Sunday, September 29, 2013

බර බඩද සරුවාලේ..05 කොටස

නර්මදා ගියා..ඒත් දරුවො ඉන්නවා.. එහෙම නේද ගංගුලි..?

ඔව් කාමිනි තාපසතුමියනි.. උන් දෙන්න ගැන තමයි මට වේදනාව..ගංගුලි කීය.

ගංගුලිට මං මලගෙදරින් පස්සෙ කිව්ව වැඩේ හොඳට බලල තිබුන. මං ස්කෝලෙට කතා කලා.. ගංගුලි ඇවිත් සල්ලි බැන්ද කිව්ව. සල්ලි බැන්ද වගේම දරුවො ගැනත් අවධානෙන් ඉන්න..

කෝ ස්නේහ.. ඇයි මෑනියනි.. ස්නේහා පසෙකින් සිට පිළිතුරු දුන්නාය..

.. ලෝගුවට වඩා මේකි සායට ලස්සනයි.. මං ඔක්කොම වාහන අනම් මනම් පිළියෙල කරල තියෙන්නෙ. මේක රහසක්.. දේව රහසක්.. මොකද මේව දැනගත්තොත් මගේ බිස්නස් විතරක් නෙමෙයි මාවත් නැති කරලා දාවි මිනිස්සු..

ස්නේහා අර ගංගුලි අල්ලල පොලිසියට බාර දුන් දවසෙ මහ දිග කතාවක් කිව්ව මතකයි.. ස්නේහ දන්වනේ..කාමිනි තාපසතුමිය දිග කතා වැඩිය දන් නැහැ.. ඔය පොත් වල තියෙන ගැඹුරු කෑලි මම අහගන්නෙත් සමහර වෙලාවට ඔයාලගෙන් නේ..

මං ඒ දවස්වල ඕව දැනගෙන හිටියෙත් නැහැ. මං මෙ ලෝගුවට ආවෙ මං යාලුවෙල හිටිය කොල්ල වෙන ගෑනු එක්ක ගිය හින්ද කියලත් ස්නේහ දන්නවා.. ඒ වගේම ඒ මිනිහට අපේ ගෙදරින් අකමැති වුන එකත් ස්නේහ දන්නවා..

ලෝකෙ හරි සරලයි.. මහා විසාල ගැඹුරු දේවල් හිතන්න එපා. දැන් මම තාපස දහම අනුව ඉන්නැහැ. බිස්නස් කරනවා. මගේ කතාව සරල නැහැ කියල කට්ටිය කියනවා. නමුත් මම ඒවා කරනවා.

අනික මං බෙහෙත් ගන්න ගිය දොස්තර නෝන කියනවා. මානසික ආබාධ, දියවැඩියාව, හෘද රෝග ආදි ගොඩක් රෝග තාපසවරුන්ට තාපසවරියන්ට වැඩිලු.

ඔය කියන මානසික කායික සංවර කම තියෙනං මොකද ඔච්චර ලෙඩ.. මමත් ඔය කියන සමහර විශ්වාස පේන්න බැහැ. ඒ වගේම මට කුහක කම් කරන්න බලං ඉන්න ජාතියක් විදියට පිරිමි පේන්නෙ..

ඒ නිස මට ගිහි වෙන්නත් බැහැ. කිසි දෙයක් ඇතුලට හිතන්න එපා. දැන් දරුවො දෙන්නට සලකගෙන දෙන්න සතුටින් ඉන්න බලන්න. ගංගුලි කවදාවත් හිතන්න එපා තමුං මේ බැඳල ඉන්නෙ තමුං වන්දනා කරපු තාපසතුමිය කියලා. ඒ වගේම කියවල තියෙන පොත් පත් ටික ඔක්කොම අයින් කරගෙන තමයි මෙතනින් එලියට ස්නේහා යන්න ඕනි.

මං අද මේ සැහැල්ලුවෙන් කරපු දේසනාව මීට කලිං මෙතනින් ගිහිපු අයටත් දීල තියෙනවා. එයාල ඒ දේසනාව අහන්නෙ ජීවිතෙ එකම එක වතාවයි.

ඉන් තැනක මැද ඉඳන් සතුටින් ජීවත්වෙන්න බලන්න..කොණ හොයන්න කොණට ලං වෙන්න යන්න එපා..මොකද කොණ හරිම බයානකයි.. කෙළවරක් හොයං යනකොට අපි තනිවෙනවා..ඒ තනිවුනාම අපිට උපදෙස් ගන්න කවුරුත් නැහ. අපි විතරයි..

එහෙනං වෑන් එක ඇති.. රෑම ගිහින් දරුවො දෙන්නත් දාගෙන යන්න.. ස්නේහා ගමේදි බහින්න එපා වාහනෙන්. අලුත් ගම ටගියාම කියන්න කොන්ඩෙ නැත්තෙ දේව පූජාවක් නිසා කියලා. මිනිස්සු ටික දවසක් ගියාම තේරුම් ගනීවි කෝමත් මේ ලෝගුව පාත්කරපු ගෑනියෙක් කියලා.ඒකට කමක් නැහැ..

මං මේ මාස තුනේ එන්නෙ නැහැ. මං තව මාස පහ හයකින් එනවා. එතකොට ඒ මාසවල හරි කඩකුලී එකතු කරල තියාගන්න.ඔයාල වගේ විස්වාස වන්ත අය ඉන්න එක මට ලේසියි. කඩ පේලියෙම කඩ කුලී ඔයාල ලඟ තියාගත්තම මට ඔිනි දවසක ගත හැකි සල්ලි. මං මාස හතරක් කඩ කුලී ගන්නෙ නැහැ. මං දීපු සල්ලි ස්නේහා පරිස්සමින් වියදම් කරන්න.. ඔතන බිස්නස් හොඳ තැනක්..

Saturday, September 28, 2013

බර බඩද සරුවාලේ..04 කොටස

අනේ ඉන්ස්පැක්ටර් මහත්තයෝ..මගේ දරුවො දෙන්න.ගෙදර..ගෑනි එකතැන.. මට යන්න දෙන්න මහත්තයෝ.. මං හරි දුප්පත් මිනිහෙක්.. මං වැරැද්දක් කොරල නැහැ. මං මොකුත් හොරකම් කරලත් නැහැ. ගංගුලි මොර දෙන්නට විය.

හරි එහෙනං කියනවා තමුසෙගේ සාක්කුවෙ තිබිල හම්බුන කොන්ඩම් ටික ගැන මොකද කියන්නෙ? තමුසෙ මේ තාපසාරාමෙ සිල් රකින තාපසතුමියකට අතරවර කරන්න ආවද? නැත්තං ගමේ කෙල්ලෙකුට අතවර කරන්න හිතං ආවද? තමුසෙ එකපාරක් ලොකු තාපසතුමියගේ කුඩයක් කැඩෙන්න පාරවල් කාලත් තියෙලු.. තාපසතුමියට තොගෙ පොඩි තුවක්කුව හේත්තු කරන්න ගිහින්.. හැබෑට ඕයි තමුසෙට අර හැටට කිට්ටුවෙච්චි ලොකු තාපසතුමිය දැක්කම ටුයිං වෙනවද ඕයි?

අඩු තරමෙ වයස ගැනවත් හිතනව. තමුසෙගෙ අම්මල ගෙ වයසත් වෙන්න ඇති.. සික් උඹලා අපේ පිරිමි ජාතියටත් නිග්‍රහයක්..


පොලිස් නිළදරුවා බැනවදින්නට විය.

හැඩූ කඳුලින් යුතු ස්නේහා තාපසතුමිය නිසිලෙස අමුනා නොගත් ලෝගුවෙන්ද තැනින් තැන අවුල් වුන කොන්ඩයෙන්ද යුතුව ලොකු තාපසිය වූ කාමිනි ගේ කුටියට ගියාය. එවිට කතාකරමින් සිටි උපාසිකා වරුන් ඉදිරිපිටට ස්නේහා ගියේය..

ස්නේහා දුටුවනම කිනම් හෝ අකරතැබ්බයක් යැයි කාමිනිට වැටහුනි.. මඳක් ස්නේහාට කිස්ටු වූ කාමිනි.. මොකද ස්නේහා මේ.. කියා ඇසීය..

නායක මෑනියනි මට ඔබතුමිය එක්ක කතා කරන්න පුලුවනිද?

පුළුවනි.. පොඩ්ඩක් ඉන්න..

ආ දැන් ඔය අය යන්න.දැන් අපි හොරා අල්ලලා පොලිසියට බාර දීල ඉවරනේ.. උපාසිකාවන් පිරිසක් වෙලත් මේ වගේ හොරෙක් අල්ලගන්න ලැබුන එක ලොකු දෙයක්. මං ගෙදරට බඩු පාර්සල් පවා යවල සලකපු. මේකෙම ඇවිත් ලැගල බණ බාවනා කරපු එකේකම හොරෙක් වෙච්ච එක ගැන මට ඇත්තටම දුකයි. ාකහොමෙ නමුත් අපි තවුස් දහම අනුව මේවා ගැන සැලෙන්න හොඳ නැහැ.

ස්නේහා මොකද මේ?

නායක තාපසතුමියනි..,

මා අරම හැරයන්නයි හදන්නෙ. ඒ කීවෙ අරම හැරදා ගිහි වන්නයි මගේ අදහස.. මට තවත් මේ ලෝගුව ඇතුලෙ ඉඳන් ලෝගුව තුල තියෙන සංවරය තියාගන්න බැහැ. මිනිස්සුන්ගේ වැඳුම් පිදුම ්ලබන උතුම් තත්වෙක මම නැහැ..

ස්නේහා.. මෙහෙ බලන්න..

ස්නේහා මෙතෙක් ඉවත බලාගෙන සිටි මුහුන මඳක් ඔසවා නායක තාපසතුමිය දෙස බැලුවාය.

ස්නේහා. හැමෝටම බලාපොරොත්තු වෙන විදියටම සංවරය,ශීලය තියාගන්න බැහැ. අපි හැමෝටම තියෙන්නෙ උත්සාහයක් විතරයි. තාපස දහම අනුව උතුම් මට්ටමක් වන ශාන්තුවර මට්ටමට අපි කවුරුත් පැමිණිලා නැහැ. ඒ නිසා වුන වැරැද්දක් කමා කරගන තවත් කෙලෙස් සහිත ගිහි දිවියට යන්න හිතන්නෙ නැතුව ඉන්නවනම් මම සතුටුයි..

ඒත් ස්නේහා තීරණය අරගෙන ඉවර නම්..මං ස්නේහට පැවිදි දිවිය වෙග්ම යහපත් ගිහි දිවියක් ප්‍රාර්ථනා කරනවා.

මොනව උනත් සේනේහා.. දැන් ස්නේහාට 35ටත් වැඩියි. අලුත් ජීවිතයක් පටන් ගන්න දැන් වයස වැඩියි.

අනික මෙච්චර කල් ලෝගුවෙ හිටපු ස්නේහට තවත් ජීවිතයක් පටන් ගන්නව කියන්නෙ ලේසි වැඩකුත් නෙමෙයි. අපිට සමහර දේවල් උපදෙස් වලින් කිව්වට තේරෙන් නැහැ. අපි පුංචි කාලෙ අම්මල තාත්තල ඉගෙනගන්න කිව්වට අපිට ඇහෙන්නෙ නැහැ. අපිට ඒක වදින්නෙ නැහැ. පස්ස කාලෙක අනික් යාලුවො හොඳ තැන්වල සැප විඳිනව දකිනකොට තමයි අපිට මතක් වෙන්නෙ ඉගෙනගත්ත එකේ වටිනකම.

මට තියෙන වැඩ රාජකාරි ආදිය නිසා ස්නේහල ගැන වැඩිපුර බලන්න වුනේ නැහැ. හොයන්න වෙලාවක් තිබුන් නැහැ. නමුත්..මං මට පුළුවන් හැම විදියටම ස්නේහලට පහසුකම් දුන්නයි කියලයි මට හිතෙන්නෙ..

මට නම් එකපාර අදහගන්නත් බැහැ වගේ.. කාමිනි තාපසතුමිය වේදනාවෙන් සෙමෙන් කියාගන ගියාය.. ස්නේහා බිම බලාගෙන ඇය කියන දේ අසාගෙන සිටියාය.

ඔබ තුමියගෙන් වත් මේ ආරාමෙ කාගෙන්වත් මට කරදරයක් මෙතෙක් කාලෙකට වෙලා නැහැ. පොඩි පොඩි දේවල් අපි අතර තිබුනත් මට අපේ දහම අනුව ඒවා විඳ දරා ගන්න හැකි වුනා.

මේක කාගෙවත් වරදක් නෙමෙයි මගේ ම වරදක්. අසරණ මිනිහෙක් අද පොලිස් කූඩුවෙ ඉන්නෙ මගේ වරදින් කියලා මට හිතෙනවා. නායක තාපස තුමිය තරහ ගන්න එපා. ගංගුලි මහ රෑ අරමට පැනල හොල්මන් කලේ ඔබතුමියගේ පසුපසින් ඇවිත් නෙමෙයි.ඒ වගේම එයා හොරකම් කරන්න ආවෙත් නැහැ..හොරකම් කරපු දෙයකුත් නැහැ. එයා ආවෙ මාව සොයාගෙන. ඔය තුන්වෙනි දවසෙ තමයි ඔබතුමියගේ උපාසිකා පිරිසට ගංගුලිව අල්ලගන්න පුලුවන් වුනේ.

කලින් දවස් තුනක් ඇවිල්ල දවස් දෙකක් මාව හමුවෙලා තියෙනවා. රෑ.. ස්නේහා කියන්නට විය.

මං මේ දකින්නෙ හීනයක්ද? අනේ මන්ද ස්නේහා.. මිනිස්සුන්ට යක්ෂයා ආරූඩ වුනාම කරන කියන දේ තේරෙන්නෙ නැහැ. ගංගුලි කොයි තරම් හොඳ කෙනෙක්ද ඉස්සර අපේ අරමට කොයි තරම් ලං වෙලා හිටියද? මම එයාගෙ පවුල නර්මදාට කොයි තරම් ලෙංගතුද? එහෙම සිල්වත්ව ඉන්න ගංගුලිම එක වෙලාවක බස් එකේ මගේ කරේ එයාගෙ පිස්තෝල බටේ ගාවන්න එනවා. එයාම ඇවිත් ස්නේහගේ කාමරේට රිංගනවා..

ඒ විතරක්යැ.. ස්නේහත් ඒක දැනගෙන ඒ මනුස්සයට ඉඩ දෙනවා..

අද කාලෙ සිද්ද වෙන දේවල් විස්වාස කරන්න බැහැ.. කොහොමටත් අපිත් දැන් නාකි වෙලා. අපිට නොතේරෙන දේවල් දැන් ලෝකෙ වැඩියි. එන්න එන්නම අම්ම තාත්ත සහෝදරයො අඳුනන් නැති මට්ටමට මිනිස්සු වියරු වැටෙනවා කියලා තාපස දහමෙ තියනෙවා.. ඒත් මං හිතුවෙ නැහැ ස්නේහා කීයටවත්.. කාමිනි වේදනාවෙන් වෙනතක් බලා සිටියාය..

ලොකූ රසයක් ඇති කියල හිතන සමහර දේවල රසයක් නෑ කියල තේරෙන්නෙ බාගෙකටත් වැඩිය කෑවම. අපි මහා ඉහලින් කරපු වර්ණනා අහල අපේ මහා තාපසතුමාගේ නිජබිම වෙච්චි ජල්බුක්ද්විපෙට ගියාම තමයි අපිට එහෙ තියෙන්නෙ ගඩොල් ගොඩවල් ගල් ගොඩවල් විතරක් කියල තේරෙන්නෙ. එතෙක් අපි හිතං ඉන්නෙ මලින් පිරිනු, ඵල බරවුන ජලේ පිරිච්චි රටක් කියලා..

තාපස දහම අහගෙන කියාගෙන යන්තම් දැනගෙන ඉන්නකොට මටත් හිතුනෙ මේ දහම ඇතුලෙ මහා ලොකු විමුක්තියක් තියෙනවා කියලා. නමුත් අපි භාවනා කරල වීර්ය කරලා..ලොකු ධ්‍යාන ගන්න නොයෙක් උත්සාහ අරගෙන මොකවත්ම කරගන්න බැරුව බොරු සෝබනයට සන්තෝසෙ පෙන්නගෙන ඉන්නවා. ඇත්තටම අපේ හිතේ නැතිකරගත්තු දෙයක් නැහැ. අපිටත් අනික් මිනිස්සුන්ට වගේම හැමෙදේම දැනෙනවා. අර ඉන්ද්‍රිය ජාරාව.මේ ඉන්ද්‍රිය ජරාව කියලා වරු ගනන් මැතිරුවට අපිට ඒ ක්ෂණයකින් ආයේත ඒ ඉන්ද්‍රිය වැදගත් කියල හිතෙනවා. මිනිස්සු කියන්නෙ මනස කියල පොත් වල දේශනා වල තිබුනට අපිට ඉන්ද්‍රිය ඉල්ලන සමහර දේවල් නොදී මනස වේදනාවට ලක් කරන්න වෙනවා. ඇයි අපි එහෙම කරන්නෙ කියන එකට මුල් කාලෙ දි අපිට හේතු තියෙනවා.

නමුත් කල් ගතවෙනකොට ඔබතුමිය, මම අනික් තාපසවරු අපි ඔක්කෝම එකිනෙකා රවටාගන්නවා විතරයි. අපි කාටවත් අර ගංගුලි මට විහිලු කරන්න වගේ.. ඔච්චර කල් බණ දහම් පුරලත් අහසින් යන්නවත් බැහැ. කොයි තරම් උත්සාහ කලත් පොත් වල තියෙන පෙළහර දක්වන්නත් බැහැ. කිසිම දෙයක් විඳන්න බැරි නිකංම නිකං මානසික කොටුවක මහ තාපසතුමා දාපු කොටුවක අපි විමුක්තිය හොයනවා..

ඉතිං ඔබතුමියට උගන්වන්න මම ලොකු වෙලා නැහැ. සමහර විට මම කාමයේ ඇලුන නිසාම මට මේ දේවල් හිතෙනවා ඇති. ඒත් මට තව දුරටත් මේ තාප ස ජිවිතේ විහිලුවක්. අපිට මහ ලොකු දෙයක් ඇති කියලා මිනිස්සු නිකං කන්න බොන්න අඳින්න දෙනවා. එායාලත් මොනවා හරි ලැබෙයි කියලා අපිට ඒවා දෙනවා..ඒත් ඇත්තටම අපි ට දන් පින් දෙන මිනිස්සුන්ට අනික් අයට වඩා වාසි වෙලා කියල අපිට ඔප්පු කරන්න බැහැ.

මට මෙ ්විකාර අදහස් සමහරක් ගංගුලි දාපු බොළඳ දේවල්..ඒ්ත මටම වැටහිල තිබුනා මේ අපි ඉන්නෙ බොරු හොර කොටුවක කියන අදහස.

මම කාමය සොයා ගියා. මම කාමයට ඇලුනා කාමිනි තාපසතුමියනි..ම්‍රත්‍රා ටික පිටවුනාම මුත්‍රා බොක්කට සැනසීම ලැබෙනවලු.. මල ටික පහලවුනාම ඒ පැත්තට සැනසීම ලැබෙනවා.. ඒ වගේම හොඳට කෑවම ආමාසෙට සහනය ලැබෙනවා.. හොඳට පිරිසිදුව තියාගත්තම සමට සැනසීම ලැබෙනවා.. ඉතිං ඔය දේවල් සීමා කරගෙන ඉන්න ඕන නැහැ.අර ලිංගික කෑලි තියං නිකං ඉන්න එපා කියල තමයි ගංගුලි එයාට වාසි බණට කිව්වෙ.

කිව්ව තරමට මහා ලොකු සැනසීමක් නැතත්. මිනිහෙක් ගාව ඉන්නකොට අමුතු මිහිරක් තියෙනවා.. ගෑනු අපිට ඒ මිහිර උරුම සැනසීමක් ..ඒක තාපසාරාමෙ තාපස පිළිමෙ දිහා බලං බකං නිලං හිටියම ලැබෙන බොරු සැනසීමට වඩා ලොකුයි.. මට අද යන්න තැනක් නැහැ. ඒත් මට මේකෙ තව ඉන්න හේතුවකුත් නැහැ.

