Sunday, January 8, 2012

Lanka Broadband (ලංකාවේ බ්‍රෝඩ් බෑන්ඩ් අවුල් වීමට තාක්ෂණික හේතු කීපයක්)

නිවැරදි පරිධි අවසන් වේගය ලබාදීමට සන්නිවේදන ස්ථාන සමත් නොවීම...

අපි පහුගිය කාලෙ දැක්ක වෙළඳ දැන්වීම් වල විශාල වේගයන් සහිත මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සහ වෙනත් ඒ ඩි එස් එල් වයි මැක්ස්(ADSL,Wi Max) වගේ තාක්ෂණ කරලියට ඇවිත් විශාල මෙගාබිට් ප්‍රමාණයේ පරාසයන් (High speed Broadband) සහිත අන්තර්ජාල පහසුකම් ලබාෙදන බවට දැන්වීම්. ඒත් පොඩ්ඩක් රට ඇතුලට ගියොත් ඔය කියන ලස්සන නෑ. ඔබ විසින් 7.2(7.2Mbps) කමෙගාබයිට් තත්පරයට වේග සහිත ඩොංගලයක් (dongle) මිලදී ගත්තාට ඔබට සංඳා සැපයෙන කුලුනින්(Tower) ඒ වේගය ඔබට නිකුත් කරන්නෙ නැත්නම් ඔබ ඩොංගලය මොකක් ගත්තත් වැඩක් වෙන්නෙ නෑ. එසේ කුළුන පැත්තෙන් ඔබට අවැසි මෙගාබයිට් වේගයකින් අන්තර්ජාලය දෙන්නනම් විශාල ලෙස ඒ දුරකතන සමාගමේ පසුපස කොටස (Backbone network) ශක්තිමත් වෙන් ඕනි..ඔය කියන 7.2 කියන වේගය සැබෑ ලෙසම දෙන්න නම් අනිවාර්යෙන්ම ඒ කුළුනට ප්‍රකාශ සංදාමයක් (optical fibre cable) පැමිනිය යුතුයි. නැත්නම් පිටුපස ජාලය රේඩියෝ ලින්ක්(Radio link) නම් ඒ අවශ්‍යතාවය සපුරගන්න අපාසුයි. නමුත් මුලු ලංකාවම ගත්තත් දැනට ප්‍රකාශ සංදාම අදින ලද කුළුනු ගණන සියයකටත් අඩුයි. මෙතනදි වයි මැක්ස් සහ ඒඩි එස් එල් ගත්තත් එහෙමයි. එයාලගෙ එක්ස් චේන්ජ් වල කැපෑසිටි වැඩි කරගෙන නැත්තම් අපිට සරිලන වේගය හො දැන්වීමේ සඳහන් වේගය ලබාගන්නට අපහසුයි. වයි මැක්ස් වැනි සම්බන්ධතාවයක් ලබාදීමේදි ප්‍රකාශ සංදාම තිබීම වඩාත් හිතකරයි. මොකද ඒ වයි මැක්ස් හරහා විශාල ප්‍රමාණයේ දත්ත හුවමාරුවක් තිබෙන නිසා. ටෙලිකොම් ඒඩි එස් එල් ලබාදෙන හුවමාරු මධ්‍යස්ථාන නම් දැන් බොහෝ වෙලාවට ප්‍රකාශ කේබල වලින් සම්බන්ධ වෙලා තමයි තියෙන්නෙ. ඊට අමතරව ප්‍රකාශ කේබල මගින් කුඩා ප්‍රමාණයේ මධ්‍යස්ථාන හරහා(Outdoor Msan) දත්ත බෙදාහැරීමේ ක්‍රමවේදයක් ටෙලිකොම් සමාගමසතුව තිබෙනවා..එය දැනට එකතු කරමින් තමා යන්නෙ. ඒ හරහා නගරයෙන් බොහෝ ඈත ගම් දනව් වලට අධිවේග අන්තර්ජාල පහසුව ලබාගන්නට හැකිවේවි මේ තාක්ෂණය සහ මෙහෙයුම් නඩත්තු යෙදීම් හරියට සිදු වුනොත්...

