Saturday, March 3, 2012

ගණිකාවකගේ පාපය(මල් පාපිස්ස 2)

ඉතින් එදා තිලක්ට පෙනි නොපෙනී අර සමීර කියන දේවිකාගෙ කොල්ල වෙච්ච කෙනා නික්මිලා ගියා. තිලක් මානසික අසංවර ලෝකෙක හිරවෙලා හිටියෙ. ඒත් ඉතින් කියන්න කවුරුවත් තිලක්ට උන්නෙ නෑ. කෝම හරි ඉන් පසුසෙ දවස උදා වුනා තිලක් මොකුත් නොවුන ගානට කන්තෝරු යන්න පිටත් උනා. ඒත් තිලක්ගෙ සිත නම් බොහොම කැලඹීමකට ලක්වෙලා තිබුනෙ. ඒත් ඉතින් කන්තෝරු වැඩ කරල ඇවිත් තිලක් වෙනද වගේම වොෂ් එකක් දාගෙන ලඟ තියෙන ආරාමයට යන්න ලෑස්ති උනා..ඒත් තිලක් ආයෙම ඒ අදහස අත ඇරල දාල පොතක් බලාගන්න තීරණය කලා.
රෑ හත විතර වුනා අද කලින්ම දේවිකා අක්ක ඇවිත්. කෑමටත් තව වෙලාව තියෙනවා.ඒත් තව ටිකක් වෙලා පොත බලපු තිලක් අර කලිං දවසෙ පෝටිකෝවට වැටිච්ච දේවිකා අක්කගෙ යට ඇඳුම් ටික අරන් ගිහිං දෙන්න ඕනි කියල සිතුවා. කොයි තරම් පුහුනු කල සිතක් තිබුනත් තිලක් ඒ වන විට ඒ පාර්සලය කීප වතාවක් ලිහල තිබුනෙ. ඉතින් මේක යලිත් පැක් කරගෙන බොහොම චංචල සිතින් ගිහිල්ල දේවිකා අක්කගෙ කාමරේ දොරට තට්ටු කලා.


