Saturday, March 17, 2012

මගේ රට ඇගේ ලඟ

වැඩිහිටියන්ට වඩාත් සුදුසු පෝස්ටුවක් වන බැවින් දරුවන් ඈත්කර බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
පොඩි කාලේ චූවා හෝ රත්තරං කෑල්ල ලෙසත් අපි ශරීරයෙන් විශාල වන විට එක් එක් කුනුහරුප නම් වලිනුත් පුරුෂ නිමිත්ත හඳුන්වති. කැම්පස් ඒමට ප්‍රථම මේ පුරුෂ නිමිත්ත නම් මාර වස්ථුවකි. එකට සිටින යාලුවෙක් සමග චූ කරන්නට ගියත් මේ කූට්ටම නොපෙන්වා සිටීමට හදයි. බොහෝ නරක ඝනයේ චිත්‍රපට සහ නෝටි අමරිකා නරඹා ඇති මා  ඒවායේ ඇති පුම්බන ලද පුරුෂ නිමිති දැක සිතුවේ අය්යෝ මාගේ යව්වන කාලේ ලෙසයි. නමුත් ඒ සියල්ල දුම්මල ගසා එක් රැයෙන් එලවෙන යක්ෂයෙක් පරිදි ඈතට ගියේ කැම්පස් එකේ රැග් එක නිසාය. එහිදි ටික දිනක් යනවිට කලිසම් ගැලවීම අමුතු දෙයක් නොවීය. ඒවා ගලවා මහා ලොකු අමණ වැඩ කරන්නේ නැත. අපිට අයියලා හෙවත් සින්නන්ගේ වැදිබණ අසන්නට සිදුවිය. එහෙත් ටිකක් සෙවල පෙනුම හීන්දැරි අයියා හෙවත් සින්නකු විසින් දවසක් සමාජ රෝග සම්බන්ධ වැදගත් දේශනයක් තියන ලදී. එහිදි වැදගත් තොරුතුරු ගානක් අපිට දැනගත හැකිවිය. කලිසම් ගලවා පෝලිමේ යෑම ආදි වැඩ කෙරෙන්නේ ගෑනු ලමයි නැති විටය..එක්කෝ හොස්ටල් එකේය. ඒවායේ කිසිදු නරක ලිංගික වැඩ හො වෙනත් දේවල් නොවීය. එකිනෙකා විසින් සගවාගෙන සිටින අවයව සියල්ලන්ට දැකගැන්මට සැලැස්වීම එහිදි සිදු විය. එය සිදුකලේ කිනම් අරමුණින්දැයි මා තවමත් නොදනී. නමුත් බොහො කැම්පස් වල එය තිබුන බව එවකට මා සමග ගිය සමකාලින අයගෙන් දැනගතිමි. ඔය අතර මහා කුජීත දේවල් ද නැතුවා නොවේ. එකෙක් විත් මහා ජරා සෙක්ස් කතාවක් කියයි. එවිට පත් කර ඇති එකෙක් විසින් මුලින්ම ෆයර් වෙන එකා සොයා බලයි. එනම්  ඒ නරක සෙක්ස් කථාව ශ්‍රවණය කර ඉන් මුලින්ම ප්‍රානවත් වන්නේ කිනම් අයදැයි සොයා බලයි. ඔය ආදි මෙකී නොකී සෙක්ස් ලෙසන් එකක් කැම්පස් එකේ තිබුනි. 
   එය පසුකාලිනව අපි අතර ඇති කලේ පුදුමාකාර බැඳීමකි. හොස්ටල් එකේ නාන්නේ රෙදි හෝදන්නේ දත් මදින්නේ බොහෝ විට යට ඇඳුම පිටින්ය නැත්තං ඇඳුම් සම්පූරණයෙන් නොමැතිවය. සමහර විට එකිනෙකාගේ ටී සර්ට් ෂර්ට් කලිසම් වටේ යන්නේ ලොන්ඩරියේ රෙදි මෙනි. කෙසේ හෝ වාසනාවට හෝ අවාසනාවට ඒ පරිවාස සමයෛ නොහොත් රැග් සීසන් එකේදි ඒ අවස්ථාවේදි විශාල පුරුෂ නිමිත්තක් ඇති අයෙකු ලෙස මගේ නම මැටි අකුරින් ලියවුනි. එය කෙල්ලන් ගෙන් සැඟවිය යුතු කාරණයක් වුවත් දින දෙක තුනකින් ඒ ගැන නොදන්නා කෙල්ලෙක් අපේ බැජ් එක තුල නොවීය. සමහර කෙල්ලන් රැග් එක අතරම යම්තම් ඉඩක් ලැබුන විට..ආ ...................... ඔයාට සම්මානයක් ලැබුනලු නේද..කියා අසයි. එය එතෙක් පිරිමි පාසැලකට ගොස් සිටි මට ඇත්කලේ කිතියකි.
