Wednesday, August 28, 2024

ජෝගු තැන්න

ප්ලේන් ඔෆ් ජාර්ස් සිංහලෙන් ජෝගු තැන්න. මහ විසාල ගල් ජෝගු වගයක් තැන් තැන්වල පේන්න තියනවා. මේ ජෝගු මොන කාරණාවකට පාවිච්ච කලාද කොයි කාලේ හැදුවද? ආදී හැම දෙයක්ම අද වෙනතුරු අභිරහසක් විදිහට තියෙනවා. මත තියෙනවා ඒත් ඒවා සනාත වෙලා නැහැ.



මේ ප්ලේන් ඔෆ්ද ජාර්ස් තියෙන්නේ ලාඕසයේ. ලාඕසයට අමතරව මේවා ඉන්දියාවේ ඇසෑම් වලිනුත් හොයාගෙන තියෙනවා. පුරාවිද්‍යාඥයෝ කියන විදිහට මේවා ක්‍රිස්තු පූර්ව 5 වස සියවසේ සිට ක්‍රි, වර්ශ 5 වන සියවස දක්වා පැතිරිලා තියෙනවා. ඒ කාලවල තමයි මුලින්ම හදලා තියෙනනේ. පස්සේ කාලෙක මේ ජෝගු වෙන වෙන රජකාලවල විවිධ කාර්යයන්ට පාවිච්චි වෙලා තියෙනවා.


මේ ජෝගු පාවිච්චි වෙලා තියෙන්නේ ඒ කාලේ මිනී දාන්න කියල කතාවක් තියෙනවා. සොහොන් ගෙවල් විදිහට මේවායේ මිනිස්සු දාල වහල තියෙනවා. මේ ජෝගු පෙලක්වා මිනිහෙක්ට තරම උසයි ගොඩක් ඒවා අඩි තුන හතර තමයි උස. සැබැයි හැම එකම වගේ මිනිහෙක් දාල වහන්න පුලුවන් තරමේ මහ හිලක් ඇතුලේ තියෙනවා.


මේ ජෝගු හදල තියෙන්නේ ඒ යාබද ගල්කොරිවල තිබුන කලු ගල් සහ හිරිගල් වලින්. ජෝගු ශේප් එකට ගානට හදාගන්න එයාල යකඩ ටූල්ස් පාවිච්චි කරන්න ඇති කියල විශ්වාස කරනවා. ජෝගු ඈත ගල් කොරිවල හදලා කොහොම මේ තැන්නට ගෙනාවේ කියන එකනම් ලොකු ප්‍රශ්නයක්. මොකද සමහර ගල් කොරිවල ඉදලා ජෝගු තියෙන තැන්වලට කිලෝමීටර ගනනාවක් දුරයි.


මේ ජෝගු තැන්න තියෙන පලාත 1970 කාලේ වියට්නාම ඇමරිකා යුද්දෙට සෑහෙන සැරට පාවිච්චි වෙලා තියෙනවා. ගුවනින් දාපු බෝම්බ නිසා මේ සමහර ජෝගු කැඩිලා ගිහින්. තවත් ඒවායේ යාබද අගල් හාරලා ඒ කාලේ යුද්දෙට පාවිච්චි කරලා ිෙයනවා. ඒ වගේම මහා බෝම්බ වැටිලා හෑරුන තඩි වලවල් තාමත් මේ තැන්නේ තැන් තැන්වල දකින්න තියෙනවා. යුද්දේ තිබුනේ වියට්නාමය වුනාට යාබද ලාඕසයටටත් ොබ්ම්බ ටොන් මිලියන ගානක් දාල තියෙනවා. ඒ වගේම මේ ලාඕස කලාපයේ සැගවිලා හිටිය වියට්නාම සොල්දාදුවන් ඒ යුද කටයුතු වලට වසර ගනනාවක් සක්‍රියව දායක වෙල තියෙනවා.


මේ ජෝගු තැන්න පලාතට කොපමණ බෝම්බ වැටිලද කියනවා නම් ඒ බෝම්ප වල තියෙන ලෝහ පාවිච්චි කරලා තාමත් ඒ පලාතේ මිනිස්සු හැදි කුඩා සමරු ආදිය හදනවා උණුකරලා වක්කරලා.


මේ ජෝගු හදලා ඒවා උඩින් වහලා මිනී දාලා තියන්න ඇති කියන මතය තමයි ගොඩක් අය පිලිගන්නේ. ඒත් මෙච්චර අමාරුවන් හදලා ඒවා මොන කාරණාවකට දහස් ගානක් තියෙද ඒවා කොහොමද ඒ කාලේ තාක්ශණයෙන් හැදුවේ ආදී කාරණා තාමත් රහස් විදිහට පොලව යට වැලලිලා තියෙනවා.



 

පිපී දිවයින 2

අපි පිපි අයිලන්ඩ් ගිය දවස ඇවිල්ලා 2023 නොවැම්බර් 26 වැනිදා එදා තායිලන්තයේ උත්සවයක් තියෙනවා ක්‍රතොන් ෆෙස්ටිවල් කියලා. ඒකෙදි එයාල පහන් පත්තුකරලා වතුරේ පාකරනවා. ඒ පාකරන්නේ මල් තියපු ලස්සන චූටි වේදිකාවක තියලා. මේ උත්සවයට ගෑනු පිරිමි සම්ප්‍රදායික තායි ඇදුම් වලින් සැරසෙනවා.


