Posts

Showing posts from September, 2013

බර බඩද සරුවාලේ..05 කොටස

නර්මදා ගියා..ඒත් දරුවො ඉන්නවා.. එහෙම නේද ගංගුලි..?

ඔව් කාමිනි තාපසතුමියනි.. උන් දෙන්න ගැන තමයි මට වේදනාව..ගංගුලි කීය.

ගංගුලිට මං මලගෙදරින් පස්සෙ කිව්ව වැඩේ හොඳට බලල තිබුන. මං ස්කෝලෙට කතා කලා.. ගංගුලි ඇවිත් සල්ලි බැන්ද කිව්ව. සල්ලි බැන්ද වගේම දරුවො ගැනත් අවධානෙන් ඉන්න..

කෝ ස්නේහ.. ඇයි මෑනියනි.. ස්නේහා පසෙකින් සිට පිළිතුරු දුන්නාය..

.. ලෝගුවට වඩා මේකි සායට ලස්සනයි.. මං ඔක්කොම වාහන අනම් මනම් පිළියෙල කරල තියෙන්නෙ. මේක රහසක්.. දේව රහසක්.. මොකද මේව දැනගත්තොත් මගේ බිස්නස් විතරක් නෙමෙයි මාවත් නැති කරලා දාවි මිනිස්සු..

ස්නේහා අර ගංගුලි අල්ලල පොලිසියට බාර දුන් දවසෙ මහ දිග කතාවක් කිව්ව මතකයි.. ස්නේහ දන්වනේ..කාමිනි තාපසතුමිය දිග කතා වැඩිය දන් නැහැ.. ඔය පොත් වල තියෙන ගැඹුරු කෑලි මම අහගන්නෙත් සමහර වෙලාවට ඔයාලගෙන් නේ..

මං ඒ දවස්වල ඕව දැනගෙන හිටියෙත් නැහැ. මං මෙ ලෝගුවට ආවෙ මං යාලුවෙල හිටිය කොල්ල වෙන ගෑනු එක්ක ගිය හින්ද කියලත් ස්නේහ දන්නවා.. ඒ වගේම ඒ මිනිහට අපේ ගෙදරින් අකමැති වුන එකත් ස්නේහ දන්නවා..

ලෝකෙ හරි සරලයි.. මහා විසාල ගැඹුරු දේවල් හිතන්න එපා. දැන් මම තාපස දහම අනුව ඉන්නැහැ. බිස්නස් කරනවා. මගේ …

බර බඩද සරුවාලේ..04 කොටස

අනේ ඉන්ස්පැක්ටර් මහත්තයෝ..මගේ දරුවො දෙන්න.ගෙදර..ගෑනි එකතැන.. මට යන්න දෙන්න මහත්තයෝ.. මං හරි දුප්පත් මිනිහෙක්.. මං වැරැද්දක් කොරල නැහැ. මං මොකුත් හොරකම් කරලත් නැහැ. ගංගුලි මොර දෙන්නට විය.

හරි එහෙනං කියනවා තමුසෙගේ සාක්කුවෙ තිබිල හම්බුන කොන්ඩම් ටික ගැන මොකද කියන්නෙ? තමුසෙ මේ තාපසාරාමෙ සිල් රකින තාපසතුමියකට අතරවර කරන්න ආවද? නැත්තං ගමේ කෙල්ලෙකුට අතවර කරන්න හිතං ආවද? තමුසෙ එකපාරක් ලොකු තාපසතුමියගේ කුඩයක් කැඩෙන්න පාරවල් කාලත් තියෙලු.. තාපසතුමියට තොගෙ පොඩි තුවක්කුව හේත්තු කරන්න ගිහින්.. හැබෑට ඕයි තමුසෙට අර හැටට කිට්ටුවෙච්චි ලොකු තාපසතුමිය දැක්කම ටුයිං වෙනවද ඕයි?

අඩු තරමෙ වයස ගැනවත් හිතනව. තමුසෙගෙ අම්මල ගෙ වයසත් වෙන්න ඇති.. සික් උඹලා අපේ පිරිමි ජාතියටත් නිග්‍රහයක්..


පොලිස් නිළදරුවා බැනවදින්නට විය.

හැඩූ කඳුලින් යුතු ස්නේහා තාපසතුමිය නිසිලෙස අමුනා නොගත් ලෝගුවෙන්ද තැනින් තැන අවුල් වුන කොන්ඩයෙන්ද යුතුව ලොකු තාපසිය වූ කාමිනි ගේ කුටියට ගියාය. එවිට කතාකරමින් සිටි උපාසිකා වරුන් ඉදිරිපිටට ස්නේහා ගියේය..

