Wednesday, September 12, 2012

පොත් ගැන තියෙන වෙබ් සයිට් එකක්

.මගේ යාලුවෙක් හිටියා සම්පත් කියලා. සම්පත් ඇවිල්ලා ඈත පලාතෙ මිනිහා. කොළඹ ඉදං ඈත වුනාම ඉතිං ඔය ඉන්ටනෙට් එකයි ඉංගිරිසියි ගැන වැඩිය දන්නෙ නෑ 2006දි විතර. එතකොට අපි නිකං අඹයො වගේ. ඔන්න ඉතිං ඒ ලෙවල් කරල කෝස් එකකට සිලෙක්ට් වුනා අපි දෙන්නම. දිග රැග් එකක් ඉවර වෙලා අපි ආවෙ ලොකු පොරවල් වෙන්න ලොකු ඩිප් එකක් කරන්න. ඉගෙනගන්න ආපුවම ඉතිං ඔය සමිති සමාගම් වලටත් බැදෙනවා. සමහරු දැන් හිතයි හාපෝ යූනියන් නැත්තං ජෙප්පො කියලා. ඔව් යකෝ අපි යූනියන් තමයි ඒත් ජෙප්පො නෙමෙයි. සමහර දෙමාපියොන්ට වගේම ළමයිටත් යූනියන් වගේම සමිති සමාගමුත් පේන්න බෑ. ඒත් ඉගනගන්නෙ උන් මැනේජර්ස්ල වෙන්න. මිනිස්සු එක්ක සහ සමාජය එක්කට ටිකක් වැඩකරලා පුරුදු උන කෙනෙක්ට සමාගමකට ගියාම මිනිස්සු එක්ක වැඩකරන්න ලේසියි. නැත්තං අපි එලියට ගියාම නිකං සමාජෙට නොගැලෙපන හැම සුලු වරදටත් මහින්දට රනිල්ට දේශපාලනයට බනින මහ කුහකයො සැට් එකක් බවට පත්වෙනවා.

අපි දෙයක් කරන්න පුරුදු වෙනකොට තේරෙනවා ඒවයි තියෙන අමාරුව. ඒත් පිටින් බලලා විවේචනය කරන එක පස්ටම ලේසියි මිනිස්සුන්ට. ම්ම්  අපිදැන් කතාවට එමු. එතකොට අපේ පොඩි කතාවෙ නායකායා වෙච්චි සම්පත් හිටියෙ පුස්ථකාල කමිටුවෙ. පුස්ථකාලයේ වැඩපිලිවෙල අපේ යූනියන් එකට සහ ළමයිට අවැසි විදියට සකස් කරගන්න පුස්ථකාලෙ ඉන්න අය එක්ක පොඩ්ඩක් කතා බහ කරලා කටයුතු කරන්න ආදි වැඩ තමයි ඒකට තිබුනෙ. ඔන්න එකපාරක් කොහෙන්දෝ රටකි්න පොඩි අාධාර වැඩක් ආවා අපේ පුස්ථකාලයට. ඉතිං අලුත් පොත් ගන්න පොත් ලිස්ට් හෙම දෙන්න අවස්ථාව ලමයින්ටත් තිබුනා. ළමයි දන්න කියෙන වැදගත් පොත් ලැයිස්තු එකතු කරලා ඒවයින් ගැලපෙන ඒවා දේශකවරු එක්ක කතා කරලා තෝරගන්න එක තිබුනෙ අපේ සම්පත් ට තමයි.

ඉතිං පන්තිය පොඩි වෙලාවකට රැස්කරලා. විස්තරේ අපේ පුස්ථකාලෙ බාර බුවා විස්තර කලා. සම්පත් මේසුලු දේ බොහොම ලොකු කරලා ඇරියා තියල නිකං ව්‍යවස්ථා සංසෝදනයක් වගේබරපතල විදියට. සම්පත් ට කෝමත් දෙයක් සරලව කියලා පුරුද්දක් නෑම වගේ. ඉතිං පොර පොත් ඉල්ලනවා අපේන්. එකෙක් නැගිටලා කිව්වා අපිඉන්ටනෙට් එකේ බලමු ඉන්ටනෙට් එකේ තියෙනවා හොද පොත් ගැන කියාල. ඒ පාර සම්පතයාත් නෙට් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නවා උනාට මූ පැනලා කියපි හරි එහෙනං සහෝදරයා අපිට දෙන්නකො ඒ වෙබ් සයිට් වල විස්තර අපි හොයලා බලන්න ම් කියලා කිව්වා.

ඉතිං මිනිහාට වෙබ් සයිට් ලැබෙන්න ඇති. ඉතිං දවසක් අපේ සම්පත් ගිහිං ලැබ් එකට නෙට් තියෙන මැසිමටත් ගිහිං එක සයිට් එකක් ගැහුවලු පොත් හොයන්න. ලොගින් එකක් ඉල්ලනවලු යන්න දෙන් නෑලු. ඒ පාර සම්පත් අර සයිට් එක දීපු ගෝතයා හොයාගන්න බැරි නිසා ලඟ එකෙක්ගෙන් අහලා මචං මේ සයිට් එකට යන්න පාස් වර්ඩ් ඉල්ලනවානේ කියලා. ඒ පාර සම්පත් කලිං මේකට ගිහිල්ලා නැතිබව දන්න නිසා යාලුවා අහලා මොකටද මචං ඔය සයිට් එකට යන්නෙ? කියලා..

නෑ බං මං මේ පොත් වගයක් හොයන්න සයිට් ඉල්ලුවාම එකෙක් දීලා තියෙන්නෙ මේක. කියලා කිව්හම අර සයිට් එක මොනාටද කියාල ඇහුව යාලුවාට බඩ පැලෙන්න හිනාලු. ඒ අපේ සම්පත් ඒ වෙලේ යන්න හොයලා තියෙන්නෙ ෆේස්බුක් කියෙන සයිට් එකට. ෆේස්බුක් එකේ කොහෙද පොත් කියලා දැන්නම් අපි දන්නවා. ඒත් 2006 ඔය කියන කාලෙ මාත් ෆේස්බුක් ගැන වැඩිය දැනගෙන හිටියෙ නෑ. ඒක නිසා කොල්ලො ඕක කියලා හිනා වෙනකොට මාත් ඒකට සෙට්වෙන්නම හිනා වුනා මිසක මෙලෝ ලබ්බක් ෆේස්බුක් ගැනනම් දැනං හිටියෙ නෑ..

8 comments:

  1. මම හිතුවෙම වෙන මොකක් හරි වැල සයිට් එකක් දීලා කියලා

    ReplyDelete
  2. ෆේස්බුක් මුල් කාලේ අපිටත් මැජික් නේන්නං..

    ReplyDelete
  3. බ්‍රේක් ඩාන්ස් ආපු කාලේ මම හිතුවේ වාහන බ්‍රේක් ගගහා නටනවා කියලා...

    ReplyDelete
  4. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  5. කතාව නම් සුපිරි. අකුරු පොඩ්ඩක් ලොකු කරන්න පුලුවන් නම් තවත් හොඳයි

    ReplyDelete