Saturday, October 8, 2011

අපේ ව්‍යායාමය..(Our Excercise)

අපි ඒ කිව්වෙ මම සහ තව යාලුවො දෙතුන් දෙනෙක් එකතු වෙලා පොඩි වැඩක් කරන්න පටන් ගත්තා..
ඒක ඇවිල්ල බොහොම සුලුවෙන් පටන් අරන් ලොකුවට  ගෙනියන්න පසුව  බලාපොරොත්තු වෙනව...අදියර 3ක් තියෙනව මේ ප්‍රොග්‍රෑම් එකේ..
  1. ටියුෂන් යන්න මුදල් නැති ලමුන් සිටින ජනප්‍රිය නොවන පාසලක ලමුන් කුඩා පිරිසකට ටියුෂන් දීම..මේ යටතේ අපි මුලින්ම පොඩි පාසැලක් තෝර ගත්ත ඒ පාසැලේ ඉන්නෙ ඕ ලෙවල් ලියන්න ඉන්න ලමුන් පනහකටත් අඩු පිරිසක්..බොහොමයක් අය ඉන්නෙ අධ්‍යාපනික පසුබිමක නොවන වග තමයි අපි ඒ පාසලේ සම්බන්ධ කරගතපු ගුරුභවතා විසින් කීවෙ...අපි 3 දෙනෙක් හිටියට අපි දෙන්නෙකුට තමා උගන්වන හැකියාව තියෙන්නෙ..අපි දෙදෙනෙකුට විතරයි..ඒ නිසා අපි පොඩි ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර දෙකක් දීල..ඒ ප්‍රශ්ණ පත්‍රවල ඇති ප්‍රශ්ණ වලට අදාල සියලු විශය කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනව..ඒ ප්‍රශ්ණ පත්‍ර වලින් එකක් නම් අපිට මුද්‍රනය කරගන්න හැකිවෙයි..ඒත් ගණිත ප්‍රශ්න ටයිප් කිරීමේ අපාසුව නිසා ලස්සන අකුරින් අතින් ලියා පොටෝකොපි කරල දෙන්න තමා හිතන් ඉන්නෙ...අපි කරන මේ වැඩේට අදාල විදුහල්පති තුමා එක්ක කතා කරල දින වකවානුවක් මේ ලඟදිම වෙන්කරගන්න තමා අපි බලාපොරොත්තු වෙන්නෙ...
  2. අයි සී ටී ගැන අවබෝධයක් නොමැති සිසුන් කැලකට අයි සී ටී ගැන අවබෝධයක් ලබාදීම..මේක කෙනෙක්ට මහා විහිලුවක් වෙන්න පුලුවන්..මොකද අද අයි සී ටී අතින් ලංකාව ලොකු තැනක ඉන්නව කියල පේන නිසා..නමුත් දුප්පත් දෙමාපියන් ගේ දරුවන් බහුතරය වෙසෙන ජනප්‍රිය නැති පාසැල්වල කම්පියුටරය තවමත් පවතින්නෙ ගෙදර තියෙන ටී වී එක තියෙන තැන...සමහර පාසැල්වල පරිගණක තිබුනත් ඒ පාසැල්වල උගන්වන්න අය නෑ..තවත් තැන්වල පරිගණක ලමයි දැකල තියෙන්නෙ පොටෝ වලින්..අපි මෙතනදි..අයි සී ටී ඕ ලෙවල් සිලබස් එකට අදාලව තනපු කුඩා පින්තූර සහිත නිබන්ධනයක් තනා ඉන්පසු ඒ අදාල මූලික හාඩ් වෙයාර් සහ බේසික්ම පාට්ස් ටි ක මුලින් කරන්න හිතනව..ඒත් අපිට වෙන්කරගන්න තියෙන කාල වේලාව සහ නිබන්ධන තැනීම ආදිය නිසා මේ වැඩේ තව මාස 2කට විතර පස්සට තමයි කරන්න වෙන්නෙ...
