Monday, January 9, 2012

ස්පර්ශක ආදරය (touch love) 2

එදා අතරමැද සතියේ නිවාඩු දිනයකි. නිවසට වී දවල් වෙනකල් නිවාඩු පාඩුවේ නිදියා ගන්නට හැදුවා පමණි ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය.
 කැන් අයි ස්පීක් ටු මිස් දීප්තිකා ප්ලීස්..ඒ සුමිත් ගොයියාගේ කටහඬ බව ඈට මතක් විය. එදින තමුන් සමග බීච් යෑමට අකලංක පැමිනෙන බවක් කියා තිබුනා දීප්තිකාට මතකය.
ඉතින් අපි යමුද පොඩි ගමනක්..ගමනක් කිව්වට ගමනක්ම නෙමෙ..මගේ යාලුවෙක් ඩ්‍රාමා එකක් හදල..ඌ මට ටිකට්ස් දෙකක් දුන්න යමුද බලන්න..අවුලක් නෑ සෝක් ඩ්‍රාමා එක..සුමිත් පවසන්නට විය..
දීප්තිකා ස්ටක් විය..කරගන්නට දෙයක් නැත..හදිසියේ නින්දෙන් අවදි වූ ගමන්ම නිසා බොරුවක් ලෝඩ් වන්නේද නැත.. සු..සු.සුමිත් අපි වෙන දවසක යන්ද අද බෑ අනේ..හරි මහන්සියි අප්පා...
ඈ දොස්තර නෝනලටත් මහන්සි ලෙඩ හැදෙනවද?/මෙහෙමයි මෙයා මෛක මගේ යාලුවෙක් කරන එකක් ආවෙ නැති උනොත් ඌ අවුල් වෙයි..එහෙනම් මං යන්නම් ඈ..මං ඔයාට බලකරන්නෙ නෑ..ඔයා ඉතින් වරු ගනන් ටෝක් කරල අරන් යන්න මට බෑ..කොහොමත් මට කෙල්ලො ටෝක් කරල ඇක්ස්පීරියන්ස් එකකුත් නෑ..මං පොත්වල දැකල තියෙනව කෙල්ලො පලවෙනි පාර කොහෙ හරි යන්න කතාකලාම බෑ කියනව..එහෙම වෙන්න ඇති..ඒත් ඔයා එයි කියල මං හිතුව..සුමිත් කීවේය...

