Monday, September 17, 2012

වීරයෝ මැරුන රටක නිදහස් අධ්‍යාපනය

එක්දාස් පන්සිය පහේ සිට වසර හාරසියක් එකිනෙකා කුලල් කාගෙන බොහෝ සිංහල වීරයෝ දෙමල වීරයෝ මලෝය. ඉන්පසු ඉංගිරිසි ආන්ඩු කාලයේ 1818 දීත් 1948 දීත් සිංහලයෝ බුරුතු පිටින් ඉංගිරිසින් අතින් සමූලඝාතනය වුනි. එසේ සමූලඝාතනය වූයේ සැබෑවටම පවතින ක්‍රමයට විරුද්ධව ගිය උන්ය.
ඉන්පසු විජේවීර නැමැති රුසියානු සිහින දකින්නෙකු පස්සේ ගිය කන්ඩායම් දෙකක් 1971 දිත් 1989 දිත් මලෝය. 1989 දී මැරුන ප්‍රමාණය 60දහසක් වෙනවාලු. 1983 සිට මේ දක්වා තිබුන ගැටුම් වලින් තවත් ලංකාවේ මිනිස්සු විශාල ප්‍රමාණයක් මිය ගියෝය..

අනේ මේ තියෙන විදියට දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉමු කියනා උන් යුද්දයට ගැටුමට යන්නේ නැත. උන් තමුංගේ ගෑනි සමඟ මහරජතුමා බුදියා ගත්තත් අනේ අපේ ගෑනිට නරක් වෙලා තියෙය්.. කොච්චර වුනත් මහරජතුමා නෙව කියා නිකා ඉදිති.. සිද්ද වෙන හැම අකටයුත්තක්ම ඉවසා වදාරන අය කවදාවත් යුද්දයකට ගැටුමකට යන්නේම නැත. ඉතිං ක්‍රමය වෙනස් කරන්නට ගිය අය මිනිස්සුන්ට සෙත සලසන්නට කැපවුන අය දැන් මැරිලාය. ඒ සමහර කොල්ලෝ කෙල්ලො ලමයි හදන්නටත් පෙර මැරිලා ගියෝය. 


මල්ලි මේ මී හරක්ම තමයි කුලු හරක් වෙන්නෙ. මුං අතර ආං බාං කරන්න බැරි උන් අපිට හම්බු වෙනවා.උන් කැලේට දක්කලා නිකා ඉන්නවා. කැලේ ඉන්න ආම්බාන් කරන්න පුලුවං උන් අපි අල්ලගෙන එනවා. එතකොට කැලේ හැමදාම ඉන්නෙ මනුස්සයෙක් දැක්කත් පුප්පන උන්. වෙල් වැඩට ඉතිරි වෙන්න හැමදාම අපිට බය දැක්ක තැන ඔලුව නමන උන්. ඒ ඈත ගමක ඇත්තෙක් කුලු හරක් හා වෙල් හරක් යන මී හරක් වර්ග දෙකේ වෙනස කිව්ව සැටිය....

දුබලයන් දිගින් දිගටම දුබලයින් සමඟ ප්‍රජනනය කොට තනන නව ජනිතයින් තවත් දුබලයින්ම වෙයි. ප්‍රබලයින් යුද්ධවලට ගැටුම් වලට මැදිවූ කල උන්ට ළමයි හදන්ට ලව් කරන්නට වෙලාවක් නැත. ඒ අවසරයෙන් ගෙවල් වල සිටින හීතලයෝ බත් බැලයෝ වැඩි වැඩියෙන් ප්‍රජනනය කර බඩු කාරයෝ වෙති. උන්ගෙන් හැදෙන ලමයිද අර ආකාරයේම බත් බැලයෝම වෙති. ලිං ගෙම්බන් ලිඳ තුලම පරම්පරාගානක් වෙසීමෙන් අනතුරුව උන් ලිඳටම අයිති කරුවො ආවේනික වූවෝ වෙති..ඒ ආකාරයේ දිගින් දිගටම ඉහල වීරයින් මියගිය වටපිටාවක් තුල සිටින,  ඉහඳ පනුවෝ නායකයින් වුනු වටපිටාවක අපි දැ්න ජීවත් වෙමු...