අක්ක ඇඳන් හිටිය බොහොම සැහැල්ලු ඇඳුම ඇඳන් ඇවිත් දොර ඇරිය. ඇය හිතන්න ඇත්තෙ කලිං දවසෙ හිටපු සමීර කියල. ඒත් මේ තිලක් දැකපු අක්ක ප්ලාස්ටික් හිනාවක් දැම්මා. අක්කා යම් කිසි මධ්‍යසාර විශේෂයක් බොමින් සිටි බව තිලක් දැන ගත්තේ අඩක් හිස්ව තිබු ඇගේ බෝතලයෙන්.
පෙරයිද මහ හුලඟක් හැමුව. අක්කගෙ ඇඳුම් වගයක් මගේ තට්ටුවට වැටිල තිබුන. මං මේ ගෙනත් දෙන්න කියල ආවෙ. 
තිලක් බොහොම ගරු සරු විදියට කිව්ව. ආ ඔව්..මං පල්ලෙහා බැලුව තිබුනෙ නෑ. මං හිතුව කවුරු හරි අරන් විසික්ක කරන් ඇති කියල..හහ් හහ්..කවුරුත් ඉතින් යටට ආස උනාට යට ඇඳුම් වලට ආස නෑෙන..නේ..?
මේ දේවිකා අක්කා කතාකරන්නේ බීමේ බලයද එකතු කරගෙන බව තිලක්ට අවබෝධ විය.
ඉන්පසු අක්කා. ඒක නෙමෙ මල්ලි ඊයෙ පොඩි රන්ඩුවක් හෙම ඇහුනද මේ වටපිටට මයෙ කාමරෙන්??
ඒ තරම් ගානක් නෑ. පොඩ්ඩක් ඇහුන. 
හුම් ඒකත් එහෙමද මට හෙට අනිද්දම යන්න වෙයිදත් මන්ද මෙහෙනුත්. මෙහෙ අය කැමති නෑනෙ අපි ඉන්නවට..ඔය මල්ලිත් දැන් යන්නෙ කොයි වෙලාවෙද කියල බල බල ඉන්නෙ..වතුරෙන් ගොඩ දැම් මාලුව වගේ..
නැහැ නැහැ අක්කෙ එහෙම එකක් නෑ..
ආ එහෙනම් ඉන්න මං තේ ටිකක් හදන්නම්..දැන් කාල නේ එන් ඇත්ෙත මට ඇහුන තරප්පුවෙ සද්දෙ..
ඉන් පසු තේවතුර ගෙනත් තැබීම බිස්කට් තැබීම. මල්ලී බොනවාදැයි ඇසීම ආදිය සිදුවිය.
මල්ලි අර ආස්‍රමයට යනව එනව නේද. මං කීප දවසක් දැකල තියෙනව. 
ඔව් මං සාදු ගැන බොහොම පැහැදීමෙන් ඉන්නෙ. එතනට ගියෑම බොහොම ලොකු සැනසිමක් ලැබෙනවා..
මල්ලිට ඇහෙන්න ඇති නේ ඊයෙ අර වසවර්තිය දාපු සෙල්ලම..
සමහර වෙලාවට සැරට ගියා..අපරාදෙ මට චක්‍රා එක අහන් ලැබුනෙ නෑනෙ..සිහ්..තිලක් කීය
වැඩක් නෑ මල්ලි ඒකත් රඟපෑමක් විතරයි. උන් කලිං කියනව මෙන්න මෙහෙම කියන්න මෙහෙම කියන්න කියල රුපියල් විසිදාහක් දුන්න වැඩේට..ඕක නිකම් නාට්ටි ගතියක් නැති උනොත් වැඩක් නෑනෙ..ගණිකාව නිකම් එයාලගෙ ෆෝමැට් එකට එන්න ඕන..එතකොට තමා නියම ඇක්ටින් එක ඇවිත් එයාල සැටිස් වෙලා සල්ලි ටික ලැබෙන්නෙ..
බාගෙදා වෙන කෙල්ලො අකමැති වෙන් ඇති. නැ්තතං මාව ගන්නෙ නෑනෙ
ඒ වන විට ඔවුන් හොඳින්  දැන අඳුන ගෙන තිබුනි. මල්ලී හෙවත් තිලක්ගේ විස්තර බොහෝ ගානක් දේවිකා විසින් අසා දැන ගන්නා ලදී.
එහෙත් දේවිකා ගැන විස්තර මලලී ඇසුවේ නැත.
මේ පොඩි වැඩක් තියේ මල්ලි කරල දෙන් පුලුවන්ද?
මට ලියුමක් ලියො ගන් ඕනි දැන් අපිට අකුරුත් අමතක වෙලා.
හෙහෙ හෙහෙ හෙහෙ හෙහෙ...
හරි පුලුවං මේ දැන්මද...
කරදරයක් නැත්තං කරල දෙන්න ලොකු උදව්වක්..
අනික් සියලු දේ නැතත් ආස්‍රය කිරීමට මනසින් විවෘත ගෑණු පරානයක් ලැබිම ගැනද තිලක්ට සන්ෙතා්ස ඇතිවිය.
මෙහෙමයි මල්ලි මේක ලියුමක්. ඒ උනාට ඔය බුදු සරණ අනම් මනම් මුකුත් ඕන නෑ ලියාගෙන යන්න..