අනේ කාමිනි තාපසතුමියනි. ඔබ තුමිය අර අහිංසකයා නිදහස් කරල දෙන්න.. ඒ මිනිහා තනියම මොකුත් කලෙ නැහැ. මගේ ටෙලිපෝන් නම්බරේ දුන්නෙත් මගේම මැදිහත් වීමෙන්..

හ්ම්.. මට කියන්න දෙයක් තියෙද කියල මං මේ කල්පනා කලේ ස්නේහා.. මං ඉන්ස්පැක්ට්ර්ට කියන්නම් ..කියල මොනව උනත් අර අසරණ ලමයි දෙන්නට ලෙඩින් හෙට අනිද්ද මැරෙන්න ඉන්න ගෑනිට සැනසීම පිණිස මොනහරි කරන්න බලන්නම්. ඔයා ගොඩක් වෙනස් වෙලා ස්නේහා.

මස් කන සත්තු ඉන්න කූඩුවක වෙන ශාඛ බුදින සතුන් තියාගන්න බැහැ. ඔබට මේ දහම ගැන විස්වාසය නැහැ. මම හිතන්නෙ ඔබ යන එක හොඳයි.. හැබැයි දැන්ම නෙමෙයි..

ඒකාන්තයෙන්ම නර්මදා තව මාසයකට වඩා ඉන්න එකක් නැහැ. මගේ ගෙවල් කඩකාමර තැන් කීපෙකම තියෙනවා කියල ස්නේහ දන්නවනේ.. එයින් එකක් මං ගංගුලිටයි ස්නේහටයි දෙන්න බලන්නම්..කලබල වෙන්න එපා. කොහොම වුනත් මේ අරම මේ තරමට ගන්න ස්නේහා ලොකු වෙහෙසක් ගත්තා.. ස්නේහා ඉවසුවොත් සේනේහට හොඳ අනාගතයක් හිමි කරගෙන යන්න පුළුවනි. එහෙම නැතුව කළබල වුනොත් කලබලේට හැම දේම යට වෙලා යාවි.. සමහර විට කලබල වෙලා දුවන්න ගියොත් ස්නේහත් පස් ගොඩකට යටවෙලා ගංගුලිත් අතරමං වේවි..කාමිනි කීවාය..

හරි තාපසතුමියනි. ඔබ තුමිය මට අම්ම කෙනෙක් වගේ.. මට විශ්වාසයි ඔබ තුමිය මට යන්නට අවසර දේවි කියලා.. ස්නේහා සතුට සහ දුක මිශ්‍ර සිතුවිල්ලකින් කුටිය කරා ඇදුනාය.

Friday, September 27, 2013

බර බඩද සරුවාලේ..03 කොටස

ස්නේහා තාපසතුමිය කාමිනී නායක තාපසතුමිය හමුවන්නට විවේක වෙලාවක ගියාය. ආ ස්නේහා..එන්න මං මේ හවස් වෙච්චි නිසා ගිලන්පස ටිකක් හදන්නයි හැදුවෙ.. ස්නේහටත් ටිකක් හදන්නම්..කාමිනි කීවාය.

අනේ මන්ද..නායක තාපසතුමිය ලව්ව ගිලන්පස හදාගන්න එක අපිට පවු වෙන්නත් ඇති..ස්නේහා පැවසීය..

ඕව එච්චර හිතන්න එපා ස්නේහ.. ඔය විදියට නායක තවුසියන්ට පිං දහම් කරගන්න ලැබෙන්නෙම නැහැ නේ..පවු සිද්ද වෙන නිසා..කාමිනී කිවාය.

වාඩි වී තේ බොන අතර ගංගුලි ගෙනා කුඩය ස්නේහා විසින් රැගෙන එනු ලැබ එය පසෙකින් තැබුවාය.

මොකද මේ ස්නේහා කුඩයක්..ඔයා මට විහිළුවක් වත් කරන්න ආවද? කාමිනී තාපසතුමිය ඇසුවාය..

ඔව් ඉතිං නායක තාපසතුමිය කුඩ එක්ක තරහයි කියල හැමෝම දන්නවා නේ.. පිටිපස්සෙ තියෙන කුඩ ගොඩ දැක්කම ඕනි කෙනෙක් පුදුම වෙනවා නෙ.. ස්නේහා තාපසතුමිය පැවසීය..

මේක අර නර්මදා උපාසිකාවගේ මහත්තයා ගංගුලි ගෙනත් දුන්නෙ..

මේ අවස්ථාවේ කාමිනි තාපසතුමියගේ මුහුන කළු වලාවකින් වැසුන අතර ඇය කුමක් සිදුවීදැයි යන කුහුලින් යුතුව බලාගෙන සිටියාය.

ස්නේහා බිම බලාගති.. කාමිනි මෑනියන්ට ලොකු වැරැද්දක් වුනා කිව්ව.. ඒකට සමාව ඉල්ලන්න එන්නත් ලැජ්ජයි වගේලු.. ඒ වගේම නර්මදාට සිල්ලර පාර්සල් එවන පිනෙන් නායක තව්සිය හොඳ උප්පත්තියක් ලබාවි කියලත් ගංගුලි කිව්වා.

පිලිගත්තනං කමක් නැහැ වනචරය.. ඕකාත් ආව නේ.. දන්ඩ හේත්තු කරන්න ලැජ්ජ නැතුව. මේකෙම කාල බීල ඉඳල ඕක අඳුනන්නෙ නැද්ද මේ මෑනියන්ගේ කහපාට ලෝගු..එදා බස් එකේම මිනිස්සු ලැජ්ජ කරලා බස් එකෙන් එලවල දැම්ම. දැන්වත් හැදෙන් නැතැයි.. මං හිතුවා නර්මදා වගේම උපාසකයෙක් කියල. බලං යනකොට ඔක්කොම පිරිමි ජාතිය එකයි.. ගෑනියෙක් දැක්කද ගිහිල්ල ඇනේ දාල හොල්ලන කල් ඉවසිල්ලක් නැහැ.

මේකයි ස්නේහා..මට හොඳට තේරෙනවා අහම්බෙන් වැදෙන ඒවා..මූ වංගුව ගන්නෙකොටම අර ලෝඩ් කරගතපු පිස්තෝලෙ ගාවනවා වගේ දන්ඩ ගාවන්න ගත්තා.. විලි ලැජ්ජාව නැති කම.. බීල වෙන්න ඇති හිටියෙ.. ඒත් ඉතිං අඩුතරමෙ මෙ ලෝගුවට ගරු කරන්න එපැයි..

කාමිනිට මඳක් තරහගොස් තිබුනි..

මං මෙහෙම කියනවාට තරහ වෙන්න එපා කාමිනි තාපසතුමියනි..

ඒ මනුස්සයා තමයි ඒ ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ.. ළමයි බලාගන්න එකේ ඉඳලා නර්මදාට කවන පොවන එක පවා කරනවා. මං හිතන්නෙ ඒ මනුස්සයට බැඳපු ගිහි පිරිමි ලබන්න ඕනි සතුට ලැබෙන්න නැතුව ඇති. ඒක නිස පොඩි වැරදීමක් වෙන්න ඇති. ඒත් ඉතිං තමුන්ගේ බිරිඳ පිළිකාව වෙලා එකතැන් වෙල ඉන්නකෙට සලකගෙන ඉන්න එකත් ලොකු පිනක්..ස්නේහා තාපසතුමිය කීවාය..

කවුද ඕව ස්නේහට කිව්වෙ? කාමිනි ඇසුවාය..

කුඩේ දෙන්න ගංගුලි ආවම මං නර්මදා ගැන ඇහුවම කිව්වෙ.. ඇරත් ඉතිං ඔය උපාසිකාවනුත් නිතර කියන්නෙ ගංගුලි පොඩඩක් බිව්වට පොඩ්ඩක් මුරන්ඩු මිනිහ වුනාට ගෑනිට සලකනවලු දෙවියන්ට වගේ.. ළමයින්ටත් හරි ආදර්ශමත් තාත්තෙක්ලු..

ස්නේහා තාපසතුමිය කීවාය..

ඔව්..ස්නේහා.. ඕන හොඳ මිනිහෙක් ළඟ මාරයෙක් ඉන්නවා. කොයි වෙලාවෙ අවිදි වෙනවද දන් නහැ. ඔය තාපස දහමෙත් තියෙන්නෙ.. එකපාර හොඳ මිනිස්සු ක්ෂණිකව වෙනස් වෙච්චි තැන්. ඒත් ස්නේහා මට අර වගේ වනචර වැඩ පේන්න බැහැ. ගෑනු කියන්නෙ හැම තිස්සෙම පිරිමින්ගේ කලිසම අස්සෙ තියෙන තුවක්කුවට යට වෙලා බය වෙල ඉන්න ඕන ජාතියක් නෙමෙ..

ශක්තිමත් පිරිසක්.. ඔය ඇතිල්ලිල්ල මට අල්ලන්නෙම නැහැ. මට සැරට තරහ යනව. කොහොම වුනත් ගංගුලි එනවනම් ටිකක් ඇවිල්ල දෙවියන්ට පූජා හම තියල අපේ දේශනා හෙම අහන්න දෙන්න..ඒ මනුස්සයට මේ වෙලාවෙ ධර්මය වැදගත් .. ළඟදි මැරෙනව ාකියල දන්න ජීවතුන් අතර මිනියක් එක්ක හටන් කරන එකටත් ලොකු මානසික හයියක් ඕනි ඇති.. කාමිනි තාපසතුමිය කීවාය.

ඔව් මාත් කිව්ව ගංගුලිට එන්න කියල.. ගංගුලිට කියල මං පෝන් එකට සිම් එකයි මෙමරි කාඩ් එකයි දාගත්ත.. දැන් ඒක වැඩ.. ලොකු මැනියොන්ගේ නොබ්බරේ දෙන්න මං දාගන්නම්..ස්නේහා තාපසතුමිය කීවාය..

මේ කුටියෙ ඉදල අඩි දෙතුන් සීයකට වඩා නැති ස්නේහගේ කුටියට මොන කෝල් ගැනිල්ලක්ද? ඉතිං කෝ පෝන එක ගෙනාවනම් ඒකෙ නම්බර් එක සේව් කරගන්න තිබුන නේ.. කාමිනි කීවාය..

ආ... මට වැඩිය ඒක පුරුදු නැහැ. මං මේස උඩ වෙනම පෙට්ටියෙක දාල තියෙන්නෙ.. හැමතැනම අරං යන්න බැහැ මට ඕක.. ස්නේහා කිව්වාය..

ඔව්..ඕවට පුරුුදු වුනාමත් හරි කරදර.. නැතුවම ඉන්න තියෙනං හොඳයි..හා මෙන්න මගේ කාඩ් එකක්..මට කාඩ් එකක් තියෙනව කියල අනික් මෑනියො දැනගන්න ඕනි නැහැ. ඔය සමහර ගමන් වලදි, දාන වලදි හමු වෙනවා ලොකු ලොකු අය.. ඒ අයට නොම්බර කිය කිය ඉන්න වෙලාවක් මෑනියොන්ට නැහැය කියලා උපාසිකා මාතාවක් මට මේ ටික ගහල පූජ කලා..කාමිනි කීවාය.

නමුත් මේ කාඩ් උපාසිකා මාතාවකගෙන්ම ඇගේ සල්ලි වියදම් කොට තනවාගෙන ඇති ඒවා වන්නටද හැකි බව ස්නේහා සිතුවාය.

Thursday, September 26, 2013

බර බඩද සරුවාලේ..02 කොටස

කාමිනිගේ අරමට ගංගුලිව රැගෙන ගියේ නර්මදාය. නර්මදා සමගින් බයිසිකලේ ගිය ගංගුලි ද සිය බිරිය සමගින් බයිසිකලෙන් අරමට යන අතර වෙහෙස නිවා ගැන්මට මුල් කාලයේ මඳක් අරමෙහි ගසක් යට වූ ලෑල්ලක ටික වෙලාවක් වාඩි වී සිටියේය. පිරිමින් හට තරමක් දුරට තහංචි වූ අරමක් වුවද නර්මදා අරමේ හොඳ උපාසිකාවක් වූ බැවින් අරමේ සිටි තවුසියන් කිහිප දෙනා ගංගුලිට ඇතුලට පැමිනෙන්නැයි ආරාධනා කලෝය. මුලදී ගංගුලි විසින් මේ මොන කෝලමක් දැයි ඔහේ බලාගෙන සිටියත්.. මහත් වූ ශ්‍රද්ධාවෙන් බිරිය කරන වත් පිළිවෙත් වලට උදව් දීම පසුව ගංගුලිගේ ද සිත ගත්තේය.

වන මැද වූ ස්වාභාවික නිවහනක සිරි ගත් අරම සතියට දිනක් හෝ නර්මදාගේ පහසට ලක් විය. ඒ නිසාම ගංගුලිද සිය නිවාඩු දවස විටෙක දරුවන්ද සමඟ අරමේම ගතකලේය. කෙතෙක් ගුණ යහපත් කම් ඇති තැනක සිටියද සර්පයෝ විස සහිතය. එසේම ඇතැම් මනුෂ්‍යෙයා් කෙතෙක් හොඳ පරිසරයක වැඩුනත් ඔවුනගේ ජන්මයෙන් පිහිටා ඇති අඩුපාඩු වසා ලිය නොහැකිය.

අලංකාරව ඔතන ලද අළුත් කුඩයක්ද රැගෙන බියෙන් මෙන් ගංගුලි අරමට ගියේය..

මුලින්ම හමු වූයේ කාමිනි නම් නායක තවුසිය නොවේ. ගංගුලිගේ වාසනාවට මෙන් ගංගුලි තරමක් හොඳින් අඳුනන ස්නේහා නම් තවුසිය මුන ගැසුනේය.

මොකද ගංගුලි බයෙන් වගේ.. හරියට නිකං ගංගුලිට අලුත් තැනක් වගේ..? ස්නේහා ඇසීය..

නෑ .. මෑනියෙනි මේ..අපේ ප්‍රධාන මෑනියො ඉන්නවද කියල බැලුවෙ..

ප්‍රධාන තාපසිය අද වෙන අරමකට වැඩල. ඉතිං කාලෙකින් මේ පැත්තෙ.. කොහොමද නර්මදා හෙම..?

ගංගුලි කුඩය ස්නේහා වෙත තබා ඉක්මනින්ම පැනගන්නට හැදුවත් ස්නේහා මේ අසරණයා ගේ බිරියගේ සුව දුක් විචාරීම ඔහුට මානසික සුවයට හේතු වී යැයි සිතීම නිසා ගංගුලිට ඉන්නට සිදු විය.

එන්න... ගංගුලි මාන්සියටත් එක්ක කහට කෝප්පයක් හෙම බීල යන්න හැකි..

ස්නේහා මෑනියෝ පිටුපසින් ගංගුලි ගියේය. ගංගුලි උපාසිකාවන් වාඩිවෙන කුඩා පුටුවක වාඩි වුන අතර ස්නේහා හොඳින් සිය සරුවාලය තනා ගෙන උස් අසුනේ ඉඳ ගත්තාය.

කියන්න තරම් හොඳක් නැහැ.තාපසතුමියනි.. දැන් ඉතිං මං හිත හදාගෙන ඉන්නෙ.. අපි කාටත් ඕක කවද හරි ඕක වෙනව නේ මෑනියො..

දැන් තෙමෙන් නැහැ..ගංගුලි එදා උලු කැටේ හදල දුන්න එකහොඳයි..නැත්තං පහුගිය කාලෙ තිබුන වැහිවල හැටියට මගේ කුටියෙ වතුර අයිං කරන්නෙ වෙන්නෙ බාල්දියෙන්..

ටික කලෙකට පෙර ස්නේහා තවුසියගේ කුටියේ වහලෙහි උලු අතර පරහක් වූයෙන් වැසි වැටෙන විට තෙමෙන්නට විය. නමුත් පිටින් පේන සිදුරක් නොවීය. ගංගුලි පැමිණ ඉණිමග තබා වහලයට නැග එය හැකිපමණ පිළිසකර කොට උළු කිහිපයක් ගලවා නැවත තබා හිදැස් නැතිවෙන අයුරින් තැනුවේය. ඉන් මතු නොතෙමන බව වරක් ස්නේහා මෑනියෝම ගංගුලිට කීවාය.

ගංගුලි කලිං වහලවල් වල නැගල තියෙනවා නේ.. අනේ මන් දන් නහැ.. ගංගුලිට මොක හරි වුනොත් මගේ තපස් දහම පැත්තක තියල නර්මදාට ගංගුලියෙක් හදල දෙන්න වෙයි. එදා ඉණිමගට නගින් ට මත්තෙන් ස්නේහා තවුසිය විසින් ගංගුලිට උපදෙස් දුන්නාය. ඇය ඇසිපිය නොහෙලා ගංගුලිගේ වැඩය නිරීක්ෂණය කලාය. නර්මදා ඒ අවස්ථාවේ කාමිණී නායක තවුසිය සමඟ වෙනත් වැඩකට මඳක් බැහැර ගොස් සිටියාය.

නර්මදා පැමිනි පසු නර්මදා සමඟද ස්නේහා තවුසිය ගංගුලිට ස්තූති කලාය.

ඕක මොකද්ද තාපසතුමියනි.. මෙයා තමයි ඉතිං ගෙදරත් ඔය වගේ වැඩ කරන්නෙ..අපිට ඉතිං ඕ වගේ දේවල් වලට වැඩකාරයො ගන්න සල්ලි නැහැ නේ.. කොහොම වුනත් මේ මනුස්සය නොදැන හරි ඒකෙන පිනක් කරගත්තා නෙව.. ඒ මැදෑ.. නර්මදා කීවාය.

මඳ නිෂ්ශබ්ධතාවයක් ඇතිවිය.

තාපසතුමියනි.

කාමිනි ලොකු තාපසතුමියට කුඩයක් පූජ කරන්නයි මං අද ආවෙ.. ගංගුලි කීවේය.

ආ.. ඉතිං මොකද ගංගුලි එකපාර කුඩයක් තෑගි කරන්න හිතුනෙ.? ලොකු තාපසතුමිය ඉතිං හැමදාම දුර ගමනක් ගියොත් කුඩේ කඩාගෙන නෙ එන්නෙ..ඒ වුනත් අපිට කුඩ ගොඩක් ලැබෙනවත් නේ.. තව මොකටද ගංගුලි කුඩ..?

නෑ නෑ..ස්නේහා මෑනියනි...මේ මගේ අතින් පොඩි වරදක් වුනා.. ඒත් ලොකු මෑනියො ඒක නොසලකා හැරල මේ පාරත් බඩු මල්ලක් ගෙදට්ට එවල තිබුන. දැන් මට කන්තෝරු පැක්ටරියෙනුත් ටිකක් ගානක් ලැබෙනවා. අහල පහල අයගෙනුත් උදව් පදව් ලැබෙනවා.. ඒ නිසා.. මං කුඩයක් පූජ කරන්න ඕනි කියල හිතුවා.. ගංගුලි කීවේය..

ගංගුලි දන්නවද පෝන් ජාති ගැන.. මට පෝන් එකකුයි සිම් එකකුයි අපේ දායිකාවක් ගෙනත් දුන්නා.. ඒකෙන් තවුස්දම් අහන්න පුලුවන්ලු. අනේ මන්දන් නැහැ ඒක හදාගන්න.. පොඩි මෑනියන්ගෙන් අහන්න පුළුවනි..ඒත් ලොකු මෑනියො මට දොස් කියයි එයාල ඕකට පුරුදු වුනොත්.. ස්නේහා කීවේය.

ආහ් ඒක නෙමෙ ගංගුලි..මොකද ලොකු මෑනියන්ට ගංගුලිගෙන් වුන වැරැද්ද? ලොකු මෑනියොන්ගේ ඉඩ කඩං දේපල වල අවුලක්ද? ස්නේහා ඇසීය..