අපි එක ගමනක් යනකොට තායි පිපි දිවයිනේ නගර සෝබිනියන් රෙද්ද හැට්ට ඇදලා මේ උත්සවයට සූදානම් වෙලා හිටියා. ඊලගට තව ටිකක් රෑ වෙලා එතනින් යනකොට එයාල සුපුරුදු කොට හිර සෙස්සි ඇදුම් වලින් සැරසිලා හිටියා. නගර සෝබිනියන්ගේ මිලත් දූපතේ අනෙක් දේවල් වගෙම පිිපි දිවයිනේ මිල වැඩියි.


මේ රතුපාට බෝතලේ තියෙන්නේ ලාඕ කාඕ කියල මත්පැන් වර්ගයක්. මම කඩේකට ගොඩ වුනා දත් බුරුසුවක් සබන් කෑල්ලක් ගන්න. ඒක ඇවිල්ල කඩයක් කිව්වට මිනි සුපර් මාර්කට ්එකක් වගේ තැනක්. එතැන කෙළවරක තියෙනවා මේ වගේ බෝතලයක්. එතැන බෝතලේ ගාව තියෙනාව චූටි වීදුරුවක්. දූපත් වැසියෙක් ගිහින් එතන තියෙන බෝතලෙන් අර වීදුරුවට ටිකක් දාගෙන මත්පැන් බොනවා වගේ ටිකක් අපුලේන සුටුස් ගාල ඒක බීලා කවුන්ටරේට ගානක් දෙනවා කාසි කිහිපයක්. මමත් එතනින් බෝතලයක්ම ගත්තා. බෝතලේටම රුපියල් දාහක් ගියෙත් නෑ. පොඩි ගානක් උනේ.


ඒක ටික්ක සැර ජාතියක් වගේ පෙනුනේ. ඉන් පස්සේ දූපතේ ඇවිදිනකොට එතනෝල් බකට් දෙන තැන් තිබුනා. ඒ බකට් වලට විස්කි, බ්‍රැන්ඩ්, ලෝකල් බඩු කාලක් විතර දානවා. තව ස්ප්‍රයිට් කෝලා, ලෙමනෙඩ් අයිස් , දෙහි ආදී එක එක ජාතිත් දානවා. ඒවා දාලා අයිස් එක්ක මික්ස් කරලා චූටි කාලේ අපි සෙල්ලම් කරන්න ගන්න පොඩි පනිට්ටුවකට වගේ කොක්ටේල් එක්ක දාලා හදල පුරවලා දෙනවා. ඒ වගේ තැන්වල බාගෙදා කිසි විලිලැජ්ජාවක් නැතුව ලක්ෂන ගෑනුත් ඉන්නවා කොක්ටේල් හදාදෙන්න.


අපි එහෙම එතනෝල් මික්ස් හදන තැන් කීපෙකින්ම ඇහුවා අපි ගත්ත බෝතලේට සැන්ඩි කරන්න හොද ජාතියක්. එක තැනකින්වත් හරි උත්තරයක් ආවේ නෑ. ඇත්තටම ඒක සැන්ඩි නොකර ගහන ටිකිල වගේ ජාතියක්ද මන්දා. අවසානේ අපි බයිට් සහ තව මික්ස් කරන ජාති කන ජාති අරගෙන බීච් එකට ගියා. ඒ ගිහින් බංකුවක් උඩ තියාගෙන මේක ගැහුවා. ඒ බෝතලේ සැරයි. ඒ වගේම ලග වදිනවා.. ඒ බීල කරලා බීච් එකේ තිබුන ගිනි කෙලි බලන්න සෙට් වුනා. අපි ඒ ගිනිකෙලි තියෙන හෝටලෙන් බිවේව් කෑවේ නැහැ කියල වෙනසක් නෑ. හැමෝටම වාඩිවෙලා ඒ ගිනිකෙලි බලන්න පුලුවන්. කැමති නම් හොටලෙන් කෑම බීම ඇනවුම් කරන්න පුලුවන්.


අපිත් ගිනිකෙලි වලට ටිකක් සෙට් වුනා. ඒ ගිණිකෙලි වල දැවෙන පොල්ල යටින් පපුව පැත්ත තියලා රිංගන වැඩේට එහෙම අපේ යාලුවෝ සෙට් වුනා. ඉට පස්සේ පාර්ටි වල වගේ තව සෙල්ලම් ආදියත් තිබුනා. ප්ලාස්ටික් කැරකෙන ගොනෙක් හිටියා. ඌගේ පිටේ අපි නැග්ගම ඒක කරකෝනවා. හරි අමාරුයි උඩ නැගලා ඉන්න. යුක්රේන් කාරයො එහෙමත් උත්සාහ කලා. ටික වෙලාවකින් ගොනා වේගෙන් කැරකෙන නිසා පවතින්න අමාරුයි. අපි ඒකත් ට්‍රයි කරලා මත් වෙලා බමන මතින් රෑ ඇවිත් නවාතැනේ නිදාගත්තා. 







