ජී කතාව. (G)
මම :- හායි.. ඉතිං ඔයා උයන්නෙ නැද්ද අම්ම මද හැමදාම උයන්නෙ..?
ජිලිනි :- ඔව් මම වැඩිය උයන්න දන්නෙ නෑ අප්පා.. එයාට උයන්න පුළුවන්.. එයා රට හිටියනේ අවුරුදු දෙකක් විතර..
මම :- හා එතකොට ඔයාට පුලුවන් නේ මැරි කලාම රෙදි හෝදා දෙන්න හෙම..? මට නම් එපා කරපු වැඩේ රෙදි හෝදන එක.. රෙදි හෝදන වැඩේට විතරක් මැරි කරන එක පාඩුයි.
ජිලිනි :- පිස්සුද ඔයාට. මට බැහැ අනුන්ගේ රෙදි හෝදන්න.. මට ඔය ගෙවල් වල වැඩ බෑ.. අයියට ඔක්කොම වගේ පුලුවන්.. ඔයාට වැඩකාරියෙක් හෙව්වෙ නැද්ද.. වැඩකාරියෙක්ව බැඳ ගත්ත නම් ඔයාට හරි යයි වගේ..
මම :- හයියෝ.. ඔයා මුකුත්ම දන් නැහැ වගේ නේ.. හැබෑට ඇයි දන් නැහැ නේ ඔයාගේ අයිය ඔයා කසාද බඳින්නෙ..?
ජිලිනි :- මේ අයියෙ මං මේ මනුස්සකමට ඔයත් එක්ක චැට් කලේ.. ඒක එයා බලා ගනී.. ඔයාට අමාරුවක් නැහැ නේ ඒ ගැන. සංසාර පුරුද්ද තිබුනට ටිකක් පාලනේ කරගෙන ඉන්න..අනුන්ගේ දේවල් හොයන්න දයාවති කියලා නම දාගත්ත නම් හරි..
මම :- සොරි නංගි දයාවතී ගේ මේල් වර්සන් එක අබිලිං..
ඒ කතාව (A)
මම:- මොකටද අලුත් වතුර බෝතල්..
අමාලි :- බොන්න නේ මැට්ටො තේරෙන් නැද්ද?
මම :- එතකොට වතුර දෙන්නෙ නැද්ද කෑම්ප් එකෙන්..
අමාලි :- වතුර දෙනවා ටිකක් කිවුල්..බොන්න බැහැ ඒවා.මෙහෙට පෑවුම නිසා වතුර බොන්න බැහැ. සමහරු බොනවා.
මම :- ඉතිං ඔයාලට පෝසස් වලට වතුර පිල්ටර් හරි බෝතල් හරි දෙන් නැත්ද? වෙනම?
අමාලි :- හිහ්..හිහි.. මේ ෆෝසස් කියන්නෙ ෆෝසස් හලෝ..තමුසෙල වගේ කන්තෝරු වලට වෙල කාලෙ කන අය නෙමෙ.. අපිට මොකුත් කම්පෙලෙන් බැහැ. තියෙන විදියට ඉන්න ඕනි.. ඔය වතුර ටිකක් හරි හොඳයි.. සමහර තැන්වල වතුර ඔය තරම් වත් හොඳ නෑලු.
මම :- හුම්.. අපිනං වතුර පිල්ටර් දුන්නෙ නැත්තං හරි බොන වතුර දුන්නෙ නැත්තං හරි බොසාට කියනවා.ඒ හරිගියේ නැතොත් ගිහින් පිකට් එකක් කරනවා..මොකද වතුර බොන්න නැතුව මිනිස්සුන්ට ඉන්න බැහැ නේ..ඒක මානව අයිතිවාසිකමක්.
අමාලි :- ආ..දැන් කියනව බලන්න මොන හමුදාවටද මානව හිමිකම් කියල ජාතියක් තියෙන්නෙ කියල.. ඒව සිවිල්.. ඔයාල සිවිල් අපි.. වෙනම ජාතියක්. .. තේරුං ගන්න..
මම :- හා ..හරි හරි..