ලොකු මෑනියෝ විසල් දේපලක හිමිකාරියක් වූ අතර ඇය ඇගේ ගිහිකල පවුලේ අයට ද හොඳින් සලකන කෙනෙකු වූවාය. ලොකු මෑනියෝ සීලය ගැන කෙතෙක් දේ තෙපලුවත් ඇය ඇගේ වතු පිටි කඩකාමර ආදිය වෙනත් අයකුට පැවරීමට නොසිතුවාය.ඇයම ඒවා උපාසිකාවන් සහ නෑදෑ පිරිස සමගින් පාලනය කරගෙනගියාය. ඇය ඒ සඳහා මනා දක්ෂකමකින් හෙබි වූවාය.

නැහැ දවසක් ලොකු මෑනියො කියල දැක්කෙ නැතුව මගේ අතින්පොඩි වැරැද්දක් වුනා බස් එකේදි..ලොකු මෑනියොන්ට හොඳටම කිපිල කුඩෙන් මට ගැහුවා..ගැහුව පාරට එතුමියගේ කුඩේ කැඩුනා..මං නිසා කුඩේ කැඩුන නිසා මට ටිකක් කණගාටු හිතුනා. අනික මං එච්චර වනචර වැඩක් කරන්න ගිහිනුත් ලොකු මෑනියො නර්මදාට සිල්ලර බඩු පාර්සලේ එවල තිබුනා.. මං එවෙලෙ ටිකක් බීල හිටියෙ..ගංගුලි කීවේය..

මොකද්ද තාපසතුමියනි පෝන් එක..අලුත් එකක්ද? ගෙනාවොත් බලන්න පුලුවනි..

සිම් එකක් කියල එකක් තියෙනවා..තව මෙමොරි කියල එකකුත් තියෙනවා.. බැටිරි චාජ් නං මම කරා..ඒත් මේ වා හරියට අටවගන්න තේරෙන් නැහැ නේ..පොතේ තියෙනවා කරන්න ඕනි විදිය..ඒත් මං කරන්ට් වැඩ වලට බයයි ගංගුලි.. ඕන්න ඕක ටිකක් හදල දෙන්න පුලුවන් නම්.. ලොකු දෙයක්.. ලොකු මෑනියොත් එකපාරක් කිව්ව ස්නේහට නම් පෝන් එකක් තිබුනත් කමක් නැහැ කියල.. ස්නේහා තවුසිය කීවාය..

සිම් මෙමරි..සහ පෝන් එක කැබැල්ලෙන් කැබැල්ල සෙමෙන් ගලවා ඒවා ගංගුලි විසින් එකිනෙක අමුනන්නට විය. පොඩි පුටුවේ වාඩි වී සමහර පෙට්ටි කැබැලි බිමට දමමින් එය කරන අයුරු ස්නේහා තවුසිය , කාර් මැකැනික් වැඩක් දැක දෑස නොහලා බලා සිටින කුඩා පිරිමි ළමයෙකු මෙන් බලා සිටියාය.

ගංගුලි මොකද ලොකු මෑනියන්ට නරක වැඩ කරන්න ගියෙ.. ගංගුලිට දරුවො ඉන්නව.. ලස්සන බිරිඳක් ලෙඩ වෙලා.ඉන්නව.. අනික ලොකු මෑනියො අඳුනගන්නවත් බැරි වුනාද? බස් එකේ මිනිස්සු දකින්නත් ඇති. අනික් දවසෙ මේ තැන්වලට ආව වගේම සිත පාලනය කරගන්න හුරුවෙන්න ගංගුලි.. හැම දේටම මුල හිත නේ.. තවුසිය ගංගුලිට වැදි බණ කියන්නට වූවාය..

ගංගුලි සිම් පත නිවැරදිවදමා බැටරිය දමන අතර ඇසුන තවුසියගේ කතාව ඇසී වහා හැරී තවුසියගේ මුහුන බැලුවාය.

ඇය ගංගුලිගේ සැර මුහුන දැක බියපත්ව යළිත් බිම බලාගත්තාය..

නැහැ ගංගුලි කෝප වෙන්න නෙමෙයි..මං හොඳට කිව්වෙ..මං කුඩේ ලොකු මෑනියො ආවම දෙන්නම්..හදන්නබැරිනම් කමක් නැහැ..පෝන් එකක් ඕනත් නැහැ මට..කවුරු කතාකරන්නද ඉතිං අපිට එලොවින් තමයි දැන් කාරුවත් කතා කලත්.. ස්නේහා බිඳුනු ස්වරයෙන් කියාගන ගියාය..

ගංගුලිට සිය බැල්ම ගැන ලැජ්ජා හිතුනි..

නෑ තාපසතුමියනි. ඔබ තුමිය කියන කතාව ඇත්ත.

ඒත් අපේ හිතට පාලනය නොවෙන විවිධ හැඟීම් ජාති තියෙනවා. ඒවා පාලනේ කොරන්න යනවාට වඩා ඒවා විඳිනඑක හොඳයි කියල මට හිතෙන්නෙ.. මං එදා බීල තමයි හිටියෙ නමුත් දැන් බීළ නැහැ.. ඒත් තාපසතුමියට තේරෙන්නෙ නැහැ..ඒවා.. ඔබතුමිය මේ ලෝගු දාගෙන මේව අස්සට වෙලා ඉන්නෙ. බොහොම රස කෑමක් වුනත් ඔබතුමිය කවමදාවත් කාල නැත්තං හරි අහල නැත්තං හරි ඔබතුමියට ඒක අවශ්‍යයි කියල හිතෙන්නෙ නැහැ. නමුත් ඒ රස කෑම කාපු අයට තවත් වතාවක් කන්න ආස හිතෙනවා..

ඔය තාපස පොත පත අපේ ගෙදර තියෙනවා. ඒවයි තියෙන විදියට සැමියා බිරිඳට බිරිඳ සැමියාට කරන්න ඕනි යුතුකම් තියෙනවා.. පවුල් ජීවිත ගෙනියන හැටි තියෙනවා. ඒ වුනාට මිනිස්සු කසාද බඳින්නෙ ඕකටද? යුතුකම් ඉටුකරන්න...මද? නැහැ තාපසතුමියනි..අපේ ඇඟට තරුණ කාලෙ එනවා කෙල්ලෙක් ඕනි කියන අදහස..කෙල්ලෙක් ළඟට වෙලා කතා කරන්න..කෙල්ලෙක් හුරතල් කරන්න..අඩන කෙල්ලව නලවන්න..(වටපිට බලා කිසිවෙක් නොමැති බව බලා සැක හැර දැන ශබ්ධය අඩුකොට) අපේ කලිසම අස්සෙ තියෙන පොඩි තුවක්කු බටේට විනෝදයක් දෙන්න අපේ සරීරෙට ඕනි වෙනවා.. එතකොට අපි කෙල්ලන්ට ලයින් දානවා..ඒ විදියට කෙල්ලන්ට ලයින් දාන්න ගිහින් ගෙදරට අහු වුනාම මට ගෙදරින් නර්මදාව බන්දල දුන්නා..

ඒ වුනාට ගංගුලි බල්ලො තිරිසන් සත්තු වගේ...සරීරෙට ඕනි දේවල් තැන නොතැන නොබල කරන එක හොඳ නැහැ වගේ නේද? තාපසතුමිය කීවාය..

අනේ මන්ද තාපසතුමියනි. මං තමයි දැන් ගෙදර සැමියා බිරිඳ ඔක්කොම.. දැන් මාව සතුටු කරන්න බිරිඳට බැහැ. නමුත් මං පොඩි උන් දෙන්නව බලාගෙන ගෑනිටත් සලකගෙන ඉන්නවා. ඒක මං ඔය තාපස පොත්වල එහෙම දේවල් කරන්න කියල නොතිබුනත් ඒ සැලකීම මම දරුවොන්ට පවුලට කරනවා.. මට මගේ දරුවො ගැන කැක්කුම ඇගෙන්ම එනවා.. මගේ ගෑනි ලෙඩවෙල ඉන්නකොට මහරෑ නැගිටල කකුල් අතගාන්න මට හිතෙනවා.. ඒක මං තවුස්දම් පොත් කියවල කරන්නෙනැහැ..

ඔව් ගංගුලි නර්මදාට ගොඩක් ආදරෙයි.. වෙන සැමිවරු දවසක් දෙකක් එනවා ඇවිත් ඇරලනවා..නමුත් මට මතක විදියට නර්මදාව හැමදාම වගේ එක්කරං ආවෙ ගංගුලිමයි.. ඒ අතිං නර්මදා හරි වාසනාවන්ත ඇති.. හිස් බැල්මෙන් ඈත බලාගෙන ස්නේහා තාපසතුමිය කීවාය..

ෆෝන් එකේ නං වැරැද්දක් නැහැ. නම්බර් ටික එබුවම එව මේ ඩිස්පෙලේ එකේ වැටෙනවා. ඉන් පස්සෙ කොළ පාට බොත්තම එබුවම කෝල් එක යනවා.. දැන් සිම් එකත් ඇක්ටිව් වෙලා.. කෝල් එකක් එනකොට කැමති නැත්තං රතුපාට බටන් එක ඔබන්න.. කැමතිනං කොළපාට එක ඔබන්න.. එච්චරයි හරි ලේසියි.. ගංගුලි ස්නේහා තවුසියට පෝන් එක හසුරුවන හැටි විස්තර කලේය..

එතකොට කැමති කෙනෙක්ගෙන් අකමැති කෝල් එකක් ආවොත්.. ? ස්නේහා තාපසතුමිය ගංගුලිගෙන් විචාලේය..

අනේ මන්දා මෑනියො අහන මහප්‍රාන මට තේරෙන් නැහැ.. ඔය මොකක් හරි ඔබන්න.. එතකොට හරි..කෝ ඉන්න මං දැන් කෝල් එකක් එවන්නං එතකොට රතුපාට බොත්තම ඔබන්න ඕනි..හරිනේ..දැන් ඔන්න පෝන් එක සද්ද වීගෙන කෝල් එක ආවම.. මෑනියො ඔය රතුපාට බොත්තමට ඇඟිල්ල තියං ඉන්න.. ගංගුලි කීවේය..

දැන් මෑනියන්ගේ එක් අතක පෝන් එකය. අනික් අතේ දබරැඟිල්ල රතුපාට බොත්තම අසලට ගෙනගියේය..ගංගුලි සාක්කුවට අතදමා සිම්පතේ කවරයේ වූ අංකය ඔබන්නට විය..

පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න ගංගුලි..ඉතිං ගංගුලි ඔයා කිව්වෙ කැමති නැති අයගේ ඒවට රතුපාට ඔබන්න කියල නේ.. ඉතිං ගංගුලි මගේ වෛරක් කාරයෙක් නෙමෙයි නේ.. ඔන්න ලොකු මෑනියො නම් ගංගුලිගේ කෝල් එකට රතු බටන් එක ඔබයි පැනලම.. ස්නේහා තාපසතුමිය මඳක් වියපත් වෙමින් සිටියත් හතලිහත් තිස් පහත් අතර වයසක වූ ඇගේ කාන්තා දෑසන් ඇය යොවුන් වියේදී කොල්ලන් කුලප්පු කරනු පිනිස දැමූ දඟකාර බැල්මක් ගංගුලිට යොමු කරන ගමන් පැවසුවාය..

ස්නේාහ තාපසතුමියො..අහන්නකො.. මගේ පොන් එකේ සල්ලි නැහැ ඒකයි කිව්වෙ රතු ඔබල කට් කරන්න කියල.. අයියෝ..තාපසතුමියො දවසෙම පොත් කියෙව්වට බාවනා කලාට අඩි හතරෙ ටියුබ් එකක් වගේ නේ..ටික වෙලාවක් වැටෙනවා දෙයක් තේරුං ගන්න.. ගංගුලි කීවේය.

මේ ගංගුලි..ඔයා හිතුවද මං පෝන් ආන්සර් කරනවා දැකලනැ කියල.. මට මේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාගන්න තමයි බැරුව හිටියෙ.. මං කෝල් ආන්සර් කරන්න කෝල් ගන්න දන්නවා.. එහෙනං මං මේ නම්බර් එක සේව් කරගන්නවා ගංගුලි උපාසක කියලා.. හරි සෝක් උපාසක.. ලොකු මෑනියො දැනගත්තොත් කියාවි ගංගුලි අපා සහායක කියල..ස්නේහා මෑනියෝ විහිළු ස්වරයෙන්ම කීවාය..

ගංගුලි අපි කතා කලා වැඩිවුනාද මන්ද.. මේ වෙලාවෙ ඔක්කොම මැනිවරු කුටිවල..ඒත් කියන්න බැැහ උපාසක අම්මෙක් හරි අපේ කතා අහගෙන ඇති.. උපාසකම්මලා එයාලගෙ සිල් කොහොම වුනත් ඉතිං අපේ සිල් කැට ටික දිහා හරියට ඇහැ ගහං ඉන්නව නේ.. ස්නේහා ගංගුලිට කීවාය..

හරි එහෙනං මං ගිහින් එන්නම්.. ගංගුලි වඳින්නට දන බිම ඔබන්ට සැරසුනි..

වඳින්න එපා ගංගුලි නැගිටින්න... මේ වෙලාවෙ මම ගිහි සිතුවිලි වලින් මත් වෙලා වගේ.. මට අමුත්තක් දැනෙනවා.. මොකක්දෝ.. ගංගුලි යන්න..ආයෙ දවසක එන්න කතා කරන්න..ලොකු මෑනියොන්ට කියල මං කුඩේ දෙන්නම්.. ස්නේහා තාපසතුමිය කීවාය..

ගංගුලිටද කුමක්දෝ ආගන්තුක හැඟීමක් ඇතිවන්නට මෙන් විය. ඔහු යටැසින් ස්නේහා මෑනියන් දෙස බැලුවේය. ඇයට ඇත්තේ ලස්සන නාරි දේහයකි. තාපස ලෝගුවෙන් වැසුනත් ඇගේ ශෝබමාන දේහයේ සොඳුරු තැන් සියල්ල වසන් කරන්නට නොපුලුවන් විය. මුහුන මඳක් දිගටි විපරීත බවකින් යුක්ත වුවත් ඇගේ සමස්ථ රූ සොබාව පිරිමියෙකු යලිත් හරවා බලනු පිණිස ඇස ඇලවීමේ සමත් කමක් දැක්වීය..

මං නර්මදාවත් මතක් කලා කියන්න.. ස්නේහා යෑමට හැරුන ගංගුලිට කීවාය.

එසේම ගංගුලිද.. මං ස්නේහා මෑනියන්ට මිස් කෝල් එකක් ගහන්නම් කාරුවත් කෝල් කරන්න කෙනෙකුත් නැ කිව්වනේ..

එය එතැනට ගැලපෙන්නේ නැති පදයක් වුවත් එය ගංගුලිට කියවුනි. කියවා අවසන් වන්නට මත්තෙන් ගංගුලි ඉවත බලාගත්තේය..

හරි හරි ගංගුලි ලෝබ උපාසක මිස් කෝල් එකක් ගහන්න.මට ගොඩක් කෝල් ගන්න පුලුවන් මාසෙට විනාඩි ගොඩක් තියෙනවා කියල සිම් එකයි පෝන් එක ගෙනාපු කෙනා කිව්ව..මං කෝල් එකක් ගන්නම්..

තාපසතුමියක හා පිරිමියක අතර විය යුතු විනීත සංවාදය මිතුරු හමුවක් තරමට විවෘත එකක් වූයේ තමා කටට බ්රේක් නැතුව කියව්නනට ගිය නිසා යැයි ගංගුලිට සිතුනි.

එසේම වසර ගනනාවක් වැසි නොවැටි වගාබිමකට එකවර වැටුන වරුසාවකින් වන කුල්මත් ගතියක් ස්නේහා තාපසතුමියගේ චිත්ත සන්තානයේද ලැගුම් ගත්තාය.

Wednesday, September 25, 2013

බර බඩද සරුවාලේ..01 කොටස

කාමිනි නම් තවුසිය බස්රියේ ඉදිරිපස අසුනේ යයි. ඇගේ අසුනේම අනෙක් පස සිටියේ ද මහත ගැහැනියකි. කාමිනිට අයිති වූයේ බස් රියේ මිනිසුන් ගැවසෙන පස අසුනයි. එම අසුන්වල මහත දෙදෙනකු වාඩි වූ පසු අත් ගොබ ද කකුල් වල කොටසක්ද අසුනින් එලියට පනී.

එක්වරම කාමිනි නම් තවුසිය කිපුනාය. කිපී අත තිබු කුඩයෙන් නැගිට සිටි මිනිසකුගේ ලිංගයටත් අත් ගොබවලටත් දැඩිව පහර දීගෙන ගියාය. පහර කාගෙන සිටි මනුෂ්‍යයා හොඳින්ම පහර කෑමට හේතුව දැනගෙන සිටියේය. පහර දෙන්නියද භූමිතෙල් වැදුන ගැරඩි දෙනක මෙන් පහර දීගෙන ගියාය.

බස් රියේ ඉස්සරහට වෙන්නැයි කොන්දොස්තර තැන කී දෙයින් එතෙක් යන්තම් හෙත්තු වී සිටි හිටගෙන ගිය තරුණ එහෙත් මහත යුවතිය කෙරෙන් ගංගුලි ට ඉවත් වන්නට සිදු විය. ගංගුලි ඉවත් වූයේ සිතකින් නොවේ. තව ස්වල්ප වේලාවකින් කොන්දා ෂර්ට් එකේ පැහැයද තමුන් හේත්තු වි සිටින ආකාරයද උපාහාසයට ලක්කරන්නට පුළුවන. යම්තම් පදම් වී ඇති මුව තුලින් හමන අරක්කු ගඳ නිසා තමා වැරදිකාරයා වීමට බොහෝ දුරට හේතු විය හැක. ඒ නිසා ඉස්සරහට ගිය ඔහුට කහ පැහැති සරුවාලයකින් සිටි නග්න වූ අත්ගොබයක් පෙනිනි.

අහා.. ප්‍රීතියෙන් පිනාගිය ඔහු උරුක් කරගත්තුවක්කුවද ගෙන ඒ අසුනට ලං වුනේය. මඳක් පසුබා සිටි තුවක්කුව ඊළඟ වංගුව ගන්නා විට වැරෙන් අත්ගොබයට හේත්තු කරවීය. දැඩි තුවක්කු කඳක පහස යන්තම් නිදිකිරමින් සිටි කාමිනි තවුසියගේ අතට දැනුනි. වැදුන ආකාරයට නම් මේ බීමත් අයෙකු විය යුතුයැ යන සිතුවිල්ලද. මේ තරම් තමුන් සැරපරුෂව. සිල්වත්ව ගියත් සිල්ගන්නට ඉඩ නොදෙන පිරිමි හැත්ත ගැනද කෝපයෙන් වියරු වැටුනාය. ඇය පළමුවෙන් අත තිබු කුඩයෙන් කලිසමෙන් ඉල්පී තිබුන තුවක්කුවට සෙමෙන් පහරක් ගැසුවාය. තුවක්කු කඳ යට ඇති ලීවර බෝල වලට වැදුනොත් අන්තරයා දැඩි විය හැකි බැවින් ගංගුලි අනෙක් පස හැරුනේය.

එවර ඇසිල්ලෙකින් කාමිනි ..මේ වගේ වනචර හැත්ත හින්ද තමයි අද තරුණ ගෑනු ලමේක්ටවත් පාර බැහැල යන්න බැරි. බලපං මෙහෙ බලපං වනචර බල්ල.. තොට පෙනුන් නැද්ද මේ කහපාට සරුවාලෙ.. තෝ හිතුවද මට මේ මිනිස්සු නැති හින්ද තපසට ආව කියල..? තොට ඇගේ අමාරුව නං රෑට ගිහිං ගෑනිත් එක්ක බුදිය ගනිං.. මෙතන ආව.. කඳන් කෑල්ල හේත්තු කරන්න.. ..මෙහෙ බලපං මගෙ මූන දිහ.. තෝ අර මල් වට්ටියක් වගෙ අහිංසක ,, ලෙඩවෙච්චි නර්මදා මිනිහ නේද? ඒ ගෑනි කොයි තරම් සිල්වත්ද? දැං ලෙඩවෙලා ඉන්න ටිකෙවත් තොට නොබී ගෙදර ගිහින් ගෑනිට සලකගෙන ළමයි බලාගෙන ඉන්න බැරිද? යැයි අසාගෙන යයි..

