Tuesday, August 21, 2012

විධායකයා ගේ වල්සිත 02


වෙනදා මෙන් රබර් කණ යොදා කැන්ටිමේ අහුමුලු වල වෙන කතාවලට සවන් දෙන්නට මට බැරි නිසා මා අලුත් කෑල්ලක් ගියවර මැලේසියා ගිය වෙලේ ගෙනාවේය. අනුන්ගේ දේ හෙවීමේ මහ අමුතු කාලකන්නි පුරුද්දක් ඇති මා ඒ කෑල්ල යොදා බොහෝ ඈත වන කතා රැකෝඩ් කරගන අසන්නට පටන් ගත්තේය. රුපියල් වලිං පනස්දාහක් වූ එය එක් සංවාදයකට සුසර කර තැබුවොත් ඔවුන්ගේ සංවාදය රැකෝඩ් වෙන ලෙස තනා ඇත. තරමක් පුරුදු වූ පසු භාවිතය ලේසිය. කැන්ටිමේ සිටින බුවාලා දෙදෙනෙක් නිතිපතා මා එහි යන එන විට මා දෙස හොරහින් බලා කතා කරති.

මා දිනක් අර ගැජට් එක දාගෙන ගොස් කනේ ගසා ඔවුන් කතා කරන දේ ඇසූවෙමි...

අර ගං කබරයා නේද? ඕකා ඔය සෙක්ෂ්න එකේ ඉන්න බඩු ඔක්කොටම ගහලා ඇති. බැලුවම පේන් නැද්ද බං..ජොල් ජොල් ගාල බඩ වදිනවා ඇති අර රතු උස ඒකේ එහෙම. සික් මුන්ට තියෙන ආතල් එක..කාර් ද, ඕන්නං සල්ලිද. ඕනනං ඔෆිස් එකේම තියං ගහන්න පුලුවං නේ බං. පොඩි මාලිගාවක් වගේ ඔෆිස් එකත් මූට.

ඔය කියා ඇත්තෙ කියන ලද ජරාම කොටසකි. ඔවුන් සිතා සිටින්නෙ ඉඳ හිට විහිලුවක් කලාම. ඒ ගෑනු අයගේ තොඳොල් වීම් දෙස බලා සිටියාම අපි ඔවුන් ගෙන් නොගන්නා වැඩක් නැති බවය. මේ ළඟදී කැන්ටින් කෝප්ප අපිරිසිදු යැයි සිතා සිටින පොෂ් බඩුවක් ලිෆ්ට් එකේ කෝප්පයක් අරගෙනම එන්නේ තමුගේ කෝප්පයෙ තේ වතුර බීම සඳහාය. මා ලිෆ්ට් එකේ සිටිද්දීම නිර්මලා වූ ඇයගෙන්. “මොකද නිර්මලා අද කෝප්පෙත් අරං යන්නෙ දන්සලක් වත් තියෙනවාද” කියා ඇසුවේ මුලු ලිෆ්ට් එකම සිනා සයුරේ ගිල්වමිනි.

සමහර විට කතාවක් හැදෙන්නට ඒ සුට්ට පවා ප්‍රමාණවත්ය...

එහෙත් මා සමඟ සමාන්තරව සිටින කලින් සිටි සමහර සදාමෝල් උන් සමහරක් අර කිව්වා වගේමය. තමුංෙග් සෙක්ෂන් එකේ කාන්තාවකට ඉන්නට දෙන්නේ නැත. සමහර ගෑනු ළමයි ඇවිත් මාස ගානකින් මාරු හදා ගනිත්. නැත්තං රැකියාවටම ආයුබෝවන් කියති. ඔය අතර දෙපාර්ශවයම කැමති ආකාරයේ කොටුද නැතුවා නොවේ. නමුත් අර ඉහත කී සදාමෝල් කරුවන් නිසා උන් වැනිම ටයි දාන කෝට් දාන අපි ගැනද මනුස්සයෝ සිතන්නේ වැරදි විදියටය..

