Friday, January 27, 2012

මා කොම්පැනියේ ප්‍රධාන විධාකයා වුනොත්.

.අපි පුංචි කාලේ එවැනි රචනා ලියයි. මටත් එවැනි රචනයක් ලියන්නට සිතුනි.
ක්ලීනින් සර්විස් එක අප්ග්‍රේඩ් කිරීම.
 අපේ කොම්පැනියේ මට අල්ලන්නේම නැති සෙක්ෂන් එකකි ක්ලීනින් සර්විස් එක. එය වහාම ක්‍රියාත්මක වන පරිදි නවීකරනය කල යුතුය. ලස්සන ගෑනු ලමයි පිරිසක් පාට් ටයිම් වැඩ පිණිස අරගෙන ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ගෙවිය යුතුය. දැනට සිටින ගෑනු අයට ගෙවන්නේ රුපියල් හයසීයකි දවසට. එය දෙගුනයකින් වැඩිකර පැය හතරක පමණ සේවාමුරයක් තබා ස්ටෑන්ඩ්බයි හදිසි පිරිසිදු කිරීම් සඳහා ආයුධ සන්නද්ධ පස් හය දෙනෙකු පත් කරමි. සියලුම ක්ලීනින් සේවකයින් සඳහා අයි පෝන් ලබාදෙන අතර ඒ හරහා ඔවුන්ට ඊ මේල් හරහා වැඩ සම්පාදනය සිදු කෙරේ. එක් අයකුට යම් පැමිණීමේ අපාසුතාවක් වෙතොත් හො වෙනත් දෙයක් වෙතොත් කෙලින්ම එය අයි පෝන් එක හරහා සියලුම පිරිසිදු කරන්නියන්ට හෝ එහි ප්‍රධානින්ට දැනුම් දිය හැක. අයි පෝන් එක ඇති නිසා කිසියම් දරුණු මීයෙක් මැරී සිටීම ආදි දේ වුවද අපිට ක්ලීනින් සර්විස් එකට පින්තූර සහිතව එම් එම් එස් මගින් දැනුම් දිය හැක. එවිට ඇවැසි බාල්දි ..සහ රසායන ද්‍රව්‍ය රැගෙන වහාම ක්ලීනින් සර්විස් එකට පැමිණිය හැක. ඔවුන්ට අලංකාර ඇඳුමක් ලබාදෙන අතර එය ගෑනු පිරිමි භේදයක් නැති කලිසමක් වෙයි. එයද පිරිසිදුව තිබිය යුතුය. ඒ ඇඳුම් සඳහාද අමතර වියදමක් ඔව්නට ගෙවනු ලබයි. මේ හරහා ක්ලීනින් සර්විස් එක කාර්යක්ෂම කිරීමට අමතරව සේවකයින් තුල ඇති තාක්ෂණික පරතරය අවම කිරීම බලාපොරොත්තු වෙයි. නවීන තාක්ෂණය සමඟ නිතරම තරඟකරන අප වැනි ආයතන තුල හදිස්සියට වීඩියෝවක් වත් පරිඝනකයේ ධාවනයකරගත නොහැකි මට්ටමේ සේවකයින් තවම සිටී. ක්ලීනින් සර්විස් එක වැනි පහල අය එවන් විශාල දේ භාවිතා කරන විට ඇතිවන ඉරිසියාව නිසා සේවකයින් ඉබේම නවීන තාක්ෂණ ක්‍රමවේද කරා යොමුවෙනු ඇත. කුඩා පිරිසිදු කරන්නියන්ටද අයි පොන් ලැබීමෙන් සේවක ශ්‍රේණි අතර ඇති පරතරද අවම වෙනු ඇත.

කැන්ටින එකතු කිරීම. 
 එකම ස්ථානයෙන් මිල ගනන් තුනකට මාලු පාන් ගෙඩියක් ගත හැකි ආයතනයක් ඇත්නම් ඒ අපේ ආයනයයි. එකම බිල්ඩින් කොටසක කැන්ටින ් තුනක් ඇත ඒ තුනේ මිල ගනන් තුනකි. මිල වැඩි එක ලොකු සේවකයින්ට වන අතර මැද එක මැද සේවකයින්ට වේ..අනික ඕනෑම අයකුට සරිලන ග්‍රොසරියකි. මේ ග්‍රොසරිය ඉදිරිපිට ඕපාදූප කතාකරන තැනක් වෙන අතර එය කාලය කන තැනකි. මා මේ කැන්ටින් තුන ඒකාබද්ද කොට නව එක් කැන්ටිමක් තනා එහි හැම අතටම සී සී ටීවී කැමරා සෙට් කර ඒවා ඇක්සස් කරගැන්මට ඕනෑම පීසි එකකින් පුලුවන් විදියට තනමි එවිට අවැසි කෑම එහි තිබේද. තමුන්ගේ ෆේවරිට් කෙල්ලා එහි ඇවිත් සිටීද? ආදි දේ කන්තෝරු කාමරයෙ සිටම බලාගත හැක. ගොසිප් කියවාගන්නට ඇනෝ සයිට් තුන හතරක් අපේ අහ්‍යන්තර ජාලයෙ ්ස්තාපනය කරනු ලබන අතර ඒවා හරහා ගොසිප් සහ නවතම නිවුස් බෙදා හැරේ. ඒ වෙනුවෙන් වට්ටි අම්මලා කීපදෙනෙක් ටෙන්ඩර් කැඳවා පත්කර ගොසිප් සොයාගන්නට පත් කරනු ලබයි. වට්ටි අම්මලාගේ වගකීම රසවත් දේ සොයා සයිට් අප්ඩේට් කරදීමයි..


