කදිරා
පුංචි මැනිකේට මනාපය. පුංචි මැණිකේද කදිරාට මනාප යැය් ගම්මු සිතති. කදිරා
හා පුංචි මැනිකේ මූනට මුලිච්චි වූයේ කිහිප වරකි. ආරච්චි මහත්තයා කදිරාට
වලව්ව දිහා පස් නොපෑගුවාට කමක් නැතැයිද වලව්වට එවිය යුතු මස් කදක් වෙයි නම්
එය කදිරා නොපැමිණ වෙන එකකු අතේ එවන්නැයිද පයින්ඩ යවා තිබුනි.
කදිරා මස් වැද්දෙකි. එසේම කදිරාගේ ඇඟේද මස් ගොඩකි. ගෑනු කදිරාට මනාපය. කදිරාද ගෑනුන්ට නොමනාප ගතියක් පෙන්නුම් කළද තනිපංගලමේ කැලයට දර කඩන්ට ගිය නාඹර කෙල්ලක හෝ තනිපංගලමේ සිටින බව ටක්කෙටම දන්නේ නම් මැදි විය කාන්තාවක් වුවද කදිරාගේ දෑතට සුවය ගෙනාවේය. ගෑනු හෝ කෙල්ලො නාන තොටේදීද ගමේ කඩමන්ඩියට ගොස් එනවිටද මස් වැද්ද ගාවින් යන්න බැහැ.ඌ ගාව තියෙන හඩු ගදක හැටි.. ඕකා පෝයකටවත් පංසලක ගෙහුං නැතුව ඇති යැයි බනිති. නමුත් අහම්බෙන් කැලයේදී කදිරා හමුවුවොත් කෑ කොස්සන් නොගසා කදිරා කැමැත්තක් කරගන්නට ඉඩ දෙති.
සමහර ගෑනු කදිරා එතියි යන ඉසව් වල දර කැඩුවෝය. නමුත් කදිරා එහෙමට ගෑනු එලවන්නේ නැත. මේ වැයික්කියේ හැර එහා ගං තුලානක වුවද කදිරාට ගෑනු ඇඟෑලුම් කම් බොහෝ විය. පුංචි මැණිකාට බැල්ම දමාගෙන හිටියාට පුංචි මැනිකා පංසල් යෑමේ සිට නාන්ට වෙලේ ළිඳට යන ගමන දක්වා වලව්වේ ඇල්බ බැල්ම ඇතුව සිද ුවුන බැවින් පුංචි මැණිකාට ඇඟෑලුම් පාන්නට ඉඩක් කදිරාට නොවීය.
කඩන්න නොහැකි ගිරි කුලක ඇති මීය වඩා රසයැයි ඈතින් දුටුවනම සිතේ. ඒ අනුව කදිරාටද පුංචි මැණිකා ගැන සිත පහල විය. නමුත් මස් වැද්දා වැන්ව කැලේ කරක් ගසන නිතර ගස් ගඳ ගසන කදිරාට පුංචි මැණිකාගේ මනාපයක් තිබුනේ නැත. නමුත් පුංචි මැණිකාද යටි හිතින් කදිරාට මනාප යැයි ආරච්චිලාද වලව්වේ මැණිකේද වැඩකාර ගෑනි දයාද සිතුවේය. දයාගේ හිත වේගයෙන් යන මනාකොට නෙලා ලූ පිලිමයක් වැනිව මස් පිඩු වලින් යුත් කදිරාගේ මාංසය හා පොරබැදීමට පුංචි මැනිකාද යටිසිතින් මනාප වේ යැයි දයා සිතුවාය.
කදිරා දිනක් පුංචි මැණිකා හා දයා නාන්ට යන අවස්ථාවක පුංචි මැණිකා හා කතා කරන්නට උත්සාහ ගත් මුත් එය ව්‍යර්ථ වී ගියේය. තුවක්කු බටයක් කරතියාගෙන කැලේ පුරා කරක් ගහන කදිරා කුලප්පු වුවොත් වෙන වින්නැහියේ බරපතල කම ආරච්චි මහතාට කල්පනා විය. ආරච්චි මහතා වහා වැඩපිළිවෙලක් සකස් කලේය. කදිරාට ආරච්චි වලව්වට නොඑන්න කියන්නැයි කදිරාගේ අම්මා ගෙන්වා පයින්ඩයක් යැව්වේය.
