Saturday, October 8, 2011

සිරිධම්මයාගේ සුනාමි ව්‍යාපෘතිය..

සාසනයේ අවුරුදු පන්දහසක් ගිය තැන හිනෙහි කහ නූලක් පමනක් ඇති ගෙවලින් අහර සොරාකන මුඩුමයන් පිරිසක් සාසනයේ රැඳෙන බවත් එකලට ඒ නිවෙස්වලින් බත්මුට්ටි සොරා ගෙන ලුනු ගම්මිරිස් සොරාගෙන දුවන දුසිල් මහන පිරිස් දැක අනේ මූ ඒක කෑවාම මොකොද යැයි සිතුවොත් ඒකත් මහ පිනෙකැයි අපේ බණ පොත්වල ඇත..නමුත් බුදුන් බුදුවී දැනට වස් දෙදාස් හයසීයක් ගිය තැනම සිවුර පවා වෙනැස් කැරගෙන සිය මුව්න්ම තමාට අරක ඇතිය මේක ඇතිය කියා බුදුන් වදාල දහමට නිගා දෙන සෝවාන් සකෘදාගාමී..අනාගාමී වීම සිම්පල් යැයි පෙන්වන විසිලු සිවුරු දාගත් සොරෙකු පහල වී ඇත..
ඔහු ගේ කලින් නම පිටිදූවේ සිරිධම්ම ස්ථවිර යන්නයි..එහෙත් මේ අඩවිය කියන පරිදි මූ සිවුර සහ නම මාරු කරගෙන ඇත...

ගසෑකෑමේ ප්‍රවෘත්තිය කෙසේද යත්...
මෙකලට වර්ෂ පහකට පමණ පෙර මුහුදු රකුසා කැලඹී මහා ව්‍යසනයක් කරමින් සුනාමි රකුසා දකුනු නැගෙනහිර වෙරල බඩ පෙදෙස් වලට ඇතුලු විය..ඒ අවස්ථාවේ විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් විසින් එක්රැස් කරන ලදුව ලංකාවේ බොදු පිරිස වෙනුයෙන් දුන් විසල් මුදලක් ගසා කෑ අවස්ථාවක් සලකා බලමු.කොළඹ කතරගම පාරේ කොළඹ සිට කතරගම යනවිට කොළඹ සිට කිලෝමීටර 204ක් ගිය තැන තවදුරටත් පාරේම කඳුගැටයක් පෙනේ..ඒ කඳුගැටය මස්තකයේ ඇති මනස්කාන්ත හිටි බුදු පිලිමෙයකි..ඒ අතරම ඒ අසල තිබු පුවරුවකි..කලක් තිබී දිරාපත් වූ ඒ දැන්විම් පුවරුවේ තිබුනේ භාවනා මධ්‍යස්ථානයක් සහ වැඩිහිටි නිවාසයක් ඉදිකෙරන බවය..නමුත් තැනුනේ පාරට පේන බුදුපිලිමය පමණි.බුදු පිලිමය තිබෙන තැනින් දකුනට හැරි මද දුරකු ගමන්කල විට..ඉන්පසු ගොඩනැගිලි වල අත්තිවාරම් සහ බිත්ති කිහිපයක් පෙනුනත් ඉන් එහාට කිසිදු වැඩක් නොකෙරුණි..
එකල එනම් 2008 වර්ෂයේදි පමණ පිටිදුවේ සිරිධම්ම නැමැති චීවරධාරියා විසින් මේ ව්‍යාපෘතිය පටන් ගන්නා ලදී..මේ ව්‍යාපෘතියට අවැසි මුදල් ලබා දුන්නේ ප්‍රංශ රටේ බෞද්ධ ජනතාව විසිනි..ප්‍රංශ වැසියන් විසින් සහ එහි වෙසෙන ලාංකිකයන් විසින් එකතු කරන ලද මුදල් එවක ප්‍රංශ රටේ නායක ස්වාමින් සහ පිටිදුවේ ගේ ගුරු ස්වාමින් වහන්සේ වන හිමිනමට ලබා දී ඇත...තට්ටු බිල්ඩින් සහිත විසල් ගොඩනැගිලි සහ භූමි තැනීමට නියමිත වූ මිලියන ගණනක එම මුදල එම ප්‍රංශ රටෙ නායක ලාංකික හාමුදුරුවන් විසින් පිටිදූවේ හිමිට ලබාදී ඇත..
නමුත් ආරංචියේ හැටියට මුල් කාලයේ ආරම්භ කිරීමෙන් පසු කිසිදු වැඩකට නොගෙන එම මුදල් පිටිදුවේ සිරිධම්ම විසින් යටිමඩි ගසාගෙන ඇත..
ලංකාවේ මේ ව්‍යාපෘතිය සම්බන්ධව සිටි විශාලම කෙනා මේ පිටිදූවේ සාදුය..එහිමියන් විසින් මුදල් ලබානොදෙන කල කොන්තරත් කරුවෝ පලාගිය අතර දැන් අවුරුදු 3-4ක පටන් ඉදිකල ඉදිකිරීම් අතරමග නතර කර ඇත..
එහෙත් ප්‍රංශ යෙන් මේ සියලු ඉදිකිරීම් නිම කිරීමට අවැසි මුදල් පිටිදුවේ සාදුට ලැබී ඇති බව එහි වැඩකර කොන්තරක් කාරයෙක් විසින් සොයාගෙන තිබුනි.
ඉන්පසු ඇති වූ බොහෝ කාරණා මත ලංකාවේ ප්‍රංශ නායක හිමි වන පරවාහැර නන්දරතන  විසින් පිටිදූවේ හිමි සිය සිසු තනතුරෙන් නෙරපන ලදී..
ඒ මිලියන ගණන පිටිදූවේ සිරිධම්මගේ සීලයට යටවී නොපෙනී ගොසින් ඇත...

