Sunday, September 29, 2013

බර බඩද සරුවාලේ..05 කොටස

නර්මදා ගියා..ඒත් දරුවො ඉන්නවා.. එහෙම නේද ගංගුලි..?

ඔව් කාමිනි තාපසතුමියනි.. උන් දෙන්න ගැන තමයි මට වේදනාව..ගංගුලි කීය.

ගංගුලිට මං මලගෙදරින් පස්සෙ කිව්ව වැඩේ හොඳට බලල තිබුන. මං ස්කෝලෙට කතා කලා.. ගංගුලි ඇවිත් සල්ලි බැන්ද කිව්ව. සල්ලි බැන්ද වගේම දරුවො ගැනත් අවධානෙන් ඉන්න..

කෝ ස්නේහ.. ඇයි මෑනියනි.. ස්නේහා පසෙකින් සිට පිළිතුරු දුන්නාය..

.. ලෝගුවට වඩා මේකි සායට ලස්සනයි.. මං ඔක්කොම වාහන අනම් මනම් පිළියෙල කරල තියෙන්නෙ. මේක රහසක්.. දේව රහසක්.. මොකද මේව දැනගත්තොත් මගේ බිස්නස් විතරක් නෙමෙයි මාවත් නැති කරලා දාවි මිනිස්සු..

ස්නේහා අර ගංගුලි අල්ලල පොලිසියට බාර දුන් දවසෙ මහ දිග කතාවක් කිව්ව මතකයි.. ස්නේහ දන්වනේ..කාමිනි තාපසතුමිය දිග කතා වැඩිය දන් නැහැ.. ඔය පොත් වල තියෙන ගැඹුරු කෑලි මම අහගන්නෙත් සමහර වෙලාවට ඔයාලගෙන් නේ..

මං ඒ දවස්වල ඕව දැනගෙන හිටියෙත් නැහැ. මං මෙ ලෝගුවට ආවෙ මං යාලුවෙල හිටිය කොල්ල වෙන ගෑනු එක්ක ගිය හින්ද කියලත් ස්නේහ දන්නවා.. ඒ වගේම ඒ මිනිහට අපේ ගෙදරින් අකමැති වුන එකත් ස්නේහ දන්නවා..

ලෝකෙ හරි සරලයි.. මහා විසාල ගැඹුරු දේවල් හිතන්න එපා. දැන් මම තාපස දහම අනුව ඉන්නැහැ. බිස්නස් කරනවා. මගේ කතාව සරල නැහැ කියල කට්ටිය කියනවා. නමුත් මම ඒවා කරනවා.

අනික මං බෙහෙත් ගන්න ගිය දොස්තර නෝන කියනවා. මානසික ආබාධ, දියවැඩියාව, හෘද රෝග ආදි ගොඩක් රෝග තාපසවරුන්ට තාපසවරියන්ට වැඩිලු.

ඔය කියන මානසික කායික සංවර කම තියෙනං මොකද ඔච්චර ලෙඩ.. මමත් ඔය කියන සමහර විශ්වාස පේන්න බැහැ. ඒ වගේම මට කුහක කම් කරන්න බලං ඉන්න ජාතියක් විදියට පිරිමි පේන්නෙ..

ඒ නිස මට ගිහි වෙන්නත් බැහැ. කිසි දෙයක් ඇතුලට හිතන්න එපා. දැන් දරුවො දෙන්නට සලකගෙන දෙන්න සතුටින් ඉන්න බලන්න. ගංගුලි කවදාවත් හිතන්න එපා තමුං මේ බැඳල ඉන්නෙ තමුං වන්දනා කරපු තාපසතුමිය කියලා. ඒ වගේම කියවල තියෙන පොත් පත් ටික ඔක්කොම අයින් කරගෙන තමයි මෙතනින් එලියට ස්නේහා යන්න ඕනි.

මං අද මේ සැහැල්ලුවෙන් කරපු දේසනාව මීට කලිං මෙතනින් ගිහිපු අයටත් දීල තියෙනවා. එයාල ඒ දේසනාව අහන්නෙ ජීවිතෙ එකම එක වතාවයි.

ඉන් තැනක මැද ඉඳන් සතුටින් ජීවත්වෙන්න බලන්න..කොණ හොයන්න කොණට ලං වෙන්න යන්න එපා..මොකද කොණ හරිම බයානකයි.. කෙළවරක් හොයං යනකොට අපි තනිවෙනවා..ඒ තනිවුනාම අපිට උපදෙස් ගන්න කවුරුත් නැහ. අපි විතරයි..

එහෙනං වෑන් එක ඇති.. රෑම ගිහින් දරුවො දෙන්නත් දාගෙන යන්න.. ස්නේහා ගමේදි බහින්න එපා වාහනෙන්. අලුත් ගම ටගියාම කියන්න කොන්ඩෙ නැත්තෙ දේව පූජාවක් නිසා කියලා. මිනිස්සු ටික දවසක් ගියාම තේරුම් ගනීවි කෝමත් මේ ලෝගුව පාත්කරපු ගෑනියෙක් කියලා.ඒකට කමක් නැහැ..

මං මේ මාස තුනේ එන්නෙ නැහැ. මං තව මාස පහ හයකින් එනවා. එතකොට ඒ මාසවල හරි කඩකුලී එකතු කරල තියාගන්න.ඔයාල වගේ විස්වාස වන්ත අය ඉන්න එක මට ලේසියි. කඩ පේලියෙම කඩ කුලී ඔයාල ලඟ තියාගත්තම මට ඔිනි දවසක ගත හැකි සල්ලි. මං මාස හතරක් කඩ කුලී ගන්නෙ නැහැ. මං දීපු සල්ලි ස්නේහා පරිස්සමින් වියදම් කරන්න.. ඔතන බිස්නස් හොඳ තැනක්..

8 comments:

  1. මෙහෙම සිද්ධි ඇත්තටම වෙනවා ඇති කියලා මටනම් හිතෙනවා. මීට කිට්ටුව යන කතන්දරයක් මම කාලෙකට කලින් පත්තරේක දැක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් පත්තර වලත් තියෙනවා කතාන්දර.. සමහර ඇත්ත සිද්දිත් කතාන්දර වගේ ලියන්නෙ බෝම යසට..

      Delete
  2. මම කියවනවට වඩා ඉක්මනින් උබ මේක ලියල තියෙනවනේ බන්...... 3 , 4 කොටස් කියෙව්වෙත් දැන් ..... පට්ට කථාව ..... ගොඩක් පන්සල් වලත් ඕක තමයි තත්වේ ..... අදින් කතාව ඉවරද තව තියෙනවද

    ReplyDelete
  3. Amila, උඹ අපේ පිරිමි ජාතියටත් නිග්‍රහයක්..

    ReplyDelete
    Replies
    1. අහ් උඹ පිරිමිද? අහන්නත් සතුටුයි..

      Delete
  4. කාමය අවුස්සන කාඩයා.

    ReplyDelete
    Replies
    1. කාමය අවුස්සනවද ඉතිං රිදෙනවා ඇති නේ..

      Delete