Thursday, July 4, 2013

අයියෝ පොලිසිය

මෙය කජිකිස්ථානයේ ජමාල් නුවර ආසන්න තන්ජාර්වූර් ගමේ වැසියෙකු තමුන්ට සිදුවන අසාධාරනය ගැන ජනාධිපති තුමාට ලියන ලද ලිපියකි.. 

තන්ජාර්වූර් ගමේ පොලිස් ස්ථානයෙන් මහජනයා වන අපට ඇති වන හිරිහැර සම්බන්ධවයි. 

ජනාධිපතිතුමනි,
ජමාල් නුවර පොලිස් ස්ථානයට අනුබද්ධ තන්ජාර්වූර් පොලිස් ස්ථානය ප්‍රදේශ වාසීන්ට ඉතාමත් හිරිහැර වන පොලිස් නිලධාරින් පිරිසක් සේවයේ යෙදවීම නිසා මේ වන විට ප්‍රදේශයේ දුෂ්කරතා වැඩිවන ලකුනු පෙනෙන්නට ඇත. 
තවද රථවාහන වලින් වැරදි සිදුවන දඩමුදල් රජයට අය කර ගැනීමට නොගෙන තම තමන්ගේ සාක්කුවට යන බව අපි දනිමු.
රාත්‍රී කාලයේ කුඹුරු ලඟ රැකගෙන රථවාහන වැරදි සොයමින් රාත්‍රියකට රු 5000/= කට වඩා වැඩි මුදලක් මෙම නිලදරුවන් සොයා ගන්නා බව අපි දනිමු.

තවද මේ වන විට ප්‍රදේශයේ අසරණ පවුල් පහක් පමණ විනාශකර දමා ඇත.මෙම නිළධාරින් පොලිසියට පැමිණිල්ලක් කිරීමට එන කාන්තාවන්ගේ ජංගම දුරකථන නම්බර් එක අරගෙන පසුව එම කාන්තාවන් තම ග්‍රහනයට ගන්නා බව මෙම ප්‍රෙද්ශයේ දැකිය හැකි ප්‍රධාන පොලිස් වසමේ අය දනිමු.
නමුත් මෙම නිලධාරින්ට ගමේ කිසිම මනුස්සයෙක් මෙම පැමිණිලි කිරීමට බයෙන් පසුවෙයි.
ඉන්දීය පොලිසිය සුදුස්සන් තෝරමින්.
කසිප්පු ජාවාරම, ලී ජාවාරම, ඉහලින් එන ජරාව නිසා සිදුවන අතර රාත්‍රිෙය්දී මෙම අය පොලිස් සේවයේ නැත. හොර ගැහැනුන් සමඟ ගෙදරවල් වල රාජකාරිය ඉහලින් ඉටුකරයි. 
මෙම නිළධාරින් නිසා කජිකිස්ථාන පොලිස් සේවයත් ඔබ තුමාග් රජයත් පහත් මට්ටමට ඇදී යයි.

මෙම පොලිස් නිළධාරින් නිසා සිදුවන මෙවැනි අපරාධ ඉහල පොලිස් නිළධාරින්ට දැනුම් දුන්නත් මේ වෙන තෙක් කිසිම පැමිණිල්ලකට පිළිතුරක් ලබා දී නැත.
මෙම පොලිස් නිළධාරීන් කසිප්පු අතකොලු බවට පත්ව ඇත. වැඩිකලක් යන්නට මත්තෙන් ශ්‍රී ලංකා රටේ දොම්පේ පොලිසියට සිදුවූ ඉරණම තන්ජාර්වූර් පොලිසියටත් සිදුවන බව ප්‍රෙද්ශවාසි වන අපි බලා සිටිමු.
එම ඉරණමට ගොදුරු නොවී මෙම පොලිස් ස්ථානය රැක ගන්න ඔබතුමාගේ අවධානය යොමු කර, ඉතා ඉක්මනට පොලිස් බල ප්‍රදේයේ අසරණ ජනයා වෙනුවෙන් අපිට හොඳ පොලිස් සේවයක් බලාපොරොත්තු වන්නෙමු.

අතිගරු ජනාධිපතිතුමනි ඔබ තුමාහෝ මෙයට මැදිහත් වී, මෙම පැමිණිල්ලට සාධාරණය ඉටු වනවා යැයි, අපි සියලු ප්‍රදේශ වාසින් වන අපි මග බලාගෙන සිටින්නෙමු. 
අපි දන්නා කියන කාලයක සිට ඔබතුමාග් පියා ගේ කාලයේ සිට ඔබතුමාලාට චන්දය දී ඇති බැවින්ද අපි ඔබතුමා ගැන හොඳ පැහැදීමකින් සිටින බැවින්ද අපිට ඉක්මන් සාධාරනයක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 

 මීට ඔබතුමාගේ විශ්වාසී/හිතවත්,............................
 ජීවත් කරන්නට ළමයි සිටින හෙයන්
කාකි කෝට් උන් මරා මහ උලුගෙදර යන්නට බැරි කමින් අසරණව සිටින,
පොලිසියෙන් නිතර දෙවේලේ යටිබඩට පාර වදින,
තන්ජාර්වුර් ගමේ ගැහැනියකගේ,
කසාද මිනිහෙක්.

15 comments:

  1. Mekath hariyata Lankawe polosiya wagemane .

    ReplyDelete
  2. පොඩ්ඩ බැරි උන ගමන් ජනාධිපතිතුමාට දුක කියලා සහනය උදා කරගන්න එහෙත් පුලුවන්ද මෙයා ...? හරි ෂෝයිනෙ...

    ReplyDelete
    Replies
    1. මෙහෙ බැරි උනාට එහෙ පුලුවං ලු

      Delete
    2. a kaale puluwanlu ape rateth.mata ape siiyage thaaththa ehema janadhipathi thumaata liyapu liumak ahu unaa.

      Ebraham Linkan reula weuweth oya wage janaadhipathi thumaata eu liumak balala. hebei eeka liyala thibune aurudu 12kada koheda podi geenu lamayek.

      Delete
  3. එහෙත් හරි වැස්ස
    මෙහෙත් හරි වැස්ස
    දෙපැත්තෙම වැස්ස
    වෙළත් උතුරන්න!

    ReplyDelete
  4. තිස්ස කුමාරගේ බුවාලන්තය සිහියට නැගුණා

    ReplyDelete
  5. සතියට 5000ද මදි මදි හොදටම මදි

    ReplyDelete
  6. අපේ එක වගේමයි වගේ.. මොකෝ දන්නේ නෑ!

    ReplyDelete
  7. දොම්පෙ පොලිසියට වෙච්ච දේ හෙන්රිය අගේට දන්නව ඇති නොවැ :)

    ReplyDelete
  8. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
  9. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
  10. හනේ හරි චෝයි එහෙට් එහමද? මෙහට් එහමයි

    ReplyDelete
  11. අන්න ඒකට මෙහෙ....
    ඒ රටවල ඉන්නේ පවුකාරයෝ. අපි වගේ වාසනාවන්තයෝ නෙවෙයි. හාමුදුරුවෝ කියනවා වගේ කරුමේ තමයි ඉතින්.....

    ReplyDelete
  12. ඔන්නොහෙ උන්ටත් ලංකාවට එන්ඩ කියමු...සන්තෝසෙන් ඉන්ඩ බැරියෑ..

    ReplyDelete