එය ඇසු කදිරා.
ඔය ආරච්චි තැනගේ පැටිකිරිය මේ ගමේ හැම එකාම දන්නවා. අර පැද්දෙන පිහාට්ට වගෙ වැනි වැනි යන දෝනියැන්ද අරං පනීය කියල තමයි ඔය ආරච්චියගේ තහංචිය තියෙන්නෙ. අනේ මට එච්චර කුලප්පු නැහැ. මං යන්නැහැ ඕකගේ වලව්ව හරියෙ ආයිත්. මේ ගමේ එකාලට වගේ බෙටටක් ගියත් ආරච්චි ඉස්සරහ වැඳ වැටිල රපෝර්තු කොරන්න ඕන නැහැ මට. ඕකට මස් යවන්න ඕනත් නැහැ. ඔහෙත් ඔය මහ වලව්වට නොගිහිං ඉන්නවනං හොදයි. ඕකුංගේ වලව් බත් වලට වැඩිය අපිට මේ මස් ටික ගමේ උන්ට දීල හාල් තුනපහ ටිකක් ඉල්ලගන්න ඇහැකි.
වලව්වෙ එකාගෙත් දෝනියැන්ද සරුංගෝලෙ වගෙ කිසි හැඩයකුත් නැහැ. ඒ උනාට පරිස්සම නිකං එංගලන්ත රාජිනිය වාගේ..
යැයි වහසි බස් කියමින් අම්මාට කෑ කොස්සන් ගහන්ට විය.
ඉතිං උඹ යන්න නැතුව ඉඳිං ඉවරයි නේ.. තොටත් ඉතිං ඔච්චර කියවන්නෙ තොගේ වනචර හිතෙත් ඕ පුංචි මැනික ගැන අදහසක් තියෙනව වගේ. ඔන්න ඔය මලක් වගේ හැදිච්ච පුංචි මැනිකට ඉන්න දීපං..වලව්වෙ මහ උන් එක්ක පැටලෙනවට වඩා අපිට අපේ පාඩුවෙ ඉන්න එක හොදයි නේ බං. ඔච්චර ඉතිං පිහාට්ට වගේ නං නාන්න යන තොටෙයි. අතනයි මෙතනයි පුංචි මැනික එන තැන්වල දත් විලිස්සං නෙරවං ඉන්න ඕන නැහැ නේ... මොකෝ උඹ කැලේ අයිනෙ ඉන්නවය කියලා තනිපංගලමේ කැලේ දරට යන ගෑනු අඩුවෙලා තියනවයි..? නැහැ නෙව...?
කදිරාගේ අම්මා දෙස් තැබුවාය.
එයින් මනතට කදිරා පුංචි මැණිකා මග ඇරියේය. පුංචි මැණිකාද කදිරාට මනාප යැයි මුහුනේ රැල්ලකින් වුවද නොපෙන්වූයේය. කදිරාට ආරංචි වූ අයුරට කදිරාට පුංචි මැණිකා බයය. වසර ගනනක් ගත වී ගියේය.
වලව්වේ ගෑනු වැඩට හිටියේ පිනාය. පිනා වලං කද ගේම පමණක් නොව කඩේ යෑම පංසල් යෑම, වෙද ගෙදරට දුව ගොස් වාත තෙල් ගෙන ඒම, නැකැත් බලන්නට වලව්වෙ ආරච්චි මහත්තයාගේ තනියට යෑම වැනි පක්කිලි වැඩ ගොඩාරියක් කලේය. පිනා බර වැඩට වැඩිය අසමත් නමුත් වලව්වේ මැනිකේ හෝ දයා කිව් විට දර පැලීම වැනි වැඩද කලේය. ගෑනු කටකිං කිව්වොත් මූ ඉතිං අමු ගොම රිටි උනත් වලව්වට අදීවි. යැයි පිනා ගැන එක එක කතා ගං තුලානේ විය. නමුත් පිනා වලව්වට සිටි භක්තිමත් සේවකයෙකි.