         බර්ලින් තාප්පයෙන් ජර්මනිය වෙන් කර තැබුවාසේ ටියුසන් තුලත් පාසැල් තුලත් වෙන් කර සිටි ගෑනු පිරිමි ලමෝ එකලග මේස පුටුවල සිට ඉගෙන ගන්නට ටික කලක් හෝ යොමුවූයේ මේ රැග් එක නිසාය. වෙනමම සත්තු ජාතියක් ලෙස සමහර පිරිමි එකිනෙකා දැන සිටි සමහර ගෑනු පිරිමි ලමෝ තමුන්ගේ විරුද්ද ලිංග සත්තු අතර එකලග ජීවත් වන්නට හුරු වූයේ එයිනි.
         බොහෝ කෙල්ලන් මා දෙස නොබැලුවේ ඇයිදැය් මට සමහර දේවල් අනුව තේරුනි. කොයි තරම් කැම්පස් ලෙස මාක් වුවත්, වඳුරා සත්තු වත්තට ගියත් නැට්ට නොහලන්නා සේ එහිද බොහෝ සාමාන්‍ය සමාජයෙ බෙදීම් තිබුනි. නුවර සහ ඒ අවට ගෑනු ලමයි දකුනේ ලමයි සමග යාලුවන්නට කැමති වූයේ නැත. සමහර කෙල්ලො කොල්ලෝ මේ තුලද කුල මල සහ ආර්ථික තත්වය බලා ප්‍රේම කිරීම ආදිය කරයි. මා කවරෙක්දැයි මේ කැම්පස් සිටින බෝ දෙනා දැනගෙන සිටියේය. මගේ පියා කම්මල් කාරයෙකි. මා පියාගේ රැකියාව ඇසු විට කිවේ එයයි. තාත්තා= කම්මල් වැඩ කරනවා යැයි කීවේය. අම්මා ගෙවිලියකි. රැග් සීසන් එකේදි ඇසු ප්‍රශ්ණයක් වූයේ අම්මා ගෙවිලියක් නම් තාත්තා ගෙවලයෙක්ද යන බවයි. එයට බොරුවට ඇතුලෙන් සිනාසි මා සිටියෙමි. ඒ රැග් එක තුල පවා බොරු කියා දෙමාපියන්ගේ රැකියා වෙනස් කොට නම් ගම් වෙනස්කොට කී අයවලුන් සිටියේය. සමහර ගොවිතැන් කරනවායැයි කී දෙමාපියන්ගේ දරුවෝ එකවර කාර් වලින් බැස ලොකු හයි පයි කෑලි කනේ ගහගෙන යති.
     මේ ආදි හේතු නිසා මා කෙරෙහි කෙල්ලන්ගේ බැල්ම ඇල්ම යොමු වූයේ අඩුවෙනි. තරමක් ජනප්‍රිය චරිතයක් වුවත් ඉගෙනීමට එතරම් යොමු වූ සිත් නැති වූ නිසා මාෙග් තක්සේරුගත වටිනාකම වූයේ අඩු එකකි. නමුත් දයාවතී නම් කාඩ් එකෙන් අදුන්වන ලද අංජලී නම් මාදෙස ඇස් අයාගෙන සිටිනු දිටිමි. අංජලීගේ පියාත් නියම ගොවියෙකුම වියයුතු යැයි මා සිතුවේය. අංජුට ලස්සනට කියා දෙයක් තිබුනේ ඇගේ පස්ස පමණි. කොල්ලන් එයට කියූ දේ නම් අති මහත්ය. හුහ් වැස්සට කුඩයක් නැතුව ඉඳිත  හැකි බන් යැයි කී වාරද තිබුනි. එය එතරම්ම ලොකුය රවුංය. කෙසේ හෝ අංජුට මාද අකමැත්තෙන් වුවත් කැමති වීමට සිදුවිය. මුහුන සහ අනෙකුත් කොටස් ෆෙයාර්න්ස් ක්‍රිම් වලින් සුදු කල නොහැකි තරම් කාල වර්ණ විය. නමුත් කිසියම් හෝ කරුණක් නිසා ඇය කෙරේ මා සිත බැඳුනි..ඇයගේ අත තදින් අල්ලා දිනක් නාඩි වැටෙනා බව තහවුරු කරගෙන මා පරණකතාවක් අල්ලා ගෙන සතුටු වුනෙමි.මා කිසිදු සෙවිල්ලක් නොමැතිව සැම ලස්සන අවලස්සන කෙල්ලා සමගම කතා කිරීමට සිනාසීමට යන නිසා සමහර කොල්ලන් මට කීවේ බොට ඉතින් මොකද නාඩි වැටෙනවනම් ඇතිනේ ගිහින් සිරික්කිය දාල උන්  ලොකු බඩු කරල එන්න.

