Sunday, February 26, 2012

මල් ගහට පොලු වැදිලා

අඩේ මේ උඹ දන්නවයි වැඩක්...
නෑ බන් මං කෝමද බන් වැඩ දැනගන්නෙ මං මේ දවස්වල ඉන්නෙ අම්පාර පැත්තෙ හෙන කැලේක. ගස් හිටවන්න වලවල් කපන ප්‍රොජක්ට් එකක..
මේ අර උඹේ අතිජාත මිත්‍රය..ගීතික අන්න කොහෙන්ද හොඳටම කාල ඉස්පිරිතාලෙ දැපල. 
මං උඹට කියන්න කියල නම්බරේට කොල් ගත්ත නෝ ආන්ස්..
අනේ පල පඟරනැට්ට බොරු නොකිය. ගීතිකය වැස්සකටවත් වලියක් දාගන් එකෙක්යැ. ඕන් උඹ කිව්වනම් හරි. ගිය තැන කොක්ක නේ..ගීතිකය වලියක් දැක්කත් වෙව්ලන එකා කෝමද ඕයි ගුටි කන්නෙ.?
හරි හරි මං මේ උඹ පයින්ඩේ දන්නව ඇති කියල හිතං කිව්වෙ. කොහෙන්ද වැරදි සොට් එකක් වැදිලි කියල තමයි ආරන්චිය. මට වැඩ තියෙනවා. දැන් චැට් එකට කෙල්ලො 
2ක්ම ආව. දැන් උඹ ගීතිකටකෝ කරල විස්තර අහගං..තොපි ටෝක් කලාට වැඩැක්යැ.මං යනව..
 කෙසේ හෝ අපේ බැජ් එකේ එක්තරා පැණි පුරන්නෙකු වූ ජනිත මූනුපොත හරහා හමු වී ගීතිකයා තුවාල වන්නට හොඳ හෝටලයකින් කා අතපය හතරෙන් එකක් බිඳගෙන ගෙදර දැප ඇති බව ආරන්චි විය. කෝල් එක ගත් අම්මා කීවේ බලන්න පුතේ මේ වැරදීමක් වෙන්න ඇති. මේ දරුවට අපිට මොන හතුරොද? කියල..
ඒකගීතිකයට කිව්වම. ල.
ම්මල එහෙම හිතුපු එකත් හොඳයි බන්......
මට උඹත් එක්ක මල් කඩන්න බැහැ.මේ අතත් රිදෙනව පෝං උස්සං ඉඳල. බොට ඕන්නං ලෙඩා බලන්න හොඳ අරිෂ්ඨයක් හෙම අරන් වර..එතකොට අරිෂ්ඨ පාර දානගමන් කතාව කියත හැකි.කියා කිව්වේය..
 බැජ් එකේගෝතයෙක් වූ නිසාම නොව මගේ හෙන ෆිට් එකක් සහ මට දිරවන ටයිප් එකක් වූ හෙයින් මා එහි ගියෙමි. එය ඉරිදා දවසකි. වෙලාවට අම්මලා මූගේ අපල යැයි කියා බෝධි පූජා වැඩසටහනකට ගියේය.මා රැගෙන ගිය බියර් කෑන් තුන හතරත් බයිට් පැකට් එකත් බෑගයෙන් එලියට ආවේය.
 මට දැන් ඌ සමග කතා කල සියල්ල ටයිප් කරන්නට බැරිය. මා ප්‍රශ්ණ ඇසුවේය අත්‍යාවශ්‍ය ප්‍රශ්ණ උත්තර ටික විතරක් දමමි.
 මෙහෙමයි සිද්දිය. උඹට මතකයි ද ඉස්සර මට හිටිය බුලන්කුලම පැත්තෙ කෙල්ලෙක්. ටිකක් කෙස්ටු කෙල්ලෙක්. අර දවසක් උඹටත් අහු වුනෙ ස්ටේෂන් එකේ කෝච්චියෙන් අරන් බස් ස්ටෑන්ඩ් එකෙට ඇරලවන්න යනකොට පිටකොටුවෙදි..ගීතික කීවේය..
ආ ඔව් ඔව්..අර උඹ කිව්වෙ දත් ගලවන්නමයි හදන්නෙ මහ වාතයක් කියල. ඒ උනාට උඹ එදා ගිය විදියෙන්නම් වෙනම වාතයක් වගේ කියල තමා මං දැක්කෙ..