ස්නේහා දුටුවනම කිනම් හෝ අකරතැබ්බයක් යැයි කාමිනිට වැටහුනි.. මඳක් ස්නේහාට කිස්ටු වූ කාමිනි.. මොකද ස්නේ…

බර බඩද සරුවාලේ..03 කොටස

ස්නේහා තාපසතුමිය කාමිනී නායක තාපසතුමිය හමුවන්නට විවේක වෙලාවක ගියාය. ආ ස්නේහා..එන්න මං මේ හවස් වෙච්චි නිසා ගිලන්පස ටිකක් හදන්නයි හැදුවෙ.. ස්නේහටත් ටිකක් හදන්නම්..කාමිනි කීවාය.

අනේ මන්ද..නායක තාපසතුමිය ලව්ව ගිලන්පස හදාගන්න එක අපිට පවු වෙන්නත් ඇති..ස්නේහා පැවසීය..

ඕව එච්චර හිතන්න එපා ස්නේහ.. ඔය විදියට නායක තවුසියන්ට පිං දහම් කරගන්න ලැබෙන්නෙම නැහැ නේ..පවු සිද්ද වෙන නිසා..කාමිනී කිවාය.

වාඩි වී තේ බොන අතර ගංගුලි ගෙනා කුඩය ස්නේහා විසින් රැගෙන එනු ලැබ එය පසෙකින් තැබුවාය.

මොකද මේ ස්නේහා කුඩයක්..ඔයා මට විහිළුවක් වත් කරන්න ආවද? කාමිනී තාපසතුමිය ඇසුවාය..

ඔව් ඉතිං නායක තාපසතුමිය කුඩ එක්ක තරහයි කියල හැමෝම දන්නවා නේ.. පිටිපස්සෙ තියෙන කුඩ ගොඩ දැක්කම ඕනි කෙනෙක් පුදුම වෙනවා නෙ.. ස්නේහා තාපසතුමිය පැවසීය..

මේක අර නර්මදා උපාසිකාවගේ මහත්තයා ගංගුලි ගෙනත් දුන්නෙ..

මේ අවස්ථාවේ කාමිනි තාපසතුමියගේ මුහුන කළු වලාවකින් වැසුන අතර ඇය කුමක් සිදුවීදැයි යන කුහුලින් යුතුව බලාගෙන සිටියාය.

ස්නේහා බිම බලාගති.. කාමිනි මෑනියන්ට ලොකු වැරැද්දක් වුනා කිව්ව.. ඒකට සමාව ඉල්ලන්න එන්නත් ලැජ්ජයි වගේලු.. ඒ වගේම නර්මදාට සිල්ලර පාර්සල් …

බර බඩද සරුවාලේ..02 කොටස

කාමිනිගේ අරමට ගංගුලිව රැගෙන ගියේ නර්මදාය. නර්මදා සමගින් බයිසිකලේ ගිය ගංගුලි ද සිය බිරිය සමගින් බයිසිකලෙන් අරමට යන අතර වෙහෙස නිවා ගැන්මට මුල් කාලයේ මඳක් අරමෙහි ගසක් යට වූ ලෑල්ලක ටික වෙලාවක් වාඩි වී සිටියේය. පිරිමින් හට තරමක් දුරට තහංචි වූ අරමක් වුවද නර්මදා අරමේ හොඳ උපාසිකාවක් වූ බැවින් අරමේ සිටි තවුසියන් කිහිප දෙනා ගංගුලිට ඇතුලට පැමිනෙන්නැයි ආරාධනා කලෝය. මුලදී ගංගුලි විසින් මේ මොන කෝලමක් දැයි ඔහේ බලාගෙන සිටියත්.. මහත් වූ ශ්‍රද්ධාවෙන් බිරිය කරන වත් පිළිවෙත් වලට උදව් දීම පසුව ගංගුලිගේ ද සිත ගත්තේය.

වන මැද වූ ස්වාභාවික නිවහනක සිරි ගත් අරම සතියට දිනක් හෝ නර්මදාගේ පහසට ලක් විය. ඒ නිසාම ගංගුලිද සිය නිවාඩු දවස විටෙක දරුවන්ද සමඟ අරමේම ගතකලේය. කෙතෙක් ගුණ යහපත් කම් ඇති තැනක සිටියද සර්පයෝ විස සහිතය. එසේම ඇතැම් මනුෂ්‍යෙයා් කෙතෙක් හොඳ පරිසරයක වැඩුනත් ඔවුනගේ ජන්මයෙන් පිහිටා ඇති අඩුපාඩු වසා ලිය නොහැකිය.