දිනක් පුස්ථකාලයේ සිටින විට. මගේ ගමේ වැදගත් තැනක් සිතියම් පොතකින් බලා..අංජු දැක්කද මේ දේවාලෙ තියෙන තැන. මේ සිතියෙම් ඒක පේනව..කියා අංජුව එතනට ගෙන්වාගත්තෙමි. ඉන්පසු ඇය මා වෙත හැරී මගේ ඇඟේ තැවරෙන ගමන්ම දේවාලය හොයයි. ඉන්පසු දේවාෙල දැන් නෑ වගේ නේ අපි පස්සෙ බලමු යැයි ඇයට කීවෙමි. ඇය කෝලං යැයි කියා අහක බලා හැරීගියාය. ඉන්පසු මා මේ දෙයියො නම් පෙන්නුම් කරනව ආයෙත් බලමුද යැයි මා ඇසීමි..ඇය මගේ දෙස බලා කෝල බැල්මක් හෙලා ඉවත ගියාය.


නමුත් සිදුවීම් කීපයක් අවසානයේ අංජු මගේ පෙම්වතිය විය. ඇය විසේකාර පෙනුමක් නැති එකියකි. නමුත් ඇය අධි සැර විදුලියක් මෙන් කුලප්පු වන අවස්ථාද නැතුවා නොවේ.. කාලය කෙමෙන් ගෙවී ගිය අතර මා පසුව දැනගත් පරිදි අංජු මට බොහෝ කැමති වී ඇත්තේ කලින් ජනප්‍රිය වී තිබු මාගේ පුරුෂ නිමිත්ත විශාල වූ නිසාය. මුල් කාලයේදී එය ඇයට අප්‍රිය වස්තුවක් වුවත් අංජුගේ තිබු මානසික අවුලක් හෝ මගේ අවුලක් නිසා පසුව ඔය කියන කෑල්ල මහත් ජනප්‍රිය විය. අපි දෙදෙනාගේම පවුල් පසුබිම අවුල් සහගත සහ ආර්ථික අතින් පහත් වූ හෙයින් අපිට පෙම් කිරීම පිටට යෑමට නොපුලුවන් විය. සමහර විට බස් රිය වල, දුම්රියේ, ෆිල්ම හෝල් වල ගැලරියේ, කැම්පස් අහු මුලු වල, මුහුදු වෙරලේ පඳුරක් අපේ ආලයට සෙවණ දුනි. ආලය බොහෝ කොට මෝරා වැඩුනත් කාලය ගෙවී ගියත් අපේ මුදල් පසුම්බි පිරවීමට තව තවත් කල් සිටිය යුතු විය. 
මේ ආකාරයෙන් පැයකට කාමරයක් ගැනීමටවත් අපේ මොරපු ආදරයට වත්කම් නොමැති වන කල අපි ප්‍රසිද්ධ ඉස්ථානවල අප්‍රසිද්ධිෙය් විවිධ දේ අත්හදාබැලීමට පුරුදු වූයේ අපි ඒ වනවිට කැම්ප්ස එකෙනුත් ඉවත් වී පුහුනු කාලසීමාවක සොච්චමක් රැගෙන ජිවත් වූ නිසාය. එවන් විට ඇයටත් මටත් මගේ පුරුෂ නිමිත්ත හැඳීන්වීමට වචනයක් තිබුනානම් මනායයි සිතුනි. මල ගස මල්ලී. පෑන පිහින ආදි වචන බෝ ගානක් කිව් මුත් ඇය කැමති වූයේ නැත්තේ ඒ සියල්ල කුඩා දේවල් වූ නිසාදෝයි මට සිතුනි. ඉන් පසු මා ලොකු ගස කෝච්චිය, තට්ටු දෙකේ බස් එක, ලංකා බැංකු බිල්ඩිම ආදි ලොකු දේවල් කියු මුත් ඇයඒවායින් පුරුෂ නිම්ත්ත හැඳින්වීමටත් අකමැති විය. අවසානයේ වාද විවාද ගානකින් පසු පුරුෂ නිමිත්තට රට යන නම ආදේශ විය. .එවිට දැන් පුරුෂ නිමිත්ත = රට වෙයි..