හලො සමීර..
ඔයා ඊයෙ ආවා. මට බැන්නා ගියා. ඒත් මගේ හිත ඔයා ගාව කියල ඔයා දන්නවා. ඔයා කිව්ව දේවල් මට තාම මතකයි. මං මේ මල්ලි කෙනෙක් අල්ල ගත්ත ලියුම ලියන්න. මේ මල්ලිට පුදුම ඇති. ඒත් කියාගන්න බැරි උන ගොඩක් දේවල් ඔයාට ලියල හරි දෙන්න ඕනි කියල මට හිතුන.
ඔයා කඩාපැන්න වේගෙට මට ඔයා ගැන තියෙන ආදරේ අමතක වෙලා ගියා. කොච්චර උනත් වෙන බ්‍රෝකර්ස්ල සහ වෙන වේස ගෑනු සප්ලයර්ස්ලට වඩා එහා ගෙිහින් ලොකු තැනකට මාව ගෙනියන්න ඔවැයි ලොකු සප් එකක් දුන්නා. 
ඉස්සර ගැන කියපු කතා ඕක්කොම ඇත්ත. ඔවැයි දවසක් බැනපු විදියට මං ඔයා ගාවට එනකොටත් එක්ස්පීරියන්ස් ලව් කරපු කෙනෙක්. එතකොට හිටපු තුන්වෙනි කොල්ල තමයි ඔයා. ඒත් අපි අතර තිබුන මොකක්දෝ බැඳීමකට ඔයා තමයි මගේ අවසාන ලවර්.
ඔයාටත් එහෙම ඇති කියල මට හිතෙනවා. මං තවත් එක කෑල්ලක් යුනිට් එකක් විදියට හිතන් නැතුව ඔවැයි තාමත් මං ගැන හොඳට හොයල බලන්නෙ ඒ නිසා වෙන්න ඇති. නැත්තං කවදාවත් තමුන් ගැන වේස ගෑනියෙක් බැන්න කියල මිනිහෙක් එ විදියට ඇවිත් වලි දාගන්නෙ නෑ. කොටින්ම සර්විස් එක ඉවර වෙලා කාර් එකෙන් බැස්සම ඒ විනාඩි ගාන තමුන්ගෙ ජීවිතෙන් අතුගාල ඈතට විසික්කරන මේ බලු ලෝකෙ ඔයා එහෙම උනේ නෑ.
ඒ රේඩි එකේ ප්‍රෝග්‍රැම් එකට මට විස්සක් ලැබුන. උන් කියපු විදියට උන් ඉල්ලපු විදියට මං කියෙව්ව. එතනදි උන් ආස කලේම මට තිබුන පස්න නිසා මට තිබුන ඔයා වගේ කොල්ලන්ගෙ නරක කම නිසා මං මේ තැනට වැටුන කියල කියන්න. ඉතින් මං එයාලට ඕනි ටේප් එක දැම්ම. ඒක අස්සෙ කෑල්ලක් අල්ලගෙන කුලප්පු වෙල දඟලයි කියල කොහොමද හලෝ දන්නෙ. පිස්සා..
මල්ලි කියන බාසාවනේ ම ලියන්න ඈ. ඌයි මායි ඔය අපබ්‍රංස දන්නෙ නෑ..බං..දේවිකා තිලක්ට කීවාය.
තිලක් යන්ත්‍රයක් පරිදි ලියාගෙන යයි. දේවිකා කියවයි. සෙමෙන් කියවයි.
ඒ දවස්වල ගාමන්ට් එකෙන් ගන්න ගාන මදි උනා මට. ඒටත් වැඩිය ගාමන්ට් එකේ උන්න කිඹූලියො වගේ කන්න බං ඉන්න සුපවයිසරියො එපා උනා. මල්ලිට පංති ගාස්තු දෙන්න තාත්තට සලකන්න සල්ලි හොඳටම ඇති උනා. ඒත් ගාමන්ට් එකෙ ජීවිතේ මහ කුනු වලක්. ඔයාට ඒ දේවල් කියල දෙන් ඕනි නෑනෙ සමී. කොල්ලො අතර මං දැකපු ටිකක් වෙනස් කෙනෙක් තමා ඔයා. ඔයා දවසක් මං මුලින්ම දැක්කෙ වෙන කෙල්ලෙක් එක්ක යනකොට. ඒ උනාට ඒ වෙලාවෙ මටත් හිතුන ඒ විදිටය බයික් එකේ නැගල ඔයා එක්ක යන් තියෙනම් කියල.
ඔය කාලෙ මට ඇත්තටම හිටිය කොල්ලෙක්. ඒත් කලිං බඳින්නම වගේ හිටපු එකා මං ගාමන්ට් යන්න ගත්තම ඒකට අම්මල තාත්තල අකමැති කිව්ව.
ඒක ඔයා දන්නව. අම්මල නෙමෙ ඌටම තමා එපා වුනේ. ඒ වුනාට මං ගමේ ගියෑම මගෙ පස්සෙ කැරකෙන්න එනව..පැණිය. ඌ ඒ දවස්වල හැදුවෙ බඳින්න බෑ කියල තියෙද්දිත් තවත් මාව රූම් ගානෙ ගෙනිහිං සැප ගන්න. 
එහෙව් කාලෙක කෝම හරි ඔයා මාව හෝ මං ඔයාව හෝ දැලේ දාගත්ත. එතකොට කෙල්ලෙක් හිටිය කියල මං නොදැන හිටියෙ නෑ. ඒ වුනාට මට පේන්න සිටපු අනික් පියදාසල සිරිසේනලට වඩා ඔයාගෙ හරි ලස්සනක් මට පේන්න ඇති.
කාලයක් එක්ක අපි එකතු වුනා. ඔයාට යාලුවො හිටිය. 