පිස්සුද සුමිත් ඔයා හිතනවද මං නිකම් කොල්ලො ටෝක් කලාම කැමතිවෙලා එහෙ මෙහෙ යන්න අර ඕ ලෙවල් කරන එහෙම නැත්තං පැක්ටරියක වැඩ කරන ගර්ල් කෙනෙක් කියල..දීප්තිකාට තදවිය..
හරි හරි මැඩම් මං කතාකලේ නාට්ටියක් බලන්න නේ ඔයා තරහගන්න එපා..ඔයාට අද තරහත් යනව වැඩි අපි වෙන දවසක බලමු නේ..
සුමිත් තරහ වෙන්න එපා අපි වෙන දවසක යමු..මට පොඩි ස්ටඩි වැඩ වගයකුත් තියෙනව කරන්න..ඔයා දන්නවනේ ඉතින් මේ වගේ දවසක තමයි අපි වගේ අය හැම වැඩේම දාගන්නෙ..
සුමිත් එදා නාට්ටිය බලන්නට ගියේය..ඔහු නාට්ටිය බලා කොල්ලන් කීප දෙනකු සමග පාරේ එනවිට අකලංකගේ කාර් රථය මුහුනට හමු විය. ඒතුල දීප්තිකා විය. දීප්තිකා විසින් සුම්ත්ව දක්නා ලදී. සුමිත් යාලුවන් සමඟ යයි..යාලුවෙක් විසින් දෙසාබාන කුමක් හෝ සුමිත් අසාගෙන යයි.. ඔහුගේ සැහැල්ලු දිවිය ගැන දීප්තිකාට ආශාවක් ඇති උනි..
අකලංක හැමදාම දාන ඉංගිරිස් සින්දු සෙට් එකක් දාගෙන යයි. ඒ සින්දු ඔහු ආශා කරන ඒවා නොවේ..එහෙත් අකලංක එවන් සින්දු ඇසීමට පුරුදු වි සිටින්නේ ඔහු වැනි අන් අය ඒවා අසන නිසාය.. අකලංකට ඇත්තේ සමාජ උණකි..කාර් මාරු කිරීම..විදේශ සංචාර යෑම..ආදි ලොකු පැලැන්තියේ දේවලට ආශා කල අයෙකි අකලංක. වෙනත් මුදල් හදල් ඇති වෛද්‍යවරුන් යමකින් සතුටු වෙයිද එයින්ම අපිටත් සතුටු විය හැකියැයි හීනමානයක් අකලංක තුල ඇතැයි දීප්තිකාට සිතුනි.. දීප්තිකා එතරම් බරසාර හෝ ටයර් සහිත බඩසාර එකියක් නොවේ..එහෙත් අකලංකට ඇය සමඟ මුහුදු වෙරලේ ඇවිදින්නට උවමනා වූයේ එක්සයිස් උණ ඇඟට ගැසීම නිසාය..ඔහුගේ මිතුරන් රැලේ කීප දෙනෙකුද ඒ අතර හමුවෙයි.. මේ මගේ අනාගත ගෑනි යැයි තමුන්ගේ රූපය අනුන්ට පෙන්නීමේ උණක් ඔහු වෙත ඇතැයි දීප්තිකා සිතයි..ඇය ගැන ඇයටම පුදුමය..සුමිත් හමුවන්නට පෙර තමනුත් අකලංක සමග කිසිදු අමනාපයකින් තොරව ඔහේ ගියේය..ඔහු කරන දේම කලේය..ඒවා සොයා බලා වැඩිදියුණු කලේය..සංගම් වලට රැස්වීම් වලට සහභාගී විය. නමුත් දැන් දැන් අකලංක සහ ඔහුගේ බොහෝ දේ කෙරෙහි දීප්තිකාට ඇතිවන්නේ බොරු වැඩ හෝ සෝබන යන සිතුවිල්ලයි.. 
බොහෝ සැහැල්ලුවෙන් යාලුවාගේ තෙලට වැටී ගෙන සැහැල්ලු ඇඳුමින් සිය කාර් රථය පසුකර ගිය සුමිත් තමා නුදුටු බවත් මේ වෙලාවේ ඔහු වෙන කල්පනාවක යන්නට ඇති බවත් දීප්තිකා වටහාගති. නමුත් දීප්තිකා නැවතත් හැරී සුමිත් දෙස බැලීය. එය අකලංකට අසු විය.. කවුද දන්න කෙනෙක්ද අකලංක ඇසීය??
නෑ මගේ පේෂන්ට් කෙනෙක්..හොස්පිටල් එකේ හිටිය කෙනෙක්...දීප්තිකා උත්තර දුනි.
ව්‍යායාම කරන කතුන් පිරිසක්.
අකලංක සමග ව්‍යායාම පිණිස ගිය දීප්තිකාට වෙනදා පරිදි ප්ලාස්ටික් හිනාවක් දාගෙන අකලංකගේ යාලුවන් සමග සිනා සෙන්නට සිදු විය..නොයෙකුත් ව්‍යායාම වල නිරත වන්නට සිදු විය. එය මුහුද අයිනේ පිහිටි ලක්ෂණ තැනකි සවසට ව්‍යායාමයට පිරිස රැස්වෙන තැනකි..මෙවන් විටෙක සුමිත් ලඟ සිටියානම් හොර බලලා මෙන් තමා දෙස බලා සිටිනු ඇතැයිද..තමුන් ද ඔහු සමඟ සිතින් එක් තැන් වනු ඇතැයිද දීප්තිකාට සිතුනි..අකලංක ලෝකයේ වැඩ හිස මත දාගත්තෙකි..ඔහුට නව ඩිස්පැන්සරි දැමිය යුතුය..තවත් ඉගෙන ගත යුතුය..තවත් බොහෝ දේ කල යුතුය. නමුත් තමුන් සුමිත් සමඟ කතාකල ඒ වාට්ටු සමය තුලම ඔහුට මේ දේ අනාගතය වෙනුවෙන් කල ඇතැයි කිසිවක් නොවිය..ඔහු අද ජීවත් වීය..අද හැන්දෑව ඔහුට හැන්දෑවම විය..නමුත් තමා සහ අකලංක ජිවත් වන්නේ හෙටය..අද යනු කටුක දවසකි...නමුත් සුමිත්ට හෑම දවසම පූර්ණ දවසකි..කාලයක් තිස්සේ අධ්‍යාපණය සහ වෛද්‍ය වෘත්තිය සහ වෙනත් සමාජිය වටපිටාව මතින් ඇතිවුන ඒකාකාරි බව නැමැති ගංගාවේ අකලංක ගලන පැත්තටම පීනන අයෙකු ලෙසත් සුමිත් උඩුගංබලා පීනා එතැනම නැවතී සිටින්නෙකු ලෙසත් දීප්තිකාට වැටහුනි..


