Friday, January 13, 2012

නිදහස් අධ්‍යාපනය නැතිකිරීමේ වාසි.

නිදහස් අධ්‍යාපනය හඳුන්වාදුන්නේ එක්දාස් නවසිය හතලිස් ගනන් වලයඑකල සිවිල් සේවය නිසිපරිදි ගෙනයෑමට මනුස්සයෝ අඩු නිසා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුනි. නමුත් අද සිවිල් සේවයට සහ වෙනත් අවැසි සේවාවන් වලට බොහෝ පිරිස් ඇතිපදමටත් වඩා සිටී. එබැවින් මේ කාලයේ නිදහස් අධ්‍යාපනයක් නඩත්තු කිරීම රජයකට අමතර බරකි.
ලංකාවේ අධ්‍යාපනයට යෙදෙවෙන මුදල අඩුය. එය කේස් ඇතිවන සුලු තරම් සුලු ගානකි. එහෙත් අධ්‍යාපනයට යෙදෙවෙන මුදල සියල්ල පාසැල් විශ්ව විදයාල කාර්මික විදයාල සහ අනෙකුත් නිදහස් අධ්‍යාපන ආයතන පිණිසම යෙදෙවේ. වෙනත් ව්‍යාපෘතින් ක්‍රියාත්මක නොවෙන තරම්ය. උදාහරණයක් ලෙස දැන් තොරතුරු තාක්ෂණ සහ පරිඝනක දැනුම ඇති අය සහ මෙලෝ කම්පුයුටර් අලබෝලයක් නොදන්නා අය ලෙස සමාජය පැහැදිලි ලෙස දෙකට බෙදෙමින් ඇත. එය සමාජීය වශයෙන් සැලසුම් ඇතිකිරීමට සහ මනුස්සයන් පාලනය කිරීමේදී ගැටලු ඇතිවෙන තැනකි. වැඩිහිටි පරපුර වෙත සහ පරිඝනක නැති අයවලුන් සඳහා පරිඝනක දැනුම බෙදා පරිඝනක භාවිතය වැඩිකර කෘෂි, ධීවර, කර්මාන්ත ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාවය වැඩිකිරීම ගැන කතාවක් වත් නැත. හිටපුගමන් අකලට පොල් වට්ටවන්නා සේ තැනක දෙකක කුඩා ව්‍යාපෘති වෙයි. නමුත් සමස්ථයක් ලෙස වැඩිහිටි ඉංගිරිස්සි පරිඝනක දැනුම කෙරෙහි රජයට වැඩපිලිවෙලක් නැත..
 උපාධිධාරින් ඩිප්ලෝමාධාරීන් නැතිවීම රටට කේස් එකක් නෙමෙද??
අද ලංකාවේ සිටිය යුතු මට්ටමට වඩා උපාධිධාරින් සිටිති. වෛද්‍ය ක්ෂේත්‍රය හැරුණු විට අනෙක් සෑම ක්ෂේත්‍රයකම විශාල හිඟපාඩුවක් නැත. දැන් සමහර රජයේ තැනක ලිපිකාරයෙක් කලයුතු වැඩය උපාදිකාරයෙක් කරනු ලබයි. යම් තැනක තාක්ෂණික සේවකයෙක් කල යුතු වැඩය ඉන්ජිනේරු මහතෙකු කරයි. ඒ එසේ වන්නේ රටේ උගෙන ගෙන ඇති මනුස්සයින් සංඛ්‍යාව වැඩි වී ඒ සමාන්තරව කර්මාන්ත සහ වෙනත් ක්ෂේත්‍ර වල ධාරිතාව වැඩි වීම හේතුවෙනි. මෙයට කලයුතු වන්නේ කර්මාන්ත සහ නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමයි. නමුත් ඒ කාර්යය අපාසු බැවින් නිකම් අධ්‍යාපනය ලබා දීමට රජයෙන් වියදම් කරන විශාල මුදල කපාහැරිමේ වරදක් නැත..අධ්‍යාපනය යනු අද දින වෙනත් දියුණු රටවල සහ ලෝකයේ බලන විට විශාල පරාසයක පැතිරී ඇති විශයයන් ගානකින් සමන්විත දෙයකි. අද දින තැනෙන නව ලෝකයට සරිලන නව දැනුම තාක්ෂණය අනුව උපාදි සහ ඩිප්ලෝමාද නවීන විය යුතුය. රජය මගින් තනන ලද විශය නිර්දේශ සහ ක්ෂේත්‍ර වලට හිර නොවී නවී න දැනුම අවැසි පරිදි දැනගැන්මට නිදහස් අධ්‍යාපනය නැතිපරිසරයක් තුලදි හැකියාව ලැබේ..

ගමේ ගොඩේ අපිට ඉස්සරහට එන මාවත නැතිවෙයිද?
ගමේ සිටි සිරිපාලගේ පුතා වන සිරිසොම මලයා නගරයට විත් නගරයේ උපාදියක් ගෙන ඔහු නගරයේ පදිංචියට ගියාය කියා ඔහුට හැර වෙනත් කිසිවෙකුට උන සෙතක් නැත..ඔහුට පවා ගමේ සිට සිරිපාල කල දේකට උදව්වක් දීගෙන වැඩක් පලක් කරගෙන සිටියානම් අද සිරිපාල සිටින තැනට වඩා බොහෝ ඉහලට යන්නට සිරිසෝම සහ ඒ පවුල සමත් වනු ඇත. නමුත් මේ ඊනියා නිදහස් අධ්‍යාපනය නැමැති ප්‍රෝඩාව හරහා ගමේ සිටි දක්ෂ දියුණූ මනසක් ඇති පුද්ගලයින් නගරයේ ඇති මහා සමාජයේකුඩා ඉත්තන් බවට පත්කර ඇත. හුදෙක් නිදහස් අධ්‍යාපනය යනු පුද්ගලික මට්ටමේ ඉනිමගක් පමණි. මහා සමාජය අතින් ගත්කල නිදහස් අධ්‍යාපනය අදදින මහා විශාල පාලමක් තනා නැත. ගමේ දක්ෂයෙක් වෙයි..ඔහු නගරයට අදී..ඉන්පසු ඔහු කුඩා තැනකට කොටු කර ඔහුගේ සමස්ථ හැකියාවන් කේන්ද්‍රගත කොට ඔහු ලක්ෂයක් බවට පත්කරයි.මේ හැර ගමටමේ හරහා උන මහත් ලොකු අලගෙඩියක් නැත. ගමේ දක්ෂයින් ගමේම සිටියානම් කසිප්පු පියදාසගේ කොල්ලා පාර්ලිමේන්තු යන්නේ නැත. ඔවුන් ගමේ සිට ගම සංවිධානය කරමින් එයට නායකත්වය දෙනු ඇත. අදවී ඇත්තේ නායකයින් සියල්ල එක තැනකය..පිහිට ලැබිය යුතු බුද්ධිය අඩු පිරිස තවත් තැනකය..

