Saturday, March 3, 2012

අනියම් බිරිය දරු දෙදනා ප්‍රතික්ෂේප කොට දොනෝදාහක් ඉදිරිපිට සැමියාට පහරදේ.

දෙයියෝ සාක්කි..මෙන්න ඇත්ත ආදි වශයෙන් ලංකාදීප පුවත්පතේ පොඩි පොඩි ආටිකල් කීපයකි. මේවායේ බොහෝ විට යන්නේ අනියම් බිරියන්.සැමියන්. දරුවන් ප්‍රතික්ෂේප කිරීම් ආදි රස කතාය. බොහෝ අය මේ තීරයට ආසාය. මාද ඒ වැනි කුනු කතා කුඩා හෙයිනුත් වහා සිත් ඇදගන්නා අයුරින් ලියා ඇති නිසාත් කියවමි. මේ ලිපියේ මාතෘකාව දැම්මේ ඒ ආකාරයේ කුනු රසට මිනිසුන් ඇදෙන බව දන්නා නිසාය.
අපි නිකමට මේ සයිබර අවකාශය ගනිමු. අපි චතුරිකා පීරිස් සහ රංජන් රඟපාන නාට්ටියක චිත්‍රපටියක විචාරයක් බලනවාට වඩා ආසයි රන්ජන් චතුරිකා එක කාමරයක නිදාගත්ත සිද්දියක් අහන්න. ඒක මනුස්ස ගතිය.
දැං අපි නවකතා කෙටිකතා ටැලි නාට්ටි ගනිමු. ගොඩක් කතා ලියවෙන්නෙ මේ කොටු පැනීම කියල පොදු ව්‍යවහාරයේ හැඳින්වෙන අයථා සම්බන්ධතා අසාමාන්‍ය සම්බන්ධතා ආදිය ගැන. මේ වාණිජමය සමාජයේ වැඩිපුර එවන් කතා ලියවෙන්නෙ ඒ කතා වලට අපි ඇතුලතින් සහ පිටතින් යන දෙකෙන්ම කැමති නිසා. අපේ රේඩියෝ වල යන නාට්ටි සහ දැන් දැන් රූපවාහිනි වල යන නාට්ටි වල ප්‍රධාන තේමාව වෙන්නෙ කොටු පැනීම හෝ පනින්න උත්සාහ කිරීම.

