Monday, July 2, 2012

සෞඛ්‍ය නංවගන්න ගමං සාක්කුවත් නංවගන්න

අපේ බොඩ්මෙ ඇන්ටි එනවා කාමරේට. මං පුලුවං ඉක්මනින් සරම හදාගෙන ඇද රෙද්ද හදල ටිකක් හරිබරි ගැහිල වාඩිවුනා.. ඇන්ටිගෙ අතේ මොනව හරි පාර්සලයක් දන් නෑ මොකද්ද කියලා බලමු..කියල හිත හිත කම්පියුටරයට එබුනා.
ඇන්ටි ඇවිත්..
ආ පුතා වැඩක්ද? කියලා ඇහුවා..
මං ඉතිං වැඩක් තිබුනත් මොකෑ කියන්නත් හදල ආයෙමත් ඉතිං සේප් කරගන්න එකත් වටිනවා නේ..
නෑ ඇන්ටි මං මේ කම්මැලිකමට සිංදුවක් අහන ගමං..
මේ මං ඔයාව හම්බෙන්න කියල හිටියෙ පොඩි බඩු වගයක් පෙන්වන්න..මේක එසේ මෙසේ දෙයක් නෙමෙ, ඔය ලමය වගේ ඉන්ටනෙට් එකේ ඉන්න අයට. කීයක් හරි හම්බකරගන්නත් පුලුවං ඒ වගේම සෞඛ්‍යය වැඩිදියුණු කරගන්නත් පුලුවං වැඩක්..
මුලිං මං පුතාට අවබෝධ කරල දෙන්නං මේ මං ගෙනාපු කුප්පි මොනාද කියලා...පුතා කැමති නැතිවෙයි..ඒත් ඉතිං මේව කියල දෙන එක අපේ වගකීම නේ..

මේ තියෙන්නෙ Tri-Antioxidant
මේක පාවිච්චි කලාම පුතාට ලැබෙන වාසි ගොඩයි..ඔය බේත් කිව්වට අපි හැමෝම බොන්නෙ බේත් ලෙඩ හැදුනම නේ.. මේ අපි හඳුන්වාදෙන නව නිෂ්පාදන කියන්නෙ බේත් නෙමෙයි. මේවා ඇවිල්ලා පෝෂන සංඝටක. අපි අර ග්‍රීන් ටී බොන්නෙ ආන්න ඒ වගේ වැඩක්. අපිට අද තියෙන තත්වය අනුව ශරීරයට අවශ්‍ය පෝෂක සියල්ල එකපාර ලබාගන්න බෑ. ඒ නිසා අපි මේ වගේ පෝෂන සංඝටක හඳුන්වා දෙනවා. අවාසනාවකට මේවා බේත්වල හැඩයටමයි තියෙන්නෙ නමුත් බේත් නං නෙමයි. දොස්තර කෙනෙකුගෙ තුංඩුවක් නැතිව උනත් අපිට මේ බේත් ගන්න පුලුවනි. පුතා දන්නවා අද කාලෙ බෝම ජනප්‍රියයි හදවත් රෝග. මේ මටත් තියෙන්නෙ ප්‍රෙෂර්. මේ හදවත් රෝගවලට ග්‍රීන් ටී හොඳයි කියන එක අද ලෝකෙම පිළිගන්න සත්‍යක්. ඉතිං මේ ග්‍රීන් ටී මිදි ඇටවල අඩංගු සංඝටක සහ තවත් සෙලනියම් කියන මූලද්‍රව්‍යය එකතු කරල මේ ට්‍රයි ඇන්ටි ඔක්සිඩන්ට් හදල තියෙනවා. මේක හරියට අර මලකන්න තියෙන යකඩයක් මල කෑමෙන් ආරක්ෂා වෙන්න කරන ප්‍රතිකාරයක් වේග බොහොම විශේෂ පෝෂනීය ප්‍රතිකාරයක්..