 නිදහස් අධ්‍යාපනය දක්ෂයින් බිහිකරන්නේ නැත්ද?
නිදහස් අද්‍යාපනය හරහා අධ්‍යාපනයේ ඇති වටිනාකම ගම්‍ය වන්නේ නැත. නිකම් ඔහේ දෙන්නන් වාලේ ගන්නවාය. ගන්නන් වාලේ ලියනවාය. ඊට අමතරව වටිනාකමක් මෙහි නැත. විභාගය සමත් වීම එසයින්මන්ට් ගොඩ දෑම. ආදී සුලු සුලු කොස් වලට අද අධ්‍යාපන ක්‍රමයේ විශාල කොටසක් කැපවී ඇත. ඒතුල සිතා මතා යමක් කිරීමට හැකියාව ඇති නිර්මාණ ශීලි අයට වඩා ගිරවුන් ඉදිරියට එති. ගිරවුන්ම ජයගනිති. නමුත් පුද්ගලික අධ්‍යාපන ක්‍රමයක් තුල දක්ෂයින්ට තැනක් ඉබේම ලැබේ. බ්‍රොයිලර් කුකුලන් මෙන් කැම්පස් එක තුල පමණක් පොරවල් වන දැන් සිටින ලොුක අයියලාට වඩා සමාජිය අතින් පොහොසත් ප්‍රායෝගික අතින් දියුණු පීඩනයක් යටතේ වැඩකල හැකි අය පුද්ගලික අධ්‍යාපනයක් යටතේ වැඩිවැඩියෙන් බිහි වනු ඇත. එයට හේතුවක් වන්නේ ඔවුන් මුදල් සොයාගන්නා ගමන් හෝ නැත්නම් දෙමාපියන්ගෙ මැසිවිලි මැදින් සිය අධ්‍යාපනය කරගෙන යන බැවිනි..


අධ්‍යාපනය පුද්ගලීකරණය උනොත් තත්වය අඩු වෙයිද?
තත්වය අඩු වීම කතා කිරීමට කලින් අපිට තත්වයක් තිබේදැයි අපි කල්පනා කල යුතුව ඇත. අපේ රටේ විශ්ව විද්‍යාලයන් අතුරින් ලෝකයේ විශ්ව විද්‍යාල දහස ඇතුලට වත් ඇතුලත් වන්නට එකක් නැත. අපේ රටේ බිහිවන දහස් ගණනක් උපාධීකරුවන් අතරින් ලෝකයට යන්නේ ඉතාම අතලොස්සකි. රටට වැඩ ඇති වැඩ වල ඉන්නේ එහෙමත් එකෙකි. තමුන්ගේ දෙයක් නිශ්පාදනය කරගෙන තමුන්ගේ වටිනාකම් නිපදවාගන්නට හිතන්නේ ඉතාමත් ලොකු ඇගේ අමාරු කාරයෙක් පමණි. සියල්ලො ්ඉගනුම අහවර වී හති ඇරීමට සුව පුටු සොයති. මේ තත්වය නොසලකා හැරියත් යම් පාඨමාලාවක් හෝ වෙනත් උපාධියක් නිකම්ම වාගේ මුදලට දෙන්නේ යම් තැනකද එතැන වටිනාකම අඩුය. උපාදි සහතික දීමේදී ඩිප්ලෝමා දීමේදී පිළිගත් කිසිදු ස්ථානයක විභාග හෝ වෙනත් ඇගයීම් නැතුව මුදලට සහතික ලබා දෙන්නේ නම් එම ස්ථාවල දෙනු ලබන සහතික පසුකලක ඉබේම පිළිගැන්ම අඩු වී යයි.

35 comments:

  1. මෙහෙම හිතන උන් තමයි අපිට ඕනෑ! Think outside the square.

    ReplyDelete
  2. නියමයි අමිල අයියා....මමත් ඔය අදහසම තමා දරන්නේ...අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ හදන්න ඕන තැන් ගොඩක් තියෙනවා.සම්පත් බෙදී ගිහින් තියෙන්නේ හරිම අඩුවෙන්....උදාහරණයක් විදියට ගමේ සිරිපාලගේ කොළුවට අද වෙද්දී උරුම උදැල්ල විතරයි කියන තැනට සමාජෙ ඇදලා දාලා තියෙනවා.ඌට facebook අගුණ නෑ කියන දේ තේරුම් කරන්නවත් උන්ට ඉඩක් දෙන්නෑ.....අනිවා විප්ලවයක් ඕනේ ඔය තත්වේ වෙනස් කරන්න.....

    ReplyDelete
    Replies
    1. විප්ලව අතින් කතාකලොත් ලංකාවෙ අධ්‍යාපනය ලබපු අය ඉන්නෙ විප්ලවීය පැත්තෙ නෙමෙයි අනික් පැත්තෙ..පසුගිය කටුනායක සිද්දියෙදි තමුන්ගෙ මාසික ඊපීඑෆ් ඊටීඑෆ් එක බොහොම ලොකු ගානක් උන නිළධාරින් ඔහේ බලා ඉද්දි උද්ඝෝෂණය කලේ කටුනායක නිදහස් වෙලඳ කලාපෙ සොච්චම් පඩියක් ගන්න සේවකයින්..මීගමුව කලපුව සිද්ධියෙදිත් සමස්ථ සමාජයට වඩා ධීවරයින් ඉදිරියෙන් සිටිය.. වෙනරටවල අධ්‍යාපය ලත් බුද්ධිමතුන් අරගල මෙහෙයවනකොට අපේ රටේ බුද්ධිමතුන් අරගල කරන උන්ට තලන්න සෙට් වෙලා ඉන්නව...