ලයිබ්‍රරි එකතු කිරීම.
 විධායක ශ්‍රේණියේ අයට එකකුත් නිකම් අයට එකකුත් ලෙස ලයිබ්‍රි වර්ග දෙකක් අප ආයතනයේ පවතී. එනිසා ඒ ලයිබ්‍රි දෙක තුනම එකතු කර එකක් තනමි. එහි සාමාජිකත්වය ක්ලිනින් සර්විස් එකටත් ලබාදෙන අතර එහි පොත් පත් නිතර අලුත් කෙරේ. පිරිමින්ට පොත් තුනක් ගෙනයන්නට දෙන අතර ගෑල්ලමයිට දෙන්නේ එක් පොතකි බැහැර ගෙනයෑමට. ඒ හරහා නිතර ගෑල්ලමයි ලයිබ්‍රිෙය ්ගැවසීම නිසා පිරිමිනි කියවීමට යොමුවීම වැඩිවෙනු ඇත.

16 comments:

  1. අවසන් තීරණයනං බොහෝම නිර්මාණශීළී වැඩක්... උඹ හොඳ මාකටින් වලට...

    ReplyDelete
  2. එළ එළ ලස්සන ගෑන්ලමයි වැඩියෙන් ගන්න...

    ReplyDelete
  3. යකෝ ඔච්චර සිරා ක්ලීනින් සර්විස් එකක් ඉන්න කොට උන්ට කම්මැලිකමකින් තොරව දවසේ වැඩ කරන්න පුළුවන් වෙන්න තව අපිරිසිදුකරන කණ්ඩායමක්ම පත්කරන්න වේවි නේද?

    මං කැමතියි ඒ අපිරිසිදු සෙක්ෂන් එකේ මැනිජර් වෙන්න.

    මගේ ටීම් එකට තියෙන්නේ, තේ බොන තැන්වල මේස උඩ පැල්ලම් ඇති කිරීමා, පාළු පාන් රොඩු මේස අසහ ඉහිරවීම, චූ කරන කොට හැම තැනම ස්ප්‍රේ කිරීම, බස් ටිකට්, සිගරට් බට්, තැන තැන දැමීම වගේ සුපිරි වැඩ.

    ReplyDelete
    Replies
    1. කකා වෙනරටක ගිහින් තියෙනවනම් මේ වෙනස හොඳට පෙනිල ඇති නේ...
      මං ගිහින් නෑ ඒත් ඇහිල තියෙනවා...

      Delete
  4. //පිරිමින්ට පොත් තුනක් ගෙනයන්නට දෙන අතර ගෑල්ලමයිට දෙන්නේ එක් පොතකි බැහැර ගෙනයෑමට. ඒ හරහා නිතර ගෑල්ලමයි ලයිබ්‍රිෙය ්ගැවසීම නිසා පිරිමිනි කියවීමට යොමුවීම වැඩිවෙනු ඇත.//

    නෑනේ. ගෑනු ළමයි නට වැඩිපුර පොත් ඕනේ උනාම ළඟ ඉන්න පිරිමි ලමෙක්ට කියයි - අනේ මෙයා ඔයා හොඳ එක්කෙනා වගේ ඔයාගේ කාඩ් එකට මෙන්න මේ පොතත් අරන් එන්න කියල. :D

    ReplyDelete
  5. ස්තූතියි කමෙන්ට්ස් වලට...
    පිරිමි වැඩියෙන් ඉන්න සෙවා ස්ථානවල කාර්යක්ෂමතාවය වැඩිකරගන්න ගෑනු අය ඉන්න එක වටිනවා..ඒත් එයාල නියම තැන්වලට දාන්න ඕනි...

    ReplyDelete
  6. අන්තිම එක නං ෆට්ටම තමා...

    ReplyDelete
  7. හික්ස්! රිසෙප්ෂන් එකට කිරි ටොයියා කෑල්ලක් අරං දැම්මට පාඩු නෑ ඕං!

    ReplyDelete
  8. ම්ම් ..... ඒක නම් ඕනි නැති දෙයක්..රෙසිප්ෂන් ලස්සනට දැම්මම එතන මිනිස්සු වාත වෙනව..අපේ කම්පැනියෙ වැඩ හොඳනම් රිසිප්ෂනිස්ට් කලු කැත මහත ගර්ල් කෙනෙක් ගත්තත් පාඩු නෑ...

    ReplyDelete
  9. මාව අර ක්ලීනින් සර්විස් එකට ගනින්කෝ,,, හික් හික් හික්

    ReplyDelete
  10. එහෙනම් ඉතිං . . .ඔෆිස් එකට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි . ..

    ReplyDelete
  11. උබ ගාව සුපිරි අදහස් තියෙනවනේ බන්...

    ReplyDelete
  12. ෂාහ් කාර්යාලයක් පටන් ගනිද්දි අනිවාර්යෙන් ඔයාගෙන් උපදෙස් ගන්නවා ගන්නවාමයි....සුපිරි අදහස් ටික්

    ReplyDelete