අපෝ බං ඒකිනම් ඇත්තටම දතක් නෙමෙයි දත් දේවතාවියක්. කඩේට ගියෑම කඩෙන් බාගයක් ඕනි. බෝනික්ක පැටියෙක් ගන්න යං කියල ගියෑම දකින ලොකුම එකා අතගගා ඉන්නවා. මං ඉතින් නොදැක්ක වගේ හිටියම බුම්මගන්නවා..
ඒ කෙල්ල ගියා බන් රට. රට යන්න කලින් මට පාටියක් දෙන්න කියල මේ මාලඹේ පැත්තෙ ඉන්න අක්කගේගෙ ගෙදරට එන්න කිව්ව. මං ගියා. 
අපි කෑව බිව්ව හරි ෆන් එකේ හිටිය.
පස්සෙ ආයත් රෙදි ඒව මේව රට යන්න කලිං ගන්න ඕනි කියල අක්කයි මායි මේ අනූෂා(කෙල්ලගේ නම) යි තුන්දෙනා ෂොපින් ගියා.
මේ අක්කට ඉන්නවා ලස්සන කෙලි පොඩ්ඩියො දෙන්නෙක්.
ඉතින් මටත් ටිකක් අක්කව අල්ලල ගියා. අර නංගි වගේ නෙමෙයි. මාර සයිලන්ට්. ඒ වගේම හරිම හොඳයි. මගෙන් දත් පන්නල එව්ව මෙව්ව ඉල්ලනකොට අක්ක හරස් වෙනව. ඉතින් කලින් දවසෙත් නිකම් මෙව්ව එකක් ඇති වුනා අක්කයි මායි අතර. 
ඒක වැරදි තමයි. ඒත් මොකද්ද මන්ද හේතුවක් තිබුන බන්..
කොහොම හරි අපි සොපිං කරල ඉවර වෙද්දි අනුටත් මීටර් උනා මේ අපි දෙන්න ගෙ ඇස් සෙට් වෙනව වැඩියි. වගේ ලයින් එකක්.
මේකි එකපාරටම කියපි..."මං රට ඉඳල එනකොට මුං දෙන්න සෙට්වෙලා තියෙද් දන්නෑ"
 කියල 
කෝම හරි අනු රට ගියා. ඔය අතරෙ මං කන්තෝරුවෙ ඉන්න කොට දවසක් නොදන්න නම්බර් එකෙකින් මිස් එකක් ආව..මට අඳුනගන් බැරි උනා..
මේ අපි දැන් මතක නෑනේ..හරි හරි ඔහොම තමයි හරිගියෑම...
අනේ නෑ අක්කි මං ලග ඔයෑගෙ නම්බර් එක තිබුනෙ නෑ..
ඉතින් නම්බර් එක ඉන් පස්ෙස මං ගාව ගොඩක් ලඟින්ම තිබුන.
අක්කගේ කොන්ඩෙ කෑල්ලක් මූනට වැටෙනවා. ළමයි දෙන්නෙක් හිටියට කියන් බෑ බෝනිකිකියක් වගේ..
එච්චරයි..
  තව තියෙනව..ඒත් උඹට බෝරිං වෙයි. කෝමහරි මේ තියෙන්නෙ ඒ අක්කගේ මහත්තයයි වැඩපලේ එවුන් මටදීපු සැලකිලි ටික...කැඩුනු කකුල පෙන්වා ගීතික කීවේය.ගීතික කතාව නවත්තන්නට සැරසුනි.
උඹ  මාර වැඩ නේ කරන්නෙ. හරියට අර සිංහල චිත්‍රපටිවල කොල්ලයි කෙල්ලයි ලං වෙනකොටම ඩොග් ගාල ලයිට් නිමනව වගේ. ඉතින් හරකො උඹ මහ මී හරකෙක්නේ. නංගි ඉන්න කාලෙ හරියට වැඩක් ගන්න හිතුවෙත් නෑ. දවසක් අපි බෝඩිමෙ ඉද්දි නේ බොට කෝ එකක් ආවෙ අනේ ගීත් ඔයාට පුලුවංද මාව කැන්ඩි වලට ඩ්‍රොප් කරන්න ද මොකද්ද කියල..උඹ එදා නිකම් ඉඳලත් ගියෙ නෑ පඬිය...දැන් අර බැඳපු ගෑනිට ලයින් දාල පවුල අමාරුවෙ දාල...
