Saturday, March 16, 2013

ක්ලබ්ලාලංකාරය.

විදුලි මිනි පහන්
බොළඳ වූ සිනා රැලි
නිලංකාර අඹරේ
ගිලිහී සැඳෑ සාදය...

කපුගේ මැරුනට ක්ලබ් එක තාම හෙමයි
එදාට වැඩිය දැන් ආතල්ද අදට වැඩිය එදා ආතල්ද
අනේ මන්දා..

බාගෙට් පේන බුරිය උලුප්පාගත් තන් සහ ඔසවාගත් පුකවල්
නටවයි තාලෙට ගෝසා නාදය අනුව
උඹත් බීපං මාත් බොන්නං උඹත් නටාපං මාත් නටන්නම්
එක සොට් එකක් දෙතුන් දාහක් මිලට අලෙවි වෙන නීත්‍යානුකූල සමාජය
කැරෝකේ ක්ලබ් එක..

එක පැයට දෙකට එක අල්ලට අහුවෙන පුක මිරිකන්ට චාන්ස් ගන්න
දාහෙ පටි විසික්ක වෙන අපූරුව
කේතුමතී රජදහනද මොකද්ද මේ තරං ලස්සනද මන්දා..
හැබැයි මේක ඇතුල සිගරට් ගඳයි..කෙල්ලො සෙන්ට් නාල හිටියත්
බීල වැඩි උන් ගාව දාඩිය ගඳයි..

ඇඹිලිපිටිය මනම්පිටිය දිවුලපිටිය කෙල්ලෝ
කොල්ලුපිටිය ලොල්ලොපිටිය පැත්තෙ ලොල්ලෝ
බලවතුන් ධනවතුන් මේසන් බාස් පිංවතුන්
සහ නිදහසේ ඉන්න අහිංසක පොලිස්කාරයින්..
ඔක්කෝම හැපි හැපී හැපි එකේ නටත්..විලාසිනියන් සමඟ..

ප්‍රීති ප්‍රීති...සතුට සතුට...කුනු බාල්දිවල වොස් රූම් පැත්තේ
බාගෙට ගත් සතුට ආහ් නදින් උතුරා යය් පිටි පස්සේ
පියකරු නාදය පිනන දෙසවන දිලිසෙන ලයිට් එක එක පාට
නටනවා නොවේ වැහැරුනු දෙපා වෙවුලන ඒත්
ඇන්ටිලා අංකල්ලාද තරුණකම ගතට සිතට ගෙන..

අසීමිත වියදම නැත්නම් හොදයි මටත් ඒ කලබ් ජීවිතය..
ජීවිතේ ඇති මරගන රැඟුම් දැක කලකිරෙන්නට..
මුදල් දුටු සැනින් එදෙස ඇදෙන කෙල්ලෝ..
සුරා මතින් දොඩවන මිනිසුන්..
වැනෙන පෙරලෙන එය පිරිසකට තවත් සුරලොවක්මැය..

කානුවල වමනෙ දමමින් ලක්ෂණ ඇඳුම් පොඩිවී ගිය කුඩා ගැහැනු..
මහත්තයෙක් දාගෙන කාර් එකේ රියදුරෙක්..අමාරුවෙන්..
තව ලොකු එකෙක් කොක්කක් වගේ කට්ටියක් සමග..
ක්ලබ් ඉදිරිපිට පාන්දර හරි සෝක්...බොහොම නිසංසල උදෑසන
බොහෝ ක්ලබ් වැසියෝ නිදති ගොරවමින්..හැකි ලෙසට..

15 comments:

  1. mata penne kolla club yanawa wage..!!!!

    ReplyDelete
  2. පේන විදියටනං බේස් වගේ කොල්ල ගිහිං තියෙන්නෙ

    ReplyDelete
  3. ඇත්තො කති බොති
    කලබ් වලටත් යති
    නැති අපි ඇති විටදී
    ඇති ඇත්තන් පරදවති . . .

    ඔන්න ඕකයි මලේ කලබ් වල ගොඩක් වෙන්නෙ.

    ReplyDelete
  4. මං අපේ යාලුවෙක්ගෙන් ඇහුවා
    "කැරෝකේ ගිහින් සින්දුවක්වත් කිව්වෙ නැද්ද බන්?" කියලා
    ඌ කියන්නවා "පිස්සුද යකෝ සින්දු කියන්ඩ,කෙල්ලෙක් එක්ක ආතල් ගන්ඩ තියන වෙලාවෙ" කියල

    ReplyDelete
  5. සෑහෙන කාලෙකින් නෙකියා 1100 ෆෝන් එකක් දැක්කේ..

    ReplyDelete
    Replies
    1. මහත්තයාටත් පේන දෙවල්!

      Delete
  6. http://kkroxc.blogspot.com/2012/12/blog-post_19.html

    mekath poddak kiywanna

    ReplyDelete
  7. මහත්තයා කරෝකේ ගිහින් වගේ.....

    ReplyDelete
  8. මේනං ගිහින් තියෙන්නේ ක්ලියෝපැට්රා පැත්තටයි.නයි කෙල්ල හිටියෙ නැතෙයි

    ReplyDelete

  9. රත්තරනේ සැර වැඩි..එඩිට් කොරාපිය ..:D

    ReplyDelete

  10. රත්තරනේ සැර වැඩි..එඩිට් කොරාපිය ..:D

    ReplyDelete
  11. කානුවක් ලග තියෙන, කැරෝකේ එකක් මට මතක නෑනේ ඔයී ........

    ReplyDelete
  12. විහිලු එහෙම නෙමේ.සිරාවටම මහගම සෙකරට පස්සෙ මේ වගෙ එකක් ලියපු එකම එකා උබ වෙන්නැති මචන්.පට්ටටම සිරා.. උබේ හැකියාව අපරාදෙ බන්. එකයි කනගාටු.සිරාම නිසදැසක්.අඩු ගානෙ පොතක් වත් ගහපන්..

    ReplyDelete
  13. ක්ලබ් නැටුම් අන්තිමේ
    දකින්නට ඇති එකම දෙය
    සිදුහතුන් එදා දුටු
    නිළියන්ගේ විප්‍රකාර පමණමය ...

    ReplyDelete
  14. නම ක්ලබාලංකාරය කියලා හැදුවොත් නම වචන් දෙක සන්ධි කරා වගේ එනව නේද බං? පොඩ්ඩක් බලපං ආපහු පාරක්.

    ක්ලබ් අලංකාරය කියන්නෙ ඉතිං මාසෙ මුල දවස් වල රුපියල් 20-30000ක් එක රැයින් කුඩු කරලා මාසෙ අන්තිමේ වෙනකොට කන්න විතරක් යන්තම් අතේ සල්ලි ඉතුරු වෙන වැඩක් තමා. ක්ලබ් ගැන නං කියන්ඩ එපා

    ReplyDelete