අලංකාරව ඔතන ලද අළුත් කුඩයක්ද රැගෙන බියෙන් මෙන් ගංගුලි අරමට ගියේය..

මුලින්ම හමු වූයේ කාමිනි නම් නායක තවුසිය නොවේ. ගංගුලිගේ වාසනාවට මෙන් ගංගුලි තරමක් හොඳින් අඳුනන ස්නේහා නම් තවුසිය මුන ගැසුනේය.

මොකද ගං…

බර බඩද සරුවාලේ..01 කොටස

කාමිනි නම් තවුසිය බස්රියේ ඉදිරිපස අසුනේ යයි. ඇගේ අසුනේම අනෙක් පස සිටියේ ද මහත ගැහැනියකි. කාමිනිට අයිති වූයේ බස් රියේ මිනිසුන් ගැවසෙන පස අසුනයි. එම අසුන්වල මහත දෙදෙනකු වාඩි වූ පසු අත් ගොබ ද කකුල් වල කොටසක්ද අසුනින් එලියට පනී.

එක්වරම කාමිනි නම් තවුසිය කිපුනාය. කිපී අත තිබු කුඩයෙන් නැගිට සිටි මිනිසකුගේ ලිංගයටත් අත් ගොබවලටත් දැඩිව පහර දීගෙන ගියාය. පහර කාගෙන සිටි මනුෂ්‍යයා හොඳින්ම පහර කෑමට හේතුව දැනගෙන සිටියේය. පහර දෙන්නියද භූමිතෙල් වැදුන ගැරඩි දෙනක මෙන් පහර දීගෙන ගියාය.

බස් රියේ ඉස්සරහට වෙන්නැයි කොන්දොස්තර තැන කී දෙයින් එතෙක් යන්තම් හෙත්තු වී සිටි හිටගෙන ගිය තරුණ එහෙත් මහත යුවතිය කෙරෙන් ගංගුලි ට ඉවත් වන්නට සිදු විය. ගංගුලි ඉවත් වූයේ සිතකින් නොවේ. තව ස්වල්ප වේලාවකින් කොන්දා ෂර්ට් එකේ පැහැයද තමුන් හේත්තු වි සිටින ආකාරයද උපාහාසයට ලක්කරන්නට පුළුවන. යම්තම් පදම් වී ඇති මුව තුලින් හමන අරක්කු ගඳ නිසා තමා වැරදිකාරයා වීමට බොහෝ දුරට හේතු විය හැක. ඒ නිසා ඉස්සරහට ගිය ඔහුට කහ පැහැති සරුවාලයකින් සිටි නග්න වූ අත්ගොබයක් පෙනිනි.

අහා.. ප්‍රීතියෙන් පිනාගිය ඔහු උරුක් කරගත්තුවක්කුවද ගෙන ඒ අසුනට ලං වුනේය. මඳක්…

කළුනික සෙවීම (Martin Wickrmasinghe's Traveling blog)

Image
බල්ලෙකුට වඩා ලොකු සතෙකු ඇතුළු වනු වලක්වනු පිණිස තනන ලද මේ කටු කම්බි වැටින් මා රිංගුවේ ඉතා අමාරුවෙනි. මා කෝට් එක උනා දමා හතර ගාතෙන් වැටෙන් ඇදෙන්ට වෑයම් කරනු දුටු මගේ සොඳුර කෑ ගෑවාය. හතර ගාතෙන් කොග්ගලට ඇදුනු මා සිනාසෙනු දුටු අනික් ඈයෝ හතර ගාතෙන් නොගොස් ඇතුළු විය හැකි තැනක් සොයා පාදා ගත්හ.
8 වන පිටුව...
මාටින් වික්‍රමසිංහයන් මහා වියතකු ලොක්කෙකු ලෙස දකින අය අමාරුවෙන් වැටක් යටින් ඔහු රිංගුවාය,අවසර නොගෙන ඇතුල්වෙන්නට ගියාය යන්න සත්‍යක් ලෙස පිළිගන්නට මැලිවෙනු ඇත. නමුත් මාටිං වික්‍රමසිංහ යනු අපේම සැට් එකක මුරන්ඩු කොල්ලෙකු යැයි සිතෙන තරමට ඔහුගේ ක්‍රියා කාරකම් ඔහු විසින්ම මනාව මෙහි හඳුන්වා තිබේ. 