ගෑනු පාර්ශවයේ වැඩ වලටත් ගෑනු දෙන වැඩ වලටත් බොහෝ මනාප වුවත් පිනා ආරච්චි මහතාගේ වැඩ වලද නිරත විය. ඉස්කෝලෙ යාමට ඇහැකි වුනා නම් පිනාට ඇති මොල ගෙඩියෙං තැන් තැන්වල ගෑනුන්ට පක්කිලි වැඩ නොකර ලොකු මහත්තයෙක් ද වීමේ ඇහැක් කම තියෙනවා යැයි ඉඳහිට රහසින් ආරච්චිල මැණිකේට පවසයි. දෙයක් හිතා මතා කිරීමේද පිනා දක්ෂයෙකි.
පිනා වෙද ගෙදර ගිය තැන එක එක බෙහෙත් ජාති හොයන්නටද පිනා යොදා ගනී. පිනා කුඩා කල කලක් පංසලේ සිට වෙදකම හුරු වී ඇති බැවින් බේත් හේත් හොඳින් අඳුනයි. අහලක පහලක හදිසි සර්ප දශ්ඨයක් හෝ වෙනත් රෝගයක් තැනුන කල වෙදනා ගමේ කොල්ලෙක් අතේ පිනාට පයින්ඩයක් එවා ගෙන්වා බේත් පැළ සොයන්නට යවයි. එවන් විටක ලෙඩාට දුකාටත් ඉතිං මේ වලව්වම නැතුව බැරිවුන හැටි කියමින් ආරච්චි මහත්තයා ලෙඩාට බේත් පැල කොල මුල් හොයන්ට යන්නට පිනාට අවස්ථාව සලසා දෙයි.
පිනා රා බොන්නේ අඩුවෙනි. නමුත් පුංචි මැණිකා දීග ගිය දින සිට දින දෙක තුනක් කෙඩෙත්තු ගතියකින් මෙන් සිට එක් දිනක් හදිසියේම පුංචිරාලගේ රා මුට්ටිය බලන්නට හැන්ද කොරේ පිනා ගොඩ වැදුනේය. මෙතන මේ වෙලාවට කදිරා දැන් දින දෙක තුනක සිට ඇත. කදිරාද පුංචි මැණිකා පිට ගමකට දීග ගියාට හිතේ අමාරුවෙන් දෝ රා මුට්ටි කිහිපයක්ම හිස් කරන්නේ විටෙක මයියොක්කා කෑල්ලක් පවා නැතුවය.
මොකෝ බං කදිරා තරඟෙට වගේ රා බොන්නෙ?
තොට ඉස්සරහට මොකෙක් හරි අබියෝගෙයක් වත් කොරයි?
පුංචිරාල අසයි.
නැහැ පුංචිරාල අයිය. ඈතින් හැමදම දකින වස්ස ඈතින් හරි දැකීම සනීපයි. ඌ වෙන එකෙක් ඩැහැගෙන ගියාං පස්සෙ. අනේ මන්ද බං. ඔය සාහිත්‍ය බණ කතා මං දන් නැහැ බං.
පුංචිමැණික මට කැමති නැහැ. ඒත් ඒකි ඒ ගිය මිනිහටත් කැමති නැහැ වගේ මට හිතෙන්නෙ. අපෙ අම්මන්ඩිත් ඒ දවස්වල දැනමුතු කම් දුන්න පුංචි මැණික වගේ මලක් තෝ වගේ යෝද දන්ඩෙක්ට ගැලපෙන්න නැහැ කියල. ඒත් මට වෙලාවක හිතෙනවා පුංචි මැනික කුදලගෙන හරි ගියානං ඉවරයි කියලා.
කදිරා පිළිතුරු දෙයි.
ආ.. මේ පුංචි මැණික දීග ගිය එකට තියෙන හිතේ අමාරුව නේ.. ඇයි බං උඹම මෙතන රා බොනකොට දවසක් කිව්වෙ පිහාට්ට වගේ ගැස්සි ගැස්සි යන කිසි බර ගතියක් නැති පුංචි මැනික ගැන තොට කිසි ආලෙයක් ඇති වෙන් නැහැ කියලා.
