Wednesday, August 22, 2012

ඒ යුගයේ හිනා කතා

මේ කියන කතා තුන හතරම අයිති වෙන්නේ පරිවර්ථන එහෙම නැත්තං මේ කොම්පියුටර හෙම ආපු පලවෙනි යුගයට..

ඉතිං ඔන්න කම්පෙලෙන් ටෙලිපෝන් එකෙං බාරගන්න කන්තෝරුවක් තිබුනා. කම්පෙලෙන් වලට හරියන සිංහල වචනය මං හිතන්නෙ දෝෂ රපෝර්තුව වෙන්න ඇති.
. කෝම හරි ඉතිං ඒ කන්තෝරුවෙ ටෙලිපෝං එක රිං විසිහතරක් විතර ගියාම පෝන් එක ඉස්සුවා. ඒත් ඒ වෙලාවෙ ඉන්න ඕනි නියම කෙනා නෙමෙයි එතන එතන ඇමතුම භාරගන්න හිටියෙ වෙන කෙනෙක්.. එයා ඇවිත් පෝන් එක ආන්සර් කරලා දැං අමතපු කෙනාගෙ නම අහනවා...

සර් ගෙ නම? මම ෆාදර් අලස්..
ඉතිං ෆාදර් අලස් කියන එක කෙටියට.. FR Alas කියලා  ලියලා දැම්මා..
ඉතිං ඒ ෆාදර්ගේ වැඩේ දවසකින් දෙකකින් හරිගස්සලා දැං වෙන කෙනෙක් ෆාදර්ට කොල් කරනවා...

සර් ඔය එෆ් ආර් අලස් ද කතා කරන්නේ? මං අලස් නම් තමයි ඒත් එෆ් ආර් නෙමෙයි..කියලා ෆාදර්ට කට ගන්න උනේ නෑ...අනික් යාලුවා ආවා ඇවිත්.. හෙන කලබලයක් කරලා "එෆ් ආර් නෙමෙයි මෝලො ෆාදර්" කියලා කිව්වා...
ඒ වාගේ වෙලාවට කෝල් එකේ කට තියෙන පැත්ත අතින් වහගෙන තමයි ඉතිං කතා කරන්නෙ...

ඇයි යකෝ ෆාදර් නං ඉස්සරහිං රෙවනියු කියලා තියෙන්න එපැයි...කියලා අර කෝල් කරාපු යාලුවත් ඇරියෙම නෑලු වැඩේ... සාමාන්‍යයේන් මිනිහා දන්න විදියට මීට කලිං ෆාදර්ලාෙග් නම් තිබිල තියෙන්නෙ Rev. Alas කියලා වාගේලු.


ඉතිං ඔන්න තව දවසක් ඔය වාගෙම කන්තෝරුවකට කොම්පියුටරයක් අලුතින්ම ලැබිලා.. සිල්වා මහත්තයාගේ කොම්පියුටරය මොකක්දෝ දොසක් නිසා වැඩ නැතිලු.. ඉතිං සිල්වා මහත්තයා වෙන කොම්පියුටරයක් තියෙන තැනකට කතා කරලා.. 
මේ ඔයාලගේ එකේ පවර් පොයින්ට් තියෙද කියලා අහලා... සිල්වා මහත්තයා ලොක්කෙක් නිසා කස්ටිය එකපාර නෑ කියන්නෙ නැතුව ඇති සර් බලන්නං කියලා..
පස්සෙ ඉතිං ඕකෙ සුවර් එකට පවර් පොයින්ට් ඇති කියලා සිල්වා මහත්තයා ඇවිල්ල කාමරේට...
කාමරේට එනකොට කොම්පියුටරේ බබා වාෙග් මේසෙ උඩ තියෙද්දි දෙතුං දෙනාම බිත්ති මුලුවලයි මේසෙ යටයි තව පවර් පොයින්ට්ස් තියෙනවාද කියලා හොයනවාලු...ඒ අස්සෙදෙතුං දෙනෙක් පවර් පොයින්ට් හොයන්න මේසෙ යටටත් රිංගලාලු..
ඒ කාලෙ පවර් පොයින්ට්ස් කියල තියෙන්නෙ විදුලි බලය ගන්න තැනට තමයි..හොඳේ...