අනූව දශකය තුල පමණක් මිය ගිය නායකයින් ගනන සහ ඔවුන්ගේ වැදගත්කම මා අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. ඈත බෙලිඅත්ත කඩේ චන්ඩියෙකුට වලව් කමක් ආරෝපනය කොට රජකම දෙන්නට සිදු වූයේ සියලු රජවරුන් සහ විරුවන් එවිට මියගොස් හෝ රට ගොස් සිටි නිසාය. එහෙත් දැන් සිටින කුහුඹුවන් රජෙක් කියා දකින්නේ එවන් අවාසනාවට පුටුවට පහත් වූ රජෙකි. රජුන් යනු කවුද? නායකයින් යනු කවුද? දේශපාලනය යනු කුමක්ද උපක්‍රමශීලීත්වය යනු කුමක්ද වවාගෙන කෑමත් ඉහගෙන කෑමත් යනු කුමක්දැයි හරිහැටි නොදැන අදුරේ අතපත ගාන බොහෝ දෙනාට කුහුඹුවන්ට වූ රජ මහා රාජයෙකි..

විපක්සයටද එසේමය.කෞතුකාගාරයක බඩුවක් වත් හරියට හොරකන් කරගන්නට මේසිස්ටම් එකට බැරිය. ස්ටෙප් තුනකින් කරගන්නට තිබුන කාරියට මේ පවතින ක්‍රමය විශාල වැඩ කිඩ ටිකක් දමයි. කඩු රෙපයාර් කරනවායැයි වෙනත් ස්ථානයකට කඩු ටික ගෙන යෑම...කඩු ටික හා සමාන කඩු යලිත් නිපදවීම... ඉන්පසු පරණ කඩු ටික අස්ථානගත කර නව කඩු ටික කෞතුකාගාරයේ කබඩ් එකට දැමීම වැනි සරල දෙයක්වත් කරගන්නට මේ මහා මොලකාර වංචාකාරුවන්ට නොහැක. නිධාන හෑරීමත් රජයක පූර්ණ බලතල ඇති අවස්ථාවක කල යුත්තේ මෙවන් අදුරේ අතපත ගාන ක්‍රමයට නොෙව්...ඒ සඳහා විවිධාකාර ක්‍රම සහ විධි පාවිච්චි කල යුතුයැ. නමුත් අමුවෙං මාලු ගිලිනවා වැනි ගෝත්‍රික ජාතියේ සොරකම් කරන අපරාධ කරන මේ ගම්බද චන්ඩින් ටික අපේ රටේ මිනිස්සුන්ටත් මාධ්‍ය කාරයොන්ටත් මාරම පොරවල්ය.

එස් බී දිසානායක මුලින් කිව්වේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකර රජයේ විශ්ව විද්‍යාලද දියුනු කරන බවකි. දැන් ඔහුට එය අමතකය. හතු පිපෙන්නාක් මෙන් ඇරඹෙන පුද්ගලික විශ්වවිදයාල වල ආකර්ශණීය වැටුප් වලට රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිටින අධ්‍යයන කාර්යමන්ඩල යොමුවීම අවම කරන්නට නම් අනිවාර්යෙන්ම පඩි සහ දීමනා වැඩිවිය යුතුය. එසේ නොවුවහොත් සිංහල, නාට්‍ය, කලා, වාණිජ විශයයන් හැර බොහොමයක් විශයයන් උගන්වන්නට දේශකවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල තුල නොමැතිවෙනු ඇතිය. ප්‍රයිවට් කර කර හෝ දොස්තර වරුන් ආන්ඩුවේ ඉස්පිරිතාල වල වැඩකරන්නේ ජනතාව සේවය කරන පරම පිවිතුරු අදහසින් නොවේ. ලැබෙන වරප්‍රසාද සහ දීමනා පිණිසය. යම් අයුරකින් දේශකවරුන් තරම් අඩු වරප්‍රසාද වෛද්‍යවරුන්ට ලැබුනානම් අපේ ඉස්පිරිතාලවලට දොස්තර වරුන් නැති වී යන්නට තිබුනි.

මේ අවස්ථාවේ වර්ජනය නිසා අධ්‍යාපනය උසස් අධ්‍යාපනය කඩා කප්පල් වෙනවාය. තව මාසෙකින් අපේ ගන්න තිබුන ඩිග්රිය නැතිවෙනවාය කියලා කියෙන අය සිටිති. ඒ අය නොදකින්නේ මේ හතු පිපෙන පුද්ගලික විශ්ව විද්‍යාල වල ආකර්ශනීය පඩි හමුවේ ආන්ඩුවේ සොච්චම් වැටුපට රාජ්‍ය විශ්ව විද්‍යාල තුල රැදෙන්නේ මෙලෝ රහක් නැති දේශක වරුන් පිරිසක්ය කියන කාරනාවය.


