Wednesday, February 8, 2012

මට සුද්දියෙක් හම්බුනා.(The Forign girl)

අපි හපුතලේ ගියා.අපි කිව්වට මහ සෙනගක් ගියෙ නෑ. මායි තව යාලුවෙකුයි තමයි ගියේ. ඉතින් ඔය හපුතල් ගමන සහ ඒ හරහා දිගට ගිහිපු හෝටන් තැන්න නුවරඑලි ගමන බොහොම විනෝදජනක එකක් වුනා. හපුතලේට ගිහින් දඹේතැන්න බස් එකක නැගල දඹේතැන්න වතුයායට පිවිසුනාම එතනින් උඩට නගින්න ඕනි ලිප්ටන් සිට් එක බලන්න..ඉතින් ඕන් ඔය ලිප්ටන් සීට් එක බලන්න සැට් වෙනකොට තමයි මේ සුද්දිව සෙට් උනේ.
ඉතින් ඔය දඹේතැන්න වතුයාය දිෙග් ලිප්ටන් සිට් වලට යන කොට තමයි මේ ඉස්කෝල ඇරිල පෝලිමට එන ලමයිටික අපිට හමු උනේ. පස්සෙන්වත් ඉස්සරහින්වත් ගුරුවරයෙක් ගියේ නැතුවට නට නට දඟ කර කර හරි මේ පුංචි ලමයි ට්ක එක පෝලිමට ආපු එකනම් හරි පුදුමයි. අපිට සුද්දිව හමු වෙන්න තව දුර යන්න උනා. ඉතින් ඔහොම කන්ද උඩට පාර දිගේ තේ වතු මැදින් නගිනකොට අපිට තේරුනා මේක හරියන වැඩක් නෙමේය. පාර බොහොම දුරය. තේ ගස් අස්සෙන් වතුර බහින්නට තැනූ කානු දිගේ යෑම ලේසිය කියන අදහස. ඉතින් ඒ අනුව අපි ගස් අස්සෙන් අමාරුවෙන් නැගගෙන යනකොට දැකපි ඕන් ගමේ අයියන්ඩි කෙනෙක් බුසු ගාල උඩ ඉඳන් කිසි ගේමක් නැතුව වත්ත මැදින් බැහැල ආයෙම නගිනව ,මොකද්ද මල්ලක් අරන්.."අප්පද බොල මූනෙ වැඩර් කියල අපිට හිතුනා." ඉන් පස්සෙ ඉතින් අපි පොර ව අල්ලගන්න මිනිහගෙ පස්සෙන පලෝ කලා..ඔය් අතර ඉස්සරහින් ගිය සුද්දියෙක් සෙට් උනා අර මනුස්සයට.. දිස් වේ ඉස් සෝට් වන්..කියල කැඩිච්ච බාසාවෙන් කියල අර මනුස්සය සුද්දිව දාගන්න ඇති. අපිත් ඉතින් නිකම්ම යන එකේ සෝට් කට් එකෙන් යන්න ඕනි කියල මේ දෙන්නට සෙට් වුනා දුවල ගිහින්..