ඒත් මට හිතුන වැඩිය දෝස කියනකොටත් හිතේ කොහෙ හරි පුංචි මැණික ඉන්න ඇති කියල.
මක් කොරන්නද බං. රජාට අයිති කොස් ගහේ කොස්, පොලොස්, වැල, වරක ඔක්කොම මහ රජාට. ඔන්න අපිට පැණි වරක ගහක් ලැබුනොත් තමයි පොලොස් කාලෙ ඉඳලා වලව්වට පංගු අරින්න වෙන්නෙ. ඕව හිතල හිත තලාගන් ඕන නැහැ බං. උඹත් දැන් ඔය එක එක ගෑනි එක්ක තැන් තැන්වල කතා හදාගන්න එක නවත්තල එකලාසයක් වෙන්න බලහං. දැන් අර උන්දැටත් වයස නෙව.
පුංචිරාල කදිරාට දැනමුතු කම් දුනි. කදිරා පුංචිරාල සමග ඇමිනෙන්ට නොගියේය. වෙලාවේ හැටියට කෙනෙකු සමග ආරෝවක් දමාගත්තොත් හිතේ අමාරුව අඩුවෙන නමුත් කදිරා ආරෝ කල පසු එකෙක් දෙන්නෙක් අතක් පයක් කඩාගෙන මාස ගනන් දුක් විඳින අයුරු දුටු කදිරා කලක පටන් සත්තු සමග කෙළි කලාට මිනිහෙකු සමග සැලකිය යුතු හේතුවකට මිස ආරෝවට යන්නේ නැත.
පිනා එක් පසකින්ද කදිරා එක් පසකින්ද සිට රා බොයි. පිනාද මූන නරක් කොරගෙන දවස් දෙක තුනක් සිටිනු දුටු පුංචිරාල පිනාද පුංචි මැණිකා ගිය එකට අමනාපෙන් බොනවා යැයි සිතාගත්තේය. එහෙත් මිනිස්සු හිනස්ස හිනස්ස ගම වටේ කුන්දු ගගහා දුවන පිනාට මේ වැන් විටක විහිලු කිරීම නොමනා යැයි පුංචිරාලට සිතුනි. කොයි තරම් ගෑනුන්ට කත් අදින වලව්වට පක්කිලි කම් කොරන එකා වුව ඌටද තැලෙන්ට හිතක් ඇති යැයි පුංචිරාලයා වටහා ගන්නට ඇත.
පිනා මොකෝ බං.. මේ හදිස්සියෙන් මේ පැත්තෙ? පුංචි මැණිකගෙන් ගියායිං පස්සෙ ආරංචියක් නැතෙයි.? කදිරා ඇසීය..
අනේ මන්ද කදිරයියේ. වලව්වත්තෙ රෑට තියෙන පාන කුණාට හුලං හමල නිවුනම තියෙන මූසල ගතියක් වගේ එකක් වලව්වෙම තියෙනව. පුංචි මැණික හිටපු කාමරෙ පැත්ත යන්නවත් හිතෙන් නැහැ. මැණිකෙල දයාලත් දුකෙන් ඉන්නෙ. පුංචි මැණික ඉන්නකොට කොයිවෙලෙත් ආරච්චිල. මැණිකෙ දයා එක්ක කිංකිනි සද්දෙන් රන්ඩුවට මයි. ආරච්චි මහත්තතය ගුංතුලාන එකෙක්ට දඩුවමක් දුන්නත් පුංචි මැනිකෙට ඔක්කොම විස්තර කියන්න ඕනි. ඒ කියලත් පුංචි මැණිකෙට ඒක හරිගියෙ නැත්තං පුංචි මැණිකෙ පොල්ලෙන් ගැහුව වගේ ඒක ආරච්චි මහත්තයට කියනවා.
කදිර අයිය ඕකි පිහාට්ට වගේ කිව්වට. පුංචි මැණිකට හරි දැනුම් තේරුං තියෙනවා.
අනේ මන්දා පිනා. උඹ කියන දැනුං තේරුං නං. පුංචි මැණික මොක කරන්න ගියත් පිනා තනියට තියා ගන්නවයි කියලා ගමේ එකාල කතා වුනේ.