      Delete
  3. අද වි.වි සිසුන් හිතන්නේ නිදහස් අද්‍යාපනය රටේ සිසුන්ගේ අයිතිවාසිකමක් කියලා...ඒක උන්ගේ අපේ අයිතියක් නෙවෙයි අපිට හම්බවෙන වරප්‍රසාදයක් කියලා උන්ට තට්ටු කරලා මතක් කරලා දෙන්න ඕන...උන් කරන්නේ නිකං හම්බෙන අස්සයාගේ දත් ගයින එක!

    ReplyDelete
  4. සිරාම ලිපියක්!

    ReplyDelete
  5. ඔය කැම්පස් වලට යන්න සල්ලි තිබුනට මදි, දේශපාලනයට කඩේ යන්නත් වෙයි කියල ශුවර් තමා.

    ReplyDelete
  6. බොහොම හොඳ ලිපියක් ...... දරුණු ප්‍රතිචාර බලාපොරොත්තු වන්න

    ReplyDelete
    Replies
    1. අනිවා ඔන්න අපිටත් බලතහැකි කොහොමද කියල. ආත්මාර්ථකාමී අය කව්ද,සමබර අය කව්ද,පරාර්ථ කාමී අය කව්ද කියල...

      Delete
  7. කන්නගර මහත්තයාගේ කාලෙ ඉන්න තිබුණ පොරක්නේ.
    නිදහස් අධ්‍යාපනය නැති කිරීමේ වාසි කියලා දැම්මාට එකෙන් කිසිම වාසියක් නම් වෙන්නේ නැහැ. ලංකාව පෙර පාසලේ සිට ප්‍රථම උපාධිය දක්වා නොමිලයේ ඉගෙන ගන්න පහසුකම් සපයන රටක්. මධ්‍ය මහා විද්‍යාල ඇති කරලා, ශිෂ්‍යත්ව ක්‍රම ඇති කරලා කන්නගර උතුමන්ලා කලේ රටේ සැමටම නිදහසේ අධ්‍යාපන ක්‍රමයක් හදපු එක. ඒක ගමේ හිටිය සිරිපාල අයියාගේ පුතාට විතරක් නෙවේ. කතා කරන විදියට නම් අමිල ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබුවෙක් නෙවෙයි වගේ. ඒ වුණාට අමිලාලා කරන්නේ පොඩිකාලේ හිතන් විදියට දොස්තර කෙනෙක් වෙන්න හිතන් ඉදලා, වෛද්‍ය පීඨ යන්න බැරි වුණාම නිදහස් අධ්‍යාපනයට බනින එක.
    අද ඔය අමිල මේ ලිපිය ලියන්න අකුරු ඉගෙන ගන්න ඇත්තෙ සමහර විට නිදහස් අධ්‍යාපනයෙන්ම වෙන්න ඇති. අමිල වගේ දෙන්නන් වලේ නිදහස් අධ්‍යාපනය ගත්ත වුන් තමයි නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් නොගෙන ඔය වගේ කතා කියන්නේ.
    ඔය කියන විදියට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධියක් අරගෙන අද තාක්ෂණික ශිල්පියෙක් විදියට වැඩ කරන කෙනෙක් ගැන උදාහරණයක් දෙන්න බලන්න.
    අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු කම් ඇති. නමුත් ඒක ඒ නොමිලයේ දෙන හින්ද නෙවේ. නිකං දෙනවා කියන්න එපා. ඒක එපා එවුන්ට නොගෙන ඉන්න පුළුවන්.
    විශ්වවිද්‍යාල කිව්වොත් අමිලලාට මතක් වෙන්නේ ඉතින් දේශපාලනය තමයි. ඒ වුනාට ලංකාවේ හැම කැම්පස් එකකම් දේශපාලනය නැති බවත් දැනගන්න. නිදහස් අධ්‍යාපනය ලංකාවේ ඕනෑම පුරවැසියෙකුගේ අයිතියක්. ඒකෙන් හරි හැටි ඵල නෙලා ගන්නේ නැතිව ඒකට බනින එක ගුණමකු කමක්.
    කාලයක් යනකොට අමිල තව පොස්ට් එකක් දාන්න බැරි නෑ මවු කිරි නොදීමේ වාසි කියලා. මොකද සමහර පුත්තු පොඩිකාලේ ඉදන් හදා වඩා ගත්ත අම්මලාට සලකන්නේ නැහනේ.
    තරහකට කියනවා නෙමේ. නිකම් පැෂන් එකකට වගේ හැම දේම විවේඡනය කරන්න යන්න කලින් හොදට කල්පනා කරලා ලියන්න. බුදු සරණයි.

    ReplyDelete
  8. මොකෝ අපි දාන කොමෙන්ටු ඩිලීට් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මම හිතාමතා කමෙන්ට් ඩිලීට් කරන්නෙ නෑ..අනික ඊයෙ මම ලිපිය දැම්මට පස්සෙ මේ අද තමා ලිපියෙ කමෙන්ට් බැලුවෙ..එහෙම දෙයක් වෙලා තියනවනම් ඒක ටෙකිනිකල් පෝල්ට් එකක් වෙන් ඇති..සොරි..

      Delete
  9. එහෙනම් අකුලාගෙන බලන් ඉඳපල්ලා. ඉල්ලන දේ දෙන ආණ්ඩුවක්නේ මේක....

    ReplyDelete
  10. මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි.(I am waiting for a big butt),එංගලන්ත සිසුන් ගණිකා වෘත්තයට එළඹීම වැඩිවෙලා. මේ දේවල හොයන උඔ මොනාද බන් නිදහස් අධ්‍යාපනය ගැන දන්නේ. කෑ බත් පතේ මොනාද කරන ජාතියේ එකෙක් වෙන්න එපා. නිදහස් අධ්‍යාපනය හොද නෑ කියන උඔට වෛද්‍ය පීඨයකට යන්න තිබුණානම්, ඉංජිනේරු පීඨයකට යන්න තිබුණානම් උඹ ඔහොම කියන්නෙ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි ගොන් හරකො ඔය එංගලන්ත සිසුන් ගණිකා වෘත්තියට එලඹීම වැඩිවෙලා කියන එක උඹලයි පැත්තට වාසියට ගන්න පුලුවන් පොයින්ට් එකක් නේද??අධ්‍යාපනය සම්පූර්ණයෙන් පුද්ගලීකරණය කල විට..ඒ සඳහා මුදල් සොයාගන්නට ගෑනු ලමන් සහ පිරිමි ලමුන් වෙනත් නොයෙකුත් විෂමාචාර වලට යොමුවෙන්න පුලුවන්..
      ටිකක් වෙනස්ව හිතන්න බලපං අතට අහුවුනු මැටි කෝප්ප වලින් දමා ගහන්නෙ නැතුව..