අපේ වෙලාවටද මන්ද අර මනුස්සය ඊලග හන්දියෙන් හැරිල පහලට බැස්ස. ඉතින් ඒ සුන්දර උදෑසන තේවත්තක් මැද හුදකලාවක අපි දෙන්න සුද්දි එක්ක තනි උනා.. වත්තෙ ඈත කෙළවරක හිටිය මොකෙද්දෝ කුරුල්ලෙක් ලස්සන හඬකින් කතා කලා.ඉතින් ඔය විච්චූරන කිව්වට මොකද අපේ කඩ්ඩ ටිකක් අල්ලගත්ත සුද්දි අපි එක්ක කතාවට වැටුන. මුලින් කිව්වෙ ඉන්දියාවෙ ඉන්න කැනේඩියන් කෙනෙක් කියල..ඒත් පස්සෙ කිව්ව එයා කැනේඩියන් දැන් කොරියාවල ළමයිට ඉංගිරිස් උගන්නව කියල..
මේ පින්තූරෙ ඉන්නෙ ජේන් තමයි. ජේන් කියල සෝට්වට කිව්වට ජේන්ගෙ දිග නම ජෙනිෆර්. අපේ ගම්වල සීයල ආච්චිල ත් හිටිය ජේන් කියල. ඉතින්මං ඒකත් කිව්ව අපේ සීය ජේන්ට කතා කරන්නෙ "හේය් ජේන් කම් හියර්" කියලත් කිව්ව..එතකොට සුද්දි අහපි අපේ සීය ටාසන්ද කියල..ඒකට අපි තුන්දෙනාටම හිනා..ටාසන් කතාව කියෙව්වනම් ඒකෙ ටාසන්ගෙ වයිපරේ ජේන්ය කියල මතක ඇති. ටාසන් එහෙත් ජනප්‍රිය කතාවක්ලු..කොහොම හරි මටනම් මේ ලැබුන චෑන්ස් එක මාරම එකක්. මං වෙන රටවල් ගැන ගොඩක් දේවල් දැනකියාගත්ත..ජෙන් ඇවිල්ල එතරම් ආඩම්බර කාරියක් නම් නෙමෙ..අපි කියන දේවලට හිනාවෙලා එයත් හිනාවෙලා හිටිය..අපේ සමාර බුවාලට අපි දැක්කම ඉරිසියයි. සමාර අය හිතන් ඇති බොලේ මුන් දෙන්න දියුනු වෙච්ච තරමක් කියල..
ඔය පොතක් කිහිල්ලෙ ගහන් ඉන්නෙ අන්න ඒ බුවා තමයි මෙතන ටිකට්ස් කඩන්නෙ. මිනිහට ඉන්න පල්ලෙහා කූඩුවක් වගේ එකක් තියෙනවා. එත් බුවා මේ උඩ පේන සූටි කඩේ කරගෙන ටිකට් බෙද බෙද මෙතන (ලිප්ටන් සීට් එකේ) රවුං ගහනවා. ඉතින් මෙයා පහල කූඩුවෙ නැති උනාම මං ජෙනීට පැහැදිලි කරල දුන්න අද නිදහස් දවස (අපි ගියේ හතර වෙනිද)ඒ දාට අපිට නිවාඩු ටිකට් කඩන පොරත් නිවාඩු ඇති කියල..සික් මේන් උඩට ගියා විතරයිමූ කඩා පහත් උනානෙ..අපිට විස්සයි ජේන්ට පනහයි.ඒ කිව්වෙ වයස නෙමෙයි ටිකට් එකේ ගාන..
ජේන් සහ අපි ගිහින් උඩ කඩෙන් තේ වතුර අරන් බිව්වා..තේ වතුර එකක් රුපියල් තිහක්. සමහර විට තේ වත්තක් උඩ තියෙන තැනක් නිසා ගනන් වැඩිද දන්නෑ..තේ වතුර වලට ගෙව්වෙත් අපි.ඇත්තටම අපි ගෙව්වෙ නැතුව ජෙනී ගෙව්ව නම් සමාරවිට තේවතුර එකක් රුපියල් හැටක් වෙන්නත් තිබුන..