ලිවර් රයිට්.. Liveright
අපේ සරීරයෙ තියෙන විශාල අවයවයක් තමයි පුතේ අක්මාව කියන්නෙමේ අක්මාවෙන් සැපයෙන සාන්ද්‍රණ වලිං තමයි අපේ ආහාර දිරවීම සිද්ද වෙන්නෙ. විවිධාකාරයේ කෘතීම ආහාර ගත්තම ඒවාජිර්ණය කරගන්න මේ අක්මාව  විශාල වැරවෑයමක් ගන්නවා.
ඉතිං ඒ අක්මාවෙ සෞඛ්‍යය ගැන හිතල අපේ එෆ්කේ සී ආයතනය හඳුන්වල දීපු අක්මාවටම විශේෂිත ප්‍රතිකාර ක්‍රමය තමයි ලිවර් රයිට් කියන්නෙ.. මේ පෝෂණ අතිරේකය ලිවර් එක සඳහාම විෙශ්ෂයෙන්ම සාදන ලද ස්වාභාවික අමුද්‍රව්‍ය වලිං සමන්විත වෙනවා.. විවිධාකාර පෙති ජාති මස්ජාති කෘතීම දේවල් ආහාරයට ගැනීමෙන් නිතර අවධානමට ලක්වෙන අපේ ලිවර් එක යථා තත්වයට ගේන්න මේ ලිවර් රයිට් කියන පෝෂන අතිරේකය හේතු වෙනවා..


ජොයින්ට් අගේන් JointAgain
මේ අපේ අස්ථි පද්ධතිය තියෙනව නේද. මේක අපිට නොතේරෙන්න කාලයත් එක්ක දිරනවා..විශේෂයෙන් කාන්තාවන්ට ආර්ථවය නැති උනාට පස්සෙ මේ අස්ථි සීඝ්‍රයේන දිරලාඔස්ටියෝ පොරෝසිස් කියන ලෙඩේ හැදෙන්න පුලුවං. ඒ නැතත් කැල්සියම් ශරීරයට අවැසි පරිමාවෙන් ලැබෙන්නෙ නැතිකොට මේ කැල්සියම් හීන නිසා අස්ථි දිරායාමට පුලුවනි. මේන්න මේ දුර්වල අස්ථි ශක්තිමත් කරන්න. අපේ යොවුන් වියේ පැවති අස්ථිවල ශක්තිමත් බව නැවත ගන්න. අස්ථි සම්බන්ධවෙන ජොයින්ට් වල තියෙන බැඳීම වැඩිකරන්න අපි හඳුන්වාදීල තියෙනා මේන් මේ ජොයින්ට් අගේන් කියන කම්පවුන්ඩ් එක.. මේ හරහා කැල්සියම් අවශෝෂනය කරන්නඕනි වෙන විටමින් සී සහ වෙනත් අත්‍යාවශ්‍ය සංඝටක වලිං සමන්විත වෙනවා. ඒවගේම විෂේසිත ටියුමර් ගසේ අලයෙන් ලබාගත් සුවාභාවික සංයෝගත් ඇතුලත් අස්ථි ගැන සැලකිලිමත් වෙන අයට සුදුසු පෝෂණ අතිරේඛයක් තමයි ජොයින්ට් අගේන් කියන්නෙ..


වොන්ඩර්මීල් WonderMeal
මේ වොන්ඩර්මීල් එක තියෙන්නෙ පුතේ ඔය අනවශ්‍ය මේද කොටස් ඉවත්කරන්න..ටයර් බැහැපු වාෙග් පේන මහත ගෑන අය උදේට කනවා වැඩියි නේ..මේ උදේට කන කෑම වැඩි නිසා කස්ටිය මහත් වෙනවා කියල විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ අය උදේ කෑම වෙනුවට මේ වොන්ඩර්මීල් එක හඳුන්වා දීල තියෙනවා. මේ වොන්ඩර්මීල් එක ගත්තම උදේට කෑව වගේම බඩ පිරෙනවා. නමුත් ශරීරය මහත් කරන්න බලපාන බිත්තර මස් මාලු වල වගේ විශාල කැලරි ප්‍රමාණයක් මේ වොන්ඩර්මීල් එකෙං ලැබෙන්නෙ නෑ. ඒනිසා ඉබේටම ඒ අය ටික කලක් යනකොට කෙස්ටු වෙනවා. ඒ වගේ මහත ශරීරයක් තියෙන ෂේප් නැති ඇඟක් තියෙන අයට සුදුසු දෙයක් තමයි මේ වොන්ඩර්මීල් කියන්නෙ..


