Wednesday, September 26, 2012

කූඹි නොයන රස ගුල

මං ඒ දවස්වල ගොනෙක් ගැහුවෙ නැත්තෙ ඇයි....මට ඒක හිතාගන් බෑ...මචං අර ක්‍රෙඩිට් කාඩ් කම්පැනියෙ ඉන්න කෑලි වගයක් ඉන්නවා...එකක් පන්දාහයි...රූම් එකට දෙදාහයි ඔක්කොම අටක් විතර යන්නෙ..

දැන් බොට ප්‍රොමෝසන් එකකුත් ලැබිල නේ පලයං කෝ සැපක් ගන්න...කෑල්ලකුත් නැහැ...පිංගලයා වගේ වැල බල බල හිටපන්...

ම්ම් උන් හරි...ඒත් මට මහ කම්මැලි කමක් තිබුනා ඔය සමස්ථ ක්‍රියාවලියටම. කාර් එකක් රෙන්ට් කරගෙන අපේ යාලුවො කතා කරල සැට් කරගෙන යන්න ගියාම කරදරයි...

මං බඩුවක් ගහන්න ගියා කියල මුලු ඔෆීසියම දන්නවා නේ එතකොට. අනික මුං දැන් මගේ යාලුවො උනාට මුං ගොඩක් මට ජූනියර්ස්ල...මුං දැන් ඔය කිව්වට මොකද කවද හරි හෙන ලොකු කමට කියයි....

කෝකිලට බඩු සප්ලයි කරපු එකෙක් යකෝ මම...කියලා. දැනටත් මේකෙ ඉන්න ලොක්කො ඉස්සර රිංගපු තැන් කොරපු දේවල් මේ පරණ පියන්ලා රස දම දම කියවන්නෙ. අනික ඕව මහ පුරුද්දට ගියොත් පිච්චියට හිදෙන්න වෙන වැඩ.. ගෙදරට වෙලා නිකං බත් ගිල ගිල හිටියට සල්ලි නාස්ති කරන්නත් මොකද්ද වගේ..

ඔන්න ඔය කාලෙ තමයි මට නිර්මලා හම්බ වුනේ. නිර්මලා ගොනෙක් කියල තමයි හැමෝම කිව්වෙ...මේක නිකං අර ඇත්තුන්ට නම් දාන්නෙ සයුරි ඇතින්න අනං මනං කියලා. එහෙම නම දාපු ගොනෙක් නෙමෙයි. මේක බඩුවක්ලු.. අේප උන් ආයෙ ගැහුවෙ නැති වුනාට නිකං ඒ බඩුව ස්කෑන් කරලා වගේ ටෝක්ස් දෙන්නෙ.

මට කාර් එකෙක එන්න තිබුනා. ඒත් ට්‍රැෆික් එකේ යන එක අමාරුයි. පස්ට චාටර් ඔය වෙලාවට ට්‍රැෆික් එකෙ ඩ්‍රයිවින්. ඉතිං මං ආවෙ ගියේ වෑන් දෙකක. ටිකක් රෑ වෙනකල් වැඩ තිබුන නිසා මං යන්න ගත්තෙ හයහමාරට හතට විතර තියෙන වාහනේ.

ඔය වෙලාව වෙනකල් ඔෆීස් හැමදාම නෑ. එහෙම දවසට ළඟ බාර් එක්ක තියෙනවා. බාර් එකක් කිව්වට...උගේ ආච්චිට හාල් ගරන්න එතන පෙට්ටි කඩයක් වගේ. ඔය සෙට්වෙන එකෙක් නැති වුනාට එතන උන් හොදයි. අරූ කවුද මූ කවුද කියලා හෙවිල්ලක් නෑ. බිව්ව සල්ලි ගෙව්වා ආවා. ඉතිං හතරහමාරට ඔපිස් ඇරුනම පහ වෙනකල් වැඩ කරලා පනිනවා බාර් එකට...

මේ කවුරුහරි ගනිපු පිංතූරයක් මගෙ නෙමෙයි..
විසිල් ක්ලබ් කියලා නම ලොකුවට තියෙනව..ඒත් කිසිම රහක් නෑ. ඒත් අරක්කු ටිකක් දාගත්තම නිකං කික් එකක් එනවා.