කොග්ගල ඔය එකල ආදිම යුගයෙහි පෘථිවියෙහි වූ ජලාශයන් මූකලාන් හා ගොඩ දිය සතුන් සිහිකරන මඩ වගුරු හා මහා  ගස් වැල් සහිත ඉවුරු ඇති දිය කඳක් වන් වීය. ඉවුරු අසල වැවුන කිරළ, කඩොල් කදුරු, කුඹුක් ආදි ගස්ද ගස් වටා වැවුනු මහා වැල්ද ආදි යුගයෙහි වැවුනු මීමන පඳුරු සිහිකරවන කැරන් පඳුරුද සුද්දන් විසින් විනාශ කරන ලදින් ඔයබඩ දැන් පෙනෙන්නේ සම තලයක් ලෙසිනි. කවර තැනකින් වුවද නදියට ළං වන්නකුගේ ඇසට දැන් හසුවන්නේ සුන්දර දැක්මකි. එහෙත…

යෞවනියන්ගෙ රැකියා ( nature of Jobs at our girls)

Image
ජී කතාව. (G)

මම :- හායි.. ඉතිං ඔයා උයන්නෙ නැද්ද අම්ම මද හැමදාම උයන්නෙ..?

ජිලිනි :- ඔව් මම වැඩිය උයන්න දන්නෙ නෑ අප්පා.. එයාට උයන්න පුළුවන්.. එයා රට හිටියනේ අවුරුදු දෙකක් විතර..

මම :- හා එතකොට ඔයාට පුලුවන් නේ මැරි කලාම රෙදි හෝදා දෙන්න හෙම..? මට නම් එපා කරපු වැඩේ රෙදි හෝදන එක..  රෙදි හෝදන වැඩේට විතරක් මැරි කරන එක පාඩුයි.

ජිලිනි :- පිස්සුද ඔයාට. මට බැහැ අනුන්ගේ රෙදි හෝදන්න.. මට ඔය ගෙවල් වල වැඩ බෑ.. අයියට ඔක්කොම වගේ පුලුවන්.. ඔයාට වැඩකාරියෙක් හෙව්වෙ නැද්ද.. වැඩකාරියෙක්ව බැඳ ගත්ත නම් ඔයාට හරි යයි වගේ..

මම :- හයියෝ.. ඔයා මුකුත්ම දන් නැහැ වගේ නේ.. හැබෑට ඇයි දන් නැහැ නේ ඔයාගේ අයිය ඔයා කසාද බඳින්නෙ..?

ජිලිනි :- මේ අයියෙ මං මේ මනුස්සකමට ඔයත් එක්ක චැට් කලේ.. ඒක එයා බලා ගනී.. ඔයාට අමාරුවක් නැහැ නේ ඒ ගැන. සංසාර පුරුද්ද තිබුනට ටිකක් පාලනේ කරගෙන ඉන්න..අනුන්ගේ දේවල් හොයන්න දයාවති කියලා නම දාගත්ත නම් හරි..

මම :- සොරි නංගි දයාවතී ගේ මේල් වර්සන් එක අබිලිං..

ඒ කතාව (A)

මම:- මොකටද අලුත් වතුර බෝතල්..

අමාලි :- බොන්න නේ මැට්ටො තේරෙන් නැද්ද?

මම :- එතකොට වතුර දෙන්නෙ නැද්ද කෑම්ප් එකෙන්..

අමාලි :- වතුර දෙනවා ටිකක් …

සත පහක් දෙන්නැහැ ඕකුන්ට (Fucking Beggers)

Image
හිඟන්නෙක්ට රුපියලක් හෝ සීයක් දුන්නා කියල අපි දුප්පත් වෙන්නෙ නැහැ. නමුත් මම හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නැහැ. 
ළඟදි දැක්කා පොරක් බොරැල්ලෙන් බස්එකට නැගල අලුත් විදියකට හිඟා කනවා. අපේ මල්ලිගේ ඔලුවෙ බෝලයක් වැදිල. මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ. මං හොඳ කම්පැනියක රස්සාව කලේ. මගේ කකුලෙ ආබාධායක් නිසා නවතින්න වුනා රස්සාවෙන්. මං තැන් තැන්වල ඉඳන් නරක වැඩ කරන 3ර්ඩ් ක්ලාස් කොල්ලෙක් නෙමෙයි. මං හොඳට ජීවත්වුන කොල්ලෙක්. 

