Monday, July 8, 2013

කොල ජෝති නිල් වුන හැටි (Jothi Show 2013)

ඉවන්ට් එක.
කලා ලංකා පදනමින් සංවිධානය කරපු ජෝති උපහාර වැඩසටහනක් ඊයෙ (ජූලි 7) තිබුනා සුගතදාස ස්ටේඩියම් එකේ. කලා ලංකා පදනමේ සභාපති තමයි ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා. කලා ලංකා පදනමේ ලේඛම් තුමා තමයි දේශමාන්‍ය සමන් අබේගුණරත්න මැතිතුමා. නිල්පාටින් වේදිකාව සරසලා තිබුනා. නිල්පාට පසුබිමක ජෝතිගේ පිංතූර තිබුනා. නිල්පාට පක්ෂෙ රජකරන නිසා හැමදේම නිල්පාටයි. 
මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කැළණිය ආසනයේ බොහෝ පිරිසකට ආරාධනා කරලා තිබුනා. ඒ වගේම ව්‍යාපාරික ස්ථාන බොහොමයකින් ආධාර හෙමත් අරගත්ත බවක් කියනවුනා. යුධ හමුදාවෙ පෙරදිග සංගීත අංශය තමයි මේ අවස්ථාව සංගීතමත් කලේ. 

ආරාධිතයින්.
ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ දේශපාලනික අවස්ථාවක් ලෙස තමයි සමස්ථ සිදුවීම දකින්න තිබුනෙ. එච් ආර් ජෝතිපාල කියන්නෙත් මර්වින් ගේ ඉවන්ට් එකේ හිටපු චරිතයක් විතරයි. ප්‍රධාන ආරාධිතයා විදියට ජගත් චමිල මහා නළුවා සහභාගි වෙලා හිටියා. එයා ඒක රඟපාල අවුරුදු හතක් ගියා. මෙහෙ උන් දැක්කෙ නැති තැනක් අමරිකාවෙ අය ටිකක් දැකලා මිනිහට සම්මානයක් දුන්නා. දැන් ජගත් චමිල සුසිල් ප්‍රේමජයන්ත වගේ පුද්ගලයෙක් මුලසුන දරන සබාවක සමතැන් ගන්න පවා සුදුස්සෙක් වෙලා ඉවරයි. ආරාධිත අමුත්තන් ලෙස මර්වින් සිල්වා මහතාගේ දේශපාලන දිවියට සම්බන්ධ ගොඩක් අය සහභාගි වුනා. කලාකරුවන් ලෙස කිහිප දෙනෙක් සහභාගි වුනත් ඒ අය ජෝතිට හිතවත් අයට වඩා මර්වින් හිතවත් අය කියලා තමයි දකින අයට හිතුනෙ. මුළු උපහාර උලෙලේදීම ජෝතිගේ ගී කියන්නට ආපු ගායකයින් නළු නිළියන් ගැන ඒ තරම් සඳහනක් තිබුනෙ නැහැ. 

ඒ ඇවිල්ල හිටපු ඕඩියන්ස් එක ජෝතිගේ සින්දුවක් ලස්සනට කියනකොට අප්පුඩි ගහනවාට වැඩියෙන් මර්වින් මහත්තයා කතාකරන්න යනකොට අප්පුඩි ගැහැව.සිංදු කියන්න ආපු දයාසිරි අයියට පොඩි ගොං ජෝක් එකක් දාන්න මර්වින් ස්ටේජ් නගිනකොටත් මිනිස්සු ඔන්න මර්වින් ආයි කතා කරන්න යනවාදෝ කියලා හිතලා හොඳට විසිල් ගහලා අප්පුඩියක් ගැහුවා. කොහොම වුනත් අවසානෙ දයාසිරියා  මතක් කලා අවසානෙට මේ දයාසිරියි මර්විනුයි සහභාගි වෙච්චි ප්‍රසංගය පැවැත්තුවෙත් මේ සුගතදාස ක්‍රීඩාංගනේමයි කියන එක. අපරාදෙ විපක්ෂෙ ආතල් දීපු හොරණෑවක් ආන්ඩුවට පනින්න යන්නෙ..මට එහෙමත් හිතුනා. ඒකනම් මැදැයි. අර මාතර ඉඳලා ආපු කජු කිරි කොල්ල වෙච්චි බුද්ධික පතිරණත් ඇවිත් හිටියා. පොරටත් පනින්න මොකක් හරි හේතුවක් හදාගන්න ඕනි වෙලා වගේ. 