හරි මේ ප්‍රොඩක්ට් දෙක තුනක් විතරයි පුතාට ඕනි නං වැඩි විස්තර මේ සයිට් එකෙං බලාගන්න පුලුවං..
කියලා ඇන්ටි මට සයිට් එකකුත් දුන්නා...

දැන් මටනං බෝරිං වාෙග කොහේද යන මංගල්ලයක් පහත් වූනා මදිවට තව බේත් වගේ පෝෂණද මොකද්ද අත්රේක වගේකුත් දුන්නා....


හරි පුතා දැන් අපි බලමු මේවයින් කෝමද සල්ලි හොයන්නෙ කියලා. දැන් අපි කලිං මේ වාගේ පෝෂණ අතිරේක තුන හතරක් තියෙන පොයින්ට් දෙසීයක් වටිනා මේ පෝෂණ අතිරේක ගන්න ඕනි..ඉන් පස්සෙ ඔයාට පුලුවන් නේ මේ ගැන තව දෙතුන් දෙනෙක්ව දැනුවත් කරල මේ අමතර පෝෂක ගැන දැනුවත් කරන්න. ඉන් පස්සෙ අර අය ඒ බඩු ගන්න වාරයක් ගානෙ පුතාට සල්ලි ලැබෙනවා.. ඒ කියන්නෙ ඒ අය වෙන අයට විකුන්නත් සල්ලි ලැබෙනවා. එසේ මෙසේ ගානක් නෙමෙයි..පලුවෙනි කෙනාට ඔයා අලෙවි කරනකොට ඔයාට කමිෂන් එක විදියට රුපියල් තුන්දාසි හයසීයක් ලැබෙනවා. දැං අර අය ආයෙත් වෙනත් කෙනෙකුට මේ පෝෂන මල්ල අලෙවි කරනකොට ඒත් ඔයාට රුපියල් තුන්දාස් දෙසීයක් ලැබෙනවා. මේක තියෙන්නෙ ඉන්ටනෙට් එකේලු. ඒ නිසා ඔයාට හරි ලේසියෙන් තමුංගෙ එකවුන්ට් එකක් හදානෙ වැඩේ පටං අරං කරගෙන යන්න පුලුවනි...

අපේ එෆ් කේසී ආයතනය කිසිම තැනක ඇඩ්වර්ටයිසිං කරන්නෙ නෑ...අපි ඒ ඇඩ්වර්ටයිසිං මාකටිං වලට යන ගාන අපේ බඩු ගැන කියල ඒ සඳහා දිරිමත් කරන අයට ලැබෙන්න සලස්වනවා...
මේක වෙන රටවල බොහොම ප්‍රචලිත ක්‍රමයක්..
ඒ අනුව ඔයා මුලින් බඩු විකුනන පස්සෙ තව අයට විකුනල ඒ අය තවත් අයට විකුනනකොටත් ඔයාට ලොකු ගානක් එනවා...
තුන්දාස් දෙසීයක් ගානෙ..
මාත් පැක් එක්ක ගත්තා..මේ පැක් එකේ රුපියල් 40,000ක විතර බඩු තියෙනවා මාත් දැං ටිකක් කෙස්ටු වෙලා කියලා අංකලුත් කියෙනවා..මේ පැක් එක රුපියල් 32,500කට ගන්න පුලුවනි...