9 comments:

  1. සීලෙට, රෙද්දට, හිනාවට, ලස්සනට, මුදලට යටවුනු කොච්චර දේවල් තියෙනවද ලංකාවෙ? මෙව්ව ගැන කතා කරන්න ගිහිල්ල ඇඟේ තියෙන ලේ ටික පිච්චෙනවා විතරයි.

    ReplyDelete
  2. තවත් චීවරධාරියෙක්. ලංකාවේ බෞද්ධ හරක්ට හොඳ සාධූ...

    ReplyDelete
  3. මේ මේ.. මෙතුමා සෝවාන්ද සකෘදාගාමීද කොහෙද වෙලාලු ඕං ඉන්නේ.. පවු සිද්දවෙයි!

    ReplyDelete
  4. මාර්ග පල ලැබූ උතුම් මිනිසුන් ඒ ගැන කයිවාරු නොගසති.මේ මිනිසාට මානසික රෝගයක් වැළදී ඇතැයි සිතමි

    ReplyDelete
  5. “මිලියන ගණනක“

    ඔයා ලග හරි තොරතුරු නෑ. ඉතින් ඔහේ කියනව.
    පිටිදූවේ සිරිධම්ම අසංවර වංචාකාරී හිමි නමක් වෙන්න පුලුවන්,,

    ඔයත් ඒ ගානට වැටිලනෙ...

    එයත් සෝභිත වගේ කෙනෙක් නම් ඒ ගැන බැලුම්ගලත් නිහඩව ඉන්න එකක් නෑ!!!

    (මම එයාගේ ඝ්‍රාවකයෙක්වත් කවුරුවත් නෙවී)

    දැන් බුද්ධ ශ්‍රාවකයන්ට හැම පංසලටම එක එක චෝදනා...

    මේවා ගැන හොඳට හොයල බලල කටයුතු කරන්න ඕන‍

    නැත්නම් ඔයාගේ මේ පොඩි මිෂනාරි උගුලට මේ කමෙන්ට් කරල තියෙන අයත් රැවටිලා කියල හිතෙයි..

