මීට වසර තුන්සියකට පෙරාතුල ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නමින්
ක්‍රමික යාන්ත්‍රනයක් නොවීය. ගොවියාගේ පුතා ගොවිකමත් වඩුවාගේ පුතා වඩුකමත් හුරු වූ
අතර ගැහැනු හැකි පමණින් පිරිමින්ට උදව් කරමින් සිටියෝය. පංසල කේන්ද්‍ර කොටගත්
ආගමික ඉගැන්වීම් පෙළක්ද ජෝතිශ වෙද කම් ආශ්‍රිත අධ්‍යයන ක්‍රමයන්ද තියෙන්නට
ඇත. නමුත් ඒ සියල්ල ඒ ඒ සීමිත පිරිස්වලට සීමා වූ දැනුම විය.
රබීන්ද්‍රනාත් තාගෝර් තුමා අධ්‍යාපනය ගැන සහ ගම ගැන දැරූ
ආකල්ප ගාන්ධි තුමාගේ ආකල්ප හා සමපාත නොවිය. එකම කාල සීමාවක ජීවත් වූ ශ්‍රේෂ්ඨයින්
දෙදෙනකු වුවත් ඔවුන් මත අතින් සමපාත නොවීය. එක් අයෙක් අනිකාගේ දෑත ශක්තිමත් කරන්නට
නොගිය අතර අනෙකාද විරුද්ධ මත දරන සිය මිතුරා සතුරෙක් කොට ගත්තේ නැත.
තාගෝර් තුමාගේ ශාන්ති නිකේතනය වනාහි අලුත් තාලේ අධ්‍යාපන
මධ්‍යස්ථානයක් විය. ගම් වල සිටි කොලු කුරුට්ටන්ට තාක්ෂණය ලබාදෙන්නට තාගෝර්තුමා
විදෙස් වලින්ද තාක්ෂණ කන්ඩායම් ගෙනැවිත් ගම් වැසියන් පුහුනු කර තිබේ. ගමේ ජනතාව
නාගරික ප්‍රවාහයකට ඇද දමා හැමදාම අලුත් ලෝකයේ යමක් සොයන සිඟන්නන් පිරිසක් නොකර
ගමේම ස්වයංපෝෂිත ආර්ථික තත්වයක තැබීම තාගෝර්තුමාගේ අරමුණ වූ බව මා ඉන්දියානු
සඟරාවක තිබූ සටහනක දැක ඇත.
අමරිකාව හරි ලොකු රටකි. එහි ලංකාවේ තරම් ජනඝනත්වයක් බොහෝ
පිටිසර බද පළාත්වල නැත. අමරිකාවේද දුෂ්කර පැති තිබේ. ළමුන්ට ගණිතය වැනි විෂයන්
එහිද නීරසය. ළමුන් ලංකාවේ සිටින සීනිබෝල ළමුන්ට වඩා මුහුකුරා ගොස් ඇත. ඔවුන් සමාජය
හා බැඳුනු ළමෝ වෙති. එවන් සමාජයක ගුරුවරයෙක් වීම වනාහී අමාරු රාජකාරියකි.
පවතින ක්‍රමය විවේචනය කරනවාට වඩා අලුත් ක්‍රමයක් ඇරඹීම
සිය දහස් ගුණයකින් අමාරුය. පවතින ක්‍රමය සියල්ලෝම විවේචනය කලත් අලුත් ක්‍රමයක් යන
සංකල්පය සියල්ලන්ම එකම ආකාරයට දකින්නේ නැත. එක් අයකුට අලුත් ක්‍රමය යනු ඔහුට වඩාත්
වාසි සලසන ක්‍රමය වෙන අතර තවකෙකුට අලුත් ක්‍රමය යනු සිය ගමට වඩාත් වාසි සහගත ක්‍රමය
වෙයි. නවීන සමාජයක නම් අලුත් ක්‍රමයක් අලුත් සමාජ වැඩක් යනු බොහෝදෙනාට සුව ලැබෙන
පුළුල් වැඩකි.
සමහර පැතිවල අමරිකානු මිනිසුන් හැදිලා නැත. අකීකරුය.