ජෝතිපාල
ජෝතිපාල කසාද මිනිහෙක්. එයාට ළමයි හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාම දූවරු. ඔවුන් ඇවිල්ල හිටියෙ නැහැ. ජෝතිපාලගේ නෑයො කියලා මොනයම්ම කෙනෙක්වත් ප්‍රසංගය තුල ලකුණු වුනෙත් නැහැ. අඩුතරමෙ ජෝතිත් එක්ක ළඟින් හිටපු ජෝතිත් එක්ක කාපු බීපු ගීත රචකයෙක්වත් ඉවන්ට් එක පුරාවට දකින්න හිටියෙ නැහැ. සමහර විට ඉන්නත් ඇති. නමුත් එයාල උන්න වගක්වත් පෙනුනෙ නැහැ. ජෝතිපාල අවසානෙට සිංදු කිව්වෙ කතරගම ගම්උදාවෙ. ඒ එවකට ජනාධිපති වෙච්චි රණසිංහ ප්‍රේමදාස මහත්තයට සහයෝගය පිණිස. එදා සමහර විට ජෝති ගී ගැයුව වේදිකා කොළපාට වෙන්න ඇති. නමුත් අද තත්වය වෙනස් වෙලා. අද ජෝති තනි නිල් පාට වෙලා. එදා ජෝති ගී ගැයූ අවසාන ප්‍රසංගයේ මා අතදරුවෙකු ලෙස ප්‍රසංගය බැලූ බව මට මගේ අම්මා කියලා තියෙනවා. දැන් අවුරුදු විසි හයකට පෙර ජෝති මළා. නමුත් ජෝතිපාල වගේ තව කෙනෙක් නැහැ. එච්චරයි. 

මාලක සිල්වත් ඇවිල්ල හිටියා. එයාට ඉන්නවා ඔඩෙල් ඔටාරා වගේ කේඩෑරි ඇඟක් තියෙන පවුලක් හෝ වෙන්ඩ පවුලක්. ඒ සරුංගලෙත් අරං ඇවිත් මේකා ඉස්සරහම පේලියෙ වාඩිවුනා. පස්සෙ මර්වින් මහත්තයත් මොකද්ද අලකලංචියක් නිසා පස්සෙ සීට් එකකත් ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. පුතා ඉස්සරහ සීට් එකක තියාගෙන තාත්ත කෙනෙක් පස්සෙ සීට් එකක ඉන්නවා කියන්නෙ පුතා තාත්තට වඩා ඉහලයි. ඉතිං එවන් පුතුන් ලැබීම ගැන මර්වින් මහතා සතුටු වෙන්න ඇති. 

ජෝති අද හිටියනම් ජෝති කන්න බොන්න තෝරගන්නෙ මොන ජාතියෙ මිනිස්සුද කියලා අපිට කියන්න බැහැ. සමහර විට ජෝතිත් දැඩි රාජපාක්ෂිකයෙක් වෙන්න ඉඩ තිබුනා. ඒක හිතන්න අමාරු දෙයක්. කොහොම වුනත් ජෝති හිටියනම් මොක වුනත් අපිට යසට ඒ මිනිහගේ සිංදුවක් හරි යසට අහගන්න තිබුනා. මොන දේශපාලනය නැතත් මැරෙන තෙක් ජෝති දක්ෂ ගායකයෙක්. යුධ හමුදා වාදක වෘන්දය දක්ෂ එකක් වෙන්න ඇති. නමුත් සිංදු හරියට ප්‍රැක්ටිස් කරලා තිබුනෙ නැහැ. බේසික්ම තැන් කිහිපයක් වැරැද්දුවා. 
මම අහන් හිටියෙ ගීත හතක් විතර. මට බස් නැතිවෙන නිසා මම ආව හැරිලා. නමුත් ඒ සෙට් එකෙන්ම හොඳට සින්දු කිව්වෙ දයාසිරියයි අමිලා නදීෂානියි විතරයි. ඒ දෙන්නා සිංදුව ලස්සනට කිව්වා. 