අවසන දවස් ගානක් තිස්සේ අකලංක සමග ආ ව්‍යායාම් ගමන් සේම මේ ගමනත් නියමිත පරිදි වෙලාවට නිමා විය..ඒ අතර කොතෙකුත් අනේ සුමිත් එක්ක ල ගියෑනම් යැයි ඇයට සිතුනි..අද ඔයා මොකද අමුතු වෙලා,,??මොනාහරි ප්‍රශ්ණයක්ද?? ඔයා ඔය හොස්පිට්ල් එකේ වැඩිකල් ඉන්න ඕනි නෑ..ඔහෙ වැඩ වැඩි තමයි..බලමු වෙන තැනක් ...මං දන්න කියන තැනක් හොයන්න බලන්නම්..කොදෙ වැඩ වැඩිකියල දැනගෙනත් ඔයා කිව්වනේ පුලුවං කියල..


අකලංක සිතන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මානසික ආතතියක් බවය..එතනින් එහාට එය එන්නට ඇත්තේ රජයේ රෝහල නිසාය යැයිද ඔහු සිතයි...
  එදා රෑ සුමිත්ට කෝල් කරන ලදී..ඔහු නාට්ටිය බලන්ට ගිය බවත්..එය ඔහු ආසා කරන එකක් වූ බවත් එහිදී හමු වූ යාලුවන් සමග බියර් එකක් ගසා ඉන්පසු බෝඩිමේ උන් සමග මිස්ට බීන්ගේ කොමඩියක් බලන බවත් එය නිමවු පසු වැඩිදුර කතාකල හැකිබවත් සුමිත් කීය..මේ යෝදයට කොමඩිය ලොකුයි මට වඩා..පිස්සා..යැයි දීප්තිකා සිතීය..එහෙත් ඒ පිස්සාට එය එසෙ විය යුතුය..


දිනක් දෙකක් ගතවිය..අකලංක වෙනත් යාලුවෙක් සමග පිටරට ගොසිනි..දීප්තිකා අකලංකට කතාකලේය..එදින අකලංක වෙනත් රටකය..ඉන්පසු සුමිත්ට කතා කලේය..
රෝහලේ රාජකාරි එතරම්ම නොවූ එදින සන්ධ්‍යාවේ කුමක් හෝ වැදගත් දෙයක් නැතිබව දීප්තිකාට දැනුනි..මේ නාට්ටිකාරයා..ඔයාගෙ නාට්ටි අද නැත්ද?/අපිට බලන්න ඈ..නිවාඩු දවසට ඩෝං ගාල නාට්ටිදානව විතරද?/
ම් මෙහෙමයි අද තියෙනව ෆිල්ම් පෙස්ටිවල් එකක්..නිකම් පෙන්නන්නෙ..කන්නත් දෙනව..මං හොරෙන් යන් ඉන්නෙ..ඔයත් එනවද??සුමිත් ඇසීය..