ඔය කියන තරම් පෙන්නන තරම් මිනිසුන් කොටු පනිනවාද??
මේ ගැන නම් කියන්න තියෙන් නෙ එහෙම එකක් ඇත්තටම නෑ. ඕන්න අපේ කන්තෝරුවෙ ඉන්නව මහත්තයෙක්. එතුම එනව කනව බොනව තමුනගෛ වැඩ ටික කරනව. දුවල දෙන්න ගැන හොයල බලනව තමුන්ගෙ වයිෆ් ගැන හොයල බලනව ඉතින් මේ මනුස්සය ගැන කියන්න කිසිම දෙයක් නෑ. කොටින්ම ඉතා හොඳ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම ඉඳල හිටල හරි මොකකටවත් පැටලෙන්නෙ නැති වැඩියම කතාබහක් නැති කෙනෙක් නිසා මෙයා ගැන මේ අනෙක් කන්තෝරුවල මිනිස්සු දන්නෙත් නැති තරම්. එයා පත්තරේ ගේනව. ඒකෙ වෙන දේවල් බලනව. ගෙදර ගිහින් ටීවිත් බලනව සෝයියං එකේ රෑට දොයියං ඉඳල උදේ ඔෆිස් එනව.. ඉතින් ඔය මනුස්සයගෙ ජිවිතේ මට කතාවකට ගන්න පුලුවංද?? බෑ..මොකද කිසිම ගැටුමක් නෑ. කෙල්ලයි කොල්ලයි යාලුවෙලා..කිසිම අවුලක් නැතිව කසාදත් බැඳල සෝක් එකට දරුවන් නලවල ඉන්න සිද්දියක් අපිට කතාවකට ගන් පුලුවනිද?? බෑ..මොකද එතන පෙන්නන්න ගැටුමක් නෑනෙ..ඉතින් දැන් වර්ථමාන සමාජයෙ කතා රචකයින් පිටපත් රචකයින් සහ පුවත් පත් කලාවේදින් පවා ගැටුම විදියට ගන්නෙ මේ අනියම් සම්බන්ධතාවය. ඒ නිසා අපි රේඩි ටීවි, පත්තර, පොත්, කොටිම්ම බ්ලොග් ගත්තත් අටෝ රාසියක් මේ අනියම් සෙක්ස් ගැන තියෙනවා. උදාහරණයකට අපි ඕන මැන්ටල් අයිය මේ ලගදි ලියපු එක කතාවක එන නරක ගෑනු දෙන්නෙගෙකතාව ගමු..ඕන මැන්ටලේට හමු වෙච්චි ගෑනු සිය දාස් ගානක් අතරින් දෙන්නෙක් විතරයි මේ ගෑනු දෙක. ඒත් අනික් කිසිම ගෑනු කෙනෙක්ගෙ නොදකින විශේෂ වූ ලිංගිකාශාවක් සහිත වීම නිසා අර ගෑනු දෙන්න බ්ලොග් එක අස්සට පැන්න ඕනයගෙ..අර ඕනයට හමු වෙච්චි සිය දාස් ගානක් හොඳ ගෑනු නැතුව අර නරක ගෑනු දෙක වෙන්න ඇති විශාල හිට්ස් සංඛ්‍යාවක් ගේන්න ඇත්තෙ. ඒක වැරදිත් නෑ.මුකුත් අලුත් දෙයක් නැතුව හැමෝම තමුන් කන බොන නාන යන එන ඒව ගැන ලිව්වොත් මේක මහ බෝරින් තැනක් වෙනවා. .
සමස්ථ මීඩියා සෙට් එකම ගත්තත් සත්‍ය වෙන්නෙ ඕ කියන කාරනාව. නමුත් සාමාන්‍ය සමාජයෙ තමුන්ගෙ ගෑනි හැර වෙනත් ගෑනුන් දිහා බැලීමෙන් පමණක් සැනසෙන. වෙනත් පිරිමි දිහා බැලීමෙන් පමණක් සැනසෙන. මුලු ජීවිතේම එකම සහකාරයකුට සහ සහකාරියෙකුට පමණක් සෙට් වුන අය බොහෝ සංඛ්‍යාවක් ඉන්නවා.  
 ඉතින් මං මේ කාරනාව කියන්න සැට් වුනේ අයියෝ අපිට තමයි කොස්ටක් වත් පැනගන්න බැරි. අනේ මම විතරයි එකම කොල්ලට ලව් කරල තියෙන්නෙ කියල හිත හිත දුක් වෙන බොහෝ ජනයාගේ හිත සුව පිනිස තමා.

කොටු පැනීමේ ආනිසංශ.
 අපේ කොම්පැනියෙ ඉන්න මහත්තුරු කීපදෙනෙක් අතර ඉන්නව හොඳ කොටුකාරයොකීප දෙනෙක්. සමහර අයට අපේ කොම්පැනියෙන් ස්ටාෆ් එක විදියට ගෑණු පරාන දෙන එකත් නවත්තල තියෙන්නෙ. ඉතින් ඒ වගේ මහත්තයෙක් මොන තරං ලස්සන කාර් එකක නැගල සෝයියං එකට ගියත් අපිටඌ දැක්ක ගමන් මතක් වෙන්නෙ අර මුගේ වල් සිද්දි ටික.මූ නේද අර ඔෆ්ස් එකට ආපු ගර්ල්කෙනෙක්ට අතවර කරන්න ගියේ කියල හිතෙනවා.ඒ වගේම තමයි ගෑනු අයත් ගොඩක් බයයිමේ වාෙග පොරවල් ලග වැඩකට තියා නිකමට වත් යන්න. මොකෝ පොර මුකුත් කලේ නැතත් කතා හැදෙනවා.
නාකි ගොඩක් ඉන්න අපේ කන්තෝරු සෙක්ෂන් එකකට ලඟදි බෝම ලස්සන ගෑල්ලමය කෙනෙක් ආව ට්‍රෙනර් කෙනෙක් විදියට. තමුන්ගෙ වයස ගැනවත් නොහිත නාකි සෙට් එක ඒ ගෑල්ලමයට පැණි පෙරපු නිසා අර ගෑල්ලමය වෙන කොම්පැනියකට මාරු වෙලා ගියා. මම සහ තවත් කෙනෙක් ඒ අසලම සැක්ෂන් එකකට වැඩකට ගියත් මේ ලොක්කන් පැණි හලන ඒවාට පැණි හලා චාටර් වීම අපේ කාර්ය සාධනය පහල යෑමට හේතුවක් වන බැවින් මා එසේ නොකර සිටියා. ඒත් අවසානෙ යන දවසෙ මා ඒ ගෑල්ලමය එක්ක කතා කලා. පස්සෙ ඒ ගෑනු ලමයගෙ ගෙදර ටැලිපෝං එක පස්සෙ ආන්සර කලේ තාත්තලු. මොකද අර නාකි සැට් එක අර ගෑල්ලමයට කෝල් කරල මුකුලු කරන්න යන නිසාලු..

