Friday, July 6, 2012

දෝසි කැටේ


මට හිතවත්ව තිබු මගෙ ඒ දෝසි කැටේ..
චොකලට් පිරී තිබුනා එහි හතර වටේ..
දාගන්නට නොහැකි වූවත් මගේ කටේ...
දෙයියෝ බුදුන් රැකපාන් සුදු දෝසි කැටේ..

මලකට බඹරු තුන හතරක් මදි නේද
ගලකට පහර කීයක් වැදුනත් කිමද?
දොලකට වතුරු සුට්ටක් වැටුනම මොකද
කලකට චූටි කලකට මට බැරි වෙයිද..

කුඩා සන්දියේ මම දුටු කැකුලු මල.
කඩා බිඳ දමා කාලය වැසූ පල..
වඩා ගෙන ගොසින් පීනු දෙකේ ඇල.
නාඬා වරෙං උකුලට මයෙ සෝස මල.

මොන මල යකෙක් මූ හට වැහිලද මන්දා..
යන එන නාන තැන පස්සෙන් ඇයි මන්දා
වන යට කැමති නං වනයක් වර කැන්දා..
කන මේ දීගෙ කන්නට දෙනු මේ වැන්දා..

කැකුලු පොලොස් දැන් වී ඇත වැල වරකා..
තෙපලු වදන් කාලය ගෙන ගොස් දුරකා..
ගොපලු වගේ අන් ගොන් කිමදෝ දක්කා
බබලු වගේ මැනිකාක් ගෙන එනු රක්කා..

සිතුවම් මැකී නව සිතුවම් ඇඳේවී
මතුවට තවත් මා නම නොම දකී වී
රෑ සීනයක් දක්නට ඉඩ නැති වේවී
උඹගෙම දෝසි කැටයක් උඹ ළග වේවී

උකුල වන වනා කල ගෙන යන කලට..
දකුනු ඇල දිගේ නුඹ නාං යන කලට
වැකුනු අතීතය සිහි වී එන කලට..
මැකුනු මයේ හිත පූදිනවා මුලට...

ගැටීස්සියන් හිටියත් ලෝ හතර රටේ
වැටී ගියත් ඵල මා ගස අසල වටේ.
ගැටී දැඩිව ඇති ලෙස පල අඹේ ඇටේ.
කෙටී බඹා උඹමයි මයෙ හඳුං කොටේ...
Kavi by indika27

14 comments:

  1. ඕඩියෝ ක්ලිප් එකනම් පට්ට අමිලයා... සුපිරි ආ.....

    ReplyDelete
  2. මේක සිරා....................

    ReplyDelete
  3. පද ටික අපූරුයි හ්ම්ම්..

    ඕඩියෝ ක්ලිප් එකත් මරු ..:)

    ReplyDelete
  4. කොපමන දෝසි චොක්ලට් තිබුනත් පුරවා
    පෙනෙන්නේම එක කැටයයි පරයා අනි(ක්)වා
    මොන කරුමයක් ලෙස කිව්වත් මුනු මුනුවා
    අවසන් මොහොත හරි උඹ ලඟ ඉන්නට නැතුවා

    ReplyDelete
  5. උඹනම්...සිරාම පොරක් මචං...!

    ReplyDelete
  6. ආ හොද කවි ටිකක් පොඩ්ඩක් සමහර ඒවයි එලිසම කේස් වගේ නේද?

    මං සින්ඩියෙං බ්ලොග් බල බල කමන්ට් කරං යනකොට මගේම බ්ලොගත් හමු වුනා..

    ReplyDelete
  7. කයි ටික මල් හතයි ආ.....
    ඕඩියෝ එකත් පට්ට...

    ReplyDelete
  8. නියමයි බං නියමයි

    ReplyDelete
  9. නියමයි සිංදුව..

    ReplyDelete
  10. කවි ටික නම් පට්ට මචං ඔෆිස් එකේ හින්ද තවම අහන්න බැරි වුනා ගෙදර ගිහිල්ල අනිවා අහනවා

    ReplyDelete
  11. පට්ට මචන් පට්ට !

    ReplyDelete