වර්ජනය හමුවේ රතු පක්ෂයේ ක්‍රියාකාරිත්වය,විපක්ශයේ ක්‍රියාකාරිත්වය, මාස දෙක තුනක් දේශන නොමැති වී ගෙවල් වලට වී සිටින සිසුන්ගේ අමු නිහඩතාවය, විභාගයක් හරියට තියාගන්න බැරි එකට අධ්‍යාපනයේ මේ කඩාවැටීමට මහජනතාව දක්වන නිහඩතාවය. නිරූපනය කරන්නේ පරිණාමවාදයයි. කොටුවට උද්ගෝෂණයට පැමිණි සිසුන් පිරිසවත්.යූ ජී සී එක ඉදිරිපිට උද්ගෝෂණය කල සිසුන් පිරිසවත් සමස්ථය තබා ඉන් සියයට පහක් වත් නියෝජනය නොකල වටපිටාවක් යටතේ ඔවුන් නිකරුනේ තෙමීම..හෝ කඳුුල ගෑස් කෑම වැඩක් නැත. බහුතරයක් නිදි අතර අවදි වී එලියට බැස චූ කරාය කියලා කිසි වැඩක්නැත. .. වැඩ්ඩෝ එක්කෝ මියගොසිනි. නැත්තං රටගොසිනි. රාවය පත්තරේ පිටුවක මෙසේ තිබුනි.. පැලැස්තර හැමදාම හරියන්නේ නැත...පැලැස්තර වලිං දිගින් දිගටම දිවිය නොහැකි දිනක් ළඟඳීම එනු ඇත.එතෙක් අපි ඉවසමු..

22 comments:

  1. කාලෙකින් කියවපු හොඳම පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. Ube weeraya JR da?? uu thamai me rata kawe . mahinda nathnam thopi thamath bomba kanawa

      Delete
    2. ඈත බෙලිඅත්ත කඩේ චන්ඩියෙකුට වලව් කමක් ආරෝපනය කොට රජකම දෙන්නට සිදු වූයේ සියලු රජවරුන් සහ විරුවන් එවිට මියගොස් හෝ රට ගොස් සිටි නිසාය. එහෙත් දැන් සිටින කුහුඹුවන් රජෙක් කියා දකින්නේ එවන් අවාසනාවට පුටුවට පහත් වූ රජෙකි
      Is this correct

      Delete
  2. දොස්තර ල අන්ඩුවෙ ඉස්පිරිතලෙ වැඩ කරන්න හේට්තුව වරප්‍රසාද පමනක්ම නෙමෙයි. හිත හදාගන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. රාජය අද්යාපනයට අඛන්ඩ සංවර්දනයකට අවශ්ය විදියට මුදල් ලැබෙන ක්‍රමයක් සහ, විනිවිද පෙනෙන පරිපාලන ක්‍රමයක් අතුලෙ පුද්ගලික අද්යාපන ආයතන සඳහා ඉඩ ලැබෙනවා නම් අද්යාපනය ක්ෂේත්‍රය දියුනු වේවි.

      Delete
  3. ලියවෙන්න ඕන පෝස්ට් මේවා තමයි...

    ReplyDelete
    Replies
    1. ලියන්නෙයි කියවන්නෙයි එකම කස්ටිය....මේවා දැනගත යුතු කස්ටියගේ ඇස් ගිනිකණ වැටිලා හින්දා ඒ අයට හැබෑ තත්ත්වය පේන්නේ නෑ..

      Delete
  4. මේක සිරා පෝස්ට් එකක්.

    පහුගිය වසර 200 විතර තිස්සෙම වුනේ රට වෙනුවෙන් රටට ආදරය කරපු රට ගැන කැක්කුම තියෙන එවුන් විවිධ හේතූන් මත විනාශ වීම සහ කිරීම. කෙසේ හෝ, මෙවැනි දේ නිසා නැති වෙලා ගියේ ශරීර ශක්තිය ඇති, හොඳට ගට තියෙන, යකාටවත් බය නැති බහුතරයක් පිරිමි සහ ගැහැණු.