      Delete
  11. තත්වය අඩු වීම කතා කිරීමට කලින් අපිට තත්වයක් තිබේදැයි අපි කල්පනා කල යුතුව ඇත. අපේ රටේ විශ්ව විද්‍යාලයන් අතුරින් ලෝකයේ විශ්ව විද්‍යාල දහස ඇතුලට වත් ඇතුලත් වන්නට එකක් නැත මේවා දැන ගෙන කියහන් යකෝ මොරටුව විශ්වවිද්‍යාලය ලොකේ හොදම විශ්වවිද්‍යාලයක්.
    http://www.lankajournal.com/2009/10/moratuwa-university-ranked-number-1-in-the-world/
    ඔවත් පොඩ්ඩක් කියවලා බලපන්.

    ReplyDelete
    Replies
    1. lankajournal එකේ නේ තියෙන්නෙ...ඒ සිද්ධිය හොඳයි..ඒ වැඩෙත් හොඳයි..කොකටත් ඒ ලිපියත් හොඳයි..

      Delete
  12. මහත්තයෝ මෙහේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නෙවෙයි. නොමිලේ අධ්‍යාපනය....නිදහස් අධ්‍යාපනයක් තියෙනවානම් අධ්‍යාපනයේ දියුනුවට වැඩසටහන් එකතු කරන්න...සකච්ඡා මණ්ඩප ගොඩනගන්න...ඒවාට වටිනාකම් ලබා ගන්න...කොටින්ම අධ්‍යාපනය යාවත්කාලීන කරන්න මැදිහත් වෙන්න..නිදහස තියෙන්න ඕන. උඹලගේ අපේ අදහස් වලට මොකද්ද ලැබෙන වටිනාකම ? සියල්ල කරන්නෙ ජාතික අධ්‍යාපන ආයතනය- මහාචාර්යවරු, ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයටයි අධ්‍යාපනයේ දියුණුව හෝ පරිහානිය සිද්ධවෙන්නෙ.
    අධ්‍යාපනය පුද්ගලීකරණය නම් මේ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. එහෙම වුනොත් වෙන්නෙ මළපොතේ අකුරක් දන්නෙ නැති මැට්ටන්ගේ ප්‍රමාණය ඉහළ යන එකයි. ඒක කෙසේවත් සිදුවියයුතු දෙයක් නෙවෙයි. වියයුතු දේනම් අධ්‍යාපනය වට්ටෝරු ක්‍රමයෙන් එළියටවිත් නිදහස් වීමයි..

    ReplyDelete
  13. අම්මපා කාපු පතේ පහරන එකෙක් , උඹෙ අම්මා අපුච්චා කිත්තා කිරිකිත්තා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන බොටත් ඉගැන්නුව හින්දා තමා යකෝ බොලත් මෙහෙම බ්ලොග් වල කොටන්නෙ . නැත්තන් උඹත් හාමුට අදේට කුඹුරු කර කර ඉදී , කුහකයා !

    ReplyDelete
  14. මහත්තයෝ මෙහේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නෙවෙයි. නොමිලේ අධ්‍යාපනය....නිදහස් අධ්‍යාපනයක් තියෙනවානම් අධ්‍යාපනයේ දියුනුවට වැඩසටහන් එකතු කරන්න...සකච්ඡා මණ්ඩප ගොඩනගන්න...ඒවාට වටිනාකම් ලබා ගන්න...කොටින්ම අධ්‍යාපනය යාවත්කාලීන කරන්න මැදිහත් වෙන්න..නිදහස තියෙන්න ඕන. උඹලගේ අපේ අදහස් වලට මොකද්ද ලැබෙන වටිනාකම ? සියල්ල කරන්නෙ ජාතික අධ්‍යාපන ආයතනය- මහාචාර්යවරු, ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයටයි අධ්‍යාපනයේ දියුණුව හෝ පරිහානිය සිද්ධවෙන්නෙ.
    අධ්‍යාපනය පුද්ගලීකරණය නම් මේ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. එහෙම වුනොත් වෙන්නෙ මළපොතේ අකුරක් දන්නෙ නැති මැට්ටන්ගේ ප්‍රමාණය ඉහළ යන එකයි. ඒක කෙසේවත් සිදුවියයුතු දෙයක් නෙවෙයි. වියයුතු දේනම් අධ්‍යාපනය වට්ටෝරු ක්‍රමයෙන් එළියටවිත් නිදහස් වීමයි..

    ReplyDelete
  15. නිදහස් අධ්‍යාපනය නැති කරලම හිටියොත් හොඳයි නේද?

    ReplyDelete
  16. මගේ මතේ නම් අද නිදහස් අධ්‍යාපනය කියලත් හුගක් ළමයි A/L පාස් කරගන්නෙ පෞද්ගලික පන්ති ගිහිල්ල. නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ ඉගෙන ගෙන අද දවසෙ විශ්ව විද්‍යාලෙකට යන්නෙ බොහොම ටික දෙනයි. විශ්ව විද්‍යාලවලට ඒ නිසාම යන්නෙත් තරමක හෝ යමක් කමක් තියෙන මිනිස්සු. ඉතින් ඒ වගේම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත දොස්තරවරුත් දැන් P.P කරනව. මම නම් අපේ ර‍ටේ තියෙන එක විශ්ව විද්‍යාලයක්වත් තත්වයෙන් අඩුයි කියල දකින්නෙ නැහැ.

    මාළඹේ පටන්ගන්වයි කියන වෛද්‍ය පීඨෙ නම් නවතියි කියල හිතන්න බැහැ. මොකද ඒකට ඇතුලත් වෙලා ඉන්න ළමයි හුග දෙනෙක්ගෙ දෙමව්පියො හැමෝම වගේ රජයේ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධි අර ගත්ත අයයි.

    ගාල්ල කොළඹ වගේ දිස්ත්‍රික්ක වල හුගක් හොද රිසල්ට් දාන ළමයින්ට අද වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨයන්ට යන්න බැරි වෙලා තියෙනව. ඒ වගේ අයට ලොකු අසාධාරනයක් වෙනව නේද වෙනත් දිස්ත්‍රික්ක වලින් ඒ අයටත් වඩා අඩු ලකුණු අරගත්ත අය කැම්පස් ගිහිල්ල ඒ දේවල් කරනකොට.

