අපි අද පරිඝනකයක්(PC) මිලදී ගන්නාවිට නොයෙක් කාරණා සලකා බලනවා. මිල සමඟ ගැලපෙන අපිට අවශ්‍ය දේවල් තියෙන හොඳම තේරීමට යන්න තමයි අපේ අදහස වෙලා තියෙන්නෙ. රාත්තල් හයක්(6lbs) හෙවත් කිලෝ දෙක හමාරක් බර වූ දෙයක් විදියට තමයි මෙතෙක් අපි දැකපු ලැප්ටප් වෙළඳ පොලට ආවෙ. නමුත් දැන් ඊට වඩා බර අඩුවෙන් සහ තුනීවට ලැප්ටප් තැනෙනවා. මේ ලැප්ටප් වලින් අපිට කලිං දේවල්ම කරන්න හැකියාව තිබෙනවා නමුත් සමහර ලැප්ටප් පරිඝනක වල යම් යම් සීමාවන් එකතු වෙලා තියෙනවා.
ටැබ්ලට් වර්ගයේ පරිඝනක.(Tablets)
නැසීගිය ස්ටීව් ජොබ්ස්(Steve Jobs) මහතානන්ගේ සංකල්පයක් අනුව බිහිවුන අයි පෑඩ්(Ipad) නැමැති ටැබ්ලට් වර්ගයේ උපාංගය ලෝකය පුරා බොහෝ වේගයෙන් ජනප්‍රිය වුනා. ජංගම දුරකථනයත්(Smart Phone) ලැප්ටප් යන්ත්‍රයත් අතර වැඩකටයුතු වලට ටැබ්ලට් වර්ගයේ පරිඝනක නව ලෝකය තුල ජනප්‍රිය වුනා. ඒ අතර ඇපල් අයි පෑඩ් යන්ත්‍රවල මිල සාපේක්ෂව අධික වීම නිසා ඇන්ඩ්‍රොයිඩ්(Android OS) නැමැති නව ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය සහිත ටැබ්ලට් පරිඝනක වෙළඳ පොලට ආවා. ලංකාවෙදිත් රුපියල් තිස්දාහක් තරම් අඩු මුදලකට මේ ටැබ්ලට් පරිඝනකයක් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. මේ ටැබ්ලට් පරිඝනක වල පිවිසුමත් එක්ක මෙහෙයුම් පද්ධති(Operating System) නිෂ්පාදකයින් විසින් නවතම මෙහෙයුම් පද්ධති පවා හඳුන්වාදෙනු ලැබුවා. ඒ අනුව වින්ඩෝස් 8(Windows 8) නැමැති නව මෙහෙයුම් පද්ධතිය ස්පර්ශ තිර(Touch Screen) වලදීද වඩාත් ලෙහෙසියෙන් හැසිරිය හැකි ලෙස නිපදවනු ලැබුවා.
හාඩ් ඩිස්ක් සහ මෙමරි.(Hard Disk and Memory)
පැරණි පරිඝනකයක තිබූ එක්තරා අඩුපාඩුවක් තමයි කැරකෙන දෘඩ තැටිය. මේ දෘඩ තැටිය තුල තියෙන දත්ත කියවන්න ලැබුනෙ ඒ තැටියෙ සිදුවන කැරකීමත් එක්ක. ඉතිං මේ කැරකීම වැඩිකරන්න පුලුවන් සීමාවක් තිබෙනවා. මේ අනුව ඒ කැරකෙන ආකාරයේ දෘඩ තැටිවලින් දත්ත ලබාගැනීමේදි එක්තරා සීමාවක් එනවා. ඒ කියන්නෙ අපිට අවශ්‍ය තරම් වේගයෙන් දෘඩ තැටියෙන් දත්ත ලබාගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පරණ දෘඩ තැටියේ සිට අනෙකුත් ප්‍රොෙසසර සහ මව් පුවරු කොටස් වලට දත්ත යොමුවන විට සමස්ථ පරිඝනකයේ වේගය ම එක්තරා සීමාවකට ලක් වෙනවා.