11 comments:

  1. මේ වගේ සටහන් පල නොකර ඉන්න තරමට ජාතියටත් ආගමටත් අපේ සන්ස්කෘතියටත් යහපතක් වෙනවා නියතයි. අසම්මත අශීලාචර සම්බන්ධකම් නිසා ලෝකය විනාශ වෙනවා. ඔබට කල හැකි ලොකුම උදව්ව නම් මේ වැනි අසම්මත දේවල් සමාජයේ කොපමණ ප්‍රචලිත වුනත් එහි ඇති නිහීන ආස්වාදය හඳුනාගෙන පල නොකර සිටීමයි

    ReplyDelete
  2. අනේ පල පොන්නයෝ යන්න. උබයි මමයි දන්න සෙක්ස්

    ReplyDelete
  3. ගෙදරට වෙලා ඉන්න පොන්සියෝට බලන්න තමයි බන් වල් කතන්දර දාන්නේ. උබලා ඒවා බලලා අතේ පාරක් ගහලා හිටපන් දෙන්නේ නැතිව. පකයා

    ReplyDelete
  4. කොටු පැනීම කියන්නේ කොහොමටවත් හොඳ දෙයක් නෙමෙයි. ඒක ඇත්ත. හැබැයි ඔය කොටු පැනීම කියන එක මේ අදක ඊයෙක ඉඳන් පටන් ගත්තු දෙයක් නෙමෙයි. ඕක බොහෝම ඉස්සර රජ කාලවල හිටං වෙච්චි දෙයක් නේ. අනික බොහොම සුලභ සිද්ධියක්. දැන් මේ ලිපියෙම තියෙනවනේ උඹේ කන්තෝරුවෙත් ඒ වගේ ලොක්කෝ කීප දෙනෙක්ම ඉන්නවය කියලා.
    හැබැයි සන්නිවේදනයේ දියුණුවත් එක්ක ඔය සිද්ධි හොය හොයා මාකට් කරන්න පටං අරගෙන තියෙන්නේ. පත්තර කාරයෝ පත්තරේ විකුණගන්න ඕනේ, ටීවී කාරයෝ තම තමන්ගේ වැඩසටහන් ප්‍රසිද්ධ කරගන්න ඕනේ. කවුරුත් සාමාන්‍ය සිද්ධියක් ගැන කියවන්න පත්තර ගන්නේ නෑ, ටීවී බලන්නේ නෑ.
    බ්ලොග් එක කියන්නේ වෙනම තැනක්. තම තමන්ගේ බ්ලොග් තම තමන්ටයි අයිති. ඉතිං ඒවයේ තම තමන්ට කැමති දේවල් ලියන්න පුළුවන්. අකමැති අයට කියවන්නේ නැතිව ඉන්න පුළුවන්.
    ඒ වගේම ඔය සිද්ධි පත්තර වල දැම්මත් ටීවී එකේ පෙන්නුවත් මම නම් හිතන්නේ නෑ ඒවා බලලා කොටු පනින්න ඕනෙයි කියලා හිතිච්ච කවුරුවත් ඇතියි කියලා. කොටු පනින එකා පත්තර බැලුවත් නැතත් කොටු පනිනවා. කොටු පනින්න තියා එහෙම එකක් ගැන හිතන්නෙවත් නැති උඹලා අපි වගේ උන් ඕවා කියවලා අමතක කරලා දානවා. එච්චරයි!
    මේවා ලිව්වත් නැතත් අදටත් හෙටටත් ඕවා සමාජයේ සිද්ධ වෙනවා.... ඇත්ත ඒකයි!