දවසක් සති අන්තෙක ඔයා එනකල් මම බස් හෝල්ට් එකේ බලාගෙන උන්න. ඒ කාලෙ ඔයාට මොකද්දෝ ලොකු එක්සෑම් එකක්ලු. මාව හමුවුනු වෙලාවට ඔයා ඒ ගැන කියෝනව හෝ ගාල. ඒත් අනේ කෝමද මට ඒව තේරෙන්නෙ.
ඉතින් ඒ සති අන්තෙ ඔයා නෙමෙයි ආවෙ ඔයාගෙ යාලුවෙක්. ඒ යාලුව ඔයා වගේම වනචරයෙක්. සතියක් මැසිමක් එක්ක වදවෙලා සතියක තියෙන තෙහෙට්ටුව නැති කරගත්තෙ සමීර ඔයාගෙන්. ඔයා එක්ක ඉන්න ඒ පැය ගාන අපි රවුං ගහන තැන් ගාන මතක් කර කර මට ඊලග සතියෙත් බාගයක් ගෙනියත හැකි. ඒ විදියෙ අවස්ථාවක ඔයා කෙහොදො යන මුකලන් බස්සෙක් එව්ව. ඌත් ආව විදියට මට තේරුන මොකක් හරි කියල.
ඉතින් එදා ඌ නගින්න කිව්ව බයික් එකට මගදි සමී ව මීට් වෙයි කියල. එයා එක්කරං ගියා මාව බීච් එකේ ටිකක් අඩු කස්ටිය නැති තැනකට. ඒ වගේ තැනක පෙරලි කරන්න ගියොත් රටෙන් ලැජ්ජ වෙන නිසයි. අනික එකට බයික් එකේ ඇවිත් දුවන කොට වෙන්න පුලුවං අවුල් නිසාම මාත් හිටිය. ඉන්පස්සෙ ඒ ආපු එකා ඔයාට තව කෙල්ලක සිටින බවත් ඒ කෙල්ලා මැරි කිරීමට සියලු දේ සූදානම්වඇති බවත් කිව්වා. ඉන්පස්සෙ ඒ කොල්ලා මාත් එක්ක එකට දුක බෙදාගන්න එකතු උනා. ඉන්පස්සෙ මං අඬනකොට ඒ කඳුලු පිහිදානව වගේ ශේප් එකේ මූ එහෙමෙහෙ අතගාල මාව කුලප්පු කලා. ඉන්පස්සෙ වෙච්ච දේවල් ඔයාට ආරන්චි වෙන්න අැති නේ..
ඔයා එදා කලේ බලු වැඩක්. එතන්දි මටත් ඔයා විශ්වාස නැති ගතියක් ආව. කොහොමින් හරි එදා තමයි මං මේ වේස ජීවිතේට පය තැබුවෙ. අර ආපු යාලුව ලෝබ නැතුව මට රුපියල් දෙදාහක් දුන්න. ඉතින් කාලයත් එක්ක ඔයා එක එක යාලුවො එව්ව. හැබැයි ගොඩක් උන් හොඳට සල්ලි දුන්න.හිටපු ගමන් එකෙක් පිස්සු කෙලියට..
මට ගාමන්ට් රස්සාව එපා උනා. ඔයත් අර කතාව නැ කියල කිව්වෙත් නෑ. මං හිතුව ඒක ඇත්ත වෙන් ඇති කියල.
මෙහෙම නරක ගෑනියෙක් වෙන්න මගේ පුංචි කාලෙත් ස්කෝලෙ  කාලෙත් වුන සමාර දේවල් හේතු වෙන්න ඇති. ඔවැයිට මං කියල ඇති ඒ ගැන. මං මුලු ලංකාවටම ඇහෙන්න කතාකරපු එකේ ඒව කියන්න මං ලැජ්ජ වෙන්නෙ නෑ. අපේ අම්ම රට ගියෙ අපිට ගෙයක් හදාගන්න සල්ලි හොයන්න..ඒ අතර අපෙ තාත්ත හැමදාම බිව්වෙ නෑ. අපිට හොඳට සැලකුවා. ඒත් අපි ලොකුවුනේ ලොකු ලමයි විදියට. මටයි මල්ලිටයි අක්කටයි තව ලොකු කෙනෙක් හිටියෙ නෑ. අක්කනම් ඒ වෙනකෛාට ලොකු නිසාත්  අක්කා විවාහයෙන් කෙළවර වන පෙම් හබයක පැටලී සිටි නිසාත් ඒ වෙනකොට තිබුනෙ හරිම මූසල වටපිටාවක් මට.
මං ඒ අස්සෙ ආදරේ හොයාගෙන බොහොම වේගෙන් ගියා. එතකොට හමු වුන අය බොහොම යක් මගෙ ්වහපු තැන් වලට ගොඩක් ආස කලා. ඒ නිසා මට නවය දහය වසරෙ ඉඳල ඒව මහා ලොකු දේවල් උනේ නෑ. ඒත් උන් හරි පොඩි ලමයි වගේ අය. හැමෝටම මා ව බැඳල ලොකු රස්සාවක් තියා උදැල්ලක්වත් උස්ස ගන්න තරමටවත් බැරි කොල්ලො. ඒත් උන්ගෙ ලියුං..නම්...
පුහ්....