    ඒ අයට මම අහලා තියෙන විදිහට කියන්නේ ඇල්ෆා මේල්ස්ලා. ඇල්ෆා මේල්ස්ලා හැදෙන්නේ පරම්පරා තුනක විතර පරතරයකින්. උදාහරණයක් විදිහට මගේ සීයා ඇල්ෆා මේල් කෙනෙක් නම් ආයේ ඇල්ෆා මේල් කෙනෙක් වෙන්නේ මගේ පුතා. සුද්දෝ තමයි මේ ට්‍රෙන්ඩ් එක මාස්ටර් කළේ. උන් කළේ හැම රටකම ඇල්ෆා මේල් ජෙන්‍රේශන් එක ස්ටඩ් කරපු එක. උන් එහෙම කරලා ඒ රටේ ඇල්ෆ මේල්ස්ලව දුර්වල කරන්න, නැති කරන්න පුළුවන් හැම දේම කළා. උන් එහෙම කළේ ඇල්ෆා මේල් ජාන ඉදිරි පරපුරට යන එක නවත්වන්න.

    ඔබ නිවැරිදිව පෙන්නා දුන් පරිදි, දැන් ඉතිරි වෙලා ඉන්නේ සටනට නොගිහින් ගේ අස්සේ හැඟිලා හිටපු පොන්න පැටවු. ඔවු උන් කළේ නියම පිරිමි සටන් කරද්දි ගෙවල් අස්සට වැදිලා ළමයි හඳපු එක.

    ඉතින් අද මේ ඉතිරි වෙලා ඉන්නේ බයේ ගෙවල් අස්සේ හැංගිලා හිටපු පරපුරේ ජාන උරුමකර ගත්තු නිවට පරපුරක් [අවාසනාවට ඔබත් මමත් මෙයට අයත්, ඒකනේ මෙහෙම කී බොර්ඩ් එකෙන් පොර ටෝක්ස් දෙන්නේ].

    ඒ වගේම එක්කෙනෙක් තමයි රජ වෙලා ඉන්නෙත්. කොයි තරම් බලය තිබ්බත් බයේ ගැහෙනවා. ඇයි එයා දන්නවා එයා පෙන්වන තරම් ශක්ති වන්ත නැහැ කියලා. ඉතින් පුදුම විදිහට බයයි එයාගේ පුටුවට මොන විදිහකින් හරි කවුරු හරි කෙළියි කියලා. ඒක නිසා ඒක රැක ගන්න දන්න දහන් ගැට සියල්ලම ගහනවා.

    ReplyDelete
  5. හුඟක් හිතට වැදුණා අයියේ....ලැජ්ජාවක් වගේ දැනෙනවා...

    ReplyDelete
  6. වැඩේ කියන්නේ බැලිය යුත්තන්ට මෙවුවා පේන්නැති එකනේ...

    ReplyDelete
  7. හොඳ පොස්ට් එකක් ජය!!

    ReplyDelete
  8. කාලෙකින් හොඳ පොස්ට් එකක් කියෙව්වා

    ReplyDelete
  9. ඇත්ත අද අරගල කියලා කරන්නේ මහා මාෆියාවක්. ඒ නෙවෙන්න ඇත්ත විප්ලවයක් , ඒ කියන්නේ පවත්න කුණු ප්‍රවාහයන් වෙනස් කරන සටනකට උදව් දෙන්න ඉන්න කට්ටිය මේ මාෆියාව දැක්කම ඉස්සර වෙන්නේ නෑ. පස්සට ඇදෙනවා. හරි විප්ලවයකට ලේ හලන්න කැමති කොල්ලෝ කෙල්ලෝ අයියලා අක්කලා තාම ඉන්නවා. දවසක් ඒවි එයාලා නැඟිටින.

    සමහර විට එයාලාට මුකුත් කරන්න වෙන එකක් නෑ. මොකද වීරයොන්ට කරන්න බැරි දෙවල් ලෝකේ ඉස්සරත් තිබ්බා. ඒ දේවල් ඛේදවාචක විදිහට අද අපට පෙන්න තියෙනවා. යටින් යන මාෆියාවක් එක්ක උඩින් ගලන මේ රළ පහර ඇත්ත ද බොරුද කියන්නවත් දන්නේ නැති උනාට ඔය වගේ උන සමහර සටන් වල ඇත්ත උනේ පට්ට බොරු. විප්ලව කරලා ඒ අය ගෙදර ගියේ අලුත් වාහන වල. මේවත් එහෙම ඒවා වෙන්න පුළුවන්. අපේ සිතුවිලි නිදහස් නෑ. ඒ කරුමේ ගෙවලා ඉවර වෙන කල් අපිට නැඟිට ගන්නත් බෑ. එයාලා ඒ නටන්නේ එයාලාගේ වේදිකාවේ ඒයාලාගේ තිර පිටපතේ තියෙන එයාලාගේ නාට්ටිය මිසක් අපේ කතාව නොවේ කියලා මට හිතෙනවා.

