Thursday, July 18, 2013

flying සංජීව (ඉගිලෙන පරවියෝ)

අද ලයිබු්‍රියට ගිය මම දැක්ක මාමස්මි මැරුන හැටි ගැන රාවය පත්තරේ තිබුන ලිපියක්..හැමදාම වගේ අත්දෙක පස්සට කරලා මාංචු දාන්න, සැකකරු හොදින් ගැටගසන්න.. නිසියාකාරයෙන් පොලිස් රථය තුල සැකකරුවා තබන්න පොලිසියට අමතක වෙලා තිබුනා.

ඒ ගැන කියමින් හිනාවෙවි තව යාලුවො දෙන්නෙක් එක්ක පොඩි චැටක් දාගෙන උන්නා. වෙන කවුරුවත් නැති වෙලාවක් නිසා මම සිනමා ප්‍රංශ සිනමා උළෙල ගැනත් පොඩි අයිඩියාස් එකක් දැම්මා.

බලහං, ෆිල්ම් එක පෙන්නුවට පස්සෙ උලෙලම තහනම් කරලා. මරු නේ.
මුල් කතාවට වගේ මේකට එච්චර යාලුවො දෙන්න කැමති වුනේ නැහැ.

කවුරුහරි රටේ කීර්තිනාමයට රටේ ආරක්ෂක හමුදාවන්ට අපහාස වෙන විදියට යමක් නිර්මාණය කරලා ඒක ලෝකෙ වටේම බෙදාගෙන යනවා නම්.. එතනදි ඒක සාධාරන නැහැ නේද?
 අනික් එක යාලුවෙක්ගේ අදහස වුනේ එහෙම. ඒක ටිකක් දීර්ඝ අදහස් දැක්වීමක් වුනා. ඔහු කීව අදහස තිබුනෙ රට, ජාතිය කියන එක බාහිර ලෝකෙට පේන විදිය වැරදියට ප්‍රක්සේපනය කිරීම වැරදියි කියන තැන ඉඳන්..

මම වැඩිය වාදිසිංහ කෙනෙක් නෙමෙයි..ඒ නිසා කරබාගෙන නිකං හිටියා..

අපි වෙනුවෙන් රට හෝ රට වෙනුවෙන් අපි. එතකොට හැමදාම හමුදාව කියලා විසේස කන්ඩායමක් අපි වෙනුවෙන් කැපවෙන්න ඕනි.. අපිට ආතල් ගන්න සුර ලෝකයක් මවන්න ඒ මිනිස්සු තමුන්ගේ කම් සැප පවා කැප කරන්න ඕනි. හැම දෙයක්ම සාමාන්‍ය සමාජයට වඩා වෙනස් රාමුවක් ඇතුලෙ එයාල හිර වෙලා ගුලි වෙලා තරුණ ජීවිතයෙන් බොහෝ කාලයක් ගත කරන්න ඕනි. ලෝක යුද්ධ කෙසේ වෙතත් ලංකාවේ කැරලි යුද්ධ දිහා බැලුවාම ඒවා ඇතිවුනේ කාගේ වරදින්ද? ඒවා කොයි තරම් සිම්පල් විදියට විසඳන්න ඉතිහාසයේ එක්තරා කාලෙකදි පුලුවන් වෙල තිබුනාද කියලා යම් පනහේ දශකයෙන් මෙහා මූලික දේශපාලන ඉතිහාස කතාන්දර දන්න කෙනෙකුට වටහාගන්න හැකියාව තිබෙනවා. නමුත් අපි හැමතිස්සෙම ඒකට අපේ දේශපාලනය සහ අවස්ථාවාදින් ව පත්කරගත්ත අපි වගකියන්න ඕනි නැහැ. හැම දේටම  වගකියන්න ඕනි එල් ටී ටී ට් එක සහ ප්‍රබාකරන් කියන පටු තැනට කොටුවෙලා ඉන්නවා.

ඉතිං අපිට සාමය උදාකරලා දුන්නා කියලා දැන් වැලිකොට්ට අදින කානු සුද්ද කරන්න සහ නොයෙක් වැඩවල යෙදිල ඉන්න අතීත සෙබලුන්ගේ අභිමානය නැති වුනා කියලා අපි සිනමාකාරයෙක්ට දොස් කියන්න පටන් අරගන්නවා. ඇමරිකාව බින් ලාඩන් මරන කැත විදිය අමරිකානු ෆිල්ම් එකකින්ම පෙන්වනවා. ජේසු තුමන් ගැන විවිධ කතාන්දර චිත්‍රපට ජේසු තුමන් හිටපු යුරෝපය තුලම කාලෙන් කාලෙට ඉස්මතු වෙනවා. නමුත් අපි.. අපි ආශා කරන අපි ආදරය කරන මොනම දෙයකටවත් සිනමාවෙ රිදී තිරයකකදි හරි පහරදෙනවා දකින්න කැමති නැහැ.

ඇයි අමරිකාවෙ සිටිසන් තියෙන සිංහල බෞද්ධ නිළධාරින්ට ඇමරිකන් විදියට හිතන්න හුරු වෙන්න බැරි.