ටික දවසක් නෙමෙ මාස ගානක් සති ගානක් මං ඔතනින් බිව්වා. බීල ටික දුරක් එහෙ මෙහෙ පාෙර ඇවිදිනවා කම්මැලි කමට. මං නගින හෝල්ට් එකට එහා හෝල්ට් එකේ ඉන්නවා බඩු හෙම. මං ඉතිං ගහන්න ගියෙ නැතත් ආ අරං යන උන් මෙහෙම ගහනව ඇති හරම ගහනව ඇති කියලා හිතන්න හරි පුලුවං නිසා එතන්ට ගාටනවා. කෝල් එකක් දීල වෑන් කාරයාට කිව්වම ඌ එන වෙලාවට එතනින් මාව ගන්නවා. නැත්තං උලව් වෑන් එකට යන්න කියලා මං කැබ් සර්විස් එකක හරි බස් එකේ හරි යනවා.

පස්සෙං පහු මං කන්තෝරු ඇරිලා ගෙදර යන්න වාහනයක් ගන්න එක නැවැත්තුවා..කැබ් එකක හරි බස් එකේ හරි තමයි යන්නෙ. ඉස්සර බස් එකේ නැගල හැංගිලා කොන්දට අහු වෙයිද කියලා බයේ යාන්තං කැම්පස් එක ගාවට යනකල් ඉබ්බා ගිහිං..දැං කැබ් සර්විස් එකට යන්න ලැබුනෙ නිදහස් අධ්‍යාපනෙ ්නිසා....නිදහස් අජ්ජාපනේ .....බංගවේවා...එතකොට මට එහෙම හිතෙනවා..

කෑලි බැලිල්ල නැගල ගියා. අපෙ ඔපිස් වල ඉන්න උන් පවුල් කාරයො නැත්තං යාලුවෙලා හෝ යාලුවෙන්න බඩු පස්සෙ යන උන්. උන්ට මාර හදිස්සිය ගෙවල් වල යන්න. හරියට නිකං ගෙදර ගෑනි මු එනකල් ඔක්කොම කරල සෙක්ස් කරන්න බලං ඉන්නවා වගේ. මටනං කිසි හදිස්සියක් නෑ.

මේ වැඩේ නැගලා ගියා. රස්තියාදු කෙලිල්ලත් නරකම නෑ. බාගෙදා ඔය බල්ලොත් එක්ක ඇහැකි වගේ නාට්ටිත් බලන්න යනවා. විට්ටර සුනිල් ලගෙ කෝලං සිංදු බලන්නත් යනවා. ඒ අස්සෙ ඉතිං මොකුත් නැතුව බීච් එකේ කැරකෙන වෙලාවල් තියෙනවා.

අනේ පවුලක් හිටියනං කියලා ඒ වෙලාවට හිතෙනවා. ඒත් බීච් එකේ හිනාවෙවි යන ගෑනු රෑට හරි සැර ඇති. මුං එක්ක යාලු වුනාම කරදර ඇති. හිතිං සිතුවිලි නැමැති බර ආයුධ දාල මං ඒ සැක්සි ඩ්‍රීම්ස් යටපත් කරගන්නවා...ඔය ඔක්කොම සෙක්ස් දෙපිටිං යන්න රෑට අසබ්‍ය දේවලුත් බලනවා. අසභ්‍ය දේවල් වලට නැබුරු වුනාම ඇත්ත ලෝකෙට මිනිස්සු එන්නෙ නෑලු. විකාර..උන්ට පිස්සු..ඔය යසට පවුල් කාරයෝත අසබ්ය දේවල් බලන්නෙ....

කෝ ඉතිං තාම කෙල්ල ගෙනාවෙ නෑනෙ. වටේ පිටේ හඳපලු විස්තර කලා මිසක. කෙල්ල තමයි නිර්මලා. නිර්මලා ඔහේ බස් හෝල්ට් එකේ ඉන්නවා. මොකේක හරි ඇවිත් කතාකරනවා. කතාකලාම මේකිත් කතාකරනවා. පස්සෙ වීල් එකක හරි කාර් එකක හරි නැගලා යනවා. නිර්මලා වැඩිවෙලා ඉන්නකොට මට ආතල්. ඒත් වැඩිවෙලා ඉන්නෙ ත් නෑ. හැමදාම එන්නෙත් නෑ.

