Tuesday, February 14, 2012

නීතියට අපි වඳිමුද?

සති අන්තයේ එක් දිනෙක මා ගෙදර ගියෙමි. එවිට වෙනදා පරිද්දෙන් මහ හයියෙන් කෑ ගසමින් සිටින අතර අපේ සාලය මැදින් කුස්සිය දෙසට කාමරයක සිට කෙල්ලක දුවනු දිටිමි. අපේ නංගීගේ යාලුවෙකුගේ වයසේ විය යුතුයැ. එහෙත් ඉන් පෙර නොදිටි කෙනෙක් විය. පසුව නංගීගෙන් ඒ යාලුවා ගැන විමසීමි. තාත්ත ඔය..... පැත්තෙ ඉන්න අපේ නෑයො බලන්න ගියානෙ ගිය සතියෙ..එතකොට මේ නංගි නවත්තගන්න ඇහැකිද කියල අහල. මෙයා මේ පාර ඕලෙවල් පාස් වෙල ඒ ලෙවල් කරන්න ඉන්නෙ.. ඒ පැත්තෙ ක්ලාසුත් නෑලු..ඉස්කෝලෙත් මෙහෙ තමයි දාල තියෙන්නෙ. ඉතින් අපේ ගෙදර මට තනියටත් එක්ක තාත්ත මෙහෙ නවත්තගන්න කැමති වෙල. අපේ නංගී විසින් පැය බාගයක් විතර විස්තර වරුනා සහිතව මා ප්‍රවෘත්ති බලන අතර ඔය දිග අවාසනාවට ඇත්ත කතාව කියාගෙන යන ලදී. මට එතරම් වැදගත් කමක් නැති නිසා මා එතරම් කන් දුන්නේ නැත. ඇයට මේසයක් තිබේද? කියන ප්‍රශ්ණයට පමණක් මා උත්තරයක් සොයා මා එන්නට ආමි.


ඒ ගෑල්ලමයා එතරම්ම ලක්ෂනක් නැති උවත් පියකරු යුවතියකි. එහෙත් මාර ලැජ්ජා කාරියෙකි. මා සාලයේ සිටීනම් අසුනක වාඩි වීමටවත් ඇය බයය.
පසුව දැනගත් පරිදි ඒ නංගී අපේ නෑයෙක් වෙයි. බොහොම දුර පැත්තකින් නෑවෙන කෙනෙකි. නමුත් නෑකම නිවැරදිව ගන්නේ නම් ඇය මගේ දුවෙක් වෙයි.
මේ ළඟදී මා ගෙදර යන විට ඇය එක්වරම පාසැල් ඇරී ඇවිත් කාමරය වසාගෙන අඬමින් සිට කොහේදෝ සිටි නැන්දා කෙනෙකු ටවුමට එනවාය ඇය සමග යන්නට යනවාය කියා අඬන මුහුනින්ම යන්නට ගියාය. බොහොම යව්වන වයසේ ඇය කොල්ලකු සම්බන්ධ කතාවකට සම්බන්ධ වී ඇතුවා විය හැකි බව මා සිතීමි. එසේම ඇය ඉන්පෙර ජංගම දුකෙහි එල්ලී සිටිනවා කතාකරනවාද මා දිටිමි.