    සල්ලි තිබුනු පලියට උපාධි කාරයෙක් වෙන්න බැහැ. ඇරත් ඉහත දැක්වූ උදාහරන වලට අනුව කෙනෙක් උපාධිධාරියෙක් නොවෙන්න සුදුසු නැහැ කියලත් කියන්න බැහැ.

    මිනිහෙක් ලිපියක් ලිව්වහම ඔහුව විවේචනය කරන්න අවශ්‍ය ඔය උඩින් ඉන්න මහත්වරු වගේ කුණුහරුපෙන් බැන වැදිල නෙවෙයි. ඒකට කරුණු සහිතව සාධාරනව පිළිතුරු දීල.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මහත්මයා..

      Delete
    2. නිදහස් අධ්‍යාපනය කියන එකේ හරය ඔබතුමාට මළපතේ දැනුමක් නැති බවයි පෙනෙන්නේ . නිදහස් අධ්‍යාපනය කියන එකේ හරය දක්ශතා මත පමණක් පදනම් වූ අධ්‍යාපනය, ඒකට මුදල් ඇති නැති බව සාධකයක් නොවෙයි. පෞද්ගලික ටියුශන් යාම හෝ නොයාමත් ඒ අයට ඇති නිදහස් අයිතියක්. නමුත් සාමාන්‍ය දෙමව්පියකුගේ ළමයෙකුට යන්න තියෙන අණ්ඩුවෙ පාසල් , විශ්ව විද්‍යාල වලට යෙදෙන ප්‍රතිපාදන කප්පාදු කරමින් හෙමීට මිල මත පමණක් සේවාව සපයන පෞද්ගලික විශව විද්‍යාල පැත්තට මේ කියන "නිදහස්" අධ්‍යාපනය නැතිකරලා යන්න හදනවා නම් ඒකට අපි විරුද්ධ වෙන්න ඕනි නේද.

      මම මෙහෙම කිව්වොත් දැනට ජයවර්ධන පුර හෙද ශිශ්‍යයෝ ඉන්නවා A21B අරගෙන නර්ස් ලා වෙන . මාලබේ හොර කඩේ 3S අරගෙන දොස්තරලා වෙන්න බලාගෙන පෝලිමට කට්ටිය ඉන්නවා . දුප්පත් හෙද ශිෂ්‍යයෝ වැඩි ප්‍රතිපලයක් අරගෙන හෙදියො වෙනකොට අර පෝසත් මැටි පුතාලා දොස්තරලා වෙනවා. උන්ගෙන් බේත් ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි ඉතින් .

      ළකුණු එකක් දෙකක් මදි අයටයි කියලා මේ කරගෙන තියෙන්නෙ රට විහිළුවක් නේද ? සල්ලි තියෙන එකා දොස්තර කිරීම පමණයි නේද ? ඔබතුමා මොනවා කිව්වත් මාලබේ හොර කඩේ අපි කොහොමහරි නතර කරනවා . 89 දී පටන්ගත්ත NCMC එක වහන්න අපිට අවුරුදු 8 ක් ගියා මේකත් ඊට වැඩි කාලයක් ගියත් කොහොමහරි නවත්තනවා . මොකද සාධාරණය තමා කවදාහරි ජයගන්නේ

      Delete
    3. දක්ෂතාවය පදනම වෙන එක හරි , නමුත් උසස් පෙලින් ඉහලින් සමත් නොවූ පමණින් අධක්ෂයෙක්ද ??? . ලංකාවෙත් ලෝකය පුරාමත් උසස් පෙල සාමාර්ථය (ඊට සමාන වෙනත් විභාග ) උසස් අධ්‍යාපනය හැදැරීමේ සුදුසු කමක් විදිහට සලකන්නේ ඇයි ? . යම් කිසි විභාගයකින් සමත් වුනා කියන්නේ ඒ පුද්ගලය අදාල විෂය කරුණු වල සමර්ථයෙක් කියන එක . එතනදි ඉතාම දක්ෂ විදිහට සමත් වෙන අය , මධ්‍ය ප්‍රමාණයේ දක්ෂතා තියන අය වගේම යන්තම් පාස් වෙන අයත් ඉන්නව . මේ හැමෝම සිමාව පැනල ඉන්නේ . ලංකාවෙදි අර අති දක්ෂ විදිහට සමත්වෙන 20,000ක විතර සිසුන් පිරිසකට රජය සම්පූර්ණයෙන් නොමිලේ අධ්‍යාපනය ලබාදෙනවා , ඊට අමතරව මහපොල ආධාරයත් ලබාදෙනවා . ඒ කියන්නේ ඉහලින් සමත් වූවන්ගේ හැකියාවට නිසි සැලකිල්ල දක්වලා තියනවා . එහෙම වටපිටාවක ඒ කට්ටිය අර අනික් මිනිස්සුන්ට ඉගෙන ගන්න තියන අයිතියට බාල්දි පෙරලන්නේ ඇයි ?

      උසස් පෙල සමත් වෙලා කලමණාකරන උපාධිය අරන් එලියට ආපු අයට වඩා දක්ෂතා දක්වපු සාමාන්‍ය පෙල විතරක් සමත් සීමා කාරයින් ඉන්නා බව පෞද්ගලික සමාගම් කිහිපයක් ගැන හොයල බැලුවොත් දැනගන්න ලැබේවි . ඒ නිසා උසස් පෙල ඉහලින් සමත් වූවන් පමණ්ක් දක්ෂයින්ය කියන එක බරපතල වැරැද්දක්