බාල සහ ලාබ චීන බඩුවලින් ජාලය ශක්තිමත් කරන්නට යෑම...
චීනය කියන්නේ නරක නිශ්පාදන නිපදවන රටක් නොවේ. ඇපල්(apple) සමාගමේ නවතම අයිෙපාන්(i phone) නමැති අධිතාක්ෂණික ජංගම දුරකථනය තනන්නේද චීන රටේය. නමුත් එය නොවේ ගැටලුව. අපේ ඇත්තන් ඉතා අඩු මිලට විශාල කර්තව්‍යයන් කරගන්නට යෑමයි. චීන රටවල පවතින හුවාවි(Huawei) ඉසෙට් ටී ඊ(ZTE) යනු ඒ රටේද සමහර විට වෙනත් රටවලද ජනප්‍රිය සමාගම්ය. නමුත් ඒ වැනි විශාල කම්පැනි අපේ රට සලකන්නේ අත්හදාබැලීමේ ස්ථානයක් හෝ කුනු බක්කියක් වැනි ලෙසටය. ඒ නිසා ඒ සමාගම් අපේ රට වෙත එවන බඩු බොහෝ විට යම් යම් සුලු සුලු ආබාධ දෝෂ හේතුවෙන් මුලු ලොට් එකම ෆේල් වූ ඒවා වන්නට ඇත. එවන් බඩු හිතනවාට වඩා බොහෝ අඩුමිලට අපේ රට වෙත ලැබේ.. දකුනු ආසියාවේ ප්‍රථම වතාවට ලංකාවට ජංගම පුලුල් පරාස අන්තර්ජාල පහසුව( Mobile Broadband) ලැබීම සමහර අයට මාර දෙයකි.. එහෙත් ඒ තුල ඒ චීන සමාගම් වල උපකරණ අත්හදා බැලීෙම් අවස්ථාවක් උදාකරගත් බව සමහරුන් ගේ මතයයි. එසේම මේ සමාගම් සමහරෙක් ලංකාවේ වැඩ කිරීමට එන්නේ ඒ රටවල සිටින අධ්‍යාපන ආයතන වල පුහුනුව ලබන අය වෙයි. එනම් විශාල දැනුමක් සහිත පරිණත අයවලුන් එන්නේ අඩුවෙනි. මේ ආකාරයෙන් තොග ගනන් අඩු මිලට එන උපකරණ ජාල වලට කෙලින්ම දමන්නට පෙර ඒවා පරීක්සා කරගැන්මේ පහසුකම් අපරට තුල ඇති දුරකථන සමාගම් වලට නැත. ඒවා ඉතා වැඩි ධාරිතාවක් සහිත තත්ව යටතේ වැඩකරන විට ඇතිවිය හැකි ගුණ දොස් බොහෝවිට විචාරන්නේ ඒවා ජාලයට සම්බන්ධ කර කාලයක් ගිය පසුය..
Dec 2011 2Mbps test results from SL TRC
අසාර්ථක ජාල සැලසුම්....
ලංකාවේ ඒ ශ්‍රේණියේ මහාමාර්ග වල පවා අපි වැඩක් කරමින් අන්තර්ජාලයේ සැරසරමින් රථයක ගොඩවී ගෙන යන විට සිග්නල් නැති වීම එයි. එසේම නාගරිකයන් වැඩිපුර ඒකරාශී වන ස්ථානය තිබියදී..මහ යදම් වැනි කේබල නගරයට දුර හුවමාරුවක සිට නගරයට පැමිණෙන ආකාරය ඔබ දැක ඇති. එවන් දේවල් වන්නේද අසාර්ථක සැලසුම් නිසාය. සාමාන්‍යන් ජනතාව පදිංචි වන අාකාරය මහා මාර්ග, වැඩිපුර ජනතාව ගැවසෙන තැන් ගැන සලකා බලා ජාල සැකසීම කල යුතුය. තදාසන්න පෙදෙස් වල නම් එක් කුළුනකින් සම්බන්ධතාව නොලැබුනත් ඇමතුම සම්පූර්න වෙන ආකාරයට ජාලය තිබිය යුතුය. නමුත් නොවන්නේද එයය. සමහර විට උඩරට පැතිවල කඳු උඩ ගහන ලොකූ කුළුනකින් ඇමතුම් සේවා ලබාගන්නේ එක්කෙනෙකි දෙදෙනකි. එවන් අවස්ථා වල ඒ කුලුනු වලට දරන ලද වියදම අපතේ යයි. යම් ස්ථානයක් කවර් කල පසුඒ ස්ථානයේ පාරිභෝගියන් අඩුයැයි කණුව ගලවාගෙන ඒම නීතිවිරෝධීය. එහෙත් මිනිසුන් වැඩි ස්ථානවල අන්තර්ජාල පහසුකම් වැනි සබඳතා ඉතිරිව තිබියදී අවැසිතාවය නැති තැන්වල පහසුකම් ලබා දෙති. පසුගිය වසරේ දැයට කරුළ වැඩසටහන සඳහා ජනප්‍රිය ටෙලිකොම් ආයතන කීපයක්ම තම ධාරිතාවයන් වැඩිකරන ලදී. නමුත්ඒ පැතිවල සිටින හේන් ගොවි ජනතාව ඒ ඩී එස් එල් භාවිතා කිරීමට තව අවුරුදු 10ක් 15ක් වත් යනු ඇත. එවන් විටකදි රජයෙන් එක ලබාගැන්මට ඒවා කලත් පසුකාලිනව එය සමාගම්වලට ගෙන එන්නේ විශාල ලාභයක් නොවේ..
(පාඨකයින්ට බ්ලොග බැලීමේ පහසුව තකා එහි දර්ශනය වන ආකාරයේ වෙනසක් සිදු කරන ලදී..තවත් යමක් වෙනස් වීමට අවැසි නම් හෝ ලෝඩ් වීමට විශාල කාලයක් යන්නේ නම් එය දැනම් දෙන මෙන් ඉල්ලමි..)

