දළදා පෙරහැර බලන්න නුවර ගියා පහුගිය දවසක. ඒකට යාලුවො කිහිප දෙනෙකුත් එකතු වුනා. අපි ගියේ පෙරහැර බලාන්ට. පෙරහැර බලන්ට ගිහින් ඒකත් බලලා. මාලිගාවත් බලල අලිත් බලලා ආවා. බොහොම සන්තෝස ගමනක්. ගමනට අනුග්‍රාහක භවතියන් කිහිප පොළක්ම සහභාගි වුනා. නම් වශයෙන් ගම් වශයෙන් කියන්න පුළුවනි. ඒත් ඉතිං අර පංසලෙ පිංකමට රුපියල් පහක් දුන්නම විස්තරේ කවියෙන් කියනවා වගේ මෙතන පිං පත්තරේ දිග අරින්න බැහැ.
මේ පෙනෙන මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුව ඉදිකර ඇත්තේ එක් දාස් අටසිය ගනන් වල මුල් භාගයේදීය. මෙය ඉදිකරන ලද්දේ දේවේන්ද්‍ර මූලාචාරියා නැමැති අයෙකි. දේවේන්ද්‍ර මූලාචාරියා පහතරටට සහ උඩරටට යන දෙකටම නෑකම් කියූ අයෙක් බව මා කුඩා කල සිව්දෙස පොතක කියවා ඇත.මේ දේවේන්ද්‍ර මූලාචාරියාගේ පියා කොත්මලේ පෙදෙසේ අයෙකු ලෙස දැක්වෙන අතර මව මාතර දෙවිනුවර ප්‍රෙද්ශයේ අයෙක් ලෙස හැඳින්වේ.
මහනුවර දළදා මාලිගයට පමණක් ආවේනික වූ ගෘහ නිර්මාණ ශිල්පීය දක්ෂතා මේ දේවේන්ද්‍ර මූලාචාරියා විසින් සිදු කොට ඇත. මූලාචාරියා යන පදයෙන් ගෘහ නිර්මාණ ශිල්පියා යන අර්ථය පමණක් නිරූපනය නොවේ. කෙසෙල් කොට වලින් තැනූ පත්තිරිප්පුවේ ආකෘතිය මහරජතුමාට පෙන්වා ඉන් පසු අදාල ලී දඩු කපා සකස්කොට ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීමද දේවේන්ද්‍ර මූලාචාරි විසින් කොට ඇත.
නුවර වැව ඉදිකිරීම. රජතුමාට ගමන් ගැනීමට මාර්ග ඉදිකිරීම, වැව වටා අලංකාර බැම්ම ඉදිකිරීම මූලාචාරියාගේ තවත් වැඩ කිඩ කීපයකි.
මහනුවර අපිට අද පෙනෙන වැව නිර්මානය කොට ඇත්තේද මේ මූලාචාරියානෝය. එතුමා එහි මැද දූපතක්ද රජතුමාට සහ බිසෝ වරුන්ට නාන්නට පිලි සකසන්නට තැනක්ද නිර්මාණය කොට ඇත්තේය. මේ වැව මගින් මහනුවර නගරයට අලුත් ආලෝකයක් උදා කෙරෙයි. අපට අද පෙනෙන්නේ නුවර වැව වන මෙය බෝගම්බර වැව නොවේ. මීට අමතරව රජ දවස තවත් ගැඹුරු වැවක් බෝගම්බර වැව නමින් නුවර නගර සීමාවේම තිබී ඇත. එහි බැම්ම වත්මන් නුවර දුම්රිය ස්ථානය අසබඩින් වැටී තිබුන බව ලේඛන වල සඳහන්ය.එක් දාස් අටසිය ගනන්වල එක්තරා කලකදී වැව් බැම්ම කැඩී ගියායින් මතු නුවර දුම්රිය ස්ථානය ඉදිකල බැව් අන්තර්ජාලීය තොරතුරු වල සඳහන්ය.
දැන් බෝගම්බර ජනප්‍රිය වන්නේ හිරගෙදරකට වන අතර “තට්ටු දෙකයි බෝගම්බර සිරගෙදර“ ආදි වශයෙන් ගීතද නිර්මාණය වී ඇත.