මූ ඔය අස්සට ඉංගිරිසි වචනත් දාල මූ හෙන පොෂ් සමාජෙන් හිඟන්නෙක් වෙච්චි බව පෙන්වලා ලොකු ගානක් බස් එකේ අය ගෙන් ගලවා ගත්තා. කෙනෙක් හිතන්න පුලුවන් ඒ කතාව හදිසියෙවත් ඇත්ත වුනොත් පවු නේද කියලා. ඒත් ඉතිං මටනම් කියන්න තියෙන්නෙ සොරි තමයි. මට දිරවපු නැති ලොකුම කෑල්ල තමයි මං තර්ඩ් ක්ලාස් කොල්ලෙක් නෙමෙයි කියපු කතාව. ඒ යෝදය පිළිගන්නවා තර්ඩ් ක්ලාස් කියල එකකුත් තියෙනවා කියලා. මිනිහ ඒකෙ නෙමෙයි කිව්වෙ හෙන ලොකු කමකින්. අන්ත අසරණ වෙලා ගොබ්බය වගේ පාරට වැටිල මිනිස්සුන්ට අතපාන අතරෙත් උගේ ලොකුකම ගිහිල්ල නැහැ. ඌ මාකටින් වලට හරි ලොකුකම විකුනනවා. 
හිඟන්නො බිහිවෙලා තියෙන්නෙ අපේ ජීවිත වලට පිං කරන්න අවස්ථාවක් ලබාදෙන්න. …

පරඬැල් වෙච්චි අපිට මොන පෙඩරල්ද? (What is Suitable for North)

Image
මලක් නැති ගසේ .. කොළයක් හැදිලා..
පලක් නැති වුවත්... ගහේ කොළයක් හැදිලා..කොලයක් නෙමෙ බං.. ඒ ඉටිකොලයක්..නිල්,රතු හෝ කොළ පාටට ඒ ඉටිකොලයක්..
ඉඩෝරයට අහු වෙලා.. වතුර පොදක් දැක්කෙ නෑ..පොඩි එකාට බොන්නවත්.. වතුර ටිකක් නෑ..ළිදේ අඩිය හඳ තරමට ..ඈත පේනවා..ඒකෙ පතුල හාරනකොට.. කිවුල උනනවා..
පපු කැවුතු දිගේ..බොකු කෑලි දිගේ.. ඇදෙන ලේ කඳේ...අපේ...කිසි ගුනක් නැතේ.. බොර පාට මඩ වතුර..පොදක් වැවේ තියෙන වා.. මාලු කොක්කු අපිටිකක් ඒව නානවා..පැන පැන ඒවා නානවා..
මහත්තුරු ඇවිත් වතුර බෝතල් දෙනවා.. එකපාරක් පුක හෝදන්නත් ඒ.. වතුර මදී..නෝනල කොළඹ ඉඳන් අපේ ඇඟේ ඇට බලන්න එනවා..ඇවිත් එහෙ ගිහිං ලෝකෙට අපෙ ඇට විකුනනවා..
බවුසර් එනවා.. ටැංකි බෙදනවා.. දැන්නං වතුර තියෙනවා..බොන්න අරක්කු දෙනවා..චන්දෙ ඉවරවේවී.. ආපහු ටැංකි අරං යාවී.. උනුත් උඩින් යාවී... අපිට හුලං වේවී..
සාහිත්‍ය දන්නැතී.. ඉංගිරිසි දන් නැතී.. හරියට කලිසමක් නැතී.. අපිට දෙයියොත් නැතුවා.. අනේ වැස්ස වලාහකයෝ.. බොලැ අම්මට හැමිනෙන් නැතු.. වැහැපාන් දෙයියනේ.. අපිට නාල කියල වකුගඩ්ඩට කෙලවෙනකාල් වත් සතුටින් ඉන්න.. අනේ වැහැපාන් කෝ..