 

Thursday, August 22, 2024

Sinharaja White Monkeys

 In Sinharaja Forest, we can observe white monkeys. Normally, Sri Lanka has black monkeys. These white monkeys have a genetic disorder. They don't like having pictures or videos taken of them, but we can easily see them with the naked eye. We saw those monkeys in the dense forest near the Gin River. They were playing and having their lunch on trees by eating leaves. Our guide's face lit up after seeing the white monkeys. There were 2-3 white monkeys there, and all of them were completely white in color.






 

පිපී අයිලන්ඩම

 











පිපි අයිලන්ඩ් සංචාරකයින්ටම සෙට් වෙන මැක්සිමම් ආතල් ගොඩක් තියෙන තැනක්. ටිකක් වියදම නම් සැරයි . කෑම බීම සහ අනෙක් ආතල් පොඩ්ඩක් මිල වැඩියි. මොකද ඔක්කමබඩු ඔරුබෝට්ටු වලින් දූපතට ගේනන ඕන ඇති කිලෝමීටර් හතලිහක විතර දුරක ඉදලා.


දූපතට ගියාට පස්සේ අපි හිතාගෙන හිටිය නවාතැනට යන්න පිටත් වුනා. දූපතේ සංචාරක කලාපයේ ගමන පයින්ම තමයි කෙරෙන්නේ. දූපත විසාල එකක් නෙමෙයි සම්පූර්ණ එකම වර්ග කිලෝමීටර 28ක් වගේ. එයින් විසාල පදාසයක් කැලේට ඇරලා. තව කොටහක් ඒ දූපතේ ඉන්න ජනතාවට වෙන් කරලා. ලස්සනම බාගයක් සංචාරකයින්ට වෙන් කරලා.


මේ දූවේ එක පැත්තකින් දෙකකින් විතරක් නෙමෙයි තුන් හතර පැත්තෙන්ම මූද තියෙනවා. ලස්සන හිරිගල් පර පෙන්නුම් කරනවා..කදු කොටස් පේනවා. මූදේ වතුර කොල පාටයි නිල්පාටයි. ඒ වගේම මූදේ යන සාම්ප්‍රදායික ලෝන්ටේල් බෝට්ටුත් මේ වෙරළට ලස්සනක් එකතු කරනවා. මේ එක පැත්තක අපි යන වෙලාවේ ඔරු බෝට්ටු දිග වැලිතලාවක වැතිරිලා වගේ තැන තැන ගොඩ තිබුනා. ඒත් රෑ යනකොට ඒ බෝට්ටු තියෙන තැනට වතුර ඇවිත් අඩියක් දෙකක් බෝට්ටු යට වෙලා. වඩදිය බාදිය සීන් එක සැරටම තියෙනවා මම හිතන්නේ දූපතේ.


අපි නවතින්න ගිය නවාතැන ටිකක් ඇතුලේ. බාත් අටසීයක් කාමරේට. කාමරේ බේසික් එකක්. මොකද අපි නවාතැන් වලට වැඩිපුර වියදම් කරන්න හිතුවේ නෑ ආතල් වලට තමයි මුල් තැන දෙන්න හිතුවේ. ඒ අපි නවාතැන් ගන්න ගිය තැන පෝච්චියක ගංජා කියල සැක කරන්න පුලුවන් පැලෑටියක් තිබුනා. බාගෙදා ගංජා වෙන්නත් පුලුව්න. අපි ගිය කාලේ ගංජා තායිලන්තයේ තහනම් නෑ. ඕන කඩමන්ඩියක ගංජා ශොප් එකක් තියෙනවා.


ඉතින් අපි මුලින්ම ගිහින් බෑග් දාලා ඇවිත් ටිකක් කැරකෙන්න ගත්තා. එදා ටිකක් වැහි දවසක්. ඒ නිසා ටිකක් චොරමය ගතියක් තිබුනා. දූපත ඇතුල සම්පූර්ණයෙන්ම පැය දෙකකින් විතර ඇවිදලා කවර් කරන්න පුලුවන් සංචාරකයින් ඉන්න හරිය.

Tuesday, August 20, 2024

ඔප්පු කල වරද


බලන්න මිස් මෙයා මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් වරද පිලිගන්න ලෑස්ති නෑ. ඉතින් මම කොහොමද තවදුරටත්..මේක ඇදගෙන යන්නේ. මට නැතිවුනාට කමක් නෑ මේ දරුවෝ දෙන්නට යන කල දවස. එක්කො ළමයි දෙන්න මට දෙන්න ඕන මිස්. අරවින්ද කියන්නට විය.

ඒවා තීරණය කරන්නේ උසාවියෙන්. මට ඒවා කියන්න බෑ. දැන් ඔයා නේද පැමිණිල්ල දැම්මේ. පොලිස් එස් අයි තුමිය අසන්නට විය.


ඔයා පොඩ්ඩක් එලියට යන්න. අරවින්දට එස් අයි තුමිය කිව්වාය.


සංසලා මිස් ඔයා ගොඩක් උගත් කෙනෙක්. වෙන මේ වගේ පැමිණිලි වලදි ගෑනු පිරිමි මෙතන මරාගන්න හදනවා. ඔයා කිසිම කලබලයක් නෑ. ඔහේ ඉ්නනවා. හැබැයි වැරැද්ද පිලිගන්නෙත් නෑ. මේචචර දෙයක් වෙලා වීඩියෝත් ඉන්ටනෙට් ගිහින් තියෙද්දි ඇයි මිස් ඔයා වැරැද්ද පිලිගන්නේ නැත්තේ. එයාට ඕනි වරද පිලිඅරගෙන ආයේ එකතු වෙන්න කලින් වගේ. එස් අයි මිස් සංසලාට කරුණු පැහැදිලි කරන්නට විය.