ඉදිකිරීම් ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, කඩු ඔටුනු තැනීමේ ශිල්ප ආදියෙහි කෙළ පැමිණ සිටි දේවෙන්ද්‍ර මූලාචාරියා රාජසිංහ රජවරුන් තුන් දෙනෙකුට සේවා සපයා ඇත. නමුත් ඔහුගේ අවසානය ශෝචනීය කතාවකි.යමෙකු දක්ෂයෙකු නම් ඔහුගේ දක්ෂතා ඔපමට්ටම් කොට ඉදිරියට ගැනීමේ වටපිටාවක් එකලද තිබිලා නැත. ඒක නිසා අනෙක් ඇමතිවරුන්ගේ සිතාමතා කල කෙනෙහිලිකම් නිසාත් රජතුමාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාත් දේවේන්ද්‍ර මූලාචාරියාට අකාලයේ මියපරලොව යන්නට සිදුවී ඇත.
මේ බල්ලා සිටින්නේ පේරාදෙණිය දුම්රිය ස්ථානයේය. අපි නුවර මාලිගය බැලීමට යෑමට පෙරදින පේරාදෙණියට ගොස් අපේ මිතුරකුගේ ගෙදර නවාතැන් ගත්තෙමු. නුවර දුම්රියේ අපිට ටිකට් ලැබුන මුත් ආසන තිබුනේ නැත. එහෙත් වැඩිපුර සෙනගක් හිටගෙන ගියේ නැත්තේ වෙන් කරන ලද ටිකට් තිබුන නිසා වෙන්න ඇත.
දෙවනි රාජසිංහ මාවත නැමැති මහවැලි ගඟ අයිනෙන් ඇති මාවතක අපි නවාතැන් ගත් නිවෙස විය. එහි සිට අපිට වැල් පාලමකින් එතෙර වී බස් එකේ ගොස් ලේසියෙන් නුවරට ළගා විය හැක. මේ වැල් පාලම හදලා තියෙන්නේ ජෝන් කොතලාවල උන්නැහේ ගේ කාලයේ සිටි මිනිස්සුය. 1939 දී සර් ජෝන් සන්නිවේදන සහ වැඩ ඇමති වූ බවකි මේ බෝඩ් එක මගින් දැක්වෙන්නේ.
මේ පාලමේ කොහොම ගියත් මගට යන විට ගැස්සෙයි. නමුත් එකල තැනූ පාලමම මඳ අලුත් වැඩියාවකින් තවත් ඇතැයි මට සිතේ. එකල මහත කම්බි ආදිය යොදා තනා ඇති නිසා ශක්තිමත්ව මෙය ඇති බවකි පෙනුනේ.
අපිට මාලිගාව බලන අතරතුර වටිනා අවස්ථාවක්ද දැකගන්නට ලැබුනි. පෙරහැරේ නටන නැටුම් කන්ඩායම් වල නැටුම් දියවඩන නිළමේ සහ අනෙක් නිළධාරින් විසින් නිල වශයෙන් නිරීක්ෂණය කරන අවස්ථාවකි මේ. උඩරට බෙර සහ උඩැක්කි කන්ඩායම් මෙහිදී නිලමේ තුමාගේ නිරීක්ෂණයට ලක් විය. මා ගේ පුද්ගලික අදහසක්ද මෙහිදී දක්වනු කැමැත්තෙමි. ඒ ගැන පාඨකයා කෝප නොවුව මනාය. මේ දියවඩන නිළමේ තුමා කලින් සිටි නිළමේ තුමා තරම් තේජසින් යුක්ත නොවන බවකි මට පෙනුනේ. අනෙක් මාලිගාවේ නිළධාරී තැන්වල තිබුන ගාම්භීර පෙනුම වත්මන් දියවඩන නිළමේ තුමා කෙරෙන් දිස් වූයේ නැත.
මේ සිටින්නේ නැදුන්ගමුවේ රාජා ඇතාය. ඇතාට දවල් වෙලාවෙ නිදහසේ ඉන්නට නැත. සුද්දෝ සුද්දියෝ මෙන්ම ලංකාවේ අයද ගොස් බඩ යටින් රිංගීම දලේ අල්ලා පොටෝ ගැහීම ආදිය කරයි. දළ අල්ලන විට ඇතා කෝප ගන්නෙ නැත. හොඳ බබා වගේ සිටියි. එසේ සිටින්නේ ඇතාගේ සංවරකම නිසාද නැත්නම් ඇත්ගොව්වාගේ අත මේ පිංතූරුවේද පේන්නට තිබෙන හෙන්ඩුව නිසාදැයි දන්නේ ඇතාම පමණි.