මේකනේ කදිරයියේ. ඔය කසිලි බිසිලි මැහුං ගෙතුං වලට දයා වැඩිය මනාප නැහැ. මැහුං ගෙතුං වගේ වැඩ ජාති පොත් වල කතා කියෝන ඒව ට හෙම මම තමයි හරියන්නෙ. මං ඉතිං පංසලෙ කලක් හිටපු නිසා අකුරු ත් දන්නවා. ඉංගිරිසි අකුරුත් පුංචි මැණික මට කියල දුන්න. ඉතිං අපි දෙන්න ඒව කියෝනව. ඒව ගැන කතා කොරනවා. වෙලාවකට පුංචි මැණිකට තරහත් එනවා. ඒ්ත වලව්වෙ මහත්තයා වගෙ..
අනේ පිනා දන්න ලබ්බ.. තොගේ වැඩක් කොරං හිටු.. කියලා කියන්නෙනැහැ. පුංචි නෝන. ටික වෙලාවක් බුම්මං ඉඳල.. හිටපු ගමන් පොඩ්ඩක් මං ඉන්න පැත්තට විරිත්තල ආයිමත් යාලු වෙනව.
අනේ පිනා මල්ලි තෝ නං ඔච්චර පිං කඳ ඇත් දලේ වගේ සුදුපාට පුංචි නෝන එක්ක ඉන්ද්‍රිය සංවරේ කොරගෙන හිටිය. මං උන්න නං දවස් දෙකයි මාස දෙකයි පුංචි නෝන බඩවෙලා. කදිරා ඇති පදමට වෙරි වෙමින ්සිටි නිසා ඇත්ත පනින්නට විය.
හැබෑට පිනා තොට එහෙම හීනෙන් වත් හිතුන් නැද්ද? කදිරා ඇසීය..
කදිරයිය තරං ඉතිං මං වීරය නෙවෙයි නේ. ඔන්න දවසක් නං පුංචි නෝනගේ කකුලෙ කටුවක් අරං දාන්න ගිහිං ටිකක් පොඩි අව කැපෙන වැඩක් වුනා. ඒත් ඉතිං වලව්වෙ ඇතුලෙ රහස් මේ වගේ තැන් තැන්වල බිබී කියවන්න හොද නැහැ නෙව. පිනා කෙකර බාන්නට විය.
කියපාං.. පිනා කියාපං.... තෝ දන්නව නෙව මං කවුද කියලා. ඔය තැන් තැන්වල කියව කියව යන එකෙක්ය මං? කදිරා පිනාට සත්තමක් දමා රහ කෑල්ල අහගන්නට වැර වෑයං කරයි.
දැන් ඔන්න කටුව ගන්න කකුල ආය කට්ටෙන් පොඩ්ඩ පොඩ්ඩ විදින කොට පුංචි නෝන හයියෙන් හුම්ම ගන්නව. හුම්ම ගන්නෙකොට හුම්ම හුලං පාර මගේ මූනෙත් වදිනව.
පිනා මට රිදෙනව පිනා. මොකද කරන්නෙ. මොකෝ මේ වෙවුලන්නෙ?
මට කටුව තියෙන්නෙ පිනා මොකැ මේ? වෙවුලන්නෙ. අපෙ පුංචි මැණික ඇහුව.
මං එයින් පස්සෙ දොග් ගාල පුංචි මැණික ඇඳට තල්ලු කොරල ඇඟ උඩ නැගල පුංචි මැණිකගේ රෝස පාට කටට තොත්තුවක් දුන්න.
හෙහ් හෙහ් හෙහ් හෙහ්.. තෝත් පරයා ... දෙකට ගනින් බැරි වගේ හිටියට පුංචි මැණික පෙල්ල ගත්ත නේ.. විනාඩියට හරි.. කදිරා හිනාවෙන්නට විය.
අනේ නැහැ කදිරයියෙ. ඒ වෙලාවෙම පුංචි මැණික කට අනිප් පැත්ත හරෝල ඉක්මන්ට නැගිටල. පිනා....ආාාා....
පලයං යන්න මගෙ කාමරෙන් එලියට.. .. තෝ හිතුවද මං තොගෙ ගෑනි කියල. කටුව ගන්න කිව්වම එනවා කොමල කරන්න.. පලයං යන්න දැම්ම එලියට. නැත්තං තොට ගහනව කොස්සෙන්..