      Delete
    4. පොඩි අර්තාපල් අල ගෙඩියක් වගේ සරල දෙයක් පැහැදිලි කරන්න මහ කටු අල ඕනි නෑ..
      අපි සරලව හිතමු අපිත් එක්ක ශිෂ්‍යත්වය පාස් උන යාලුවො අද සුපිරි දක්ෂයො වෙලාද?
      අපි එක්ක ඕලෙවල් සුපිරියට පාස් උන අය අද අති දක්ෂයො වෙලාද??
      අපි එක්ක ඒ ලෙවල් සුපිරියට පාස් උන අය කැම්පස් එකේදි දක්ෂයොම වෙලාද??
      කැමප්ස් දක්ෂයො වෙච්ච අය ෆීල්ඩ් එකේදිත් දක්ෂයො ම වෙලාද??
      නැහැ නේද? ඔබ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් දෙන අත්පොත බලන්න එහි එස් තුනක් සී තුනක් ලබාගැන්ම ඕනෑම විශයය ක්ෂේත්‍රයකට ඇප්ලයි කරන්න තියෙන සුදුසුකම වෙලා තියෙනවා...
      කොහෙවත් සල්ලි අරන් නිකම් පාස් කරන්නෙ නෑ..එහෙම කලොත් එයාලට පැවැත්මක් නෑ.. ඔබලා මෙය වහල ගමේ ඉන්න මුදලාලිගෙ පුතාට යන්න තියෙන මෙඩිකල් ෆැකල්ටිය වහයි..නමුත් නගරෙ ඉන්න නහරකාරයො රට ගිහින් ඉගෙනගෙන එයි..එතකොට රටට ඇදිල යන්නෙ කාගෙ සල්ලිද??
      කලා වැවේ වතුර බන්ට් එක කැඩිල සිදුරකින් ලීක් වෙනකොට කවුද පොඩි එකෙක් ඒක අතින් වහල නවත්වන් හැදුවලු...ඔයාල කොහොම වැහුවත් මිනිස්සු තමුන්ට ඕනි තැන්වලට ඇදිල යනව..ඔය දේ හරහා වෙන්නෙ තමුන්ම හදපු සිස්ටම් එකක තමුන්ම වීරයින් වීමේ සිහිනය..ඔබලා කැමති නෑ ඔබලාට ඇටෑක් එකක් දෙන පොරවල් එස් තුනක් අරන් ගිහින් හැදෙනවට..

      Delete
    5. @amila
      එහෙම යන අය වැඩි දෙනෙක් ලංකාවට ආයෙම එන්නෙත් නැහැ. ආවත් ටික කාලෙකින් අයෙම පිට රට යන්නයි දගලන්නෙ.

      Delete
    6. @Ano
      ඔයා කියන ඔය "සාධාරණය" ඔයාලටයි අවුරුද්දක‍ට විශ්ව විද්‍යාලයකට යන සීමිත පිරිසකටයි විතරයි. ඉතිරි වෙච්ච උන් ඔයාල වගේ අයගෙ අණුවන තීරන නිසා දුක් විදිනව. ඔයාල හිතාගෙන ඉන්නවනම් private කැම්පස් ගිහිල්ල සල්ලි ගෙවල ඉගෙන ගන්න එවුන් ආතල් එකේ ඉගෙන ගන්නව කියල, එහෙ නම් ඔහේල වැටිල ඉන්නෙ මුලාවක. මම ඉගෙන ගන්න Curtin University Repeat exam එකක් ලියන්න $400යි, repeat ලියන්න පුළුවන් දෙපාරයි. Curtin Univrsity එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ. ඒක ඔයාල කියවන ඔය හැම කැම්පස් එකක්ම ඉන්න රෑන්කින් වලට වඩා ඉන්නෙ ඉහලින්. අපේ 3.5 වලට වඩා GPA තියෙන හැමෝටම full scholarship දෙනව. මටත් තියෙනව. හැබැයි අපි ඉගෙන ගන්නෙ ලංකාවෙ.

      හිතන්න ඔයාගේ කැම්පස් වල high GPA දාන්න කොච්චර පිරිසක් වෙහෙසෙනවද කියල. හරිම අඩුයි නේද? ඒ ඔයාලට ඒදෙයින් වැදගත් කමක් නැති හින්ද. අපට ඒ දේවල වැදගත් කමක් තියෙනව. ලංකාවෙදි මුදල් ගෙවල ඉගෙන ගන්නෙ මට ඔස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඉගෙන ගන්න තරම් වත්කමක් නැති හින්ද.

      මගෙත් යාළුවො ඉන්නව ඔයා වගේ වෛද්‍ය විද්‍යාලවල, ඉංජිනේරු පීඨ වල ඒ අය ඔයා විදියට හිතන්නෙ නැහැ. එහෙම හිතනව කියල හිතනවනම් ඔයා ඉන්නෙ අමු මුලාවක. ඔයාලගෙ ඔය හැම ඉලව් පෙලපාලියකටම අරන් යන බහුතරයක් ළමයි බලෙන් අරන් යන්නෙ. A/L කරල, කට්‍ට කාල, කැම්පස් ඇවිල්ල, රැගුත් කාගෙන ඔයා වගේ එවුන්ට යටත් වෙලා ඒ අය උඩින් නිකම් ඔයාට කැමතියි වගේ ඉන්නව ඇති. ඒ වුනත් එයාලට තියෙන්නෙ ඔයා ගැන පිළිකුලක්. අහින්සක අම්මල තාත්තල ගැන වත් හිතල අඩු ගානේ ඔයාල ඔය ඉගෙන ගන්න කැම්පස් වල ඩෙස්පුටු වත් නොකඩ ඉන්න. මොකද ඔය ඩෙස්පුටු වල වාඩිවෙලා හොදට චූන් එකේ "නිකම්" ඉගෙන ගන්නෙ මගේත් මේ මුළු ලංකාවෙම ඉන්න බහුතරයක් උ/පෙ සමත් වෙලා කැම්පස් යන්න බැරිවුන බහුතරයක් ළමයි ඉන්න අම්මල තාත්ලගෙත් බදු සල්ලි වලින් කියල අමතක නොකරන්න.

      අද ඔයාගෙ ඔය විශ්ව විද්‍යාල වලින්ම ඉගෙන ගෙන විශේෂඥ වෛද්‍ය වරු වෙන්න පිට රට යන හුගක් දොස්තර වරු අයෙමත් ලංකාවට එ‍න්නෙ නැහැ. මම දන්නව මම අදුරනව ඒ වගේ අය. ඒ අයත් ඔයාල වගේ තරුන කාලෙ ඔහොම කෑකො ගහපු අය තමයි. ඒත් ඒ අය අද දරන්නෙ හාත් පසින්ම විරුද්ධ අදහසක්.

      සමහර විට ඔය අයට රජයේ කැම්පස් එකකට යන්න පුළුවන් උනාට ඔය අයගෙ දරුවන්ට යන්න බැරි වුනදාට තේරේවි තත්වෙ මොනවගේද කියල. එතකොට ඉතින් ඔය අයත් දරු කැක්කුමට‍ දරුවො පිට රට යවාවි ඒ රටවල කැම්පස් වලට නේද?