පසුව සිද්දිය අනාවරණය විය. බොහෝ සෙයින් ජනප්‍රිය වූ මීට වසර 18කට පෙර සිදුවූ මිනීමැරුමකට වැරදිකරුවෙකු ලෙස ඇගේ පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට නියම වී තිබුනි. ඒ මිනීමැරුම් සිද්දිය වී තිබුනේ මා ඉහතින් සඳහන් කල දියණිය ඉපදීමටත් ප්‍රථමයෙනි. මේ පුද්ගලයා අපි සයිමන් ලෙස ගමු. සයිමන් ඒ මිනිමැරුම් සිද්ධියෙන් පසු විවාහ විය. එම විවාහයේ දරුවන් දෙදෙනකි. ඔවුන්ට ජීවිකාව සරි කරගැන්ම අමාරු වූ නිසා සයිමන්ගේ බිරිඳ විදෙස් ගත විය. විදෙස්ගත බිරිය ලංකාවට එනවිට  වෙනත් කසාදයක් කරගෙන ආවේය. එසේම සයිමන්ද පසු කලෙක විවාහයක් කරගන්නා ලදී. මා ඉහතින් කියන ලද නංගී අයිති වන්නේ සයිමන්ගේ පලමු විවාහයේ දරුවන්ගෙන් වැඩිමහලු දරුවාටය.
කලක් ගොස් මිනිමැරුම ගැන අනාවරණය වී ඇත. දැන් අර කිව් නංගීට වියදම් දෙන්නට කෙනෙක් නැත. ඒ නංගීට පහල කසාද දෙකකට අයත් තවත් දරුවන් තුන් දෙනෙකි. ඔවුන්ද අසරණ වී ඇත. 
අපේ නිවසට පැමිණ සිටින කෙනාටනම් ක්ලාස් සොයාදීම නවාතැන් දීමේ සිට ඉගනීම දක්වා සියලු කටයුතු අපේ පියා මම සහ මගේ සහෝදර සහෝදරියන් විසින් සිදුකරනු ඇත. නමුත් ඉතිරි තිදෙනාට??
හිරගෙදර දී බරපතල වැඩ සහිතව සිරගත වුවත් ඒ කරන බරපතල වැඩ වලට මිලක් නොලැබෙන්නේ ඇයි දැයි මට නොතේරේ. අපේ පියා අවරුදු 17 සිට උදැල්ල කරතියොගෙන මහපොලව සමග බරපතල වැඩ ඔහුට අවරුදු හැට ගානක් වන මෑතක් දක්වාම කරගෙන යයි. උදේ පටන් ගන්නා මහපොලව සමග සෙල්ලම සමහර දිනෙක කරුවල වැටෙන තෙක් කරන්නට වෙන දිනද තිබුනි. ඒ වෙහෙසීමෙන් ගත් මුදල් වලින් බොහෝ අයට හිතසුව පිණිස වැඩ කරන ලදී. කොටින්ම කොළඹ කන්තෝරුවකට වී මහ වැස්ස වෙලාවේ ඇතුලට වී බ්ලෝග කොටන්නේද ඒ පියා කල බරපතල වැඩ වලට ලැබුනු මුදල් නිසාය.
සිරගත වන පුද්ගලයින් බොහොමයකට සිය දරුපවුල් ඇත. දුක්විඳින දරුවන් පවුල මෙලොව තනිකර ඔවුන් තනිවම අපා ගත වනවා වැනි ආකාරයකට මිනිසුන් වැරදි කරුවන් වී සිරගෙට යයි. ඔවුන් මේ ලොව තනි වෙයි. අපේ කන්තෝරුවේ වැඩ කරන කෙනෙකු ආසන පටි නොපැලද වාහන පදවා උසාවි ගොස් දුටු කතාවක් විස්තර කලේය. රුපියල් එකොලොස් දාහක් සොරකම් කොට අසුවී මාස තුනකට සිර ගත වූ කෙනෙකු ගෙනයන විට ඔහුගේ බිරිඳ සහ මන්දබුද්ධික දරුවා වැලපුනු ආකාරය ඉතා සෝ ජනක බව ඒ පුද්ගලයා කීවේය.


ඒ ඇතුලට යන පුද්ගලයින් යම් කිසි කරුමාන්තයකට හුරු කොට ඒ කරුමාන්ත යම් යම් ආකාරයට වෙළඳ පොල වෙත යොමුකර රුපියල් දාහක් දෙදාහක්හෝ සිරගතව සිටින්නන්ගේ පවුල්වල අයට යොමුකල හැකි ක්‍රමයක් හදන්නේ නම් හොඳය. එවිටඒ එයට රජයට බරක් නොවී ඇතුලේ සිටිය හැක. එසේම මුදල් නැති කමින් දරුවන් සහ පවුල විෂමාචාර වලට යොමුවීම අවමකරගත හැක.
උදා කසිප්පු වෙළදාම් කරන සිරිපාල පොලිසියෙන් අල්ලා අවුරුද්දකට දෙකකට ඇතුලට යැවූ විට ජීවත් විමට විදියක් නැති සිරිපාලගේ පවුල යලිත් කසිප්පු බිස්නස් එක පටන් ගනී. ඒ අකාරයට ඔවුන්ගෙ දරුවන් පොඩි පොඩි සොරකම් වලට සහ කුඩු බිස්නස් ගංජා බිස්නස් වලට යොමු වෙයි. එවිට ඒ සියල්ල අල්ලා සිරගත කලවිට විෂමාචාර අඩුවේයැයි අපේ සමාජය සිතයි. අපේ ඇඟේ කිසිවෙක් නොවදින පරිදි අපි ආරක්ෂා වීමේ ආත්මාර්ථකාමී ක්‍රමවේදයක් මේ සමස්ථ බන්ධනාගාර පද්ධතිය සහ නීතිමය පද්ධතිය තුල ඇතැයි මට සිතේ..