මේ තියෙන්නෙ සංජීව පුෂ්පකුමාර මහත්මයා සාන්ත පීටර්ස්බර්ග් නුවර සිනමා උළෙලකදි ඒකෙ හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ගන්නවිට කරපු කතාව. ඔහු සිරි ලාංකික කුහක කුරිරු මිනිසුන්ට කොයි තරම් ගරු කටයුතු ලෙස කතාකරනවාද කියා බලන්න..

12 comments:

  1. මතකද taboosubjects ලිව්වා ලිපියක් ඔය කර උඩ තියාගෙන යෑම අවසන් කළ යුතුයි කියා. ඒ 2010 දී විතර.

    සංජීව නලු බට්ටෙක් නම් ගේකුයි ලක්ෂ පනහකුයි ලැබෙනවා නේද?

    ReplyDelete
  2. නොවක් තුති, මේක පෝස්ට් කලාට.

    කලා නිර්මාණයක් පිටුපස කොයිතරම් කතා, කඳුලු තියෙනවාද.

    ReplyDelete
  3. චිත්‍රපටය බලන්න තිබ්බ අවස්ථාවක් මග හැරුණනේ...

    ReplyDelete
  4. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත කියන දේ කියන්න ඔහු ලැජ්ජ වෙන්නෙ නෑ. ලංකාවෙ බදු ගෙවන ජනතාවගෙ සල්ලි වලින් ඉගෙනගෙන ඒ මිනිස්සුන්ටම කෙලින දේසපාලුවො ඉන්න රටක, උන්ගෙම තිරිසන් වැඩ නිසා තමන්ගෙ සිනමාපටේ ලංකාවෙ ප්‍රදර්ශණය තහනම් උන වෙලාවක මේ වගේ සොඳුරු මිනිසුන්ට සමාජ ජාල වලින් හරි හිමි විය යුතු තැන ලැබෙන එක ගැන සතුටුයි.

    ReplyDelete
  5. මට මතකයි මහින්ද යාපා ලඟදි කිව්ව අක්ෂරය තහනම් කල එක තමන් කල මෝඩ වැඩක් කියල. අනාගතයේදී මේගොල්ල කියයි මේ කල දේත් මෝඩයි කියල. පරක්කු වැඩියි එතකොට.

    උඹ දැක්කද මේකට විරුද්ධ උද්ඝෝෂණයට එකතුවෙලා ෆ්රන්ට් එකේ හිටිය මෑන්?
    මාර දේශප්‍රේමී ගතියක් මෑන්ගෙ තිබුනෙ. ඒ ගැන වෙනම විචාරයක් ලිව්ව හැකි :-)

    ReplyDelete
  6. පේ රටේ මෝඩ දේශප්‍රේමියන්ට අනුව ආරක්ෂක හමුදා වල ඉන්නේ කෙලෙස් ප්‍රහීන කල මාර්ග පල ලාභියෝ පිරිසක්.මම ඔය ආයතනයක ඉන්න කාලේ නම් අපි ඉඩක් ලැබුනම බීවා,දඩයමක් කරලා සතෙක් එලා ගත්තා,අපේ සමහරු හවසට සුස්තියක් ඇද්දා.ලැජ්ජාවයි බයයි නිසා මා නොගියත් අපේ හිතවත්තු ගණිකා නිවාස පැත්තෙත් ගියා.මම දන්න ආරක්ෂක අංශවල කෙලෙස් නැසූ රහතන් වහන්සේලා සිටියේ නැහැ.අවසන් වශයෙන් මෙහෙම කියන්න ඕන.අපේ මිනිසුන් ස්ත්‍රී දුෂණ,මංකොල්ල කෑම්,නිරායුද මිනිසුන් හිතාමතා මරාදැමීම වැනි අපරාධ කලෙත් නැහැ.

    ReplyDelete
  7. ඔය මොකක් හරි එකක් තහනම් කරලා මෝඩ චූන් ටිකක් දාලා මේ පාර ඡන්දෙ ගොඩ දාගන්ඩනේ හදන්නේ.අනේ ඡන්දේ දාන්ඩ ඇහැකි පැතිවල ඉන්න උදවිය ඡන්දේ දාන්ඩ ඈ...

    ReplyDelete
  8. කණගාටුවෙන් වුණත් කියන්න තියෙන ඇත්තම කාරණය නම් අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි තම තමන්ගෙ කුණු ගොඩවල් සුදු පිරුවට වලින් වහගෙන ලෝකෙට හොඳ මූණ පෙන්නන් ඉන්න...යුද්ධය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි..කොයි දේත් එහෙමයි..අපිත් එක අතකට මේ දේවල් වලට වැරදිකාරයො.. :(

    ReplyDelete
  9. කුසලතා සපිරි මිනිසෙකු වෙනුවෙන් කල සටහනට ස්තූතියි අමිල....

    මේ තමයි ආසියාවේ ආශ්චර්යයේ යථාර්තය!!!

    ReplyDelete
  10. Kadichcha English walin keewe nokedunu loku kathaawaki..!

    ReplyDelete
  11. Please dont laugh at his English,any body!(Our sri lankans are like that)He is a worthy person.

    ReplyDelete
  12. Anonymous July 24th @ 6.57pm,
    Don't insult that great gentlemen. His English may be broken, but he is not. Don't be such a typical hate Sri lankan person. Admire him. Think twice that what was he saying.

    Thanks for this article..:)

    ReplyDelete