    ReplyDelete
    Replies
    1. puso oyage kathawa aththa
      athma damanayak hama kenek thulama thiyenna one
      minihek kiyanne hithanna puluwan kenek
      nohithaa katayuthu kalaama thirisannu wenawaa

      Delete
    2. මාස් මීඩියා නොහොත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් සමාජයට සහ මනසට කරන බලපෑම සීරෝ කියල තමයි ඔය පූස සලකන්නෙ...
      ඒක වැරදියි.මේ රටේ මිනිස්සු කන බොන දේ ඉඳල තමුන්ගෙ නියෝජිතය පත්කරගන් තැන දක්වා වෙන්නෙ මීඩියා ඩීල් එකක්..
      මට හිතෙන ලෙස අපේ රටේ මීඩියා සැට් එකම දැ්න දැන් ඇදෙන්නෙ සෙක්ස් ගැටලු ගැන කොටු පැනීම් ගැන තියෙන කතා වලට විතරයි..
      අපි මීට අවුරුදු දහයකට පෙර ගත්තොත් සූර පප්පා අටපට්ටම ආදි නොයෙක් වැඩසටහන් තිබුන ඒත් අද..හතහමාරෙ ඉඳල නවය හමාර වෙනකල් කොටු පනින ඒව බලන්න ඕනි...
      මේක කලාත්මක සමාජ ධාරාවේ කඩාවැටීමක්.
      බ්ලොග් ගත්තත් අපිට එක්තරා මාකට් එකක් ඉලක්ක කරගන්න වෙනව..ඒ කිව්වෙ පාඨක පිරිසක්...
      ඉතින් ඕක අස්සෙ අපි බන්ඩක්ක ගහක් හිටවන හැටි ලියන්න ගියත් එතෙන්ටත් බන්ඩක්ක නෙලන්න ගිහින් ගෑනියෙක්ට වුන අකරතැබ්බයක් හෝ වෙනත් සෙක්ස් ඩීල් එකක් නැත්තං බ්ලොග් පෝස්ට් එකේ හිට්ස් ගාන ඉලක්කම් දෙකකින් එහාට යන්නෙ නෑ...
      දැං ඩයලොග් ටීවි සහ වෙනත් ක්‍රම වලින් කස්ටියට පිටරට චැනල් බලන්න පුලහං නේ...පොඩ්ඩක් ඔය අපේ වනචර කතා කොටු කතා යන පීරියඩ් එකේ වෙන ෆොරින් චැනල් සෙට් එකකට මාරු කරල බලන්න..
      ඒවයෙ කතාකරන සබ්ජෙක්ට්ස් මොනාද කියල...
      කතාවක් ගියත් ඒව මාරම දේවල් කතාකරන කතා...ඒත් අපි ????

      Delete
  5. පූසා කියපු එක හරියටම හරි .... නිවැරදිව කිව්වා.

    ReplyDelete
  6. ඒ උනාට ඕයි අපිට ලියන්න මොකක් හරි නැති උනාම මේවගේ ඒව ලියන්නත් එපැයි..අර ඇනෝලට කමෙන්ට් කරන් මොකක් හරි තියෙන්නත් එපැයි...

    ReplyDelete
  7. කොටු පනිනව කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.කොළුවා අත් දැකීමෙන්මයි කියන්නෙ.කොටුවේ උච්චතම අවස්ථාව තමයි හදිසියෙම මිනිහ ආපුවාම ඇඳ යට ඉන්න එක.

    ReplyDelete