මේ ලිෆ්ට් එකේ දැන් දැන් කුනුහබ්බ අඳින අමනයෝ සිටිත්. නමුත් මේ සෝපානයේ පරුෂ වදන් ලියන උන්ට එකඟවිය නොහැකි වුවත් චිත්‍ර අඳින අය ගැන නම් මගේ ඇත්තේ එතරම් තද හැඟීමක් නොවේ. ලියූ පසු හැමදාම තීන්ත ගා වසාදමන ඒ චිත්‍ර අතර අලංකාර නිරුවත් සංසාර්ගික රූපද වෙයි. කුඩා ලමුන් ඉතාම කළාතුරකින් යන එන මේ ලිෆ්ට එකේ ඇති නිරුවත් කාමුක දර්ශන ඉවත් කරන්නෙ ඇයිදැයි මටනම් ගැටලුවකි. සීගිරියේ සිතුවම් වලට බ්‍රෙසියර් අන්දවන්නට මුං නොයන්නේ ඇයි. ඉතාලියේ මයිකල් ආන්ජලෝ සහ නොයෙකුත් කලාකරුවන් අතින් නිර්මිත නිරුවත් පිළිරූවලට ජොක්කු අන්දන්නට මුන් නොයන්නේ ඇයි. මේ අසරණ වේදිකාවක් නොමැති නිරුවත් චිත්‍ර ශිල්පියාට බොහෝ අය දෙස තියති. මට ඔහු ගැන වූයේ කණගාටුවකි.. අහෝ අසරණ චිත්‍ර ශිල්පියාට ගිය කල. ඔහුට සමහර විට තින්ත පැන්සල් අනම් මනම් ලැබෙන්නේ නැතිය. ලැබෙන්නේ ඇණයකි නැත්නම් පැන්සලක් හෝ පෑනකි. ඇණයකින් වුව තීන්ත කැපීයන පරිදි සූරා ලාලිත්‍යන් සරාගයෙන් යුත් ලලනාවන් නිරූපනය කිරීමට ඒ සිතතර සිල්පියා සමත් විය.

කෙසේ වෙතත් වැඩේ අල්ලගන්නට අපේ ඔටුවන් සමත් වී ඇත. වැඩේ කොරලා ඇත්තේ ගෙස් කරපු පරිදිම මේසන් බාස් කෙනෙකි. ඒ කවුද කින්ද මන්ද සෙවීමට යෑම මඩ පාරවල් කන්නට හේතු වෙන වැඩකි. නමුත් ඒ බාස් චිත්‍ර අතර මාගේ ඉරි කිහිපයක්ද තිබූ බව කිසි වෙකු දන්නේ නැතුවා වන්නට ඇත. දිනක් එක් චිත්‍රයක සෝබමාන ලෙස පියයුරු යුග්මය ඇඳ බෙල්ල ඇඳ තිබූ නමුත් දෙකකුල් නිරූපනය කොට නොතිබුනි. තට්ටු දා හතරක් යන මා එවෙලේ තනිවී සිටි නිසාත් එය සැඳෑ වෙලාවක් වූ නිසාත් මා වැඩය පටන් ගති. පැන්සලෙන් වහා වේගයෙන් ඉරි දෙකකින් කකුල් ඇන්දෙමි. එය මා සිතුවාට වඩා ලස්සනට ආවේය.
          මේසන් බාස්ලා ඔහෝමයි. ඕකුන් ගෙදරකට වැද්ද ගන්න හොඳ මිනිස්සු ජාතියක් නෙමෙයි. එකපාරක් අපේ වයිෆ්ගේ යට ඇඳුම් නැතිවෙන්න ගත්තා. එකෙක් ඉන්නවා අල්ලපු ගෙදර මේසන් වැඩට ආපු කොල්ලෙක්. ඌ නිතරම අපේ ගෙදර දිහා බලාගෙනමයි ඉන්නෙ. අන්න බඩුව. ඌ තමයි හොරකං කරලා තියෙන්නෙ. පස්සෙ සයිට් මැනේජර්ට කිව්වම හොරාට උගේ බෑග් අනම් මනම් බලනකොට යට ඇඳුම් තිබිලා බෑග් එකේ..ඒ අපේ විධායකයින් කෑම කන අතර මේසන් බාස්ලාගේ නුගුන පෙන්වීමට එකෙකු දුන් උදාහරණයකි. මේ කන්තෝරුවලම සිටින කන්තෝරු කාමරයම සිරියහනක් කරගන්නා උන් ගැන කතා නොවන අතර අසරණ මේසන් බාස් කෙනෙක් කුමක් හෝ මානසික අබාදයකට කල වරදක් උලුප්පා ඔහුට සිනාසෙමින් කෝචොක් කරමින් තඩිබාති..