හොරෙන් යනවනම් මං මොකටද?/දීප්තිකා ඇසීය..
යාලුවො එක්ක ගියෑම උන්ෙග බණ අහගෙන ඉන්න වෙනව..අනික හරි කරදර..මේක ටිකක් හොඳම ෆිල්ම් එකක් මං නෙට් එකේ බැලුව..ඔයා එනවද??
යාලුවන්ට අසුවෙනවාට හොරෙන් යෑම..නිකම් කන්න යෑම දීප්ත්කාට නම් සුමිත්ගේ තවත් පිස්සු වැඩක් ලෙස පෙනුනි..
දීප්තිකා කාර් එකේ එනබවත් ඔහුටත් ලෑස්ති වී සිටින ලෙසත් කියා දීප්තිකා හවස ගොස් ඒ ෆිල්ම් බැලීමට ගියේය..ඒවා පෙන්වනුයේ නිකම් ය..මුදල් ගන්නේද නැත..එහෙත් එය රසවත් ෆිල්ම් එකක්ම විය.. ඔවුන් දෙදෙනා මුලදී ඈත් වී ගෙන බැලුවත් ව්රෝන් ටර්න් ෆිල්ම් එකෙහි ආකාරයේ වර්ගයේ බය හිතෙන දර්ශන කිහිපයක් වූ හෙයින් බිය වූ දිප්තිකා සුමිත්ගේ පපුවට තුරුලු විය..බය වෙන්න දෙයක් නෑ බබා..ඒ බොරු ..ඒත් සවුන්ඩ් නිසා මාරයි නේ යැයි කෙඳුරුවේ වසර ගණනක් එකට සිටි පෙම්වතුන් ලෙසටය..අවසන සිනමාශාලාවෙන් ඉවත යනවිට දෙදෙනා පෙම්වතුන් ලෙස ඉවතට ගියෝය..ඒ අතර සුමිත් විසින් හොරාට ආවාට, පසුව ආරන්චිය දැනගෙන ෆිල්ම් එක පටන් ගෙන විනාඩියකට දෙකකට පසු සුමිත්ගේ මිතුරන්පැමිණ තිබුණි..ජෝඩුව අලුත් බැන්ද කපල් එකක් පරිදි යද්දී මිතුරන්ට අසුවිය..නෑ මේ යාලුවෙක් යැයි කියන්නට සුමිත් හැදුවත් ඔවුන් ගිය විලාශය නිසා කියන්නට හදන බොරුව ලෝඩ් වන්නේ නැතැයි සුමිත්ට සිතුනි..සික් මුන් මෙතන්ටත් ඇවිත් යැයි සුමිත් සිතීය..
.ඒ ෆිල්ම් බැලීම අල්ලලා ගියේ, ෆිල්ම් එකේ හොඳටද නැත්නම් සුමිත් ගේ උණුසුම නිසාදැයි වටහාගන්නට දීප්තිකාට නුපුලුවන් විය..නමුත් තත්වය දරුණු විය..
ඉන්පසු දිනෙක අකලංක නොමැතිදිනෙක අකලංක ව්‍යායාම කරන ස්ථානයටම සුමිත් සමඟ දීප්තිකා ගියේය..එදා දින ව්‍යායාම නොදත් සුමිත් ගල් රූපයක් සේ දීප්තිකා දෙස බලා සිටී..සුමිත්ට ව්‍යායාම කියා දෙමින් දීප්තිකා නැවෙයි..ඇඹරෙයි..ඔයා මේන් මේ එක්සයිස් එක තමා බඩට කරන්න ඕනි..දීප්තිකා කියමින් එය කරයි..
ඒ උණාට මං ආස ඒකට නෙමෙයි...අර ඔයා ඉනෙන් නැමිල පස්ස පස්සට දාල ඉස්සරහට නැමිල කරන්නෙ ආන්න ඒකට..ඒක කරන්නෙ ඉනට නේ ලමයො..ඔයාට ඕනි කිව්වෙ බඩ එයි කියල බයට එක්සයිස් කරන්න නේ..දීප්තිකා කීවාය..
කවුද කිව්වෙ මං ඒක කරන්න ආසයි කියල..ඔයා ඉන ඉස්සරහට දැම්මම පස්ස කොටස ලස්සන......එය කියා නිම කිරීමට නොහැකිවිය..
වල් ගහ..මෙතන එක්සයිස් කරවන්න එක්කරන් ආවම..ටීචගෙ ලස්සන බලනවද??කියා ඇසීය..ඔයාට ගහන්න ඕන ග්‍රැමොක්සෝන් වලටත් වඩා හොඳ වල් නාශකයක්..මට මතකයි ඒ ලෙවල් කාලෙ මගේ ලඟින් හෙලවෙන්නෙ නෑ..හරියට සිකුරිටි වගේ..තාමත් හැදිල නෑ..මහලොකු ක්ලාක් මහත්තය...යැයි කියමින් ඔහුගේ උරහිසිට පහරක් එල්ල කිරීමට දීප්තිකා සැරසුනි..නමුත් සැනින් සුමිත් ඉවතට පැන්න හෙයින් දීප්තිකා මඳක් වැටුනි..
ඉන්පසු මඳ දුරක් ගිය සුමිත් එක්වර නැවතී ඇයට විහිලු කලේ දිවද අදිමිනි..ඔහු දිව අදින විට බොරු තරහක් මවාගත් දීප්තිකා ඔහු පසුපස පන්නන්නට විය.. ඉන්පසු සුදු කපල් එකක් පරිදි ඔවුන් දෙදෙනා ව්‍යායාම නවත්වා පෙම් කෙලින්නට පටන් ගති..