මේ නිසා පරිඝනක දෘඩාංග නිපදවන ආයතන අලුත් ක්‍රම අත්හදා බැලුවා. ඒ තුලින් ස්ඵටික ආකාරයේ නවතම දෘඩ තැටි ජාතියක්(SSD-Solid State Disk) ලෝකයට ආවා. මේ දෘඩ තැටිවල දත්ත සම්ප්‍රේෂණ (Data Transfer Speed)වේගය වැඩියි. ඒ නිසා එකවර වැඩ කිහිපයක් පරිඝනකයෙන් කිරීමේදී වේගවත්ව වැඩ කටයුතු කිරිමේ හැකියාව නිතැතින්ම ලැබෙනවා මේ නව පරිඝනක ජාති වල.
අන්තර්ජාල භාවිතය. (Internet Usage)
මුල් කාලයේදී වගේ නෙමෙයි අද වන විට ලෝකය පුරා පරිඝනක සහ වෙනත් උපකරණ මිලදී ගන්න අයගේ ප්‍රධානතම අරමුණක් තමයි අන්ර්ජාලයට එකතු වීම(Internet Connectivity). ඒ වගේම බොහෝ අය අන්තර්ජාලය භාවිතා කරන්නම පරිඝනක මිලදී ගන්න අවස්ථා තිබෙනවා. ලංකාවෙ වගේ නෙමෙයි දකුණු කොරියාව යුරෝපා රටවල් සහ අමරිකාව වගේ රටවල අන්තර්ජාලය වේගවත් වගේම විශාල දත්ත ප්‍රමාණයක් ඔවුන්ට සහන මිලකට ලබාගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා අන්තර්ජාලය තුලම විවිධ දත්ත ගබඩා(Cloud Store) කරන්නට මිනිසුන් හුරු වුනා. ගූගල් ඩ්‍රයිව්(Google Drive),ඩ්‍රොප්බොක්ස්(Dropbox) ආදී සේවාවන් වලින් අපේ දත්ත ලෝකයේ ඕනෑම අන්තර්ජාල පිවිසුමකින් ලබාගත හැකිවෙන ආකාරයට තැම්පත් කරල තියාගන්න අද වෙනකොට හැකියාව තිබෙනවා. ඒ වගේම වීඩියෝ(Video) ආදිය අපිට යූ ටියුබ්(You Tube) ආදි අඩවි හරහාත් පොටෝ ආදිය පිකාසා, ෆ්ලිකර්, පොටෝබකට් ආදිය හරහාත් බෙදාගන්න හැකියාව ලැබිල තියෙනවා. ඒ නිසා ඉස්සර වගේ පෙන් ඩ්‍රයිව්(Flash Drive) සහ තැන තැන ගෙනියන දත්ත ගබඩා වෙනුවට අන්තර්ජාල දත්ත ගබඩා බොහොම වේගයෙන් ජනප්‍රිය වුනා.
අපේ රටේදි අන්තර්ජාල පහසුකම් වැඩිදියුනු වුනාට ගිගාබයිට්ටුවකට යන වියදමත් අපිට ටෙලිකොම් ආයතන වලින් සාමාන්‍ය ගෘහස්ථ භාවිතයට ලැබෙන දත්ත ප්‍රමාණයත් කාලානුරූපිව වැඩිවුනේ නැහැ. ඒ නිසා ලංකාවෙ තවම විශාල දත්ත අන්තර්ජාලයේ ගබඩා කරලා තබාගන්න පුරුද්ද ප්‍රචලිත වෙලා නැහැ.
ක්‍රෝම්බුක්ස් සහ වින්ඩෝස් ආර් ටී.(Chromebooks & Windows RT)
මේ අන්තර්ජාල භාවිත කරන අයටම හදපු කොම්පියුටර ජාති දෙකක් තමයි මේ වින්ඩෝස් ආර් ටි සහ ගූගල් ක්‍රෝම් බුක්ස් (Google Chromebook) කියන්නෙ. මේවායේ දෘඩ තැටි (Internal Memory) අවකාශය අඩුයි. නමුත් මේ පරිඝනක එක්ක විශාල ප්‍රමාණයේ අන්තර්ජාල දත්ත ගබඩා පහසුකමක් නොමිලේම ලැබෙනවා.
මේ අනුව ඉදිරියේදී දියුනු රටවල පරිඝනක වල හාඩ් ඩිස්ක් එක කියන එක විසාල අගයකින් වැඩිවෙන එකක් නැහැ. බර අඩු කරන්නටත් ප්‍රමාණය කුඩා කරන්නටත් හාඩ් ඩිස්ක් ඉවත් වෙලා ජාලකරණ පහසුකම් වලින් සවිමත් පරිඝනක ලෝකයට ඒවි.