එකල ඉස්කෝලෙ යන කාලයේ මෙවන් මරි වැඩ අපි අතර තිබුනි. කොළයක් ගෙන එහි මොකක් හෝ කුඩා කෑල්ලක් එකෙක් අඳියි..ඉන් පසු අනෙකා එයට තවත් යමක් එකතු කරයි. මේ ආකාරයෙන් පන්තියේ විස්සක් විසිපහක් කූටු ගෑ අවසාන චිත්‍රය ඉන් පසු බැලීමට හැමෝටම හොරෙන් ලැබෙයි. මෙය සමහර විටෙක ගුරුතුමිය උගන්වන විට පවා සිද්ද වෙයි. අපි කුනුහබ්බ ඇන්දාට කෙල්ලෝ ඒවා බලනු මිස කිසිවක් එකුතු නොකරයි. එක පාරක් වල් සාමා නං අඩෝ මෙහෙම සුට්ටි කෙල්ලොන්ට මෙච්චර ලොකු චිච්චි තියෙයිද බන් කියා චිච්චි ලොකු වැඩි යැයි පොඩි දෙකක් ඇඳ එව්වාය. වරක් එකියක් මේවා පේනවා වැඩියැයි පැන්සලෙන් පාටකර කුඩා බිකිනියක් අන්දවා තිබුනි. ඉන්පසු කොල්ලෝ ඇයට දෝසාරෝපනය කලේ සික් මේකිට නං තවත් දෙන් හොද නෑ..ඇඳපු එකත් කූටු ගාලනේ.

කෙසේ වෙතත් පසු පෙළක සිටියත් ගෙදර ගොස් පාඩම් කල පිනෙන් මට ලොකු තැනකට එන්නට හැකි විය. මා පලමු රැකියාව කරන විට සමහර විට ශ්‍යාමා සිය දෙවන දරුවාද ප්‍රසූත කර තිබෙන්නට ඇත. නමුත් එදාද මා සිත්තර ඇඳීමට දක්ෂෙයෙකි. නමුත් ඉන් පසු ඒ සඳහා අවස්ථාව නොලැබුනි. එහෙත් ඉඩලද විටෙක මේසේ උඩ ඇති කොළයක කුමක් හෝ කුරුටු ගැම මගේ සිරිතකි. නමුත් වරක් ඉතා වටිනා ගොනුවක් පිටුපස මා චිත්‍රයක් ඇඳ තිබූ නිසා අවුලක් ද විය.

ලිෆ්ට් එකේ චිත්‍ර වලට නැවතීමේ තිත තැබී ඇත. දැන් අලුතින් කැමරා ආම්පන්න කරුවෝ වගයක් ලිෆ්ට් එකේ වැඩ කරති. හෙට අනිද්දා මේ ලිෆ්ට් වල සිත්තර අඳින උන් ඇල්ලීමට දාස් ගානක් වියදම් කොට කැමරා ආම්පන්න සවි කරති. දැං හොදයි. අඳින එකාට දැනුත් අඳින්නයි තියෙන්නෙ. මා ද හෙහෙ ගගා සිටියෙමි. මූ මාද මේ ලිෆ්ට් එකේ සිත්තර ඇඳි එකෙක් බව දන්නේ නම්...? අහෝ සිත්තර බාස් කරුවානනි. ඔබ සිත්තර ඇන්දානම් ඔබ වීරයෙකි. ඔබ බාස් කෙනෙක් නිසා ඔබ අද මානසික රෝගියෙකි, පරයෙකි, අමුතු ආසාවල් ඇත්තෙකි, තවත් සමාරුන්ට ඔබ පොන්නයෙකි. එහෙත් ඔබට ගරු කල ඔබේ සිත්තර සම්පූර්ණ කල අයෙක් තවමත් ටයි කෝට් දමා ඔබේ පරණ කැටපත් පවුරේ ඉලූ සායං තලි අතර බලමින් ඉහල පහල යයි..