ඇය දැන් කන්තෝරු ටෙලිපෝනනේ අවසරය ලැබෙන සැනින් කෝල් එකක් ගෙන කෝමද රටයි රටේ අයිතිකාරයයි සනීපෙන්දැයි අසයි.. එවිට රට ගැන බොහෝ ආල කතන්දර අපි කතාකරමු. ඒ අසා සිටින අය සිටී නම් රටට බෝ ආදරය ඇති දෙදෙනකැයි අප දෙදෙනා ගන්න ගනු ඇත. පත් වීම් හමු වුනු පලාත් බෝ ඇත වූ හෙයින් දෙදෙනාට හමු වීමට මදක් අමාරු විය. නමුත් රට සහ එහි අයිතිකාරයා ගැන සෙවීමනම් අංජුට අමතක වූයේ නැත. දිනක් හදිසියේ මා සිටින පෙදෙසට පැමිණි ඇය මා හමුවන්නට අවකාශ ඇතිදැයි ඇසීය. ඒ වන විටත් මාත් දැඩි පීඩනයක සිටි බැවින් ඇය නිකම්ම හමු වීමටත් වඩා ඇගේන් යම් ආශ්වාදයක් ලැබ්මේ උවමනාව විය. ඒ නිසා යාලුවන්ට කතාකොට කිසිවෙක් ඒ දිවා අවස්ථාවේ බෝඩිමේ නැති බව දැන මුඩුක්කු පෙලක වූ මගේ බෝඩිමට ඇය ගෙන ගියෙමි. වටෙන්ම බිත්තියේන වෙන් වූ එහි යම් කිසි කෑ ගැසීමක් නොව යම්තම් සද්දයෙන් කතා කිරීමක් තිබුනත් අවට අයට ඇසේ..
එවිටය අපිට රට කිය වචනය පිහිටට ආවේ.. හම්මේ රට දැක්ක කල් අනේ මන්ද... ඕං මං දැක්ක විතරයි රට සංවර්ධනය වෙනවා..යැයි එක එක කෝලං විකාර කියවයි. එයද මහා ආශ්වාද ජනක දෙයකි. මේ ළඟදී අලුත් කෙල්ලක අපේ කන්තෝරුවට ආවැයි මා කීවිට ඇය කිව්වේ.. මේ ඔය එක එක විජාතික බලවේග මගේ රටට අත හෙම තියල තිබුනොත් රට කපල අතට දෙනවා හරිද??යැයි සත්තමක් දැමුවේය. යම් කිසි පැණි හිනාවක් අලුත් කෙල්ලා මා වෙත දැමුවත් අංජුගේ තර්ජන හමුවේ රට මඳක් වෙවුලා ගියෙන් ඒ සියල්ල අමතක කලෙමි. 
අංජු ේම ලඟ දිනෙක මීගමුව දිසාවේ ගොස් ඇත. ඇය එහිදී රටට සමිඳු පිහිටය් යනුවෙන් දැක ඇත. එවිට කෝ එකක්ක අරන් .මේ මෙතන තියෙනවා රටට සමිඳු පිහිටයි කියල.. මං ප්‍රාර්ථනා කලා රටේ අයිති කාරයටත් සමිඳු පිහිට ලැබෙන්න කියල කමක් නෑනෙ..
යැයි කීවාය..
මා මේ ලඟ දවසක කොටුව ස්ටේෂන් එකක් ඉදිරිපිට බෝඩ් එක්ක භූමිතෙල්ද රටද කියා බෝඩ් එකක් තිබෙනු දිටීය. එය මා අංජුගෙන් ඇසීය. මේ වීරවංශ අහල තියෙනවා භූමිතෙල්ද රටද කියල..අංජු බබා මොකටද ආස බූමිතෙල්ද රටද??  මං විරවංශයයි රට කපල බූමිතෙල් දානව ගැරඬිය වගේ දුවන්න..ඇයගේ තොදොල් උත්තරය එය විය..
රට නැගීම. රට සංවර්ධනය, රට පිරිසිදුව තබා ගැන්ම, රට පෙරලීම, රට කෑම,( ඇය මුලදී රට කෑමට අකමැති වුවත් දැන් දැන් නම් රට කෑමට උනන්දු වී ඇත), රට බේරාගැන්ම, රට ගැන සිතීම, රට යෑම ආදි බොහෝ වචන අපේ ප්‍රේම කතාව තවත් ශක්තිමත් බවක් එකතු කලේය...