ඇය බොහෝ දුර පලාතක සෙබලියක් වන අතර මාගේ ටියුෂන් කාලයේ මිතුරියකි. ඉඳහිට ඇය පාරක් අසාගන්නට හෝ කොළඹ තැනක් දැනගන්නට මට කතා කරයි.. ඇය පැවසූ පරිදි තවමත් එල් ටී ටී සාමාජිකයින් සිර කඳවුරු වල ඇත. සෙබලුන්ට සහ නිළධාරින්ට කිවුල් වතුර ලැබේනම් ඔවුන්ට ඒවා නොබී කඩෙන් වතුර බිව හැකිය.නමුත් ඒ පලාතේ මිනිස්සුන්ට බොන්න වතුර අමාරු විය හැකි යැයි මට සිතේ..
බී කතාව.. (B)
බිංදුලතා සහ නගාරිකා කියන්නෙ යාලුවො දෙන්නෙක්. දෙන්නම 1995 වර්ශයේ ඉපදුන අය. ගම් පලාත ඇවිල්ලා අලුතින් එයා පෝට් එක හැදුන පලාත. ඉති මේ දෙන්නව මම අඳුනගන්නෙ සීවි දෙකකින්. රැකියාවක් ලබාදෙන්න කියලා ආපු අයදුම්පත් දෙකකින්. ඒ දෙදෙනාම රැකියාවල් හොයනවා. දෙන්නම ගණිතය ෆේල්. ගෙදර තියෙන තත්වය අනුව හෝ ඔවුන්ගේ පණ්ඩිත කම් අනුව උසස් පෙළ නොකර රැකියා කරන්න ඕනි කියලා එයාල හිතනවා.
ඒ ඇයි කියලා දන්නෙ නැහැ. නමුත් ඔවුන් රැකියා හොයනවා. මට කිව්වෙ මං එක්ක ඉන්න යාලුවෙක්. මං ඉතිං කොහේද කින්ද මන්ද කියල වැඩිය හෙවිල්ලක් නැතුව රැකියා හෙව්වා. දන්න කියන යාලුවෙක්ට කතා කලා.
“මචං මෙහෙමයි. අපේ පැත්තෙ උඹ දන්නව නේ.. සල්ලි තියන මිනිස්සු ඉන්නෙ. කෙල්ලො දෙන්නට ගාමනට් ගියත් ඉතුරු වෙන්නෙ 16ක් වගේ නේ. 16ට ඕනි නම් ගෙවල් වල වැඩට සෙට් කරල දෙන්නම්..ළමයි බලාගන්න උයන්න වගේ පොඩි වැඩ තියෙන්නෙ..මහ බක්කක් නැහැ. අවුලකුත් නැහැ පඩියම ඉතුරුයි.“
යාලුව මෙහෙම කිව්වට පස්සෙ මම අර ගෑල්ලමයි දෙන්නට කතා කලා. කතා කලාම එයාල ෆෝන් ආන්සර් කලේ නැහැ. පස්සෙ මට සීවී එවපු යාලුවට කතා කරලා කිව්වා සීන්ස් එක. පෝන් ආන්ස් කරන්නැතුව කෝමද බං රස්සා හොයන්නෙ කියලා.. ටික වෙලාවකින් මට කෝල් කරං ආව ඒ දෙන්නා. මං දෙන්නට කිව්වා මේ විදියෙ ගෙවල් වල වැඩ තියෙනවාය. ඒවට කස්ටිය හොයනවාය කියලා. ඒ දෙන්නා කැමති වුනේ නැහැ. තාම ඕ ලෙවල් කරලා ඉවර වුන වයස නිසා ඒ ගොල්ලගේ ගෙදර ඉන්න අය කැමති නැතුව ඇති.
පස්සෙ කටුනායක ෆැක්ටරියක යාලුවෙක්ට කතා කලා. නවදාස් පන්සීයට ට්‍රේනි විදියට ගන්නම් කිව්වා. ඒ ගානට එන්න අර දෙන්න කැමති වුනේ නැහැ.
තව කොම්පැනියක යාලුවෙක්ට කතා කලාම එයාලයි කම්පැනියෙ ගෑනු ලමයි ගන්නෙ නැහැ රෑ වැඩ කරන්න බැරි නිසා කියලා කිව්වා..
. ටිකක් එයාල එක්ක කතා කරල බැලුවම ඒ දෙන්නාම කැමති නැහැ ගාමන්ට් යන්න. කලින් එයාල කොළඹ පොඩි කම්පැනි එකක මාස හයක් විතර වැඩ කලාලු. අවුරුද්දක පළපුරුද්දකුත් තියෙනවා කියල සී වී වල නම් තිබුනා. ගාමන්ට් වල වැඩ අමාරුයිලු.. ගෙවල් ළඟ තියෙන ටවුමෙ කඩවල වැඩට ගියාම බස් කුලිය විතරයිලු කීයක් වත් ඉතිරියක් නැහැලු.