    මම ස්ක්‍රීන් ප්‍රින්ට් ගත්තා...

    මේක ගැන සවිස්තරව වාර්ථා කලේ නැත්නම් මම මේක අදාල ආරක්ෂක අංශ බුද්ධ ශාසන අමාත්‍යාංශයට ඔයාගේ වසම් පොලීසියට දැනුම් දෙන්න ලෑස්තියි..

    ඊට අමතරව මම මගේ බ්ලොගයේ ඊට කලින් පල කරල ඔයාගේ මේ වැඩේ බ්ලොග් සහෝදර වරුන්ට කියනව‍.

    බලන්න කමෙන්ට් කරල තියන මිෂනාරී සාසනේම ඒ ගනයට දාලා ඔයාට හුරේ දාන හැටි... සතුටුද????

    ReplyDelete
  6. @අන්තිම ඇනෝ: බය හිතෙනවා. අනේ පලයන් ඩෝ යන්න. මෙතන කවුරුවත් මර්ඩර් එකක් දීලා නෑ., ඔච්චර නහින්න.

    හාමුදුරුවො තියා නඩුකාර උන්නාන්සෙ කලත් වැරැද්ද වැරැද්දමයි.

    ReplyDelete
  7. මේ අවසාන ඇනෝ වෙතයි...
    කොන්දක් නැති ඇනෝ කෙනෙක්ට පිලිතුරු දීමට සිදුවීම ගැන අතිශය කණගාටු වෙමි...
    ඒ2 මාර්ගයේ කිලෝමීටර 204.2ක් ගියතැන වන බුදුපිලිමය අසලින් ඇති පාරේ මීටර 600ක් ගියතැන මෙසේ බාගෙට තැනූ අතහැර දමා ඇති වත්මන් නටඹුන් දැක ගත හැක...
    මේ සම්බන්ධ මුදල් වාර්ථා පරවාහැර නන්දරතන හිමිගෙන් සහ වෙනත් මාර්ගවලින් ලබා ගත හැක...
    මං විස්තර හොයල දෙනකල් බලං ඉන්න පොඩිපුතේ..තමුන්ගෙ නිවුස් චැනල් එකේ දාගන්න..
    අනේ පලයං කැස්වටුවො යන්න..
    සවිස්තර වාර්ථා ලබා නොදෙමි...
    හැකි දෙයක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...

    ReplyDelete
  8. Annoගෙ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ මමත් කියන්න හිටියෙ මෙක කතාකරන්න හොඳ ලිපියක් ඒත් එකපාරටම නම දැක්කම බෞද්ධයෙකු හැටියට ඇගේ ලෙ කුපිතවෙනවා මමත් හාමුදුරුවන්ගෙ ක්‍රියාකලාපය සතෙකට අනුමත කරන්නෙ නෑ "සිරිධම්මයා" කියනකොට ලියන අපිව හෑල්ලුවකට ලක්වෙනවා පුලුවන්නම් මාතෘකාව "සිරිධම්ම හිමිගෙ සුනාමි ව්‍යාපෘතිය.." වගෙ නමකට පත් කරන්න එතකොට තිබුන එකට වඩා තියුනු අපහාසය මුසු බැල්මක් ලිපියට ලැබෙනවා.

    ReplyDelete
  9. "සිරිධම්මයා" යනුෙවන් ෙමාහු නිග්‍රහශීලීව දක්වා අැත්ෙත් ෙම් කර්තෘෙග් අනුවනකම ෙලාවටම ෙපන්වීමට විය යුතුය. ෙම් රෙට් මීට වඩා වැරදි කරන සාමාන්‍ය මිනිෙසකුටවත් අාමන්ත්‍රණය ෙනාකරන පරිදි කර අැති ෙමම ප්‍රකාශෙයන් ෙමාහු තමාෙග් දැනුම මනාව ෙපන්වා අැත.

    ReplyDelete