දයාසිරියාට හොද වොයිස් එකක් තියෙනවා. ගායකයෙක් වෙන්න තරම් හොඳ පිළිගැන්මකුත් තියෙනවා. මමනම් හිතන්නෙ ටිකක් කාලෙ වැයකරලා ගායක කම ඉස්මතු කොරගන්න හැදුවනම් හොඳයි. කොහොම වුනත් ඉවන්ට් එක පටන් ගන්න පත්තු කරපු පහන ටික වෙලාවකින් ගිනි ගත්තා.ආරක්ෂක නිළදාරින් ඒක නිවන්න ලොකු වෙහෙසක් ගත්තා..  සමහර විට ඒ ජෝති අනුස්මරණ ප්‍රසංගවල මලගම සටහන් කරන්න අදෘෂමාන හස්තයකින් කරන්න හැදුව දෙයක් වෙන්න ඇති. 

15 comments:

  1. ලොක්කා ඇවිත් හිටියේ නැද්ද? පොර ඔය වාගේ එකක් මග හරින මනුස්සයෙක් නෙමෙයිනේ

    ReplyDelete
    Replies
    1. හිතන තර්මම ලොක්කා සිල්ලර නැහැ..

      Delete
  2. හොඳ විස්තරයක් අමිල... බ්ලොග් අඩවියක වටිනාකම/නිදහස්බව දැනෙන ලිපියක්...

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ගියේ ඒ ටිකම තමයි.

      Delete
  3. මේ රාජපක්ෂ යුගයයි මේ යුගය එහෙම තමයි මේ යුගයේ තියා මොන යුගයේත් එහෙම තමයි නගර සභාවේ කුණු ලොරියේ පාට පවා වෙනස් වෙන එකේ ඕව මොනාද ?

    ReplyDelete
    Replies
    1. අනික ජෝතිපාල කියන්නේ සමාජයකට අයිති මිනිහෙක්. එහෙම උනාම ජෝතිව විකුනන් කන්න හරි පුද පුජා තියන්න හරි වෙන වෙන කල්ලි සුදානන් වෙලා ඉන්නවා.ඒක උන්ගේ කැමැත්ත.ජෝතිගේ දුලා උනත් මර්වින් උනත් එච්චරයි.
      ජෝති උනත් මෙව්වා ගැන මෙච්චර සිරා විදිහට හිතන්න නැතුව ඇති. :D

      Delete
    2. අපි ජෝතිට ආදරේට යනවා.. ඒ යකාගේ ජීවිතේට නෙමෙයි සිංදුවලට තියෙන කැමැත්තට..ගිහිං පැය එකහමාරක් පොලිටිකල් කතා අහලා...එක එක විගඩම් බලලා අවසානෙ ජෝතිගේ සිංදු විකෘති කරලා තාලෙ වරද්දලා කියන හැටි අහගෙන ඉදලා එනවා..
      මට අනුව ඒක වෙන්නෙ නැහැ ජෝති හිටියනම්..අඩුතරමෙ සිංදු හරි හොදට කියයි..

      Delete
  4. //එයාට ඉන්නවා ඔඩෙල් ඔටාරා වගේ කේඩෑරි ඇඟක් තියෙන//
    මේ අගනා ලිපියට මොන එකකට ඒ මඩ කෑල්ල ගත්තද කියලා හිතුණා

    ReplyDelete
    Replies
    1. ලස්සන කියන දේ සාපේක්ෂයි..මට එයා කැතයි..

      Delete
  5. හොඳ විවරණයක්.