ඉතිං සිල්වා මහත්තයාගේ සෙක්ෂන් එකට රාත්‍රි වැඩමුරත් තිබුනාලු.. මේ රාත්‍රි වැඩමුර අස්සෙ සාමාන්‍යෙයන් කස්ටිය කාලක් ක්‍රියා කරන්න කාරිය මාරුවෙලා යනවා කියලා මේ සිල්වා මහත්තය දන්නවාලු. ඉතිං සිල්වා මහත්තය අදාල රාත්‍රි වැඩමුරය තියනෙ තැනට කතා කරලා. කතා කලාම එතන කවුරුත් නෑලු ආන්ස් කරන්න. ඉන් පස්සෙ සිල්වා මහත්තයා ඒ ආසන්නයේ ඇති වෙනත් කාමරයක රාත්‍රි වැඩ තියෙන අයෙකුට කතා කරලා කියලා.

"මේ අයිසෙ තමුසෙ ගිහිං අර සෙක්සන් එකේ කොම්පියුටරේ දැං යන්ෙන මොනවද ඒකෙ තියෙන්නෙ මොනවද කියලා මට රිපෝට් කරනවා" කිව්වලු. එතකොට ඔන්ලයින් ඇවිත් පෝල්ට් අනං මනං රිපෝට් වෙන සිස්ටම් එකක්ලු එහේ තිබුනා කියන්නෙ..ඉතිං සිල්වා ලොක්කත් ඔය අතර ලොකු පෝල්ට් හෙම තියෙද බලන්නලු අර මිනිහාට ගිහිං කොම්පියුටරේ බලන්න කිව්වෙ..
ඒ පොර දැං ගිහිං කොම්පියුටරය ගාවට..කෝල් එකක් අරං සිල්වාට සර්ට...

"සර් දැං ටිකකට කලිං කොටි ගියා...දැං කැස්බෑවො වගයකුයි මාලු වගේකුයි යනවා" කිව්වලු.. ඒක අහලා අන්දුන් කුන්දුන් වුන සිල්වා උන්නැහේ, කොහේද හලෝ කොටි ගියේ...කොටි පැනලවත්ද ඇතුලට කියාල නිකමට අහලා. නෑ සර් කොම්පියුටරේ තමයි කොටි ගියේ දැන් කැස්බෑවො යන්නේ කියලා....
ඒ මනුස්සයා කොම්පියුටරේ ඉස්කිරින් සේවර් එක දිහා බලලා ඒකෙ දාල තිබුන සත්තු එහෙම එහෙ මෙහෙ යන ඒවා තමයි සර්ට රිපෝට් කරලා තියෙන්නෙ....
ටෙලෙක්ස් මැෂිමක්
මේ ඉහල පිංතූරෙ තියෙන්නෙ ටෙලෙක්ස්(telex) මැෂිමක්. මේ ටෙලෙක්ස් කියන්නෙ බොහොම ඉස්සර කාලෙ ඒ කිව්වෙ මීට දශකයකට දෙකකට ඉස්සර පණිවුඩ හුවමාරු වෙන්න භාවිත වෙච්චි මැසිමක්. මේකෙං කෙරෙන්නෙ අපි විසින් මුද්‍රණය කරන ලද කෝඩ් එකක් අනික් පැත්ෙත කෙනාට යැවීම.. මේ හරහා පණිවුඩයක් යවන්න පුලුවං බොහොම දුර තැනකට.. රේඩියෝ සංඥා හරහා තමයි මේක වැඩ කරන්නෙ.. 

ඉතිං මෙහෙම ටෙලෙක්ස් එකක් විජමු ලොකුබන්ඩාර ඇමතිතුමා හිටපු තැනත් තිබුනාලු..ඇමතිතුමාට ඕනි වෙලා ඒකෙ අලුතින් ඇතිවුන දෝසය රපෝර්තු කරන්න.
 එතුමා කතා කරලා ඒ රෙපයාර් කරන ආයතනයට
මහත්මයා මාෙග් දුර මුද්‍රික යන්ත්‍රය අඩපන වලො තිබෙනවා.මේ අවස්ථාවෙ කියලා..රිපෝට් එක දාන්න ලෑස්ති වුනාලු...