ළමයි දෙන්න මට ඕනි. හැබැයි උසාවිය දෙන තීරණයට මම එකග වෙනවා. එස් අයි මිස් මේක විසදන්න උත්සාහ කරන හැටි මට තේරෙනවා. මෙතන කරන රාජකාරිය ගැනත් මට ඇත්තටම සතුටුයි. ඒත් මිස් තේරුම් ගන්න සමහර දේවල් ගෑනුන්ට එපා වෙනවා. ආයේ ඕන වෙන්නෙ නෑ. මම හරි නැතුව ඇති මම වැරදි ඇති. මම වේසත් ඇති. හැබැයි මට ආයේ කලින් තිබුන තැනට යන්න බෑ. මම අරවින්ද ඉස්සරහ වැරැද්ද පිලි අරං සමාව අරගෙන සාමදාන වෙන්න කැමති නෑ. සොරි මිස්. මම තීරණය අරගෙන ඉවරයි.සංසලා බිදකින් පවා සිය තීරණය වෙනස් කරගන්නට අකමැති වූවාය.


තවත් වටයක් අවසාන විය. තවත් පැමිණිලි අසන්නට විය. අවසානයේ අරවින්දගේ රතු කට්ට පනින්නට විය. පර බැල්ලි. තෝ හදන්නේ මගෙන් දික්කසාදේ අරගෙන වෙන උන් එක්ක රට වටේ රවුන් ගහන්න නේ. උඹ ඔච්චර කරලත් පිලිගන්නෙ නැත්තං දැනගනින් මම තොට කරන දේ. කියා තර්ජනය කරන්නට විය. පොලිස් මහතෙක් පැමිණ අරවින්දට බැන්නේය.


සංසලා යන්නට මත්තෙන් නැවත පැමිණ.. මිස් අරවින්ද අවසානෙට් කිව්ව දේවලුත් ලියනවා නම් මම සතුටුයි. මට මිස්ටවත් අරවින්දටවත් උත්තර දෙන්න ඕන නෑ. මේ පැමිණිල්ල එයා දාපු එකක්. මම අනාචාරයේ යනවා. එයා දික්කසාදය ඉල්ලනවා. හරි සරලයි. මන්දා මිස් මට මේ වැඩ එච්චර තේරුමක් නෑ. මම කැමැතියි හැබැයි ඒක මිස් ලියාගන්නවා නම්. සංසලා කියන්නට විය.


සංසලාට නම දැම්මේ කවුද? එස් අයි මිස් අහන්නට විය. මම හිතන්නේ අම්ම වෙන් ඕන මිස්. මම දන් නෑ ඒ ගැන. සංසලා උත්තර දුන්නාය.


අම්මල මොකස සංසලා මේ ගැන කියන්නේ? එයාලත් දන්නවා ඇති නේද? මේවා ගැන. නොදැන ඉන්න විදිහක් නෑනේ එස් අයි මිස් අහන්නට විය.


මම හිතන්නේ අරවින්ද ගිහින් දැනටම එයාල දැනුවත් කරල ඉවරයි. තාත්තා මට ඔෆිස් එකට කෝල් කලා. පරෙස්සම් වෙන්න කිව්වා. ළමයි ගැන හිතන්න කිව්ව. මිස්ට මේවගේ පැමිණිලි දවසට බර ගානක් එන නිසා කියන්නම්. අපේ තාත්තට අම්මට ඕන වුනේ මාව මට්ටු කරන්න. මාව එයාලට හොායාගන්න අමාරු වුනා. කියවගන්න අමාරු වුනා. එයාල අවසානේ දින්නා. මම පරාද වුනා. මේව වැඩක් නෑ. ඒත් මිස් අම්ම තාත්ත මම අතර එහමෙ ලොකු ටච් එකක් නෑ. ආවොත් ළමයි දේනන නම් ඉතින් උඩින් ආච්චි සීයා කියාගෙන ඉන්නවා. එහෙම තරහකුත් නෑ. ඒත් මට අවංකව එයාල මට හොදක් කලා කියල හිතෙන් නෑ.


මේක උසාවි ගිහින් නඩුව ඉවර වුනොත් අර මිනිහ එක්ක සංසලා රට යනවද? නැත්තං මෙහෙ වෙන කෙනෙක්?


සොරි මිස් මට ඒකට උත්තරයක් නෑ. තාම මම ඒක හිතල නෑ. සමහර විට මිස් කියන දේ වෙන්න පුලුවන්. උසාවි ගිහින් දික්කසාද වෙනවා. මට කෙනෙක් සෙට් වෙනවා. මම රට යනවා හෝ ලංකාවේ ඉන්නවා. ඔව් සමහර විට එහෙම වෙන්න පුලුවන්.


මම ඇහුවේ ඒක නෙමෙි සංසලා අර වීඩියෝ එකේ ඔයා එක්ක ඉන්න.. එස් අයි මිස් නැවත අසන්නට විය.