ලංකාවෙ ශාඛාව තියෙන්නෙ කොළඹ නවලෝකෙ ලඟින් බැස්සම තියෙන නවම් මාවතේ ඕෂන් ලයින් බිල්ඩිමේ හතරවෙනි තට්ටුවෙ...
 ඉතිං ඇන්ටි ඔය ගැන දොස්තර කෙනෙක්ගෙන් ඇහුවෙ නැද්ද?
ඇන්ටිගේ මූන වෙනස් විය...මොකටද පුතා දොස්තරලගෙන් අහන්නෙ මේව ඇමරිකාවෙ වගේම ලෝක හතර වටේම ජනප්‍රිය ඒව. අනික බේතුත් නෙමෙයි.. අපේ පෝෂනේ ගැන අපි හිතන්න ඕනි..මිනිස්සු හිතන්නත් ඕන...ඒක නිසා තමයි මං අද මේ පුතාටත් ගන්න කියන්නෙ..

මා හට මතක් වූෙය් දිනක් රතු පක්ෂයක යාලුවෙකුගේ නිවසේ අපි බොමින් සිටියදී එහි සිටි කුඩා  දරුවෙකු ඇටබෝලයක් කටේ දමාසිටින විට මා එය යාලුවාට පෙන්වු අවස්ථාවයි...
යාලුවා එය දැක..මේ ප්‍රජාතාන්ත්‍රිය සමාජවාදී පශ්චාත් යුධවාදී සමාජය තුල මගේ දරුවාට ඕනිම ඇටයක් කටේ දාගන්න නිදහස තියෙනවා...
කතාවට බාදා වූයේ ඔහුගේ බිරිය ඇවිත්..ඔවු තමුසෙග පන්ඩිත කං වලිං නිකං බේත් ලැබෙනවනේ..ඔය පශ්චාත් නූතන සමාජෙ හරි මොකේ හරි දරුවගේ කට ඇතුලෙ මේක හිරවෙලා ඉස්පිරිතාලෙ දොස්තර ලගට යන්නෙ වෙන්නෙ මට... එතකොට මේ ඇටබෝලෙ අයිති තමුසෙගෙ පශ්චාත් සමාජයට නෙමෙයි දොස්තරයට..කියා සැරෙන් වැරෙන් දරුවා මුනින් හරවා ඇටබෝලය වැටෙන්නට දරුවාගේ පිටට ගසන ලදී..

  ඇන්ටි ඕක කියෙන විදියට අනුව අපි එකපාරක් ගන්නවා..ඉන්පස්සෙ තව අයට විකුණනකොට අපිට සල්ලි ලැබෙනවා..නිකං පිරමිඩ් වගේ නේදැයි ඇසීමි?

එහෙත් ඇන්ටි මට රවා..ඔය ලමය ගන්නෙ නැත්තං ඔය ලමයට මේ දිව්ය අවුසද ඕන නැත්තං නිකං ඉන්නවා...මේව රටවල බොහොම ජනප්‍රිය උගත් මිනිස්සු පාවිච්චි කරන ඒ සමාජවල තියෙන දේවල්..පෝෂණ විද්‍යාඥයො හොයාගත්ත දේවල්..මේව අපිට කොම්පැනියෙන්ම ට්‍රෙනින් නිකං දීල කියල දුන් ඒව.. ඔය ලමයි ඉතිං බැලුවොත් අැත්තං පේස්බුක්කුවෙ ගෑනු ලමයි එක්ක චැට් නේ.. මේව ගැන දන්නවයි.. මං යනවා යන්න.. පස්සෙ වෙලාවක හරි ගන්න හිතුනොත් එන්න..තිස් දෙදාස් පංසීයක් විතරයි ඕනි...

(පසුව මා ගේ මිතුරකුගෙන් සහ වෙනත් ආරංචි මාර්ග වලිං එම කියන නවම් මාවතේ එම ස්ථානයේ එවන් ආයතනයක් ඇති බවත් වටිනා පෝෂණීය අතිරේඛ මිලදීගෙන ඒ මගින් ජීවිතය සාර්ථක කරගත හැකි බවත් මා දැනගතිමි..)
නිකංම යන එකේ මේකට කමෙන්ට් එකක් හලල යන්න ඈ..

