Sunday, August 5, 2012

විකල්ප නැත.

ඉංදියාවේ සමහරක් මුදල් ඇති මිනිසුන් වෙනමම තට්ටු බිල්ඩින් වල ෆ්ලැට් අරගෙන මුලු ජීවිතයම ඒවයි ගෙවනවලු....
දුප්පත් අයගේ හීනයක් ලු ඒ ෆ්ලැට් එකක් ගන් එක...
ඒ ෆ්ලැට් එකක් ගන්න ඉන්දියාවෙ දුප්පත් වෙලා ඉපදුනු ඉගනගන්න ජොබ් කරන අය ගොඩක් මාහන්සි වෙනවලු...
ඒවගේම ගොඩක් පොස් සහ හයිෆයි මොඩල් ඒවයි තමයි ඉන්නෙ...

එතනින් ඉන්දියාවෙ සමාජය බෙදිලා යනවා....

මට ඒක මම තරුණකාලෙ පෙනුනෙ මහා පිස්සුවක් විදියට...
දුප්පත් මිනිස්සු දාල වෙනමම සිහින ලෝකෙක ඉන්න එක...
ඒත් මට හිතෙනවා දැන් ඒක තමයි කළ හැකි එකම දේ...
දැන් මම නාකිවෙලා.. ද මන්දා..

අපිට අදිනවා කියලා දුප්පත් මිනිස්සු කීදෙනෙක් අදින්නද?

ගොඩදානවා කියලා ජීවිත කීයක් ගොඩදාන්නද?
පිහිටවෙනවා කියලා අසරණයින් කීයකට පිහිට වෙන්නද?
ඒක නිමාවක් නැති වැඩක්...
දුප්පත් වෙලා ඉඳගෙන පෝසතුන්ට බැනීම..කිසිවක් නොකර සිටීම.... සමාරුන්ට විනෝදයක් සහ විනෝදාංශයක්...


 ඉගිලෙන්න කැමති නැති එහෙම ආකල්පයක් තුන් හිතකවත් නැති අය ඉගිලවන්න අපිට කීයටවත් බෑ...
කිව්ව දේ අහන් නැති මිනිසුන්ට හැමදාම උපදෙස් දෙන්න යන එකත් මහා මෝඩකමක්..
ලෝකෙ හැමදේම අපිට එකතුවෙලා වෙනස් කරන්න පුලුවං..

මීට වසර පහ හයකට පෙර මම ඇදහුව දෙයක්..
ඒත් දැං මේ ලෝකෙ සප්ත මහා සාගරේ තවත් එක හාල්මැස්සෙක් කියලා මට තේරෙනවා..

අපි ඔක්කෝම ගොඩයන්න නෙමෙයි මම සහ මා වටා ඇති ඉතා සීමිත පෙදෙසක් ගොඩදාගන්න ඕනි...

විකල්පයක් නෑ..තියෙනව කියල හිතෙනවනං ඒවාත් මායාකාරී බොරු
සමහර විට මේ දුප්පත් පෝසත් බේධයට විකල්ප කියන්නෙත්
තවත් පෝසත් පිරිසකගේ ආදායම් මාර්ගයක්..

හරියට ජනතාවට විමුක්තිය උදාකරන්න යන අය එක මොහොතින් මිලියන ගනන් වියදම් කරලා පිටරට ඉන්න ලාංකාවෙ උන්ගෙ තුට්ටු දෙකෙන් ලංකාව වටේ තාප්ප නාවන්න පෝස්ටර ගහනව වගේ...

දමිල විමුක්තිය හොයන්න යන අය ලොකු නැව් අරන් බිස්නස් කරනව වගේ...
අපේ මනාපෙ හොරාකාල හොරගුහාවට ගිහිං තමුන්ගෙ පංගුව බෙදන් කන මන්ත්‍රීල වගේ...


දුප්පත් ජනතාව කියන්නෙත් ලොකු වෙළඳාමක තවත් එක වෙළඳ භාන්ඩයක් විතරයි..

15 comments:

  1. හ්ම්ම්........ එකඟයි මම ඔබට!

    ReplyDelete
  2. නාකි වේගෙන යනවා වගේ පෙනේ. පීනසට විය යුතුයි.

    ReplyDelete
  3. ආයෙ උඹට අමුතුවෙන් නාකි වෙන්න දෙයක් තියනවයැ බං..

    ReplyDelete
  4. මෙතන ලොකු කමෙන්ට් එකක් තිබුනා. දැන් නැත්තෙ පබ්ලිෂ් කරන්න කලින් මං මකපු නිසා.