ම්ම්.. සමාවෙන්න මිස් මම ඒ ගැන දැන් කියන්න කැමති නැහැ. මම කියන්න ඕන දෙයක් වෙන්න ඇති මිස්. ඒත් මට ඒ ගැන අදහසක් නෑ. ඇතත්ටම නෑ. සංසලා කියන්නට විය.


වෙන ගෑනියෙක් ට නම් මම කුණුහරුප දෙකක් කියලා තොට යන්න පුලුවන් මෙතන කියන්න තමයි බැරි කියනවා. ඒත් ඔයා මේ කරන දේ ගැන ඔයාට තද විශ්වාසයක්. හිතාගන්න බැරි කන්ෆිඩන්ස් ලෙවල් එකක් තියෙනවා සංසලා. එහෙනම් ගිහින් එන්න. අරවින්ද පොලිසියෙ විදිහට කොහෙදිහරි කෑ ගැහුවොත් මට කෝල් එකක් දෙන්න. මට හිතෙනවා ඔයා කැමති දේ වෙයි කියල. ගොඩක් අය මෙහෙම වුනාම ආයේ සෙට්ල් වෙනවා. එත් මිස් ගැන මට හිතාගන් බෑ . අනේ මන්දා.


මාස තුනකට පෙර


සංසලාට ශිරන්ත හමු වූයේ සංසලාගේ කාර්යාලයේ 17වන තට්ටුවේ කැන්ටිමේදීය.


සිය දිග කතාව ඉතා කෙටියන් ශිරන්තට දිග හැරි සංසලා. කොටින්ම මචං මගේ ෆොන් එකට අරවින්ද සෙන්සර් දාල තියෙන්නේ. මොකද්ද මගුලක් ඉන්ස්ටෝල් කරලා යන තැන ඌට පෙන්නනවා. වාහන හොරු වැඩියි කියල පොර මගේ කාර් එකටත් මොකක්ද අටවල තියෙන්නෙ. දැන් මම ඔය ෆෝන් එක පාවිච්චි කරන්න ආසත් නෑ. මම යන තැනක් තියෙනවා නම් කරන දෙයක් තියෙනවා නම් උගේ සෙන්සර් වලට කොහොම හරි යනවා. ඒ දෙමව්පියො හරි හොදයි. හරි හොදයි කියනවට වඩා හොද වැඩියි.


මොකටද තොට හොද වචන ශිරන්ත. ශිරන්තගේ දෙමව්පියෝ වයස නෑ එච්චර ඒත් උන් දෙන්න ගොම් පකයි දෙන්නෙක්. සිල් ගන්නව. පන්සල් යනවා. ගෙයි ගොබ්බයො. මට පේන්න බෑ. මම යාලුවෙක් හ්මබෙන්න හිතුවත් අරූට කියල පර්මිශන් ගන්න ඕනි. මට ඕයි මාකට් ගිහින් මට කැමති දෙයක් ගන්න නෑ.. ළමයි දෙන්නට අරවින්ද ආදරෙයි. ඒත් අනේ මන්දා ශිරන්ත මට වෙලාවකට හිතෙනවා දිවි නහගන්න. මේක වෙන එකෙක්ට මම කියල නෑ. මට උඹ එක්ක විතරයි මේක කියන්න පුලවන්. මම කැමති නෑ බන් එහෙම මාව කවුරුත් රීඩ් කරනවාට. කොටින්ම උඹට උනත් මාව ටකල් කරගන්න තිබුනා තෝ මාව රීඩ් කරන්න ගියෙ නැත්තං. තොටත් මගේ පීරියඩ් පවා මතක තියාගෙන නහින්න ඕන වුනා නේ. ගස් ගොබිල. සංසලා බනින්නට විය.


අවුරුදු 5ක්.. සෑහෙන කාලයක් නෙමෙයි සංසලා. මම හිතුවා ඔයා නැතිවුනාම මට තව ගොඩක් දෙවල් ලැබෙයි කියල. පැණි හලනව නෙමෙයි. මම වැටුනා නෙමෙයි හතරගාතෙන් පත බෑවුනා ඔයාට ගෙදරින් කෙනෙක් හොයල කිව්වහම. ඒක සෑහෙන අමාරු මෙව්ව එකක්. මට තාම මතක් වෙනවා අපි රෑ දවල් නොබල තැන තැන පිස්සු කල හැටි. දවසක් බීච් එකේ නිදාගත්ත මතකද ගෙදර යන්න බැරි තරම් වෙරි නිසා. ඒවා නිකං සංසලා හීන වගේ මට.. ශිරන්ත කියන්නට විය.


හීන නොවී තියෙයියැ ඉතින් එතන වැල්ලෙදි නිදි අතර මගේ පස්ස ලොකුද බලන්න අතගාන්න ගිහින් කම්මුල් පාරකුත් කෑවේ මතක නැදද් ශිරන්ත මහත්තයට. අඩෝ ශිරන්තය ඒව නම් අමු හීන බන්. අපේ ගෙදර උන්ට ඕන වුනා මම එහම ඇවිදින එක නවත්වන්න. දැනටත් තාත්ත අම්මා කතාකලත් මට මාර තරහක් එන්නේ ඕයි. අපි සෙට් එක බීපු කාපු දේවල් කරපු දේවල්. මම ආසම මචං අපි වැඩිය ප්ලෑනින් නෑ අඩු ගානේ ට්‍රින්කො ගිය එකවත්. මතකද අර එකෙක් බයිට් මදි කියල වලියක් ඇදගෙන තව පොඩ්ඩෙන් පොලිසියෙත් ඉන්න වෙනවා. ආතල් ඕයි. දැන් මම නිකං හිර ගෙදර වගේ ශිරන්ත. මාව බේරගනින් යකෝ.. සංසලා ඉල්ලන්නට විය.