දවස් දෙකක් නිර්මලා එක දිගට ආවෙ නෑ.. මට ඒ දවස්වල ටිකක් තද වෙලා තිබුනෙ. ගෙදරින් මගුල් ගේනවා. ඒ ගෑනු කැතයි. නිර්මලා වගේ පිරිලා නෑ. මෙලෝ රහක් නෑ උන්ගෙ මූනවල් නං...සික් දෙයියො ලෝකෙ මැවුවනං ඇයි කැත ගෑනු මැව්වෙ.. දෙයියොන්ට මෝල්.

ඔන්න තුන්වෙනි දවසෙ නිර්මලා ආවා. හැමදාම සෙන්නපෝකර වගේ බලා ඉදලා හරියන් නෑ මාත් දාන් ඕනි ටෝකක්. මං ටිකක් නිර්මලා ගාවට කිස්ටු වුනා.  ඇතින් ඉදන් මං නිර්මලා දිහාව බලං ඉන්නවා කියලා ඒ ගේනි දන්නවා. ඒත් මං කතාකරන්නෙ නෑනෙ. මං අද ගියෙ කතාකරන්න. මං ළඟට එනකොට නිර්මලා ටිකක් බයවුනා.

නිර්මලා මට ඔයාට කතා කරන්න ඕනි...
(කෙල්ල බයවුනා වගේ පෙන්නුවාට..ඒ බොරු වෙන්න ඇති)
ඔව් මහත්තය කියන්න
නිර්මලා ඔයයි බඩුවක් නේද?
කොහොමද ගන්න හෙම?

බඩුවක් නේද කියලා ඇහුවම නිර්මලා ගේ ඇස් උඩගියා. ඒත් එක්කම පුදුමයට පත්වුනා. කොහොමින් හරි එරර් ෆයිල් එකක් රන් වෙලා වගේ නිර්මලා ස්ටක් වුනා..
එතකොටම මට මතක් වුනා..සමහර විට නිර්මලා හිතනවා ඇති මම පොලිසියෙ හරි සී අයි ඩී එකේ හරිකියලා..

නිර්මලා මං පොලිසියෙ නං කවදාවත් බඩුවක්ද කියලා අහන්නෙ නෑනෙ...මං වැඩකරන්නෙ අර ඔපිස් එකේ මේං මගේ අයි ඩී එක...මං මැනේජර් කෙනෙක්...ඒකෙ..

හුම් තුන්දාස් පන්සීයයි කාමරේට දාහයි හාරදාස් පන්සියයි..

හාරදාහට කරන්න බැරිවෙයිද? මං ඇහුවා..

හාරදාහට ද? ම්ම් හරි එහෙනං කැබ් එකක් ගේනවද නැත්තං..විල් එකකද? නිර්මලා ඇහුවා..

එදා ගියාට මොකද මට නිකං මොකද්ද වගේ. මං නිර්මලාගෙන් ගොඩක් දේවල් ඇහුවෙ නෑ. මං පලවෙනි දවසෙ කීපවතාවක්ම ෆේල් වුනා. පස්සෙ පස්සෙ සමත් වුනා. නිර්මලාගෙ නම්බර් එක ඉල්ලගත්තා මම. පස්සෙ පස්සෙ මං එනවනං දවාලියෙං කෝල් කරනවා එයාට. එයා ලෑස්තිවෙලා මං කියන තැන ඉන්නවා..

ඔය අස්සෙ මට නිර්මලා එක්ක ලව් කරන්නත් ඕනි වුනා. දැන් අහවල් වැඩේ නං හරි. ඒත් ලවු කරන්නත් ඕනි වගේ කියලා හිතුනා. මං කිව්වා. නිර්මලා ඔයා ෆ්රී දවස් හෙම මොනවද? කියල අහලා ඒ දවස්වල නිවාඩු දාලා හරි නැත්තං සෙනසුරාද ඉරිදා හරි මං ලව් කරන්නත් ගියා..