9 comments:

  1. දුක්ඛදායක තත්වයක්.පවුල් අනාථවෙනව තමා,විශේශයෙන් ලමයි.විශෝධන මද්‍යස්ථාන (Offenders Center)වල නම් ඔය කර්මාන්තවලට හුරු කිරීම් කෙරෙනව.ඒත් කොයිතරම් ප්‍රායෝගිකද කියල නම් හරියටම කියන්න දන්නෙ නෑ.

    ReplyDelete
  2. අයියගේ ලිපිය කියවනකන්ම ඒ ගැන මම හිතුවේ නෑ හැබැයි මම දන්න තරමට යම් යම් තැන්වල මෙවැනි ගෙවීම් සිද්ධ වෙනවා.... මගේ පියා වටරැක එළිමහන් සිර කඳවුරේ ජේලර් ලෙස අවුරුදු 5ක් පමණ සේවය කරා... අහම්බෙන් එහි ගිය මට දැකගන්න ලැබුනේ කූඩු කල මිනිසුන් වෙනුවට විවිධ වැඩ කරන සිරකරුවන් අතිශය දැකුම්කළු පරිසරයක් තිබුනේ... විවිධ එලවළු පලතුරු සත්ව පාලනය ඒ විතරක් නෙමෙයි අවන්හලේ සේවය කලේත් සිරකරුවන්... ඒ සඳහා ඔවුන්ට ගෙවීමක් ලැබෙනවා මා දන්නා පරිදි...මෙහි සිටින සිරකරුවන් පැන ගියත් නැවත පැමිණ භාරවෙන බවටත් මගේ පියා පවසා තිබෙනවා....

    ReplyDelete
  3. ස්තුතී මෙහෙම ලිපි දානවට.. ජය ශ්‍රී !

    ReplyDelete
  4. මට හිතෙන්නේ මේ වගේ අපේ අදහස් අදාල තැන්වලට යොමු කරලා වැදගත් ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙන එක හොඳයි කියලා..විශේෂයෙන්ම නීති පද්ධතියේ කාලයට අනුව වෙනස් විය යුතු දේ බොහොමයි..

    ReplyDelete
  5. යුරෝපා රටවල නම් සිරකරුවන්ගෙන් වැඩ අරගෙන ඔවුන්ට යම් කිසි පඩියක් ලැබෙනවා,, ඇත්තටම අපේ රටවල කවදා ඒක වෙයිද දන්නේ නෑ,,වැඩ නම් ගන්නවා නේද ඇතුලේ,ඒත් පඩියක් නම් නොලැබෙන තරම් මම දන්න විදිහට

    ReplyDelete
  6. මේ මිනිමැරුම් සිද්ධීයත් එය පොලිසිය සොයාගත් අයුරුත් දුන් දඬුවමත් මේ එන ඉරිදා පුවත්පත් වල නිසැක වශයෙන්ම පල වේවි. නමුත් ඒ දඬුවම් නියම වුන පවුල් වල අය පත්වෙලා ඉන්න අසරණ තත්වය ගැන ඒ පත්තරවල කතා වෙන එකක් නෑ..
    ස්තූතියි අදහස් දැක්වූ සැමට...

    ReplyDelete
  7. Samasta paddathiye wenasak awashyai.bt eka kerenna ida dennethi pirisak innawa eka athulema

    ReplyDelete