තේ බොන අතර ජෙනී අපිට එයා හපුතලෙන් ගත්ත එලෝලු රොටී දෙකක් දුන්න..සැහ් ඒවනම් මෙලෝ රහක් නෑ..එත් ඒව කනකොට ජෙනී කියපු කතාවනම් මාරයි. එයා ලංකාවෙ කොහෙද පැරණි තැනක් බලන්න යනකොට එතන තිබුනලු බනානා රෝල්ස් කියල රෝල්ස් වගයක්. ඉතින් ටිකක් එවෙලෙ බැදල සුවඳ හෙම හමන නිසා ජෙනිත් කිට්ටුවෙලා විස්තර ඇහුවලු. ආ මේව හදන්නෙ පියෝ බනනාස් වලින්..මේවට ගන්න බනානස් වල තෙල් බේත් ගාල නෑ..කියල හෙන ලොකු ටෝකක්දීල..ඉන් පස්සෙ ජෙනී කීයද කියල අහල?/එතකොට ඒ පොර කියල එකක් රුපියල් තුන්සීයක් කියල..ඉන් පස්සෙ ජෙනී ආයෙම එයාගෙන් අහල හව් මෙනි බනානාස් ඉන් වන් රෝල්ස් කියල..ඒ කිව්වෙ මේ ජෙනී දන්නවා සාමාන්‍යන් මෙහෙ රෝල්ස් එකක් රුපියල් පනහක් වගේ කියල..ඉතින් බනානා එකක් දැම්මත් හැත්තෑවක් විතර වෙයි..ඒත් තුන්සීයක් කියන්නෙ රෝල් එක ඇතුලෙ එක බනානා එකක් තිබිල වෙන්න බෑනෙ...ඒ සම්බන්ධයෙන් කතා කරනකොට නම් බොහොම අපේ රට ගැන ලැජ්ජා හිතෙන කතා රාසියක් අහන්න ලැබුන. 
සීගිරියට යද්දි සාමාන්‍ය ලාංකිකයෙකුගෙන් රුපියල් පනහක් වැනි මුදලක් ගනිද්දි විදේශිකයින්ගෙන් රුපියල් තුන්දාස් පන්සීයක් ගන්නවලු. ඉතින් මම ආයෙම ගත් කටටම ඇහුවෙ කැනඩාවෙ එහෙම නැද්ද කියල. එයා කිව්වෙ කැනඩාවෙ මේ වගේ ෆොරිනර්ස් ල කියල ජාතියක් වෙනමම නෑලු. ගොඩක් අය වෙනත් රටවලින් අාපු අයලු.ඒ නිසා එයා දන්න තරමට එහෙ කිසිම තැනක ඒවගේ චාජ් එක්ක වැඩිපුර විදේශිකයින්ට කියල ගෙවන්න වෙන්නෙ නෑලු..
අපි ඇහුව ඇයි ඔයා තනියම එන්නෙ ගයිඩ්ස්ල නැතුව කියල? එතකොට එයා කිව්වෙ එයා කලින් කිව්ව රෝල්ස් කතාවෙ ගයිඩ් කෙනෙක් හිටියනම් රොල්ස් එක පන්සීයක් වෙයි ඒකෙන් දෙසීයක් ගයිඩ්ට කියල..ඉතින් මේ ලංකාව වගේ රටවලට එන බොහොමයක් සුද්දො දැන් දැන් අර අපි සෙට්වෙලා දඹදිව යන්න වගේ, නඩ පිටින් මෙහෙ එන්නෙ, මෙහෙ ඇවිත් ඒ මිනිස්සුන්ට විඳින්න වෙන අසාධාරනකම් නිසා කියලයි මට හිතෙන්නෙ.. මෙහෙ මිනිස්සු හිතනව විදේශිකයෙක් උනාම ඒ හැමෝම මහා සල්ලි කාරයො කියල. ඒත් ඒ මිනිස්සු අතරත් ඉන්න දුප්පත් අය ආසයි ලංකාව වගේ ඝර්ම කලාපිය සීඝ්‍රයෙන් විචලනය වෙන දේශගුණයක් තියෙන රටක අසිරිය විඳින්න. අපි අපේ රට උඩින් තියන්න ටිකක් උත්සාහ කලා ඒත් ඉතින් ඒ සුද්දි මූනදීපු විසල් අත්දැකීම් එක්ක අපිට හැරෙන්න බෑ. එයා කියනවා..තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, නේපාලය, ඉන්දියාව ආදි බොහොමයක් රටවලට වඩා ලංකාවෙ ටුවරිස්ට්ලට වියදම් වෙන ගාන වැඩියි කියල. කෑම නවාතැන්, ප්‍රවාහන, ආදි දේවල් මීට වඩා මිල අඩුවෙන් සහ තත්වයෙන් උසස් විදියට වෙනත් ආසන්න රටවලදි විදේශිකයින්ට ගන්න පුලුවන් කියල තමයි ජෙනී කිව්වෙ..
 


