Thursday, April 19, 2012

කිඹූලා ඇල්ලීම

කිඹුලා ඇල්ලීමට ප්‍රථම කිඹුලා දැමීමට තැනක් සොයා ඇති වගක් පේන්නට නැත. කිඹූලා අල්ලා කුදලාගෙන කොළඹ අධිවේගි මාර්ග පිවිසුමටත් කිට්ටු වුනාට පසුව අපේ සත්තු වත්ත කිඹුලා එපා කියා තිබේ. සත්තු වත්ත අයිති චන්ද්‍රසේන ඇමටි තුමාට නොව්දැයි නොදනිමි. නමුත් ඒ දේ වෙලා ඉවරය. දැන් ඒ තෙත් කලාපික ජලාශයේ සිටි කිඹුලා ශුෂ්ක කලාපයේ වෙනත්ම ජල පද්ධතියක ඇත. පරිසර සංවිධාන වලට ඇත්තේ මාර මොලයකි. දහසක් ආන්ඩුවේ ප්ලෑන් වැරදියැයි කටමැත දොඩවන පරිසර සංවිධාන සහ සත්ව වේදින් මේ අවස්ථාවේ කිඹුලා අල්ලන්නට පෙර දාන තැන ගැන සිතා නැත. එය මාරය..
පිලිපීනයේ තඩි කිඹුලෙක් ගම්වැසියන්ට අසුව..


කිඹුලන් වැඩිවීමට හේතුව සොයා බලා හෝ කිඹුලන් මිනිසුන් ආහාරයට ගන්නට හේතු සොයා බලා කිසියම් පරීක්ෂණයක් සිදු වූයේ දැයි නොදනිමි. එහෙත් පෙනෙන ආකාරයට එවැන්නක් නැත. දකුනු ඇලයෙන් සක්මන් කර වම් ඇලයට පැන වැදුනු දත් පහර හේතුවේනවූ ලේ ගැලීමෙන් සිදුවූ මරණයක්හෝ එවන් බ්ලා බ්ලා බ්ලා රිපෝට් එකක් නම් එන්නට ඇත. නමුත් කිඹුලන් මිනිසුන් අතරමේ ගැටුමට හේතුව විද්‍යාත්මකව සෙවීමේ කිසිදු උත්සාහයක් නම් පේන තෙක් මානයක නැත. 

මේ ගැන වෙනත් තැනක වූ කතාවක් මා රබර් කණ දාගෙන අසා සිටියෙමි . එහිදි අපේ කන්තෝරුවේ මහත්මයෙකු දැක්වූ අදහස් අනුව එක්තරා රටක සිංහයෙකු මිනිසුන්ට පහර දී මස් අනුභව කිරීමට පෙලඹි තිබුනි. සාමාන්‍යන් විද්‍යාවට අනුව සිංහයින් සඳහා මනුෂ්‍ය මාංශය මෙලෙක් ගතියක් තියෙලු. ඒ මෘදු ගතිය නිසා සාමාන්‍යන් සිංහයින් මනුෂ්‍ය මාංශයට ආශා කරන්නේ නැතිලු. පස්සෙ බලනකොට වෙල තියෙන්නෙ ඒ සිංහයගෙ දතක අවුලක් සිංහයට දතේ ප්‍රශ්ණයක් නිසා තදබල මාංශ කන්න බැරිලු. ඒ නිසා තමයි අර මනුස්ස මාංශ වලට සිංහය පැනල තියෙන්නෙ.. 
ඒ වගේ දේවල් වෙන්නත් පුලුවනි. මේ මාතර ගගේ විශාල කිඹුලන් ඉන්නෙ එහි තියෙන කිවුල්දිය තත්වය යටතේ කියල මතයකුත් තියෙනවා. කෝම උනත් මේ ආකාරයට ප්‍රශ්ණ විසඳන එක දැන් දැන් මෝස්තරයක් වෙලා. ඉස්සර අලි ගැහුවම කුඹුරු පාලු කලාම ආධාර දුන්න දැන් කිඹුල කෑවමත් දෙනවා. හරි සුන්දර ප්‍රායෝගික විසඳුම්..

22 comments:

  1. මේ යන විදිහට නම් විසඳම විදිහට, මිනිස්සු විතරක් ඉතුරු කරල සත්තු ඔක්කොම රටින් පිටුවහල් කරන්න වෙනව..

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ ඕකෙ අනික් පැත්ත බං... සත්තු ඉදලා වැඩක් තියෙනවද මිනිස්සු නැතුව..???
      සත්තුන්ගෙන් මිනිස්සුන්ට කරදරයි නම් කතා දෙකක් නෑ උන්ව මරන්න ඕනේ..!!!

      Delete
    2. මිනිස්සුන්ට මනුස්ස වාසත්, සත්තුන්ට සත්ව වාසත් ඉතිරි කරල සේප් එකේ වැඩේ කලානම් ගොඩ නේද??

      Delete
    3. කොහොමද ඔය වාස වෙන්කොරන්නෙ... මිනිස්සු කියන උන් හම්බුවෙන චාන්ස් එකෙන් සත්තුන්ගෙ තැන් වලට අයිතිය කියනවනෙ... බස්නාහිර පලාතෙම වගුරු කොච්චර ගොඩ කරලද බලපන්..

      මම නම් කියන්නෙ සත්තුන්ව පිටුවහල් කොරන්න ඕන... නැතුව හරියන්නෙ නෑ...