(නම් ගම් හැර සියල්ල මනංකල්පිත වේ..)

44 comments:

  1. හපොයි දෙයියනේ රටට ගිය කල...

    ReplyDelete
  2. හයියෝ සංසාරේ රටට ගිය කලක්.. තෝ රට විනාස කරගන්නද හදන්නේ.. හක් හක්..:-D

    අපේ වෙනී අයියට පස්සේ නිර්මාණකරුවා තේරුම් නොගැනීමට ඉඩක් නොතබා නිර්මාණ කරන තවත් එක නිර්මාණයකරුවෙක් වූ ඔබට මාගේ ප්‍රණාමය....

    ReplyDelete
  3. ethakota oyata විශාල පුරුෂ නිමිත්තක් thiyanawa kiwwa ekath මනංකල්පිත da?

    ReplyDelete
  4. දේශද්‍රෝහින්ගෙන් රට පරිස්සම් කරගනින් මචං

    ReplyDelete
  5. \\ඕං මං දැක්ක විතරයි රට සංවර්ධනය වෙනවා..\\

    පට්ට පට්ට

    ReplyDelete
  6. හිනාවෙමින් කියෙව්වෙමි නියමයි අයියේ පිස්සු හැදෙන ලියවිල්ලක් මාර අයිඩියා තමයි මේවා....තාම හිනාව නවත්තගන්න බෑ...ඔය එක එක කෙල්ලන්ට රට කන්න තියන්න එපා මල කෙලියයි එට දෙකඩ කලොත් එහෙම

    ReplyDelete
  7. පට්ට පුතේ පට්ට. සිනාසී මිය යමි. රට දිගුකල් දිනේවා..

    ReplyDelete
  8. rata seeruwen thabaw!

    ReplyDelete
  9. මොකක් බොල?
    (නම් ගම් හැර සියල්ල මනංකල්පිත වේ..)?????