කන්න බොන්න නිකං ලැබෙන නිසා නිර්මලා නිකං ඉන්න ඇති. අම්මලටත් කිව්වා මං මේ දවස්වල රට ඉන්න ගෑනු ලමයෙක් එක්ක කතා කරනවා. එයා රට ඉදලා එන්නෙ තව අවුරුදු දෙකකින් කියලා. බාගෙදා මං නිර්මලා එක්ක රවුං ගහනවා කියලා අම්මලට ආරංචි වෙන්න ඇති. ඒත් නිර්මලා කවුද කියලා එයාල දන්නෙ නෑ..

ලොකුම අවුල තමයි මං එක්ක ඉන්නකොට නිර්මලාට කෝල් එන එක. මං බොහොම හොදින් කිව්වා. මට ඒක අමාරුයි කියලා. පස්සෙ නිර්මලා පෝන් එකේ ඕනිම කෝ්ල් විතරයි ආන්ස් කලේ...

නිර්මලා වෙන කොල්ලො එක්ක නිදාගන්න ඇති. මං ටික දවසක් යනකොට ඒකට පුරුදු වුනා. ඒත් මට කෙල්ලො ඇති කියලා නිර්මලා සැක කලා. එයා මට කෙල්ලෙක් නැ කියන එක සම්පූර්ණයෙන් විස්වාස කලේම නෑ. කොටින්ම අපි බීච් එකේ ඉන්න වෙලාවක සුද්දියෙක් ගල් එලියෙ දාං යනකොට...කෝමද හෙන පස්ට නේ කිව්වත්...
කෝලං...කියලා නිර්මලා අහක බලාගන්නවා.

සාමාන්‍යයෙන් බඩු වල කට සැරලු. ඒත් නිර්මලා ටිකක් සයිලන්ස් හෝ මට විතරක් සයිලන්ස්... නිර්මලා ගන්න සල්ලි වලින් සියයට තිහක් විතර චන්ඩින්ට දෙනවා. කප්පම් දෙනවා. නැත්තං නිකං ඇදං ගිහිල්ලා සල්ලි නොදී මාරුවෙන වසවර්තියොන් ගෙන් ගැලවෙන්න බැරි නිසා.
කොහොම උනත් මගෙත් එක්ක වැඩිය තිබුන ඇයි හොදයිය ගැන නිර්මලාගේ යාලුවොවත් නිර්මලාගෙ බිස්නස් ඩීලර්ලවත් කැමති වුනේ නෑ. ඒත් හැමෝම ගානට මෝරා කරලා නිර්මලා හිටියා..

ඇයි නිර්මලා වෙන මිනිස්සු එක්ක ගියෙ නැත්තෙ? ඇයි මාත් එක්කම ආවෙ?
ඔය කිව්වට වෙන උන් එක්කත් යනව ඇති..

මං ඒ පැත්ත හිතන්න ගියෙම නෑ. අපි කතාකරලා දවසක් වෙලාවක් දාගෙන එදාට සතුටු වෙනවා. ඒක මහ කෘතිම සතුටක් වෙන්න ඇති. කෘතිම උනත් ඒක සතුටක්...

ඒත් හැම සෙක්ස් ඩීල් එකෙකින් පස්සෙම මං නිර්මලාට හරි ගානට සල්ලි බේරුවා. කවදාවත් හෙට දෙන්නං වත් කිව්වෙ නෑ..

හැමදාම සල්ලි කිසි අපහසුවෙකින් තොරව ගන්න නිසා මං හිතුවා මං සල්ලි වලට ලව් කරනවා කියලා. ඒකෙ බෙනිෆිට්ස් වැඩියි කියලත් මං හිතුවා. හරියට නිකං එකම සර්විස් එකේ ෆ්රී හෝ ඉකොනොමික් සර්විස් එකයි බිස්නස් ක්ලාස් එකයි වගේ...මට එතකොට ලැබුනෙ බිස්නස් ක්ලාස් ලව් එකක්..නරකම නෑ වැඩේ..


