Monday, August 4, 2014

බිඳුන ආදර සිත.. Broken Something


ඇඟපුරා දැවිල්ලක්
හදවතේ කැසිල්ලක්
නින්ද නැති සෙවිල්ලක්
අලුතින් මැ රෝගයක්
කොල්ලෙකුට ඇවිල්ලා..

ඇස් නටනු පේනවා
හොරෙන් ඇය බලනවා
ගස්සගෙන දුවනවා
ඉතිං ඌ බැඳෙනවා
තේරෙන්නෙ නෑ තවත්..

දුර ඉඳන් බැලූ කල
එන්ට යැයි කියාලා
අඩගසනවා එ මල…
බඹරා මතින් ආල
ඒ දෙසට ඇදෙනවා..

ළඟට කෝ දුර ඇපල්
පෙනේ යස අමු පැපොල්
ඇගේ මුව වී ඇඹුල්
සිනා නැති මුව කොපුල්
බඹරටත් හෙන අවුල්

කල් බලා සිටින්නට
බෑ තවත් රුපුන් හට
ඇඟට ගෙන මාර ඝට
ලං වුනා ඈ ළඟට
මොකක් වෙයිදෝ මන්ද

කොල්ලා :- මලක් ගැන අදාසක්
පිරී ගොස් හිත කොනක්
නෑ රැයක් දවාලක්
එකම එක හීනයක්
ඔයා ගැන ඇවිල්ලා

යුවතිය:- ඔය වාගෙ ලෙඩ ලකුණු
කාලෙකට පෙර දුන්න
ඒ ලෙඩා මා රැගෙන
සදාකල් ලෙඩ වෙන්න
බැඳී,රෝ සුව වෙන්න

වරකට එකයි මෙමට
ඒ සදා කාලෙටම
කියා ඕ ඌ වෙතට
වෙඳැගිල්ල මුදුව බට
උස්සලා පෙන්නුවා..

6 comments:

  1. බැන්දායින් පස්සේ ලව් මේකින් නං ලේසියි!

    ReplyDelete
    Replies
    1. ටී මේකින් නම් තේරෙනවා..ඒත් ලව් මේකින්..අනේ මන්දා..හෙලුවම වනලා අසිපත මොට වෙලා..

      Delete
  2. හිහික්...
    ළඟට කෝ දුර ඇපල්
    පෙනේ යස අමු පැපොල්...///
    මේ ටික නං පට්ට..
    හුගක් කෙල්ලො දුරට ලස්සනයි... ඒත් ළගට ගොහින් බැලුවාම ...?????

    ReplyDelete
    Replies
    1. "හුගක් කෙල්ලො දුරට ලස්සනයි... ඒත් ළගට ගොහින් බැලුවාම .."

      මේකප් ගොනියයි......

      Delete