    ReplyDelete
    Replies
    1. නම් ගම් ඉතින් මනංකල්පිත නෙමෙයි..අපිට ඇහෙන තියෙන නං ගම් නේ ගන්නෙ..ඔන්න මාතර කියලදැම්මොත් ඒක මං හොයාගත්ත ගමක්යැ...කලින් ඉඳල තියෙන එකක්නෙ...ඒව මනංකල්පිත වෙන්න බෑ..ස්ටෝරිය විතරක් මනංකල්පිතයි..

      Delete
  10. ඉදල හිටල විජාතික බලවේග වලටත් අවස්තාව දීපන් බන්... ගෝලීය ආර්ථික ක්‍රමයක් ඇතුලේ රට සංවර්ධනය වෙන්න නම් විජාතික බලවේග වල පිහිට අනිවාර්යයි...:D පට්ට ඕයි හිනාවෙලා පනයනවා....

    ReplyDelete
  11. රටෙන් දැන් පිට රටවලට විශේශ ආධාර දෙන්නයි යන්නේ ඕං

    ReplyDelete
  12. මොනා උනත් රට පෙරට !!! :D

    ReplyDelete
  13. fattama fattayi ban.

    ReplyDelete
  14. රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද.... නන... නා... නනේ...

    ReplyDelete
  15. මේකනම් ලස්සනට ගොතල තියෙනවා ... රටට අයිතිකාරයො එක්කෙනයිද ?

    ReplyDelete
  16. බල්ලට ගිය රට කිව්වට සුපිර නොවැ...

    තනියම හිනා වෙවී කියෙව්වේ අපිටත් නම් තියෙන නිසා නොවැ.. එයා කියන්නෙ මෙහෙම "කෝ යාලුවා දැක්කෙ නැහැ කාලෙකින්.."

    ReplyDelete
  17. මට පෙර රට

    ReplyDelete
  18. තමාට පෙර රට......

    ReplyDelete
  19. මම උඹෙන් දැකපු සුපිරිම ලියවිල්ලක් බං. හිනා වුනා ඇති තරම්.

    අංජු වගේ රටට ආදරේ කරන කෙනෙක් හොයා ගන්න ඕනේ..

    ReplyDelete
  20. ලොවෙත් නෑ. රට පෙරට!!! :-)

    ReplyDelete
  21. පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට :)

    ReplyDelete
  22. දැනුයි තේරුනේ ඇයි මෙච්චරම මිනිස්සු රට කන්න ආස කියල..

    ReplyDelete
  23. ඒක තමා ගොඩක් කෙල්ලෝ රට මත්තේම නහෙන්නේ..! මොනවා උනත් රට ආදරේ කරන කෙල්ලෙක් ඉන්න එක වටිනවා මචන්..
    මීට කලින් මෙහෙම එකක් බලලා හිනා උනේ බීටලයාගේ පෝස්ට් එකකට..!
    උපරිමයි මචන්..!

    ReplyDelete
  24. හයියෝ... සිනා සාගරයක් බොල... සුපිරියි මචන්...

    රටට බොල මෙච්චර ආදරේ ඇයි දැයි මට දැන් වැටහේ

    ReplyDelete
  25. දැන් තමයි මේ ඌරුවංස මහත්තැන්ලා කියන රට මොකද්ද කියලා හරියටම තේරුනේ බන් . . . .හෆොයි . . මැරෙන්න හිනා ඕයි . .

    ReplyDelete
  26. රට විකුණන්න එහෙම එපා පුතෝ !!!

    ReplyDelete
  27. නියම නිර්මාණයක්....
    කතාවේ ගොඩාක් දේවල් මැවිලා පෙනුණා අමිල.

    ජය වේවා!!!

    ReplyDelete
  28. යකෝ කථාව මන: කල්පිතයි , චරිත ඇත්ත
    මෙහෙම එකක් ඇහුවමයි.