යස වැඩේ තොට මාත් තුන හතරක් ගහනව හිටියනම් බොට...
අම්මප..මං මේ බිව්වට කියනව නෙවෙ..මෙච්චර පර්මිට් තියෙන ගස් තියෙද්දි පර්මිට් නැති ඒව පස්සෙමයි යන්නෙ..සිහ් බොලා වගේ උන් අපිත් ආස්සරේ කරනවනේ....
 මං ඉස්පිරිතාලෙ ඉන්න කොට දවසක් පාන්දර අක්ක ආව. එදා අක්කාග මහත්තය දුර සයිට් එකකට යන්න පාන්දරන් ගෙදරින් ගිහින්. මගේ කකුල් දෙක දැකලඇස් දෙකේ කඳුලු පිරුණ..මටත් දුක හිතුන. කොච්චර උනත් එයා හිතන්න නැතිව ඇති එයාගෙ මහත්තය මට ගහන්න තරම් එයාට ආදරේ ඇතිව ඇති කියල..මගේ අත්දෙක අල්ලගෙන ගොඩක් වෙලා හිටිය. මොකද්ද සුප් එකක් ගෙනැල්ල පෙව්ව.මං කිව්ව තවත් එන්න එපා කියල. ඉස් පස්සෙ දවසක චූටි දූල දෙන්නත් එක්ක ආව. එක්කෙනෙක් තුන වසරෙ අනික් කෙනා පහවසරෙ..උන් දෙන්නටත් අප්සට්...
ප්‍රශ්ණ කෝටියය්..කවුදගැහුවෙ..ඇයිඒ මිනිස්සු මාමට ගැහුවෙ...
මාම මොකද්ද කරපු වැරැද්ද?/ඒ පුංචි උන් දන්නෙ නෑ උන්ගෙ තාත්ත තමයි මට ගැහුවෙ කියල..ඒ අක්ක බැඳපු මහත්තය හෙඩ් බාස් කෙනෙක් ඒ උනාට මාර නූල් සූත්තර කාරයෙක්. මිනිහ මට ගහල ගිහින් ගෑනිට ගැහුවෙ නෑ. ගෑනිට ලමයි නැති වෙලාවක හොඳට දෙකක් ගෑනිට තඩිබාල සයිට් එකේ උන් ටික කතාකරන් ඇවිත් මට තලල ගියා..ගීතික කීය.
 එතකොට බන් ඒ ගෙදරට එකපාරක් ගිය උඹ කෝමද ඒ ළමයිට මාම වෙන්නෙ..උඹ අර රට ඉන්න එක කරගහනවද?.
නංග රට ගියාට පස්සෙ අර මිස් කෝල් කරල නම්බර ඉල්ලගත් කතාව කිව්ව නේද? එදායින් පස්සෙ අපි හැමදාම දවසට දෙතුන් පාරක් කතා කරනවා. හෙඩ් බාස් කෙනෙක් ගෙදර දවල්ට නෑ කියල බොට කියල දෙන් ඕනි නෑනෙ. ඉතින් මට හෙන ඌ මනාව තිබුන අක්කව මීට් වෙන්න. බොරුකියන් ඕනි නෑනෙ බන්. මං කතා කලා ආයෙත් ෂොපිං යමු කියලත්. දවසක්...
හිහ් හිහ් හිහ්..උඹ තමයි දවසකටවත් මිනිහ..
කොහොම හරි අක්ක කිව්ව හෙට එන්න ගෙදර ළමයි දෙන්නම  හෙට නිවාඩු ඉස්කෝලෙ උත්සවයක් නිසා. එයාටත් වැඩක් නෑ කියල.
මං ගෙදර ගියා. පොඩි උන් ඉන්න නිසා මිදි පන්සීයක් අරන් ගියා. තව ඇපලුත් ගෙනිච්චා. ඒක හරි ලස්සන සිද්දියක් බන්. ටික වෙලාවකින් ඒ පොඩි උන් දෙන්න මාරම ෆිට් උනා. මං නිකම් ඉන්න කම්මැලි කමට කතාන්දර පොතක් ඉල්ලුහම දූවල ගිහින් අම්මයි පොතක් කියල එකක් ගෙනත් දුන්න. මං ඉතින් ඒක කියවන්න ගත්ත.