එක්වරම කැඩුනු ඔරුවක නැගී සිටි දෙපලගෙන් සුමිත් ඈත අහස දෙස බලා කල්පනා කරන්නට විය..ඉන්පසු පහත් හඬින් ..අපි ප්‍රමාදයි සුදු..මට ඔයාව ඕනි..ඒත්..අකලංක ඔයාට ලව් කරන්න අරන් අවුරුදු 4ක්...එයාට කොච්චර දුක හිතෙයිද?/මට මේ රටේ නැතිවෙන්න දෙයක් නෑ..මං ඔයාලගෙ ලෝකෙ දාල රට යන්න ඉන්නෙ..නැත්තං අපිට වෙන්නෙ තවත් බලාපොරොත්තු තියන් ඉන්න ගොඩක් අයගෙ බලාපොරොත්තු කඩා දාන්න..
එවන් දෙබසක් මෙවන් විටක දීප්තිකා බලාපොරොත්තු නොවීය..මේ ඇතිවුන සිද්ධි හෙවත් ව්‍යායාම කතා ෆිල්ම් බලන්න ගිය කතා සහ වාට්ටුවේ කතා අකලංක නොදැන සිටියා වන්නට නොහැක..ඔහු දැනගන්නට ඇත..නමුත් හරියටම අසුවන තෙක් ඔහු සිටිනු ඇත..දැන් අකලංක තමාගේ ලෝකයට බොහෝ දුරය..ප්‍රවීන වෛද්‍ය විශේෂඥයාට වඩා ක්ලාක් සුමිත්ට තමුන් කැමති වී ඇත..තමුන්ගේ හිත ක්ලාක් කාරයෙක් විසින් සොරාගෙන ඇත..ඇගේ යාලුවන් නෑයින්..තබා එකට වැඩකරන බොහෝ දෙනෙක් මේ සම්බණ්දයෙන් දක්වනු ලබන ප්‍රතිචාර සැහැල්ලු විය නොහැකි බව දීප්තිකාට දැනෙන්නට විය..
රෑ නිදිවරා පැය ගනන් කල්පනා කලත් ඇයට සුමිත් ගෙන් ඈත් විය හැකි මගක් වත් අකලංක ලංකර ගත හැකි මගක්වත් කල්පනා නොවීය..මෙතෙක් හිසමත තැබාගෙන එහෙමෙහෙ ගිය මහා බරක් පසෙක ලා සැහැල්ලු දිවියක් තමාට ලැබෙන සුන්දර අනාගතයක් ගැන් සිහින මැවෙන්නට විය..තමුන් කුඩා කල පැතු බොහෝ දේ තමාට මේ ලොව තුලම ඇත..
දීප්තිකාෙග් සිද්ධිය ඉන්පසු අකලංක වෙරිමතින් විත් දීප්තිකාගේ නිවසේදී දීප්තිකාට පහරදීමට සැරසීම..ඉන්පසු වලි දාගන්නවායැයි ඇනෙක්සි කරුවන් විසින් බ්ලැක් ලිස්ට් කරනු ලැබූ දීප්තිකාට ගමට යන්නට සිදු වීම..
ගමේ සිටි නෑයින් වෙත දන්වා සිය චරිතය සම්බන්ධ කටකතා අකලංක විසින්ම ගොතා තිබු බැවින් යලිත් ගමට යා නොහැකි වීම..
ආදි දේ නිසා හදිසියේ අකලංක සහ දීප්තිකා විවාහ විය..මෙහි මාසයක පමණ කාලයක් අප්‍රසිද්ධියේ සිට පසුව..ඔවුන් දීප්තිකාගේ යහලුවන්ගේ අනුභාවයෙන් ඕස්ට්‍රේලියාව කරා නික්මුනේය..
එහිදී වෛද්‍යවරියක්ම විය නොහැකි වුවත් දීප්තිකාට රැකියාවක් සොයාගත හැකිවිය. සුමිත්ද පෙර තිබු සැහැල්ලු බව මඳක් ඈත්කර තරමක් සාමකාමීව දිවිගෙවුමට හැකිවිය.
මේ කතාවේ පලමු කොටස මෙතැනින් කියවිය හැක..