පොත් ප්‍රදර්ශන කෑම (Book Fair Foods)

Image
මාත් ගියා පොත් ප්‍රදර්ශනේ බලන්න. යාලුවො කවුරුවත් හමු වුනේ නැහැ. ඔහේ තනියම ගිහිං ආවා. ගිය ගමන්ම ඇතුලට ගියා සිරිමාවො එකට. වෙනද ඒකෙ ඒ සී හොඳයි. මල පෙරේත හැත්ත මේ පාර ඒ සී අඩුකරලා හෝ ඒ සී ඇත්තෙම නැහැ. වෙනද තරම් හීතල නැහැ. වෙනද ඕනම ප්‍රදර්ශනයක මම යන්නෙ ඕක ඇතුලට මොකෝ එලියෙ තියෙන ගිනි රස්නෙට වඩා ඇතුල පස්ට කූල් නිසා. ගිය ගමන් අපේ මාටිං ලොක්කා හිටියා. මාටින් මගේ යාලුවා. පොතුත් මිල අඩුයි. දැන් පොත් මිල අඩු වුනාට ඉස්සර හරි ගනන්. දැන් ඉතිං මොනම හේතුවකට හරි මහා ගත්කරු මාටිං වික්‍රමසිංහගේ පොත් මිල අඩුවුනා. ඇස්දෙක පියාගෙන වගේ පොත් තුන හතරක් ගත්තා.. නවකතා කෙටිකතා වලට වඩා මාටින් වික්‍රමසිංහගේ තීරු ලිපි වගේ ඒව වැදගත්. මං ඒවට මනාපයි.

හප්පා ගත්තට මොකද එතන ක්‍රෙඩිට් කාඩ් වලිං ගෙවන්න බැහැ. ජීවිතේ තව සතිදෙකක් ගෙවන්න ඉතිරි වෙච්ච රුපියල් දාහෙන් බාගෙකටත් ටිකක් වැඩියෙන් ගියා මාටියට. මාටිය කොටියම කාපිය. ඒවෙලාවෙ හිතුනා. ඒ වුනත් මාටින් වික්‍රමසිංහ කියන්නෙ මට පොරක්. හැමෝම මාටින් කියවන්න පටන් ගන්නෙ ඉස්කෝලෙ පොත්වල තියෙන විරාගය ගම්පෙරලිය කලියුගය වගේ බෝරින් තැනකින්. නමුත් මම ඊට කලිං මාටිං ගේ කෙටිකතා කියවල තිබුනා. මම පුද…

ටෙලිකොම් ප්‍රශ්ණ (Telecom Problems)

Image
ඩේටා මදි නේ.

දැනට හෝම් පැකේජයට දෙන ඩේටා මදි බව මගේ බොහෝ යාලුවො කියති. ආන්ඩුවේ ආයතනයක් වන විදුලි සංදේශ නියාමනය කරන තැනින් දාන රෙගුලාසි අනුවය අන්තර්ජාල කුට්ටි ලබාදිය යුත්තේ. ඒ අනුව ටෙලිකොම් ආයතනයට හිතු මතේ හෝම් පැකේජයට ලැබෙන දත්ත ප්‍රමාණය වැඩිකල නොහැක. නමුත් පොදුවේ ගත්කල තවත් ගිගාබයිට්ටු ප්‍රමාණයක් ලැබෙන එක වැදගත්ය. දැන් ලෝකයේ අධ්‍යාපනික වැඩසටහන් පවා අන්තර්ජාලයේ වීඩියෝ මගින් බෙදාහරිනු ලැබේ. ඒ අනුව අධ්‍යාපනික අඩවියකට ඇතුලත්ව සතියකට ගිගා බයිට් තුන හතරක වීඩියෝ කොටස් නරඹා අධ්‍යනය කරන අයකුට ටෙලිකොම් සබඳතාවය සෑහෙන්නේ යන්තමිනි. ඒ අනුව ආන්ඩුවේ තැනක් හැටියට මිනිසුන් ගේ අවශ්‍යතාවයන් සලකන කොම්පැනියක් විදියට වැඩිපුර දෙයක් මිනිස්සු ටෙලිකොම් එකෙන් බලාපොරොත්තු වෙති.

අපිට මොකටද පෝන් එකක්.

සුදු අධිරාජ්‍යවාදීන් රටවල් අල්ලා ගත් කල ඒ රටවලදී සිදුකරන ලද යුද්ධ වියදම් ආදිය ඒ රටවල ජනයාගෙන් තලා පෙලා බදු ලෙස අයකරගන්නට ක්‍රියා කලෝය. ඒ පෙලිම නිසා අමරිකාව සොයාගත්තේ බ්‍රිතාන්‍ය කාරයන්ට වුවත් අමරිකාව යටත් විජිතයක් ලෙස වැඩිකලක් තබාගන්නට  නොහැකි විය. එසේම කොම්පැනියක් සිය මෙහෙයුම් වියදම් පරිපාලන වියදම් සියල්ලම පාරිබෝගිකයින්…