සැරපරුෂය. නිතර කුනුහරුපෙන් බනින සුළුය. යොවුන් වයසේ අමරිකන් කාරයෝ කිහිප දෙනෙක්
මාගේ සෝසල් නෙට්වර්ක් එකක සිටින අතර ඔවුන් නිතර කුනුහබ්බෙන් බැනගනී. ගෑනු පිරිමි
වෙනසක් නැතුව ෆකින්,ඈස්හෝල් ආදි කැත වචන කියා ගනිති. ඒ අව් අස්සේ ඔවුන්ගේ චූන් වලට
කොමෙන්ට් කරන්නට ගොස් මමද දෙතුන් වතාවක් කෙල්ලෙකුගෙන් සැපට කුනුහබ්බ ඇසුවේය.
කුනුහබ්බ ඇසුවා වුවත් ඇය ලක්ෂණ කෙල්ලකි.
මා පහුගිය දවසක ලංකාවේ අමරිකානු මධ්‍යස්ථානයෙන් නිකම් පෙන්වන චිත්‍රපටියක් බලන්නට ගියෙමි. එය Stand and Deliver නම් සිනමා පටයකි. එහි කතාන්දරය වූයේ යොවුන් වයසේ මුරන්ඩු ළමයි කන්ඩායමකට ගණිතය උගන්වන්නට යන ගුරුවරයකුගේ සාර්ථකත්වය මුල් කරගත් එකකි. එය අමරිකාවේ සත්‍ය සිදුවීමක් මත පදනම් වූ කතාවකි. 3 idiot හි ඇති අධි රංගන ස්වරූපය සහ අහඹු බවට වඩා මෙම සිනමාපටයේ ස්වාභාවික ගතිය විශිෂ්ඨය. නමුත් එය සත්‍යම සිදුවීමක්දැයි සිතෙන මට්ටමටම කතාවේ කතා නායකයා හෙවත් ගුරුවරයා දක්ෂයෙකි.
ලංකාවේ අධ්‍යාපනය කියන්නේ 'දැනුම දෙන එක'...දැනුම කියලා දෙන්නේත් දශකයක් විතර පට්ට ගහපු දැනුම....
ReplyDeleteවෙන රටවල අධ්‍යාපනය කියන්නේ 'දැනුම හොයාගන්න විදිහ' කියලා දෙන එක...ඒකයි බටහිර රටවල 9-10 ඉගෙන ගන්න එකාත් 'රීසර්ච්' කරන්නේ...
රබීන්ද්‍රනාත් තාගෝර් මැතිතුමා ඉංගලන්ත විශ්වවිද්‍යාලයක් ඇදුරෙක්..එතුමාගේ බටහිට ඇසුර, මහත්මා ගාන්ධිට වඩා නිදහස ලෙස වෙනස් විදිහකට හිතන්න් බලපෑවා...
ගාන්ධි -තාගෝර් මථ ගැටුම්. ඒ දෙදනා අතර හුවමාරූ උන් ලිපි , මගෙත් සිත ගිය තැනක්....
මගෙ අක්ක කෙනෙක් ඉන්නව ඩොක්ටර් කෙනෙක්.එයාගෙ අම්මට කෙන්ඩ පෙරලිමක් ආවම කරන් දෙ දැනගෙන හිටියෙ නැ
ReplyDeleteඅධ්‍යාපනය කියන්නෙ සාපේක්ශ දෙයක්. එය කාලය, දේශය, වයස වගේ දේවල් වලට සාපේක්සයි. නමුත් මේ පෝස්ටුවෙ එය නිරපේක්ස වශයෙන් සලකල තමයි කතා කරන්නෙ. ඇමරිකාවෙ අධාපන ක්‍රමය ඔතරම් දියුනුනම් එරට සිසුන් ගුරුවරුන්ට වෙඩි තියන්නෙ ඇයි? අධ්‍යාපනය තුලින් භෞතික මෙන්ම ආධාත්මික වර්ධනයක් ඇතිවිය යුතුය.