35 comments:

  1. ආපෝ අහුවෙන්න එපා ඕවට! පෝෂනේ මදිනං වැල්පෙනෙල කැඳ ටිකක් බීපං!

    ReplyDelete
    Replies
    1. අඃ වැල් පෙනෙල.....!!!

      වැල් පෙනෙල සාකා
      ගිතෙලින් මළවලා කා
      අඹු නොතකන එකා
      අඹුන් සියයක් වුවද සලකා....

      Delete
    2. අඹු නොතකන එකා "විනය තකා" වැඩ කරන්නට පටන් ගන්නේමය.

      Delete
  2. හෙහේ පිරිමිඩ සෙල්ලං එක එක වේස වලින් එනවා නොවැ

    ReplyDelete
  3. 32500ක් දීලා ඕවා ගන්න අයත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ම යන්න ඔයා මේවයෙ තියෙන වාසි ගැන අවබෝධයක් නැතුව වගේ කතා කරන්නෙ..මේ පෝෂන අතිරේඛ අඩුවෙලා අැටයක් දෙකක් බිඳිල හැලිල ගියොත් ඒක දාගන්න පුලුවන්ද තිස් දෙදාහට බෑනෙ..
      අඩුගානෙ නවලෝකෙ දවස් දෙකක් ඉන්න පුලුවංද බෑනෙ...

      Delete
  4. කොහෙවත් යන බේත් ( ආහ් බේතුත් නෙමෙයිලු නේද.. ) බොනවාට වඩා ඔය සල්ලි වලින් ඇති වෙන්න හොදට කනවා පවුලක් මාසේම ..

    ReplyDelete
    Replies
    1. හාහා නම නම වැරද්ද ගන්නව නෙමෙයි...

      Delete
  5. පිරමිඩම තමයි.දෙන දේවල් චුට්ටක් වෙනස් කරල. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. meka pyramid thamai. Math giya oya fkc ekata. Mahinda rajapakshe saha company lokka inna photo ekakuth gahala thiyenawa.

      Delete
  6. මේ ප්‍රජාතාන්ත්‍රිය සමාජවාදී පශ්චාත් යුධවාදී සමාජය තුල සල්ලි තියෙන ඕනෙම දරුවෙකුට ඕනිම ඇටයක් කටේ දාගන්න නිදහස ඇති අතර සල්ලි අවශ්‍ය ඕනෙම දරුවෙකුට ඕනේම ඇටයක් විකිණීමටද හැකිය...

    ReplyDelete
  7. වැඩේ නරක නෑ....!??
    වලල්ල වෙනුවට පෝසන මල්ල.....ගන්නවනම් ගන්න නැත්නම් ඒත් ගන්න....

    ReplyDelete
  8. ඉතින් ආන්ටි ගියාට පස්සෙ සරම තිබ්බ විදියටම හදාගන්න ඇති! :D
    henryblogwalker the Dude

    ReplyDelete
  9. "GOLD QUEST" පිරමීඩේ පස්සෙන් දුවල හති වැටුණු කෂ්ටියව මම දැකලා තියෙනවා... හැබැයි මේකේ , දගින් දිගටම පහලට දුවන දාමයක් නැහැනේ?? [ලියලා තියෙන විදිය අනුව] ඒ නිසා මේක පිරමිඩ් ක්‍රමයක් නෙවෙයි මගේ දැනුම අනුව... මේක අපිට පල්ලෙහායින් , අපි අලුතෙන් මේක අඳුන්වලා දෙන අය වියදම් කරන මුදලින් කොටසක් commission එකක් හැටියට , ලැබෙන ක්‍රමයක් නේද?? ඊට පහල පාරිභෝගිකයන්ගෙන් අපිට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැනේ.. ඒ නිසා මේක සාර්ථක ව්‍යාපාර ක්‍රමයක්.... :))) [මට හිතුනේ එහෙමයි]