      ඔයාලගෙ අදහස් ගැලපෙන්නෙ අසුගණන් වලට. අද පාසල් අධ්‍යාපනය විශේෂයෙන්ම උ/පෙ කරන අය ගණන හොදටම වැඩියි. ඒ තරම් පිරිසක් දරන්න රාජ්‍ය විශ්ව විද්‍යාල වලට කොහොමටත් බැහැ. දෙයක් නිකම් දෙන්න නම් ඒ දෙය සදහා කවුරු හරි මුදල් උපයන කෙනෙක් යම් කිසි බර පැනක් දරන්න ඕනෙ. ඉතින් ඒ බර පැන අය කරගන්නෙ බදු වලින්. ඔයාගෙ ඔය අධ්‍යාපනයට මගේත් අම්මතාත්ත දායක වෙන බව දැනගන්න. දැං ඉතින් කෑ ගහන කොට ඔයාල ගැන විතරක් නැතුව මේ අපි ගැනත් එහෙමත් බැරි නම් මගේ අම්මතාත්ත ගැනවත් හිතල වැදගත් මහත්වරු විදයට කෑගහපල්ල. න

      Delete
  17. මෙතන වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ වැරැද්ද නෙමේ,ඒක යාවත්කාලින නොවීම.එදා උගතුන් රටට ආදරය කරන්න ඉගෙන ගත්තට අද එහෙම නැහැ,කථිකාචාර්ය වරයාගේ ඉඳන් ප්‍රාථමික ගුරුවරයා දක්වා සමාජය මුදල් පස්සේ යන්න පුරුදු වෙලා.
    එදා ගුරුවෘතිය අද ගුරු රස්සාව වෙලා ...
    හදන්න ඕන පුද්ගලික විශ්ව විද්‍යාල නොවෙය්,රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් සපයන්න ඉඩක් දීම.ඒකියන්නේ හිතන්න ඔය අලුත් එකක් හදන්න යන වියදමින්ම අපිට තියෙන විශ්ව විද්‍යාල වල පරිමාව වැඩි කරලා ලකුණු අඩු අයට ඒ අයගේ අඩු ගණන වෙනුවට ඒක මුදල් වලට හරවල යොදවන්න අවස්ථාවක් දෙන එක.ඒ කියන්නේ ,
    01.අඩුම සුදුසුකම් ඇති අයට අඩුම පහසුකම් සහ වැඩිම පාටමාලා ගාස්තු යටතේ ඉගෙන ගන්න අවස්තාව දීම,
    02.වැඩිම සුදුසුකම් ඇති අයට සියලුම/හොඳම පහසුකම් නොමිලයේ ලබා දීම.
    03.මුදල් ගෙවා ඉගෙන ගන්න අයට විශ්ව විද්යාලය තුල ඇති රැකියා අවස්ථා සැපයීම(පිරිසිදු කිරීම සිට අනෙකුත් සුදුසු තනතුර දක්වා)සහ ඒවා පාටමාලාවට සහ පහසුකම් වලට පසුව උදව් වන ලෙස ශිෂ්‍ය යා හට රුකුලක් දීම.
    04.අධ්‍යාපන පරිපාලනය හැර අනෙකුත් සියලු අංශ පුද්ගලීකරණය කොට එය කිසිදු ලෙසකින් විශ්ව විද්‍යාල ස්ථාවරයට බලනොපාන ලෙස සැකසීම..
    05.අර්ධ කාලින වශයෙන් මුදල් ගෙවා උපාධිය ලබා ගැනුමට රජයේ විශ්ව විද්යාල වල පහසුකම් සැකසීම,එක එක වසර වලදී ඉහල දක්ෂතා පෙන්වන අයට නැවත නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට/අදාළ වසර සඳහා ඇතුලත් වීමට අවස්තාව ලබා දීම.....
    ....
    තව කොච්චර අදහස් තියෙනවද...හිතන්න එපා කියන්න නෙමේ ,කරන එක හරියට කරන්න සාධාරණව කරන්න (හැබය් පුතෝ මේ දේශපාලන රටාවට නම් මේක කරන්න බෑ,එතැනදී මමත් අර අරගල කරන අයගේ පැත්තේ ඉන්නවා)උදව් කරන්න පුළුවන් නම්,නීති දමල හිර කරලා පුද්ගලික අංශයෙන් රජයට වැඩ ගන්න පුළුවන් විදියට හදල ගත්තනම් අපි රට කොතනින් කොතැනට යය් ද දන්නේ නෑ නේ ද..??

    ReplyDelete
    Replies
    1. අර්ධ කාලින වශයෙන් මුදල් ගෙවා උපාධිය ලබා ගැනුමට රජයේ විශ්ව විද්යාල වල පහසුකම් සැකසීම....
      තමුන් එක්ක එකට ක්ලාස් ගිහිල්ල පොඩ්ඩක් ලකුනු මදි එවුන් තමුන්ගෙ කැම්පස් එකේම ඩිප්ලෝමා එකක් කරනවට නයි වෛරයෙන් ඉන්න ඉංජිනේරු උපාධිධාරින් ඉන්න සමාජයක...
      තමුන්ට පහලින් ඉන්න හෙදියන්ට උපාධියක් දීමට යෑමේදී එය ලොකු ප්‍රශ්ණයක් කරගත් වෛද්‍ය සංගම් ඉන්න රටක....
      ඕව කතා කරල වැඩක් තියෙයිද??පලවෙනි දෙවනි කන්ඩායම් යවන්න වෙන්නෙ ඇමෙරිකන් ෆුඩ්බෝල් වලට වගේ හොඳ ආරක්ෂක ඇඳුම් කට්ටයලක් දීල තමයි..

      Delete
  18. @Tharindu
    ඇත්ත කතාව. නීති හැදෙන්න ඕනෙ පුද්ගලික අංශයෙන් රජයට වැඩ ගන්න පුළුවන් විදියට.