ReplyDeleteඅතීත පෙරදිග අධ්‍යාපන ක්‍රමය අති විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක්. උදා වෙඩිබෙහෙත් සොයාගත් චීන ජාතිකයින් එයින් මල් වෙඩි සෑදූ අතර එම දැනුම සොරාගෙන බටහිර ජාතිකයින් විනසකාරී ආයුද නිශ්පාදනය කලේය
අනෙක් අතට පෙරදිග විද්‍යාවන් අංග සම්පූර්න ඒවා වූ බැවින් අලුත් සොයාගැනීම් බොහෝවිට අනවශ්‍ය විය. උදා පෙරදිග වෛද්‍ය විද්‍යාව
ානුරාධපුර වැනි මහා පරිමාන කර්මාන්ත කිරීමට ාතීතයේ මෙරට කෙතරම් දියුනු අධ්‍යාපනයක් තිබුනාදැයි සොයා බැලීම වටී
ලංකාවේ දැන් පවතින අධ්‍යාපන ක්‍රමය බ්‍රිතාන්‍යයින් විසින් ආරම්භ කිරීම හා එම ක්‍රමය නොවෙනස්ව පවත්වාගෙන ඒම පිලිබදව විමර්ශනයක් සිදුකොට බලන්න
අධ්‍යාපනය කාලය අනුව වෙනස් වෙන්න ඕනි.. අමරිකාවෙ එහම වෙනස් වෙලා එයාලට ඕනි එකක් තියෙනවාත් ඇති.. නමුත් අපේ එහෙම එකක් නැහැ.. මම කියන්නෙ අමරිකන් සිලබස් එක මෙහෙ උගන්වන්න නෙමෙයි.. ඒ ක්‍රමයේ ඇති සාධනීය ගති මෙහෙට ගන්න පුලවන් කියන එක..
Deleteපෙරදිග ඒ කාලෙ මිනිස්සු අඩුයි.. ඒ තිබුන ක්‍රමයේ සීමිත අවශ්‍යතාවයන් යටත් මිනිස්සු තමුන්ට වැදගත් දේවල් කලා.. චීනයට ලොකු ප්‍රශ්ණයක් සතුරොත් එක්ක තිබුන නිසා චීන්නු වෙඩිබේත් සහ චීන ප්‍රාකාරය සොයාගන්න ඇති.. අපේ රජරටට වතුර එක්ක ගේමක් තිබුන නිසා එයාල ඒ විදියට වාරිමාර්ග හදන්න ඇති... අතීතයේ කෝක තිබුනත් අද ලෝකය අයිති වෙන්නෙ බටහිර චින්තන ධාරාවට.. කොටින්ම අද බුදු බණ වුනත් බටහිර සුදු සාදුකෙනෙක් කියනකොට ඒකෙ හරයක් තියෙනවා.. අපේ අයියලා කියන බයිල වලට වඩා..
අංගසම්පූර්ණ නම් ඒක කොහෙත්ම විද්‍යාවක් වෙන්නෙ නැහැ.. පෙරදිග වෛද්‍ය විද්‍යාව දියුනු ඇති. නමුත් අද ට ඒක ගලපන්න අමාරුයි.. අද රෝග සහ මිනිස්සුන්ගේ වෙනත්අවශ්‍යතා විවිධයි..
අනුරාධපුරේ තිබුන වාරිමාර්ග විස්තර මුලින්ම ග්‍රන්ථයක් බවට පත්කලේ බ්‍රෝහියර්.. බ්‍රෝහියර් ඒක පොතක් කරපපු නිසා තමයි ඩී ඇස් උ්න්නැහැ ඒක කියවල ඒ පැත්ත ජනපදකරනය කලේ.. සමහර ප්‍රශ්ණ මිනිස්සුන්ට කාලයක් තියෙන කොට එයාලට ඒවයි විසදුම් අත්දැකීමෙන්ම ලැබෙනවා.. එතන ලොකු විද්‍යාවක් තියෙනව කියලා හිතන්න අමාරුයි..
බ්‍රිතාන්‍යයන්ට කිසිදු අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ ඔවුන්ගේ යටත් විජිත වැසින්ගේ පරිකල්පනය දියුනු කරන්න.. උන්ට ඕනි වුනේ තමුන්ගේ වැඩ වලට මිනිස්සු ටිකක් මෙහෙන් හොයාගන්න..අදටත් අපේ අයියලා මැනේජ්මන්ට් ෆේල් ඒ නිසා පිටරට ගිහින් කාගෙහරි යටතේ වැඩකරන්න දක්ෂ වුනාට තමුන්ට තනියම වැඩක් කරන්න අමාරුයි ගොඩක් අයට... කලත් සාර්ථඛ වෙනව අඩුයි..