    ReplyDelete
  29. රටට... වැඩ කැමති පාලකයෝ ලැබෙවා


    පට්ට

    ReplyDelete
  30. මේක මනඃකල්පිතනම් ‍රටේ අයිතිකාරයා වන ඔබ අති විශිෂ්ට නිර්මාණකරුවෙකි. කලබල නොවී ඒකාකාරී ශෛලියකින් ලියන්නට ලැබුනානම් මෙය අති විශිෂ්ට නිර්මාණයකි.බොක්කෙන්මයි කියන්නෙ.

    ReplyDelete
  31. වැදගත් දේ කියන්න අමතක වුනා. රැග් එක ගැන කියල තියෙන දේ වටිනව. රැග් එකෙන් වෙන්න ඕනැ ඕක තමයි. අපේ කාලෙත් එහෙමයි. දැන් තත්වෙ වෙනස් කියල කියන්නෙ ඇත්තද මඩක්ද දන්නෙ නෑ. වෙනස් වෙලානම් ඒකට හේතුව රැග් කිරීමේ සම්ප්රතදාය අතරමගදී කැඩීම කියලයි මං හිතන්නෙ. දැන් රැග් කරනව ඇත්තෙ රැග් කරන්න දන්නැති එව්වො වෙන්නැති.

    ReplyDelete
  32. වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල
    | ඩී. සුගත් රාජපක්ෂ

    see more
    http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html

    නවකයන්ට කුණුහර්ප කීම

    ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.

    කොළඹ විශ්වවිද්‍යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී කියයි.

    පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ.

    ReplyDelete
  33. වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල
    | ඩී. සුගත් රාජපක්ෂ

    see more
    http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html

    ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය

    ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?

    ReplyDelete
  34. වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල
    | ඩී. සුගත් රාජපක්ෂ

    see more
    http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html

    කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු

    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

    ReplyDelete
  35. වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල
    | ඩී. සුගත් රාජපක්ෂ

    see more
    http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html


    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී බලහත්කාරයෙන් ස්වයං වින්දනයේ යෙදවූ අයුරු හිටපු සිසුවා හෙළි කරයි.

    මිට වසර කීපයකට පෙරදී තමන් නවක සිසුවෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ කාලයේදී ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් අක්බාර් ශාලාවට තමා ඇතුළු තවත් සිසුන් පිරිසක් බලෙන් ගෙන ගොස් කලිසම් පහත් කොට තම තමන්ගේ පුරුෂ ලිංග හස්තයට ගෙන ස්වයං වින්දනයේ දීමට බල කල බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු හෙළි කරයි. ඔහු පවසන පරිදි ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට නපුන්සකවාදයෙන් ජේෂ්ඨ සිසුන් විසින් අපහාස කොට ඇත. මෙම හිටපු සිසුවා පවසන පරිදි මුලදී බියට පත්ව සිටි සමහර නවක සිසුන් ටික වෙලාවකට පසුව ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් සහ ඔවුනට කීකරු වෙමින් ස්වයං වින්දනයේ දී තිබේ. සමහර නවකයන් ස්වයං වින්දනය කලේ සිනාසෙමිනි. ඔවුන් ධාතු පිට පිටකරගනිමින් ජේෂ්ඨ සිසුන්ගේ ප්‍රසාදය දිනා ගත්හ. ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ පිරිසක් ඉදිරියේ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට දිගින් දිගටම අපහාස වලට ලක් වීමට සිදු විය. මෙම සිසුවා නිරීක්ෂණය කල පරිදි ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් ස්වයං වින්දනයේ යෙදුනු සිසුන් ඉන්පසු එළඹී වසරේදී අලුතින් පැමිණි සිසුන්ට නවක වදය දීමේදී දරුණු වදකයන් ලෙස ක්‍රියා කොට තිබේ.

    ReplyDelete
  36. ඔය රට නම් අපිත් දැකල තියනව ඒ කලේ...

    ReplyDelete
  37. මේක අර උඹ කිව්ව වැඩේට හරියන හරියනවා පොඩ්ඩක් ඔප දාලා ගත්තට පස්සේ. මරු.

    ReplyDelete