පුංචි මැණිකාද වෙවුලමින් උත්තර දුන්නෙ. මං ඉතිං අකුලං කුස්සියට ගියා..
ගෙදර සිටි දයාද එලෝලුවක් හොයන්න දං කොරටුවට ගිහිල්ල. මැණීකෙයි ආරච්චිලයිත් වලව්වේ නැහැ.. එවෙලේ ගමනක් ගොහිල්ල.
පස්සෙ දවසකට විතර පස්සෙ පුංචි මැණික කතා කොරා. පිනා තරහ වෙන්න එපා පිනා. මගේ අතින් නරක වචන කියවෙන් ඇති. අනේ මන්දා පිනා. උඹට මගේ මිනිහ වෙන්න කොහොමටවත් බැහැ. ලෝකෙ තියෙන විදියක් තියෙනවා.
ඒත් උඹ නැතුව මට මේ වලව්වෙ ඉන්නත් බැහැ. නිදහසේ වචනයක් කතාකොරන්න ඉන්නෙත් උඹ විතරයි. උඹ තරහනං කමක් නෑ පිනා. ඒත් මං උඹ එක්ක තරහ නැහැ..
පුංචි නෝන කිව්ව..
මං හිමිට ඔලුව උස්සල.. මං තරහ නැහැ පුංචි නෝන. කියල කිව්ව.
එයින් පස්සෙ මං කටු ගන්න ගියෙ නැහැ. ටිකක් ඈතින් උන්න. ඒත් සමාර වෙලාවට පුංචි නෝනගේ පුසුඹ ගොඩක් ළඟින් මට දැනුන. එයැයි කැමැත්තෙන් හිටියදත් මන්දා. ඒත් කදිරයියෙ. අපි වගේ කුලෙන් අඩු පාතයො.. හැමදාම වලව් බත් කන උන්. හීනෙන් වත් ඕව හිතන එක වැරදි.
උඹ හරි මැට්ටෙක් පිනා.. උඹ දැන් වෙද සාස්තරේ දන්නවා. පංසලෙන් අකුරුත් ඉගෙනං තියෙනව. තොට ඔය පුංචි නෝන කෝම හරි කුදලං යන්න තිබුන. අම්මප මට එක බැල්මක් වත් ඕකි දැම්මෙ නැහැ නෙව. දැම්ම නං මං පුංචි නෝන එක පාරක් හරි කැලේ පන්නගෙන යනව.
කදිරා කිව්වේය.
ඔහෙට මේම කිව්වට තරහ වෙන් එප කදිරයියෙ.. කදිර අයියට පිට ගෑනු මනාප වුනාට පිනාට තියෙන කැමැත්තෙන් චුට්ටක් වත් කදිරට නැතිය කියලා දවසක් පුංචි නෝන කිව්ව. අපේ වලව්වෙ දයා නං කදිරයියට පන ඇරල. කදිරයිය ගැන කොච්චර විස්තර දයා කියනවද.. ගම්මු කියන සත්තු එක්ක පොර අල්ලපුව දැක්ක වගේ කියෝනව.. .. පුංචි නෝන දවසක් තරහ ගිහිං කිව්ව. දයා තොට ඕනි නං දරකඩන්න කැලේ පැත්තෙ ගිහිං වැදි පැටියෙක් බඩට දාං වර කදිරට කියල.
ඒත් මට මගුල් එපා ඔ්‍ය මස් වැද්දත් එක්ක. ඉතිං එයින ්පස්සෙ දයාඅඩ අඬ කුස්සියට ගියා. තෝ සෙල්ලං කොරන්න ගියාට මොකද ඕකි මහන ඉදිකට්ට වගෙ.. කෙට්ටුවට හිටියට හරිම කුඩුකේඩු පෙනුම තියෙන්නෙ. එදා හැන්දෑවෙ බත් ඩිංගක් කොටාබාන්න කුස්සියට රිංගුවම දයා පුංචි නෝන ගැන එහෙම කිව්ව. මං කේලං කියන්න ගියෙ නැහැ. කදිරයියට ඔන්න දයා නං එක පයිං පණ ඇරල.. පිනා කදිරාට කීවේය..