  3. වෘත්තීය මාර්ගෝපදේශනය....මා කලින් 1 හිසඳහන් පාසැල ගැන ඇසුවිට ඒ පාසැලේ ගුරුවරයා පැවසුවේ ඔවුන් බොහෝ දෙනෙක් උසස් පෙල හැදෑරීමටවත් මානසිකත්වයක නැතිබවයි..මේක ටිකක් සංකීර්ණ වෙන්න පුලුවන් මේ ගැන අවබෝධයක් නැති අයට...මෙන්න මෙහෙමයි කතාව..ඔය වගේ අඩු ආදායම් ලාභී පවුල්වල වගේම සමහර ආකල්ප දරණ පවුල්වල දෙමාපියන්ට කෙලින්ම වත්කමක් නෑ තමුන්ගෙ දරුවන් උෂස් පෙල වෙත යවන්න..මෙහෙම වෙලා තියෙන්නෙ උසස් පෙල ටියූෂන් බස් ගාස්තු සහ තවත් අතිරේක ගාස්තු සීග්‍රයෙන් ඉහල යෑම නිසා..අපි කොලඹ සලකා බැලුවොත් කොළඹ තියෙන ජනප්‍රිය ටියුෂන් පන්තියකට සහභාගි වෙන්න යන මුදල එන්න එන්නම වැඩි වෙනව..නමුත් ඒ ලමුන්ගෙ දෙමාපියන් සතුව තිබෙන මුදල් ඒ ආකාරයෙන් වැඩිවෙන්නෙ නෑ..මේක වැඩිපුරම බලපාන්නෙ අඩු වයස් පරතරවල ලමුන් සිටින අවස්ථාවල..අමාරුවෙන් කෝම හරි සෙට්වෙල පල වෙනිලමය යන්තම් ඒ ලෙවල් කරනකොට මෙන්න අවුරුද්දකින් ඕ ලෙවල් පාස් වෙලා දෙවෙනියත් ඒ ලෙවල් කරන්න ඇවිත්...
ඉතින් මේ වගේ අය ගොඩක් වෙලාවට බොහොම අඩු වයසින් රැකියා සොයාගෙන යනව..ගෑනු ලමයිනම් ගාමන්ට්,ෆැක්ටරි ආදියෙ සුලු ජොබකට යනව..පිරිමි ලමයිනම් ආධුනික හෝ ලේබරයන් ලෙස වැඩට එකතු වෙනව..නමුත් මේ ලමයිම මොනාහරි වෘත්තියක් පාට් ටයිම් විදියට (අර්ධකාලිනව) පුරුදු වෙනවනම් ඒ අයට පුලුවන් බෝම කෙටි කාලයකින් තමුන්ගෙ තත්වය උසස් කරගන්න...
උදාහරණ විදියට පලපුරුදු වෙල්ඩින් කාර්මිකයෙක් කාර්මික සහතික සහිතව ඉන්නවනම් ඔහුට තිබෙන පිලිගැන්ම අනික් අයට වඩා වැඩියි..
මේ වෘත්තිය මාර්ගෝපදේශන යටතේ දැනට අර්ධකාලීන පුහුනු පැවැත්වෙන ස්ථාන ගැන පාසැල් සිසුන්ට පැහැදිලි විස්තරයක් අපි සපයන්න බලාපොරොත්තු වෙනව...
ඒ යටතේ
  • මහරගම තරුණ සේවා සභා වෘත්තිය පුහුනු මධ්‍යස්ථානය
  • රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුනු මධ්‍යස්ථානය
  • ඔරුගොඩවත්ත ජපන් කාර්මික අභ්‍යාස ආයතනය
  • ජර්මන් ටෙක් ආයතනය
  • නයිටා හා සම්බන්ධිත ආයතන
සහ ඒ ආයතන වල පැවැත්වෙන ඉහල රැකියා ඉල්ලුමක් සහිත
  • රූපලාවන්‍ය
  • වෑද්දුම් ශිල්පය
  • ශීතකරණ වායුසමන ශිල්පය
  • ඉදිකිරීම් තාක්ෂනය
  • වඩු කර්මාන්තය
  • ඇලුමිනියම් පිරිසකරු
ආදී පාඨමාලා ගැන පැයක පමණ කාලයක් අරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙනව..මෙතනදි අපි මූලිකවම කුඩා මුද්‍රිත සටහනක් ලබාදීල ඉන්පසු තමා මේ විස්තර කිරීම ගෙනියන්න හිතන්නෙ..අපිට හැකියාව තිබුනොත් ඉදිකිරීම් සහ ඇඟලුම් තාක්ෂනය සම්බන්ධ ටිකක් දන්න කියන දෙන්නෙකුට ත් පොඩි අවස්ථාවක් දෙනව...මේ කියන 3 වෙනි වැඩපිලිවෙල යටතේ මේ සඳහා ආකර්ශනීය කුඩා පොත්පිංචක් වගේ එකක් හදාගන්න පුලුවන් වුනොත් අනුග්‍රාහකයෙක් සොයාගෙන අපිට පොත් පිංච බෙදා හරින්න පුලුවන් වෙයි...එහෙම නැති උනත් අඩු තරමෙ ජනප්‍රිය නොවන පාසැල් 3ක සිසුන්ට වත් මේ ආකාරයට ඕ ලෙවල් අසමත් වීම හෝ ඒ ලෙවල් කරන්න අවස්ථාව අහිමිවීම කියන දෙයින් පස්සෙ තියෙන පාත් එක පොඩ්ඩක් හරි පෙන්නන්න තමයි අපේ අදහස වෙන්නෙ..