මේ අලි ඇතුන් ගැන ඇති ප්‍රවාද ගනනාවකි. පෙරහැර කාලෙට නොයෙක් බොරු කතාන්දර පත්තරවලද වෙබ් වලද යති. නමුත් පෙරහැරේ යන සියලුම අලි ඇතුන් පෙරහැරේ යන්නේ හොඳින් යදම් වලින් බැඳීමෙන් අනතුරුව වෙයි. මේ අලියාට මේ ඇත්ගොව්වා විසින් දම්වැල් දමන්නේ නාන්න එක්කරං යන්නට විය යුතුය. මේ දංවැල උගේ හොඩයෙන්ම ඌට දාගන්නට සිදු වී ඇත.
මිනිස්සු යන සත්තු ජාතියට වසර පුරාම මද කිපේ. ඔවුන් ලිංගික වශයෙන් වඩාත් සක්‍රිය වූ කාලසීමාවල් වාර්ශිකව නොපිහිටයි. නමුත් අලින්ට එක්තරා කාල සීමාවකට උන්ගේ ලිංගික හැඟීම් වැඩිපුර උද්දිපනය වෙයි. මේ අලියාට එහෙම ලෙඩක් හැදිලද? නැත්තං අලි ලෝකෙ සනී ලියොන් වගේ අලි කෑල්ලක් වත් මේ අලියගේ දර්ශන පථයට හසු වෙලාද? අනේ මන්දා සුදු ඇත්තො සහ අලි බලන ඇත්තො මේ අලියා දිහා බලං හිටියා. මිනිස්සුන්ට නම් මානසික උත්තේජනය ලිංගික උත්තේජනය බවට පත්වෙනවා. එතනදි මිනිහා ඉන්නේ කොයි තරම් ධාර්මික සැදැහැවත් ශීෂ්ටාචාරයට අනුකූල තැනක වුවත් ඒ තැනක ඉන්න පිටින් පේන සිල්වත්ම මිනිහාට වුනත් මානසික තත්වය අනුව ලිංගික පිබිදීම ඇතිවෙන්න පුලුවනි.
ඉතිං මාලිගාව පේන මානෙ හිටියා කියලා අලියාට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? රෙදි වලින් වහලා බැටරිය බඩේ ගැටහලා ලයිට් දාල ගියාට ඒක ඇතුලෙ ටිකක් අපේ දහමට නොගැලපෙන සත්ව හිංසාවක් සිද්ද වෙනවා. ඒ ගැන දුකයි.
රාත්තිරි පංසලකට ගියාම පොටෝ ගන්න ලස්සන තැනක් තමයි ගෑනු ලමයි පාන් වැටවල් වලට තෙල් දාන දර්ශනය. ගෑනු ලමයිම නෙමෙ වයසක ආච්චියෙක් වුනත් පාන් දැල්ල මූනට වැටිලා ලස්සනට පේනවා. අපි ගියේ දවල්. මං පිංතූර හත අටක්ම ට්‍රයි කලා හරිගියේ නැහැ. මේ වගේ තැනක පහන් පත්තු කරන්න වෙනම තැනක් තියෙන එක පුරාවස්තු වලට හොදයි. නැත්තං පහන් දැලි සහ රස්නෙට ඒවා විනාස වෙල යන්න ඉඩකඩ තියෙනවා.
මේ ඉන්නෙ කොළඹ අස්සයෝ. කොළඹ අස්ස යාලුවොත් නුවර ගිහින් තිබුනා. මං දැක්කා තැන් තැන්වල අස්සයින් පිට නැගලා වාහන සහ මිනිස්සු හසුරුවන අසරුවෝ. අසරුවෝ හරි ලස්සනයි.එක අතකින් බැලුවාම අස්සයත් මේ පිට උඩ මිනිහෙක් තියාගෙන පුදුම වහක් නෙව කන්නෙ. ඒ වාගේ ලංකාවෙත් ඉතිං වන අලි ගහනය උවමනාවට වඩා වැඩි නම් ගෙවල් වලට පැනලා අහිංසක මිනිස්සුන්ගේ හාල් ලුනු සීනි ටික අරං ගිහිං වාත වෙනකල් ඉන්නෙ නැතුව මේ වගේ ට්‍රැෆික් හැඩල් කරන්න වගේ අලි යොදාගන්න පුලුවනි. එහෙම හිතුවම මම මෙ ්ලිපියෙම කලිං ලිව්ව අලින්ට පවු කතාව අහෝසි වෙනවා.ගම් වලට පැනලා මිනිස්සුන්ට අලි ගහනවා කියන තැනදි අලිත් පවු. මිනිස්සුත් පවු.වැඩියෙන් පවු මොකද්ද? දෙයියො තමයි දන්නෙ..