නවල් එක පිටරට එකක් ටාසන් පොතක් වගේ එකක්. ඔය අතර ඉතින් අක්ක ගිහිං ෆුට් ජූස්ද, බීමද, කේක්ද බ්ස්කට්ද ඒ මදිවට පොඩි උන් දෙන්න මිදිද ඇපල්ද මං නිකම් ස්ටක් උනා බන් උන් දුන්න කෑම වලට. කෝම හරි උන්දෙන්න මාත් එක්ක මාර ෆිට් උනා.
උන්ගෙ තාත්ත එන්නෙ හැමදාම රෑවෙල. ඉරිදත් සමාර දවස්වලට නෑලු.
පොඩි කෙල්ලගෙ නම හංසිනී. එක වෙලාවක මාම ඔහොම ටිකක්  ඉන්න ඈ කියල දුවල ගිහින් ගෙට ගිහින් පරණ කොටුරූල් පොතක් අරන් ඇවිත් මගේ දිහා බලං මොකද්ද අඳිනවා...මාත් ගනන් ගත්තෙ නෑ. ටික වෙලාවකින් කෙල්ල පොතඋස්සන් ඇවිත් මං කියව කියව හිටිය පොත උඩින් අත ඇරිය..
අඩේ මගේ පිංතූරෙ ලස්සනට ඇඳල තිබුන. ලස්සනටවඩා මගේ දිග කන්දෙකයි කොන්ඩෙ බෙදපු විදියයි ලස්සනට පෙන්නල තිබුන..
මං ලොකු හරියක් දාල හොඳයි එකක් දැම්මා.
මාමි අපේ පුංචි දන්නවද? 
මේ අහන්නෙ ලොකු දුව..සංසලා..
මං කිව්ව ඔව් කියල..
මේං කියල සංසලා එයා ඇඳන් හිටිය ස්කිනර් එක අත් දෙකින් අල්ලල පහත් කලා. මං නික්ම පුල් හොල්මන් වෙලා ගියා. අර මෙව්ව ෆිල්ම් එකක වගේ මේ හය හතර යන්තං තේරන පුංචි එකෙක් සිකිනර් එක පහත් කරනකොට..මං තක්බීර් වෙලා ඉන්නකොට සංසලා දුව කිව්ව..මාමෙ මාලෙ අරං දුන්නෙ පුංචි රට යන දවසෙ..
එයා ස්කිනර් එක පහත් කරල පෙන්නල තියෙන්නෙ මාලෙ..මං එතකොටයි දැක්කෙ මාලෙ..
එතකොට බං උඹ කියන්නෙ උඹ ඒ ගෙදර නිකම් හොර නෙමෙයි ඔරිජිනල්ම මිනිහ වගේ උනා කියලද??
 හුම් එහෙමමත් නෑ ඉතිං..කෝමහරි ඒ අක්ක ගෙවුවෙ මහා එපාකරපු ජීවිතයක්. ඒක අස්සෙ එයාට ලැබෙන ඔක්කොම දේවල් අවුරුදු 22 වෙද්දි ලැබිල තිබුන. දැන් තිහක් විතර . ඒත් ජීවිතේ පස්ට කලුවරයි වගේ. හැමදාම ලමයි ඉස්කෝලෙ ගෙනියනව. ගෙදර එනවා.
අක්ක ලස්සනයි නිසා එයෑලෑ ගෙදරින් ඉක්මනට මනමාලෙයෙක් හොයල බන්දල දීල තියෙනවා. අක්ක ස්පෝට්ස්, ඩාන්සින් කරපු නිසා ආමි එකට යන්න ඉඳල තියෙන්නෙ. ඒත් පස්සෙ ගෙදරින් බන්දල තියෙන්නෙ මේ හෙඩ්බාස්ට.