මේ පින්තූරේ පේන්නෙ හපුතලේ නගරය මැද තියෙන ටකරන් වලින් ආවරණය කරන ලද ඉදිකිරීම් වැඩබිමක්. මේ ප්‍රදේශයට මැතිවරණයක් ඉවර වෙලා මාස ගානක් ගිහින් ඇති නමුත් තාමත් මේ මැතිවරණ ලකුනු ඉවත් වෙලා නෑ..ඉතින් අපි අර කන්දෙන් ජෙනිෆර් එක්ක පහලට බහිනකොට එයා අපිට මෙන්න මේ වගේ චන්ද මාක්ස් තියෙන ගල් පෙන්නල වට් ඉස් දිස් පේන්ටින්ස් කියල ඇහුව..ඉතින් අපිට හිනා..පස්සෙ ඉතින් ඒ අපේ රටේ මැතිවරණය කාලෙට තියෙන ප්‍රචාරණ මාධ්‍යයක් අපේ මිනිස්සු ඒ වගේ නිර්මාණ ශීලි විදියට මැතිරවරණය මෙහෙයවනව කියල කිව්ව. එතකොට අර ජෙනීගෙ කැමරාව ඒ වගේ අලිය බුලත් කොලේ සහ අංක කොටපු ගල් කීපයක්ම පොටෝ ගත්ත.
ජෙනී ඇවිත් තිබුනෙ යාලුවෙක් එක්ක. යාලුවයි මෙයයි උදේ පාන්දර දෙපැත්තකට ගිහින්.ඇවිදින්න ආයෙ රෑට තමයි එයාල මීට් වෙන්නෙ.ඊළග දවසෙ එයාල වෙන නගරයකට යනව කිව්ව.
ඉතින් මං ඇහුව පේස්බුක් ගැන හෙම. මගේ ප්‍රොපයිල් එක උනත් ලස්සන වෙනව නේ පිටරට කෙනෙක් හිටියොත් හෙම. ජෙනී කිව්වෙ එයාල සාමාන්‍යනේ දන්නම කියන අය විතරයි පේස්බුක එකට ගන්නෙ කියල. එයා ඇහුව මට යාලුවො කී දෙනක් ඉන්වද කියල. ඉතින් මං කිව්ව හත්සීයක් විතර කියල. එයා පුදුම උනා ...එයා අවුරුදු හතර පහක් තිස්සෙ එෆ් බී ඉඳලත් තාම යාලුවො ඉන්නෙ හැට ගානක් විතරයිලු..කොහොම හරි දඹේතැන්න ස්ටේට් එකේ ඉඳල හපුතලේට ජෙනීට ටිකට් ගත්තෙත් අපි. අපි හපුතලේදි වෙන්වුනා.
 ආයෙ කවදාවත් ජෙනීට අපිව මීට් වෙන එකක් නෑ. අපිත් එයාගෙන් කන්ටැක්ස් ඉල්ලුවෙ නෑ. මොකද එහෙම කරන එකෙන් අපි නිකම් අර වෙනත් සුද්දෙක් දැක්කම සුද්ද කරගන්නම ට්‍රයි කරන ගොඩට අයිති වෙයි කියන නිසා. ඒත් අපි වෙන් වෙද්දි සුද්දි අපිට බොහොම ස්තූති කලා. අපිට..කන්ටැක්ස් ගත්තෙ නැති එක අපේ මෝඩ කමක් වෙන්නත් ඇති. නමුත් එයාට මතක හිටීවි..සුද්දෙක් සුද්දියෙක් දැක්ක ගමන් දත් ගලවන්න දඟලන..පස්සෙන ගිහින් කීයක් හරි කඩාගන්න හදන මිනිස්සු ඉන්න රටේ එහෙමත් නැති එවුනුත් ඉන්නව කියල..