තුස්නිම්භූත වූ මිනිස්සු නාටකය බලති. කොන්දොස්තර.. තැන පැමිණ. සංසුන් වෙන්න තාපසතුමිය සංසුන් වෙන්න..දැන් වාඩිවෙන්න කෝ..යැයි කාමිනිට කීවාය.

තෝ මොකද දැන් තව බලං ඉන්නෙ..තව ගෑනු අතක් ළඟට හේත්තු කරන්නද? බැහැල පලයං දැන්වත්.. මෙච්චර බැනලත් තොට නෙවෙ වගේ ඉන්නෙ.. මේ සිල්වත් මනුස්සයට තොගේ බටේ හේත්තු කරන්න ඕන වුනානෙ.. අනික ළමයි ඉන්න තාත්ත කෙනෙක් ලු..

කොන්දොස්තර තවුසියගේ පැත්ත ගනු දුටු මැදහත් මතධාරි මැදිවියේ උපාසකයෙක් දැන් මුලු බස්රියම ගංගුලි නම් කරෙයිනගර්ට (කරෙයිනගර් = ලිංගික තෘප්තිය පිණිස බස්වල වාඩි වී සිටින ගෑනුන්ගේ කරෙහි නගින්නා) එරෙහි බව සහසුද්දෙන්ම දැන ගංගුලි නම් කරෙයිනගර්ව බස් එකෙන් එලවා ගන්නට වෑයම් කලේය. කොළර් එකේන අල්ලා බලු පැටියෙකු මෙන් පාපුවරුවෙන් එළියට විසික්කරන්නට මත්තෙන් බෙල් එක ගසා ගංගුලි බසෙන් බැස ගත්තේය. එතන් සිට ඔහුගේ නිවසට කිලෝමීටර ගානක කඳුකර මාවතක් වුවත්. ඔහු අඩිපාරවල් වලින් කඳු තරණය කර වෙනදාට වඩා පැයක් පමණ ප්‍රමාද වී නිවසට ආවේය.

අද මට ඔයාගේ තාපසාරාමෙ ප්‍රධාන මෑනියො හම්බුනා.ගංගුලි සිය පවුලට ඇසෙන්නට එසේ කීය.

ගංගුලිගේ පවුල නර්මදා දැන් ඔත්පලය. ඇය කකුලේ අමාරුවක් කළක පටන් ඇත්තියෙකි. දැන් එය වාත වේදනාවක් වී හමාරය. හන්දියේ දොස්තර මහතා ලොකු දොසේතර කෙනෙකුට පෙන්වන්නට කියාල තුන්ඩුවක් දුන්නේය. ඉන් පසු තුන්හාරදහක් දී එය පිළිකාවක් බව සොයාගන්නා ලදී. යාන්තම් නැගිට ගත හැකි මට්ටමේ සිටියත් ඇය තව වැඩි දවසක් අල්ලන එකක් නැත. නෑයෝද, මිතුරෝද, අසල්වැසියෝද වැල නොකැඩී පැමිණ මුල්දිනවල නර්මදාගේ සුවදුක් විචාරීය.නමුත් කල් යන විට ගංගුලිට සියල්ල විඳ දරා ගත්තේය.

උදෙන්ම නැගිට පොඩි උන්ටද කන්න බෙදා දී ඔහුද බත් මුලක් බැඳ ගනී. පවුලට තවම අතපය හැසිරිය හැකි වුවත් ඔහු පොඩ්ඩන්ට කවා පාසැල් යන්නට බස් එකට පිටත් කර හැරිය පසු ඇයව හැකි පමණ පිරිසිදු කොට නාවා තුවායකින් පිසදමයි. කිසිදු සෞන්දර්යකින් තොර වූ එම සිදුවීම හුදෙක් අන්‍යාගමිකයෙක් පිළිමයක් නහවනවා වැනි සිරිතක් වූයේය. ඉඳහිට මුල් දිනවල ඇගේ අතින් ගංගුලිගේ කලිසම තුල වූ තුවක්කුව පිසදමා උණ්ඩයක් දෙකක් විදින්ට අවසර ලැබෙන මුත් දැන් එයද තරමක් ඇයට අමාරු කරුණකි.

ඉතිං ඔහෙට මොකක් කිව්වෙ.. මං මතක් කොලයි කියන්න ඇති නේ..?

මං ඉස්සර නිතර දෙවේලෙ ඔය තපසට යනව නෙව.. දැන් ඉතිං.. අනේ මන්ද.. ?

ඔන්න ඔය තාපසාරාමෙ නායක තැන කිරිපිටි..පාංපිටි සිල්ලර ටිකක් එවල ඇති. බලන්න..මං පොඩි උන්ට කිව්ව ඒව බෝතල් වල දාන්න කියල. නර්මදා ගංගුලිට ඇසෙන සේ ඇදේ සිටම කීවාය..

බීමතින් තුවක්කුව හේත්තු කරන්නට ගොස් නායක තවුසිය කුඩෙන් පහරදුන් කතාව කියන්ට ගොස් වන්නේ මහ විපතක් බැවින් පවතින සාමකාමි තත්වය කඩා ගන්නට නුවමනා යැයි ගංගුලි සිතීය. බිරිඳ ලෙඩ වූ කල් පටන් බිරිඳගේ රැකියාව අහිමි වුයෙන් එක් රැකියාවකින් සිය පවුල රැකීම මඳක් අපාසුය. ගමේ කොල්ල කුරුට්ටන් යන ස්කෝලෙට දරුවො දැම්මෙ නැති නිසා උන්ට ටිකක් වියදම වැඩිය.

ඉඳහිට එන ඥාතියෙක් මට මොලවන රුපියල් පන්සිය දාහෙ කොළයක්, තාපසාරාමයේ තවුසිය එවන සිල්ලර ටිකක්, ආදිය නිසා ගංගුලිට පෙර පරිදිම සතියට දවස් තුනක් හතරක් බොන්නට සල්ලි ඉතිරි වෙයි. නමුත් ගංගුලිද කෙදිනක හෝ ආසන්න දිනයක නර්මදාගේ පිළිකාව නිසා සිදුවන විපතටත් පසු ත් වියදමට සල්ලි වියදම් කල යුතු බැවින් අරක්කු ටිකක් බීම සතියට වරක් දක්වා අඩු කලෙය. දැන් ඔහුට ඇති කරදර දන්නා මිතුරන් ඔහුට සතියකට වරක් අරක්කු ටිකක් අරං දීම මහත් වූ දානයක් කොටද සලකති. ඔවුන් එයින් තවුස් දම අනුව සිය මිතුරාට යුතුකම ඉටුකලා යැයි සිතනු ඇත.

ඔව් ඔව්... ප්‍රධාන කාමිනි මෑනියොන්ට ඔහෙ මතකයි.. දරුවොත් දැක්කෙ නැහැ කිව්ව ගොඩක් කාලෙකින්.. උන්දැටත් වැඩ නිසා ඇවිල්ල බලල යන්නවත් ඉඩක් නැහැයි කිව්වෙ..නර්මදා ඒක නෙවෙයි වැඩේ.. මෑනියොන්ට එකෙක් අද හේත්තුවක් දාන්න ගිහින් මෑනියො අදත් කුඩෙන් ඌට තලල කුඩේ කඩාගත්ත. ගංගුලි සිය බිරියට කීවේය.

හුම්...මේ මෙහෙ එනවා..පොඩ්ඩක්.. ගංගුලි නර්මදාට දෙසට දිවගියේ කුස්සියේ කපමින් සිටි රාත්‍රි සුපයට අවශ්‍ය එලවලු ටික පසෙකින් තබලාය. එනවාකෝ...ගංගුලි නර්මදා කරා එනතෙක් ඇයට ඉවසිල්ලක් නැතිය.

ඇයි ඈතින්,.. ටිකක් ලං වෙන්නකෝ.. ආ දැන් ඇස් දිහා බලනව..

ගංගුලිට එක් වරම නර්මදාගේ වෙනස තේරුම් ගන්ට නුපුලුන් විය. මේ අවස්ථාවේ දරුවන් දෙදෙනාගේ සෙල්ලම් කිරීමට ඇති සැන්දෑ පැය ගෙවෙමින් ඇත ිනිසා ඔවුන් යහලුවන් සමඟය. නර්මදා ට ගංගුලිගේ දෙතොල් සිපගන්නට අවැසි බව ගංගුලිට වැටහුනි. නමුත් .... තමුන් අරක්කු බී පැමිණි බව එළිවෙන බැවින්

දරුවො ඒවිද් දන් නැහැ.. කියන්න බැහැ කාරුවත් එය්ද කියලා..ඔයාගේ ලෙඩ බලන්න හරි මොකෙක් හරි පාත්වෙයිද මන්ද... ගංගුලි කීවේය.

අනේ මේ ... වෙනද දරුවො සාලෙ සෙල්ලං කරද්දිත් මට ඉන්න දෙන් නැහැ. දැන් එනවා..ගෙදරත් නැති දරුවො ගැන කියන්න..

එවර ගංගුලි ඇගේ මුව සිපගත්තාය. පිරුණු මුව රාගයෙන් දැවෙන හුස්ම වෙනුවට මඳක් මැලවී ගිය ඇගේ මුහුන ආහ්ලාදයක් ගෙනාවේ නැත.

මේ කියන්න ගංගුලි.. කාමිනි මැඩම් ලස්සනයි නේද? මං දැකල තියෙනව ඔයා මාත් එක්ක ආරාමෙට ගියාම මැඩම් දිහා ඇස් පියන් නැතුව බලං ඉන්නව. ඇත්ත කියන්න ඔයා නේද අද බස් එකේ කාමිනි තවුසිට අඩන්තේට්ටම් කරන්න ගිහින් ගුටිකෑවෙ.

ගංගුලිගේ සියොලග රත් වන්නට විය. පෙර දවසක නර්මදා හොදින් සිටියදීද උසස් පාඨශාලාවේ තරමක් මහත දැරියකට බස්රියේදී හේත්තු ව්න්ට ගොස් ගංගුලි ගුටි කෑ පුවත නර්මදා දනී. එය ඇය දැන සිටියත් නොබී සිටින විට ගංගුලිට එය මතක් කිරීම වේදනාකාරි දෙයක් වූ බැවින් ඇය ඒ ඔහුගේ නරක මතකයන්ට තලන්ට ගියේ නැත.

මොකද කල්පනා කරන්නෙ..නර්මදා ඇසීය..

නැ..නැහැ.. නැහැ.. මන් නෙවෙයි..ඔයා හිතන් ඇති මං බිල පරක්කු වෙල ආවම අද මම තමයි ගුටි කන්න ඇත්තෙ කියල... නැහැ මට අද යාලුවො බොන්න දුන්නෙ..ටිකක් පරක්කු වුනා.. මගට එන යාලුවෙක්ගේ වාහනේක ටික දුරක් ඇවිත් බස් එකේ ආව.. අද හවස බස් එක පරක්කුයි.. අනික නර්මදා මං කාමිනි තවුසි ගැනහොදට දන්නවා. ඔයාමනේ මට කියල තිබුනෙ අරම පිටිපස්සෙ ගොඩ ගහපු කුඩ දෙතුන් සීයක් තියෙනවා කියල..මිනිස්සුන්ට ගහල කැඩුන.

නර්මදාගේ මුහුන කළු විය. හුම්.. කැඩිච්ච කුඩවලට බයවෙලා තිබුන් නැත්තං මට මේ පුතය සුවර් නැහැ. අනේ මන්ද ගංගුලි.. ඔයාට ගෙදර වැඩ කරගෙන දරුවොන්ට කන්න දිගෙන..ගෑනියෙක් වගෙ වෙලා..ඔයාට මං මලාම වත් සැනසීමක් එයි. තාපස දහම අනුව ඔයා මට,දරුවොන්ට සලක විදියට මේ ජීවිතේම සැනසීමක් ලැබේවි.

ගංගුලිගේ සිතේ ඇතිවුන චංචල හැඟුම යටපත් විය. යළිත් වරක් නර්මදා සිප ගැන්මෙන් පසු ඔහු කුස්සියට ගොස් වේගයෙන් එළවලු කපන්නට විය. ඒ ස්වල්ප වේලාවකට පසු.. ගෙයි ඉදිරිපිටට ගොස් දරුවන් දෙදෙනාට කතා කරගෙන ඇවිත් ඇඟපත සෝදාගෙන පාසැල් වැඩ කරන්නැයි අණ කලේය.

Monday, September 23, 2013

කළුනික සෙවීම (Martin Wickrmasinghe's Traveling blog)

බල්ලෙකුට වඩා ලොකු සතෙකු ඇතුළු වනු වලක්වනු පිණිස තනන ලද මේ කටු කම්බි වැටින් මා රිංගුවේ ඉතා අමාරුවෙනි. මා කෝට් එක උනා දමා හතර ගාතෙන් වැටෙන් ඇදෙන්ට වෑයම් කරනු දුටු මගේ සොඳුර කෑ ගෑවාය. හතර ගාතෙන් කොග්ගලට ඇදුනු මා සිනාසෙනු දුටු අනික් ඈයෝ හතර ගාතෙන් නොගොස් ඇතුළු විය හැකි තැනක් සොයා පාදා ගත්හ.
8 වන පිටුව...
මාටින් වික්‍රමසිංහයන් මහා වියතකු ලොක්කෙකු ලෙස දකින අය අමාරුවෙන් වැටක් යටින් ඔහු රිංගුවාය,අවසර නොගෙන ඇතුල්වෙන්නට ගියාය යන්න සත්‍යක් ලෙස පිළිගන්නට මැලිවෙනු ඇත. නමුත් මාටිං වික්‍රමසිංහ යනු අපේම සැට් එකක මුරන්ඩු කොල්ලෙකු යැයි සිතෙන තරමට ඔහුගේ ක්‍රියා කාරකම් ඔහු විසින්ම මනාව මෙහි හඳුන්වා තිබේ. 

කොග්ගල ඔය එකල ආදිම යුගයෙහි පෘථිවියෙහි වූ ජලාශයන් මූකලාන් හා ගොඩ දිය සතුන් සිහිකරන මඩ වගුරු හා මහා  ගස් වැල් සහිත ඉවුරු ඇති දිය කඳක් වන් වීය. ඉවුරු අසල වැවුන කිරළ, කඩොල් කදුරු, කුඹුක් ආදි ගස්ද ගස් වටා වැවුනු මහා වැල්ද ආදි යුගයෙහි වැවුනු මීමන පඳුරු සිහිකරවන කැරන් පඳුරුද සුද්දන් විසින් විනාශ කරන ලදින් ඔයබඩ දැන් පෙනෙන්නේ සම තලයක් ලෙසිනි. කවර තැනකින් වුවද නදියට ළං වන්නකුගේ ඇසට දැන් හසුවන්නේ සුන්දර දැක්මකි. එහෙත් පෙර එහි ළං වූ නුවරුන් තුල පමණක් නොව ගැමියන් තුළද ගුප්ත හැඟීමක් බියක්, මහා අඳුරු උමගකට හෝ වනයකට හෝ ඇතුළු වූ විට හටගැනෙන හැඟීම වැනි හැඟීමක් ඇති කළ ගඟබඩ මඩ වගුරු හා ඒ වගුරු බිමේ තවත් අඳුරු කරමින් වැවුනු මූකලානද දැන් නොදක්නා ලැබේ. 
14 පිටුව 

පරිණාමවාදය හා ඒ ආශ්‍රිත ජීව විද්‍යාත්මක සංසිද්ධි සිංහල පාඨකයාට තේරෙන බසින් සත්ව සන්තතිය ලෙස පොතක් මුලින්ම එළි දැක්වුවේ මාටින් වික්‍රමසිංහ විසිනි. එතුමා ඒ තුලින් පරිණාමවාදය යන ගැඹුරු ජීව විද්‍යාත්මක කරුණ සාමාන්‍ය ජනයාට වැටහෙන ලෙස ඉදිරිපත් කරන්නට වැර වෑයම් කොට ඇත. මාටිං වික්‍රමසිංහ ගේ විද්‍යා හා තාක්ෂණ නුවන මේ ඉහත ඡේදයෙන් මොනවට පැහැදිලි වේ. 

මෙකල නගරයෙහි ගැහැනුන් පමණක් නොව පිරිමින් ද නාන්නේ ගෙයි අහු මුළුවල තනන ලද බිම් ගෙවල් වැනි නාන කාමර තුලට වැදීමෙනි; කෙසකිළියත් නාන ගෙයත් හැඳින්වෙන්නේ එකම නමිනි. අතීතයෙහි නගරයෙහි පිරිමින් පමණක් නොව ගෑනුන්ද නෑවේ තමන්ගේ සුන්දර දේහයන්ද රූ සපුවද පානු පිණිස කෙළියට වැදුනවුන් ලෙසිනි. කොග්ගල ගැහැනුන් හා පිරිමින් නෑවේ එකම ලිඳෙනි. තරුණයෝ තමන්ගේ රෙදි උනා පොල්ගස් මුල් වටා තබා, අමුඩයෙන් හෝ සරමෙන් හෝ විළි වසාගෙන ලින් කඳට ඈදන ලද ගල් තලය උඩ හෝ බිම හෝ සිට නෑහ. තරුණියන් හා මැදිවියෙහි වූ ගැහැනුන්ද රෙදි හැට්ට හා ආභරණ උනා පොල් ගස් මුල් වටා තබා තන පට බැඳෙන සේ ඇඳි දිය රෙදි ඇතිව ගොස් ගල් තලයේ අනික් පැත්තට වී නෑහ. කුඩා දරුවන් නෑවේ සෙළුවෙනි. අඩ සෙලුවන් නෑ ගැමි ගැහැනු පිරිමින්ගේ කයද කකුල්ද පිරිමිහු, කදිම උරහිස් ද හැඩහුරු දඟ ද බලා සන්තෝෂ වීමට ලැජ්ජා නොවූහ. දියෙන් තෙමීම නිසා ඇඟ බදාගත් රෙදි කඩ ඇති ගැහැනියකගේ පිටත් උකුළු පෙදෙසත් නග්න ප්‍රතිමාවක පිටිපසට නිගා කළේය. එහෙත් ඒ ගැහැනිය දෙස බැලූ කිසිවෙක් ලැජ්ජාවෙන් කර බා නොගත්තේය; යටැසින් ඈ දෙස නොබැලුවේය. එය ඔවුන්ට සුපුරුදු දැක්මකි. 
 17 පිටුව
වික්ටෝරියානු සමාජයේ අනුකාරක එවක ලාංකික නාගරික සමාජයේත් ලංකාවේ ඇත්ත ගැමියන්ගේත් වෙනස මනාවෙ මෙම ඡේදයෙන් නිරූපනය වෙයි. 
 
අදාල නැති පිංතූරයකි.

රේල්  පාලම අසල නදිය, කනු හා රිටි වැනි මුල් රාශියක උදව්වෙන් නැගී සිටින දැවැන්ත නුග ගසකින් සෙවන වෙයි. නුග ගසට මඳක් ඈතින් නැඟී සිටින කඩොල් ගස්වලින් ඇදී දියෙහි ගෑවෙන තුඩු සහිත මුල් වනාහි උඩුකුරු කරන ලද සිවලිංගයන් වැන්න. යටින් මඩද උඩින් අඳුරද ඇති මේ රුක් ගොමුව යට කුඩා ඔරු තුනක් හා එහි වාඩිවී නැති වූ දෙයක් සොයන මගේ යහළුවෙක්,“ මේ තොට නාන්ට තරම් පරිස්සම ්තැනැක් දැ“යි ඔවුන් එකකුගෙන් ඇසුවේය.