ඒ පැත්තෙ වැඩිය ෆැක්ටරි එහෙම නැති හින්ද රස්සා නැහැලු.
ඒ පාර මම ෆුඩ් සිටි වල රැකියා තත්වය සොයලා බැලුවා. කොටුවෙ තියෙන ෆූඩ් සිටියක හැමදාම ඉන්ටවු තියෙනවා මම දැකල තියෙනවා. ඉතිං ඒක ඊට වැඩිය කේස්.. දැන් ෆූඩ් සිටිවලත් ඉස්සර වගේ හොද සැලකිලි නැහැ. දවසෙම හිටගෙන ඉදලත් මාසෙ අන්තිමට රුපියල් 13000ක් වගේ තමයි ගන්න ලැබෙන්නෙ..
එයාලට රැකියාවක් ලැබුනාද දන් නැහැ. ඒත් ඉතිං මට කොරන් පුලුවන් එච්චරයි.. තව එක පැක්ටරියක් තියෙනවා ඒකට ඉස්සරහට කතා කරලා බලන්ට ඕනි.
සී කතාව. (C)
සමාජ ජාලෙන් මිතුරු වෙච්චි මිතුරියක් පහුගිය දවස්වල දිගින් දිගටම බිත්තියෙ දුක් පණිවුඩ දාල තිබුනා. මොකද කියාල ඇහුවම එයා අලුතින් යන ඉස්කෝලෙ ළමයි ගැන එයාට දුක හිතෙනවාලු.
එතුමිය තාක්ෂණික පාඨමාලාවක් හදාරනවා ටෙක් එකේ. ඒකට එන ලමයිට කිසිම අනාගත අයිඩියාවක් වත් දැන් කරන දේ ගැනවත් අදහසක් නෑලු. ඔහේ කරන්නං වාලෙ කරනවා.
ඒ අහසින් පාත් වුන ළමයි එතන්ට එන්න හේතුවක් තියෙනවා. අපේ රජයෙන් ගෙනියනවා වැඩක් යොවුන් සේනාංක කියලා එකක්. ඒකෙදි ළමයි කඳවුරු ගත කරලා අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒ කඳවුරු ඉන්න මාස ගානින් පස්සෙ එයාලට උසස් වෘත්තිය පාඨමාලා හදාරන්න අවස්ථාවක් ලැබෙනවා තාක්ෂණ විද්‍යාල වල.
ගෑල්ලමයි ගෙදර ගෙදර නිකං ඉන්න බැරිකමට කඳවුරට යනවා. කඳවුරෙන් කෑම දීල බීම දීල එක්සයිස් කරලා තියාගෙන ඉඳලා පස්සෙ අවුට් වුනාම ටෙක් එකට යවනවා.. ඒ අය දන්නෙ නැහැ තමුන් මේ ඉගෙනගන්නෙ මොකද්ද මේකෙ වැදගත්කම මොකද්ද කියලවත්.. කරන්නන් වාලේ කෝස් කරනවා..
අර මා කීව ළමයා ඒ පාඨමාලාව හදාරන්නේ මූලික පාඨමාලාවන් කිහිපයක් හදාරලා සහ යම් කිසි වැඩ පුරුද්දක් සහිතව. ඉතිං ඒ අය අතරට අර අහසින් වැටුන ළමයි දාපු නිසා කෝස් එකේ තත්වයත් පහල යනවා.
ඒ කඳවුරු වලින් ආපු ළමයි උදේට ආවම කල්පනා කරන්නෙ කෝස් එක ගැන හෝ උගන්වන දේවල් ගැන නෙමෙලු.. දවල්ට කන දේවල් ගැනලු.
ඔය වගේ සෙට් එකක් ඇවිල්ල තිබුනා පහුගිය දා බිසොප් විද්‍යාලෙ තිබුන යොවුන් නාට්‍ය උලෙලේ නාට්ටි බලන්න.. කැමැත්තෙන් නෙමෙයි. යොවුන් මධ්‍යස්ථාන වලින් බස් දාල ගෙනල්ල කස්ටිය ඔලු ගෙඩි ගාන පේන්න ඕනි නිසා දමල කියලයි මට හිතුනෙ. ඒ පිටින් දාපු ළමයිගේ නාට්‍ය රසඥතාවයක් නැහැ. නාට්ටිය පටන් ගත්තම ගොඩක් අය නිදි.. යොවුන් නාට්‍ය උලෙල ගැන පත්තර වල තිබුන විචාර වල තිබුනා සැලකිය යුතු පිරිසක් මේ පාර නාට්‍ය උලෙල බලන්න ඇවත් තිබුනා කියලා. ඒ පුවත්පත් ලේඛකයින්ට කියන්න තියෙන්නෙ අහෝ මුදල් කියල තමයි..
