Friday, December 16, 2011

එංගලන්ත සිසුන් ගණිකා වෘත්තයට එළඹීම වැඩිවෙලා

එංගලන්තයේ සිසුන් දැන් දැන් ලිංගික දේවලින් මුදල් ඉපයීමට පටන් ගෙන ඇති බවත් ගෑනු ලමුන් සහ පිරිමි ළමුන් ගණිකා වෘත්තියෙන් මුදල් හම්බ කරගෙන ඉගෙන ගැන්මට යොමුවී ඇති බවත් එංගලන්ත ජාතික ශිෂ්‍ය සංගමය පවසයි.මෙතෙක් කලක් ඔවුන්ට රජයෙන් දුන් අධ්‍යාපනය සඳහා වන සහන නොලැබී යෑම මෙසේ සිසුන් ගණිකා වෘත්තිය කරා නැඹුරු වීම වැඩිවීමට හේතු වී ඇතැයි ඔවුන් පවසයි.
මෙසේ සිසුන් ලිංගික වෙළඳාම් වලට සිය ශරීරය දන් දීමට යොමු වී ඇත්තේ එක්සත් රාජධානිය මේ වන විට මුහුන පා ඇති දැඩි ආර්ථික අවපාතය හේතුවෙනි.ජීවන වියදම සහ අධ්‍යාපනය ලබන සිසුන්ට ඇවැසි වෙනත් පහසුකම් වල මිල සීඝ්‍රයෙන් ඉහල යෑම ඔවුන් ගණිකා වෘත්තිය කරා යොමුකිරීමට අනුබල දී ඇත.

පසුගිය වසර දහය තුල ලිංගික වැඩවලින් මුදල් උපයන සිසුන් ප්‍රතිශතය සියයට 3 සිට සියයට විසිපහක් දක්වා සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බවත් මේ වාර්ථාව කියයි.මෙතනින් ඔබට මේ සියලු තොරතුරු ඉංග්‍රීසි බාෂාවෙන් බලාගත හැක.
අධ්‍යාපන පෞද්ගලිකරණය ගැන සහ සහ එංගලන්ත සහ එක්සත් රාජධානි වල අධ්‍යාපනය හැදෑරීමට යන අය මේ මානය ගැනත් සැලකිලිමත් වීම උච්ත බව මගේ අදහසයි..උපුටනය බීබීසි පුවත්.

10 comments:

  1. හ්ම්........... ඒකත් එහෙමද? දැනුවත් කිරීමට ස්තුතියි

    ReplyDelete
  2. සික්.. අපසාදේ ලංකාවේ හිටියේ.......

    ReplyDelete
  3. ලොකේ පරණම රස්සාව නොවැ

    ReplyDelete
  4. ස්තූතියි ඔබලාට...

    ReplyDelete
  5. අනේ... සියලු තොරතුරු ටික සිංහල භාශාවෙන්ම දාන්න බැරිද?

    ReplyDelete
  6. දැනුවත් කිරිමට ස්තුතියි.. පහුගිය කාලේ එංගලන්තේ සිසුන් කලබල කලේ ඔය ඔවුන්ට දෙන වරප්‍රසාද කැපුවට.. ඉතින් මෙහෙම කරන එක පුදුමයක් නෙමෙයි..

    ReplyDelete
  7. අනුරාධ මගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඒ තරම් පලල් නෑ..ඒ නිසා මේ වගේ ආටිකල් එකක් සම්පූර්ණ පරිවර්ථනය කරන්න අමාරුයි.අනික එහෙම කවුරුහරි කරත් ඒකෙ තියෙන සම්පූර්න දේවල් ටික සිංහලෙන් දෙන්න අමාරුයි..

    ReplyDelete