කඩොල් ගස් වල දියෙන් එපිටට ඇදුනු මුල් වල විශ්කම්භය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර දෙකකට වඩා අඩු මිස වැඩි වනුයේ කළාතුරකිනි. එවන් දියෙන් එපිටට වන් කයිරු මුල් කැල විසාල ගල් ගෙඩි වන් ශිව ලිංගයන්ට සමාන ලෙස දැකීම මාටින් වික්‍රමසිංහයන්ට පමණක් පෙනුන දෙයක් විය යුතුය.  

මෙවැනි මූකලාන් තමන්ගේ පරිසරය කොට ගෙන ජීවත්වන මනුෂ්‍යයන් අතර ගුප්ත විද්‍යා බහුල වෙයි. ගුප්ත විද්‍යා දියුණු වූයේ කඳු හා මහා නදීන් අතර හෝ තණ ඇතිරියෙන් වැසුනු මහා තැණිතලාවන්හි හෝ ජීවත් වූ මූල ආර්යයන් අතර නොව ඉන්දියාවේ අනික් ජාතින් අතරය. මූල ආර්යයන්ගේ දෙවිවරු ඉර, හඳ, තරු, වළාකුළු, මාරුතය ආදි සුප්‍රකට ධර්මතා මිස මහා වනයෙහි අඳුරෙහි හා මඩ වගුරෙහි සැඟවුනු ගුප්ත ධර්මතා නොවූහ. 
බණ්ඩාරවෙල, නුවරඑළිය ආදි කඳුකරයෙහි ජීවත්වෙන මිනිසුන්ගේ සිත් ගුප්ත ධර්මයන් කෙරෙහිත් අනිත්‍ය ධර්මයන් කෙරෙහිත් යොමු කෙරෙන දේ එහි සුළභ නොවේ. හැමදාම එක සේ පළාවනින් බැබලෙන තණ ඇතිරියෙන් වැසුණු කඳු එකිනෙකට උස්ව නැඟී සිටියි. සියක් අවුරුද්දක් ජීවත්වන්නා වුවද ඒ කඳු දකින්නේ කිසි කලක වෙනස් නොවන නොමැරෙන දේ ලෙසිනි. බැදි කඩ මෙන් කදු නියගින් වියලී නොමැරෙයි; වැස්සෙන් තෙමීමෙන් අලුත් පණ ලබා නොපිපෙයි. 

මෙය අවිද්‍යාත්මක ලෙස පෙනී ගියත් කඳුකර ශුෂ්ක පැතිවල ජනයා සැබැවින්ම එසේ ගුප්ත විද්‍යාවන් කෙරෙහි නොබැඳුනේ වීදැයි යන කාරනාව සොයාගත හැකි වන්නේ නියැඳි ගෙන පරීක්ෂා කිරීමෙනි. නමුත් බලංගොඩ ආදී කඳුකර පෙදෙස්වලින් හමු වෙන ප්‍රාග් යුගයට අයත් සොහොන්කොත් ආදියෙන් ආදි කල කඳුකර මනුෂ්‍යයාද මලවුන් විශ්වාස කලා යැයි හැඟෙන බව  මට සිතේ. 

“චී! ඔය වතුරෙන් මූන සෝදන්නේ කවුද? “යි කියයි.
වතුර වල අසල බිම ; මී හරකුන් විසින් පාගා මඩ වගුරකට හරවන ලද්දකි. කිරි කැඳටත් වඩා උකු දිය සහිත ඒ වතුර වසා සිටින මල් රේණූ, උණු කළ කිරි නිවෙන විට සෑදෙන යොදේ වැන්න. මම ඒ යොදේ ඉවත් කොට අත් ගොටුවෙන් වතුර ටිකක් ගෙන මුහුනෙහි ගෑවෙමි.
“චී!“
ගෑනුන්ගේ කටින් විදෙන මේ නිපාත පද නොතැකූ මම තුවායක් ගෙන මගේ මුහුණ පිසදමා එක ගැහැනියකගේ මල්ලෙහි වූ පුයර ටින් එකෙන් ගත් පුයර ටිකක් මුහුනෙහි දමා ඇතිල්ලීමි.
“ මුහුනෙහි මඩ ගාගෙන ඒවා වහලා පුයර දමා අතුල්ලනවා!“ යි කියමින් තරුණ ගැහැනියක් සිනාසෙයි.

මෙවන් වූ සාමාන්‍ය අය නොකරන එහෙත් වික්‍රමසිංහෝ සිය මොලෙන් කරන විකාර වැඩ රාශියක් මේ පොතේ අන්තර්ගතය. තමුන් සමග චාරිකා යන්නට එක්වුන ගැහැනුන්ගේ මිනිස්සුන්ගේ ගති සොබාවන් වලට හාස්‍යය යොමුකරන තැන්ද මේ පොතේ බහුලය. 

පිරිමිකමින් හා බල පැරකුමෙන් නම් කසුප් රජ ලක්දිව අනික් බොහෝ රජුන් ඉක්මවූවෙකු බවට සීගිරිය දෙස් කියයි. කය උතුරා යන තරම් ශක්තිය ඇතිව උපදින ඇතැම් දරුවෝ, කුඩා කලම ගෙදරින් පිට වී කෙළියෙන් හෝ මැරකමින් හෝ තමුන්ගේ සාහසික ශක්තිය පිට කිරීමේන සිත කය දෙක සැහැල්ලු කරගනිති. එයට ඉඩ නොලැබන දරුවෝ ගෙදර දෙවනත් කරමින් අතට හසුවන හැම දෙයක්ම උඩු යටිකුරු කොට පෙරළති. කසුප් රජ ද අපූර්ව ශක්තියක් ඇතිව උපන් බල සම්පන්නයෙකි. තමාගේ ගෙදරින් නොහොත් ලක්දිවින් පිට ගොස් මහා සටනින් අනික් ජාතින් පරාජය කොට මැඩීමෙන් තමාගේ ශක්තිය පිට කිරීමට කසුප් රජුට ඉඩක් නොලැබුනේ ලක්දිව පරිසරය හා ආගම එවැනි සිතුම් මඩින්නක් වූ බැවිනි. එහෙයින් ඔහු ලංකාව දෙවනත් කිරීමෙන් තමාගේ අපූර්ව ශක්තිය පිට කළේය. සීගිරිය ඔහුගේ බල පරාක්‍රමයත් දැඩි සිතින් සිහි කරවන ස්මාරකයකි. 
කාශ්‍යප රජ කෙරෙහි වූ මුරන්ඩු කම සීගිරිය නැමති අසහාය නිර්මාණය කිරීමට හේතු වී යැයි වික්‍රමසිංහ පවසා ඇත. 

මේ පොතේ එන බොහෝ මත ඔහුගේම ඒවාය. අනුරාධපුර පොලොන්නරුව හා අනෙකුත් ඓතිහාසික ස්ථාන ගැන මෙන්ම එවක සමාජයේ වූ දීන ගති ගැනද මේ පොතේ කරුණු හා විවේචන ඉදිරිපත් කොට තිබේ. මාර්ටින් වික්‍රමසිංහයන් එවක පැවති සෝබන බුදුසමය හා බුද්ධාගම දේව ආගමක් ලෙස ඇදහීම වන්දනාමාන කිරීම ප්‍රතික්ෂේප කලේය. ඔහු විසින් බුදු දහමේ ඇති දාර්ශනික සහ යථාර්ථවාදය ඉස්මතු කිරීමට උත්සාහ කලේය. යුරෝපයේ නව විද්‍යාත්මක අදහස් පල්ලිය හා බද්ධ නොවන පිට පාදිලි උන්නාන්සේලා ඒ විද්‍යාඥ ගොල්ලාට පදනමකින් තොරව බැන වැදුනේ යම්සේද එසේම මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් කාලයේදී එවක බුදුසමය තුල වූ හරසුන් කොටස් විවේචනය කිරීම නිසා ඔහුට ස්වාමින් වහන්සේලාගෙන් අවලාද බොහෝ කොට වීය. 

මාටින් වික්‍රමසිංහ අවසන් කාලයේදී රචනා කල බවතරණය කෘතිය නිසා මාටින් වික්‍රමසිංහ ඒකාන්තයෙන් උපදින්නේ අපායේ බව කී ස්වාමින් වහන්සේලා එකල සිටියෝය. අද පවතින විද්‍යාත්මක දියුනුව සමග ඔහුගේ අදහසක් දෙකක් නොගැලපුනද ඔහුගේ අදහස් වලින් සීයේට අනූවකටත් වඩා අදටද එකසේ ගැලපෙයි. කෙසේ වුවත් අමුතු අදහස් ඇති සාම්ප්‍රදායික නොවූ මුරන්ඩු චින්තනයකින් හෙබි මාටින් වික්‍රමසිංහ ඉපදුනේ අපායක වුවද ඔහු අපායේද යම් සේවයක් කරමින් එහි සිටිතැයි මට සිතේ. ජීවත් වුනත් මළවුන් වැනි කළාකරුවන්, ග්‍රන්ථ කතුන් සහ පුවත් පත් කතෘවරුන් බහුල මෙකළ සිරිලකට එකල වූ මාටින් උන්නැහේ ගේ ලිපි වල කාරණා අදටද මහාර්ඝ සම්පතකි. ඔහුගේ ලිපි සහ පොත් අතර අදටද ඔහු අකාලික චරිතයකි.
  
මෙහි ඉහල කළු අකුරින් මුද්‍රිත කෑලි ගත්තේ කළුනික සෙවීම නැමැති මාටින් වික්‍රමසිංහගේ පොතෙනි. ඒ පොත මේ දිනවල නැවත මුද්‍රනය වී ඇත. පිටු 150ක් වූ ඒ පොත කදිම අකුරින්ද ලක්ෂණ සාමාන්‍ය කවරයකින්ද යුතුව රුපියල් 200කට පමණ මිල කොට ඇත. මා මෙය බන්ඩාරණායක ශාලාවේ මහා පොත් සල්පිලෙන් මිලදි ගත් බැවින් මට මෙයට වැය වන්නට ඇත්තේ රුපියල් එකසිය පනහක් වැනි මුදලකි. පිටුවක් රුපියලට බොහොම ලාබෙට ලැබුන මේ පොත මා හට නම් හොඳ ගමන් විස්තර සහ තොරතුරු ඇතුලත් වටිනා බ්ලොග් ලිපි රාශියක් කියෙව්වා වැනි හැඟිමක් ඇති කලේය.

Friday, September 20, 2013

යෞවනියන්ගෙ රැකියා ( nature of Jobs at our girls)

ජී කතාව. (G)

මම :- හායි.. ඉතිං ඔයා උයන්නෙ නැද්ද අම්ම මද හැමදාම උයන්නෙ..?

ජිලිනි :- ඔව් මම වැඩිය උයන්න දන්නෙ නෑ අප්පා.. එයාට උයන්න පුළුවන්.. එයා රට හිටියනේ අවුරුදු දෙකක් විතර..

මම :- හා එතකොට ඔයාට පුලුවන් නේ මැරි කලාම රෙදි හෝදා දෙන්න හෙම..? මට නම් එපා කරපු වැඩේ රෙදි හෝදන එක..  රෙදි හෝදන වැඩේට විතරක් මැරි කරන එක පාඩුයි.

ජිලිනි :- පිස්සුද ඔයාට. මට බැහැ අනුන්ගේ රෙදි හෝදන්න.. මට ඔය ගෙවල් වල වැඩ බෑ.. අයියට ඔක්කොම වගේ පුලුවන්.. ඔයාට වැඩකාරියෙක් හෙව්වෙ නැද්ද.. වැඩකාරියෙක්ව බැඳ ගත්ත නම් ඔයාට හරි යයි වගේ..

මම :- හයියෝ.. ඔයා මුකුත්ම දන් නැහැ වගේ නේ.. හැබෑට ඇයි දන් නැහැ නේ ඔයාගේ අයිය ඔයා කසාද බඳින්නෙ..?

ජිලිනි :- මේ අයියෙ මං මේ මනුස්සකමට ඔයත් එක්ක චැට් කලේ.. ඒක එයා බලා ගනී.. ඔයාට අමාරුවක් නැහැ නේ ඒ ගැන. සංසාර පුරුද්ද තිබුනට ටිකක් පාලනේ කරගෙන ඉන්න..අනුන්ගේ දේවල් හොයන්න දයාවති කියලා නම දාගත්ත නම් හරි..

මම :- සොරි නංගි දයාවතී ගේ මේල් වර්සන් එක අබිලිං..

කතාව (A)

මම:- මොකටද අලුත් වතුර බෝතල්..

අමාලි :- බොන්න නේ මැට්ටො තේරෙන් නැද්ද?

මම :- එතකොට වතුර දෙන්නෙ නැද්ද කෑම්ප් එකෙන්..

අමාලි :- වතුර දෙනවා ටිකක් කිවුල්..බොන්න බැහැ ඒවා.මෙහෙට පෑවුම නිසා වතුර බොන්න බැහැ. සමහරු බොනවා.

මම :- ඉතිං ඔයාලට පෝසස් වලට වතුර පිල්ටර් හරි බෝතල් හරි දෙන් නැත්ද? වෙනම?

අමාලි :- හිහ්..හිහි.. මේ ෆෝසස් කියන්නෙ ෆෝසස් හලෝ..තමුසෙල වගේ කන්තෝරු වලට වෙල කාලෙ කන අය නෙමෙ.. අපිට මොකුත් කම්පෙලෙන් බැහැ. තියෙන විදියට ඉන්න ඕනි.. ඔය වතුර ටිකක් හරි හොඳයි.. සමහර තැන්වල වතුර ඔය තරම් වත් හොඳ නෑලු.

මම :- හුම්.. අපිනං වතුර පිල්ටර් දුන්නෙ නැත්තං හරි බොන වතුර දුන්නෙ නැත්තං හරි බොසාට කියනවා.ඒ හරිගියේ නැතොත් ගිහින් පිකට් එකක් කරනවා..මොකද වතුර බොන්න නැතුව මිනිස්සුන්ට ඉන්න බැහැ නේ..ඒක මානව අයිතිවාසිකමක්.

අමාලි :- ආ..දැන් කියනව බලන්න මොන හමුදාවටද මානව හිමිකම් කියල ජාතියක් තියෙන්නෙ කියල.. ඒව සිවිල්.. ඔයාල සිවිල් අපි.. වෙනම ජාතියක්. .. තේරුං ගන්න..

මම :- හා ..හරි හරි..

ඇය බොහෝ දුර පලාතක සෙබලියක් වන අතර මාගේ ටියුෂන් කාලයේ මිතුරියකි. ඉඳහිට ඇය පාරක් අසාගන්නට හෝ කොළඹ තැනක් දැනගන්නට මට කතා කරයි.. ඇය පැවසූ පරිදි තවමත් එල් ටී ටී සාමාජිකයින් සිර කඳවුරු වල ඇත. සෙබලුන්ට සහ නිළධාරින්ට කිවුල් වතුර ලැබේනම් ඔවුන්ට ඒවා නොබී කඩෙන් වතුර බිව හැකිය.නමුත් ඒ පලාතේ මිනිස්සුන්ට බොන්න වතුර අමාරු විය හැකි යැයි මට සිතේ..

බී කතාව.. (B)

බිංදුලතා සහ නගාරිකා කියන්නෙ යාලුවො දෙන්නෙක්. දෙන්නම 1995 වර්ශයේ ඉපදුන අය. ගම් පලාත ඇවිල්ලා අලුතින් එයා පෝට් එක හැදුන පලාත. ඉති මේ දෙන්නව මම අඳුනගන්නෙ සීවි දෙකකින්.  රැකියාවක් ලබාදෙන්න කියලා ආපු අයදුම්පත් දෙකකින්. ඒ දෙදෙනාම රැකියාවල් හොයනවා. දෙන්නම ගණිතය ෆේල්. ගෙදර තියෙන තත්වය අනුව හෝ ඔවුන්ගේ පණ්ඩිත කම් අනුව උසස් පෙළ නොකර රැකියා කරන්න ඕනි කියලා එයාල හිතනවා.

ඒ ඇයි කියලා දන්නෙ නැහැ. නමුත් ඔවුන් රැකියා හොයනවා. මට කිව්වෙ මං එක්ක ඉන්න යාලුවෙක්. මං ඉතිං කොහේද කින්ද මන්ද කියල වැඩිය හෙවිල්ලක් නැතුව රැකියා හෙව්වා. දන්න කියන යාලුවෙක්ට කතා කලා.

“මචං මෙහෙමයි. අපේ පැත්තෙ උඹ දන්නව නේ.. සල්ලි තියන මිනිස්සු ඉන්නෙ. කෙල්ලො දෙන්නට ගාමනට් ගියත් ඉතුරු වෙන්නෙ 16ක් වගේ නේ. 16ට ඕනි නම් ගෙවල් වල වැඩට සෙට් කරල දෙන්නම්..ළමයි බලාගන්න උයන්න වගේ පොඩි වැඩ තියෙන්නෙ..මහ බක්කක් නැහැ. අවුලකුත් නැහැ පඩියම ඉතුරුයි.“

යාලුව මෙහෙම කිව්වට පස්සෙ මම අර ගෑල්ලමයි දෙන්නට කතා කලා. කතා කලාම එයාල ෆෝන් ආන්සර් කලේ නැහැ. පස්සෙ මට සීවී එවපු යාලුවට කතා කරලා කිව්වා සීන්ස් එක. පෝන් ආන්ස් කරන්නැතුව කෝමද බං රස්සා හොයන්නෙ කියලා.. ටික වෙලාවකින් මට කෝල් කරං ආව ඒ දෙන්නා. මං දෙන්නට කිව්වා මේ විදියෙ ගෙවල් වල වැඩ තියෙනවාය. ඒවට කස්ටිය හොයනවාය කියලා. ඒ දෙන්නා කැමති වුනේ නැහැ. තාම ඕ ලෙවල් කරලා ඉවර වුන වයස නිසා ඒ ගොල්ලගේ ගෙදර ඉන්න අය කැමති නැතුව ඇති.

පස්සෙ කටුනායක ෆැක්ටරියක යාලුවෙක්ට කතා කලා. නවදාස් පන්සීයට ට්‍රේනි විදියට ගන්නම් කිව්වා. ඒ ගානට එන්න අර දෙන්න කැමති වුනේ නැහැ.

තව කොම්පැනියක යාලුවෙක්ට කතා කලාම එයාලයි කම්පැනියෙ ගෑනු ලමයි ගන්නෙ නැහැ රෑ වැඩ කරන්න බැරි නිසා කියලා කිව්වා..

. ටිකක් එයාල එක්ක කතා කරල බැලුවම ඒ දෙන්නාම කැමති නැහැ ගාමන්ට් යන්න. කලින් එයාල කොළඹ පොඩි කම්පැනි එකක මාස හයක් විතර වැඩ කලාලු. අවුරුද්දක පළපුරුද්දකුත් තියෙනවා කියල සී වී වල නම් තිබුනා. ගාමන්ට් වල වැඩ අමාරුයිලු.. ගෙවල් ළඟ තියෙන ටවුමෙ කඩවල වැඩට ගියාම බස් කුලිය විතරයිලු කීයක් වත් ඉතිරියක් නැහැලු.

ඒ පැත්තෙ වැඩිය ෆැක්ටරි එහෙම නැති හින්ද රස්සා නැහැලු.

ඒ පාර මම ෆුඩ් සිටි වල රැකියා තත්වය සොයලා බැලුවා. කොටුවෙ තියෙන ෆූඩ් සිටියක හැමදාම ඉන්ටවු තියෙනවා මම දැකල තියෙනවා. ඉතිං ඒක ඊට වැඩිය කේස්.. දැන් ෆූඩ් සිටිවලත් ඉස්සර වගේ හොද සැලකිලි නැහැ. දවසෙම හිටගෙන ඉදලත් මාසෙ අන්තිමට රුපියල් 13000ක් වගේ තමයි ගන්න ලැබෙන්නෙ..

එයාලට රැකියාවක් ලැබුනාද දන් නැහැ. ඒත් ඉතිං මට කොරන් පුලුවන් එච්චරයි.. තව එක පැක්ටරියක් තියෙනවා ඒකට ඉස්සරහට කතා කරලා බලන්ට ඕනි.