කූඹි නොයන රසගුල 01 වෙනි කොටස හමාරයි..

11 comments:

  1. හැපෝයි......
    බලමුකෝ අනිත් කොටස කොහොමද කියලා..

    ReplyDelete
  2. ඇත්තම කතාවක් ද දන්නෙ නෑ!:D
    මෙහෙම බඩුගහන්න මාසෙකට කීයක් හම්බුකරොත් ඇතිද??
    බදු ගහනවා විතරක්යැ බිස්නස් ක්ලාස් ලව් එකක් නිසා එකටත් මුදල් එපයි!

    ReplyDelete
  3. මොනවයින් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ.. මං කලින් වැඩ කරපු කන්තෝරුව ගාව පරිසරයක් මේකමයි.. පොඩ්ඩක් එහා පැත්තෙං බාර් එක.. නයිට් ෂිෆ්ට් වැඩ කරද්දි ඩිනර් වලට එලියට ගිහිං හීනියට මොනව හරි හලාගෙන ඉතුරු ටික වැඩ කරද්දි ෆුල් ආතල්.. ඊ‍ට පොඩ්ඩක එහායින් කිව්ව වගේ උදවිය ඕනි තරම් ඉන්න බස් නැවතුම....!!!

    ReplyDelete
  4. පට්ට පට පට....තාරුණ්‍යෙය් හද ගැහෙන රාවය....

    ReplyDelete
  5. මොනවා නම් කියන්ටද?

    ReplyDelete
  6. අම්මෝ මුගේ වැඩ, ඉන්දිකත් ගිහින් තියනවා වගේ තෙල් මාරු කරගෙන එන්න

    උඹට වුන දෙයක්ද මන්දා

    ReplyDelete
  7. ඇස්දෙක කටේ දාගෙන කියෙව්වෙ.. මන් හිතුවෙ අති බිහිසුනු සටන් ජවනිකා තියෙයි කියලා... ඊලඟ කොටසෙ තියෙයි මයෙ හිතේ

    ReplyDelete
  8. සුපිරියි. ආතල් එකට යටින් හිත කෑ ගහන සද්දෙ ඊට දෙවෙනි නෑ.!!

    ReplyDelete
  9. මේක කතාවක්ද..? අත් දැකීමක්ද...?
    මේක කතාවක්නම් ඔයා හොද මනුස්සයෙක්....., ඒත් අත් දැකීමක් නම්.........ඔයා ෆුල්අන්දොස් බුවේක්....!

    ReplyDelete
  10. ... කෑලි බැලිල්ල නැගල ගියා. අපෙ ඔපිස් වල ඉන්න උන් පවුල් කාරයො නැත්තං යාලුවෙලා හෝ යාලුවෙන්න බඩු පස්සෙ යන උන්. උන්ට මාර හදිස්සිය ගෙවල් වල යන්න. හරියට නිකං ගෙදර ගෑනි මු එනකල් ඔක්කොම කරල සෙක්ස් කරන්න බලං ඉන්නවා වගේ. මටනං කිසි හදිස්සියක් නෑ.

    මේ වැඩේ නැගලා ගියා. රස්තියාදු කෙලිල්ලත් නරකම නෑ. බාගෙදා ඔය බල්ලොත් එක්ක ඇහැකි වගේ නාට්ටිත් බලන්න යනවා. විට්ටර සුනිල් ලගෙ කෝලං සිංදු බලන්නත් යනවා. ඒ අස්සෙ ඉතිං මොකුත් නැතුව බීච් එකේ කැරකෙන වෙලාවල් තියෙනවා.

    අනේ පවුලක් හිටියනං කියලා ඒ වෙලාවට හිතෙනවා ...

    එත් බැන්දම හැමදම එකම ගෑනිනේ කියල හිත හද ගන්නවා ...

    අන්තිම වාක්‍යය මගේ මචන්. මහ පාර, රේල් පාර, මූදු වෙරල, කාලයක් මේ රස්තියාදුවත් ජීවිතේ අමුතුම රහක් බන්. එල කතාව.

    ReplyDelete
  11. ඇහ්.. මාර සීන්කෝන් එක..

    ReplyDelete