14 comments:

  1. ඉනික්බීති සියල්ලෝම සතුටින් ජීවත් වූහ?

    ReplyDelete
  2. මම බලාපොරොත්තු වුනා ක්ලාක් දොස්තර විවාහයක් ඒත් සුමිත් ඒ ගැන ගැඹුරු විදියකට හිතපු එක ගැන නම් සතුටුයි.ගොඩාක් රසවත් කථාවක් ලියන ශෛලියට තමා කියවන්න හිතෙන්නේ ජය වේවා

    ReplyDelete
  3. උඹ උන් දෙන්නව සෙට් කරෙත් නෑ..කොල්ලව මැරුවෙත් නෑ.. තෝ කරපු වැඩේ කැත බලපං. දැන් අරුන් දෙන්නා බැන්ඳට සතුටින් සමාදානයෙන් ඉන්න පුලුවන්ද.. සික් කුජීතයි... :-D

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ස්ථූතියි ඔබට...කතාව කියෙව්වට...

    ReplyDelete
  6. සික් මහ අමුතුම ආරෙක කතාවක්...

    ReplyDelete
  7. කතාව හොඳයි..ඒත් ඔබ මීට වඩා හැකියාවක් තියන කෙනෙක්. ඔබට මීට වඩා හොඳට මේක ලියන්න තිබුනා. වේගවත් බව කොහොමත් ඔබගෙ කතාවල තිබුනා...ඒත් මේක නම් අධිවේගෙන් ගිහින්...සමහර කොටස් ලියලා තියෙන්නෙ කම්මැලිකමෙන්ද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. මේකනේ බන් අපි හිතනව පාඨකය විසින් මේටික ලිව්වෙ නැතත් මූ ඒක අවබෝධ කරගනී කියල..ඒ නිසා සමහර තැන් ස්කිප් කරනව...ඒත් සමහරුන්ට මම විස්තර කරන තැන හොඳට තේරුම් ගිහින් විස්තර නැති තැන නොතේරෙන්න පුලුවනි..

      Delete
  8. ලස්සන කතාවක්..මුල් ටික ආසාවෙන් ලස්ස්නට කියවගෙන ආව..අග ටික ඉවර වුනානෙ ඉක්මනට..

    ReplyDelete
  9. වෙනස්... අමුතුයි... සිරා!! :))

    ReplyDelete
  10. මගුලයි... ගැහැණු හිත තමයි හිත... :P

    අමුතු නමුත් සාමාන්‍යයි නේවද එල ඇහ්

    ReplyDelete
  11. උඹේ බ්ලොගයට අවේ අද සහෝ ...
    එත් උඹේ ලිවීමේ කලාව නම් සුපිරි... ඈ, දිගටම ලියහන් අනිවා අපි බලනවා .

    --ආගන්තුකයා--

    ReplyDelete
  12. ලස්සන කතාවක්..

    ReplyDelete