කොහොම නමුත් ඔය යොවුන් සේනාංක කියලා ආන්ඩුව විසාල මුදලක් වියදම් කරලා කරන වැඩේ ප්‍රථිපලදායක බව නම් ආයිත් හොයලා බලනවා නම් ඒක වැදගත් කියාල මටත් හිතුනා. අර බී කතාවෙ ළමයි දෙන්නාට මොනම හරි කර්මාන්තයක් හුරු වෙලා ආවනම් රැකියාවක් හොයාගන්න පුළුවන් කියලා හිතුනත් එයාලත් මේ ටෙක් එකට අහසින් වැටුන ළමයි වාගේ වෙයිද දන් නැහැ.
ඩී කතාව.. (D)
බී කතාවෙ නංගිලාට රැකියා තියෙනවාද කියල බලන්න මම ඩික්සිලා අක්කගෙන් ඇහුවා. ඩික්සිලා අක්ක හීතල පලාතක පියකරු යුවතියක්. මං කෝච්චියෙ වැඩට යන කාලෙ කෝච්චියෙ ගිය කෙනෙක්. ඩික්සිලා අක්කා පුද්ගලික ආරක්ෂක සේවාවක වැඩ කරන්නෙ. අපේ කොම්පැනිය සහ අවට තමයි ඇයට රාජකාරි පැවරෙන්නෙ.
ඩික්සිලා අක්කට නිවාඩු දවස් හතරයි හෝ තුනයි මාසෙටම ලැබෙන්නෙ. එයාලට පිරිමි අයට වගේ නයිට් කරන්න බැරි නිසා සතියෙ දවස් හතම වැඩ. මාසෙටම ලැබෙන නිවාඩු තුන හතර විතරයි තියෙන්නෙ. උදෙ හතට ඔන් වුනාම හවස හතට තමයි වැඩ ඉවර වෙන්නෙ. ඉන්න හොස්ටල් දිල තියෙනවා. කන්න බොන්න කඩෙන් ගන්න ඕනි.
දරුවො බලන්න යන්න ලැබෙන්නෙ මාසෙටම දවස් දෙකයි.. මොකද එක දවසක් යනවා ගමට යන්න. සහ එන්නම. මේ විදියට දුර පැතිවලින් ඇවිල්ලා වැඩ කරන සිකුරිටි නංගිලා ගොඩක් ඉන්නවා ආරක්ෂක අංශ වල. ඒ අයගේ කතාවත් මීට වඩා ලොකු වෙනසක් නැහැ. පුදුම වැඩේ ඔවුන්ට ලැබෙන සීමිත විවේක කාලය.
එයාලගේ කොම්පැනිය ටිකක් ප්‍රසිද්ධයි. රුපියල් විසිදාහකට වැඩිය ගන්නත් ඇහැකිලු මාසෙකට. විසිදාහ අරගත්තට මොකෑ අවුරුද්දටම දවස් විස්සක් තිහක් තමයි ගෙදර ඉන්න ලැබෙන්නෙ. දවස් තිහක් සැප විඳන්න දවස් තුන්සිය විස්සක් විතර එයාල වියදම් කරනවා.
මේක කියනකොට කස්ටිය හිතයි.. හෑ අපිටත් නිවාඩු තියෙන්නෙ අවුරුද්දටම දවස් තිහ හතලිහය් තමයි කියලා. නමුත් මේ සිකුරිටි අක්කලට පෝය, ඉරිදා, සෙනුසුරාද බාගෙ නිවාඩු නැහැ. ඒවත් ඩියුටි දවස්.
ඊ කතාව.. (E)
“නර්සින් කෝස් එකක් තියෙනවා..කොරොත් රස්සා තියෙද දන් නැහැ නේ..“
ඒ මගේ ළඟ ඥාති සහෝදරියක්.