තවම යටත් විජිත මානසිකත්වයේ ඉන්න ඔබතුම වගේ සමහර අයට සුද්දෙක් පැඩ්ඩත් සුවදයි. ඒ පඩේම අපේ එකෙක් ඇරියොත් ගදයි
Delete//මිනිසුන් මකා කනපිට හරවා එකම දෙසට තල්ලු කරන සමාජ ප්‍රවාහයකට වඩා යන්නට කැමති අයට සුළු තල්ලුවක් පමණක් දෙන අමරිකානු අධ්‍යාපන විදිය මගේ සිත් ගත්තේය.//
ReplyDeleteමෙය සහතිකෙන්ම ඇත්තය.එංගලන්තයේ අධ්‍යාපණ ක්‍රමවේදය තුලද ගවේෂණය තුලින් ඉගෙණ ගැනීම හුරු කරයි.නිදහස් මිනිසුන් බිහිවීමට එය ඉවහල් වෙන බව මම හිතමි.
බටහිර විද්‍යාව කියන්නෙ තනිකරම බයිබලය මත ගොඩනැගුන දෙයක්. බයිබලෙ සතුන් මැරීම තහනම් කරල තිබ්බනම් ඔය එක විද්‍යාඥයෙක්වත් සත්තු මරයිද? එහෙනම් අපේ ගොයියලත් උඩින්ම ඒක පිලිගනි
ReplyDeleteබටහිර විද්‍යාව තනිකරම බයිබලය මත ගොඩනැගිලනම් නිකලස් කොපර්නිකස් පෘථිවිය ඉර
Deleteවටේ යනව කියල හොයාගනිද
පෘතුවිය ඉර වටේ යනව කියල ඉගන ගන්න අයම දෙයියන්නාන්සෙ ලෝකෙ මැව්ව කියල පිලිගන්න අධ්‍යාපන ක්‍රමයෙ වැරද්දක් තියෙනව කියල හිතෙන්නැද්ද?
Deleteමේ ෆිල්ම් එකේදි එක වරක් එනවා පරීක්ෂකවරු වගයක්. ඔවුන් එන්නෙ ළමුන් ගේ පේපර් වල එකම වැරදි ටික සෙට් එකම කරපු නිසා..
Deleteඒ පරීක්ෂක මහතුන්ගේ ක්‍රියාකලාපය අපේ රටේ ඒ වගේම සෙට් එකකගේ ක්‍රියා කලාපය එක්ක බලනකොට විශිෂ්ඨයි..
දැන් මේ ඇනෝ අය මත අරං ඇවිත් දමලා කියනවා ඒක මගේ මතය කියලා.. නැහැ.. ඕව මගේ මත නෙමෙයි. මං එතන ඉන්නවා කියලා ඔබ හිතනවා.. ඒක ඔබේ හීනමානය.. මට මේ ආටිකල් එකම ඔය කියන බටහිර චින්තනයට බැනලා සිංහල ජාතිය බෞද්ධ ආගම උඩින් තියලා ලියන්නත් තිබුනා.. ඒ කරලා මේ ෆිල්ම් එකම බටහිර අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමයේ නිරුවත කියන තැන ඉඳන් ඒකට අවශ්‍ය කරුනු දාල ලියන්නත් තිබුනා.
නමුත් මම උත්සාහ කලේ මට දැනුන සුලු දේ බෙදාගන්න විතරයි..
මේ කියවන කට්ටිය මොනවාද මේ කියන්නේ? අමිල මේ සිනමා පටයට පාදක වෙලා තියෙන්නේ Jaime Alfonso Escalante Gutierrez කියන බොලිවියානු සම්භවයක් සහිත ඇමෙරිකාවට සංක්‍රමණය වුන මිනිසා/ගුරුවරයා ගැන. විකිපීඩියාව බැලුවොත් එහිත් මේ ගැන තියනවා. ඔබ කියන වැදගත්ම කරුණ, එනම් ගුරුවරයෙකුට අධ්‍යාපනයේදී (විශේෂයෙන් පාසල්) මොන තරම් දෙයක් කරන්න පුලුවන්ද කියන එක කිසි කෙනෙක් ගණන් අරන් නැහැ වගේ.
ReplyDeleteමේ ගැන තියෙන විස්තර වල ඒ කාරණය සදහන් වෙනවා.. ෆිල්ම් එක හදපු කෙනාත් දක්ෂයෙක්.. ෆිල්ම් එක පුරාවට අපේ මනස ඒක තුල තියාගන්න උත්සාහ අරන් තියෙනවා..
Delete