      Delete
  2. දත්වල කතාවනං ඇත්ත. ව්‍යාග්‍රයන් දඩයම් කල ජිම් කෝබට් ඒ ගැන කියල තිබුන. කිඹුලන් ඇල්ලීම විලාසිතාවක් වෙලානෙ දැං දැං. කිඹුල ඇල්ලුවට පස්සෙ මොකක් උනත් කමක් නෑ බං. අනෙක මේක හොද ප්‍රවෘත්තියක්නේ. ලොකු කිඹුලෙක් ඇල්ලුවම බඩුමිල උනත් වැඩිකරන්න ඉඩ තියනව ඉස්සරහට. ඇයි ටීවී වලින් දැනගත්තොත් කිඹුලා ඇල්ලීමේ බ්‍රේකින් නිවුස් එකක් දාන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හුම් ඒක ඇත්ත මට මෙතන කියන් ඕනි උනේ අප්ප බුදුන් අපි දන්න කාලෙ ඉදල මාතර ගඝේ කිඹුල්ලු ඉන්නවා..ඒත් ළඟක ඉඳන් අවධානම වැඩියි මිනිසුන්ට..ඒ ගැන හරියට බලන්න ඕනි..නිගමන කරන්න හදිස්සි වෙන්න නැතුව...

      Delete
  3. මේ වෙන්නේ මොනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. ඔව් නිවුස් එක ඇහුවෙ නැත්තං මේක මඤ්ඤං ගතියක් පෙන්නුං කරනවා තමා..

      Delete
  4. කිඹුලා බනිස් කන්නෙත් බලාගෙන... :)

    ReplyDelete
    Replies
    1. අල එකේ පොඩි මල්ලියි චූටි මල්ලියිත් මිනිසුන් කන කිඹුලෙක් පෙන්නුවා නේද? ඒක මාරයි තමයි..

      Delete
  5. හැම ප්‍රශ්නෙටම පැලැස්තර විසඳුම් දෙන අපේ රටේ ඕක මහා පුදුමයක් නෙවෙයිනේ...
    ඔයා කියන එක මලගෙදරකට මම ගියා..ටිකක් දුරින් අපේ නෑ කෙනෙක් වෙන නංගි කෙනෙක් තමයි අර ගෑණු ළමයා..එතැනදී ප්‍රශ්නේ වෙලා තිබුනේ නියම ආරක්ෂාවක් නැති කිඹුල් කොටුව නිසා..ඒක නිකන් පරණ ලී තිබුන වැටකින් පොඩි ඉඩක් වට කරලා තිබුනේ.... හරියට ඒ කොටුව හදල තිබුන නම් එහෙම දෙයක් වෙන්නේ නෑ...
    ගොඩක් තැන් වල ඔහොම කිඹුල් කොටු හදල්ල තිබුනත් නිසි ප්‍රමිතියක් නෑ.තිබුනත් ඒවා නඩත්තුව අන්තිමයි..මං හිතන්නේ ඒ දේවල් හරියට කරනවානම් තරමක්හෝ සාර්ථක විසඳුමක් ඔය ගඟේ ඉන්න කිඹුල්ලු අල්ලන් ගිහින් වෙන තැන් වල දානවට වඩා..!

    ReplyDelete
    Replies
    1. වෙරළ ගාව ඉඳන ්මිටර විස්සක් ඈතින් ඉදිකිරිම් කරන්න එපා කියල නීති තියෙනවා..ඒව ගොඩක් වෙලාවට කියාත්මක ්ෙවනවා..එතකොට ගංගා අවට??

      Delete
  6. බුදු අම්බෝ...කිඹුල්ලු

    ReplyDelete
  7. පැලැස්තර විසදුම් කියන්නේ මේවට තමයි..

    ReplyDelete
  8. මම හිතුවේ කන කිබුල්ලු බනිස් කියලා ;)

    ReplyDelete
  9. මට ඇති ලොකුම ප්‍රශ්නය මේ කිබුලා හරිම කිබුලාදැයි අදුනගට්ටේ කෙසේද යන්නය?
    සිංහයන් කොටියන් මෙන් නොව කිඹුලන් කොහොමත් කන්න පුළුවන් ඕන දෙයක් (මිනිසුන් ඇතුළුව) කති.

    ReplyDelete
    Replies
    1. කිඹුලා ස්කෑන් කරල බැලුවනං හරි නේ ඇට කැබලි තියෙද කියල මනුස්ස ඇට කෑලි..

      Delete
  10. අද ලංකාවේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න බං මේවා!

    ReplyDelete
    Replies
    1. මේ කිඹුල් ගැටලුව සහ එය විසඳන්නට හදන ආකාරය අනුව අපේ සිස්ටම් එකේ රිදම් එක ලස්සනට අල්ලගන්න පුලුවනි...

      Delete
  11. පොඩි කාලේ පාරු කවියක් අහලා තිබුනා,
    "තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කටියා"
    "මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා" කියලා.. කවිය හරියටම මතක නැහැ..
    එත් ඒ කාලේ මිනී නොකාපු මාතර කිඹුලන්ට දැන් මොකෝ වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අංගොඩයෝ, ඔය කවිය කියල තිබුනේ ඇත්තම කිඹුල්ලු ගැන නෙවෙයි. මාතර හිටපු, පාරු කාරයින්ට "සේවා" සපයපු මාගමක් ගැන. මට මතකයි කවුරු හරි කෙනෙක් බ්ලොග් සටහනකුත් ලියල තිබුන.

      Delete
  12. අහුංගල්ල සත්වෝද්‍යානය වැසුවාට පසු එහි සිටි අප්‍රකානු කිඹුලන් මේ නිල්වලා ගගට දාපු කතාවක් තිබෙනවා...
    ඊට අමතරව කුනු දැමීම සඳහා ගංගා ඉවුර භාවිතා කිරීම නිසා නිතර කුනු කන දේසපාලකයින්ගේ බඩ ලොකු වෙනවා මෙන් කිඹුලන් විසාල වී ආහාර මදි වීමද සිදු විය හැක..

    ReplyDelete