කෝස් එක අවුරුද්දයි. ට්‍රේනිනුත් එතනින්ම දානවා. සිංහලෙන් තියෙන්නෙ. කොස් වියදම තිස්දාහක් විතර. කොස් එක හොඳට කොලොත් රස්සාවක් ලැබෙනවා හොඳ ප්‍රයිවෙට් ඉස්පිරිතාලෙක.
නර්සිං සහ ඒ ආශ්‍රිත රැකියා දැන් ලෝකෙ පුරා ජනප්‍රිය වෙලා. ලෝකෙ වැඩිහිටි ජනගහනය වැඩිවීඹත් එක්ක දියුනු රටවල වැඩිහිටියන් සහ ළමුන් බලාගන්න හොඳ කුසලතා තියෙන අය හොයනවා. නිකන්ම නිකං ගෘහ සේවිකා යන අයට වඩා සැර වැටුපක් අර සීයල ආච්චිල ළමයි බලාගන්න දියුනු රටවලට යන සාත්තු සේවිකා සේවක අයට ලැබෙනවා.
එතනින්ම ට්‍රේනිනුත් දානවනම්. ජොබ් එකක් ලැබෙයි කියල ෂුවර් එකකුත් තියේ නම් ආයෙ කවර කතාද? මං කිව්ව යන්න කියලා.
ඔය කෙල්ල ගෙදරින් පැනල රෝන්දෙ යන්න උප්පරවැට්ටියක්ද කොහෙද? ඒ ගැන අදහස් දක්වපු වෙන ඥාති කෙනෙක් කිව්වා. ඒත් ඉතිං ගෙදර ඇතුලෙ තියං බෝ පැලේ වගේ කන්න බොන්න දීල රී ලෝඩ් දාල නඩත්තු කරලා තියාගත්ත කියලා පරණ වුනාම යකඩ වලට විකුනන්නයැ.. ඔන්න ඔහෙ යන්න දෙන්න. මම කිව්වා..
එෆ් කතාව. (F)
එයා මම කරපු කෝස් එක දැනගෙන. මගෙන් ඇහුවා ඒක විතරයිද කරලා තියෙන්නෙ කියලා. අවාසනාවට ඇත්ත කතාවක් වගේ මම කෝසස් ගොඩක් පටන් ගත්තට සම්පූර්ණ කරලා නැහැ. ඒ නිසා මං සම්පුර්ණ කරපු එකම එක තමයි හැම තැනම කියවන්නෙ.. එයා තමයි අලුත් අපේ ළඟ සෙක්ෂන් එකකට වැඩට ආපු ට්‍රේනින් නංගි.
එයා චාටඩ් එකවවුන්ටන්සි, බෑන්කින් එක්සැම්ස්, මාකටිං සහ ආන්ඩුවෙ විශ්ව විද්‍යාෙලක මැනේජ්මන්ට් උපාධිය හදාරනවා. ඔක්කොම කෝස් හතරක්. සතියෙ හැම දවසෙම ස්ටඩි. කැම්පස් එකේ ලෙක්චර් රෑට්ත් දාලලු. එයාල දවල්ට අපේ කොම්පැනියෙ ට්‍රෙනින් ඉඳලා රෑට යනවා ලෙක්චර. සති අන්තෙ එයාගෙ අනික් බෑන්කින් මාකටිං සහ එකවුන්ටන්සි වැඩ.
ඉතිං බැලුවොත් ඇත්තං පාඩම මයි. පාඩම් සහ එක්සෑම්ස් කියන්නෙ ජීවිතේ වගේ.
මගෙන් දවසක් ඇහුවා වර්චුවල් මෙමරි කියන්නෙ මොකකටද කියලා. ඉතිං මං ගූගල් කරලා අදහස පැහැදිලි කලා. එතකොට මම තේරුං ගත්තා පරිඝණක පද්ධති සම්බන්ධ දැනුම නම් මෙයාලගේ මදි කියලා. එද එකවුන්ට් මාකටිං, බෑංකිං මොනවා කලත් පරිඝනක දැනුම වැදගත්.
