බලලා එන්න පුලුවන් ලොකේශන් කීපයක්ම තියෙනවා. ටවුන් එකේ රස්නෙන් මිදිලා කදුකර වතුර තියෙන පලාතක ගිහින් පොඩි විවේකයක් අරං එන්න හිතනවා නම් නාරංගමුව හොද තේරීමක් .


 

Sunday, July 21, 2024

මාතලාගල 2

 නැවතුන ගෙදර අයියට කියල පාන්දරම බත් ගෙඩි ටික හදාගෙන අපි ගියෙ. ඒ වුනාට ඒ බත් කෑවෙ ආයෙම නවාතැනට ආහම. අපි උදේ හත හමාරට විතර නාරංගමුවෙන් පිටත් වුනා මාතලාගල මුදුනට යද්දි 10.30 වගෙ ඇති. කෑම්පින් කරන්න යන්නෙ නැත්තං ඒ හැටි වතුර අරන් යන්න ඕනන්නෙ නෑ. මොකද වතුර තියෙන දියදහරා කීපයක්ම අපි මගදි පහුකරගෙන ගියා. උඩට ගිහාම තේවතුර එකක් එහෙම තිබුන නම් හොඳයි කියල හිතුනා. ඒත් අපි අරං ගියෙ නෑනෙ. 

ගල උඩ කට්ටිය කෑම්ප් කරල තිබුනා. ඒ වුනාට ඒ හැටි හැඩිවෙල තිබුණෙ නෑ. මග වගෙම උඩත් සෑහෙන පිරිසිදුවට තිබුනා. ආපු උදවිය පොලිතින් ප්ලාස්ටික් ආදිය ආපිට අරගෙන යන්න ඇති.













Saturday, July 20, 2024

ගල්ගෙඩි සහ මාතලාගල

  ගල්ගෙඩි උඩට නගින එක ආතල් වැඩක්. මේ ගල් උඩ නැග්ගම බොහෝ වෙලාවට සිරා බූමි දර්ශන සෙට් වෙනවා. මේ මාතලාගල ගල උඩටත් අංශක 270 ක විතර විසාල පදාසයක් පේනවා. වියලි කලාපීය ගල්ගෙඩි උඩට නැග්ගම වටේම තැන්න. සමහර තැන්වල වතුර, ගම්මාන ආදිය පේනවා. මාතලාගල උඩට නැග්ගම එක පැත්තකට තියෙන්නේ තනිකරම කඳු. 


මේ ලගම පේන තැනක තමයි කාලයක් පෞරාණික ගමක් වෙලා පහුගිය කාලෙ වීකෙන්ඩ් වලට දෙල්කඳ පොල වගෙ වුන මීමුරේ තියෙන්නේත්. මීමුරේට මහ මෙරක් වගෙ පේන ලකේගල මාතලාගල උඩට තවත් එක ගලක් විතරයි. මාතලාගල මතුපිට ලිස්සන්නෙ නෑ. ගල උඩට අපි ගිය වැහිකාලෙ නිසාද මන්ද වටේටම කොල පාටට පේනවා. ගල උඩට අලි බෙටි තිබුනා අලි හිටියෙ නෑ












Friday, July 19, 2024

මාතලාගල යන්නට කලියෙන් දවස

 

මාතලාගල ගමන අපි පටන් ගත්තේ සෙනසුරාදා හවස. සෙනසුරාදා හැන්දෑවේ මිතුරාගේ කාර් එකට රාගමින් සෙට් වුනා. අපිට යන්න තිබුනේ නාරංගමුවට. නාරංගමුව මීමුරේ කිට්ටුව ගමක්. අපි බැලුහාම පාරවල් කීපයක් තියෙනවා. ඒ අතරින් දඹුල්ල බකමූණ හරහා පාර හොද වගේ තේරුන නිසා ඒකේ ගමන තෝරාගත්තා. කදිම හෝටලයක් හමු වුනා මාර කැෆේ කියලා දඹුල්ලෙන්. අපි ඒකෙන් රෑට කෑවා. රෑට කාලා බකමූණ දිහාට යනකොට රෑ 11 විතර වෙලා. අපි යන එක ගැන බකමූණ පොලිස් පෝස්ට් එකේ පොලිස් මහත්තුරු කැමති වුනේ නැහැ. එයාල කිව්ව විදිහට ඒ පාරේ අලි ඉන්නවා. අලි නම් හම්බ වුනේ නැහැ. ඒත් නාරංගමුවට කිට්ටුව පාර සෞත්තුයි. ඒ පාරේ අදිනකොට අපි ගිය ප්‍රියස් එකේ අවුලක් වෙලා හිට්ටා. හොද වෙලාවට ඒ අමතර යුනිටත් අපේ සුරේෂ් මිතුරා අරගෙන ඇවිත් තිබුන හින්දා ඒ කාර්මික දෝශය හදාගෙන අපිට රෑ 12 විතර නාරංගමුවේ රෑ නවාතැනට ගොඩවෙන්න පුලුවන් වුනා. රාගමින් අපි ගමන පටන් ගත්තේ හවස 6ට වගේ නවතැනට යනකොට මහිතේ රෑ දොලහත් පහු වෙලා