    ReplyDelete
    Replies
    1. ඇන්ටිගෙං මං ගන්නවා මගෙන් තව ඒ කියන යාලුවා ගත්ත කියල හිතමු..දැන් ඉන් පස්සෙ වෙන්නෙ ඒ තුන්දෙනාම තව ඒක සේල්ස් කරන්න කස්ටිය හොයනවා..අවසානෙ පාරිභෝගිකයින් ගානට වඩා වැඩිවෙනවා වෙළෙන්දන් ගණන
      අනික මේව විටමින් වගේ ඒව නේ..ඕ වගේ දේවල් මිනිස්සු නිතර දෛනික පාවිච්චියට ගනී කියල හිතන්නත් බෑ...
      මේක සරල දෙයක් නෙමෙයි..අතිශය සංකීර්ණ දෙයක්....

      Delete
    2. කියපු කතාව හරි , ඒත් පිරමිඩ ක්‍රමයක් කියන්නේ උඩම ඉන්න කෙනාට , පහලම කෙනාගෙන් මුදලක් ලැබෙන ක්‍රමයක් නේද? මේකෙදි වෙන්නේ , ප්‍රාථමික පාරිභෝගික මට්ටමෙන් විතරක් , මුල් මිලදී ගැනීමේදී , එයාලව අඳුන්වල දීපු කෙනාට මුදලක් ලැබෙනවා කොමිස් විදියට... එක හරියට , මාකටින් , ඇඩ්වටයිසින් වලට සල්ලි නොගෙවා , අපිව යොදාගෙන එක කරවලා , අපිට සුළු මුදලක් දෙනවා වගේ නේද??
      අනික මම ඒ සයිට් එකට ගියාම දැක්කා , සතියකට කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම කොමිස් මුදලක් තියෙනවා...එතනින් එහාට සමාගමෙන් ගෙවීමක් නැහැ... පාලනය කල , කොමිස් ලබාදීම මත , පාරිභෝගිකයන් හඳුනවාදීමක් විතරයි නේද වෙන්නේ???

      Delete
    3. මේක පිරමිඩ් නෙමෙයි..පිරමිඩ් ලංකාවෙ බෑ...

      ඒත් මේකෙදි කොමිස් ලැබෙන උපරිම ප්‍රමාණය සතියට රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක් පමණ වෙනවා...

      පිරමිඩ් ක්‍රමයේදි වඩාත්ම ප්‍රතිලාභ ලැබෙන්නේ ඉහල එක පුටුවකට සමාගමකට විතරක්ම නෙමෙයි..ඒ ඉහල ස්ථරවල අයටත් සාපේක්ෂව වැඩි ප්‍රතිලාභ ලැබෙනවා...

      මෙතන පලමු අවස්ථාවේදිම අපි කිහිප දෙනකුට(හය දෙනකුට) මේ භාන්ඩ පැක් එක විකුනන්න සමත් වුනොත් එතනදි අපිට අර භාන්ඩය ගන්න ගිය වියදමටත් වඩා වැඩි ගනනක් හොයන්න පුලුවනි...

      ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන පාරිභෝගිකයාත් වෙලෙන්දෙක් වෙනවා... එතකොට ඒ වෙලෙන්දන් ගණන වැඩිවීමත් එක්ක මෙතන තියෙනවා කියන කොමිෂන් එක ලබාගන්න පුලුවන් ගණන ඉතා සීමිත වෙනවා කියලා මට හිතෙනවා..

      Delete
    4. This is pyramid came in new manner. if want commission you have to introduce two customers from left hand chain and right hand chain.

      Delete
  10. මම හිතුවේ උබ මේක පටන් ගන්න ඇති කියලා

    ReplyDelete
    Replies
    1. මං පටන් ගන්න කලිං පොඩියක් ඇන්ටි හැර වෙනත් කීප දෙනෙකුගෙන් ඇහුවා...