    ReplyDelete
  19. නිදහස් අධ්‍යාපනය??? කොහෙද ඕක තියෙන්නේ කිව්වනම්???
    එකේ පංතියේ ඉඳලා ප්‍රයිවට් ටියුෂන්...දෙමව්පියන්ගේ පොකට් එකටයි තට්ටු
    විශ්ව විද්‍යාලයට යන ලමයින්ට ගියදා ඉඳලා ඉගෙන ගන්න නිදහසක් නෑ...රැග්..ස්ට්‍රයික්...ගුටි කෙළි....අවුරුද්දෙන් බාගයක් ගෙදර...
    නිදහස් උනත් කවුරුහරි ගෙවන්න එපායැ...ආණ්ඩුවට සල්ලි එන්නෙ මිනිස්සු ටැක්ස් ගෙවන හින්දා...නැත්නම් පිටරටවල් වල දවල් රෑ නැතුව වැඩකරල සල්ලි එවන නිසා...

    ඔය කියන නිදහස් අධ්‍යාපනය රැකගන්න ජේ අර් ගේ කාලේ ඉඳන් කෑ ගැහුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ...ඇයි විශ්ව විද්‍යාලයෙන් ගියාට පස්සේ ඒකට විරුද්ධව කෑ ගහන්නේ නැත්තේ????
    ඇයි මිළියන 12ක් විතර වෙන වැඩිහිටි ජනගහනයෙන් 40,000 ක් විතර වෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට විතරක් කෑ ගහන්නෙ?

    ReplyDelete
    Replies
    1. මෙතනදි විශ්ව විද්‍යාල සිසුන් සමාජයෙන් ඈත් වීමේ ගැටලුවකුත් තියෙනව...සාමාන්‍ය සමාජය තමුන්ගේ කේස් වලට ඇදගන්නේ කෝමද කියන එකට ගොඩක් වි වි සිසුන්ට අදහසක් නෑ...විවි සිසුන් පැත්තෙන් ගත්තොත් අද ඒ අයට තියෙන මූලිකම ප්‍රශ්ණ ටික මොනාද කියලවත් ජනතාව දන්නේ නෑ..දැනගත්තත් ඒව ඒ තරම් ලොකු දේවල් විදියට ඉදිරියට එන්නෙ නෑ..
      රජරට වෙද සිසුන් කොටුවේ පිකට් කරනකොට මට ඇහුනු කතාවක් තමයි"..ඕකුන් ඕකුන්ගෙ ප්‍රශ්ණ ටික විසඳගන්න කල් විතරයි පාරෙ..ඉන් පස්සෙ ඉස්පිරිතාලෙට යන ලෙඩෙක් දිහා බලන්නෙ නිකම් ගෙරි කුණක් දිහා බලනව වගේ.." එතනදි ඔක්කොම දොස්තරල එහෙම නෑ..ඒත් ආකල්පය එහෙමයි..

      Delete
  20. contd....විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විතරක් කෑ ගහන්නෙ? අනික් අයට මේ ගැන ප්‍රශ්ණයක් නැත්ද???

    ReplyDelete
  21. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයක් තියෙනව කියන එකනම් පිළිගන්න අමාරුයි. හැබැයි නොමිළේ දෙන අධ්‍යාපන ක්‍රමයක් නම් තියෙනව. නොමිළේ දුන්න පළියට ඒක නිදහස් නෑ. නිදහස් නම් උසස් පෙළ සමත් වෙන හැම එකාටම උසස් අධ්‍යාපනය ලබන්න පුඵවන් වෙන්න ඕනිනෙ. එහෙම එකක් නෑ කියන්නෙ නිදහස් අධ්‍යාපනයක් නෑ කියන එකයි.
    ඒ වගේම තව දුරටත් නොමිළේ දෙන අධ්‍යපනය ජනතාවට බරක් තමයි. ඒ හරහා බිහිවුණ උගතුන්ගෙන් බදු ගෙවන ජනතාවට සිද්ධ වෙලා තියෙනවනම් ගොඩක් වෙලාවට බඩට වදින එක විතරයි. මොකද මේ ක්‍රමයෙන් තැනකට ආපු කවුරුත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා තමන් සුවිශේෂ පුද්ගලයෙක් ලෙස සාමාන්‍ය මිනිස්සුන්ගෙ හද ගැස්මෙන් දුරස් වෙලා ජීවත් වෙන නිසා තමයි ‍මේ රට සුද්ද ගිහින් වසර හැට හතරකට පස්සෙත් අගාධෙක තියෙන්නෙ. ඒත් ආගාධය ගොඩනැගිලි, පාරවල්, පාලම් වලින් වහල තියන්න පුඵවන්. ඒත් මිනිස්සුන්ගෙන් බහුතරය අමු හිඟන්නො ගාණට ජීවත් වෙන්නෙ. දේශපාලකයො තමන්ගෙ බඩගෝස්තර න්‍යායන් ඉදිරියට දාල පොඩි එකා හූරකන්න කැස කවන කොට ඒවට අවශ්‍ය බුද්ධිමමය න්‍යාය පත්‍ර හදල ඒව සාධාරණිකරණය කරමින් මාධ්‍ය ඉදිරියේ පොරටෝක් දෙන්නෙ වෙනින් කවුරුත් නෙවෙයි මේ රටේ උගත්ම මිනිසුන් විසිනුයි. වෙන මොකක්වත් ඕනි නෑ මෙදා උසස් පෙල විභාග ප්‍රතිඵල ප්‍රශ්ණෙදි වුණත් ඒකනෙ. එක කට්ටියක් කියනව අපි විශේෂඥයො මේ ඉසෙඩ් ස්කෝර් හරි කියල. මෙන්න තව උගත්තු කොටසක් බැහැල ඕව වැරැදි කියනව. අන්තිමට දෙපැත්තෙන්ම තැලෙන්නෙ ශිෂ්‍යයෝ. අතරමැද ළතැවෙන්න වෙලා තියෙන්නෙ ශිෂ්‍යයන්ට. එකිනෙකාගෙ කෝන්තර පිරිමහගන්න පවා ජාතික මට්ටමේ සංසිද්ධි උපයෝගී කරගන්න විද්වත්තු බිහිවෙනවනම් මොකක් හරි අඩුවක් තියෙනව. මිනිස්සුන්ට සේවය කරන උගතුන් බිහිවන ක්‍රමයක් ඇත්තටම දැන් අවශ්‍යයි. එය කොහොම කල යුතුද යන්න ගැන මෙහෙම සංවාද කලොත් අහගන්න ලැබෙන්නෙ අර උඩ ලියල තියෙන විදියෙ කුණුහබ්බ තමයි.

    ReplyDelete
  22. අදහසට මා එකඟයි...

    ReplyDelete