මේ හෙඩ්බාස් කාරයයි අක්කයි කස්ටිය ඉන්නෙ මහ වත්තක කොනේ හදපු පුංචි ගේක. ඒ යාඩ් එකක් තිබුන වත්තක්. මේ හෙඩ්බාස් වැඩකරන කොන්තරත් කම්පැනි එකෙ ලොක්ක මේ මඟුල ගැන ගොඩක් මැදිහත් වෙලා මේ අක්කගේ තාත්තට කියල තියෙනවා . මේ ඉඩමෙන් කෑල්ලකුයි ගේ හදන වැඩයි ඕක්කොම එයා බලන්නම් කියල. ඒත් අවසානෙ මෙතෙක් නොලියපු ගේ විතරක් ඉතිරි වෙලා.
අක්කගෙ තාත්තත් වෙන ගෑනු කෙනෙක් එක්ක ගිහින්...පස්සෙ එයාලව දාල..
කෝමහරි මේ හෙඩ්බාස්ට දෙන්න පුලුවං කියල මුදලාලි කාරය කියපු ගොඩක් දේවල් පස්සෙ දීල නෑ..
දැන් උඹ කියන්නෙ මේ විදියට උඹ අක්ක හම්බෙන්න බොහෝම සද්ගුණවත් විදියට ගෙදරට ගියා..ඉන්පස්සෙ උඹට අර හෙඩ්බාස් දරුණු විදියට පෙරලා පහරදුන්නා කියලද??
නෑ බං පනින්නෙ නැතුව හිටපංකෝ...
මේ හෙඩ්බාසයි නංගි කෙනෙක් ඉන්නවලු රට ඒ කස්ටිය ආවම ඒ ගොල්ලගෙ පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න කියල අර අක්කගෙ පොඩි උන් දෙන්නව එක්ක ගිහින්. ඉතින් අක්ක එදා ගෙදර. කොහොම හරි අපි දෙන්නටම උනන්දුව තියෙන් ඇති. මම කැමති උන් නෑ අක්කලයි ගෙදර යන්න. ඉන් පස්සෙ අපි දෙන්න මං දන්න යාලුවෙක් ගෙන් පොඩි කාර් කෑල්ලක් ඉල්ලං ගියා පොඩි ට්‍රිපක්..ගීතික කියය්..
ආ හරි හරි ඉතිරි කෑල්ල ඕනි නෑ..අතරමගදි අක්කට ඔලුව කැක්කුමක් හැදුන ඉන්පස්සෙ අක්කත් එක්කල ගෙස්ට් එකකට ගියා..උම්ම දුන්න ඉන්පස්සෙ කොටු..එහෙමද?
අපි නොදන්න මොණරතැන්න..
ම්ම්...උඹ වැරදියි. අක්කට ඕනි වුනේ මං ලගින් ඉඳගෙන ඉන්න ගොඩ වෙලාවක්. අපි ගියා ඔය කඳු තියෙන පැත්තකටත්. උදෙන් ගිය නිසා ඒ තරම් අවුලක් උනේ නෑ. නෑයොන්ට අක්ක කියල තිබුනෙ බුලන්කුලමෙ ඉන්න අම්මයෙ නෑයෙක් අසනීප වෙලා එයා බලන්න යනව කියල..එයා ඕ ලෙවල් කාලෙවත් කොල්ලෙක් හිටිය නෑලු. එකපාරින් කැම්පස් යන් බැරි උනොත් ගෙදරින් දෙවනි පාර කරන්න ලැබෙන් නැති නිසා..ගොඩක් ට්‍රයි කරල පාඩම් කලාලු. ඒ කාලෙත් කොල්ල එකක් හිටියෙ නෑලු..ඉන් පස්සෙ මාස හයකින් එයා කසාද බැන්දලු..කොහොම හරි මටත් හරි සතුටු හිතුන ඒ වගේ සිරවෙච්ච කෙනෙක් එලියට ගන් න පුලුවං උන එක ගැන..
 ආ ඒ කියන්නෙ උඹ කරල තියන්නෙ මහා පිංකමක්ද??
අනෙ මගෙ කට...
සෙක්ස් වලට අක්ක කැමති උනේ නෑ නෑ වගෙත්.. මම තමයි ඒකට මුල් වුනේ..කොහොම උනත් ඒ දවස මටත් හරිම ෆන් දවසක්. මේ විදියට ගුටිකාල දැන් සති දෙකක් තිස්සෙ හරියකට ලැට් එකටවත් යන්න බැරිව හිටියත් ඒක නම් හරිම සුන්දර අත්දැකීමක්..