      Delete
  11. ඔච්චර වියදම් කරන්නේ මොකටද.. :)

    ReplyDelete
    Replies
    1. මේක වියදමක් නෙමෙයි ආයෝජනයක්...අපිට තිස් දෙදාස් පන්සියට ඔය වගේ පෝෂණ අතිරේඛ ගානක් ලැබෙනවා..ඒ වගේමයි අපිට මේ නිශ්පාදන ගැන අවට අය දැනුවත් කරලා ඒ අය ඒවා මිලදී ගත්තාහම අපිට අතට ගානකුත් ලැබෙනවා....
      ඔබ මොබයිල් පෝන් ගැන ලැප් ගැන වටිනා අදහස් කොයි තරම් අයට කියලා ඇත්ද?
      ඒ මාර්ගයේ ගොස් කී දෙනෙක් ඒවා මිලදි ගෙන ඇත්ද?
      එහෙත් ඒ කම්පැනි වලිං ඒ සඳහා ඔබට සතපහක් වත් ගෙව්වේ නෑ නේද?
      අපේ මේ ආයතනය එහෙම නෑ..විකුනන්නෙ කාටද විකුනන්න සපෝට් කරන හැමොට්ම කොමිස් ලැබෙනවා...

      Delete
  12. තියන පෝෂණෙත් නැතිවෙන පොටක්..... ඇන්ටි වැටුන වලෙන් ගොඩ එන්ට වලට දාන්ට තව අය හොයනවා .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි ඔහේ කන්නන් වාලේ කනවා..මේව ගැන අවබෝධයක් නැතුව ඒ නිසා මේවා වැදගත් වෙයි...

      Delete
  13. පිරමිඩ්ස් එනවා එක එක ඇදුම් දාගෙන . කල්පනාවෙන් මල්ලි .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කේ මේව එන්නෙ ඇඳුම් වල නෙමෙ..බෝතල් වල ලස්සන ස්ටිකර් අලවපු බෝතල් වල දාල පැක්කරල එන්නෙ...

      Delete
  14. මාර වැඩ තමයි. ස්වභාවික පළතුරු එළවළු වලින් මේ සියල්ල ලැබෙනවා. මිනිස්සු ඇයි තවත් මෙහෙම පෙති ගිලින්න දඟලන්නෙ කියලා මටනම් තේරෙන්නෙ නෑ. මේවා ව්‍යාපාර !

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ස්වාභාවික කියල අපිට කන්න පුලුවං ප්‍රමාණයක් තියෙනවා නේ..දැං ප්‍රෝබයෝටික්ස් එහෙම නැත්තං ශරීරයට අවැසි බැක්ටීරියා තියෙනවා කියලා අපිට යෝගට් ගොඩාරියක් කන්න බෑනෙ...එතකොට මේදය වැඩි වෙනවා...
      කුඩා මාලු ගුණ උනාට ගෙවල් වල ඉන්න ගෑනු අය ඕව සුද්ද කරන්න දන්නෙ නෑනෙ...අනික ඒව හරි අමාරු වැඩ නේ...
      ආන්න ඒ නිසා ඔබේ ශරීරය ගැන හිතන ඔබේ පෝෂණය ගැන හිතන මේ ආයතනය රටවල් හතලිහක ජනතාවගේ පෝෂන අවශ්‍යතා මැනවින් සපුරාලනවා..

      ලෝකයේ වැඩිපුරම ජීවත් වන ග්‍රාමසේවා වසම් තියෙන්නෙ ජපානෙ...ජපානෙ ඒ ග්‍රාමසේවා වසම් වල ජනතාවගේ ආහාර රටාවල සහ නිරෝගී කම වැඩි සමාජවල ආහාර රටාවල මේ සුකුරුත්තං පෝෂණ අතිරේඛ තියෙද කියල බලන එක වැදගත් ව්‍යායාමයක් වෙයි...

      Delete
  15. http://youtu.be/BfYdGkbn_AM

    ReplyDelete
  16. අයියෝ සල්ලි..

    ReplyDelete
  17. මේක පිරමීඩ ජාවාරමක්... අහුවෙන්න නම් එපා. මේගැන කරපු බැලුම්ගල වැඩසටහන අහන්නකෝ...
    Balumgala 2012-06-16 FKC Pyramid Scam

    http://www.youtube.com/watch?v=BfYdGkbn_AM

    ReplyDelete
  18. හි හි ..ඔයාටත් හම්බවෙන දේවල්! :)

    ReplyDelete
  19. ඔච්චර ලේසියෙන් සල්ලි හොයන්න ගියොත් අමාරුවෙ වැටෙනවාමයි..!