ඉස්කෝලෙ ස්පෝට් මීට් වෙලාවල නැටුං වෙලාවල අනික් කෙල්ලො කලිසමක් මාරු කරන්නෙත් හැටක් විතර උඩින් ඇඳගෙන. ඒත් මං ඒ අව් අස්සෙ සුටුස් ගාල ඇඳුම් මාරු කරනවා දවසක් ටීච කෙනෙකුත් බැන්න. අම්ම නැති නිසා මේ ලමය නැටිල්ලට හැදිල කිසි ලැජ්ජාවක් නෑ කියල. ඔයත් දවසක් කිව්ව මං බොහොම ඉක්මනට ඇඳුම් ඇඳගන්නව කියල. 
බොහොමයක් කොල්ලො ඉස්සර මාව එක්ක එක එක අහුමුලු වලට ගියෑට මොකද සමී ඔයා කිව්ව වගේ අලුත් උන් නිසාද මන්ද තොයිල් නටන්න සිද්ද වුන ආතුරය වගේ වෙව්ලනව. ඒත් මට ඒ ගැන ගානක්වත් නෑ.
කොහොම උනත් සමී ඔයා හිතන්නෙ දැන් මට ඔක්කොම දේවල් තියෙනව කියල. ඒත් මට කියල දරුවෙක් මං කවද ගන්නද? ඒ ගත්තත් හදාගන්නෙ කෝමද. දවසක් මං ඔයැය්ට දරුවො ගැන කිව්වම ඇදන් ගියා ලමා නිවාසෙකට. ඒකත් හොඳ වැඩක්. මං උන් එක්ක හිටිය. තාමත් හිටපු ගමන් උදව් කරනවා.
ඒත් අක්කලැයි ගෙදර ගියෑම මට ලෝබ හිතෙනවා. ඒ අයිය ආස නෑ මං එනවට. මං අයිය නැති වෙලාවට ගිහිං පොඩි උන්ටත් මොනාහරි අරන් දීල ගෙදෙට්ටත් බඩු අරන් දීල එනවා. ඒ වගේම ඒ ගොල්ලන්ට ගොඩක් උදව් කරනවත් එක්ක. සල්ලි වලිම්ම කීයක් දිල ඇද්ද ගෙවල් හදන්නද ණය ගෙවන්නද අනම් මනම්. ඒත් අපේ අක්ක උනත් සමී මං එහෙ එනවට කැමති නෑ වගේ. අනේ මන්ද එක බඩවැල කඩා ආපු නිසා මයේ එකා කියල උදව් කරන්නෙ එයාට විතරයි ඒත් එයා....උදව් නම් ඕක්කොම ගන්නවා ඒත් පස්සෙ??
මල්ලි නම් රට ගිය එකම හොඳා ..ඌ හිටියනම් මීට වඩා කරදර..ඌ හිතං ඉන්නෙ මට ආයෙත් ගාමන්ට් එකකට ගිහිං වැඩකරල කසාද බැඳල ඉන්න පුලුවං කියල..මෝඩය..
මට පහුගිය දවසෙ කෝල් කලා ඒහෙට එන්න කියල. ඒත් සමී මට යන්න හිතෙන්නතේ නෑ.
ඔයා ඉන්න ලොකු පෝස්ට් එක නිසා තමයි මාත් අද මේ තත්වෙන් ඉන්නෙ. අනික් පාරට වැටිච්ච ගෑනුත් එක්ක බලනකොට අද මම ලොකු ගෑනියෙක්. සමී ඔයාගෙන් කන්ටැක් කරගත්ත ගොඩ දෙනෙක් ඉන් පස්සෙ වෙන අය හොයල දුන්නත් මං ආස ඔයා එවන අයට. මොකද කිසි අවුලක් නෑ ගොඩක් අය.
අනික ඔයා ඉරිසියාවටද මන්ද එවන්නෙ ගොඩක්ම නාකි ඒව. උන්ට ඉතින් මොන සෙල්ලංද...ටික වෙලාවක් දැවටි දැවටි උන්නමත් සමාරුන්ට ඇති..ඇත්තටම සමී ඔයා ඒ අතින් නම් හරිම හොඳයි පැට්ටෝ..
ගොඩක් දවසට එන අය ඔයා ගැන හොඳ තමයි කියන්නෙ සමී. මං දන්නව ඔයා අමුතු විදියට හිතන ඒත් හිත බොහොම ඉක්මනින් උණු වෙන කෙනෙක් කියල. කොහොම උනත් ඔයාම දවසක් කියපු විදියට එදා ඔයා යාලුවෙක් නොඑව ඔයාම ඇවිත් ඔයාගේ විබාගෙත් කෙලෝගෙන මමත් ගාමන්ට් එකටම ගිහින් අපේ ලව් එක හරිගියත් ඒකත් මහා ප්‍රශ්ණ කෝටියක්. දෙමාපියො. සමාජය අපිට ඉතිරි කරන්නෙ මුඩුක්කුවක කාමරයක්විතරයි. ඔයා අද වෙනකොට ලොකු ගෙයක් ලස්සන පවුලක් කාර් එකක් ලැබිල ඉන්නව. මමත් ගොඩක් හොඳින් සුද්දියෙක් වගේ වියදං කරන් ඉන්නවා. 
මං මේ ඕක්කොම ලිව්වෙ ඔයාගෙ හිත හැදෙන්න. මට ඔයාට බනින්න ඕන වුනේ නෑ. ඒත් ඒකෙනුත් ගානක් ලැබුන. අනික ඒ රේඩි එකේ සෙට් කල එකත් ඔයාම අඳුන්නල දීපු කෙනෙක් නේ..
හුම් මල්ලි ඔය ඇති..මේව ලිව්ව හෝ නොලිව්ව කියල පොර නම් පසුතැවිලි වෙන්නෙ නෑ. ඒත් මූ තරහ උනොත් මටමයි කචල්..දේවිකා අක්කා කීවේය.


