Friday, October 21, 2011

Nadini Premadasa's Meusious Show

singing Nadini
නදිනි ප්‍රේමදාස නමැති ගායිකාව ගේ පාසැල මියුසියස් විදුහලයි..ඇය එහි ආදි ශිෂ්‍යාවක් වෙයි..පාසැලේ ආදි සිසු අරමුදල් තර කරනු වස් ඇය විසින් ප්‍රසංගයක් සංවිධානය කිරීමට උත්සාහ කොට ඇත..එහිදී භාතිය සංතුෂ් චිලී වැනි ගායිකාවන් ගී ගැයීමට නියමිතව සිට ඇත..නදිනි ට අමතරව භාතිය සහ සන්තුශ් යන දෙදෙනාගේද බිරින්දෑවරුන් ඉගෙන ගෙන ඇත්තේ මියුසියස් විදුහලේය..මෙම විදුහලේ පවතින නොයෙකුත් උත්සව ආදියට භාතිය සන්තුශ් නදිනි සහ චිලී ඇතුලු පිරිසක් නිරතුරු සහභාගීවෙයි..නමුත් වර්ථමානයේ පන්දහසකට අධික ශිෂ්‍යාවන් පිරිසක් සිටින මියුසියස් විදුහලේ වර්ථමාන සිසුන් සහ දැනට එක්වී සිටින ආදිසිසුන් බහුතරය නදිනි භාතිය ඇතුලු
අය ගෙනයන සංගීත මෝසතරයට කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් පාගමන් කුඩා ක්ලබ් ආදියෙහි ගීත ගායනා කලත් ළමුන්
එතරම් ඔවුන් කෙරෙහි කැමැත්තක් නැති බවත්වාර්ථාවෙයි..අවසන මේ තබන්නට යන සංගීත සන්දර්ශනයේ ටිකට්පත් පාසල තුලම විකිනීමට තීරනය කොටඇත..එහෙත් පන්දහසකට අධික ශිෂ්‍යාවන් කැලක් සිටින පාසැලේ නදිනි ඇතුලු පිරිස පැමිණ ප්‍රේරණ වැඩසටහන් පවත්වාත් විකිනී ඇති ටිකට් ගණන විශ්මිතය..මුලු පාසලෙන්ම ප්‍රවේශපත් රැගෙන ඇත්තේ සිසුන් හතර දෙනෙකු පමණි. එනම්
Nadini at stage
විකිනී ඇති මුලු ප්‍රවේශපත් ගණන 4කි.මේ නිසා සංවිධායක මන්ඩලය විසින් එම ප්‍රසංගයේ ප්‍රවේශපත් පිටතට විකිනීමට සූදානම් වෙයි.ඒ අනුව නුදුරේම එම ප්‍රසංගයේ පෝස්ටර සහ දැන්වීම් අද හෙටම සාමාන්‍ය ජනතාවට පෙනෙනු ඇති.
              එහෙත් මින්පෙර කසුන් කල්හාර වැනි අය යන්තම් සහභාගී වූ ශාස්ත්‍රිය ප්‍රසංග වලට ශාලා උතුරා යන්නට සහ කසුන් කල්හාර සමග එකට සින්දු කියන්නට ගැහැනු ලමුන් සිය දාස් ගානින් පොරකමින් රැස්ව සිටි බව වාර්ථා වෙයි..නදිනි ප්‍රේමදාස සහ භාතියලා යනු මාධ්‍ය අනුව ජනප්‍රිය ගායකයෝ වෙති..ගම්වල සිටින අය සිතන්නේ මොවුන් නගරබද පරිසරය තුල බොහෝ ජනප්‍රිය අය විය හැකි බවයි..නමුත් මේ සිද්ධිය අනුව නදිනි සහ භාතියලා ජනප්‍රියත්ව ඇත්තේ කොහිද යන්න මට ගැටලු ඇති කරයි...

6 comments:

  1. හහ්. දැං ජනප්‍රිය යැයි කියන රැල්ල ගහගෙන ගිහිං අහවරද කොහේද. ඔය නාඹර කිචිබිචියංගෙ කෑමොර තැලිලි වලට ඒකිය රටාවකට කොම්පීටරෙං හදාගන්න තනුවක් දාල මයික් කටිං කෑ ගැහු පලියට එව්ව ගීත නොවන බව නාගරිකයන් වූ මියුසියස් වාසීන් පවා පිළිගැනීම බොහෝම සතුටට කාරනාවක්...

    ශාස්ත්‍රීය සංගීතයේ පදමාලාවක් ඇහුනත් ඇඟට රිංගන මහා අමුත්තට තමයි සංගීතය කයන්නෙ.

    ReplyDelete
  2. රන්වල බලකායේ ෂෝ එකක් කරානම් අතුරු සිදුරු නැතිව පිරෙයි ෂුවර් එකටම, අපි දවසක් ගීය ෂෝ එකේ අන්තිමට පුටු පේලි අතර බිමත් ඉඳගෙන ෂෝ එක රසවිඳපු පිරිසක්ම හිටියා. ඒකයි දැන් යථාර්තය. සංගීත වින්දන රටාව වෙනස් වෙනවා, අපේ අයගේ හිතුවිලි රටාව වෙනස් වෙනවාද, දරුවන් බුද්ධිමත් වෙනවා ද කියන ප්‍රශ්නෙ මතු වෙන්නේ.

    ReplyDelete
  3. මවා ඇති ජනප්‍රියතාව හා සැබෑ ජනප්‍රියතාව යනු දෙකකි. ඇරත් සමහර අය තමන් පොෂ් බව පෙන්වන්නට කරන්නේ කියන්නේ තමන් හැබැට ආස දේ නොවේ.

    ReplyDelete
  4. kasun kiyanne real gayakayek! adu paadu na kiyanawa nemei! eeth bokkata wadinna puluwan ayagen kasun kenek! hithala balanna " mal warusawe" , " arabumama kandulak wela" wage songs gana! ithin nadinila karana ragapaam walata wadi kal aausha na! mmm! :) mmm! nondi wadak wei!

    ReplyDelete
  5. Honda de hemadaamath pawathinawaa. Amaaruwen market karapu dewal walata aayusha aduyi. :)

    ReplyDelete
  6. අදහස් දැක්වීම ගැන ස්තූතියි ඔබට...
    අපි නිකමට ජාත්‍යන්තරයේ ජනප්‍රිය උන ගායකයෙක් හෝ සංගීතවේදින් සැලකුවොත් ඔවුන් බොහොමයක් කැපවීමක් අධ්‍යයනයන් සහිතව සංගීතය කරපු අය..නැත්නම් එහෙම කැපවීම අධ්‍යනය තියෙන අය ගොඩක් එකතැනකට ළංකරගත්ත අය...නමුත් මේ අය සතුව එහෙමට කියල දෙයක් නෑ...
    නව සම්ප්‍රදායන් ඇතිකරන්න හදනවනම් තියෙන සම්ප්‍රදායයන් සහ තත්ව මොනාද කියල අධ්‍යනය කල යුතුයි...

    ReplyDelete