උඹට මං පෙන්නන්නං අපේ පොටෝ හෙම...
අවසානෙ ඕන් නෑනෙ..මිනිහට ආරන්චි වුනා ඒ යකා මට ගැහුව..ළමයි නැති වෙලාවෙ අක්කටත් ගැහැව්ව..
දැන් මිනිහ ටිකක් ගෙදර රැඳෙනව වගේලු. සමාරවිට මං ආයෙත් පණී කියලද නැත්තං...ඇත්තටම තමුන්ගෙ යාන්ත්‍රික ජීවිතේ ගැන වැටහිලාද දන්නේ නෑ..
ඉන්පසු මා කිසිත් නොකියා ආවෙමි. ඇත්තටම එතැන වූයේ කුමක්දැයි මා නොදනී. සමාරවිට ගීතිකයා අක්කා පැණිහලා සෙට්කරගත්තා වන්නටද පුලුවන. නැත්තං මූ කියන පරිදි ලෝකයේ වැරැද්දට සෙට් වූවා වන්නටද පුලුවන. නමුත් තමුන් ගන්නා අලුත් වාහන පිට නැගී රෑට රෑට යෑමෙන් පමණක් ඒ වාහන නිසිලෙස පවතීයැයි සාම්ප්‍රදායික වාහනකාරයින්ගේ ඇති අදහස නම් වෙනස්විය යුතුයැයි මට මේ කතාවෙන් පැහැදිලි විය..

6 comments:

  1. මටනම් ගීතිකගේ වරදක් නොපෙනේ. අක්කාගේ ද එසේමය.
    ආණ්ඩුවේ ලියකියවිලි වලින් විතරක් දෙදෙනෙක් සදාකාලිකවම එකට බැඳලා තියන්න පුළුවන් කමක් නෑ. එක්කෙනෙකුගේ උවමනාවන් අනෙකාගන් සම්පූර්ණව ලැබෙනවානම් විතරක් ගැටළුවක් පැණනොනගී. එසේ ‍නොවන අවස්ථාවලදී වෙනතක් බැලීමේ වරදක් නැත.
    සභ්‍යත්වය -සංස්කෘතිය-සදාචාරය ඇත්තට නොපවතින මුත් ශරීරය සහ මනස ඇත්තටම පවතී.

    ReplyDelete
  2. මේ අර ආදරය අඳුනන්නේ නෑ කීව එක්කෙනාම නේද? :D:D

    ReplyDelete
  3. බාස් බුවා නෙලලා වගේ ලෙලි යන්න...ඇති ඔයිං ගියා හොර කො‍ටු පනිනවට....

    ReplyDelete
  4. නමුත් තමුන් ගන්නා අලුත් වාහන පිට නැගී රෑට රෑට යෑමෙන් පමණක් ඒ වාහන නිසිලෙස පවතීයැයි සාම්ප්‍රදායික වාහනකාරයින්ගේ ඇති අදහස නම් වෙනස්විය යුතුයැයි මට මේ කතාවෙන් පැහැදිලි විය..


    කතාවෙ වටිනාම අරුත ඕක..ගිතික කෙසෙ වුවද අක්කා කෙසෙ වුවද බාස් කෙසෙ වුවද ගත යුතු අරුත එයයි...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම් ආදරේ වගේම විවාහ ජීවිතයක් පවත්වන්න සෙක්ස් කියන්නේ හෙනම වැදගත් කාරණාවක් වගේ... නමක් නැති බැඳීමක් මම හිතන්නේ නෑ ආදරය නොකර බැඳපු අක්කා වැරදියි කියලා මගේ ඇඟිල්ල දික්වෙන්නේ නම් අක්කගේ දෙමව්පියන්ට....මේක හරිය කියන්නවත් වැරදිය කියන්නවත් මිම්මක් මම තාම දන්නේ නෑ...එහෙම මිම්මක් තියෙනවද දන්නේත් නෑ

    ReplyDelete
  6. මාත් කියන්නේ ගොඩක් ගෑනු උදවිය සැමියාගෙන් හරියට ආදරය,රැකවරණය,ලිංගික සතුට නොලැබුනාම පිට යනවා නිකන්ම ඒක හරිගස්ස ගන්න පිරිමි දැනගන්න ඕන

    ReplyDelete