දයා මොකද හන්දියෙ කඩේ පිටි මුට්ටෙ මොකද. පිටි මුට්ටෙ වරුවක් බදං ඉන්නව හොදා බං දයා අල්ලනවට වඩා..
හොහ් හොහ් හොහ්... පිනාට හිනා ගියේය.
කොච්චර වුනත් කදිරයියේ. පුංචි නෝන වලව්වෙ නැති වුනායිං පස්සෙ මටත් කසාද අදාසක් ආව. දරු මල්ලො. මේං බාං පිනාගේ කොල්ල කෙල්ල කියලා ගමේ උන් කතාකොරන එකෙක් හරි හදන්න ඕන කියන අදහසක් ආව. පුංචි නෝනත් කිව්වෙ. උඹත් බැඳගං පිනා. උඹ ලබන ගෑනි හරි වාසනාව.
උඹ ගෑනුන්ගේ හිත සන්තෝස කරන්න දන්නව. කය වගේම හිත සංතෝසෙත් ගෑනුන්ට ඕන. උඹ මං ගැන දුක් වෙලා. මං ගියාම රා බොන්න හෙම යනව නෙවෙයි. මං දන්නව නේ පිනා වීරය ගැන. මෙතන තාත්ත ටිකක් බැන්නමත් ගිහිං පුංචිරාලගෙන් බීල ඇවිත් රෑට හොරාටම කාල බුදියන එකා නෙව.
කියල පුංචි නෝන කියපු කතා මට මැවිල පේනව බං කදිරයියෙ..
උන්දැ ඉන්න තැනක සන්තෝසෙන් ඉන්න ඕන. මේ බිව්ව ඇති බං. කදිරයියෙ උඹ අර දයා ගැන පොඩියක් බලහං.. පිටි මුට්ටෙ වුනත් සංතෝසෙට ආස ඇතිනේ බං.
ආ පිනා.. හෙට අනිද්ද කද මලු අරං ඒවි පුංචි නෝන වලව්ව පැත්තෙ. මං මතක් කොලා කියපං. දැන් බැන්ද නිස ලස්සන වෙලත් ඇති.
කදිරා හා පිනා විටෙක පැද්දෙමින්ද විටෙක වැනෙමින්ද පුංචිරාලගේ රා මුට්ටි කිහිපයෙන් ටික ටික ඈතට යන්නට විය.

ෂික් කදිරට අන්තිමට දයාවද බං සැට් වෙන්නෙ. පුංචි නෝනට කෙලිනකල් මම ආසාවෙන් කියෙව්වෙ. ඒ අතින් පිනා වැඩ්ඩෙක් නොවැ..
ReplyDeleteගැමි රසය උපරිමයි බං !
ජය !!
//පුංචි නෝනට කෙලිනකල් මම ආසාවෙන් කියෙව්වෙ//නෙදකින් මුගෙ ලිංගික අසහනේ.දහම් පාසල් ගිහින් එන ගමන් ඉරිද දවල්ට පොට් එකකට ගොඩ වැදිල ඔය පීඩනේ අඩු කර ගනින්.//ගැමි රසය//හිකිස් ...උඹේ රසදිවත් කබුද කොල්ලෝ?
DeletesAm, oyaage hitha harima wal. Me oyage nangi nam, ethakotath Kadira kelina kam iwasillak nathuwa innawada?Mata hithenne criminals la inne api api atharamay kiyala.
Deleteමේ මේක තව දිගට යන කතාවක්ද බං?
ReplyDeleteසමහර වෙලාවට තරගය දිනන්නේ මානසික හිස්තැන පුරවන පිරිමියා ඒ පරිච්චේදය ගොඩක් වෙලාවට සැඟවුන එකක්.
ReplyDeleteඔන්න ඔහොමලු කදිරා පදිරි උනේ පිනාට....
Deleteෂෙක් පින චුට්ටක් හදිසිවෙලා නේ
ReplyDeleteදැන් මේක ටීවී එකේ යනවා නේද ..මේකේ එක එක වර්ෂන් තියෙනවනේ ඉතින් ... ගොඩක් ආසාවෙන් කියෙව්වා..
ReplyDelete