Wednesday, August 1, 2012

නාටාමි මැතිතුමා...

ඇස් පියන් වැසී බාගෙට
රැස් වැදී දිලේ දාඩිය..
අස් සෙන් ඇදී වීදිය
දෙපලු කර දිවෙයි හෙමින්...

ගිලී ගොස් දෙඇස් ගැඹුරට
සැලී නෑ ඒත් හදවත
පෙලී මුත් දැවෙන හිරුරැස
මදක් වත් නැතේ විවේකේ..

ෆොක් ලිෆිට් බොහෝ තිබුනට
ක්‍රේන් යකඩ වැඩ තිබුනට
නාට් ආමි ලා විලසට..

රිංගන්නට බෑ.... .මාවතේ....
 
පෙට්ටි ගොඩක් උඩ පටවං..
කකුල් දෙකට දිරිය අරං
අමාරුවෙං තල්ලු කරං
ඉදිරියටම යයි.... කරත්තේ...

ඕටී නෑ ...බෝනස් නෑ..
වැහි දවසට සැප අඩු නෑ
වැටිල මලොත් වන්දිත් නෑ
බෝම සැහැල්ලුයි... ජීවිතේ...

නැමී ගිය නමුත් කොඳුඇට
වැනී කසිය බිව් පලියට
පෙනී ඉන්න දෙයි විලසට
හැමදාම පෙනේ උඹ මට තාත්තේ....


මෙහි ඇති හඬපටයද අසා යන්නේ නම් මැනවි..
Naataami by indika27

7 comments:

  1. මේ වචනත් නියමයි මේ වොයිස් එක නියම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මායි..

    ReplyDelete
  2. පද ටික අව්‍යාජයි. මං හඩ පටියත් ඇහුවා. ඒ දෙක වෙනස්ව ස්වාධීනව වෙනස් විදිහට රස විදින්න පුළුවන්. කවියේ අත්දැකිමත් සුන්දර අව්‍යාජ එකක් වෙන්නට ඇති. කොහොමත් අහුවෙන පොදු තේමාවන්ගෙන් වියුක්ත වෙච්ච කවි බිහි වීම අගය කළ යුතුයි.

    ReplyDelete
  3. ඕටී නෑ ...බෝනස් නෑ..
    වැහි දවසට සැප අඩු නෑ
    වැටිල මලොත් වන්දිත් නෑ
    බෝම සැහැල්ලුයි... ජීවිතේ... // ඒ නිදහසට නම් මමත් ආසයි.

    වැනී කසිය බිව් පලියට
    පෙනී ඉන්න දෙයි විලසට
    හැමදාම පෙනේ උඹ මට තාත්තේ.... // ටික නම් හිතට වදිනව

    ReplyDelete
  4. අපූරු හඬක්..සින්දුවක් එහෙම කියල පෝස්ට් එකක් දැම්මනම් මොකද..?

    ReplyDelete
  5. අමිලට හොදට සින්දු කියන්න පුළුවන් කියල මමත් දන්නවා.........

    ReplyDelete
  6. ලස්සන කටහඬක් මචෝ......

    ReplyDelete