20 comments:

  1. ෂුවර් එකට ජෙනී ඒ තරම් ලස්සන නැතිව ඇති... නැත්තං උඹල කන්ටැක්ට් තමයි ගන්නෙ මුලින්ම...

    (හොඳයි උඹල කන්ටැක්ට් නොගත්ත එක. ඒ නිසාම ජෙනීට ඒක හොඳ අත්දැකීමක් වෙයි...)

    ReplyDelete
  2. "අපෝ මේ රටේ මිනිස්සුනම් මොක්කුද මන්දා" කියලා ජෙනීට හිතෙන විදිහට නෙමෙයි නේද වැඩ සිද්ධ උනේ? :D

    ReplyDelete
  3. ලෝකෙට පෙනෙන්ඩ දාන කොමෙන්ටුව :
    මචන් උඹල සිරා වැඩක් කරල තියෙන්නෙ. මෙහෙම හොඳ එවුනුත් ලංකාවෙ ඉන්නවනෙ කියල කෙල්ලට හිතෙන්ඩ ඇති.

    ඇත්තටම හිතන දේ :
    මුන් වගේ මෝඩයෝ. අඩුම ගානේ සම්පූර්ණ නම අහගනින් ෆේස්බුක් එකේ සර්ච් කරල ඇඩ් කරගන්ඩ.
    අනිත් එක හරි හමන් පොටෝ එකක් දාපන් කෙල්ලගෙ මූන බලාගන්ඩ. ශික් !!!

    ReplyDelete
  4. මොනා උනත් හරියටම හරි වැඩේ තමයි කරලා තියෙන්නේ හැමෝම ඔහොම හිතන්නේ නැති එකනේ අවුල.ගියපු තැන නම් හරිම ලස්සනට පේනවා මම නුවරඑළි වගේ පැති වල ගිහින් තිබුනත් ඒ උඩින් පල්ලෙන් විතරයි

    ReplyDelete
  5. suddiyo mara fun machan..aparade set kara ganna tibbe fun ekak ganna

    ReplyDelete
  6. ෂා මරුනෙ. ලංකාවෙ නම බබලවලනෙ අමිලයයි උගෙ යාලුවයි...

    ReplyDelete
  7. මහ ලොකු සල්ලිකාර සුද්දො ඇවිත් තරු හෝටල් වලින් කාල ගියාට අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන කෙංගෙඩියක් නෑ..උදාහරණයක් විදියට හිල්ටන් එක අයිති අපිටද නෑනෙ??
    මේ වගේ හිඟන සුද්දියෙක් සුද්දෙක් ආවොත් තමයි අපේ ගම් රටවල් අස්සෙ බස් වලින් කරක් ගහල අපේ ගමේ උන්දැලටත් කීයක් ලැබෙන විදියක් සෙට් වෙන්නෙ..
    ඒත් අපේ උන්ගෙම වැරදි නිසා එහෙම ෆී ස්ටයිල් ඇවිදින්න එන සුද්දො අඩුවෙලා...

    කොමෙන්ට් දැම්මාට ස්තූතියි ඔබලාට....! ! !

    ReplyDelete
  8. ඔව් අපේ අය විදේශිකයන්ගේ දත් ගලවන්න හදන එක නම් අන්තිම නරකයි.
    අර සීගිරියේ කතාවත් ඇත්ත. හැබැයි එතැනදී නම් ටිකට් එක 3500 කමක් නැහැ මම කියන්නේ. මොකද ඔය 3500 කියන්නේ ඩොලර් 35 වගේ. මේ රට වල සීගිරිය වගේ තැන් නෙවි නිකම් මේ චුටි පොකුණක් වගේ එකක් උනත් බලන්න ඩොලර් 30 ක් වත් ගන්නවා. ඇති දෙයක් නැහැ ඉතින් ලොකුවට මාකට් කරාට. හැබැයි ඔක්කොම පහසුකම් නම් හදල තියනවා. පිරිසිඳු ත් එක්ක.

    අපි දවසක් මිහින්තලේ යද්දී ලස්සන සුදු ගෑනු ළමයෙක් අපේ කොල්ලෝ කට්ටියක් එක්ක කතා කර කර නගිනවා. අනේ අපේ අර කොල්ලොත් ඉංග්‍රීසියෙන් හරි හොඳට කතා කරාට එයා ඉන්න තැනම සිංහලෙන් අනං මනං එහෙමත් කිව්වා. අර ළමයා අන්තිමට සිංහලෙන් කියාපි 'මම කැලණිය යුනි එකේ සිංහල ඉගෙන ගන්නවා' කියල. :D :D

    ReplyDelete
    Replies
    1. අප්පේ... අර කොල්ලො ටිකට මොනවා හිතුනද දන්නෙ නෑ...හික්ස්...