මේ නම නම් පාසැල්වල සහ තවත් තැන්වල මම  දැකල තියනව එල්ලල තියෙනව වෘත්තිය මාර්ගෝපදේශනය කියල නමුත් ඒ අය කියන්නෙ පොත්වල තියෙන තියරි..."ලමායි මෙහෙමයි වෙන්න ඕනි." කිව්වට ලමයිට ඒක කොහොමද වෙන්න ඕනි කියල අදහසක් නෑ...

මේක තනිකර අහසෙ හදපු මාලිගාවක් ම නෙමෙ..අපි දැනට කාල රාමු සහිතව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන වැඩසටහනක්...මේ ඔස්සේ අපිට ළමුන් 100කට හරි අවැසි දැනුම සහ මාර්ග පෙන්වන්න පුලුවන් උනොත් ඒකත් ලොකු දෙයක් වෙයි කියල  හිතනව...



7 comments:

  1. මේ ආත්මෙම නිවන් දකිනවා..

    ReplyDelete
  2. බොහොම පින් අතේ වැඩක්, සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පතනවා!!!!

    ReplyDelete
  3. අඳුරට සාප කරමින් නොසිට එක පහනක් හෝ දන්වන්නේ නම් මැනැවියි කියා කියන්නේ මේ වගේ දේවල් වලට . .

    අපූරුයි . .

    බොහොම අපූරුයි . . .

    ReplyDelete
  4. පිං සිද්ද වෙන වැඩක්.ජය වේවා...

    ReplyDelete
  5. අපුරු වැඩක්.. හැමදෙයක්ම හොඳින් කරගන්න ලැබේවා!

    ReplyDelete
  6. ඉතාමත් වටින වැඩක්. සප් එකක් අවශ්‍ය නම් කියන්න. සතුටින් කරනවා.

    අයි සි ටි.. කියන්නෙ මගෙ වෘත්තිය නිසා, උදව්වක් කල හැකි වේවි.

    සතුටුයි මේ වගෙ දෙවල් සිතන තවත් අය දෑකීම...
    ජය වේවා !!!!

    ReplyDelete