සී කතාව. (C)

සමාජ ජාලෙන් මිතුරු වෙච්චි මිතුරියක් පහුගිය දවස්වල දිගින් දිගටම බිත්තියෙ දුක් පණිවුඩ දාල තිබුනා. මොකද කියාල ඇහුවම එයා අලුතින් යන ඉස්කෝලෙ ළමයි ගැන එයාට දුක හිතෙනවාලු.

එතුමිය තාක්ෂණික පාඨමාලාවක් හදාරනවා ටෙක් එකේ. ඒකට එන ලමයිට කිසිම අනාගත අයිඩියාවක් වත් දැන් කරන දේ ගැනවත් අදහසක් නෑලු. ඔහේ කරන්නං වාලෙ කරනවා.

ඒ අහසින් පාත් වුන ළමයි එතන්ට එන්න හේතුවක් තියෙනවා. අපේ රජයෙන් ගෙනියනවා වැඩක් යොවුන් සේනාංක කියලා එකක්. ඒකෙදි ළමයි කඳවුරු ගත කරලා අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒ කඳවුරු ඉන්න මාස ගානින් පස්සෙ එයාලට උසස් වෘත්තිය පාඨමාලා හදාරන්න අවස්ථාවක් ලැබෙනවා තාක්ෂණ විද්‍යාල වල.
 

ගෑල්ලමයි ගෙදර ගෙදර නිකං ඉන්න බැරිකමට කඳවුරට යනවා. කඳවුරෙන් කෑම දීල බීම දීල එක්සයිස් කරලා තියාගෙන ඉඳලා පස්සෙ අවුට් වුනාම ටෙක් එකට යවනවා.. ඒ අය දන්නෙ නැහැ තමුන් මේ ඉගෙනගන්නෙ මොකද්ද මේකෙ වැදගත්කම මොකද්ද කියලවත්.. කරන්නන් වාලේ කෝස් කරනවා..

අර මා කීව ළමයා ඒ පාඨමාලාව හදාරන්නේ මූලික පාඨමාලාවන් කිහිපයක් හදාරලා සහ යම් කිසි වැඩ පුරුද්දක් සහිතව. ඉතිං ඒ අය අතරට අර අහසින් වැටුන ළමයි දාපු නිසා කෝස් එකේ තත්වයත් පහල යනවා.

ඒ කඳවුරු වලින් ආපු ළමයි උදේට ආවම කල්පනා කරන්නෙ කෝස් එක ගැන හෝ උගන්වන දේවල් ගැන නෙමෙලු.. දවල්ට කන දේවල් ගැනලු. 


ඔය වගේ සෙට් එකක් ඇවිල්ල තිබුනා පහුගිය දා බිසොප් විද්‍යාලෙ තිබුන යොවුන් නාට්‍ය උලෙලේ නාට්ටි බලන්න.. කැමැත්තෙන් නෙමෙයි. යොවුන් මධ්‍යස්ථාන වලින් බස් දාල ගෙනල්ල කස්ටිය ඔලු ගෙඩි ගාන පේන්න ඕනි නිසා දමල කියලයි මට හිතුනෙ. ඒ පිටින් දාපු ළමයිගේ නාට්‍ය රසඥතාවයක් නැහැ. නාට්ටිය පටන් ගත්තම ගොඩක් අය නිදි.. යොවුන් නාට්‍ය උලෙල ගැන පත්තර වල තිබුන විචාර වල තිබුනා සැලකිය යුතු පිරිසක් මේ පාර නාට්‍ය උලෙල බලන්න ඇවත් තිබුනා කියලා. ඒ පුවත්පත් ලේඛකයින්ට කියන්න තියෙන්නෙ අහෝ මුදල් කියල තමයි.. 

කොහොම නමුත් ඔය යොවුන් සේනාංක කියලා ආන්ඩුව විසාල මුදලක් වියදම් කරලා කරන වැඩේ ප්‍රථිපලදායක බව නම් ආයිත් හොයලා බලනවා නම් ඒක වැදගත් කියාල මටත් හිතුනා. අර බී කතාවෙ ළමයි දෙන්නාට මොනම හරි කර්මාන්තයක් හුරු වෙලා ආවනම් රැකියාවක් හොයාගන්න පුළුවන් කියලා හිතුනත් එයාලත් මේ ටෙක් එකට අහසින් වැටුන ළමයි වාගේ වෙයිද දන් නැහැ.

ඩී කතාව.. (D)

බී කතාවෙ නංගිලාට රැකියා තියෙනවාද කියල බලන්න මම ඩික්සිලා අක්කගෙන් ඇහුවා. ඩික්සිලා අක්ක හීතල පලාතක පියකරු යුවතියක්. මං කෝච්චියෙ වැඩට යන කාලෙ කෝච්චියෙ ගිය කෙනෙක්. ඩික්සිලා අක්කා පුද්ගලික ආරක්ෂක සේවාවක වැඩ කරන්නෙ. අපේ කොම්පැනිය සහ අවට තමයි ඇයට රාජකාරි පැවරෙන්නෙ.

ඩික්සිලා අක්කට නිවාඩු දවස් හතරයි හෝ තුනයි මාසෙටම ලැබෙන්නෙ. එයාලට පිරිමි අයට වගේ නයිට් කරන්න බැරි නිසා සතියෙ දවස් හතම වැඩ. මාසෙටම ලැබෙන නිවාඩු තුන හතර විතරයි තියෙන්නෙ. උදෙ හතට ඔන් වුනාම හවස හතට තමයි වැඩ ඉවර වෙන්නෙ. ඉන්න හොස්ටල් දිල තියෙනවා. කන්න බොන්න කඩෙන් ගන්න ඕනි.

දරුවො බලන්න යන්න ලැබෙන්නෙ මාසෙටම දවස් දෙකයි.. මොකද එක දවසක් යනවා ගමට යන්න. සහ එන්නම. මේ විදියට දුර පැතිවලින් ඇවිල්ලා වැඩ කරන සිකුරිටි නංගිලා ගොඩක් ඉන්නවා ආරක්ෂක අංශ වල. ඒ අයගේ කතාවත්  මීට වඩා ලොකු වෙනසක් නැහැ. පුදුම වැඩේ ඔවුන්ට ලැබෙන සීමිත විවේක කාලය.

එයාලගේ කොම්පැනිය ටිකක් ප්‍රසිද්ධයි. රුපියල් විසිදාහකට වැඩිය ගන්නත් ඇහැකිලු මාසෙකට. විසිදාහ අරගත්තට මොකෑ අවුරුද්දටම දවස් විස්සක් තිහක් තමයි ගෙදර ඉන්න ලැබෙන්නෙ. දවස් තිහක් සැප විඳන්න දවස් තුන්සිය විස්සක් විතර එයාල වියදම් කරනවා.

මේක කියනකොට කස්ටිය හිතයි.. හෑ අපිටත් නිවාඩු තියෙන්නෙ අවුරුද්දටම දවස් තිහ හතලිහය් තමයි කියලා. නමුත් මේ සිකුරිටි අක්කලට පෝය, ඉරිදා, සෙනුසුරාද බාගෙ නිවාඩු නැහැ. ඒවත් ඩියුටි දවස්.

කතාව.. (E)

“නර්සින් කෝස් එකක් තියෙනවා..කොරොත් රස්සා තියෙද දන් නැහැ නේ..“

ඒ මගේ ළඟ ඥාති සහෝදරියක්.

කෝස් එක අවුරුද්දයි. ට්‍රේනිනුත් එතනින්ම දානවා. සිංහලෙන් තියෙන්නෙ. කොස් වියදම තිස්දාහක් විතර. කොස් එක හොඳට කොලොත් රස්සාවක් ලැබෙනවා හොඳ ප්‍රයිවෙට් ඉස්පිරිතාලෙක.

නර්සිං සහ ඒ ආශ්‍රිත රැකියා දැන් ලෝකෙ පුරා ජනප්‍රිය වෙලා. ලෝකෙ වැඩිහිටි ජනගහනය වැඩිවීඹත් එක්ක දියුනු රටවල වැඩිහිටියන් සහ ළමුන් බලාගන්න හොඳ කුසලතා තියෙන අය හොයනවා. නිකන්ම නිකං ගෘහ සේවිකා යන අයට වඩා සැර වැටුපක් අර සීයල ආච්චිල ළමයි බලාගන්න දියුනු රටවලට යන සාත්තු සේවිකා සේවක අයට ලැබෙනවා.

එතනින්ම ට්‍රේනිනුත් දානවනම්. ජොබ් එකක් ලැබෙයි කියල ෂුවර් එකකුත් තියේ නම් ආයෙ කවර කතාද? මං කිව්ව යන්න කියලා.

ඔය කෙල්ල ගෙදරින් පැනල රෝන්දෙ යන්න උප්පරවැට්ටියක්ද කොහෙද? ඒ ගැන අදහස් දක්වපු වෙන ඥාති කෙනෙක් කිව්වා. ඒත් ඉතිං ගෙදර ඇතුලෙ තියං බෝ පැලේ වගේ කන්න බොන්න දීල රී ලෝඩ් දාල නඩත්තු කරලා තියාගත්ත කියලා පරණ වුනාම යකඩ වලට විකුනන්නයැ.. ඔන්න ඔහෙ යන්න දෙන්න. මම කිව්වා..

එෆ් කතාව. (F)


එයා මම කරපු කෝස් එක දැනගෙන. මගෙන් ඇහුවා ඒක විතරයිද කරලා තියෙන්නෙ කියලා. අවාසනාවට ඇත්ත කතාවක් වගේ මම කෝසස් ගොඩක් පටන් ගත්තට සම්පූර්ණ කරලා නැහැ. ඒ නිසා මං සම්පුර්ණ කරපු එකම එක තමයි හැම තැනම කියවන්නෙ.. එයා තමයි අලුත් අපේ ළඟ සෙක්ෂන් එකකට වැඩට ආපු ට්‍රේනින් නංගි.

එයා චාටඩ් එකවවුන්ටන්සි, බෑන්කින් එක්සැම්ස්, මාකටිං සහ ආන්ඩුවෙ විශ්ව විද්‍යාෙලක මැනේජ්මන්ට් උපාධිය හදාරනවා. ඔක්කොම කෝස් හතරක්. සතියෙ හැම දවසෙම ස්ටඩි. කැම්පස් එකේ ලෙක්චර් රෑට්ත් දාලලු. එයාල දවල්ට අපේ කොම්පැනියෙ ට්‍රෙනින් ඉඳලා රෑට යනවා ලෙක්චර. සති අන්තෙ එයාගෙ අනික් බෑන්කින් මාකටිං සහ එකවුන්ටන්සි වැඩ.

ඉතිං බැලුවොත් ඇත්තං පාඩම මයි. පාඩම් සහ එක්සෑම්ස් කියන්නෙ ජීවිතේ වගේ.

මගෙන් දවසක් ඇහුවා වර්චුවල් මෙමරි කියන්නෙ මොකකටද කියලා. ඉතිං මං ගූගල් කරලා අදහස පැහැදිලි කලා. එතකොට මම තේරුං ගත්තා පරිඝණක පද්ධති සම්බන්ධ දැනුම නම් මෙයාලගේ මදි කියලා. එද එකවුන්ට් මාකටිං, බෑංකිං මොනවා කලත් පරිඝනක දැනුම වැදගත්.

පරිඝනක කියන්නෙ වර්ඩ් එක්සෙල් නෙමෙයි. හාඩ්වෙයා සොෆ්ටයාර් සහ ප්‍රෝග්‍රැමින් ගැන සැලකිය යුතු දැනුම. මං රෙජිස්තර වෙච්චි පුරාවිද්‍යා කෝස් එකක් තිබුනා ඔන්ලයින් කරන. ඒ පුරාවිද්‍යා කෝස් එකටත් පරිඝනක පාඩම් කොටසක් ඇඩ් වෙලා තිබුනා. ගූගල් මැප් වලිං ලෝකෙ බලන හැටි. පරිඝනක වලින් ත්‍රිමාණ අනුරු හදන හැටි මූලික කොටස් ඉගැන්නුවා අපිට පුරාවිද්‍යා කොස් එකේදි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉංජිනේරු විද්‍යාව වාගේ විශයයන් හදාරනවා නම් ඒ කෝසස් වලදි අනිවාර්යෙන්ම පරිඝනක ක්‍රමලේඛණ නොහොත් ප්‍රෝග්‍රැමින් ගැන බේසික් දැනගෙන ඉන්න ඕනි.

කෝස් හතරක් කරන ඒ නංගා ගෙ නම් පරිඝනක දැනුම ඒ ක්ෂේත්‍රෙය් ඉහල පුටුවක වෘත්තිකයෙක් වෙන මට්ටමට ඇවිත් නැහැ කියලයි මට නම් හිතුනෙ.

ඒ සිට එෆ් දක්වා වන ගැහැනියෙක් වෙනවාට වඩා ජී මොඩලයේ ගෑනියෙක් වීමේ වඩාත් වාසිදායකය. නමුත් ජී මොඩලය පවත්වාගෙන යෑමට සැමිතොමෝ ධනවත් විය යුතුයැ. නැතිනම් ඔහු දාසයෙක් මෙන් භාර්යාවට වැඩ කල යුතුයැ.

Wednesday, September 18, 2013

සත පහක් දෙන්නැහැ ඕකුන්ට (Fucking Beggers)

හිඟන්නෙක්ට රුපියලක් හෝ සීයක් දුන්නා කියල අපි දුප්පත් වෙන්නෙ නැහැ. නමුත් මම හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නැහැ. 
ළඟදි දැක්කා පොරක් බොරැල්ලෙන් බස්එකට නැගල අලුත් විදියකට හිඟා කනවා. අපේ මල්ලිගේ ඔලුවෙ බෝලයක් වැදිල. මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ. මං හොඳ කම්පැනියක රස්සාව කලේ. මගේ කකුලෙ ආබාධායක් නිසා නවතින්න වුනා රස්සාවෙන්. මං තැන් තැන්වල ඉඳන් නරක වැඩ කරන 3ර්ඩ් ක්ලාස් කොල්ලෙක් නෙමෙයි. මං හොඳට ජීවත්වුන කොල්ලෙක්. 

මූ ඔය අස්සට ඉංගිරිසි වචනත් දාල මූ හෙන පොෂ් සමාජෙන් හිඟන්නෙක් වෙච්චි බව පෙන්වලා ලොකු ගානක් බස් එකේ අය ගෙන් ගලවා ගත්තා. කෙනෙක් හිතන්න පුලුවන් ඒ කතාව හදිසියෙවත් ඇත්ත වුනොත් පවු නේද කියලා. ඒත් ඉතිං මටනම් කියන්න තියෙන්නෙ සොරි තමයි. මට දිරවපු නැති ලොකුම කෑල්ල තමයි මං තර්ඩ් ක්ලාස් කොල්ලෙක් නෙමෙයි කියපු කතාව. ඒ යෝදය පිළිගන්නවා තර්ඩ් ක්ලාස් කියල එකකුත් තියෙනවා කියලා. මිනිහ ඒකෙ නෙමෙයි කිව්වෙ හෙන ලොකු කමකින්. අන්ත අසරණ වෙලා ගොබ්බය වගේ පාරට වැටිල මිනිස්සුන්ට අතපාන අතරෙත් උගේ ලොකුකම ගිහිල්ල නැහැ. ඌ මාකටින් වලට හරි ලොකුකම විකුනනවා. 
ආත්මය නොව වාසනාව විකුනන වෙළඳ මහතෙක්
හිඟන්නො බිහිවෙලා තියෙන්නෙ අපේ ජීවිත වලට පිං කරන්න අවස්ථාවක් ලබාදෙන්න. අපි ඉස්කෝලෙ යන කාලෙ දෙනවා පිං පොත ලියන්න. හප්පා ඒක ලියන්න අමාරුයි අනික් හැම ගෙදර වැඩටම වැඩිය අමාරුයි ඒක. අම්මට පොල් ගෑවා..තාත්තට දර පැලුවා.. අක්කට තනියට ගියා. ආදි බොරු ගොඩක් ලියනවා ඒකෙ. හොඳම බොරු හොයන්න කියාපු පොතක් තමයි ඉස්සර පිං පොත. ඉතිං දැන් අපිට අද ලොකු මහත් වෙලා පිං පොතක් මේන්ටේන් කරන්න බැහැ. නමුත් අපේ හිත ඇතුලෙ තියෙනවා.. අඩෝ මං දැන් පිනක් කරන්නෙ ම නැහැ නේ.. කියලා. 

එහෙම හිත හිතා තැවෙන හිතට ඔන්න අස්වැසිල්ලක් එනවා හිඟන්නෙක් දැකලා.අනික හිඟන්න හරියට ක්ෂණික නූඩ්ල්ස් වගේ.. බතක් උයල හොද්දක් හදාගන්න අපිට පැය දෙකක් විතර යනවා. නමුත් හිඟන්නෙක් අපේ ඉස්සරහටම ඇවිත් අපිටත් පින් දීල යනවා එක රුපියල් දහයට. හරියට හොදි බත් මාලු පිණි උයන්නෙ නැතුව නූඩ්ල්ස් කනවා වගේ. අපිට සමාජයේ අසරණ මිනිහෙක්ට හෝ කන්ඩායමකට උධව් කරන්න ටිකක් අමාරුයි. ඒකට කාලය ශ්‍රමය ධනය සහ කැපවීම අවශ්‍ය වෙනවා. ඉතිං ඔය අමාරු වැඩ කරන්නත් අපිට කම්මැලියි. ඔය අතරෙ අපේ ඇස්පනාපිට අපිට පිං කරගන්න පුලුවන් අවස්ථාව හිඟන්නො විසින් සලසා දීල තියෙනවා. 

අපේ මූර්තිය කොපි කලාය..අපේ චිත්‍ර පල්ලියෙ ඇන්දය කියලා සමහර අය ක්‍රිස්තියානි ආගමේ පල්ලි වලට බැනගෙන යනවා. නමුත් ක්‍රිස්තියානි පල්ලිය කියන එක සමහර දේවල් වලදි අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. මං දන්න ළමා නිවාස කිහිපයක්ම ක්‍රමානුකූලව ක්‍රිස්තියානි පල්ලි වලින් පාලනය වෙනවා. නමුත් අපේ බෞද්ධ පිංවතුන් ඒ වගේ ළමා නිවාස, අනාථ නිවාස, අඳ ගොලු බිහිරි දරුවන් සිටින ස්ථාන හෝ අසරණ දුප්පත් ජනතාවට සේවය කරන්න සංවිධානය වීමේදී ටිකක් ෆේල් ගතියක් තමයි පෙන්නුම් කරන්නෙ. අද මහමෙව්නාව කියන ලොකු වෙළඳ නාමය යටතේ රට වටා කොන්ක්‍රිට් තට්ටු විශාල ගානක් ඇතිවෙලා තිබෙනවා. මේවා හරහා විශාල ධනයක් හුවමාරු වෙනවා. නමුත් ඔවුන් කොන්ක්‍රිට් වලට වියදම් කරන මුදල් වලට සාපේක්ෂව සමාජ සේවා වලට සල්ලි යොදවනව අඩුයි. 

මීට අවුරුදු හැට හැත්තෑවකට කලිං මාටින් වික්‍රමසිංහ ලියපු පොත්වල කතාවල හිඟන්නො ඉන්නවා. මං කෙටිකතා දෙක තුනකම දැකපු විදියට මාටින් වික්‍රමසිංහටත් තිබුන ලොකු ගැටලුවක් තමයි ඇත්තම හිඟන්නො තෝරා ගන්න එක. ඊට පස්සෙ කාලෙක නන්දසේන රත්නපාල මහත්මයා හිඟන්නන්ගේ රෙදි ගලවලා පොතක් ලිව්වා. නමුත් අපේ මිනිස්සුන්ගේ සෝබනයට හිගන්නන්ට සල්ලි දෙන එක නම් නැවතුනේ නැහැ. 

මම නම් මගේ ප්‍රතිපත්තිය විදියට හිඟන්නෙක් මං ඉස්සරහා යමා මහ පෙළහැර පෑවත් සත පහක් දෙන්නෙ නැහැ.