අහා ඔබට දුර මුද්‍රිකයක් තිබේද යසයි යසයි....ඉදින් මා කුමක්ද කල යුත්තේ? කියලා ජෝක් එකක් වෙන්න ඇති කියලා හිතපු ඒ රෙපයාර් ආයතනයේ කෙනෙක් උත්තර දුන්නාලු..
ඉතිං මේ ජෝක් එක ටිකක් දුර යනකොට අපේ විජමු තුමාට තරහ ආව වගේලු....
ඔබ දන්නවාද මා මේ කතා කරන්නේ ආයුර්වේද අමාත්‍ය විජමු ලොකුබන්ඩාර බව...

එතකොට කස්ටියට වැඩේ පත්තු වෙලා... දඩ බඩ ගාල වැඩේට ඇතුලත් වෙලා ඒ රාජකාරිය බොහොම ඉක්මනින් නිමා කරලා දුන්නාලු.

15 comments:

  1. අපටත් හෙළුවෙන් වනන්නට හුරු කළෑ ඇදුරානෝ කෙනෙක් උන්හ, එතුමා පසු කලෙක රහ මෙර පානය පිණිසැ අප යනෙන ස්ථානයකදී අපට බැහැ දැකීමට ලැබී, ප්‍රීති ප්‍රමෝදයට පත්වැ ඔවුන් හා හෙළුවෙන් වනනු රිසියෙන් ආයූබෝවන් කියා තෙපලූ කල්හි, එතුමානෝ. ආ පුතා කොහොමද ජීවීතේ ෂොට් එකක් දාන්න ආවා කියා මට වැනුවෝය. ඉන් පසු....

    ReplyDelete
  2. "මේකෙං කෙරෙන්නෙ අපි විසින් මුද්‍රණය කරන ලද කෝඩ් එකක් අනික් පැත්ෙත කෙනාට යැවීම.. "

    මම් හිතන හැටියට මේක, Land-lines වලට තිබුන SMS,test-message service වගේ එකක්. Fax වගේ print කරපු documents අනෙක්පසින් print කරන්න බැහැ. Text-symbols (e.g. A, B, C, ..., 1, 2,...) type කරපු ඒව විතරයි යවන්න පුලුවන්.

    ReplyDelete
  3. මේ වගේ කතා දහසක් තියෙනවා.

    හොඳම එක තමයි Press Any Key කරන්න එනි කී එක සෙවීම

    ReplyDelete
  4. එල කතා. පැරණි උනත් තාම හිනා යනව.

    ReplyDelete
  5. මරු කතා ටික.. විජමුගේ එක තමයි හොඳම.

    ReplyDelete
  6. මුද්‍රික කියන්නෙ මිදි වලට, මුද්‍රික පාණය කියන්නෙ වයින් වලට. මුද්‍රක යන්ත්‍රය කියන්නෙ ප්‍රින්ටරේට. එක පිල්ලකින් වැඩේ කොට උඩ යන හැටි පේනව නේද?

    ReplyDelete
  7. මරු.. නියම කතා සෙට් එක...

    ReplyDelete
  8. වි.ජ.මු ගෙ කතාව තමා පට්ටම...

    ReplyDelete
  9. දුර මුත්‍රක යන්ත්‍රය නෙවෙයිද ?

    ReplyDelete
  10. කතා සෙට් එකම නියමයි

    ReplyDelete
  11. හිනා ගියේ නෑ ..
    මේකේ 2 කොටහකුත් තියනවා වෙන්ටති එතකොට හිනා වෙන්නම් කෝ බලලා

    ReplyDelete
    Replies
    1. සොරි දෙකක් නෑ...දැං හිනාගිය තරමක් තමයි...

      Delete
  12. මරු කතා සෙට් එක. හැබැයි අමිලමීට දසක එකහමාරකට කලින් නම්පවර් පොයින්ට් එක හොයන්න අපි වුනත් මේස යට රිංගන්න තිබ්බා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  13. විනෝදයත් එක්ක දැනුමකුත් ලැබුණා...

    ReplyDelete