      Delete
  9. සුද්දියෙක් හම්බුණා කියලා කිව්වාම මම බැලුවා මේ විවාහයකටද කියලා... ඔය ලිව්වේ ඔයාට හිතෙන දේ නේ..ඇත්තට සුද්දිට මොනවා හිතෙන්න ඇද්ද... ??????????????? :D :D

    ReplyDelete
  10. ගියපු ට්‍රිප් එකේ විස්තරෙත් දැම්ම නම් හොඳයි ගියෙ නැති අයට දැනගන්න...යන විදිය ගැන අනං මනං විස්තර....දිගට එන්නම් ජය වේවා....!!!

    ReplyDelete
  11. හා හාහ් හා,මදය් ඔයින් ගියා.තව හොඳ එව්වා දැකල නැතුවම "ජෙනී" මාරු වෙලා නේ..

    ReplyDelete
  12. අපි 4 දෙනෙක් අවාරේ සිරීපාදේ ගියා අපිටත් ඔය විදියටම ෆොරින්ග් කපල් එකක් සෙට් උනා... අපිත් උඹල වගේම බොක්කෙන් සැලකුව.... රත්නපුරා පාරෙන් නැගල උඩ රැයක් ඉදල අපිත් එක්කම හැටන් පාරෙන් බැස්ස... අපේ කෑම ටිකත් අපි උන් දෙන්න එක්ක බෙදාගත්ත.. උන් දෙන්න අපිට අම්බානක් ස්තුති කලා.... අපිත් කන්ටැක්ස් ගන්න ගියේ නෑ... උඹට හිතිච්ච ටිකම අපිටත් හිතුන.... හැබැයි අපි කතාව කියපු හැමෝම අපිට කිව්වේ චමිලය කියපු කතාවම තමයි.... "නොදකින් මුන් වගේ මෝඩයෝ" ....:D

    ReplyDelete
  13. මම රැකියාව කරන්නේ මාලදිව්යිනේ. මෙහෙ ප්‍රධාන අදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය. ලංකාවට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා ඒකෙන්. ඒත් මම කවදවත් දැකලා නැහැ දේශීය අයට හා විදේශිකයන්ට විකුනණ දෙයක මිල වෙනස්‌ වෙනව.
    මෙහෙට එන සුද්දෝ ගොඩක්‌ සල්ලිකාරයෝ. මෙහේ හෝටල් ගොඩාක්‌ මිල අධිකයි. එහෙම වෙලත් කට්‌ටිය ගසා කන්නේ නැහැ.

    ReplyDelete
  14. පිටරට මිනිස්සු කැමතියි අපේ සංස්කෘතියට.. මම වැඩ කර්න තැන ඉතාලි කාරයොත් මාර ආසයි ලංකාවේ දේවල් ගැන දැන ගන්න...

    ReplyDelete
  15. මං හිතුවෙ සුද්දි හම්බ උනා කිව්වම තවත් දික්වැල්ලෙ කේස් එකක්ද කියල!

    අද ලංකාවෙ හැම විදේශිකයකුටම සුද්දෙක් කිව්වට සුද්දො කියල ඉස්සර කිව්වෙ එංගලන්තෙ උන්ට විතරයි.

    ReplyDelete
  16. suddiyo, suddo kiyala jathiyak ne bn, oya "foreigners"la oya wachane kethai, athin kayte karan mehema katta kana ewunuth mehe innawa neda kiyala hina ethi..
    vihiluwak kare bn,

    ReplyDelete
  17. මාත් ඉන්නෙ බෙන්තර කිට්ටුව! අපේ අයියලාගේ වැඩ ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ!රත්තරං බිත්තර ගන්න කිකිළිව මරපු කතාව තමයි මතක් වෙන්නේ!

    ReplyDelete
  18. ලිප්ටන් සීට් කියන ලස්සන තැනට අපි මුලින් ගියේ 2003 අවුරුද්දෙ,අනේ ඒ කාලෙ නම් ඔය ටිකට් කැඩිලි තේ කඩවල් මුකුත් තිබුනෙ නෑ.අපි කට්ටියක් ඔකෙ ගවෙශන තරන්ගෙකුත් කලා ඔය අවුරුද්දෙ.තේ වතු මැදින් පාරවල් හදාගෙන වැටි වැටී ගියේ.පහූන අවුරුදු කීපයට මේ තැන වෙනස්වෙලා තියන තරමක්....

    ReplyDelete
  19. මොනව වුනත් වැඩෙ හොදයි

    ReplyDelete