ඉන්පසු තිලක් කාමරයට පැමිනියේය. අක්කාගෙ ලියුම නිසා තිලක්ට යම් සත්‍යක් අවබෝද වන්නට විය. අක්කා ගැන ඇතිවූ රාග සිත කෙමෙන් වෙනස් වීගෙන ගියේය. ඉන්පසු ආස්‍රමයේ සමහර දිනෙක කොණක ධර්මය ගැන අනෙක් නොයෙක් දේ ගැන කතා කරන තිලක් සහ දේවිකා දකින්නට විය. තිලක් දේවිකා සමහර විට  පසු කලෙක විවාහ වන්නටද ඇත. සමාරවිට දෙදෙනා ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම පැවිදි වන්නටද ඇත. නමුත් බන්ධන නැති කරගන්නට ගිය ඒ දෙපල තවත් බන්ධනයකටම පැමිණියෝය.

4 comments:

  1. බැදීම් තමා බොල අපිව විනාස කොරන්නේ...

    සිරා පෝස්ටුව..

    ReplyDelete
  2. http://ganithagedara.blogspot.com/2012/03/blog-post.html

    ReplyDelete
  3. හිතපු නැති වෙනස් පැත්තකට පාවුනේ නියමයි.....

    ReplyDelete
  4. මගේ හිතට ආපු සාරාංශය 'කවුද වැරදි?'

    ReplyDelete