මයික්‍රොෙසාෆ්ට් ගූගල් වගේ සමාගම් දැන් තමුන්ගේ නිෂ්පාදන ඉන්දියාව වගේ රටවලත් ජනප්‍රිය කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම ලෝකයේ දියුනු රටවල ආර්ථික තත්වය පවා ඒ තරම්ම සුබදායි බවක් නැහැ මේ දවස්වල ඒ හරහා අමරිකානු ඩොලර් තුන්සියකට පමණ සාමාන්‍ය පරිඝනකයක් මිලදී ගන්න හැකියාව දැන් ලැබිලා තියෙනවා. අන්තර්ජාලයේ ඒ ගාන තිබුනාට ලංකාවට එනකොට නම් ටිකක් මිල වැඩිවේවි.
බලශක්ති පිරිමැසුම. (Energy Saving)
බලශක්ති පිරිමැසුම අතින් ඉදිරියට ආපු ප්‍රොෙසසර ජාතියක් තමයි ඉන්ටෙල් ඇටම්(Intel Atom)කියන්නෙ. ඉන්ටෙල් කම්පැනිය ඇටම් කරනකොට ඒ මිලටම ඒ ඇම් ඩි (AMD) කම්පැනියත් අලුත් ප්‍රොෙසසර වගයක් කලා. කොහොම වුනත් සාමාන්‍ය කෝර් අයි(Core i Serious) වර්ගයේ ප්‍රොෙසසර සහිත පරිඝනකයක බලශක්ති භාවිතය සාපේක්ෂව ඉහල අගයක් ගන්නවා. මින් ඉදිරියට වෙළඳ පොලට බලශක්තිය අඩුවෙන් ගන්නා පරිඝනක නිකුත් කරන්න සමාගම් උත්සාහ ගන්නවා. පරිඝනක මිලදී ගන්න අය ළඟත් පොඩි වගකීමක් තිබෙනවා. මා පවා මීට මාස ගානකට ිපෙර සමාගමක් පරිඝනක මිලදී ගන්නා විට සේවකයින්ට හොඳම ජාතියෙ ඉස්තරම් ්පරිඝනක ලබාදිය යුතුය යන මතයෙ සිටියා. මොකද සමාගමක තුලදි සේවකයා තෘප්තිමත්ව වැඩකල යුතු නිසා.
නමුත් මා දැක තියෙන ලංකාවෙ කන්තෝරු බොහොමයක සේවකයින් පරිඝනක භාවිත කරන්නෙ විෂේෂිත ගිණුම්කරණ මෘදුකාංග හෝ ඔෆිස් පැකේජය භාවිත කරන්නට සහ ජාලගත වෙන්න පමණයි. ග්‍රැෆික් නිර්මාණ කටයුතු, සංකීර්ණ නිර්මාණාත්මක දේවල් පරිඝනකවලින් නොකරන ආයතනවලට එදිනෙදා කන්තෝරු රාජකාරි වලට ප්‍රබල දෘඩාංග මෘදුකාංග පිරුනු පරිඝනක ලබාදීම නාස්තියක්. නිකම්ම මූලික වියදම් ගාස්තු පමණක් නෙමෙයි මාසිකව විදුලි බිල වැඩිවෙන්නත් තඩි පරිඝනක විශාල ගනනක් භාවිතය හේතු වාසනා වෙනවා.
ඒ නිසා ආයතනික හෝ පුද්ගලික වශයෙන් පරිඝනක මිලදී ගන්නා විට අවශ්‍යතාවය හඳුනාගෙන ඒ අනුව මිලදී ගැනීම් කරනවා නම් ඒක යෝග්‍ය වෙනවා.
උදාහරණ විදියට කවදාවත් ගේම් ගහන්නෙත් නැති. ග්‍රැෆික් කරන්නෙත් නැති අයෙකුගේ පුද්ගල පරිඝනකයේ අමතර විශාල වීඩියෝ මතකයක් තිබෙන එකේ ලොකු වැදගත් කමක් නැහැ.