මේ චූට්ටකට නැගිටින්න සංසලා. ශිරන්ත ඉල්ලන්නට විය.


ඇයි මොකටද? මෙතන ආයේ මොනාහරි මම නාකිවලෙ කියල තොගේ හැකර කටෙන් අඩුපාඩු කියන්නද? අනෙ නිකං හිටපන් ශිරන්ත. උඹට ගෑනු සෙට් වෙන්නේ නැත්තෙත් ඔය චාටර් කට නිසා. ගෑනියෙක් සතුටු වෙන්න හොදක් කියපන් මිනිහෝ. තෝ අද දැක්ක ගමන් කිව්වේ මොකක්ද ඇන්ටි පාරක් වෙලාලු.. මම පෙන්නනවා තොට ඇන්ටි පාර වෙලාවක.. සංසලා සෙමෙන් එහෙත් වේගෙන් ශිරන්තට බනින්නට විය.


කාටද දැන් ගැනු නැත්තේ. අපෝ මට නන් ඉන්නවා. මට මේ කැටයන් බලන්න නෙමෙි ටිකක් නැගිටහන් කෝ නිකමට.. ශිරන්ත කියන්නට විය.


ඔන්න. දැන් මොකද කරන්න ඕනි. වම් පැත්තට සයිඩ් වෙන්න ඕනි නේ.. පස්සයි ඉස්සරහයි තොට පෙන්න. මගේ උඹ ගතපු පොටෝ සීයක් තියෙනම් හැත්ත අටක් විතර තියෙන්නේ ඔය සයිඩ් පෝස් එක. වනචරය. නැගිට ගත් සංසලා ශිරන්තට කියන්නට විය. එය විශාල කැන්ටින් බිල්ඩිමක කෙළවර තැනක් විය. විසාල පිරිසකට සැලසුම් කල එහි සෑම මේසයක් පුටුවක්ම සෑම දිනකම පිරිසිදු කරන මුත් සැමදාම තේ බොන්නට හිටියේ පස් හය දෙනෙකි.


හරි හරි..වාඩිවෙනවා. දැන් මට සංසලා බනිනවා ඔයාව රීඩ් කරන්න හැදුවා අනන් මනන් කිය කිය.. බලාගෙන යනකොට මම ගැනත් සංසලා හොදට රීඩ් කරලා තියෙනවා වගේ. ඒකෙන් වැඩක් නෑ. ඔයාට ඕකෙන් ගැලවෙන්න ඕනද? ඒ කිව්වේ දික්කසාද වෙලා රට පැනලා මොකක් හරි ජෝගියක් ඇදගන්න? ශිරන්ත අසන්නට විය.


එහෙමම නෙමෙයි අනේ මන්දා බන් මට ඕනි මේ මොනිටර් කිරිලි ඔක්කොම දේවල් නැති මොනාහරි දඩම ශොක් එකක්. මට මෙහෙම කූල් එකේ දෙදරු මවක් විදිහට ඉන්න බෑ බන්. ඇඩෝ දැන් අපේ ලොකු කොල්ලා මට වදින්න හදනවා කියපන්කෝ. ආච්චියි සීයයි කියල. මම ඌට කිව්වා ආච්චිලට සීයලට වදින්න අම්මට ඕන නෑ අමම් කැමති නෑ කියල. මට මේ ලයිප් එක එපාවෙලා ශිරන්ත. මට ඕනි මොනාහරි වෙනසක්. සංසලා කියන්නට විය.


මගේ අදහස ඔයාට නොකිය හිටියොත් හරි නෑ. ඇරත් ඒක අපි දෙන්නගේ මෙව්ව එකට හොද නෑ. අපි එහෙම හොද ශීලාචාර ගරු යාලුවෝ නමෙයි නේ සංසලා. අපි නරක යාලුවෝ නරක අදහස් හැබැයි නරක මිනිස්සු නෙමෙයි දැනට..


මගේ ප්ලෑන් එක


කියා දිග ප්ලෑන සංසලාට ශිරන්ත ිවසින් ඉදිරිපත් කරන ලදී.


හරි කරමු. ඒක නෙමෙයි ශිරන්ත. උඹට ඉතින් ජෙල නැද්ද? ඔය සීන් එකට..

සංසලා අසන්නට විය.


ඔව්. ජෙල තමයි ඒත් ෆයිනල් රිසල්ට් එක ආතල් වෙන්නේ මගේ ආසාව අනුව නෙමෙයි නේ. ඔයාලයි අම්ම තාත්ත විතරක් නෙමෙයි වෙඩින් එකට ආව නිසා අරවින්දටත් මාව මතක ඇති.. අැරත් ගූගොඩ වගේ රටේම ගෑවෙනවා එහෙම වුනොත්. ඊටත් ලීගල් පැත්තෙන් බැලුවොත් මම හිතන්නේ ඒ ප්ලෑනම වාසියි.