පරිඝනක කියන්නෙ වර්ඩ් එක්සෙල් නෙමෙයි. හාඩ්වෙයා සොෆ්ටයාර් සහ ප්‍රෝග්‍රැමින් ගැන සැලකිය යුතු දැනුම. මං රෙජිස්තර වෙච්චි පුරාවිද්‍යා කෝස් එකක් තිබුනා ඔන්ලයින් කරන. ඒ පුරාවිද්‍යා කෝස් එකටත් පරිඝනක පාඩම් කොටසක් ඇඩ් වෙලා තිබුනා. ගූගල් මැප් වලිං ලෝකෙ බලන හැටි. පරිඝනක වලින් ත්‍රිමාණ අනුරු හදන හැටි මූලික කොටස් ඉගැන්නුවා අපිට පුරාවිද්‍යා කොස් එකේදි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉංජිනේරු විද්‍යාව වාගේ විශයයන් හදාරනවා නම් ඒ කෝසස් වලදි අනිවාර්යෙන්ම පරිඝනක ක්‍රමලේඛණ නොහොත් ප්‍රෝග්‍රැමින් ගැන බේසික් දැනගෙන ඉන්න ඕනි.
කෝස් හතරක් කරන ඒ නංගා ගෙ නම් පරිඝනක දැනුම ඒ ක්ෂේත්‍රෙය් ඉහල පුටුවක වෘත්තිකයෙක් වෙන මට්ටමට ඇවිත් නැහැ කියලයි මට නම් හිතුනෙ.
ඒ සිට එෆ් දක්වා වන ගැහැනියෙක් වෙනවාට වඩා ජී මොඩලයේ ගෑනියෙක් වීමේ වඩාත් වාසිදායකය. නමුත් ජී මොඩලය පවත්වාගෙන යෑමට සැමිතොමෝ ධනවත් විය යුතුයැ. නැතිනම් ඔහු දාසයෙක් මෙන් භාර්යාවට වැඩ කල යුතුයැ.

මේකට ප්‍රධාන හේතුව ප්‍රාථමික අජ්ජාපනේ හා දිවීතීක අජ්ජාපන ක්‍රමේ වැරද්ද.. තාමත් ඉන්නෙ දොස්තරලා ඉන්ජීනේරුවෝ වෙන්න පාඩම් කරන ගිරව් ටිකක්. ළෝකය ගැන මෙළෝ සසරක් දන්නේ නෑ. සමාජය දන්නෙ නෑ.. කෝස් ඔක්කෝම තියෙද්දි අන්තීමට ඉන්ට කෝස් එක කරලා. අනාත වෙලා අඬ අඬා ඉන්නවා. පත්තර කාරයන්ට නම් මල් හතයි.. ඕන් අදත් දෙන්නෙක් මාතරින් මුහුදට පැනලා.. මුන් අඩු ගානේ ආදරේ කරන්නවත් දන්නෙ නෑ..
ReplyDeleteගැහැණිය විතරක් නෙවෙයි! පිරිමියාගේ මොඩල් ටිකත් මිට වෙනස් නෑ! ලෝකේ වෙනස් වෙද්දී අපි වෙනස් වෙන්න ඕනේ කියලා තේරුම් අර ගත්ත කට්ටිය අඩුයි!
ReplyDeleteයෞවනයන් ගේ තත්වය මීට වඩා වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද?
ReplyDeletePUKEN THAMI WENAS WENNE
Deleteකතාන්තරකාරයාගේ සංසාරික මිත්‍ර ඇනෝ අංකල්
Delete//හයියෝ.. ඔයා මුකුත්ම දන් නැහැ වගේ නේ.. හැබෑට ඇයි දන් නැහැ නේ ඔයාගේ අයිය ඔයා කසාද බඳින්නෙ..? //
ReplyDeleteඅමිල කසාද බඳින්නේ උයාගන්නයි රෙදි හෝදගන්නයි ද? :D
කාන්තාවන් විසින්ම උයන වැඩය රෙදි සෝදන වැඩය කල යුතුයැයි නියමයක් නැහැ. නමුත් සබන් බෝල වගේ සියුමැලි, පිටි මුට්ටයක් වගේ අලස ශරීරයකට ආලය කොට ඒ ස්ත්‍රින්ගේ වැඩ කරුවෙකු සේ සියලු වැඩ කරන්ට මා කැමති නැහැ.
Deleteethakota kellek civil engineering wage karama monawage prathicharayakda denne pirimi kastiya...?mokada sammatheta anuwa kellekta galapena rakiyawa teaching, nursing nathnam beauticians kiiyanawa nathanm housewife thama...
ReplyDeletemata mathakai api tution yanakota sir kenek kiwa kollanta maths karapu kellek / e.fac, science fac walin badinna epa. art facultyen hoyaganin kiyala...