11 comments:

  1. පට්ට පට්ට..
    තව තීනවා නේ ඉස්සරහට????

    ReplyDelete
  2. මේකට නරකද 'වල් විධායකයා' කියලම නම දැම්ම නම්?

    ReplyDelete
  3. අප්පා..
    අමිල අයියට මේ වගේ ඒවා කොහොම හිතට එනවද මන්දා.
    ලස්සනයි වගේම හරිම අමුතු කතා.හී හී

    ReplyDelete
  4. රහ නෑ...
    අදහස් ව්යාකුලයි ..

    ---ආගන්තුකයා--

    ReplyDelete
  5. ඇත්ත නේන්නම්.. විජ්ජු ලතාලා මේඝ ලතාල ඇඳපු අය පොරවල්...... කක්කුස්සියක හරි ඔය ලිෆ්ට් එකක හරි ගෑනු රූප අඳින උන් මානසික ලෙඩ්ඩු .. කාට කියන්නද මෙව්ව

    කාටවත් කියල වැඩක් නෑ බං මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බ.... එහෙම හිතන්න පොඩි කාලේ ඉඳන් හුරු කරලා... ඔය රෙද්ද පල්ලෙ තියන අවයව දෙක මහා භයානක සත්තු දෙන්නෙක් විදියට තමයි අපේ හිත් වලට පොඩි කාලේ කාවැද්දුවෙ ( සත්තු දෙන්න කිව්වෙ අර ටොම් ඇන්ඩ් ජෙරී ඈ....)

    දැන්නම් ටික ටික ඔය හන මිටි බිම තියනවා වගේ දැනෙනවා...

    ReplyDelete
  6. ඇයි මල්ලි ගං කබරයා කියන්නේ අපේ හොර කොම්පියුටර් ජිල්මාට් පප්පා හෙවත් මරා ට නේ. ඌ ඔහෙත් එනවද?

    ReplyDelete
  7. හික්. අපේ එකෙකුත් සීගිරි නැගලා බාගයක් යද්දී බැහැලා එනවා. මං ඇහුවා ඇයි බන් කියලා
    වැඩක් නෑ බන් 18+

    ReplyDelete
  8. අඩේ මන් මේ පැත්තේ ආවේ අද. මරු ලියවිල්ල.
    මිනිස්සුන්ගේ හැංගිච්ච (හංගන) ඇත්ත ලියල තියෙන්නේ. ඕව මිනිස්සුන්ගේ ආකල්ප වල අඩු පාඩු.

    * පොලිස් කාරයෙක් 100ක් ගත්තොත් පගාවක්. එතකොට ඇමතිලා ටෙන්ඩර් පාස් කරන්නේ?

    * ධාතු බලන්න කිමි 6ක් විතර දිග පෝලිමේ එකෙක් හොරෙන් ඉස්සරහට යන්න හැදුවොත් ඌ බල්ලා. බෙන්ස් එකකින් බහින එකාට නෝ පෝලිම්.

    * අපි මොනා හරි ලොක්කට කිව්වොත් ඒවා ගොන් අයිඩියා. වෙන පැත්තකින් අවොත්...

    * පාරේ රුපියලක් ඉල්ලගෙන එන්නේ හිඟන්නෝ. එතකොට වර්ල්ඩ් බෑන්ක්, ඒ.ඩී.බී. පස්සේ ටයි පොලු දැන් යන උන් වීරයෝ. නිව්ස් වලත් හෙඩින් එකත් ඒක.

    ReplyDelete