ෆෝන් එක ඔෆිසියේ හැරදා ලග සැප හෝටලයක කාමරයකට දිනක් සංසලා පික්මීයක නැගී නික්මුනාය. ඇය යනවිට ඇයට හමුවන්නට ශිරන්ත විසින් සෙට් කර දුන් ඩුබායි සිට පැමිණි මිතුරා සිටියේය. ඇත්තටම ඒ මිතුරා ශිරන්තටත් ආගන්තුකයෙක් විය. ඒ මිතුරා ශිරන්තගෙත් යාලුවකුගේ යාලුවෙකි. බලන අයට ආසාව වැඩිවෙන පරිද්දෙන් ලිංගික ඉරියව් උලුප්පා පෙන්වමින් සංසලාත් ආගන්තුකයාත් හරි හරියට ලිංගිකව හැසිරුනි. ඒ වීඩියෝ තත්වයෙන් උසස් සවිකරන ලද කැමරාවක පටිගත විය. බෙහෙත් ජාති වලින් සන්නද්ධව පැමිණි ආගන්තුකයා සංසලාගේ සාරය අන්තිම බින්දුව දක්වාත් උරා බොන ආකාරය වීඩියෝ වල දැක්වුනි. බලන අයට සංසලා විදෙස් කාම රාගිනියක් පරිද්දෙන් ආගන්තුකයා හා සංවාසයේ යෙදනෙ හැටි බලාගන්නට හැකි විය. ආගන්තුකයා සිංහල නොදත්තේ වුවත් ඇය හා සිනාවෙන් කරුණාවෙන් සිය ගනුදෙනුව අවසාන කලාය.


ආගන්තුක පකිස්තාන් කාරයා නැවත අරාබියට ගිය පසු වීඩියෝව අන්තර්ජාලයේ "අලුත්ම සිංහල එක දැක්කාද" කියන තැන්වල පතල විය. මුලින්ම අරවින්ද කිසිත් විශ්වාස කලේ නැත. සංසලාගේ ඔෆිසියේ අයද විශ්වාස කලේ නැත. එහෙත් ඒ කෑ ගැසීම් ඉරියව් සියල්ල සංසලාගේම බව දෙවනි වර එය නැරඹූ කල හැමෝටම පසක් විය. සිය නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයේ පලවී ඇතැයි යන පැමිණිල්ල සංසලා විසින් පොලිසියට ගොස් කරන ලදී. එහෙත් එය විදෙස් ජාතිකයෙක් සමග සිින දර්ශනයකි. එසේම එය නිකුත් වී ඇත්තේද විදෙස් රටකදීය. එය රිපෝට් ගසා ඉවත්කල හැකි මුත් ඒ වනවිට බොොහ් දෙනෙක් එය නරඹා හුවමාරුකරගෙන අවසාන විය.


අරවින්ද ට කිසිවක් සිතාගන්නට නොහැකි විය. අරවින්දගේ මාපියන්ට සංසලාගේ මාපියන්ට මේ කුමක්දැයි යාන්තමින් වත් තේරුමක් නැත. සංසලාගේ ඔෆිස් කේ උදවිය සංසලා යනවිට යම් උසුලු විසුල් කරන්නට සැරසුනත් කිසිම දෙයක පැහැදිලි හෝඩුවාවක් නොමැති හුදෙක් වීඩියෝ එකක් පමණක් වන නිසා බොහෝ දෙනා තුශ්නිම්භුතව සිටියෝය.


තොට මම මෙච්චර ආදරේ කරලත්.. අරවින්ද බීගෙන විත් දිනක් දෙබස් කියන්නට ලෑස්ති විය.


දරුවන් දෙදෙනාද රැගෙන සංසලා නිවසින් නික්මී ගියාය. ඒ වනවිටත් ලෑස්ති කරගෙන තිබූ නව නවාතැනට ඈ යොමුවිය.


මිතුරියක හරහා ගත් නව සිම්පතෙන් ශිරන්ත ඇමතූ සංසලා..


අඩෝ.. ඔක්කොම හරි තෑන්ස් මචං.. තෑන්ස් නෙමෙයි පුලුවන් වෙලාවක ආයේ වරෙන්.. දැන් ආයෙ සැටලයිට් නෑ බොසා. ආයේ ෆන් එක්ක දාමු ඉතින් ඈ.. මම ජොබ මාරු කරන්න ඕනා. මම කලිනුත ඔන්ලයින් ජෝගි වලින් සල්ලි ටිකක් හොයල තියෙනවා.. සංසලා කියන්නට විය. නෑ නෑ.. බන් එහෙම ඔය වීඩියෝ ජරාවල් නෙමෙයි.. මම පොඩ් පොඩි ග්‍ර්‍රැෆික් වැඩ කරලා ඩොරල් විස්සක් තිහක් දවසට තලාගන්නව බන්.. මෙහෙ හැටියට ඇති ඉතින් එහෙමවත්.. ඇය කියන්නට විය.


අර පකිසා ආයේ කතා කරලා මට ඩොලර් දෙසීයක් දෙන්නම්ලු ඩුබයි වලට ගෙනත් දෙන්නලු තෞසෙව.. මම ඒ හුප්තව බ්ලොක් කලා ඕයි.. මම බැලුවෙ ටිකයි මට ලිංගික ඉරිසියා පාරක් ඇවිත් මම මූඩ් ගහල එක ඕෆ් කලා.. ශිරන්ත කියන්නට විය.