    ReplyDelete
  20. මට නම් පෙන්නේ වෙනම සීන් එකක් ....

    දැන් ඔය කියන ඇන්ටි ඔය බෙහෙත් වල නිදන කතාව කියලා, ඒවායේ ප්‍රයෝජන් සහගත බව විස්ටර සහිතව කියන්න පැයක් වත් යන්න ඕන..

    එත් එක්ක ඔය කතාව කියන්න පැයක් තිස්සේ හිටගෙන ඉඳියි කියලා හිතන්නත් අමාරුයි . අඩුම තරමේ ඇදෙනවත් වාඩි වෙනවනේ ...

    අනික අපේ ඉන්දි මහත්තය ඉඳල තියෙන්නේ සිවිල් පිට ( සරමෙන් ) සර්ට් එකක් වත් නැතුව ..හරිය ( වැලක් ගැටගහගෙන, කුඩාරමත් ගහගෙනද දන්නෙත් නෑ )

    සෝ අයි හැව් ඔන්ලි වන් කුවෙස්චංස් ... ටු ක්ලියර් ද ඇක්චුවල් සිටුවේසන් ...

    (01.) ඇන්ටි ට සිරාවටම ඕන උනේ පිරමිඩ සෙල්ලම අපේ ඉන්දි මහත්තයට උගන්වන්නද ? / නැත්නම් වෙන පිරමිඩකාර වස්තුවකට ඇති ආසවටද ?

    අනේ අපි නොදන්නා අන්ටිලගේ පෝසන මල්ල ... එත් ඉන්දිට වැඩේ මීටර් වෙලා නෑ වගේ හරියට ..එක තමයි අන්තිමට ඇන්ටි කාරයට මල පැනල තියෙන්නේ ..

    බලාගෙන කොල්ලෝ .... මේවා සමාජයේ සුලබ සිදුවීම් .

    __3rd eye ___

    ReplyDelete
  21. මට නම් පෙන්නේ වෙනම සීන් එකක් ....

    දැන් ඔය කියන ඇන්ටි ඔය බෙහෙත් වල නිදාන කතාව කියලා, ඒවායේ ප්‍රයෝජන් සහගත බව විස්ටර සහිතව කියන්න පැයක් වත් යන්න ඕන..

    එත් එක්ක ඔය කතාව කියන්න පැයක් තිස්සේ හිටගෙන ඉඳියි කියලා හිතන්නත් අමාරුයි . අඩුම තරමේ ඇදෙනවත් වාඩි වෙනවනේ ...

    අනික අපේ ඉන්දි මහත්තය ඉඳල තියෙන්නේ සිවිල් පිට ( සරමෙන් ) සර්ට් එකක් වත් නැතුව ..හරිය ( වැලක් ගැටගහගෙන, කුඩාරමත් ගහගෙනද දන්නෙත් නෑ )

    සෝ අයි හැව් ඔන්ලි වන් කුවෙස්චංස් ... ටු ක්ලියර් ද ඇක්චුවල් සිටුවේසන් ...

    (01.) ඇන්ටි ට සිරාවටම ඕන උනේ පිරමිඩ සෙල්ලම අපේ ඉන්දි මහත්තයට උගන්වන්නද ? / නැත්නම් වෙන පිරමිඩකාර වස්තුවකට ඇති ආසවටද ?

    අනේ අපි නොදන්නා අන්ටිලගේ පෝසන මල්ල ... එත් ඉන්දිට වැඩේ මීටර් වෙලා නෑ වගේ හරියට ..එක තමයි අන්තිමට ඇන්ටි කාරයට මල පැනල තියෙන්නේ ..

    බලාගෙන කොල්ලෝ .... මේවා සමාජයේ සුලබ සිදුවීම් .

    __3rd eye ___

    ReplyDelete