    අන්සතු දිනපොතේ කියවපු අප සතු කතාවක්.

    ඔබේ වෙහෙසට අගනේ ය.

    ReplyDelete
    Replies
    1. මාෆියාවක් කියන්නෙ ටිකක් සංකීර්ණ තත්වයක්....මේවයි එහෙම එකක් නෑ... තමුන් ඉන්නවා කියලා පෙන්වන්න...තමුං මැදිහත් වෙනවා කියලා පෙන්වන්න කරන පෙන දැමීමක් පමණයි වෙන්නෙ...
      ජනතා විමුක්ති පෙරමුණට කිසිම වෘත්තිය සටනක් ජයග්‍රහනය කිරීමේ උවමනාවක් නෑ...එයාලට අවශ්‍ය වෘත්තිය සටන් පමණයි.. සටන් හැමදාම තියෙන එක එයාලට වාසියි...

      මේ අධ්‍යාපනය පැත්ත වුනත් එහෙමයි..මේවා විසඳගන්න විසඳුම් එයාලට ඕනි නෑ...තුවාලෙ නැතුව හිගන්නට පාඩුවෙන ආකාරය වගේම තමයි... සෝමවංශගේ ටිල්වින්ලාගේ ළමයි ඉගෙනගන්නෙත් ලංකාවෙ නෙමයි...එයාලට ලංකාවෙ විශ්විද්‍යාල තිබුනත් එකයි නැතත් එකයි....

      Delete
  10. බොහොම වටින අදහස් ටික. හොඳට ලියැවිලා තියනවා

    ReplyDelete
  11. "පැලැස්තර හැමදාම හරියන්නේ නැත...පැලැස්තර වලිං දිගින් දිගටම දිවිය නොහැකි දිනක් ළඟඳීම එනු ඇත.එතෙක් අපි ඉවසමු.."

    ජය වේවා...!!

    ReplyDelete
  12. මේ වගේ පෝස්ට් හැමදාම එකම කට්ටියක් ලියනවා. එකම කට්ටියක් කියවනවා. එකම කට්ටියක් පිලිගන්නවා.

    පාලකයන් කියන හැමදේටම “එහෙයි“ කියන ජාතියෙ මිනිස්සු අතරට මේව ගෙන යන්නෙ කොහොම ද ? ගෙනිච්චත් උන් මේව පිළිගනීද ?

    ReplyDelete
  13. අරම්භය අසාර්ථකය. නිදහස වෙනුවෙන් මළ දෙමලෙකු ගැන මා අසා නැත. රුසියානු සිහිනයක් දුටු විජේවීර කෙනෙක් ගැනද මා අසා නැත්තෙමි. අදහසක් පමණක් මින් ඉදිරිපත් කර ඇතිමුත් කල යුත්තක් දක්වා නැත. ඔබත් මියගිය වීරයෙක් වැන්න!

    ReplyDelete
    Replies
    1. ලිපිය අසාර්තක වන්නට පුළුවන. එහෙත් ඔහු මතුකරන තර්කය ඔබට ඉවත දැමිය නොහැකිය.

      Delete
  14. ඈත බෙලිඅත්ත කඩේ චන්ඩියෙකුට වලව් කමක් ආරෝපනය කොට රජකම දෙන්නට සිදු වූයේ සියලු රජවරුන් සහ විරුවන් එවිට මියගොස් හෝ රට ගොස් සිටි නිසාය. එහෙත් දැන් සිටින කුහුඹුවන් රජෙක් කියා දකින්නේ එවන් අවාසනාවට පුටුවට පහත් වූ රජෙකි

    me kathawa gena thawaduratath hithanna.rate nayakathwaya ya yuththe walawa kaarayekuta da.saamanya paulaka minihekuta berida.
    den rate naayaka ya nath nam sinhala api unna thenaka watha thiyeida.
    weradiweda nethuwa nowei.weraddata weradie kiyanna.karapu honda amathaka karala me wage katha karanna honda na.
    rataka shakthimath vipakshayak goda naguwe nathi eka thamai ape minissu karapu weradda,e waredda nisa ada paalakain kisima bayak nathuwa weradi karanawa

    ReplyDelete