Thursday, August 8, 2024

සියඹලා බීම පැකට්


 පුංචි කාලේ විතරක් නෙමෙයි අයිස් පැකට් ලොකු කාලෙත් අපි ගොඩක් ආස කරන බීමක් හෝ කෑමක්. දැන් අයිස් පැකට් එකක් රු 20ක් වෙනවා. අනික 20ට ගන්න අයිස් පැකට් එක සුරුස් ගාල ඉවර වෙනවා. ඉතින් කඩේ නැති වෙනස්ම විදිහක අයිස් පැකට් එකක් හදාගන්න හැටි අපි බලමු. මේකට අවශ්‍ය කරනවා.

සියඹලා - පල්ප් එක හෝ ඇට සහිත සුද්ද කරන ලද සියඹලා
කෝන් ෆ්ලාර් හෝ මඤ්ඤොක්කා පිටි මේස හැන්දක්
සීනි
ලුණු
දෙහි ගෙඩියක්

මුලින්ම වතුර එකක් ලිප තියලා ඒක පැහෙනකල් ඉන්න. ඉන් පස්සේ පැහෙන වතුරට සියඹලා ටික දාගන්න. සියඹලා ටික ටිකක් කලවම් කර කර ලිපේ තියාගෙන සියඹලා දියරය හදාගන්න. ඉන් පස්සේ ඒකට ඇතිපදමට ලුණු සහ සීනි දමාගන්න. මේකට සීනි ටිකක් වැඩිපුර දාගන්න වෙයි මොකද සියඹලා වල ඇඹුල් ගතිය ටිකක් වැඩියි. කෝන් ෆ්ලා තේ හැදි දෙකක් ඇල් වතුරේ දියකරලා ඒකට එකතු කරගන්න. අවසානයේ ලිපෙන් බාගන්න ඔන්න මෙන්න තියලා මිරිකාගත් දෙහි ඉස්ම ටිකක් එකතු කරලා කලවම් කරගන්න.

මෙතනදි කෝන් ෆ්ලා එකතු කරන්නේ මිශ්‍රණය ක්‍රීම් ගතියට එන්න. ක්‍රීම් ගතියට ආවට පස්සේ ඒක අයිස් ක්‍රීම් එකක් විදිහට තියෙනවා. නැත්තං එකපාරක් දෙපාරක් බීම පැකට් එක ඇද්දට පස්සේ ඒකේ තියෙන සීනි ටිකයි සියඹලා රසයයි අපේ කටට සෲස් බෲස් ගාල එනවා. ඉන් පස්සේ අයිස් කැටේ විතරයි ඉතුරු. ඒ ගතිය නැතිකරනවා කෝන් ෆ්ලා වලින්..

ඉතින් අවසානේ පැකට් වලට පුරවගෙන ෆ්‍රීජ් එකේ දාල දවසක් විතර තියාගෙන ගෙදර හදපු බීම පැකට් බොන්න ගන්න පුලුවන්. මේ බීම පැකට් හදන්න ගන්න අගලේ පොලිතින් එක පොලිතීන් කඩවල තියෙනවා. සමහර තොග බඩු කඩවලත් තියෙනවා. ග්‍රෑම් සීයක් ගත්තහම බීම පැකට් පනහක් සීයක් හදාගන්න පුලුවන්.

ඉතින් ඔයාලටත් පුලුවන් වෙනස්ම ආකාරයේ මේ ආකාරේ සියඹලා බීම පැකට් ගෙදරදීම හදාගන්න.

Friday, August 2, 2024

මීවන

මල් පිපෙන්නෙත් නැති ගෙඩි හැදෙන්නෙත් නැති මේ මීවන ශාක සිංහරාජයේ මෙදේරිපිටියෙන් ඇතුල් වුනාම හැම තැනම වගේ තියෙනවා. මේ මෙදේරිපිටිය පිවිසුමේ ඉදලා කැකුණ ඇල්ලට යන පාර වැටිල තියෙන්නේ ගිං ගග සහ අතු ගංගා ඉවුර දිගේ. ඒ ගං ඉවුර දිගේ තියෙන දිය සීරාව තෙතමනය මේ මීවන ශාක වැඩෛන්නට හිතකර පරිසර තත්වයක් වෙනවා. ආසියාව ඇමරිකාව අප්‍රිකාව වගේ හැම තැනකම වගේ මේමීවන වර්ග විසාල ගනනක් තියෙනවා. මේ අපි ගිය සිංහරාජ වනාන්තරේ මහ විසාල මීවන පදුරු තියෙනවා අපි දැක්කා. පොලිසිමලය සාධක අනුව මීවන ගස් අවුරුදු මිලියන 360කට ඉස්සර මේ ලොකේ තිබිල තියෙනවා. ඒ කියන්නේ ඩයිනෝසෝරයන් මිහිපිට ඉන්නකොටත් මේ මීවන වර්ග ලෝකේ තිබිල තියෙ. ඒත්දැන් අපිට දකින්නට තියෙන මීවන ප්‍රබේධ වසර මිලියන 145කට එපිට මිහිපිට බිහිවුන ඒවා කියලයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් සිංහරාජයේ ගියොත් ලස්සන දිය ඇලි කුඩා සතුන් වගේම මේ සුන්දර මීවන ගසුත් බලන්න අමතක කරන්න එපා.