Tuesday, September 17, 2013

පරඬැල් වෙච්චි අපිට මොන පෙඩරල්ද? (What is Suitable for North)


සංවර්ධිත පාරක් සහ එහි යන දියුනු වාහනයක්.
මලක් නැති ගසේ .. කොළයක් හැදිලා..
පලක් නැති වුවත්... ගහේ කොළයක් හැදිලා..
කොලයක් නෙමෙ බං.. ඒ ඉටිකොලයක්..
නිල්,රතු හෝ කොළ පාටට ඒ ඉටිකොලයක්..

ඉඩෝරයට අහු වෙලා.. වතුර පොදක් දැක්කෙ නෑ..
පොඩි එකාට බොන්නවත්.. වතුර ටිකක් නෑ..
ළිදේ අඩිය හඳ තරමට ..ඈත පේනවා..
ඒකෙ පතුල හාරනකොට.. කිවුල උනනවා..

පපු කැවුතු දිගේ..බොකු කෑලි දිගේ..
ඇදෙන ලේ කඳේ...අපේ...කිසි ගුනක් නැතේ..
බොර පාට මඩ වතුර..
පොදක් වැවේ තියෙන වා..
මාලු කොක්කු අපි ටිකක් ඒව නානවා..
පැන පැන ඒවා නානවා..

මහත්තුරු ඇවිත් වතුර බෝතල් දෙනවා..
එකපාරක් පුක හෝදන්නත් ඒ.. වතුර මදී..
නෝනල කොළඹ ඉඳන් අපේ ඇඟේ ඇට බලන්න එනවා..
ඇවිත් එහෙ ගිහිං ලෝකෙට අපෙ ඇට විකුනනවා..

බවුසර් එනවා.. ටැංකි බෙදනවා..
දැන්නං වතුර තියෙනවා..බොන්න අරක්කු දෙනවා..
චන්දෙ ඉවරවේවී.. ආපහු ටැංකි අරං යාවී..
උනුත් උඩින් යාවී... අපිට හුලං වේවී..

සාහිත්‍ය දන්නැතී.. ඉංගිරිසි දන් නැතී..
හරියට කලිසමක් නැතී.. අපිට දෙයියොත් නැතුවා..
අනේ වැස්ස වලාහකයෝ.. බොලැ අම්මට හැමිනෙන් නැතු.. වැහැපාන් දෙයියනේ..
අපිට නාල කියල වකුගඩ්ඩට කෙලවෙනකාල් වත් සතුටින් ඉන්න.. අනේ වැහැපාන් කෝ..

Monday, September 16, 2013

පොත් ප්‍රදර්ශන කෑම (Book Fair Foods)

මාත් ගියා පොත් ප්‍රදර්ශනේ බලන්න. යාලුවො කවුරුවත් හමු වුනේ නැහැ. ඔහේ තනියම ගිහිං ආවා. ගිය ගමන්ම ඇතුලට ගියා සිරිමාවො එකට. වෙනද ඒකෙ ඒ සී හොඳයි. මල පෙරේත හැත්ත මේ පාර ඒ සී අඩුකරලා හෝ ඒ සී ඇත්තෙම නැහැ. වෙනද තරම් හීතල නැහැ. වෙනද ඕනම ප්‍රදර්ශනයක මම යන්නෙ ඕක ඇතුලට මොකෝ එලියෙ තියෙන ගිනි රස්නෙට වඩා ඇතුල පස්ට කූල් නිසා. ගිය ගමන් අපේ මාටිං ලොක්කා හිටියා. මාටින් මගේ යාලුවා. පොතුත් මිල අඩුයි. දැන් පොත් මිල අඩු වුනාට ඉස්සර හරි ගනන්. දැන් ඉතිං මොනම හේතුවකට හරි මහා ගත්කරු මාටිං වික්‍රමසිංහගේ පොත් මිල අඩුවුනා. ඇස්දෙක පියාගෙන වගේ පොත් තුන හතරක් ගත්තා.. නවකතා කෙටිකතා වලට වඩා මාටින් වික්‍රමසිංහගේ තීරු ලිපි වගේ ඒව වැදගත්. මං ඒවට මනාපයි.

හප්පා ගත්තට මොකද එතන ක්‍රෙඩිට් කාඩ් වලිං ගෙවන්න බැහැ. ජීවිතේ තව සතිදෙකක් ගෙවන්න ඉතිරි වෙච්ච රුපියල් දාහෙන් බාගෙකටත් ටිකක් වැඩියෙන් ගියා මාටියට. මාටිය කොටියම කාපිය. ඒවෙලාවෙ හිතුනා. ඒ වුනත් මාටින් වික්‍රමසිංහ කියන්නෙ මට පොරක්. හැමෝම මාටින් කියවන්න පටන් ගන්නෙ ඉස්කෝලෙ පොත්වල තියෙන විරාගය ගම්පෙරලිය කලියුගය වගේ බෝරින් තැනකින්. නමුත් මම ඊට කලිං මාටිං ගේ කෙටිකතා කියවල තිබුනා. මම පුද්ගලිකව හිතන විදියට මෙහෙම ලිව්වොත් ඒ කාලෙ සම්මාන ගන්න පුලුවන් කියන අයිඩියාර් එක මාටින්ට තියෙන්න ඇති. ඒ විදියට සම්මාන වලට ලියපු පොත් තුනක් වෙන්න ඇති ඔය ගම්පෙරලිය,යුගාන්ත,කලියුග කියන්නෙ. ඊට වඩා බොහොම වැදගත් ලිපි රාශියක් මාටින් වික්‍රමසිංහ මහත්මයා ලියල තියෙනවා. 

එතනින් එලියට බැහැලා එහෙ මෙහෙ ඇවිද්දා. සමහර තැන්වල සෝට් නෝට් පොත් තිබුනා ලාබෙට. සෝට් නෝට් පොත් තියෙන නිසා ලමයින්ට ලේසියි. අම්මලාටත් ලේසියි. ලමයිට ආයෙත් පොත්බල බල විකාර කරන එකේ තේරුමක් නැහැ නේ. සෝට් නෝට් එක කඩෙන්ම ගන්න පුලුවන් නිසා. 

ගොඩගේ පොත් තිබුන ස්ටේජ් එක තිබුන හෝල් එකේ පෙන්ඩ්‍රයිව් ලාබෙට තිබුනා. පෙන්ඩ්‍රයිව් වගේම එතන පෝටබල් හාඩ් ඩිස්ක් එකකුත් තිබුනා ගිගාබයිට් 500ක්ම රුපියල් 8,500ට. ඒකනම් ලාබයි නේ? එතනින් එලියට බැස්සම කෑම කඩ ගොඩයි. 

ඉරිඟු පොරි හදල විකුනනවා මිනිහෙක්. පොරි හදන මැසිම බලං ඉන්න වටින එකක්. එතන තිබුන බිත්ති කන්ඩිය උඩින් වාඩිවෙලා හතලිහක් දීල පොරි එකක් ගත්ත. දෙය්යනේ හතලිහක් දීල ගත්තට ඉරිඟු ඇට වැඩිම උනොත් පනහක් ඇති. ඒ පිපෙන ඉරිඟු රටින් ආපු මලු වගේක තියෙන්නෙ. ඒව පොප් කෝන් හදන්නම හදපු විශේෂ ඉරිඟු ජාතියක් වෙන්න ඇති. මොකද්ද තෙල් ජාතියකුත් දාල ඉරිඟු ඇට අත් මිටක් විතර දානවා අර තියෙන රත්වෙන හට්ටියට. එයින් මනතට අර හට්ටියෙ තියෙන ඌස්නෙට ඉරිඟු පිපෙනවා. ඒ ඉරිඟු නම් හැම ඇටේම ලස්සනට පිපෙනවා. අපි ඉස්සර ගෙදර ඉරිඟු බැද්දට ඔහොම හැම එකම පිපෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නෙ පිපෙන්නෙ නැති ටික කොටනවා. කොටල පොල් ටිකක් දාල පැණි දාල ගුලි කරල තේ වතුර බොන වෙලාවට කනවා. ඔය ඉතිං රෙසපියට කිව්වට තේ වතුර බොන වෙලාවට කනවා කියලා. මොන තේ වතුරද? අම්ම හදල ඉවර වුන සැනින් පිඟානම ඉවරයි. 

ඔය ඔතනම තව තියෙනව යුනිලිවර් එකෙන් වතුර ෆිල්ටර් වගයක්. ටැප් වතුර ඒ පිල්ටර් වල ඇතුලට දාල තියෙන්නෙ. ඉතිං ඒ ටැප් වතුර අපි අනේ සෝක් පිල්ටරෙන් පිල්ටර් වෙලාත් ඇති කියල හිතල බොනවා. බීල ප්ලාස්ටික් කෝප්ප කෑල්ල දානව කුනු බාල්දියට. හැබෑට නිකමට හිතුවොත් නිකං ටැප් එක නැතුව ඔතන ඔය විච්චූරනේ නිසා දාස් ගානක් ප්ලාස්ටික් කෝප්ප නිකං නාස්ති වෙනවා. ටැප් එකට කට තියං බොන එක පරිසර හිතකාමියි. බට් අපිට කෝප්ප තියෙද්දි කොහොම කට තියං බොන්නෙ. ඒ නිසා මමත් පොස් විදියට ප්ලාස්ටික් කෝප්පෙන්ම බිව්වා. 

එතන කැම කඩ ගොඩයි. නෙක්ස්ට් ටී ද මොනාද කියල පත මැසිමක්. ඒ ටී ඇම් මැසිම වාගේ බටන් ගොඩක් එක්ක. සෝක් මැසිම. සල්ලි දිල ඒ අයියට කිව්වම ඒ අයිය අදාල බොත්තම ඔබල මැසිමෙන් අදාල තේ වතුර එක දෙනවා. කිරි තේද? කෝපිද? නිකම්ම තේද? ලයිම් රස තේද? අනම් මන්ම තේ ගොඩාරියයි.. මට නම් ඔය තේ කලිං බීල එච්චර ඇල්ලුවෙ නැහැ රසේ. ඒ නිසා බොන්න ගියෙ නැහැ මේජාමෙ. මල ගෙවල් වල වුනත් නෙස්කැෆේ තරම් හොද නැහැ මටනම් ඔය නෙස්ට් ටී එක. 

හප්පද බොල එතන තේ වතුර මැසිම බලලා පොඩ්ඩක් හැරෙනකොට මේන්න තියෙනවා උණු බලු(හොට් ඩෝග්) හදන තැනක්. එකෙක් කොත්තු තැටියක් වගේ එකක සොසේජස් අඩුක් කරලා ඒව ග්ලවුස් එකක් දාගෙන පෙල්ලනවා. එකෙක් අර දිග බනිස පලනවා. සොසේජස් එක ඇතුලට දාල සෝස් ඩිංගක් වක් කොරලා දෙනවා. නිකමට කීයද කියල ඇහුවම රුපියල් එකසිය විස්සක් කියපි. යකෝ සොසේජසුයි බනිසුයි කඩෙං අරං අපිට ඔයින් තුන හතරක්ම හදාගත හැකි නෙව. ලස්සනට තිබුනට සුවඳට තිබුනට එච්චර ගානක්? ඒකෙන් බත්තරමුල්ලෙ හැටේ රයිස් කඩෙන් එකසිය දහයෙ රයිස් එකක්ම කත හැකි. 
කතාවට අදාල නැති පූසෙක්.

අතන පොප් කෝන් කකා වාඩිවෙල ඉන්නකොට පොරවල් දෙකක් සෙට්වෙලා කතාව. උන් දෙන්නා ඇවිල්ල එටිසලට් එකේ ස්ටොල් එකේ ඩයල් දෙකක්. එයාලගේ කතාව ඇතුලෙ ගමේ කඩයක් ගැන කියනව ඇහුනා. මං ඒක මීටර් කරගත්තා. ඔතන අනික් පැත්තෙන් වාඩිවුනා අංකලයෙක්. පොර කියෙව්ව පොත ආතර් සී ක්ලාක් ලියපු භූමි කම්පා ගැන පොතක්. පොතේ කවරෙ තිබුන වරුනාව කියවල මම අංකල්ට කිව්ව අනිවාර්යෙන් ඕක 2004ට කලිං ලියපු එකක් කියලා. අංකල් ඉන් පස්සෙ පොත ලියපු අවුරුද්ද හොයන්න ප්‍රස්ථාවනාව හරි මොකක් හරි නමකින් පොතේ මුලින්ම තියෙන පොරටෝක් ටික අංකල් කියවන්න ගත්තා. මං එතකොට ඉරිඟු පොරි කකා උන්නෙ. අංකල්ටත් දෙන්න තිබුනා. නමුත් මම දුන්නෙනැහැ. අංකලුත් නැගිටල ගිහින් ඉරිඟු පොරි එකක් අරං ඇවිත් කෑවා. 

ගමේ කඩේ තිබිල තියෙන්නෙත් ඔය මිහිලක මැදුර කියන තැනට යන පාර අයිනෙමයි. මාත් ගියා බලන්න මේ අරුමෝසම මොකද්ද කියලා ඔලුව දාන්න. කැවුම, කොකිස්, නාරංකැවුම්, මයියොක්කා, බත් වගේ දේවල් තිබුන තැනක්. එතනයි කියලා ඇති අඩුවක් නැහැ. ඒ ගමේ කඩේ කරන්නෙත් අර උණු බලු (හොට්ඩෝග්) කරන සෙට් එකමයි. ගමේ කඩේ වුනාට මොකෑ ගනන් නම් ගිනි ගනන්. මයියොක්ක කෑලි පහ හයක් දාල කැන්ද කොලේකට ඒකට පොලුයි ලුනුමිරිසුයි ටිකක් ගාල දෙනවා රුපියල් පනහක්. අපේ කන්තෝරු කැන්ටිමෙ ඔයිට වැඩිය ගොඩක් මඤ්ඤොක්ක දෙනෝ රුපියල් තිහට. හප්පට සිරි අපේ කැන්ටිමෙන් ගෙනිහින් පොත් ප්‍රදර්ශනේ මයියොක්ක පාර්සල් බිස්නස් එකක් කොරානං ගොඩ. ඒත් බී ඇම් අයි සී ඇච් එක ඇතුලෙ එහෙම හිතුන හිතුන අයට කෑම ජාති වෙළඳාම් කරන්න බැහැ. ඒකට අවසර තියෙන්න ඕනිලු. ඒකෙ බතුත් තිබුනා. මොකද්ද සම්බෝලෙකුයි. පොල් සම්බලුයි. පරිප්පුයි බතුයි.. කීයද ගාන.? රුපියල් සීයක්.. හප්පා ගනන්.. බත් හැඳි දෙකක්වත් දාන්නෙ නැහැ. 

මයියොක්ක කිලෝ එකක් රුපියල් සීයක් වෙච්චි කාලයක් මට මතක නැහැ. හොඳ වයිං මයියොක්ක කිලෝවක් රුපියල් තිහයි හතලිහයි අපේ ගමෙ ්පොළවල් වල..ඉතිං තොගේට ගන්වනං තවත් අඩුයි. ඉතිං ඒකට පොල් සුට්ටකුයි කැන්ද කොලේකුයි. ලුනුමිරිස් ටිකකුයි දාල හොද ගානකට දෙත හැකි නේ..?

එතනින් ගියාම තියෙනවා තව මැගි නූඩ්ල්ස් වෑන් ජාතියක්. ඒවට තියෙන බිස්නස් එකනං පුදුමයි. නූඩල්ස් කනවා දැකල නැතුව වගේ කස්ටිය.මවුන්ට් ලැවිනියා ගල්කිස්ස හෝටලේ තමයි අපේ මහා සූපවේදී පබ්ලිස් මහත්තයා ඉන්නෙ. නමුත් මවුන්ට් ලැවිනියා එකෙන් බී ඇම් අයි සී ඇච් එකේ තියෙන කඩේ නං ගමේ කෑමක් දැක්කෙම නැහැ. තිබුනෙ කොත්තු රයිස් සහ බේකරි කෑම. කොත්තුවක් රුපියල් හාරසීයයි. රයිස් එකක් රුපියල් හාරසීයක් විතර මං හිතන්නෙ.. කෑම හොඳ ඇති. නමුත් මට ඔය රට කෑම එච්චර ඇඟට අල්ලන්නෙ නැහැ. හොඳ හෝටල් වලට මගුල් තුලා වලට එහෙම ගියාට මට ඒ විසිතුර කෑම වල රහක් දැනෙන් නැහැ. සමහර විට අපි ඒ කෑම කන්න දන්නෙ නැති වෙන්න ඇති. ඒ සමහර කෑම කන්න ඕනි විදයකුත් තියෙනවා. සෝස් වල ඔබල නැත්තං සෝස් වක්කරගෙන කන් ඕනි. 

මට මතක් වුනේ අපේ ගං ඔල අපි කාපු ජාති දැන් නැහැ අහලකවත් දකින්න. ඔතන මැගි නූඩල්ස් හරි මොකක් හරි නූලක් අරං එක නූලක් රුපියල් පහක් විතර වියදං කරලා කනවා. ඒ වුනාට ඔතන කඩල ටිකක්, කවුපි ටිකක්. මුංඇට ටිකක්, තිබුනනං කෝමද? අපිට ඒව කන්න ලැබෙනවා නේද? අර මයියොක්ක ගන්න පෝලිම වගේම ඒ තැන්වලත් පෝලිම් තියේවි. රාජ අල කෑල්ලක් මටත් කෑව කාලයක් මතක නැැහ. දැන් ඉතිං කොරන්න ඇහැක් එකම දේ මං පුංචි කාලෙ සීයත් එක්ක මෙච්චර විසාල පෝර බෑක් එකක් තරං ලොකු අල හාරල තියෙනෝ කියලා ලොකු කම කියවන්න විතරයි.  වැඩිය ඔන් නැහැ කොස් ඩිංගක් හොඳට ඇට සුද්ද කරල තම්බල දුන්නනං දෙල් ටිකක් තම්බලපොල් එක්ක කන්න තිබුන නම්.. අර මාන්සි ගතිය නැතිවෙනව නෙව. 

අනේ මන්දා අද කාලෙ ලංකාව වටේ කොහේ කරක් ගැහුවත් රයිස් කඩ කොත්තු කඩ රොටි කඩමයි තියෙන්නෙ. මයියොක්ක ඩිංගක් වත් තම්බල තියෙන්නෙ එහෙමත් තැනක. දේශීයකෑමත් දැන් අර මං කලින් කිව්ව ගමේ කඩේ පරිප්පුව වගේ වෙලා. හැබෑට පරිප්පුව කෝමද දේශීය කෑමක් වුනේ. ඔය පරිප්පු හිග කාලෙක අපේ ගෙදර හැදුවා මුං ඇට කුඩු කරලා පරිප්පු වගේ හොද්දක්. සා.. ඒකනං මරු. ඒ වගේම ගුනෙත් වැඩි ඇති. 

රස්සාවක් නැති තරුණ කස්ටිය ඉන්නවා මං දකිනවා උදේ ඉදං රෑ වෙනකල් රස්සා වලට ඇප්ලිකේසන් දාලම මුද්දර වියදම් හොයාගන්න බැරිව. ඉතිං මේ අයට මේ මං දැකපු සෝක් ව්‍යාපාරික අවස්තාවක් තමයි ගමේ කෑම ගමේ විදියටම නගරෙ ඇත්තොන්ට දෙන එක. වැඩිය ඕන නැහැ. ගමෙන් රුපියල් විස්සට විතර ගන්න පුලුවං අලි සයිස් කොස් ගෙඩියක් කොළඹට ගේන්න ඇහැකි ගෙඩියක් රුපියල් පනහක් විතර වෙන්න. ඕක ටිකක් මදුලු ගලවල කපල තම්බල පොල් ටිකක් එක්ක කන්න දෙන්න මහ ලොකු දැනුමක් උපාදියක් වැඩක් නැහැ. තැන පිරිසිදුවට පිලිවෙලට තියෙනං මිනිස්සු ඇවිල්ල කාවි. ඔය වගේ දෙයක් ලොකු සැනකෙලියක කඩ කෑල්ලක් අරගන වුනත් කරන්න පුලුවන් දෙයක්. අද මිනිස්සු පාං පිටි වලිං හෙම්බත් වෙලා. කෑමක් ගමෙ විදියට කන්න තියෙන එකත් ලොකු දෙයක්. 