කරුණු හරි. බොහමෙ ස්තුතියි අමිලට. SSD පට්ට ගණන් නිසා ඒවා තාම පාවිච්චි කරන්ඩ අපිට නම් බැරිය. Intel Atom හොඳ වුනාට කෝ සහිත processor එකක් තරම් කාර්යක්ෂම නෑ නේද? අර කිව වගේ සාමාන්‍ය විදිහට වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් විතරක් පාවිච්චි කරන ඈයො ඉන්න ලංකාවේ ඔෆීසි වලට මොකටෙයි යන්තර සූත්තර. සෙක්කුවෙන්ම වැඩ ගන්න පුල්වන්.
ReplyDeleteසාමාන්‍යෙයන් පොසෙසරයකින් විතරක් වේගය කියන්න බැහැ..
Deleteබල සැපයුම,...
මව් පුවරුව
තාවකාලික මතක ධාරිතාවය
වාගේ කාරණා කීපයක්ම බලපානවා..මං ඇටම් ප්‍රොෙසසර් දාපු සුසුකි කියලා ලැපක වැඩ කරලා තියෙනවා..සාමාන්‍ය ඩුවල් කෝර් එකකට වඩා ස්පීඩ් එකක් ඒකෙ තිබුනා.. සමහර විට ඒකෙ මව් පුවරු සහ අනෙකුත් උපාංග හොදට තියෙන්න ඇති..
අපිට කොයින්ද පූසෝ ලාබෙට internet...
ReplyDeleteනරකම නෑ ගොඩක් දේවල් තියනව ස්තුතියි
ReplyDeleteඅපේ රටෙත් දැන් පරිගනක තාක්ෂණය ඉක්මනින් දියුණු වෙනවා , මේ අලුත් උපකරන , උපාංග අපිටත් ඉක්මනට අත පත ගාන්න ලැබෙයි
ReplyDeleteඔව් ජනාදිපති තුමත් කියල තිබුනා දැන් මහජනයාට පෝන් එකකට වැඩියෙනුත් තියෙනවා කියලා..
Deleteඉතාමත් හොඳ විස්තරයක් චතුරන්ග ...
ReplyDeleteබලමු උඹේ පතෝල මැස්සට කොමෙන්ට් නොදාපු එවුං මේකට දායිද කියල කොමෙන්ට් :D
ReplyDeleteලංකාවේ technology bar එකක් ඇති වෙන්න තියෙන ප්‍රධාන බාධකය තමයි internet cost එකයි ඒකෙ speed එකයි! ඒ බාධක වලට විසදුම් ඉක්මනට හොයන්න වෙනවා!
ReplyDeleteස්තුතියි
ReplyDeleteහොඳ විස්තරයක්.
ReplyDeletetab එකක් ගන්නකොට හිතන්න ඕනේ කරුණු ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් නියමයි.
වැදගත් ලිපියක් මචු.. මට තියෙන්නෙත් ඉන්ටෙල් ඇටෝම් මෙව්වා එකක්. මිනී කොම් එකක්. පට්ට හරිම පහසුයි.
ReplyDeleteහැබැයි ලංකාවට උඩ කියූ පහසුකම් ආවොත් කොච්චර දෙයක් ද කියලා හිතෙනවා. හැබැයි එකට අපි මැරුණ තැන් වල ගස් පැළවෙන්න වෙයි.
තාම හරියට GSM නැති රටේ නේ 4G තියෙනවා කියන්නේ ඉතිං කුමන කතා ද ?
මම - Bora Diyaka Induwara
ලංකාවෙ උගතුන් බුද්ධිමත් නැහැ... ඒ නිසා ඉන්ටනෙට් කියන්නෙ දේශපාලනිකව වැදගත් යටිතල පහසුකමක් විදියට දකින්නෙ නැහැ..
Deleteපාරවල්,වරාය,ගොඩනැගිලි වගේම අන්තර්ජාල පහසුකනුත් දියුනු වෙන්න ඕනි කියන එක ගැන ලොකු අයිඩියාවක් බහුතර ජනතාවට නැහැ..
කවදාවත් ගේම් ගහන්නෙත් නැති. ග්‍රැෆික් කරන්නෙත් නැති අයෙකුගේ පුද්ගල පරිඝනකයේ අමතර විශාල වීඩියෝ මතකයක් තිබෙන එකේ ලොකු වැදගත් කමක් නැහැ. mamanam lap eke thiyena 2gb vga eka use karanne game gahannama thamay
ReplyDelete