    ReplyDelete
  5. නාකි වෙන්න දෙයක් අමුතුවෙං තියෙනවද????

    ReplyDelete
  6. නාකි වේගෙන එනව වගේ තමා :)
    අනිත් ඒව ගැන කියන්න දෙයක් නෑ... උඹ ඒ ටික කියල තියෙනව...

    ReplyDelete
  7. අපිට හැමෝම ගොඩ දාන්න බැරි බවනම් තේරිලා හුඟක් කල්. ඒ ගැන වරදකාරී හැඟීමක් තියෙන්න ඕනෙද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  8. //ලෝකෙ හැමදේම අපිට එකතුවෙලා වෙනස් කරන්න පුලුවං..
    මීට වසර පහ හයකට පෙර මම ඇදහුව දෙයක්..//
    කාලයකට පෙර මාත් ඔහොම හිතුව.
    දැනටත් ඉන්නව ඔහොම හිතන උදවිය.

    ReplyDelete
  9. //දුප්පත් ජනතාව කියන්නෙත් ලොකු වෙළඳාමක තවත් එක වෙළඳ භාන්ඩයක් විතරයි.//

    මුළු පොස්ට් එකම ඔතන කැටිවෙලා තියනවා...


    හොඳම දේ ඉස්සෙල්ලා තමන් ගොඩයන ඒක තමා.. ඊට පස්සේ කල් වෙලා තිබ්බොත් අනිත් ඇය ගැන බලන්න බැරියැ .. අර කියපු කට්ටියත් හිටන්නේ මං හිතන විදියටම වෙන්න ඇති.. ඇරත් බුදු හාමුදුරුවොත් අනුන්ට සසරෙන් එතෙර වෙන්න ඉගැන්නුවේ තමන් සසරෙන් එතෙර වෙලානේ ..

    ReplyDelete
  10. බුදු හාමුදුරුවන්ට,ජේසු තුමාට වුනත් හැමෝම ගොඩ දාන්න බැරි වුන එකේ අපි වගේ අයට ඒක කොහොමත් කරන්න බෑ..
    මටත් සමහර වෙලාවට මෙහෙම ඒවා හිතෙනවා.මාත් නාකි වෙලාද බොලේ..?? :O

    ReplyDelete
  11. මගේ දේශපාලනයත් මේකම තමයි! ලඟින් ඉන්න කීප දෙනෙක්වත් ගොඩ දාගෙන මාත් ගොඩ යන්න බලන එක!

    ReplyDelete
  12. ඇත්ත. මේ කියන දේ සමඟ මාත් එකඟයි.

    'ඉගිලෙන්න කැමති නැති එහෙම ආකල්පයක් තුන් හිතකවත් නැති අය ඉගිලවන්න අපිට කීයටවත් බෑ...'

    මේ ඇත්ත තේරුම් ගන්න සමහර දේශපාලන මත වලින් ජිවීතය හොයන සමහර අයටත් බෑ. මේ ලෝකේ වෙනස් කරන්න බැරිනම් අපිත් එකේම පංගුවක් වෙන්න ඕනලු කියලා කොහේදෝ තැනක මං කියෙව්වා. දුප්පත් කම කියන්නේ හෙවලා ඉවර කරන්න බැරි සාපයක්. මේ සාපේ දිහා බලලා ඒක වෙළදම් කරන්න මිනිස්සු ඉන්න එක සෝකයක්.

    ජිවිතේ කියන්නේ කෙටි සවාරියක්. ඒකේ ඇතුලේ මේ විසල් ලෝකේ වෙනස් කරන්න හදන වීරයන්ට ජය වේවා. නමුත් මේ පුංචි ජිවිතේ හදා ගත්ත පැළේ ඉන්න එක ඇරෙන්න අපිට කරන්න පුළුවන් දේ අඩුයි.

    සබිත් කියනවා වගේ මගේ වටේ ඉන්න අය කීප දෙනෙක් ගොඩට අරන් යන්න තමා මගෙත් වෑයම. නමුත් මගේ දිරිය ස්ත්‍රීත්වයත් එක්ක දැවැන්ත අභියෝගයක්.

    ReplyDelete
  13. දුප්පත් ජනතාව කියන්නේ වෙළඳ භාන්ඩයක් කියන කතාවනම් ඇත්ත....

    ReplyDelete
  14. වටේ එවුන් ගොඩ දාන්නත් මම ගොඩ ගිහින් ඉන්න එපයි.......

    ReplyDelete