7 comments:

  1. (පාඨකයින්ට බ්ලොග බැලීමේ පහසුව තකා එහි දර්ශනය වන ආකාරයේ වෙනසක් සිදු කරන ලදී..තවත් යමක් වෙනස් වීමට අවැසි නම් හෝ ලෝඩ් වීමට විශාල කාලයක් යන්නේ නම් එය දැනම් දෙන මෙන් ඉල්ලමි..)

    අපෝ දැන්නම් හොදයි කලින් එන්න හොදටම එපා උනා Net slow නිසා අපි ඉන්නේ ගම් වලනේ නගර නෙමෙයි ඉතින් මෙහෙට කවදාවත් 3g නෑ. ස්තුතිය.

    ReplyDelete
  2. මං හිතන් උන්නෙ බ්ලොග් කියන්නෙ ටෙක්ස්ට් කරන අය වැඩි තැනක් කියල..ඒත් පස්සෙ දැනගත්තෙ පිටරට උන්දැල වීඩියො,පින්තූරු වැඩි ඒවට මනාපයි කියල..
    ඩයිනමික් වීව් එක අවුල් උනා..ඒ උනාට ගූගල්ට තිබුන අපි ගැනත් හිතල ඩයිනමික් රිලිස් කරන්න..තිෙයන අයගෙ කමෙන්ට් කරන්න පස්ට චාටරයක් කන්න වෙනව..

    ReplyDelete
  3. අනේ මන්ද බන් දෙන්නේ නම් මහ නැව් ටෝක් , වැඩ නැ පාරුවක් තරම්වත් . ලංකාවේ ආශ්චර්යමත් ඉන්ට නෙට්

    ReplyDelete
  4. මුං හන්දියක් ගානෙ සම්බන්ධතා විකුණනව,විකුණන්න ප්‍රචාරණය කරනව දවසට ලක්ෂ ගාණක් වියදම් කරල. ඒත් ජාලයන් තිබ්බ ඒවමයි. ඉතින් දවස ගාණෙම ස්පීඩ් අඩු වෙනව.

    ReplyDelete
  5. කෝමත් ලංකාවට ගෙන්නන BTS ඒ තරම් හොඳ මට්ටමක නෑ... ඒම කියල ලූසන්ට් ඇල්කටෙල් BTS ගහන්න තරම් ලංකාව ආර්ථික අතින් ශක්තිමත් වෙලත් නෑ....
    ඒ වුනත් බොරු ප්‍රචාර නොකර දෙන්න පුලුවන් වේග ප්‍රමාණ විතරක් කිවුව නම් ඉවරයි.... යන්තම් ටෙලිකොම් එක නම් ටිකින් ටික ප්‍රකාශ තන්තු තාක්ශණය ආදේශ කරමින් ඉන්නව.... ටීගෝ එකේ 3G, Optics Fiber ප්‍රොජෙක්ට් එකට මාලදිවයින් ගිහිල්ල ආපු වුන් තවම දැනෙන්න තරම් කිසිම දෙයක් කරන්න සමත් වෙලත් නෑ...
    අනේ මන්ද... අපිට ඔය මහ වේග නම් නැතත් කමක් නෑ.... එක වේගයක් දිගටම තියාගන්න පුලුවන් මට්ටමකට වත් තිබුන නම් ඒ හොඳටම ඇති මේ තියෙන විදියට...

    ReplyDelete
  6. Dialog eken okkoma sites upgrade keranawa. Mea aurudde mada weddi dialog hodatama hoda wei.

    http://www.speedtest.net/result/1724694393.png

    ReplyDelete