    ඔකේම අනිත්පැත්තත් බ්ලොග් වලදි දැක්ක නේ.
    ටැබු සබ්ජෙක්ට් තමයි සිංහල බ්ලොග් වල හොඳම එක විදියට තිබ්බෙ.
    ඕක නැගල යන කාලේ සමහරු දිවෙන් දිව ගාගෙන කමෙන්ට් හලාගෙන ටැබු සර් කිය කිය හිටියේ. මොකක්දෝ වෙලා ටැබුවට බ්ලොග් කටුව වහන්ඩ වුනා. මේ එකෙක්වත් ටැබුව ගැන එක පෝස්ට් එකක් දාපිය! මොන. මොකුත් වුනේ නෑ වගේ උන්ගේම පල්හෑලි ලිව්වා.

    ReplyDelete
    Replies
    1. අපි මොකටද එක එක්කෙනා ගැන ලියන්නෙ..අපිට ලියන දේවල් වලට අදාලනම් විතරක් ලිංක් එකක් දාල දාන එක වෙනම දෙයක්..
      අනික් පොඩි බ්ලොග් කාරයො ලොකු එකෙක් කියල හදුන්වන ටැබූට ලිංක් දාන එක විහිලුවක්..

      මට අනුව ටැබූ පොරක් නොවේ.. ටැබූ බ්ලොග් ලියන්නට එනවිටම වැඳගෙන ඒවා බලන්නට පිරිසක් නිරායාසයෙන්ම ඇතිවෙයි...එවන් වැඳගත් පාඨක පිරිසක් කිසිදිනෙක කහටගස්දිගිලිය හොරොව්පතාන සියඹලාන්ඩුව පැත්තේ ක්‍රමානුකූලව ඉගනගත් නැති බ්ලොග් කරුවෙක්ට ලැබෙන්නෙ නැත.

      Delete
  6. හොඳ වෙලාවට ජෝති මලේ.. නැත්නම් මේවා දැකලා එල්ලිලා මැරෙනවා.. ජෝති යූ ඇන් පීයට කඩේ ගියත්. කාටවත් සෙකන්ඩ් උනේ නෑ. ප්‍රේමදාස මහත්තට ජෝති පොරක් උනා මිසක්ක. ජෝතිට ප්‍රේමදාස පොරක් උනේ නෑ. ගෙයක් දීලවත්. කළාකරුවකුගේ අභිමානය රැකගත්තා. ජනතාව එක්ක හිටයා, කෑවා, බිව්වා, අනික් ඒවත් කලා, මිනිස්සුන්ගෙම කර පිටින් දිවිය ළෝකේ ගියා. අද ඉන්න උන් නම් අපායටවත් වැද්ද ගන්නේ නෑ. අද ඉන්නේ කළාකාරයෝ නෙමෙයි. පිම්පියෝ සහ නගර සොබනියෝ. ඒ අතරේ කොන්ද තියෙන උන් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඉන්න එකත් ළොකු දෙයක්.

    ReplyDelete
  7. අපරාදේ ගෙදර යන්ඩ බස් රැ වෙනකං තිබ්බානං ,මේ ලිපිය තවත් රසවත් වෙයි

    ReplyDelete
    Replies
    1. නිකං දෙන දෙමල පත්තර බලන්න යන්න පෙර දෙවරක් හිතන්න ඕනි කියලා මම හිතාගත්තා එයින් පස්සෙ..

      Delete
  8. //එච් ආර් ජෝතිපාල කියන්නෙත් මර්වින් ගේ ඉවන්ට් එකේ හිටපු චරිතයක් විතරයි//
    මට අල්ලල ගිය කෑල්ල ඒක.
    ජෝති අද හිටිය නං මොනවගේ තත්වෙක ඉඳීද කියන එක නං හිතාගන්න බෑ. කොහොම උනත් ජෝතිගෙ කාලෙම මැරිල ගියානං, මේ වෙද්දි "ජීවත් වෙන" හුඟක් උදවිය ඉන්නව.

    ReplyDelete