කොටුවෙ ඉස්ටේසමට එහා පැත්තෙ ගුවන් පාලම ගාව තියෙනවා දොඩං කඩයක්. එතනම පෘට් ජූස් එහමෙත් විකුනනවා. ඔන්ද ස්පොට් දොඩං ගෙඩිය මිරිකල මික්ස් කරල අයිස් දාල දෙනවා. ඒ වගේ සූටි ජූස් කඩ වලට මාර විදියට බිස්නොස් තියෙනවා. රේනු තියනවාය. මල් තියෙනවාය, විටමින ්තියනවාය කියලා කිව්වට බෝතල බීම වල ඇති දෙයක් නැහැ. පොඩියක් විතර අපිරිසිදු වුනත් අරවගේ තැනකින් බොන දොඩම ඇත්තම ගහක හැදුන එකක් කියලා අපි දන්නවා. කල් තියාගන්න ජාති නැති හොඳ බීමක් දොඩං කියන්නෙ. ආයෙ කතාවට ගියොත් බී ඇම් අයි සී ඇච් එක පලාතෙවත් තැඹිලි කාරයෙක් ඇහැට දැක්කෙ නැහැ. සමාරවිට තැඹිලි කෝම්බ වලින් පරිසරේ කැත වෙන නිසා වෙන්න ඇති. බෝතල කරපු බීම මොක වුනත් කල් තියාගන්න එක එක ජාති පිටින් දානවා. ඒත් එවෙලෙ හදල දෙන දොඩං බීම එකක, තැඹිලි ගෙඩියක ඒ තරම් විසක් නැහැ  කියලයි මට හිතෙන්නෙ. 

දැන් මට වඩා පෝසත් ඈයො මේ ලිපිය කියවලා අඩෝ මේ වගේ මල පෙරේතයෙක් කියලා කියාවි. නමුත් මටත් වඩා දුප්පත් මිනිස්සු ගොඩාරියක් මේ වගේ ප්‍රදර්ශන බලන්න එනවා. රුපියල් තුන් හාරසියක් එක්කෙනකුට කන්න වියදම් කරන්න ඒ අයට බැරුව ඇති. ඉතිං ලාබෙට පොත් ගන්න ආවට කන්න තැනක් නැහැ මේ සුකුරුත්තං පොදර්ශනේ. ගෙවල් වලිං බත් මුලක් බැඳං එන එක තමයි හොඳම ක්‍රමය මම හිතන විදියට. කොන්කිරිට් එකක් උඩ වාඩිවෙල නැත්තං පඩිපෙලක වාඩිවෙලා බත් එක ලිහං වතුරු බෝතලේ තියං කන්න ලැජ්ජ වෙන්න ඕනි නැහැ. අපි මේ රටේ උතුම් පුරවැසියො.අපි හැමෝටම අයිතිය තියෙනවා අනුන්ට කරදයක් නොවන විදියට කන්න බොන්න. 

Friday, September 13, 2013

ටෙලිකොම් ප්‍රශ්ණ (Telecom Problems)

ඩේටා මදි නේ.

දැනට හෝම් පැකේජයට දෙන ඩේටා මදි බව මගේ බොහෝ යාලුවො කියති. ආන්ඩුවේ ආයතනයක් වන විදුලි සංදේශ නියාමනය කරන තැනින් දාන රෙගුලාසි අනුවය අන්තර්ජාල කුට්ටි ලබාදිය යුත්තේ. ඒ අනුව ටෙලිකොම් ආයතනයට හිතු මතේ හෝම් පැකේජයට ලැබෙන දත්ත ප්‍රමාණය වැඩිකල නොහැක. නමුත් පොදුවේ ගත්කල තවත් ගිගාබයිට්ටු ප්‍රමාණයක් ලැබෙන එක වැදගත්ය. දැන් ලෝකයේ අධ්‍යාපනික වැඩසටහන් පවා අන්තර්ජාලයේ වීඩියෝ මගින් බෙදාහරිනු ලැබේ. ඒ අනුව අධ්‍යාපනික අඩවියකට ඇතුලත්ව සතියකට ගිගා බයිට් තුන හතරක වීඩියෝ කොටස් නරඹා අධ්‍යනය කරන අයකුට ටෙලිකොම් සබඳතාවය සෑහෙන්නේ යන්තමිනි. ඒ අනුව ආන්ඩුවේ තැනක් හැටියට මිනිසුන් ගේ අවශ්‍යතාවයන් සලකන කොම්පැනියක් විදියට වැඩිපුර දෙයක් මිනිස්සු ටෙලිකොම් එකෙන් බලාපොරොත්තු වෙති.

අපිට මොකටද පෝන් එකක්.

සුදු අධිරාජ්‍යවාදීන් රටවල් අල්ලා ගත් කල ඒ රටවලදී සිදුකරන ලද යුද්ධ වියදම් ආදිය ඒ රටවල ජනයාගෙන් තලා පෙලා බදු ලෙස අයකරගන්නට ක්‍රියා කලෝය. ඒ පෙලිම නිසා අමරිකාව සොයාගත්තේ බ්‍රිතාන්‍ය කාරයන්ට වුවත් අමරිකාව යටත් විජිතයක් ලෙස වැඩිකලක් තබාගන්නට  නොහැකි විය. එසේම කොම්පැනියක් සිය මෙහෙයුම් වියදම් පරිපාලන වියදම් සියල්ලම පාරිබෝගිකයින්ගෙන් කෙලින්ම අයකරගන්නට යෑම වූ කලී පාරබෝගිකයාට එපා වෙන සිද්ධියකි. එවන් අවස්ථාවල ආයතන නව තාලේ ව්‍යාපාරික යෙදවුම් හරහා පාරබෝගිකයින්ගෙන් වෙනත් ආකාරවලට මුදල් අයකරගන්නට ක්‍රියා කල යුතු වෙයි.

ටෙලිකොම් ආයතනයෙන් ලබා දෙන ස්ථාවර දුරකථනය ටෙලිකොම් සබඳතාවයක් ලබාගන්නට බොහෝ වැදගත්ය. ටෙලිකොම් ආයතනය පැත්තෙන් එම අංකය පදනම් කරගෙන සිය පද්ධති කළමනාකරනය කරගෙන යන බව මා අසා ඇත. නමුත් ටෙලිපෝනය පාවිච්චි නොකරන පාරිබෝගික මහත්වරුන්ට මෙය අමතර කරදරයකි. භාවිත නොකරන දුරකථනයක් තබාගැන්ම සැබැවින්ම පාරිබෝගික මහතුන්ට හිරිහැරයකි. එයින් ටෙලිකොම් ආයතනයේ වැරදි රිපොට් කිරීම හැර වෙනත් කිසිවක්නොවන බව මා මිතුරන් කිහිප දෙනෙක්ද මා සමග පැවසීය. නවීන තාක්ෂණානුකූලව සලකා බලා ටෙලිකොම් සබඳතාවය සමඟ අංකයක් පමණක් ලබාදී මේ ටෙලිපෝන් කොටස ඉවත් කිරීම වඩා උචිතය. මේ ආකාරයෙන් මානව පරිණාමනයේදීද මුල් කාලයේ මිනිසුන්ට තිබූ නමුත් පසුකාලීනව අවශ්‍යතාවයක් නොවූ බැවින් හීණ වු කොටස් ඇත. ඒ එකකි වල්ගය. මනුෂ්‍යයා සිටගෙන ඇවිදින විට වල්ගය හැලී ගියා සේම ටෙලිකොම් දත්ත සබඳතාවයක් නිවස ට ගන්නා විට ටෙලිපෝනයක් ද දිමේ පරණ සිරිත දැන් හැලී යෑමට නිසි කල් එළඹ තිබේ.

ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික භාවිතය.

අප කතාකරන්නේ අද නවීන ලෝකය ගැන වුවත් ටෙලිකොම් ආයතනයේ තුල විශාල තාක්ෂණික භාවිතයක් සිදු නොවන බව මට සිතේ. මා දන්නා ස්වාමින් වහන්සේ නමකට වෙනත් කටයුත්තකට විශාල දත්ත ප්‍රමාණයක් හැසිරවීමට අවශ්‍ය විය. වීඩියෝ අප්ලොඩ් කිරීම ආදි රූපවාහිනි සම්බන්ධ රාජකාරියකි හාමුදුරුවන්ට කරගන්නට තිබුනේ. ඉදින් ඒ සඳහා ෆයිබර් කේබලයක් ස්ථාපනය කරගන්නට අවැසි විය. මෙය ටෙලිකොම් ආයතනයෙන් ඇසූ විට ඒ සඳහා ටෙලිකොම් ආයතනයට ඇති හැකියාව සහ වැයවන මුදල ගනනය කරගන්නට මාසයක කාලයක් ගත විය.

මා අභ්‍යන්තර යාලුවෙකුගෙන් දැනගත් පරිදි එවැනි වැදගත් අවස්ථාවල ඉලෙක්ට්‍රොනික සිතියමක් හෙවත් ගූගල් මැප් වැනි පහසුකමක් ටෙලිකොම් ආයතනය සතුව නැත. එවැන්නක් තිබුනා නම් අදාල ස්ථානයට සම්බන්ධතාවය ලබාගත හැකිද? ඒ කෙතෙක් කාලයක් තුලදැයි යන කරුණ ඉතා අඩු කාලයකින් සනාථ කරගන්නට තිබුනි. නමුත් වෙනත් බොහෝ ජංගම දුරකථන සමාගම් වල ඔවුන්ගේ කුළුනු හා ඒ ආශ්‍රිත කරුනු බොහොමයක් ඉලෙක්ට්‍රොනික සිතියම් වලට දමා තිබේ. කේබල් මගින්ම දිවෙන ටෙලිකොම් ආයතනයද එසේ තමුන්ගේ ජාලයේ ඉලෙක්ට්‍රොනික සිතියම් තබාගන්නේ නම් මනාය.

දැන් සමහර විට පොඩි කෑම කඩ පවා අන්තර්ජාලයේ ගූඝල් මැප් වල ඇත. නමුත් ටෙලිකොම් ආයතනයේ ශෘඛා පිහිටා ඇති තැන් තවමත් ගූගල් මැප් එකට එකතු වී නැත. පාරිබෝගිකයාට තමුන්ට අවශ්‍ය සම්බන්ධතාවයන් ගැන දැනගත හැකි නව ජාල උපකරණ මිලදී ගත හැකි ආසන්නම ස්ථානය බලාගන්නට විදියක් නැත. එසේ ටෙලිකොම් ශාඛා සහ ටෙලිසොප් මධ්‍යස්ථාන ගූග්ල මැප් තුලට ඇතුලත් කල හැකිනම් එය මනාය.

පාරිබෝගිකයා සම්බන්ද වන තැනදී තාක්ෂනික දැනුම.

අද පාරිබෝගියාට අන්ර්ජාලය යනු මැජික් එකක්නොවේ. ටෙලිකොම් ආයතනයෙන් නිවෙස් වලට සහ ආයතන වලට යන සේවකයින්ගේ තාක්ෂණීක දැනුම ප්‍රමාණවත් නොවන බවත් අන්තර්ජාලය ගැන ඔවුන් එතරම් අවබෝධයක් නැති බවත් මා කිහිප තැනකදීම අසා ඇත. එසේම නව සබඳතා ආදිය සඳහා නිවෙස් වලට යන අය ටෙලිකොම් ආයතනයේ නොව වෙනත් කුඩා සමාගම ්වල අය වේ. එවැන්නන් කිහිප දෙනෙකු මා කෑම කන කඩයේ දිනක් කකා සිටියෝය. ඔවුන් කේබලයක් පහත් වීමේ සංසිද්ධියක් සම්බන්දෙයෙන් කතා කලෝය. ඔවුන් ඒ අවස්ථාවේ කේබලය පහත්වීමෙන් අගතියට පත් වයෝවෘදයෙක් බැනීමෙන් පසු ප්‍රති උත්තර වශයෙන් නැවත ඔවුන් ඒ වයෝවෘද්ධ මනුෂ්‍යයාටද බැනගන ගිය බව මහත් උජාරුවෙන් කීවෝය.

එවන් අවස්ථාවල වෙනත් කුඩා කන්ඩායම් වෙනත් සමාගම් වලින් ටෙලිකොම් වැඩවලට අනුයුක්ත කරන්නේ කුමක් හෝ හේතුවක් මත වුවත් ඔවුන්ද පාරිබෝගිකයින්ට මනාව සැලකිය යුතු බව කියා දිය යුතු වෙයි. එවැනි පාරිබෝගික කළකිරීම් නිතරම ඇතැයි පැමිණිලි එල්ල වෙන ආයතනයකි ටෙලිකොම්. මනුපොත, ටුවිටර ආදි තැන්වල සමහරු නිර්ධය ලෙස ටෙලිකොම් ආයතනයට බැන ඇත. ඒවාට පිළියම් නොයෙදුවොත් විශාල මුදලක් දැන්වීම් සඳහා වියදම් කලත් ටෙලිකොම් යන නම සවුත්තු වීම නිසා අලෙවිය පහල යා හැකිබව මට සිතේ.


 එක අලුත් කොම්පැනියක් ගිගාබයිට් තුන්සීයක් තුන්දාහට දෙන්න ඉන්නවලු.. එතකොට මුං ඉවරයි.. 


පුද්ගලික ආයතන කරලියට පැමිණීමත් සමග තමුන්ගේ දේවාල උත්සවයට දෙවියන් වැඩියා වැනිව ගිගාබයිට් සිය ගනන් ඉතා අඩුමිලට ලැබේ යැයි පාරිබෝගික මහත්වරුන් සිතා සිටිති. නමුත් එය මුලාවකි. ටෙලිකොම් පාර්ශවයේ යටිතල පහසුකම් නිසිලෙස සපුරා ගැනීමට විශාල මුදලක් ආයතන වලට වැයවෙයි. එසේ නැතිව අහසින් හෙලිකොප්ටරෙන් ටොපි බෙදන්නාක් මෙන් ගිගාබයිට් සිය ගනන් එකවර ආයතන වලට ලබාදිය නොහැක.

ලංකාවේ අත්දැකීම් අනුව සම්පූර්ණ පුද්ගලීකරනය වූ නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මක බව සහ මිල යන සාධකයේ ලොකු වෙනසක් නැත. උදාහරණ ලෙස හයිලන්ඩ් කිරිපිටි සහ වෙනත් කිරිපිටි වර්ග වල මිලෙහි ලොකු වෙනසක් නැත. එසේම මොබිටෙල් හා වෙනත් සේවාවන්හි සැලකිය යුතු ගුණාත්මක වෙනසක්ද නැත. සතොස සහ ෆුඩ් සිටි සැලකුවද පෙනුම හැර ලොකු තත්ව පාලනයක් ෆුඩ් සිටි වලද ඇති බවක් නොපෙනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා  ධීවර ඇමති කල ආරම්භ කල සී ෆිෂ් නැමැති මාලු අලෙවි හල් කලක් ඉතා හොඳ තත්වයේ පැවතුනි. අලුත් මාලු අඩු මිලට ඒවායින් මිලදී ගත හැකි වූයේය. පුද්ගලික අංශය පවා මවිත කරන තත්වයක් සමහර සී ෆිෂ් ශාඛා වල විය.

 රාජ්‍ය දේහයේ යන්තම් ඇලී ඇති සමාගම් සම්පූර්ණයෙන් පුද්ගලී කරණය කල පසු එවැන් ආයතන විශාල ලෙස මහජනයාට සෙත සලසන්නේය යනු අප රට තුලදී මිත්‍යාවකි. එසේ සම්පූර්ණ පුද්ගලී කරණය තුලින් හොඳින් වැඩුනු ආයතන හෝ හොඳින් සේවාවන් සහ නිෂ්පාදන සිදුකරන එකදු ආයතනයක් හෝ මට නම් මතක් වෙන්නේ නැත. 


ආන්ඩුව නිකං බලං සිටීම. 
 
පාරවල් හදන්නට ආන්ඩුව බොහෝ මුදල් වියදම් කරයි. ලෝකයෙන් බොහෝ කොටසක් බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති විසිවන සියවසේ මුල් භාගයේ යටත් විජිත රටවල් වල ඇති භෞතික සම්පත් වලට වටිනාකමක් ගන්නට විදියක් බ්‍රිතාන්‍ය යෝ කල්පනා කලෝය. ඒ අනුව ඒ බ්‍රිතාන්‍ය ආන්ඩු විසින් රටවල් අභ්‍යන්තරටය පහසුවෙන් ළඟා විය හැකිවෙන ලෙස දුම්රිය මාර්ග ඉදිකලෝය. පසුකලෙක ඔවුන් විදුලි සංදේශ ක්‍රමද හඳුන්වා දුන්නේය. එමගින් එක් එක් නගර ඇති භෞතික දුර අවම කරගන්නට හැකි විය. ඒ තුල යටත් විජිත රටවල ඇති සම්පත් කොල්ලකාගන්නට නිසි ලෙස හැකි වූ බව වාමාංශිකයෝ එදා කීහ. 

නමුත් අදද සංවර්ධනය යනු විශාල මාර්ග,විශාල ගොඩනැගිලි, වරාය වැනි දේවල් යැයි ලංකාවේ මිනිස්සු සිතති. පාලකයින් විසින් ඒ හා සමානවම විදුලි සංදේශ ක්ෂේත්‍රය ගැනද අවධානය යොමු කල යුතුයැ. අද වන විට කර්මාන්ත ශාලා මෙන්ම සංචාරක කර්මාන්තයේදීද අන්තර්ජාල සහ ජාල භාවිතයන් වැඩි වී ඇත. සංවර්ධනයේ සැබෑ උවමනාවක් ඇතිනම් ලංකාව තුල අන්තර්ජාලය ජනතාවට සමීප කරවීමේ වගකීමේ විසල්කොටසක් රජයට සහ පාලකයින්ට ඇත. දකුණු කොරියාව නැමැති රට සිය රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රය දියුනු විය යුතු ආකාරය ගැන වසර කිහිපයකට පෙර පටන් සියලු සැලසුම් සකස් කර ඒවා නිසි අයුරින් ක්‍රියාවේ යෙදව්වෝය. එහි රජය මගින් නිසිලෙස අධීක්ෂණය පරිපාලනය සහ අනුග්‍රහය ලැබුන නිසා අද වන විට ලෝකයේ අන්තර්ජාල වේගය වැඩිම රට ලෙස දකුණු කොරියාව පත්ව තිබේ. 
 
කුමන අඩුපාඩුකම් ටෙලිකොම් හි තිබුනද අසුවල් පුද්ගලික සමාගම අපිට මෙච්චර අඩුවට දේවි යැයි සිතා සිටීම යනු විහිලුවකි.  එසේ බොහෝ කල් සිට සමහර ඇත්තෝ සිතාගෙනද සිටිති. නමුත් එසේ ලාබෙට දීපු කෙනෙක් නැත. රජය සතු කොටස් සහිත ආයතනයක අයිතිය ලංකාවේ හුදු මහජනයාටද අයිති වේ. පාරිබෝගිකයින් එක්රැස්ව සිය අවශ්‍යතා ආයතන වලට කෙලින්ම පවසන්නේ නම් රජයේ කොටස් ඇති සමාගම් ලෙස ඔවුන් ඒවා සලකා බලනු ඇති යැයි මට සිතේ. වාසුදේව මහතා පසුගිය දිනෙක පුවත්පතකට පවසා තිබුනේ ආන්ඩු, නිළධාරින් සහ අධිකරන පද්ධති කෙසේ ක්‍රියා කලද ඒ සියලු අකටයුතු දේ මහා ජන සමූහයකගේ එකතු වීම් හරහා කරන බලපෑම් වලින් මර්ධනය කල හැකි බවකි. 

එසේ නොමැතිව ඔන්ලයින් පෙත්සම් වල ටික් එක දැම්මාට නම් ලංකාවේ ආයතන වල කිසිවක් වෙනස් නොවන බව මා හට නම් සක්සුදක් සේ පැහැදිලිය.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...