රාජ ඈතා බෑලුවෙ නෑතෙයි
ReplyDeleteපුංචි කාලෙ බැලුවා.. දැන් අර ඔරිම ජිනල් එකා බැදල තිබුනෙ ඒ කිස්ටුව.. ඉතිං මං නැදුන් ගමුව ඇතා ටෝක් කරන්න කියල කිස්ටු වුනා.. හරියන් නැහැ.. ඇත්ගොව්වා වැඩිපුර සලකන්නෙ සල්ලි දීල බඩයටින් යන අයට සහ පොටෝ අරං සල්ලි දෙන පිංවතුන්ට..
Deleteනැදුන්ගමුවේ ඇතා කියන්නේ බලං ඉන්න වටින සතෙක්... පෙරහැර හින්දා සහ අධික සෙනග හින්දා දම්වැල් දැම්මද දන්නේ නැහැ..නැත්තං සාමාන්‍යෙයන් කිරිඳී වැල පැත්තේ එහෙ මෙහෙ කරක් ගහද්දී ලේසියකට දම්වැලක් එක්ක දකින්න වෙන සතෙක් නෙවෙයි... බොහෝම නිදහසේ ජීවත් වෙන සතා.. ඌට හිරිහැරයක් කරන එහෙකුටවත් අනිත් පැත්තට කරදරයක් කරන ජාතියේ නෙවෙයි...
Deleteඇත් ගොවුවෝ කියන්නේ ලෝක අණ්ඩපාලයෝ...
මිනිස්සුන්ට අලි ගහනවා කියන තැනදි අලිත් පවු. මිනිස්සුත් පවු.වැඩියෙන් පවු මොකද්ද?
ReplyDeleteමේකෙ දෙපැත්තම පවු තමයි. මිනිස්සුන්ට කොච්චර හිරිහැර කළත් සතෙන් අනතුරකට පත්වෙච්චම ඒ සතාට උදව් කරන්නත් ඒ මිනිස්සු පැකිලෙන්නෙ නෑ. ඒ වගේම සත්තුන්ගෙ දේපළ අල්ලගෙන මිනිස්සු වගා කරන්න පටං ගත්තම සත්තුන්ට කරන්න දේකුත් නෑ මංකොල්ල කනව ඇරෙන්න.
'මේ දියවඩන නිළමේ තුමා කලින් සිටි නිළමේ තුමා තරම් තේජසින් යුක්ත නොවන බවකි මට පෙනුනේ.' මේ කතාවනං බොහෝ දුරට ඇත්ත.
බොහොම අගේ ඇති විස්තරයක්. ආයෙත් යන්ට හිතයි දළදාව වඳින්ට. අන්තිම වතාවෙ යද්දි, දැන් මාස දහයකට විතර උඩදි, අපි දෙන්නා ගියේ. දෙන්න කිවේ කෙල්ලයි මමයි. පාන් වැටවල් වලට තෙල් දාන දර්ශනය දැක්කමයි අතීතෙට ගියේ. මට හොඳටම මතකයි අර පහන් වැට ගාවදි අපි දෙන්නා එකතු වෙලා එක තෙල් බෝතලයක් අත්වලින් අල්ලගෙන පහන්වලට තෙල් දැම්මා. දැන් ඉතින් මම විතරනේ. තව ටිකක් පහු වෙලාම යනවා මතක අලුත් වෙන හන්දා පරණ මතකවලට තව කාලයක් ඉසිඹුලන්ටම ඉඩ දීලා. ඔය අස්වයොම නේද world trade center එක කිට්ටුව හැමදම හැන්දෑවට ඉන්නෙත්.
ReplyDeleteදැන් බෝගම්බර වැව තියෙන තැන ඉස්සර තිබිල තියෙන්නේ වෙල්යායක්.මුලුමනින්ම මිනිස් ශ්‍රමය අවශ්‍ය වන වැව් කර්මාන්තය වගේ දේකට රාජසිංහ රජතුමා ජනතාව යොදවන්නනේ තමන්ට විරුද්ධව කැරලි ගැසීමට අවකාශය නොදීමට ලු.ඒක සෑහෙන දුරට සාර්ථක උණා.
ReplyDeleteoba hari, den inna diyawadana nileme oya thanathurata sudusukam nethi ayeki, mahinda lokkage deshapalan hayen apu hal paruweki.
ReplyDelete